සත්ව ඝාතනය දානයක් නොවේ | Divaina | 2021-07-29 | හෑගොඩ විපස්සි හිමි

“මුස්ලිම් ජනතාව විසින් හජ් උත්සව සමයේ දානමය කටයුත්තක් වශයෙන් සිදුකරනු ලබන සතුන් ඝාතනය සඳහා මෙවර කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක ඉඩ ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුප් සභාව තීරණය කොට තිබේ” යනුවෙන් පසුගිය සතියේ මාධ්‍යයන්හි ප්‍රචාරය විය. මෙසේ “සතුන් ඝාතනය නොකිරීමට ගත් තීරණය පිළිබඳ මුස්ලිම්...
Continue reading

නිදහස් චින්තනය පිළිබඳ විමසුමක් | තෙවළා දහම් විවරණ මාලා | හෑගොඩ විපස්සී හිමි | Zoom: Time: June 27, 2021 10:00 AM Asia/Colombo

Topic: නිදහස් චින්තනය පිළිබඳ විමසුමක් Time: Jun 27, 2021 10:00 AM Asia/Colombo Join Zoom Meeting //us02web.zoom.us/j/89047470495?pwd=MjJMbEIyM2pNMkkvaHJWNW1YSHU0UT09 Meeting ID: 890 4747 0495 Passcode: 737
Continue reading

රතන සූත්‍රය පිළිබඳ විමසුම ගංගාරෝහණ සූත්‍රය පිළිබඳව විමසුමක් | තෙවළා දහම් විවරණ මාලා | හෑගොඩ විපස්සී හිමි | Zoom: Time:- Jun 6, 2021 10:00 AM Asia/Colombo)

Topic: තෙවළා දහම් විවරණ මාලා(රතන සූත්‍රය පිළිබඳ විමසුම)-පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි Time: Jun 6, 2021 10:00 AM Asia/Colombo Join Zoom Meeting //us05web.zoom.us/j/89223708339?pwd=ZFRCck1YMkl3dVJuYkdFb2FDUnZ3Zz09 Meeting ID: 892 2370 8339 Passcode: 11JNzN Inviting you to a scheduled Zoom meeting.
Continue reading

බුදු හාමුදුරුවෝ කංසා ගැන තුන් පිටකයේවත් කියා නෑ

බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ජනවාරි 31 දා ‘‘සති අග අරුණ’’ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වදාළේ බුදු හාමුදුරුවෝ කංසා ඖෂධයක් හැටියට අනුමත කළ බවය. උන්වහන්සේගේ එම ප්‍රකාශය පිළිබඳ අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇති රත්මලාන ධර්ම පර්‌යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්ස හාමුදුරුවෝ කංසා සම්බන්ධ කිසිදු වචනයක් තුන් පිටකයේ නැති බව අවධාරණය...
Continue reading

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම

මෙයින් වසර දෙදහස් හයසිය සතරකට පමණ පෙර සිදුහත් බෝසතාණෝ භාරත වර්ෂයේ මධ්‍ය දේශයේ නේරඤ්ජරා නදිය අසබඩ ගයා ශීර්ෂයේ දී ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක. “මහණෙනි යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මෙසේ තිපරිවට්ට හා දොළොස් අයුරකින් ඇති ඥාන දර්ශනය තතු සේ අවබෝධ වීද මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන්...
Continue reading

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ‘ට්විටර්’  පණිවිඩයක් සම්බන්ධයෙන්  ‘යූ ටියුබ්’ නාලිකාවකට ප්‍රකාශයක් කරමිනි. තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික...
Continue reading

මංගල ගේ මතභේදාත්මක twitter පණිවිඩය පූජ්‍ය හෑහොඩ විපස්සි නායක ස්වාමීන් වහන්සේ Truth with chamuditha

රත්මලාන ධර්මපර්‍යේශණාලයේ අධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය හෑහොඩ විපස්සි නායක ස්වාමීන් වහන්සේ සමග චමුදිත සමරවික්‍රම….. මංගල සමරවීර ගේ twitter පණිවිඩය පිලිබදව,
Continue reading

“පෝයදාට සිල් වැඩි නෑ” – පූජ්‍ය හෑහොඩ විපස්සි නායක ස්වාමීන් වහන්සේ…

“පෝයදාට සිල් වැඩි නෑ” – රත්මලාන ධර්මපර්‍යේශණාලයේ අධිපති, රාජකීය පණ්ඩිත පූජ්‍ය හෑහොඩ විපස්සි නායක ස්වාමීන් වහන්සේ
Continue reading

මහමෙව්නා කල්ලියේ බොරු දෙසුම් වලට නොරැවටෙන්න | රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ

මහමෙව්නා කල්ලියේ බොරු දෙසුම් වලට නොරැවටෙන්න | රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එම නිවේදනය මෙසේය. විවේකය වීඩියෝ චැනලයෙන් උපුටා ගන්නා ලදී.  //www.youtube.com/watch?v=tz_fUUstLY8
Continue reading

විභාග පාස් කරන්න ගණ දෙවියන්ට පූජා තියනවට වැඩිය හොඳයි ප්‍රතිඵල දෙන පරිගණකයට පූජාවක් තියන එක. – ශාස්ත්‍රපති පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි

පාපී ග්‍රහයෙක් ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයා අවුරුදු 29කට පස්සේ මකර රාශියට ගියා. ඒ ජනවාරි 24 වැනිදා මෙම ග්‍රහ මාරුව ලග්න කිහිපයකටම අපල ගෙනෙන බවයි කියන්නේ. ඒ වගේම මේ ග්‍රහ මාරුව නිසා ජල ගැලීම්, දේශපාලන කැලඹිලි වැනි ස්වභාවයක් ඇතිවෙන්නත් ඉඩ තිබෙනවාලු. මේ තත්ත්වයන් සමනය කරගන්න නම් බෞද්ධයෝ හැටියට කළ...
Continue reading

මහමෙව්නා කල්ලියේ බොරු දෙසුම් වලට නොරැවටෙන්න

මහමෙව්නා කල්ලියේ බොරු දෙසුම් වලට නොරැවටෙන්න, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එම නිවේදනය මෙසේය. මූලාශ්‍රය:- Vivekaya
Continue reading

බෞද්ධයාගේ ශ්‍රද්ධාව නාගයාට යොමු කෙරුණා – ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

නිමල් අබේසිංහ 1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව අනතුරුව ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිගු ගමනක යෙදුණි. එය ජනාධිපතිවරණයට තරග කිරීම දක්වාම ආවේය. එම පසුබිමෙහි සිටිමින් භික්ෂුව කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතුවා සේම ඝෘජු දේශපාලනයෙන් විතැන් විය යුතුද යන ප්‍රශ්නය...
Continue reading

2019 උඳුවප් මස පුර පසළොස්වක පොහෝ දින, ධර්මානුශාසනාව

තුන්ලෝකාග්‍රවූ, භාග්‍යවත් වූ, අර්හත් වූ, දසබලධාරී, සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේටත්, උන්වහන්සේ විසින් පරෝපදේශ රහිතව ස්ව උත්සාහයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයටත්, උන්වහන්සේ විසින් දේශිත ඒ උතුම් ආර්ය මාර්ගයේ වැඩමකල – වැඩමකරවන ආර්ය මහා සංඝරත්නයටත් පළමුවද, දෙවනුවද, තෙවනුවද අපගේ නමස්කාරය වේවා!!! සාදු! සාදු!!...
Continue reading

ජනාධිපති තුමාගේ උතුම් සංකල්පය යථාර්ථයක් වීමට නම් ‘ත්‍රිපිටකය ජාතික උරුමයක්, ලෝක උරුමයක් පමණක් නොව ඉදිරියේ දී පුද්ගල උරුමයක් කරගතයුතු බව’ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් විශේෂ ආගමික වැඩසටහනක් අද (මාර්තු 22) දින ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පවත්වන ලදී. එහිදී ත්‍රිපිටකය පිළිබඳව ධර්ම දේශනයක් පවත්වමින් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ විසින් මෙසේ ප්‍රකාශ කළහ. ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අමාත්‍යංශයිය ශ්‍රවනාගාරයේදී අද උදෑසන පැවතී මෙම වැඩසටහන...
Continue reading

නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි

නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි අපගේ විද්‍යුත් තැපෑලට හිතවත් මහත්මයකු විසින් දිවයින ඉරිදා සංග‍්‍රහයේ පළ වූ ලිපි දෙකේ එවන ලදි. මෙතෙක් කල් මෙම ලිපි වැල පළ වූයේ කුමන හේතුවක් නිසාදෝයි නොදනිමි. බුදුදහම විකෘති කරන සාමාන්‍ය...
Continue reading

ථේරවාදී සම්ප්‍රදාය විනාශ කරන කල්ලි මොනවද මේ කරමින් ඉන්නේ. කොහොමද අපි ඒක​ තේ‍රුම් ගන්නේ.

ථේරවාදී සම්ප්‍රදාය විනාශ කරන කල්ලි මොනවද මේ කරමින් ඉන්නේ. කොහොමද අපි ඒක​ තේ‍රුම් ගන්නේ. පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි – රත්මලාන ධර්ම පර්යේෂණාලය   උපුටා ගත් මුල් ලිපිය මෙතනින්:- //www.facebook.com/watch/Sathyawahini-248101462717044/
Continue reading

චෛත්‍යයට හැට්ට ඇන්දවීම..! ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු – හෑගොඩ විපස්සි හිමි

චෛත්‍යයට හැට්ට ඇන්දවීම..! ජාවාරම්කාර පූජාවලින් බෞද්ධයන් බේරා ගනිමු – හෑගොඩ විපස්සි හිමි තට්ට හිසත් කහරෙද්දත් මිස කිසිදු ශීලගුණෝපේත භාවයක් නැති කාසමුණ්ඩකයන්ගේ නිර්ලජ්ජී ජාවාරම් ගැන ථේරවාදයද චෝරවාදයද ලිපි පෙළ තුලින් අපි බොහෝ දේ කථා කළෙමු. ඉදිරියටද කථා කරන්නෙමු. ලංකා ඊ නිව්ස් ආරම්භ කළ මෙම ‘කිංසච්ච ගවේශණය’ දැන් දැන් දැන...
Continue reading

විභජ්ජවාද ආභිධාර්මික සම්භාෂණය ථේරවාද කථිකාවතේදී සිදුකරන ලද අදහස් දැක්වීම – අති පූජනීය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ

රත්මලාන ධර්ම පර්යේෂනාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ විසින් 2018 මැයි 12 වෙනි දින ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය මගින් සංවිධානය කොට පවත්වන්නට යෙදුනු විභජ්ජවාද ආභිධාර්මික සම්භාෂණය ථේරවාද කථිකාවතේදී සිදුකරන ලද අදහස් දැක්වීම මූලාශ්‍රය:- Path Nirvana
Continue reading

