Home » වටිනා ධර්ම කරුණු » පවෙන් මිදී හැම විටම නිවැරැදිව ජීවත් වෙමු පුනර්භවය මේ මොහොතේත් සිදුවෙයි….

පවෙන් මිදී හැම විටම නිවැරැදිව ජීවත් වෙමු පුනර්භවය මේ මොහොතේත් සිදුවෙයි….

කර්මය යනු ක්‍රියාවයි. කර්මය ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්‌ වූවත් බුදුදහමේ එය වෙන ආකාරය දක්‌වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක්‌ නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා.

කර්මය යනු ක්‍රියාවයි. කර්මය ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්‌ වූවත් බුදුදහමේ එය වෙන ආකාරය දක්‌වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක්‌ නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා.

පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි.

පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ “පුනබ්භව” ලෙසිනි. එක්‌ භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ.

ප්‍රතිසන්ධිය යනු නැවත හට ගැනීමයි. යම් සත්වයෙක්‌ මරණයට පත්වීමත් සමග වෙනත් භවයක උප්පත්තිය ලැබීම ප්‍රතිසන්ධිය ලෙස හඳුනා ගත හැකියි.

චුති උප්පත්තිය ලෙස බුදු දහමේ වැඩිදුරටත් විග්‍රහ කෙරෙනුයේ මෙම තත්ත්වයයි. චුතිය යනු මේ භවයෙන් වෙන්වීමයි. නැතහොත් මරණයයි. උප්පත්තිය යනු නැවත හට ගැනීමයි. නැතහොත් යළිත් ඉපිදීමයි. බුදුදහමේ ඉගැන්වෙන අයුරින් මරණය සහ උප්පත්තිය යන්න

පටිච්චසමුප්පන්නව (නොකඩවා) සිදුවන්නක්‌.

මෙම නොකඩවා පැවැත්ම යනු අඛණ්‌ඩ පැවැත්ම නොවේ. එය අඛණ්‌ඩ පැවැත්මක්‌ ලෙස සැලකුවහොත් අපි ආත්මවාදයට වැටෙනවා. හින්දු සහ අනෙකෙ=ත් ආගමික ශාස්‌තෘවරුන් පෙන්වා දුන් ශාස්‌වත දෘෂ්ටියෙන් (ගුඪාත්මක ආත්මවාදය) පෙන්වා දුන්නේ සත්වයාගේ අඛණ්‌ඩ පැවැත්මක්‌ ඇති බවයි. මේ තත්ත්වය බුදුදහමේ පිළිගන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ මේ සඳහා පෙන්වා දුන්නේ පටිච්ච සමුප්පාද න්‍යායයි. සත්වයාගේ මරණය සහ උප්පත්තිය අතර ප්‍රතීත්‍යසමුත්පන්නව පැවැත්ම සංසාරය ලෙසයි බුදුරජාණන් වහ්නසේ වදාළේ.Ven. Hegoda Vipass Thero

පුනර්භව යන සංකල්පය ඇතිවීමට මූලික වශයෙන් බලපානුයේ කර්මයයි. කර්මය අතහැර පුනර්භවය හෝ පුනර්භවය අතහැර කර්මය ගැන කතාකිරීමට නොහැකියි. පුනර්භවයක්‌ සිදුනොවන්නේ රහත් උතුමන්ට පමණයි. ඒ උතුමන්ට කර්මයන් නැහැ. එවිට පුනර්භවයන් සිදුවන්නේ නැහැ.

කර්මය යනු ක්‍රියාවයි. කර්මය ක්‍රියාව යනුවෙන් අර්ථ දැක්‌ වූවත් බුදුදහමේ එය වෙන ආකාරය දක්‌වා තිබෙනවා. කර්මය යනු කරන්නෙක්‌ නොවේ. හොඳ දේවල් කළොත් හොඳ විපාක ලැබෙනවා. නරක දේවල් කළොත් නරක විපාක ලැබෙනවා.

