Home » වටිනා ධර්ම කරුණු » දන් දීමේ ආනිසංස හඳුනා ගනිමු

දන් දීමේ ආනිසංස හඳුනා ගනිමු

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක්‌ දේශනා කළා. එනම් චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දජණා කතමා චුද්දස තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙ දානං දෙති.......     තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.     පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.     රහතන් වහන්සේට දන්දීම     රහත් ඵලය අවබෝධ කරන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.     අනාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.     අනාගාමී ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.     සකදාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.     සකදාගාමී ඵලය ලබන්නට පිළිවන් ආර්යයන් වහන්සේටද දන්දීම.     සෝවාන් වූ ආර්යයන් වහන්සේට දන්දීම .     සෝවාන් ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.     කාමයෙන් බැහැර වූ බාහිරක තාපසයන් කෙරෙහි දන්දීම (බාහිරංක කාමෙසු වීතරාගෙ දානං දෙති)     පෘථග්ජන සිල්වතුන් වහන්සේට දන්දීම (පුථුඡ්ජන සීලවන්තෙ දානං දෙති - පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට දන්දීම.     පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම  (පුථුඡ්ජනදුස්‌සීලෙ දානං දෙති)      තිරිසන් සතුන්ට දන් දීම

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක්‌ දේශනා කළා. එනම් චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දජණා කතමා චුද්දස තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙ දානං දෙති…….
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.
පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.
රහතන් වහන්සේට දන්දීම
රහත් ඵලය අවබෝධ කරන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
අනාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
අනාගාමී ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
සකදාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
සකදාගාමී ඵලය ලබන්නට පිළිවන් ආර්යයන් වහන්සේටද දන්දීම.
සෝවාන් වූ ආර්යයන් වහන්සේට දන්දීම .
සෝවාන් ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
කාමයෙන් බැහැර වූ බාහිරක තාපසයන් කෙරෙහි දන්දීම (බාහිරංක කාමෙසු වීතරාගෙ දානං දෙති)
පෘථග්ජන සිල්වතුන් වහන්සේට දන්දීම (පුථුඡ්ජන සීලවන්තෙ දානං දෙති – පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට දන්දීම.
පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම (පුථුඡ්ජනදුස්‌සීලෙ දානං දෙති)
තිරිසන් සතුන්ට දන් දීම

සත්ත්වයාගේ සසරේ පැවැත්ම ලෝභ – ද්වේෂ, මෝහ යන අකුසල් මුල් නිසාම සිදු වෙනවා. එහිලා විමුක්‌ති මාර්ගයේ ප්‍රථම පියවර උදෙසා දාන සංකල්පය අත්‍යවශ්‍ය සාධකයක්‌. දානය කියන්නේ දීමයි. එය පරිත්‍යාගය වශයෙන් ද හඳුන්වනවා. දානය යන පදය සෑදෙන්නේ “දා” යන ධාතුවෙන්. චාග යන පදය ද දානය යන්නට පරියාය පදයක්‌. පරියාය කියන්නේ සමාන අර්ථ ඇති පදයක්‌ කියන එකයි. දානය යන පදය ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන්ම දානය කියන්නේ අලෝභයටයි.

අප ගිය සතියේ ලිපියේ දී ද දානය ගැන කරුණු ස්‌වල්පයක්‌ සඳහන් කළා. පාඨකයන්ගේ අවබෝධය පිණිසත්, දැනුම සොයා යැමේ රුචිය පිණිසත් බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා අනුව තවත් සාකච්ඡා කිහිපයක්‌ දානය ගැන පවත්වනවා. මඡ්Cධිම නිකායේ උපරි පණ්‌ණාසකයේ ඇතුළත් දක්‌ණාවිභංග සූත්‍රය පදනම් කොට දානය ගැන සාකච්ඡා කිරීම ඉතා වැදගත්. මේ ගැන ගිය සතියේදී කරුණක්‌ දෙකක්‌ සඳහන් කළා.Ven. Hegoda Vipass Thero