රත්නමාලා ගාථාවල ගුප්ත බලයක් නැත

සාමාන්‍යයෙන් දැනට දශකයකට පමණ ආසන්න කාලයක සිට විවිධ මාධ්‍යයන් ඔස්සේත්, වෙනත් විවිධ ස්ථානයන්හි දීත්, විවිධ විහාරස්ථානවල හා පූජනීය ස්ථානවලත්, රත්නමාලා ගාථාව නිතර ප්‍රචාරය කෙරෙන අතර මෙම ගාථා නිරන්තරයෙන් කීමෙන් ධනය, බලය, ශක්තිය, නිරෝගි සුව ලැබෙන බවට විවිධ මත පතුරවමින් සිටින බවක් දක්නට ලැබෙයි. ඒ ආකාරයෙන් මෙම ගාථාවන්ට යම්...
Continue reading

සංවිධානාත්මක කල්ලි රටට සරණාගතයන් එවනවා

සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එම නිවේදනය මෙසේය. අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල...
Continue reading

බුදුන් උපන්නේ ලංකාවේ බව කීම මිත්‍යාවකි

මෙම ආරම්භය අනුව මෙම පුද්ගලයා පවසන්නට උත්සහ ගෙන අැත්තේ, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවුයේ ශ්‍රි ලංකාවේ බවය​. එහි සඳහන් කර අැති ආකාරයට සිදුහත් කුමරා උත්පත්තිය ලැබු ලුම්බිණිය පිහිටා ඇත්තේ, තෙල්දෙණියේ කුන්ඩසාලේය​.  
Continue reading

සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි

රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි පාලකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් කරුණු ගැන ලෝක අවධානයට ලක් වී ඇති මේ මොහොතේ රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි අවධාරණය කරන්නේ, පාලකයාගේ චින්තනය පුළුල් නොවන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකි බවයි. රටේ සම්පත් නිසි ලෙස පරිහරණය නොකරන්නේ...
Continue reading

ධර්ම සාකච්චාව ~ ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමා 152 වන ජන්ම සංවත්සරය සැමරීම

ජාතියේ පියා ශ්‍රීමත් අනගරිකා ධර්මපාලතුමාගේ 152 වන ජන්ම සංවත්සරය සැමරීම. තිරිවානකාටියා මුලමහා විහාරය. සංවිධානය රුවන්පුර බොදු මිනි හන්ඩා බෞද්ධ සංවිධානය..
Continue reading

සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද?

ශාසනයේ ආයුෂ අවුරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බුදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ කිසිම තැනක සඳහන් නොවේ. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පුරාවෘත්තය කෙසේ සිදු වී දැයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි. අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉපදී වසර 2640 ක්ද, බුද්ධත්වයට පත්ව වසර 2605...
Continue reading

 සසුනේ ආයුෂ තව වසර 2440 ක් ද

රත්මලානේ ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි මෙම ලිපියෙහි මුල් කොටස වෙසක් පුර පසළොස්වක පත්‍රයේ පළ විය උක්ත චුල්ලවග්ග පාලියේ භික්ඛුනීඛන්ධකයේ පාඨයත්, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර පන්සීයකට පමණ පසු ඇති වු මිළිඳු නාගසේන සංවාදයේ එන අධිගම අන්තර්ධාන, පටිපත්ති අන්තර්ධාන, ලිංග අන්තර්ධාන කතා ප්‍රවෘත්තින් පදනම් කොට ලියන...
Continue reading

මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම

-වැරදි වහගන්න අවිචාරවත් හැසිරීමක් -ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි තමන්ගේ වැරදි වසා ගැනීමට සමහර භික්ෂුන් මළ කඳන් උඩින් නැගී සිටීමට උත්සහ කරන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් යැයි කියමින් නැති ප්‍රශ්න මතුකර සමාජ අනුකම්පාව දිනාගැනීමට ඇතැමුන් දරන උත්සහය...
Continue reading

ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි අර්ථ විවරණය කරන්න

හෑගොඩ විපස්‌සි හිමිගෙන් අගමැතිට විවෘත සංදේශයක්‌ ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි නිදසුන් සහිතව අර්ථ විවරණය කරන්නැයි, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විවෘත සංදේශයක්‌ යවමින් රත්මලාන ධර්ම පර්යේෂණාලය අධිපති හෑගොඩ විපස්‌සි හිමියෝ ඉල්ලා සිටිති. අගමැතිවරයා වෙත යවන ලද සංදේශය මෙසේය. ඔබගේ වාග් කෝෂයේ ජාතිවාදය හා ආගම්වාදය යන දෙවදන මෑත...
Continue reading

අභයදානය වෙනුවෙන් දිවි නසා ගැනීම පාරමිතාවක් ද? හෑගොඩ විපස්සි හිමි සමඟ විශ්‍රාම රේඩියෝ සාරථි 02

අභයදානය වෙනුවෙන් දිවි නසා ගැනීම පාරමිතාවක් ද?බිලි පූජා චාරිත්‍රය නීතිගත කළ හැකි ද?දහමේ හැසිරීම වෙනුවට සමාජය ඇදහීම භයානකයි. මූලාශ්‍රය  Department of Pensions
Continue reading

ජාවාරම්කාරයෝ බුදුදහම භක්තිවාදයකට ගෙනයනවා – හෑගොඩ විපස්සි හිමි සමඟ විශ්‍රාම රේඩියෝ සාරථි

ජාවාරම්කාරයෝ බුදුදහම භක්තිවාදයකට ගෙනයනවා.. පාංශුකූලයට පිරිකර පූජා කරන්නෑ…. පූජා ඉස්මතු වෙනවා – ධර්මය යටපත් වෙනවා… මූලාශ්‍රය:  Department of Pensions
Continue reading

රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්

රාවණා ගැන සොයන පාර්ලිමේන්තු යෝජනාවට හෑගොඩ විපස්සි හිමිගේ විරෝධය මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණවිසින් රාවණා රජුගේ ඉතිහාසය ගවේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සිය විරෝධතාව ප්‍රකාශ කළහ. රාවණා කතාව මිථ්‍යාවක් බව පෙන්වා...
Continue reading

කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද? පිටතින් ආශ්චර්‍ය්‍යමත් ලෙස පෙනුනද මේවා ඇතුලතින් අතිශයින්ම පෙළඹවීමේ ස්‍වභාවයකින් යුක්තවේ. කල්ලි නායකයින් ඔබ උපක්‍රමශීලී ලෙස ඔවුන්ට බඳවා ගැනීමේ ඉමහත් ආශාවකින්න් සිටී. ඔවුන් ඔබගේ කාලය, පක්‍ෂපාතිත්වය හා ඔබගේ මුදල් පසුපස හඹා යමින් සිටී. ඔබ කල්ලියට බඳවා ගැනීම සදහා ඔවුන් ඉතා සියුම්වූත් කාලය සමග නවීකරනය වූත්...
Continue reading

මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මනස පාලන උපක්‍රම පිළිබද තාක්‍ෂණික විශ්ලේෂණයක් පාරිභාෂික සටහන:මනස පාලනය නොහොත් මොළය සෝදා හැරීම යනුවෙන් අදහස් කරනුයේ බලහත්කාරයෙන් පොළඹවා ගැනීම හෝ බලහත්කාර මනෝවිද්‍යාත්මක උපක්‍රම යොදා ගැනීම හෝ බලහත්කාරයෙන් අදහස් පැටවීමයි. පහත දැක්වෙන කෙටි විස්තරය මනස පාලන හා ඇදහිලි ක්‍රම පිළිබඳ ලොව පිලිගත් කැලැෆෝනියාවේ බර්ක්ලී විශ්ව විද්‍යාලයේ සම්මත මහාචාර්ය මාගරට්...
Continue reading

අලුත් ආණ්ඩුවට පැවරෙන වගකීම

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රට රාජ්‍යවල නූතන පරිපාලනය සඳහා සම්මත කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ‍පොදු මහජනතාවගේ අදහස් පරිදි, කැමැත්ත පරිදි වසර පහකට (05) හෝ ඊට ආසන්න කාලසීමාවක් තුළ තම මාතෘ භූමියෙහි පරිපාලන කටයුතු කවුරුන් විසින් කෙසේ කළ යුතුද යන්න, තම තමන්ගේ පැන්සල් ඉරෙන් ලකුණු කරන කතිරයෙන් තෝරා ගැනීම දැන් පවතින චාරිත්‍රයයි....
Continue reading

කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය

“කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය” (ලෝරන්ස් වොලර්ෂයිම්) – සිංහල පරිවර්තනයකි. මා කල්ලි සහ මනස පාලනය පිළිබඳ නොමිලේ තොරතුරු ලබා ගැනීමට ඇති විශාලතම හා පැරණිම වෙබ් අඩවිය වන www.factnet.org වෙබ් අඩවියේ සම කතෘ කෙනෙකි. තවද ඇමෙරිකානු ඩොලර් 8.7 මිලියනයක් වූ සයන්ටොලොජි ට එරෙහිව...
Continue reading

ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය අන්‍ය ආගමික පෙළ පොත් වලින් වනසනවා

අන්‍යාගමික පාසල් පෙළ ‍පොත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විකෘති කිරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පර්යේෂණයකින් හෙළි කරගෙන ඇත. මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන්නේ මහා ආක්‍රමණශීලී කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් බව එහි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පැවැසූහ. ඉස්ලාම් ධර්මය උගන්වන පාසල් පෙළ‍පොත්වල මෙසේ ශ්‍රී ලංකාවේ...
Continue reading

අපණ්ණක ප්‍රතිපදාව හෙවත් නොවරදින මග

ආගමක් ඇදහීම මිනිසාට ආවේණිකව පවතින්නේ බොහෝ කාලයක සිටය. එසේම කිසිම ආගමක් නො අදහන මිනිසුන් අද මෙන්ම එදා ද සිටි බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙනේ. ආගමිකයන් අතර ද එක්බඳුව හෘදයාංගමව ආගම අදහන අය නොවෙති. එලෙසින්ම ආගම ධර්මයන් ගේ විවිධත්වය ද, අද මෙන් එදා ද පැවැතී ඇත. බුද්ධකාලයෙහි ෂට් ශාස්තෘන්ද සිටි...
Continue reading

නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ

“නාවල ධර්ම දේශනා 17” කලාපය දැන් නිකුත්වී ඇත. නාවල විමල විහාරාධිපති ව වැඩ විසූ වැරැල්ලානේ ශ්‍රී විමලතිස්ස නාහිමියන් විසින් ආරම්භ කළ මේ උතුම් පින්කම අඛණ්ඩව පවත්වාගෙන යයි. නාවල විමල විහාරය මඟින් සංවිධානය කළ ධර්ම දේශනා එම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත. බැරගම විමලධම්ම හිමියන් මෙම ග්‍රන්ථය සංස්කරණය කොට ඇත. මෙය...
Continue reading

දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් සඳහා අදාළ වන පරිදි වගකීමෙන් කතා කිරීමේ හා ක්‍රියාකිරීමේ පනතක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් රටේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සඳහන් කරති. ජනතාව අතර ප්‍රශ්න ඇති විය හැකි ආකාරයේ බරපතළ ප්‍රකාශ වගකීමකින් තොරව...
Continue reading