බුදුදහමේ පුනරුප්පත්තිය ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි. භව කියන වචනයේ ධාතුව තමයි භූ ධාතුව භූ ධාතුවෙහි අර්ථය වීමයි. එය කර්මයයි. කරන්නෙක්‌ නැහැ. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව කෙටි සූත්‍රයක්‌ සඳහන් වෙනවා

ඉමස්‌මි සති – ඉධං හෝති

ඉමස්‌මිං අස්‌ති – ඉධ න හෝති

මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ.

පුනබ්භව යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක්‌ තිබේ. මොහොතක්‌ පාසා සත්වයාගේ ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා පැවතීම මෙහි එක්‌ අර්ථයකි. අනෙක්‌ අර්ථයෙන් කියවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනවද? නැද්ද? කියා සැකයක්‌ ඇති කරගෙන තිබෙනවා.

එනිසා පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් මොහොතක්‌ පාසා සත්වයාගේ පැවැත්ම ඇතිවෙනව නැතිවෙනව, යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ තීන්දුව ලැබෙනවා.

හින්දු ආදී ආගමිකයින්ගේ ඉගැන්වීම තුළ තියෙන්නේ ආත්මය නමින් ස්‌ථිරව දෙයක්‌ පවතින බවයි. පුද්ගලයා තුළ ස්‌ථිර වූ වෙනස්‌ නොවන සත් පදාර්ථයක්‌ ඇති බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයින් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි. මරණයේදි භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශ වීමක්‌ හෝ වෙනස්‌ වීමක්‌ සිදුනොවන බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ.

නමුත් බුදු දහමේදී පුනර්භවයක්‌ ගැන කතා කළත් ආත්මය ගමන් කරන බවක්‌ විශ්වාස කරන්නේ නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුප්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ පැරැණි වස්‌ත්‍ර ඉවත් කර අලුත් වස්‌ත්‍ර ඇද ගැනීමක්‌ ලෙසයි. මරණයේදී භෞතික ශරීරය විනාශවී ගූඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම ආත්මයේදී යළිත් භෞතික ශරීරයක්‌ ගොඩ නඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ගමන් කෙරෙන්නේ. මෙයයි ශාස්‌වත වාදය කියලා අදහස්‌ කරන්නේ.

හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස්‌ කරන්නේ. මෙය බුදු දහමේදී ප්‍රතික්‌ෂේපකරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක්‌ සිටිනවා. නැවත කරනවා නම් කරන්නෙක්‌ සිටිය යුතුයි.

නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස ප්‍රතික්‌ෂේප කරනවා. පුනර්භවයෙන් අදහස්‌ කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබ්භවයයි. මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්‌.

දැන් අපට මේ දේවල් ප්‍රත්‍යක්‍ෂ කරගත යුතුයි. මෙය ප්‍රත්‍යක්‍ෂ කර ගන්න නම් ධර්මය අවබෝධ කරගත යුතුයි. නිවන් අවබෝධය කරගත යුතුයි. නමුත් අපට මෙය අප්‍රත්‍යක්‍ෂයි. මෙය අපි සරල උදාහරණයකින් තේරුම් ගැනීමට උත්සහ කරමු.

ඉබ්බෙකුයි මාළුවොයි එකම ජලාශයක මිත්‍රයන් සේ කාලය ගත කළා. දවසක්‌ මේ ඉබ්බා ගොඩබිම බලන්න ගියා. දවස්‌ දෙක තුනක්‌ යනකම්ම ගොඩබිම බලන්න ගිය ඉබ්බා ආවේ නැහැ. මාළුන් බලා සිටියා. තවත් දවසක්‌ යද්දී ඉබ්බා ජලාශයට ආවා.

“කොහෙද මෙච්චර දවසක්‌ ගියේ” මාළුවෝ ඉබ්බාගෙන් විමසීමක්‌ කළා.

“මම ගියානේ ගොඩබිම බලන්න” ඉබ්බා උත්තර දුන්නා.

