Home » විමර්ශන » ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව පෙළගැසෙන්නැයි ඉල්ලීමක්

ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට නියමිත කැසිනෝ ව්‍යාපාරයට එරෙහිව පෙළගැසෙන්නැයි ඉල්ලීමක්

ar-10කැසිනෝ ව්‍යාපාරය ශ‍්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීමට ගෙනයන වැඩපිළිවෙල සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් විරෝධය පළ නොකිරීම පුදුමය කරුණක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ පවසති.

උන්වහන්සේ සදහන් කළේ 2016 වසර වනවිට ශ‍්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාරය ස්ථාවර කිරීමට බළධාරීන් උත්සහය කරමින් සිටින බවයි.

බෞද්ධ රටක එවැනි දේ සිදු කිරීම සුදුසු නොවන බව ද ඒ සම්බන්ධයෙන් කිසිදු පාර්ශවයක් මෙතෙක් විරෝධය පළ කර නොමැති බව ද පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ පවසති.

එවැනි ව්‍යාපාරයක් ශ‍්‍රී ලංකාවේ ස්ථාවර කිරීමෙන් රටට විශාල හානියක් වන බව ද උන්වහන්සේ සදහන් කළහ.

මෙම දැවැන්ත විනාශය වැළැක්වීමට සියලූ දෙනා පෙළගැසිය යුතු බව ද පූජ්‍ය හෑගොඩ විපස්සි ස්වාමීන් වහන්සේ පවයි.

 Rangiri

http://www.rangirisrilankanews.info/%E0%B7%81%E2%80%8D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A-%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%AD-%E0%B6%9A%E0%B7%92