විනයෙන් ගොඩනගන භික්ෂු පෞරුෂය සහජීවනය යනු බෞද්ධ අනන්‍යතාව මකා දැමීම නොවේ

හිමියනි “විනය” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යම් සංස්ථාවක චිරාත් කාලීන පැවැත්ම සඳහා පනවා ගන්නා ලද නීතිරීති පද්ධතීන් “විනය” ලෙස හැඳින්විය හැකියි. විනය කියන දේ වෙනස් වෙනවා. එය ධර්මයට එකඟද කියා බැලිය යුතුයි. විනය වෙනස් කර ගැනීමේදී අපිට න්‍යායක් තිබෙනවා. භික්ෂු විනය සහ ගිහි විනය කියා දෙකක් තිබෙනවා. භික්ෂූන්...
Continue reading

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම

මෙයින් වසර දෙදහස් හයසිය සතරකට පමණ පෙර සිදුහත් බෝසතාණෝ භාරත වර්ෂයේ මධ්‍ය දේශයේ නේරඤ්ජරා නදිය අසබඩ ගයා ශීර්ෂයේ දී ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක. “මහණෙනි යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මෙසේ තිපරිවට්ට හා දොළොස් අයුරකින් ඇති ඥාන දර්ශනය තතු සේ අවබෝධ වීද මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන්...
Continue reading

සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පත්වීම

මෙයින් වසර දෙදහස් හයසිය සතරකට පමණ පෙර සිදුහත් බෝසතාණෝ භාරත වර්ෂයේ මධ්‍ය දේශයේ නේරඤ්ජරා නදිය අසබඩ ගයා ශීර්ෂයේ දී ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සේක. “මහණෙනි යම් කලෙක මට චතුරාර්ය සත්‍යය මෙසේ තිපරිවට්ට හා දොළොස් අයුරකින් ඇති ඥාන දර්ශනය තතු සේ අවබෝධ වීද මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන්...
Continue reading

මහමෙවුනා බෝධිඥාන සභාව

කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි තුන්පිටකයම පිළිගන්නේ නැත. චිරාගත ශාසනික සම්ප්‍රදායයන් ප්‍රතික්ෂේප කරයි. එසේ වුවත් අළුත් හින්දු මත ස්ථාපනය කරයි. ගෞතම බුදුන් කිරිබත්ගොඩ සමිඳුන්ද මේ ආදී කරුණු දැනගන්න බෝධීඥාන ව්‍යවස්ථාව කියවන්න.     [slideshare id=10701882&doc=book4-111227125906-phpapp01&w=650&h=500] Click to wiew Complete Document>>
Continue reading

සම්මත ජාතික සංකේත වෙනස් කිරීම සුදුසු නැහැ

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සුදුසු නැතැයි සඳහන් කරමින්  රත්මලාන  ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ  හෑගොඩ විපස්සි හිමියෝ  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24)  ලිපියක් යොමුකර ඇත. උන්වහන්සේගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන්වේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද  ගායනා කිරීමට රාජ්‍ය අනුමැතිය  දීමට ජනාධිපතිතුමා එකඟතාව පළ...
Continue reading

නෙත් fm Unlimited වැඩසහන 2015-03-17 – හෑගොඩ විපස්සි හිමි

භික්ෂුභාවය යනු කුමක්ද? නිකායක් යනු කුමක්ද? මාර්ගඵල වලට පැමිණෙන්නේ කෙසේද?  මාර්ගඵල වලට පැමිණෙන අයෙකු හදුනාගන්නේ කෙසේද? නෙත් fm Unlimited වැඩසහන 2015-03-17 –  හෑගොඩ විපස්සි හිමි        
Continue reading

බුදු දහමේ ජාතිවාදයක් නැහැ

මෑත වකවානුව තුළ ‘ජාතිවාදය’ යන මාතෘකාව නිතර නිතර කතා කෙරෙනවා. මීට නිසි අර්ථකථනයක් අදහසක් නොමැතිකම නිසා ජනතාව මේ සම්බන්ධයෙන් මංමුලා වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ නිසාම අපේ හාමුදුරුවනේ ‘ජාතිවාදය’ යන්නට කෙටි අර්ථකථනයක් සපයමින්ම අද දහම් සංවාදයට ප්‍රවේශයක් ලබමු. හොඳයි ඉතාම කාලීන මාතෘකාවක්. විශේෂයෙන්ම මෑත වකවානුව තුළම ඔබ කිවූ...
Continue reading

කර්මය හා පුනර්භවය

බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි. එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය)...
Continue reading

සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ.  බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට...
Continue reading

භික්ෂුවක් විදියට පෙනී සිටිමින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරනවා

හාමුදුරුවනේ ඇත්ත වශයෙන්ම භික්ෂුවකට උපන් දිනය සැමරීම කැපයිද? භික්ෂුන් වහන්සේ නමකට පටහැනි දෙයක් තමයි උපන් දින සමරන එක. නමුත් භික්ෂුවක් තමන්ගෙ උපන් දිනේට පින්කමක් කළාට කමක් නෑ. ඒත් අද ඇතැම් භික්ෂුන් උපන් දින සමරන්නෙ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව නෙවෙයි. සමාජයීය ධර්මය අනුව. සමාජයේ උපන් දින සමරන...
Continue reading

ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි – Lakbima

ජාතිවාදී විෂ ප්‍රචාර තහනම් කළ යුතුයි ජාතිවාදය යන්න නිර්වචනය කරන ලෙස රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියන් රජයෙන් ඉල්ලා සිටි පුවත ඉකුත් බ්‍රහස්පතින්දා (26) “ලක්බිම” 03 වන පිටුවේ පළ විය. ජාතිකත්වය සහ ජාතිවාදය අතර වෙනස නිසි ලෙස පැහැදිලි නැති හෙයින්ද ජාතිවාදයට වැට බඳින්නට නම් ඊට පෙර ඒ ගැන...
Continue reading

බෞද්ධයාට ජාතියක්‌ නැත

සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේසිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක්‌ නැහැ යෑයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ. විපස්‌සී හිමියෝ එසේ පැවසුවේ බුද්ධ ශාසන රාජ්‍ය පරිපලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිති සංගම් ශාලාවේ...
Continue reading

දහම බබළන්නේ විවෘත වූ තරමටයි

අප තථාගත සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි යහපත් ජීවිතයක් සඳහා පැහැදිලිව දක්වනවා. පුද්ගලයින්, පවුල, සමාජය යහපත් පැවතුම් පෙන්වා දෙනවා. දෙවියන් වන්නේද, ආධ්‍යාත්මික පුද්ගලයන් වන්නේද, සුර අසුර වන්නේද මිනිසුන්ය. බුදුදහම පිළිපැදිය යුතු ධර්මයකි. ඇදහිලිවලට යොමුවී සිටින්නේද බෞද්ධයන්, ජනතා විශ්වාසය දිනා ගනිමින් සමාජගත වී ඇති ඇදහිලි ක්‍රම හා බුදුදහම සම්බන්ධයෙන්...
Continue reading

චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ – හෑගොඩ විපස්සි හිමියෝ කියති

නව රජයේ දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන් කිසිදු විචාරයකින් තොරව යම් යම් ස්ථාන වැටලීම්  කර මාධ්‍යයට රඟ දැක්වීම් කිරීමෙන් ජනතාව ඉතා ඉක්මනින් රජය කෙරෙහි කලකිරීමට ඉඩ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ  විපස්සි හිමියෝ පවසති. සාමාන්‍ය ස්ථාන පමණක් නොව බෞද්ධ විහාරස්ථාන පවා වැටලීම දැන් ඇතැමුන්ගේ විලාසිතාව වී ඇතැයිද උන්වහන්සේ...
Continue reading

ලංකාවේ කිසි දිනෙක රාවණා කෙනෙකු සිටියේ නැත

ථෙරවාදී බුදු සමයට එරෙහි බලවේග අපේ රටේ අතීතයේත් ක්‍රියාත්මක විය. අදත් විවිධ ස්වරූපවලින් එවැනි බලවේග කලින් කලට ඉස්මතු වෙමින් ක්‍රියාත්මක වෙයි. මේවා ගැන බොහෝ බෞද්ධයන්ට වැටහීමක් නැත. වැටහීමක් ඇති බොහොමයක් දෙනාට වගක් නැත. එනිසා අන්‍යාගමික ආක්‍රමණිකයන්ට තමන්ගේ කටයුතු වඩාත් පහසු වී තිබේ. මෙලෙස ථෙරීය හෙවත් මහා විහාර සම්ප්‍රදාය...
Continue reading

කිරි වෙහෙරෙන් කිරි වැගිරීමත් ශ්‍රීපාදයෙන් රැස් විහිදීමත් පිළිබඳ කතා ඇත්තද?

අපේ රටේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ආශ්චර්යමත්, අද්භූත සිද්ධීන් පිළිබඳව මෑතකදී වාර්තා විය. ශ්‍රී පාද කන්දේ මහගිරිදඹය සහ අහස් ගව්ව අතර රැස් වළල්ලක් විහිදීම ඉන් එකකි. අරණායක පරපිටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් එදිරිසිංහ නම් මහතකු ඔහුගේ පවු‍ලේ අයත් කැටුව අප්‍රේල් 03 දා ශ්‍රී පාදය වැඳ පුදාගෙන පසුදින පාන්දර...
Continue reading

අද තිබෙන්නේ තනිකරම ආගමික මංකොල්ලයක්

රටට, ජාතියට මෙන්ම සම්බුද්ධ ශාසනයට එල්ල වන විවිධ අභියෝග බලපෑම්  පිළිබඳව කොතෙකුත් අද කතා කරනවා.  විවිධ සංවිධාන පුද්ගලයන් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්න බවත් පෙනෙන්නට තිබෙනවා. ජාතික, සමාජයීය , ශාසනික ගැටලු පිළිබඳ  නිරන්තර අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන  ඔබවහන්සේ සමාජයේ වත්මන් ගමන් මග ගැන දරන අදහස කෙබඳුද...
Continue reading

පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර කරන්නාවූ සම්බුදු දහම විකෘති කරනා අන්දම ප්‍රේක්ෂක ජනතාවට කරන්නාවූ හෙළිදරව්ව.