“ගොඩබිම කියන්නේ මොකක්‌ද?” මාළුවෝ ඉබ්බාගෙන් පෙරලා අහනවා.

ගොඩබිම කියන්නේ ගස්‌ තිබෙනවා, ගල් තියෙනවා. ඒවා හරි හයියයි යනාදී වශයෙන් ගොඩබිම පිළිබඳව දැන් ඉබ්බා විස්‌තරයක්‌ කරනවා.

මාළුවෝ දන්නේ ජලයේ සීමාව පමණයි. මාළුවාගේ අත්දැකීම ජලය පමණයි. එනිසා මාළුවෝ අහනවා ගොඩබිම කියන්නේ ජලය වගේ දෙයක්‌ද, ජලය වගේ ගලාගෙන යනවද යනාදී වශයෙන් ගොඩක්‌ ප්‍රශ්න කරනවා.

කෙසේ හෝ ඉබ්බා දන්නා ප්‍රමාණයෙන් ගොඩබිම පිළිබඳව විස්‌තර කළා. නමුත් මාළු ඉන්නේ ජලයේ නිසා ඔවුන් දන්න ප්‍රමාණයෙන් ගොඩබිම තේරුම් ගන්න උත්සහ කළා. මාළුවාට ගොඩබිම කියන එක තේරුම් ගන්න බැරිව ගියා.

ඒ වගේම පුනර්භවය කියන්නේ අපට අප්‍රත්‍යක්‍ෂ දෙයක්‌. එනිසා අප පුනර්භවය තේරුම් ගන්න උත්සහ ගන්නේ අපට තියෙන ඇස්‌ කන් ඇතුළු ඉන්ද්‍රියන්ට ගෝචර වන සීමාවේ ප්‍රමාණයටයි. එනම් සම්මත සීමාවක සිටයි. මේ තත්ත්වය තුළ අපිට ගූඪ ආත්මවාදයකට වැටෙන්න පුළුවන්. එතැනදී තමයි බුදුහාමුදුරුවන් පිළිබඳව ශ්‍රද්ධාව වැදගත් වන්නේ. එනම් අමූලික ශ්‍රද්ධාව නොවේ ආකාරවතී ශ්‍රද්ධාව අනුව එනම් වග විභාගයකින් විචාරශීලීව ගොඩඟනා ගත් ශ්‍රද්ධාව තුළින් මෙය විශ්වාස කරනවා.

බුදුහාමුදුරුවෝ බෝධිසත්ව අවදියේදී එක්‌ අවස්‌ථාවක මුවෙක්‌ වී ඉපදෙනවා. ඊළඟට මරණයට පත්වෙලා දෙවියෙක්‌ වෙලා ඉපදෙනවා. තවත් අවස්‌ථාවක රජ කෙනෙක්‌ වෙලා ඉපදෙනවා. මේ නිසා ආත්මය එක දිගට යන ස්‌වභාවයන් පෙනෙනවා. එනිසා අපි වුණත් ආත්මවාදයකට වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් වැඩිදියුණු කරගත් ඥන සම්ප්‍රදායන් අනුව මේ පිළිබඳව යම් අවබෝධයක්‌ ලබා ගැනීමට පුළුවන්.

යම් දෙයක්‌ පවතිනවා කියලා හිතමුකෝ. එම දෙය නිසා යම් දෙයක්‌ හට ගන්නවා. නමුත් ඒ හට ගැනීම ආත්මය නොවේ. නමුත් යමක්‌ ඇතිවෙනවා. එය ශක්‌තියක්‌. එය කර්ම ශක්‌තිය අනුව සිදුවන්නක්‌.

එදා මිළිඳු කියලා රජ කෙනෙක්‌ හිටියා. අටුවා ලියන්නත් කලින් තමයි මේ රඡ්ජුරුවෝ ගැන සඳහන් වන්නේ. මිළිඳු රජතුමා යෝනකයෙක්‌. එම රජතුමා සහ නාගසේන කියන හාමුදුරුවෝ අතර සංවාදයක්‌ ඇතිවෙනවා. එම අවස්‌ථාවේදී මිළිඳු රඡ්ජුරුවෝ නාගසේන හාමුදුරුවන්ගෙන් අහනවා ඊළඟ භවයට ගමන් කරන්නේ මේ ආත්මයමද කියලා.