එක්‌ කලෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන කාලයේ දිනක්‌ මහා ප්‍රජාපති ගෝතමී දේවිය තමා විසින්ම අලුතින් සකස්‌ කරන ලද වස්‌ත්‍ර දෙකක්‌ රැගෙන බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට පැමිණියා. මහා ප්‍රජාපතී දේවිය කියන්නේ මව මියගිය විට සිදුහත් බෝසතාණන් වහන්සේ හදා වඩා ගත් කිරිමවයි. ඇය නන්ද කුමාරයාගේ මවයි. මෙම දේවිය වස්‌ත්‍ර යුගලයක්‌ ගෙනත් බුදුරජාණන් වහන්සේට පූජා කිරීමට උත්සාහ කළා. එවිට බුදුරජාණන් වහන්සේ වදාලේ “සංඝෙ ගොතමි දෙහි, සංඝෙ තෙ දින්නෙඅහං චෙම පූජිතො භවිස්‌සාමි සංඝොචාති” ගෝතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්කල්හි මම ද පූජිතයෙමි. සංඝයා ද පූජිත වෙයි” මෙය තවදුරටත් සරලව කියන්නේ නම්, බුදුරජාණන් වහන්සේ වදාළේ මහා ප්‍රජාපති ගෝතමිය පිළියෙල කළ වස්‌ත්‍ර දෙක මහා සංඝරත්නයට පූජා කරන ලෙසයි. මහා සංඝරත්නයට පූජා කිරීමෙන් බුදුරජාණන් වහන්සේට ද පූජා කළ වෙනවා. බුදුරජාණන් වහන්සේට පූජා කිරීමෙන් හුදෙක්‌ එය පෞද්ගලික දානයක්‌ පමණක්‌ වෙනවා. ඒ නිසා සංඝරත්නයට පූජා කිරීමෙන් ම සඟසතු වෙනවා. “සංඝ” යන පදය ඊළඟ සාකච්ඡාවේදී විස්‌තර කොට දක්‌වන්නම්.

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක්‌ දේශනා කළා. එනම් චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දජණා කතමා චුද්දස තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙ දානං දෙති…….

  1. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.
  2. පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.
  3. රහතන් වහන්සේට දන්දීම
  4. රහත් ඵලය අවබෝධ කරන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
  5. අනාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
  6. අනාගාමී ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
  7. සකදාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
  8. සකදාගාමී ඵලය ලබන්නට පිළිවන් ආර්යයන් වහන්සේටද දන්දීම.
  9. සෝවාන් වූ ආර්යයන් වහන්සේට දන්දීම .
  10. සෝවාන් ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
  11. කාමයෙන් බැහැර වූ බාහිරක තාපසයන් කෙරෙහි දන්දීම (බාහිරංක කාමෙසු වීතරාගෙ දානං දෙති)
  12. පෘථග්ජන සිල්වතුන් වහන්සේට දන්දීම (පුථුඡ්ජන සීලවන්තෙ දානං දෙති – පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට දන්දීම.
  13. පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම  (පුථුඡ්ජනදුස්‌සීලෙ දානං දෙති)
  14.  තිරිසන් සතුන්ට දන් දීම

(තිරච්ඡානගතෙ දානං දෙති)

ඉන් අනතුරුව මේ සූත්‍රයේ ආනිසංස වැඩිවන ආකාරයට ඉහත පෞද්ගලික දාන 14 පැහැදී වර්ග කොට තිබෙනවා. එනම්,

“තත්‍රානන්ද තිරච්ඡානගතෙ දානං දත්වා සතගුණා දක්‌ණා පටිකංතබ්බා පුථුඡ්ජනදුස්‌සීලෙ දානංදත්වා සහස්‌සගුණා දCණා පාටිකංතබ්බා. පුථුඡ්ජන සීලවන්තෙ දානං දත්වා සතසහස්‌සගුණා දක්‌ණා පාටිකංතබ්බා, බාහිරතෙ තාමෙසු වීතරාගෙ දානංදත් කොටිසතසහස්‌ස ගුණා දක්‌ණා පාටිකංතබ්බ. සොතාපත්තිඵල සච්äකිරියාය පටිපන්නෙදානං දත්වා අසංඛෙයHd අප්පමෙයHd දක්‌ණ පාටිකංතබ්බා කොපන වාදො සොතාපන්නෙ, තොපනවාදො , සකදාගාමි ඵල සච්ඡකිරියාය පටිපන්නෝ, තොපනවාදො සකදාගාමිස්‌ස, කොපනවාදො අනාගාමිඵල සච්ඡ කිරියාය, පටිපන්නො, කො පන වාදො අනාගාමිස්‌ස කොපනවාදො අරහත්තඵලසච්äකිරියාය පටිපන්නො කොපනවාදො තථාගතසාවකෙ අරහත්තෙ,

කොපනවාදො පච්චෙකබුද්ධො, කොපනවාදො තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙති”