Venerable Hegoda Vipassi Thero , Director of Dharma Paryeshanalaya exposes Pitiduwe Siridhamma aka Samanthabadra in much detail on this video. පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ මෙම විඩියෝව මඟින්, පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තභද්‍ර කරන්නාවූ සම්බුදු දහම විකෘති කරනා අන්දම ප්‍රේක්ෂක ජනතාවට කරන්නාවූ හෙළිදරව්ව.
Continue reading

ඔය හාමුදුරුවො රහත් වෙලා නෑ

තමන් නිවන් දැකපු කෙනෙක් බව පිටිදුවේ සිරිධම්ම හෙවත් සිරි සමන්ත භද්‍ර හිමියෝ ඉකුත් සතියේ ඉරිදා ලංකාදීපයට කීහ. ඒ හිමියෝ එහිදී නිවන ඔප්පු කර පෙන්වීමට ධර්ම සංවාදයකටද ආරාධනා කළහ. එයට පිළිතුරු දෙන රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ එම සංවාදය භාරගන්නා බවද කීහ. මේ එම සාකච්ඡාවයි. //www.lankadeepa.lk/index.php/articles/196052  ප‍්‍රශ්නය: නිවන් ලැබීයැයි...
Continue reading

රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි

රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කිරීම සඳහා රජය ඇතුළු සියලු බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සි හිමියෝ “දිවයින”ට පැවසූහ.  වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපස්‌සි හිමියෝ මෙසේද පැවසූහ. මෙම වකවානුවේ රාවණා රජ කෙනකු ගැන නිතර කතාබහට ලක්‌වනු පෙනේ. වසර දහස්‌ ගණනක...
Continue reading

බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි

චතුර පමුණුවගේ ‘බොදු අභියෝග’ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවය චතුර පුංචි මිනිහෙක්‌ වුණත් ජාතියට හා ශාසනයට විශාල මෙහෙවරක්‌ කරන සමාජ ක්‍රියාකාරිකයෙක්‌  – ඇමැති පාඨලී චම්පික රණවක “බොදු අභියෝග” ග්‍රන්ථයේ මංගල පිටපතක්‌ කතුවරයා විසින් පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමිපාණන්ට පිළිගැන්වූ අයුරු. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමිපාණන්ද ඡායාරූපයේ සිටී. ප්‍රදීප්...
Continue reading

ඔවුන් සූදානම් වන්නේ නැවතත් රට යුද්ධයට ඇද දැමීමටයි

විග්නේශ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳ විද්වත් අදහස් උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදුවේයැයි උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කර සිටින මහ ඇමැති ධුර අපේක්ෂක සී.වී, විග්නේශ්වරන් කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ගිහි පැවිදි විද්වත්හු කිහිප දෙනෙක් රිවිරට මෙසේ අදහස් දැක්වූහ. රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි...
Continue reading

බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව….

බෞද්ධකම සුරැකිම තුළින් සිංහලකම සුරැකෙන බව රත්මලාන ධර්ම පර්යේෂණාලායේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති. ශාසනික උන්නතිය තුළින් අන් සියළු අංශයන් සුරක්‍ෂිත වන බව උන්වහන්සේ සදහන් කළහ. මේ හේතුවෙන් බුදුදහම නගා සිටුවිමට කටයුතු කිරිම වත්මන් අවශ්‍යතාවක් බව ද හෑගොඩ විපස්සි ස්වාමින් වහන්සේ පවසති.   //www.rangirisrilankanews.info/%E0%B6%B6%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9A%E0%B6%B8-%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%B8-%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-%E0%B7%83
Continue reading

සනත්ගෙ නළු මහණකම ගැන

මෙරට ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ සනත් ගුණතිලක හඟුරන්කෙත විමලරතන නමින් බුද්ධ ශාසනයේ පැවිදි වූ බව ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කළේය.  බෙන්තර හපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පසුගිය 22 දින පෙ.ව. 7.22ට යෙදුණු සුබ හෝරාවේ මේ පැවිදි පින්කම සිදුකර තිබිණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා...
Continue reading

මැදපෙරදිග යන කතුනට හරිහම්බ කරන මුදල්

ඉතිරි කරන හැටි කියා දෙන්න ඕනෑ අග හිඟකම් දරාගන්නට බැරිවු විට ඇතැම් මවුවරුන් මැද පෙරදිග යන්නේ ඇතැම් විට දරුවන්ගේ භාරකාරත්වය කාට හෝ පවරාය. වසරින් දෙකෙන් මුදල් හරි හම්බ කරන් එන්නට යන ඇතැමුන්ගේ ජීවිත සිතු තරම් සුන්දර වන්නේද නැත. මෙරට වෙසෙන දරුවන්ගේ ජීවිත ද සුන්දර නැත .‍ මැද පෙරදිග ගෘහ...
Continue reading

පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න පිළිබඳව විග්‍රහයක්

ගිහි සහ පැවිදි සමාජයන් ගත් කල්හි පැවිදි සමාජයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. එම පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න විග්‍රහ කළහොත් හාමුදුරුවනේ, පළමුවෙන්ම කිව යුතුයි මෙම පැවිදි වීම යන්න සීමාවක් කියන්න බැරි දෙයක්. පස්කම් විඳින සමාජයේ පස්කම්වලින් අයින්වෙලා ජීවත්වන එක අමාරු දෙයක්. ගිහියෙක් තමයි පැවිද්දෙක් බවට පත්වෙන්නේ....
Continue reading

නිවන් දැකීම හෝ වෙනත් එවන් කාරණාවක් යැයි කියමින් අද බොහෝ පිරිස් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් වෙනවා

ගිහි සහ පැවිදි සමාජයන් ගත් කල්හි පැවිදි සමාජයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. එම පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න විග්‍රහ කළහොත් හාමුදුරුවනේ, පළමුවෙන්ම කිව යුතුයි මෙම පැවිදි වීම යන්න සීමාවක් කියන්න බැරි දෙයක්. පස්කම් විඳින සමාජයේ පස්කම්වලින් අයින්වෙලා ජීවත්වන එක අමාරු දෙයක්. ගිහියෙක් තමයි පැවිද්දෙක් බවට පත්වෙන්නේ....
Continue reading

Vesak Day Celebrations at the Sri Lanka Embassy – Jordan

Amman, 31 May, (Asiantribune.com): The Sri Lanka Embassy in Jordan celebrated the Vesak on Friday 24th May 2013 at the Embassy premises in commemorating Lord Buddha’s Birth, Enlightenment and passing away. The embassy premise was decorated with Buddhist flags and colorful illuminations for the occasion. Most Ven. Hegoda...
Continue reading

රැකිය යුත්තේ සීලයයි

ධර්ම හා බැඳුණු සීලය විනය සමග සපුරා ගැළපිය නොහැකි වුවත් විනය සීලයටත් සීලය විනයටත් අනේ‍යාන්‍ය වශයෙන් ප්‍රත්‍ය වේ. සීලය පුද්ගල බද්ධ වන අතර විනය සමාජය හා බද්ධ ප්‍රස්තූතයකි. ‍පොහෝ දින උපාසක උපාසිකාවෝ සුදු වත් හැඳ උතුරු සළු පැළඳ විහාරස්ථාන කරා පැමිණ පෙහෙවස් සමාදන් වීම චාරිත්‍රයකි. එම නිසා පස්...
Continue reading

දන්සල වෛරය වපුරන්නක් නොවිය යුතුයි

හාමුදුරුවනේ, මේ වෙසක් කාලය ආරම්භ වන අවධියයි. වෙසක් සමයේදී ප්‍රතිපත්ති පූජා  හා ආමිස පූජා පිළිබඳ බොහෝ දෙනෙක් අතර කතා බහට ලක් වෙනවා. වෙසක් කාලයේදී ආමිස පූජා හා ප්‍රතිපත්ති පූජා පිළිබඳ කතා බහට ලක්වෙනවා. ඒ වගේම ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වඩා උසස් බව සමහරුන් පවසනවා. කියන්නන් වා‍ලේ කියනවාට...
Continue reading

නිර්වාණය අවබෝධ කරගැනීමේ මාර්ගය තවමත් දුරස්ථයි

බොහෝදෙනා අනුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන නමුත් තමන් වෙනුවෙන් සාක්ෂාත් කරගැනීම සඳහා එතරම් උනන්දුවක් නොදක්වන නිවන් මඟ සැබැවින් ම ප්‍රඥාවන්තයන් විසින් අවබෝධතා ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කරගත යුත්තකි. නගරයකට පිවිසිය හැකි විවිධ ද්වාර මෙන් නිර්වාණගාමී මාර්ගය වෙත එළැඹිය හැකි විවිධ මාර්ග පිළිබඳවත් එහි ගමන් කිරීම පිළිබඳවත් සැකෙවින් සිදුකෙරෙන මේ සාකච්ඡාවට ධර්මානුකූල...
Continue reading

ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව පෙළගැසෙන්නැයි ඉල්ලීමක්

කැසිනෝ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විරෝධය පළ නොකිරීම පුදුමය කරුණක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ පවසති. උන්වහන්සේ සදහන් කළේ 2016 වසර වනවිට ශ‍්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය ස්ථාවර කිරීමට බළධාරීන් උත්සහය කරමින් සිටින බවයි. බෞද්ධ රටක...
Continue reading

සූවාසු දහසක් ධර්මස්කන්ධය විකෘති කළ ග්‍රන්ථ දහසක්

ආශ්චර්යමත් ශී‍්‍ර ලංකාවේ අරුම පුදුම ‘මහ රහතන් වහන්සේ’ නමක් පහළ වී ඇත්තාහ. සත්මහල් ප‍්‍රාසාදයක වැඩ සිටින උන් වහන්සේ දුරකථන, ජංගම දුරකතන, ෆැක්ස්, විද්‍යුත් තැපෑල භාවිත කරනවා පමණක් නොව තමන්ගේ නමින් වෙබ් අඩිවයක් ද පවත්වාගෙන යන ‘මොඩිෆයි රහතන් වහන්සේ නමක් වන සේක. සියලූ ලෞකික සැප සම්පත් විඳිමින් ‘මහ රහත්’...
Continue reading

සිංහලයා අඩපණ කිරීම

ජාතිවාදය තහනම් කිරිමට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව සිංහල ජාතිය අඩපන කිරීමේ කුමන්ත්‍රණයේම කොටසක් යැයි රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පැවසූහ. එසේම ජාතිවාදය හා ආගම්වාදය සනාථ කරන නිර්ණායකයන් වහාම හෙළි කරන ලෙස වාසුදේව ඇමතිවරයාට අභියෝග කරන්නේ යැයිද විපස්සි හිමියෝ ලක්බිමට පැවසූහ. සිංහල බෞද්ධ හඩක් නැගෙන...
Continue reading

උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව සංඝාධිකරණයට යනවා

බුදු රදුන් ලංකාවේ ඉපදුණු බවට සාක්‍ෂි තිබෙනවා යැයි උඩුවේ ධම්මාලෝක හිමියන් කළ ප්‍රකාශයට විරුද්ධව ශාසනවිලෝමක අය පිළිබඳ විනය සම්බන්ධව ‘උබ්බාහිකාවකින්’ අධිකරණ තීන්දුවකට එළැඹීමට කටයුතු කරන බව රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. ‘අප උපන් මේ හෙළබිම බුදුරදුන්ගේ ජන්බුද්වීපයයි’ වැනි කොළ ගොඩවල් කියවන, අදහන ධම්මාලෝක හිමියන්ට අපේ...
Continue reading

Where was Lord Buddha born?