භන්තේ නාගසේන යෝ උප්පඡ්ජති

සෝ ඒවං සො. උදාහු අඤ්ඤොති

යමෙක්‌ උපදීද… ඒ ඔහුමද… නැත්නම් වෙනත් කෙනෙක්‌ද?

එහිදී නාගසේන හාමුදුරුවෝ දීර්ඝ උත්තරයක්‌ දීලා අවසානයේදී මෙහෙම කියනවා මහාරාජ ධම්මසන්තති සන්දහති. අඤaෙඤd උප්පඡ්ජති. අඤaෙඤd නිරුඡ්Cඩති. අපුබ්බං අචරිමං විය සන්දහති. තෙන නචසො නච අඤaෙඤd

මහාරජ, ධර්මයයි පවතින්නේ… වෙන කෙනෙක්‌ උපදිනවා. වෙන කෙනෙක්‌ විනාශ වෙනවා. පෙර නොවූ විරූ අපූර්ව දෙයක්‌ සිදුවෙනවා. පසුව යළි පුනර්භවය ලබන්නේ මරණයට පත්වූ පුද්ගලයොත් නොවේ… හැබැයි වෙනත් අයෙකුත් නොවේ. මෙතැන තමයි තේරුම් ගැනීමේ අපහසුතාවය තියෙන්නේ.

පුනරුප්පත්තිය කියන වචනය හැදිලා තියෙන්නේ පුන + උප්පත්තිය යන වචන දෙක එක්‌වීමෙන් උප්පතිය කියන වචනය හැදිලා තියෙන්නේ පද ධාතුවෙන්. පද ධාතුවේ අදහස ගමන් කිරීමයි ඒ අදහසින් එන්නේ කර්තෘ වාචක පදයක්‌. ගමන් කිරීමට නම් පුද්ගලයෙක්‌ සිටිය යුතුයි. ඒ නිසයි පුනරුප්පතිය සංකල්පය ආත්මවාදයක්‌ වෙන්නේ. තවදුරටත් කියනවා නම් එය ගූඪ ආත්මවාදයත්., විඥන වාදයක්‌ ලෙස හැඳින්වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පුනර්භවයයි. මෙතනයි අපි ලිහා ගත යුතු ගැටලුව තියෙන්නේ. පුනරුප්පත්තිය සංකල්පයෙන් මිදී පුනර්භවය තේරුම් ගත යුත්තේ කෙසේද?

බුදුන්වහන්සේ දේශනා කළේ දැන් අපි කරන ක්‍රියාව අනුව ඊළඟ උත්පත්තියක්‌ ඇතිවන බවයි. අපි ක්‍ෂණයක්‌ තමයි ජීවත්වෙන්නේ. කාලයක්‌ වශයෙන් ගතහොත් පවතින්නේ s වර්තමාන කාලය පමණයි.

අතීතය ගැන ශෝක වීමටවත් අනාගතය ගැන සිහින මැවීමවත් සිදුවෙන්නක්‌ නොවන බවත් සිදුවන්නේ වර්තමානයේ ජීවත්වීම පමණක්‌ බවයි බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. ඇත්තෙන්ම ජීවත් වෙනවා යනුවෙන් අදහස්‌ කරනුයේ මියගිය අතීතය හෝ උපදින්න තිබෙන අනාගතය නොවෙයි. සැබෑ තත්ත්වය යනු දැන් පවත්නා තත්ත්වයයි. එනම් වර්තමානයයි. වර්තමානයෙන් තමයි අතීතයට සහ අනාගතයට යාහැක්‌කේ.