දැන් එම පාලි ඡේදයේ අරුත පැහැදිලි කරන්නම් එනම්,

ආනන්ද හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තිරිසන් සතෙකුට දන්දීමෙන් ආනිසංස සීයකි. ඇත්තා වූ දානය කැමැති විය යුතුයි. එය සරලව කියනවා නම් තිරිසන් ගත සතෙකුට දන්දීමෙන් ආනිසංස සීයක්‌ ලැබෙනවා. පෘතග්ජන දුශ්ශීලයකු කෙරෙහි දානය දී දහසක්‌ ආනිසංස ලැබෙනවා. පෘථග්ජන සිල්වතෙකුට දන්දී ලක්‍ෂයක්‌ ආනිසංස ද, සාසනයෙන් බාහිර වූ කාමයෙන් පහ වූ රාග ඇත්තෙකුට දන්දීමෙන් කොටි ලක්‍ෂයක්‌ ද ආනිසංස ලැබෙනවා. සෝවාන් ඵලය අවබෝධ කිරීම පිණිස පිළිපන්නෙකු කෙරෙහි දානය දී සංඛ්‍යාවක්‌ නැත්තා වූ, ප්‍රමාණයක්‌ නැත්තා වූ ආනිසංසයකට හිමිකම් ලබනවා. එසේ නම් සෝවාන් වූ උතුමකුට දන් දීමෙන් ලැබෙන ආනිසංස ගැන කවර කතා ද? එසේ සකදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කිරීමට පිළිපන්කෙනකුට දන්දීමෙන් ලැබෙන ආනිසංස ගුණ කවර කථා ද? මෙසේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි දන්දීමෙන් ලැබෙන ආනිසංස ගුණ කිව නොහැකිය.

මෙහි තිරිසන්ගත සතුන්ට දන් දෙනවා යෑයි කියන්නේ එම සතුන්ගේ ගුණයක්‌ ගැන සලකා නොවෙයි. ඒ ගුණ මඡ්Cධිමනිකාය අටුවාව පැහැදිලි කරන්නේ මෙහෙමයි.

“කථ ත‍ෙථ තිරච්ඡානගතෙති යං ගුණවසෙන

උපකාරවසෙන පොසෙථං දින්නනං ඉදං නගහිතං

යම්පි ආලොප අඩ්ඪ ආලොපමත්තං දින්නං තම්පි නගහිතං, යං පන සුනඛ සූකර කුක්‌කුට කා තා දිසූ යස්‌ස තස්‌සචි සම්පන්නස්‌ස ඵලෙ පාටිකං ‍ෙථා යාව‍ෙථ දින්නං ඉමං සන්ධාය”

තවද අටුවාව කියන පරිදි සතුන්ට දීමෙන් ආත්ම සීයකදීම ආනිසංස ලැබෙනවා. ඇත්ත වශයෙන් ම ආහාර පානාදිය දියයුත්තේ භික්‍ෂූන්ට පමණක්‌ යෑයි බුදුදහමේ සඳහන් වන්නේ නෑ. ඇප උපකාර පිණිස ඕනෑම කෙනකුට යමක්‌ දන් දීම අනුසස්‌ ලැබෙනවා. සංඝගත දක්‍ෂණා සතක්‌ දිය හැකි බව ගිය සතියේ සඳහන් කළා.

ඉන් අනතුරුව දජණාවිභංග සූත්‍රයේ සඳහන් වෙනවා··

“භවිසන්ති ඛො පනානන්ද අනාගතමද්ධානං

ගොත්‍රභූතො කාසාවකණ්‌ඨා දුස්‌සීලා පාපධම්මා, තෙසු දුස්‌සීලෙසු සංඝං උද්දිස්‌ස දානං දස්‌සන්ති, තදාපහං ආනන්ද සංඝගතං දCණං අසංඛෙයHං අප්පචෙයHං වදාමි·· අනාගත කාලයෙහි ශ්‍රමණ ගොත්‍රය පමණක්‌ ඇති, ලාමක ස්‌වභාව ඇති කාසාවකණ්‌ඨක නම් දුශ්ශීලයෝ පහළ වන්නේය. ඔවුන්ටද දීමෙන් ද මහත් ආනිසංස ලැබෙන බව මෙහි සඳහන් වෙනවා.