Ven. Hegoda Vipassi Thera, the Director of Dharma Paryeshanalaya at Rathmalana, has challenged Ven. Uduwe Dhammaloka Thera for a debate on the statement made by the latter that there is no definite evidence regarding the birth of Prince Siddhartha in India but there are shrines with evidence that...
Continue reading

එහිපස්සිකෝ වැඩසටහන

එහිපස්සිකෝ -පළමු විඩියෝව – swarnavahini.lk මෙතනින් යොමුවෙන්න   එහිපස්සිකෝ -දෙවෙනි විඩියෝව – swarnavahini.lk මෙතනින් යොමුවෙන්න.  එහිපස්සිකෝ -තෙවෙනි විඩියෝව – swarnavahini.lk මෙතනින් යොමුවෙන්න  
Continue reading

Dehiwala YMBA activities

The Young Men’s Buddhist Association of Dehiwala-Mt. Lavinia hosted a seminar which was a big success with about 200 students participating. While all teachers and students who participated were presented with uniforms, lunch was provided to all from the personal contribution of the President of the Association.  ...
Continue reading

එදා මකුලාරාමය අද මක්කම

අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස සැලකුවේ ධර්මයයි. මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඉහළින් යුක්තිය, ධර්මය, නීතිය තබා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ සඳහන් කරන්නෙත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ හා වගකීම බවයි. ඇත්ත වශයෙන්ම ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා...
Continue reading

සත්ත්‍ය වටහා ගනිමු

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනස් තුනක් පමණ වේ. පුරා වසර පන්දහසකින් ශ්‍රී සද්ධර්මය අන්තර්ධානය වන බව පුරාතනයේ සිට පවත්නා සුප්‍රකට ප්‍රවාදයකි. ඒ අනුව බුදු සසුනේ ආයුෂයෙන් අඩක් පමණ මේ වනවිට ගත වී ඇත. තවත් වසර දෙදහස් හාරසිය හතලිස්...
Continue reading

ආමිස දානය

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ,හෑගොඩ විපස්සී හිමි සමස්තයක් වශයෙන් බලන කල්හි යම්කිසි පුද්ගලයෙකු විසින් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව හෝ තමාට දායාද වශයෙන් ලැබුණු වස්තුව හෝ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් ක්‍ෂය කිරීම පිණිස පූජා කිරීම, පරිත්‍යාග කිරීම, ප්‍රදානය කිරීම ආමිෂ දානයයි. ධාර්මික ශ්‍රමදායකත්වය ද මේ ගණයටම අයත්...
Continue reading

රැකීමට පහසු අපහසුම සීලය

උපුටාගත් 2012.07.03 දින පත්‍රය හා සම්මන්ධයි ඇතැම්හු කය පිනවීමට දවසකට මුදල්, ශ්‍රමය, කාලය කොපමණ වැය කරත් ද? එනිසාම අපකීර්තියට පමණක් නොව ජීවිත හානියට ද පත් වූ අවස්ථා නොවෙත්ද? කායික ඉන්ද්‍රිය සංවර කරගන්ට උත්සාහ කරා නම් සැනසීමට පත්වේ. ඔබට යුක්ති සහගතව ධර්මානුකූලව ඉන්ද්‍රිය පිනවීමට බුදුදහමින් තහංචි නැත. කෙනෙක් ආවාහ විවාහ...
Continue reading

රැකීමට පහසු අපහසුම සීලය

සීලය යනු සිත, කය, වචනය යන දොරටු තුනෙන් කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීම යි. වැරදි වලින් කය වචනය රැක ගැනීමයි. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී වශයෙන් ශාරීරිකව සිදු කරනු ලබන වැරදි වලින් වෙන්වීම කායික සංවරයයි. බොරු කීම, කේලම් කීම, වැඩකට නැති නිෂ්ඵල...
Continue reading

මාර පරාජය

දුෂ්කර ක්‍රියා කළ සමයේ වසර සයකුත් බුද්ධත්වයෙන් වසරකුත් පමණ කාලයක් බුදුරජාණන් වහන්සේගේ සිදුරු සොයමින් මාරයා ලුහුබැන්ද ආකාරය සංයුක්ත නිකායේ සත්තවස්සික සූත්‍රයේ විස්තර කෙරේ. බුදුරජාණන් වහන්සේ මාරයාව සිය වසඟයට ගත නොහැකිව උකටලීව සිටින විට මාර දියණියන් වන තණ්හා රතී රඟා හා විවිධ හාව භාව ක්‍රියාවන්ගෙන් වසඟ කිරීමට ගත් ප්‍රයත්න...
Continue reading

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය

නව අරහාදී සම්බුදු ගුණ බල මහිමය සත්ථා දේව මනුස්සානං සම්බුදු ගුණය කේවල පරිපූර්ණ වූ ව්‍යක්‍ජන සහිතව මුල, මැද, අග කලණ වූ දහමක් දෙසූ එකම ශාස්තෘවරයාණන් වන බැවින් ද තවත් බුදුවරයෙකුට පමණක් සමවන අනෙකෙකුට අසම වන හෙයින් ද දෙවි මිනිසුන්ට ශාස්තෘ වූ සත්ථා දේවමනුස්සානං වූ ප්‍රතිමූර්තිය සම්මා සම්බුදුරදුන්ම ය...
Continue reading

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

අඩසිය වසකට පෙර රාජකීය පණ්‌ඩිත ථෙරවාද දර්ශන විශාරද භාරතීශ්වරාචාර්ය කොළඹ විෙද්‍යාද්‍ය පිරිවෙණේ උප ප්‍රධානාචාර්ය බස්‌නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඛේමානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලය ථෙරවාද බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක්‌ සපයන පුණ්‍ය භූමියකි. ථෙරවාද න්‍යාය නමැති ග්‍රන්ථ එහි අග්‍ර...
Continue reading

මූලික අයිතිවාසිකම් හමුවේ ශාසනික සම්ප්‍රදාය බිඳ වැටේද ?

පරමාදර්ශී සමාජයේ කේන්ද්‍රීය රීතිය වන්නේ සංවරයයි. එහිලා භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ පිරිපුන් සිල් ඇතිව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව වාසය කරන ලෙසත්, ආචාර ගෝචර සම්පන්න වන ලෙසත් සුළු වරදෙහි පවා බිය දක්නා සුළුව ශික්ෂා පදයන්හි හික්මෙන ලෙසත් වදාළහ. බුදුහු මුල් විසි අවුරුද්දක පමණ කාලය තුල භික්ෂු ජීවිතය හැඩ ගැසුනේ ඕවාද හෙවත්...
Continue reading

ධර්මය නම් උත්තුංග විනිශ්චකරුවා ආත්ම ඝාතකයාට තීන්දුවක් දෙයි

අපේ හාමුදුරුවනේ – සිය දිවි නසා ගැනීම් ලෝකයේ බහුල වෙලා . ලංකාවෙත් බොහෝ විට අසන්නට ලැබෙනවා .පරපණ නැසීම පාපයක් බව කුඩා දරුවා පවා හොඳින් දනිතත් සිය දිවි නසා ගැනීම පිළිබඳව ඇතැමකු දරන මතයන්හි බොහෝ ගැටලු සහගත තත්ත්වයක් මතු වෙනවා. මේ පිළිබඳ බෞද්ධ විග්‍රහය ඔබ වහන්සේගෙන් දැන ගන්නට කැමැතියි....
Continue reading

සංඝයා භේද කිරීම අපායේ උපදින බරපතල අකුසලයකි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 33 සෝතාපන්න ආර්යයන් නැතහොත් සෝවාන් මාර්ග පල ලාභී උතුමාගේ ස්‌වභාවයන් පිළිබඳ ලොකු කුඩා සෑම බෞද්ධයකු අතර ප්‍රචලිත සුත්ත නිපාතයේ ඇතුළත් රතන සූත්‍රයේ මෙසේ සඳහන් වේ. සහාවස්‌ස දස්‌සන සම්පදාය නයස්‌සු ධම්මා ජහිතා භවන්ති සත්තාය දිට්‌ඨි විචිකිච්äන්ඤ්ච සීලබ්බනං වාපි යදන්ටි නිඤ්චි චතූභපායෙහි ච විප්පමුත්තො...
Continue reading

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ නැවෙන් ද?

කෙසේ වූවත් මේ අපූරු ගවේෂකයා Inscriptions of Ceylon ග්‍රන්ථයේ 270 දරන ‘බරත ශගරකිතහ ලෙණේ’ යන්න උදුරා දක්වමින් මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවකින් සංඝරක්‍ඛිත තෙරුන් ලංකාවට පැමිණ සරඹු හිමියන් සමඟ ගල්ලෙනක වැඩ සිටි බව මේ ශිලා ලේඛනයේ සඳහන් වේ යැයි ප්‍රකාශ කොට ඇත. මේ සෙල්ලිපියේ එවැනි අදහසක්...
Continue reading

ආනිසංස බලවත් වු කඨින පිංකම

මේ චීවර මාසයයි ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්‌. භික්‍ෂුන් වහන්සේ වස්‌ වැසීම, වස්‌ පවාරණය කිරීම යන උතුම් පිංකම් කෙරෙනුයේ මෙම කාලයේයි. ඉදිරි පුර පසළොස්‌වක පොහොයෙන් වස්‌වැසීම නිමාවට පත්වෙනු ඇත. බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස...
Continue reading

දන් දීමේ ආනිසංස හඳුනා ගනිමු

සත්ත්වයාගේ සසරේ පැවැත්ම ලෝභ – ද්වේෂ, මෝහ යන අකුසල් මුල් නිසාම සිදු වෙනවා. එහිලා විමුක්‌ති මාර්ගයේ ප්‍රථම පියවර උදෙසා දාන සංකල්පය අත්‍යවශ්‍ය සාධකයක්‌. දානය කියන්නේ දීමයි. එය පරිත්‍යාගය වශයෙන් ද හඳුන්වනවා. දානය යන පදය සෑදෙන්නේ “දා” යන ධාතුවෙන්. චාග යන පදය ද දානය යන්නට පරියාය පදයක්‌. පරියාය කියන්නේ...
Continue reading

2012 ලෝක විනාශය සත්‍යයක්‌ද? මායාවක්‌ද?

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි මේ වකවානුවේ ඇතැම් ලෝක ප්‍රජාවගේ නොසන්සුන්තාවට හේතු වූ මාතෘකාවක්‌ වශයෙන් ප්‍රචලිතව ඇත්තේ 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවයි. ඇතිවීම පැවැතීම-නැතිවීම ලෝක ධර්මතාව නිසා බුදුදහම පිළිබඳ අවබෝධයක්‌ ඇති කෙනෙකුට මේ කරුණ කෙරෙහි උපේක්‍ෂා සහගත විය හැකියි. කෙසේ වුවත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා...
Continue reading

තුන්සිත පහදා ගෙන දෙමු දානය

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 24, රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂී ස්‌ථානයක්‌ හිමි වේ. සන්තානගත කෙලෙස්‌, පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්‌ති මාර්ගයේ මූලික පියවර වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක්‌ වශයෙන් ද දාන සංකල්පය ක්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත්‍ර...
Continue reading

කිරි ගවයින්ට පමණක්‌ නොව සැම දෙනට සැමවිටම දිය හැකි අභය දානය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ විශේෂ අවස්‌ථාවන් ලෙස දාන සංකල්පය හඳුන්වා දිය හැකි. දාන සංකල්පය විවිධාකාරයෙන් වර්ධනය වූ ස්‌වභාවයක්‌ දැකිය හැකියි. දානය යනුවෙන් අදහස්‌ කරනුයේ දීමයි. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනාදී වශයෙන් දානයේ විවිධ අවස්‌ථාවන් දැකිය හැකියි. මෙම දානමය අවස්‌ථා අතරින් අද අපේ අවධානයට යොමු වන්නේ...
Continue reading

බුදුන් දවසේ සිටි කල්ලි අදත් සිටිනවා ද?