අපි හැම අවස්‌ථාවකම ජීවත් වියයුත්තේ වර්තමානයේයි. නමුත් අපි හැම අවස්‌ථාවකම වර්තමානයේ ජීවත්වන්නේ නැහැ. අපි පාරට ගිහිල්ලා බස්‌ නැවතුම් පොළේ ඉන්නවා කියලා හිතමුකෝ. ඒ වෙලාවේ එතැන සිටින කාගෙන් හෝ අපි අහනවා අහවල් බස්‌ එක තියෙනව ද කියලා. එවිට එතැන සිටි කෙනෙක්‌ කියන්න පුළුවන්….. “ඒ බස්‌ එක ගියානේ…” කියලා. එක්‌කෝ අපි ජීවත් වන්නේ අතීතයේ. නැතිනම් අනාගතයේ. එහෙත් බුදුරජාණන් වහන්සේ දේහනා කළේ සැබෑ ලෙස ජීවත් විය යුත්තේ වර්තමානයේ කියලයි. වර්තමානය යනු මම හෝ ඔබ හෝ වෙන කවුරු හෝ මේ මොහොතේදී ගන්නා තීන්දුවයි. වර්තමානයේ ගන්නා තීන්දුව හොඳ නම් අපට යහපත් ප්‍රතිඵලයක්‌ ලැබේවි. පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් යමක්‌ හැම මොහොතකම ඇතිවෙමින් නැතිවෙමින් පවතින ස්‌වභාවය සහ නැවත යමක්‌ හට ගැනීම මේ මොහොතෙත් එනම් වර්තමාන කාලයේදීත් සිදුවිය හැකියි. ඒ අනුව බලන කළ පුනර්භවය යන්න මේ මොහොතේදීත් සිදුවෙමින් පවතී. යම් පුද්ගලයකු මිය ගිය පසු නැවත පුනර්භවයක්‌ ලැබීම යන සංකීර්ණ ක්‍රියාවලියට සාපේක්‍ෂව අප මේ කියන කාරණය ප්‍රත්‍යක්‍ෂ කර ගැනීම පහසු යෑයි සිතේ. ඒ නිසා පවෙන් මිදී හැම මොහොතකම නිවැරැදිව ජීවත්වීම තමයි අප කළ යුත්තේ. ඉතාමත් දියුණු තත්ත්වයකට ඥන ශක්‌තිය මෙහෙයවීමට බැරි අයකුට වුවද වර්තමානය හා පුනර්භවය අතර ඇති මෙම සංකල්පය තේරුම් ගැනීම අපහසු නැහැ. ඒ නිසා හැම මොහොතේදීම නිවැරැදිව, යහපත්ව, පවෙන් මිදී ජීවත් වීමටයි අප උත්සාහ කළ යුත්තේ.

බුදු දහමේ ඉගැන්වෙන අපණ්‌ණක පටිපදාව එනම් පරලොවක්‌ ඇතත් නැතත් යහපත්ව ජීවත් වන පුද්ගලයාට අවැඩක්‌ සිදු නොවන බව පිළිගෙන පවින් වැළකීම වඩා යහපත්.

ඇතැත් නැතත් පරලොව සුදනෙනිs මහත

කළොත් යෙහෙකි පව්කම් නොතබාම සිත

නැතත් එපරලොව ඉන්වන අවැඩ නැත

ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

සුභාෂිතයේ මේ දක්‌වා ඇත්තේ ඉතා ගැඹුරු ධර්ම සංකල්පයක්‌ ඉතාමත් සරලවයි. පුනර්භවය විශ්වාස නොකරන පුද්ගලයකුට පිළිපදින්න පුළුවන් නොවරදින මාර්ගය මෙයයි. පරලොව ඇතත් නැතත් මේ මොහොතේදී නිවැරැදිව ජීවත් වීමටයි අදිටන් කර ගත යුත්තේ. එහෙත් වැරැදිලාවත් පරලොවක්‌ තිබුණොත් පරලොවක්‌ නැතැයි කියා පව් කරන්නාට ඵල විපාක විඳින්න සිදු වෙනවා.