කාසාවකණ්‌ඨක යනු කියන්නේ රැකී රක්‍ෂාවන් කරමින් අඹු දරුවන් පෝෂණය කරමින් එක්‌ කහරෙදි කෑල්ලක්‌ අතේ හෝ බෙල්ලේ බැඳ හැසිරෙන ශ්‍රමණ පිරිසක්‌. එය අටුවාවේ සඳහන් වන්නේ මෙසේය.

11 කසාව කණ්‌ඨාති කාසාවකණ්‌ඨ නාමකා, තෙ

කිර එකං කාසාව ඛණ්‌ඩං හත්ථෙ වා ගීවාය වා

බන්ධිFවා විචරිස්‌සන්ති ඝරද්වාරං පනනෙසං

පුත්තභරියා කසීවණිඡ්ජාදිකම්මානි ච පාකතිකානෙව භවිස්‌සන්ති” මේ අයට සඟසතු දන් පිරිනැමිය හැකියි. මේ කියන කාසාවකණ්‌ඨකයන් පහළ වන්නේ සසුන් බඹසර පිරිහුණු යුගයකයි. දැන් මේ තත්ත්වය පහළවී නෑ. මෙයින් අවුරුදු 250 කට පමණ පෙර එනම් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේ පහළ වීමට පෙර යුගයේ මේ ලක්‍ෂණ තිබුණා.

මේ සූත්‍රය පිළිබඳ අපූරු විවරණයක්‌ අටුවාව සපයා තිබෙනවා. එදා බුදුරජාණන් වහන්සේ වැඩ විසූ අවධියේ මහ සඟරුවනත් වර්තමාන මහඟරුවනත්, අනාගත කාලයේ පහළ විය හැකි කසාව කණ්‌ඨක සංඝයාත් අතර වෙනස සිය අටුව මෙසේ කියයි. එනම්,

“මෙහි බුද්ධ ප්‍රමුඛ සංඝයා ඇත. දැන් සංඝයා ඇත. අනාගතයෙහි කාසාවකණ්‌ඨක සංඝයා ඇත. බුද්ධ ප්‍රමුඛ සංඝයා ඇත. සංඝයා හා උපමා නොකටයුතුයි. දැන් සංඝයා අනාගතයෙහි කාසාව කණ්‌ඨක සංඝයා හා උපමා නොකට යුතුයි. එයින් ඒ කාලයහි කිව යුතුයි.

ඇත්ත වශයෙන් මේ කරුණු පිළිබඳ සිතන විට පාඨකයාට විවිධ ප්‍රශ්න ඇතිවෙනවා. දන්දීමෙන් තමන්ට කුසල් අත්පත් වෙනවාද? එය ලැබෙන්නේ කෙසේද? ආදී වශයෙන්. දන්දීම තමාගේ සිත පිරිසිදු කොට දිය යුතුයි. මේ පිළිබඳවද ඒ සූත්‍රයේ කරුණු සඳහන් වෙනවා.

එනම්,

  1. ප්‍රතිග්‍රාහකයා (දීම ලබන්නා) අපිරිසිදු වුවත් නැතහොත් දුසිල් වූවත් දායකයාගේ සිල්වත්. යහපත් ස්‌වභාවය නිසා පිරිසිදු බවට පත් වෙනවා.
  2. දායකයා දුසිල් වුවත් ප්‍රතිග්‍රාහකයා සිල්වත් නිසා පිරිසිදු වෙනවා.
  3. දායකයාත් ප්‍රතිග්‍රාහකයාත් අපිරිසිදු නැතහොත් දුශිල් වූවොත්a දානයට අපිsසිදු වෙනවා.
  4. දායකයාත් ප්‍රතිග්‍රාහකයාත් පිරිසිදු නම් එම දානය වඩාත් පිරිසිදු වෙනවා.
  5. දායකයාත් වීන රාශි නම් ප්‍රතිග්‍රාහකයාත් වීන රාශි නම් එම දානය ඉතා උතුම් වෙනවා.

දCණා විභංග සූත්‍රයේ

යො සීලවා දුස්‌සීලෙස, දාදාතිදානං

ධම්මේන ලද්ධා සුපසන්නචිත්තො

අභිසද්දහං කම්මඵලං උළාරං

යා දක්‌ණා දායකො විසුඡ්Cධති. ආදී වශයෙන් ඉහත කරුණු සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් ම දන් පින් ලැබෙන සේ දන් දිය යුත්තේ කෙසේ දැයි තම තමාගේ සිතැගි අනුව පැහැදිලි කරන්නට බැහැ. ඒවා විවරණය කළ යුත්තේ බුදුන් වදාළ ධර්මය අනුවයි.