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 21 අප පසුගිය ලිපියකින් කල්ලිය කියන්නේ කුමක්‌ද? කල්ලිවාදය කියන්නේ කුමක්‌ද කියා පැහැදිලි කිරීමක්‌ කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මෙවැනි කල්ලි සිටියා. ඒ පිළිබඳව ත්‍රිපිටකයේ මෙන්ම අටුවාවේත් සඳහන් වෙනවා. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ බුදුන් දවසේ සිට මෙම කල්ලි ස්‌වභාවය සහ අදටත්...
Continue reading

ධර්මය නිවැරදිව දකින්න කළ පව් සමා කළ නොහැක

අශෝක ශිලා ලේඛනවල සඳහන් වෙනව “සමචලියං” කියලා. අංගුත්තර නිකායේ හා අනෙක්‌ සූත්‍රවල සමවර්යාව හා ධර්මචර්යාව පිළිබඳව සඳහන් වෙනවා. මෙම වචන පිළිබඳව ගැඹුරු පර්යේෂණයන් සිදුවෙලා නැහැ. සමචර්යාව කියන්නේ සමාජයේ යහපැවැත්මට යම්කිසි හානිකර දෙයක්‌ සිදුවේ නම් එය මර්දනය කිරීමයි. ඒවගේම සමාජයේ යහපැවැත්මට සුදුසු දෙයක්‌ සිදුවේ. නම් එය වර්ධනය කිරීමත් අවශ්‍යයි....
Continue reading

මිනිස්‌ සිත අවුල්කරන කල්ලිවාදය

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 20 සෝවාන් මාර්ගයට පිවිසීමේදී පෘථග්ජනයා යනු කවරෙක්‌ද? ඔහුගේ ස්‌වභාවය කෙබඳුද? පෘථග්ජන ස්‌වභාවය නැතිකරගෙන සෝවාන් මාර්ගයට පිවිසින්නේ කෙසේද? ඒ වගේම පෘථග්ජන ස්‌වභාවයෙන් මිදුණු විට ඒ උතුමන්ගේ හැසිරීම කෙබඳුද යනාදිය මැනවින් අවබෝධ කරගත යුතුයි. නමුත් අද අප සාකච්ඡාවට බඳුන් කරනුයේ බුද්ධ දේශනාවට අනුව, අට්‌ඨ කතාවලට...
Continue reading

බොරුවෙන් අනුන් මුලාකර අකුසල් රැස්‌කර ගන්න එපා!

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18 බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරන ආත්මභාවවල කිසිම අවස්‌ථාවක බොරුවක්‌ කියා නැති බව අප පසුගිය සතියේ සඳහන් කළා. ඒ සඳහා හොඳම නිදසුන ජාතක පාලියෙහි සඳහන් හාරිත ජාතකය බවත් අප එහිදී සඳහන් කළා. අද ධර්ම සාකච්ඡාවෙන් ඒ පිළිබඳව තවදුරටත් විමසා බලමු. බුදුරජාණන් වහන්සේ මේ...
Continue reading

විපතේ උල්පත බොරුවයි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18 අරියකන්ත සීලය හෙවත් පඤ්ච සීලයේ සිව්වැනි ශික්‍ෂාපදය “මුසාවාදා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි”. මේ සිල්පදය පිළිබඳ ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් ම මේ සියලු දේ පිළිබඳව අවධානයෙන් මේ ගැන අප සාකච්ඡා කරන්නේ. ඔය සංයුක්‌ත නිකායේ නිදාන වර්ගයේ පඤ්චභයවේර සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා....
Continue reading

කාමයේ වරදවා හැසිරීම පව පින අතර ගැටුමකි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 17 තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ...
Continue reading

කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 17 අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ”කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි” යනුයි. එහි සාමාන්‍ය අදහස ”මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට අනුකූල නොවන පරිදි කාමයෙහි හෙවත්...
Continue reading

දහම නොදැන අටුවාචාරීන් වහන්සේලාට ගරහන්නෝ සාහසිකයෝය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අභිධර්මය ඇතුළු විවිධ සූත්‍ර ඇතුළත් මෙහි තුන්පිටකය සමඟ නිතැතින්ම කියෑවෙන ග්‍රන්ථාවලියක්‌ තියෙනවා. එය අප හඳුන්වන්නේ අටුවාව ලෙසයි මෙය පාලි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අට්‌ඨ කතා ලෙසයි. පාලි භාෂාවෙන් අට්‌ඨ කතා යන්න “අටුවා” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙනවා. බුද්ධ දේශනාව ආශ්‍රයෙන්ම අටුවාව...
Continue reading

ව්‍යාකරණය ආකෘතියක් පමණයි

දේශයක ප්‍රගමනය සඳහා ඒ දේශයේ ජනතාවට අනන්‍ය වූ චින්තන ධාරාවක් තිබිය යුතුය. ශ්‍රී ලාංකේය ජනවිඥානයට කා වැදී තිබෙන බෞද්ධ දර්ශනය පදනම් කරගත් චින්තනය මේ රටේ සමස්ත චින්තනය බව විචාරක මතයකි. රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පාණදුර විජය සෞගත විද්‍යාලය පිරිවෙනේ ආචාර්ය හෑගොඩ විපස්සි හිමියන් මේ සංලාපයෙන් අවධාරණය...
Continue reading

මාර්ග ඵල ලැබීමට හේතුවන නොසැලෙන ශ්‍රද්ධාව

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 12 ශ්‍රද්ධාව පිළිබඳ සංක්‍ෂිප්ත විවරණයක්‌ අප පසුගිය කලාපයෙන් සිදු කරනු ලැබුවා. ඒ සඳහා පදනම් වූයේ ථෙරවාදී න්‍යායයි. අද අප තවදුරටත් ශ්‍රද්ධාව පිළිබඳ සරල පැහැදිලි කිරීමක්‌ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එහි ඇති වැදගත්කම නිසාමයි. ශ්‍රද්ධාව යනු කොහේ හෝ තියෙන දෙයක්‌ද? නැතිනම් එය අප ළඟ...
Continue reading

බුදු දහම සුරකින තුන් පිටකය

      මෙයින් වසර 2635 කට පෙර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දඹදිව ලුම්බිණි සල් උයනේදී උප්පත්තිය ලැබූහ. එසේ උප්පත්තිය ලැබූ බෝසතාණෝ කුමාර අවධිය ගතකර අවුරුදු 29 යේදී අභිනිෂ්ක්‍රමණය කළහ. එසේ අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණෝ අවුරුදු හයක්‌ තිස්‌සේ ආලාරකාලාම වැනි තවුසන් ළඟට ගොස්‌ බුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් සාර්ථක...
Continue reading

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද?

පිළිවෙතින් පෙළගැසෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද? මේ දවස්‌වල ශ්‍රී ලංකාවේ තේමා පාඨය වී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන්නයි. නැතහොත් “යුඤ්ජථ බුද්ධශාසනේ” යන තේමා පාඨයයි. එහි තේරුම “ශාසනයේ යෙදෙන්න” යන්නයි. මෙහිදී සමහරුන්ට ප්‍රශ්නයක්‌ වී තිබෙනවා සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්‌ද කියා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ...
Continue reading

සුබ මොහොත පිළිබද බුද්ධ දේශනාව

ජ්‍යෙතීර්වේදයට අනුව සුබ මොහොත ගැන නැතහොත් සුබ මුහුර්තය ගැන කතා කරනු දැකිය හැකියි. ඒ අනුව දරුවන්ට අකුරු කියවීමේදී, විවාහයේදී, ගෙට ගෙවැදීමේදී ආදී වශයෙන් ජනතාව සුබ මොහොතට අනුව ක්‍රියා කරනු දැකිය හැකියි. ඒ වගේම එදිනෙදා ජීවිතයේදී මිනිස්‌සු එකිනෙකාට තම සුහදත්වය පළකිරීමේදී ද මේ සුබ මොහොතට අනුව යම් යම් ප්‍රාර්ථනා...
Continue reading

ද්වේෂය ඊර්ෂ්‍යාව මසුරුකම සහ මානය ලෙසින් ඉස්‌මතුවන කෙලෙස්

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 09    මෙම ලිපියේ පළමු කොටස ගිය සතියේ පළවිය ද්වේෂය රෞද්‍ර ස්‌වභාවය ගන්නා ද්වේෂය, භය ස්‌වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතිකූල (පිළිකුල්) ස්‌වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්‌වභාවය ගන්නා ද්වේෂය යි. ද්වේෂය සතර ආකාර වේ. එය ද අනේක වේශයෙන් පහළව සත්ත්වයන් රවටන්නේය.   ක්‌ෂාන්ති වේශයෙන් චඤaචක ද්වේෂය...
Continue reading

සමාධිගත නොවූ සිතට කෙලෙස්‌ පාලනය කළ නොහැක

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 08 පඤ්චස්‌කන්ධය උපාදාන වශයෙන් ගැනීම කෙලෙස්‌ ඇති වීමේ හේතුවය. ඒ නිසා රහත් නොවූ සෑම සත්වයෙකුටම කෙලෙස්‌ තිබෙනවා. එහෙත් සෑම කෙනෙකුගේම කෙලෙස්‌ එක හා සමාන වන්නේ නෑ. සෝවාන් වන තෙක්‌ම කෙලෙස්‌වල ස්‌වභාවය ප්‍රකෝපකාරීව හැසිරීමයි. මේ කෙලෙස්‌ යටපත කරගැනීම නිසා පුද්ගලයා ශාන්ත ස්‌වරූපයෙන් හැසිරෙනවා. ශිෂ්ට...
Continue reading

අප දවන කෙලෙස්

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 07 සෝවාන් වීමට නම් කෙළෙස්‌ නැසිය යුතුයි. නමුත් සෝවන් වීමේදී සහමුලින්ම කෙලෙස්‌ නැසීමක්‌ සිදු නොවේ. සහමුලින්ම කෙළෙස්‌ නැසෙනුයේ නිර්වාණය අවබෝධ කර ගැනීමේදී පමණයි. කෙළෙස්‌ නැති කළ හැක්‌කේ කෙළෙස්‌ යනු කුමක්‌ද යන්න නිවැරදිව වටහා ගැනීමෙන් පමණයි. ත්‍රිපිටකයේ කෙළෙස්‌ යන්න නම් කීපයකින්ම හඳුන්වා දී තිබෙනු...
Continue reading

බූදු සසූනේ ආයූෂ තව වසර 2450ක් ද ?

බූදුන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනහක් පමණ වේ. පූරා වසර පන්දහසකින් ශී්‍ර සද්ධර්මය අන්තර්ධානය වන බව පූරාතනයේ සිට පවත්නා සූප්‍රකට ප්‍රවාදයකි. ඒ අනූව බූදු සසූනේ ආයූෂයෙන් අඩක් මේ වන විට ගතවී ඇත. තවත් වසර දෙදහස් හාරසිය පනහක් (2450) ක් පැවැතිය යූත්තේය. මෙම ගණන්...
Continue reading

සෝවාන් මගට පිවිසීම හෙවත් සක්‌කාය දිට්‌ඨිය අවබෝධ කර ගැනීම

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 04. බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාස නම් වූ වේළුවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයේ විසාක නම් වූ උපාසක මහත්මයෙක්‌ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේය. එම අවස්‌ථාවේදී විසාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන්වහන්සේ කුමන දහමක්‌ “සක්‌කාය” යෑයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේය. එවිට...
Continue reading

වඩා ප්‍රබල විශ්ව ශක්‌තියද?මානව ශක්‌තියද?

විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බවටත්, විවිධ හාස්‌කම් දක්‌වන බවටත් පවසමින් විවිධ අවස්‌ථාවලදී අප සමාජයේ ඉස්‌මතු වන පුද්ගලයෝ වෙති. සමහර පැවිදි ස්‌වාමීන් වහන්සේද විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බව පවසමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණු අවස්‌ථා පසුගිය කාලයේදී දැකගත හැකිවිය. එනිසා විශ්ව ශක්‌තිය යනු කුමක්‌ද? එය සත්‍යයක්‌ද ? නැතිනම් එය මායාවක්‌ද?...
Continue reading

සොඳුරු කැදැල්ලේ සතුට රජ කරවමු

අද වන විට විවාහ සංස්‌ථාව විවිධ හැලහැප්පීම්වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි. කලකිරීමෙනි. මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි. සමාජයේ කුඩාම ඒකක ලෙස...
Continue reading

ජීවිතය ලස්‌සන කරන සමබර පවුල් ජීවිතය

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත. පවුල් ජීවිතයක්‌ සාර්ථක වීමට නම් හැමවිටම සැමියාගේ සිතුවිලිත් බිරිඳගේ සිතුවිලිත් අතර සමබරතාවක්‌ තිබිය යුතුයි. වර්තමානයේ ගත් විට සමහර...
Continue reading

මිනිස්‌ සිත හඬවන…නළවන සිහින

සිහින ලෝකයක තනිනොවුණු කෙනෙක්‌ මෙලොව නොමැත. සිහින නොදකින පුද්ගලයොත් මෙලොව නොමැත. සිහිනය කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුද්ගලයකුම ලබන අපූර්ව අද්දැකීමකි. මිනිසා සිහින දකිතත් සිහින නොදකින කොට්‌ඨාසයක්‌ද වෙති. කෙලෙස්‌ ප්‍රහීන කළ බුදු, පසේබුදු සහ මහ රහත් යන මාර්ග ඵල ලැබූවෝ සිහින නොදකිති. කෙසේ හෝ වේවා සිහිනය යනු...
Continue reading

සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අතුරින් අද අප ධර්ම සංවාදයට බඳුන් කරනුයේ සුරා සොඬෙකු වීම නිසා පෞද්ගලිකවත් සමාජයටත් සිදුවන හානිය පිළිබඳව විමසා බැලීමටයි. සැප සම්පතට කවුරුත්a ආශා කරති. සැප ගිලිහුණු තැන මිනිසාට උරුම වනුයේ...
Continue reading

පවෙන් මිදී හැම විටම නිවැරැදිව ජීවත් වෙමු පුනර්භවය මේ මොහොතේත් සිදුවෙයි….

පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි. පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ “පුනබ්භව” ලෙසිනි. එක්‌ භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ. ප්‍රතිසන්ධිය යනු නැවත හට ගැනීමයි....
Continue reading

යහපත් අඹුසැමියෝ දෙවියන්ගෙන් පවා නමස්‌කාර ලබති

තෘප්තිමත් විවාහ ජීවිතයකට සතුට කෙතරම්ම වැදගත්ද? අපි පසුගිය සතියේ ඒ පිළිබඳව ධර්මානුකූල අවබෝධයක්‌ ලබා ගැනීමට උත්සාහ කළෙමු. මේ එහි දෙවැනි පියවරයි. අනේපිඬු සිටුතුමාගේ පුතා විවාහ වුණේ සුජාතා නම් වූ තරුණියක සමඟයි. සුජාතා කියන්නේ ධනංජය සිටුවරයාගේ දියණියයි. ධනංජය යනු විශාඛා මහා උපාසිකාවගේ පියාණන්. ඒ අනුව විශාඛාවගේ නැඟණිය වූ සුජාතා...
Continue reading

කාම ගින්නේ නොදැවී යෞවනයේ ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන්න

බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. “යෞවන” යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්‍රහ කෙරෙනුයේ “යොබ්බනස්‌සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි. කෙසේ හෝ වේවා මනුස්‌ස ජීවිතයේ උසස්‌ තත්ත්වයක්‌...
Continue reading

මග ගැඹුරු… සෝවාන් මග

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 03 වර්තාමනයේ බෞද්ධයන් නානාප්‍රකාර පූජා විදිවලට ඇබ්බැහිවී සිටිනවා. ඇබ්බැහිවීම යන්න විවිධාකාරයෙන් අර්ථ දැක්‌විය හැකියි. මෙහිදී අදහස්‌ කරන්නේ ඇබ්බැහිවීම නරක පුරුද්දක්‌ ලෙසයි. විවිධ බෝසත් පූජා මහා මායා පූජා, දුව දුව කරණ පහන් පූජා, නව අරහාදි පූජා, බුදුගුණ පූජා, චෛත්‍ය පූජා, බෝධි පූජා ආදී විවිධ...
Continue reading

ධර්මය නිවැරදිව දකින්න

සමාජයේ යහ පැවැත්මට ධර්මය අත්‍යවශ්‍යය. සමාජගත මිනිසාගේ සංවරය ඇති කරනුයේ ධර්මය විසිනි. කෙසේ නමුත් “ධර්ම” කියන වචනය බුදුදහමේ අර්ථ දක්‌වන ආකාරයටම අන් ආගම්වල සහ දාර්ශනික මතවල අර්ථ දක්‌වන ආකාරයට සමාන වන්නේ නැහැ. “ධර්ම” යන වචනය සෑදී ඇත්තේ “ධර්ම” ධාතුවෙනි. පාලි සංස්‌කෘත හින්දු ඇතුළු පෙරදිග භාෂාවල “ධාතුව” මූලික කරගෙන...
Continue reading

සෝවාන් මග වළකන අඳුරු සෙවණැලි

බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාව වනුයේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමයි. සෝවාන්වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධාකාර අදහස්‌ දක්‌නට ලැබේ. සමහරු සෝවාන් වූ බවට ඔවුහුම කියා ගනිති. තවත් සමහරු තමන්ට අනුන් සෝවාන් මාර්ගඵලලාභියකු කළ හැකි යෑයිද...
Continue reading

පිරිකර ලෙස මුදල් පූජා කිරීම වරදක්‌ද ?

පිරිකර යන්න පාලියෙන් සඳහන් කෙරෙනුයේ පරික්‌ඛාර ලෙසිනි. එය සංස්‌කෘත භාෂාවෙන් පරිෂ්කාර ලෙස හැඳින්වේ. පිරිකර යන වචනය ගොඩනැඟීම සම්බන්ධව ඉතාම පැරණි මූලාශ්‍රයන් දැකගත හැකියි. බුදුරජාණන්වහන්සේ ලොව පහළවීමට ප්‍රථමයෙන් පවා මේ හා සම්බන්ධ සිද්ධීන් දැක ගැනීමට පුළුවන. සූත්‍ර පිටකයේ මෙන්ම විනය පිටකයේ පිරිකර ගොඩනැඟුන ආකාරය පිළිබඳව සඳහන් වෙනවා. පිරිකර සම්බන්ධ...
Continue reading

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ ථෙරවාද සම්ප‍්‍රදාය බිඳ වැටීම ගැන කථා කරන භික්‍ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ ප‍්‍රමුඛස්ථානයක සිටිනවා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද? අප මෙහි දී ථෙරවාද සම්ප‍්‍රදාය යනුවෙන් අදහස් කරන්නේ ත‍්‍රිපිටක ධර්මයත් අටුවා, ටීකා, සහ තදනුගත ග‍්‍රන්‍ථයන් ය. ඇත්ත වශයෙන් ම මේ පිළිබඳ ඉතා පුළුල් ලෙස...
Continue reading

භික්ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක්ෂණය අකැපයි

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥාප්තියට අනුව සලකා බලා භික‍ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක‍ෂණය අකැපැයි 2009 අගෝස්තු 23 ඉරිදා ලක්බිම සමඟ පැවැති සාකච්ඡාවක දී අප විසින් ප්‍රකාශිතයි. එකී ධර්ම විනයානුකූල විවරණය සමාජ දෘෂ්ටිය අනුව දෝෂ දර්ශනයට ලක් කරමින් ““භික‍ෂූන් වහන්සේට සංගීතය පමණක් අකැප ඇයි?““ සිරස්තලය යටතේ 2009 සැප්තැම්බර් 04...
Continue reading

බුදු නැණ ඉක්ම වූ විදු නැණ

බුදු නැණ ඉක්ම වූ විදු නැණ විද්‍යවේදී පිටදූවේ සිරිධම්ම හිමියන්ගේ සාකච්ඡාවක් ඇසුරෙන් රැසයුණු ‘‘ප‍්‍රත්‍යක්‍ෂයට මග කියන බෞද්ධ චින්තනය’’ නැමැති ලිපියක් නොවැම්බර් 26 දින බුදුසරණ පුවත්පතෙහි පළ විය. එහි පාඨකයා නොමග යවන සුළු සාවද්‍ය කරුණු කිහිපයක් සකාරණව පෙන්වාදීම මෙහි අරමුණය. උක්ත ලිපියට මුලාශ‍්‍ර වී ඇත්තේ මැදුම් සඟියේ මූලපණ්ණාසකයේ ඔපම්ම...
Continue reading

බෞද්ධ කොඩියේ ඉතිහාසය

රාජ්‍ය වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ...
Continue reading

ථෙරවාද සම්ප‍්‍රදාය වනසන අසපු සංස්කෘතිය

ථෙරවාද සම්ප‍්‍රදාය වනසන අසපු සංස්කෘතිය බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ මාර්ගය අන්තර්ගත චිරසම්භාවිත ලාංකේය ථේරීය සම්ප‍්‍රදාය විනාශ කරන කූඨෝපක‍්‍රම පිළ සාකච්ඡුාවක් සිළුමිණ වෙසක් අතිරේකයේ (2010 මැයි 21* පළවිය. එහි දී නූතන අසපු සංස්කෘතියේ පෞරාණික සංස්කෘතිකත්වය පිළ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති, රාජකීය පණ්ඩිත ආචාර්ය කොටපිටියේ රාහුල...
Continue reading

භික්ෂු බලය ස්වාධීන විය යුතුය

පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමියන් සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබුණි. එය දේශපාලනමය කතාබහක් වූවත් ඒ හේතුවෙන් මෙරට බෞද්ධ සමාජය මෙන්ම සංඝ සංවිධානයද මහත් කැළඹීමකට ලක් විය. ඊට හේතුව වන්නේ මෙම සිදුවීමට සම්බන්ධ...
Continue reading

Symposium on the Ramayana trail

The Royal Asiatic Society of Sri Lanka is organizing a Symposium on the Tourist Authorities Ramayana Trail on Saturday, July 17 from 8.30 a.m. to 12.30 p.m., at the Gamini Dissanayake Auditorium of the Mahaweli Centre, No. 96, Ananda Coomaraswamy Mawatha, Colombo 7. Several interesting talks will be...
Continue reading

දරුවෝ මිනිසුන්ගේ උතුම් සම්පතයි

පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවියෙක් මෙහෙම අහනවා. බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තියෙන උතුම් වස්තුව කුමක් ද? උතුම් යාහළුවා කවුද? පණ ඇති සත්තු පොළොව ඇසුරු කොට ජීවත් වෙනවා. ඒ සතුන්ගේ පිිහිටට තියෙන්නේ මොනවා ද? එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. පුත්තා වත්‍ථු මනුස්සානං භරියාය පරමා සඛා වුට්ඨිං භූතූපජීවන්ති යෙ පාණා...
Continue reading

දියුණුවට මග

මිහිපිට වෙසෙන සත්වයා අතරෙන් මිනිසාට සමාන කළ හැකි අන් සත්ත්වයෙක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා උසස් තත්ත්වයකට දියුණු කළ හැකි මනසක් ඔහු සතුව ඇති නිසා ය. බලන්න. ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නේත්, රහත් බවට පත් වන්නේත් මනුෂ්‍යයෙක්ම ය. උසස් ගණයේ විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, මාධ්‍යවේදියෙකු, ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු වන්නේත්...
Continue reading

දානය

බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. සන්තානගත කෙලෙස්, පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක් වශයෙන් ද දාන සංකල්පය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත‍්‍ර දේශනාවල සඳහන් වේ. ඒ අනුව පුද්ගලයාගේ සිට පාලකයා දක්වාත් පාලකයාගේ සිට පුද්ගලයා...
Continue reading

යහපත් යුග දිවිය

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මිනිසුන්ට ඇති උතුම් සම්පතක් ගැණ ඊයේ ඔබට පැහැදිලි කළා. අද කියන්නට බලාපොරොත්තු වන්නේ එහි සඳහන් දෙවැනි කොටස යි. එම ගාථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ ‘‘භරියාය පරමා සඛා’’ යනුවෙනි. පරම කියන්නේ උතුම් කියන අදහසයි. භරියාය කියන්නේ බිරිඳයි. ඒ නිසා සැමියාට උතුම් යහළුවා බිරිඳයි....
Continue reading

අලසකම සොඳුරු දිවිය අඳුරු කරයි

පින්වතුනී, ධාර්මිකව කටයුතුවල යෙදෙමින් උත්සාහයෙන් ජීවත් වීමට අවශ්‍ය ධර්ම උපදේශ කොච්චර නම් බුදුහාමුදුරුවො දේශනා කොට තිබෙනවාද? ඇත්ත වශයෙන්ම උත්සාහය ඔබ අප කාටත් ‘‘සම්පතක්’’. ඒ පිළිබඳව විවිධ කරුණු බුදු දහමේ තියෙනවා. අලස නොවී යහපත් උපායන් හොයමින් උත්සාහයේ නියැලීම දියුණුවේ රහසක්. දියුණු වෙන කවරෙකුට හෝ ඒ සඳහා තියෙන ප‍්‍රධාන ම...
Continue reading

සිත නිවැරදිව පිහිටුවා ගනිමු

පින්වතුනී, කැඩපතකින් නැතහොත් මුහුණ බලන කණ්නාඩියකින් කරන්නේ අපේ දෙනෙතට නොපෙනෙන තැන් බල බලා සිරුර හැඩ වැඩ කිරීමයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ තමන් කරන ක‍්‍රියා බලා කයින් වචනයෙන් සිතින් කළයුතු දෑ කළ යුතුයි යන්නයි. යම් කි‍්‍රයාවක් කරන විට එය තමන්ට දුක පිණිස,...
Continue reading

සත්පුරුෂයින් හඳුනා ගැනීම දුෂ්කරය

පින්වතුනී, ලෝකයේ වෙසෙන සතා සිව්පාවා දුටු පමණින් හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න සිංහයා, කොටියා, ගිරවා, නයා කපුටා ආදී ඒ ඒ සතුන්ට ආවේණික ලක්‍ෂණවලින් ම පුංචි ළමයෙකුට උනත් හඳුනා ගන්න පුළුවන් ද? බැහැ නේද? ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළේ, න වණ්ණ රූපෙන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානං...
Continue reading

ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන්

පින්වතුනී, ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන් හඳුනා ගැනීමට අවශ්‍ය කරන වර්ගීකරණයක් දීඝ නිකායේ සිඟාලෝවාද සූත‍්‍රයේ තිබෙනවා. මෙම සූත‍්‍රය ගිහි විනය ඇතුළත් දේශනාවකි. ඒ නිසා සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන කෙනෙකුට මේ සූත‍්‍රය කියවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. මේ දේශනාවට අනුව මිතුරු වෙසින් පෙනී සිටින අමිත‍්‍රයෝ...
Continue reading

යහපත් හදවතක් ඇත්තා යහළුවාය

පින්වතුනී, යහළුවෙක් නැති කෙනෙක් ලෝකයේ නැහැ. සෑම කෙනෙකුට ම යහළුවෙක් හෝ සිටිනවා. ඇත්ත වශයෙන් ම මෙය මානව සංහතියට පමණක් උරුම වන දෙයක් ද නොවෙයි. කොහොම වුණත් ආශ‍්‍රය කරණ සෑම දෙනා ම සැබෑ යහළුවන් දැයි අපි දන්නේ නැහැ. එය එහෙම වුණත් අපේ මව්භාෂාවේ දී තියෙන ව්‍යවහාරකරන ‘‘යහළු’’ යන පදය...
Continue reading

මේ ධර්ම සංගායනාවක් පැවැත්වීමට සුදුසු කාලයයි

ලෝකයේ කිසිදු ආගමකට දර්ශනයකට සම කළ නොහැකි බෞද්ධ දර්ශනයේ දාර්ශනික අගය වර්තමානයේ යටපත් වෙමින් පවතින බව දක්නට ලැබෙන්නේ බෞද්ධ අබෞද්ධ ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් හරහා ය. එමෙන් ම ජාත්‍යන්තර වශයෙන් බුදු දහම යටපත් කිරීමේ ව්‍යාපාර දියත් වන බවට සාක්ෂි ලැබෙන්නේ මෑත ඉතිහාසයේදී පමණක් නොවේ. පුන්කලස විශේෂ වෙසක් අතිරේකයට අදහස් දැක්වූ...
Continue reading

පරමාධිපත්‍යය වුණත් ධර්මයට යටයි

  පරමාධිපත්‍යය වුණත් ධර්මයට යටයි දේශපාලනය සඳහා ධර්මය මුසුකර ගැනීම පිළිබඳ සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවකි මේ. බුදු දහමේ එන සූත්‍ර කොටස්‌ උදාහරණයකට ගෙන දක්‌වමින් මේ පිළිබඳ පැහැදිලි විස්‌තරයක්‌ ගියවර සාකච්ඡාවේදී ඉදිරිපත් කෙරිණි. බුදුන්වහන්සේ දේශනා කළ මේ දහම් කරුණු එදා දේශපාලනයට මෙන්ම අද දේශපාලනයටද වලංගු වන්නකි. සන්නස අන්තර්ජාල පුවත්පත...
Continue reading

ආගම මුසු නව දේශපාලන ක්‍රමයක්

අප ගියවර ලිපියෙන් සාකච්ඡා කලේ දේශපාලනයට ධර්මය එක් කර ගනිමින් නව දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම පිළිබදවය. ඒ පිළිබද පාඨක ඔබෙන් ලද ප්‍රතිචාර ඉමහත්ය. මෙවර සාකච්ඡාවට පාදක වන්නේද එම තේමාවයි. එඩ්මන්ඩ් රණසිංහ – එංගලන්තයේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන විලියම් පිට් කියල තියෙනවා නීතිය අවසන් වන තැන අඥාදායකත්වය අවසන්...
Continue reading

මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා

රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ – හෑගොඩ විපස්සි හිමිනිර්මල බුදුදහම පන්දහසක් කල් ආරක්ෂාවන්නේ ලංකාදීපයේ බවට කියමනක් තිබේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළේ බෞද්ධ ප්‍රතිපත්ති පූර්ණ පිරිස් සිටිනතාක් බුදුසසුන ආරක්ෂා වන බවයි. ඈත අතීතයේ සිට පැමිණෙන අන්තවාදීන්ගේ විරෝධතා බුදුදහමට එරෙහිව වර්තමානයේ දී තව තවත් නව ආරවලින් එළි බසිමින් තිබෙනව. බෞද්ධ...
Continue reading

විනය රැකීමේ මුලස්‌ථානය දේශපාලනයයි

විනය රැකීමේ මුලස්‌ථානය දේශපාලනයයි අද අප රටේ සෑම ක්‍ෂේත්‍රයකම පැතිරී ගිය අපැහැදිලිභාවයක්‌ දක්‌නට හැකිය. ඒ නිසාම රටෙහි හෙට දවස වඩාත් අභියෝගයට ලක්‌ව ඇති බව පෙනෙයි. මේ අභියෝගයට මුහුණ දීමට නම් පැහැදිලි භාවය ඇති කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයකි. සමාජයේ විවිධ අංශවල දක්‌නට ලැබෙන මෙම අපැහැදිලිභාවය හා අවුල් සහගතභාවය ඉවත්...
Continue reading

භික්ෂූත්වයට නොහොබිනා සමාජ ක්‍රියාකාරකම්

සූදොසූදු වතින් සැරසූනූ දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ එදා මෙන් අද පූණ්‍ය භූමිවල පමණක් නොව නගර මධ්‍යයේ සූවිසල් මැඳුරුවල ගාලු මූවදොරපිටියේ (ගෝල්පේස්) සත්තු වත්තේ (සූ) රොද බැඳ සිල් රකිති. දන් වළඳිති. හිරු නැගෙන සීත යාමේ හිරු බසින සැඳැ සමයේ හන්දියක් හන්දියක් පාසා, නගරයක් නගරයක් පාසා පිරිත් දෙසූම් විසූරුවා හරති....
Continue reading

බූදු සසූනේ ආයූෂ තව වසර 2450ක් ද ?

බූදුන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනහක් පමණ වේ. පූරා වසර පන්දහසකින් ශී්‍ර සද්ධර්මය අන්තර්ධානය වන බව පූරාතනයේ සිට පවත්නා සූප්‍රකට ප්‍රවාදයකි. ඒ අනූව බූදු සසූනේ ආයූෂයෙන් අඩක් මේ වන විට ගතවී ඇත. තවත් වසර දෙදහස් හාරසිය පනහක් (2450) ක් පැවැතිය යූත්තේය. මෙම ගණන්...
Continue reading