පුද්ගලයන් වඩාත් වැරැදිවලට පෙළැඹී සිටින්නේ පරලොවක්‌ විශ්වාස නොකිරීම නිසයි. එලෙස පරලොවක්‌ පිළිබඳ විශ්වාස නොකරන අයට මෙය සරලව තේරුම් ගැනීම සඳහා උදාහණයක්‌ ලෙස මත්පැන් බොන පුද්ගලයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව විමසා බලමු.

අපේ මිනිස්‌සු හිතේ සතුටටත් මත්පැන් බොනවා. එසේම දුකටත් මත්පැන් බොනවා. හිතේ ගතේ සියලු වේදනා දුරු කර ගැනීමට මත්පැන් බොනවා. දැන් මත්පැන් බීම කෝකටත් තෛලය වෙලා.

සිහි කල්පනාවෙන් යුත් හොඳ පුද්ගලයන් මත්පැන් බොනවා. නමුත් හොඳ කල්පනාවෙන් සිටි පුද්ගලයා මත්පැන් බී මත්වූවාට පසුව තමන් කරන්නේ කියන්නේ මොකක්‌ද කියා දන්නේ නැහැ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ඔහු තම බිරිඳ සමඟ සණ්‌ඩු සරුවල් කරන්න පුළුවන්. දරුවන් සමඟ සණ්‌ඩු සරුවල් වෙන්න පුළුවන්. මේ වගේ අවශ්‍ය තරම් උදාහරණ සමාජයේ අනන්තවත් තියෙනවා.

මත්පැන් බීමට පටන් ගන්නා විට ඇති වූ සිතුවිලිත්, මත්පැන් බීවායින් පසුව හටගත් සිතුවිලිත් වෙනස්‌ වූයේ ඇයි. මත්පැන් බීමේ ප්‍රවිෂ්ටයත් වැරැදි සිතුවිල්ලත්. ඒ නිසා ඉන් උපදිනා සිතුවිලිත් වැරැදියි. ඉන් හට ගන්නා ප්‍රවිෂ්ටයත් වැරැදියි.. මෙයත් පුනර්භවයත්. ඉන් අදහස්‌ කරන්නේ නැහැ භවය ගමන් කරනවා කියලා. මේ ආත්මයේදීම එය අප ගොඩනගා ගන්නවා. කරන ක්‍රියාව, කර්මය අනුව ඊළඟ දේ ගොඩනැගෙනවා. නැතිනම් හට ගන්නවා. මෙයයි අපි තේරුම් ගත යුත්තේ.

අපි තවත් සරල උදාහරණයක්‌ ගනිමු. යම්කිසි හේතුවක්‌ නිසා යම් පුද්ගලයකු තවත් පුද්ගලයකු කෙරේ වෛරයක්‌ ඇති කර ගන්නවා. එම වෛරය දලුලා වැඩෙත්ම ඔහුව මරණයට පත් කළ යුතුයි යන සිතුවිල්ලක්‌ එනවා. ඊළඟට ඒ සඳහා උපක්‍රම යොදනවා. නරක සිතුවිලි නිසා ලැබෙන්නේ නරක ප්‍රතිඵලයක්‌. එවැනි නරක ප්‍රතිඵලයක්‌ මගිනුත්a පුනර්භවයක්‌ හටගන්නවා. පුනර්භවය යනු පරලොවදී පමණක්‌ නොව මෙලොවදීත් ඇතිවන තත්ත්වයක්‌.

එම නරක සිතුවිලිවලින්ම එමපුද්ගලයා මරණයට පත් වුවහොත් ඔහු උපදින්නේ නරක ස්‌ථානයකයි. මෙහිදී තේරුම් ගත යුත්තේ මෙයයි. මෙම නරක සිතුවිල්ල ඇතිවීම වළක්‌වා ගත හැකි නම් එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ලැබෙන ප්‍රතිවිපාකය (නැතිනම් හට ගැනීම) නවතිනවා.

මරණාසන්නයේදී ඇතිවන චුථි සිත ඊළඟ භවයේ ඇතිවීම පිළිබඳ තීරණාත්මක සාධකයක්‌ බව බුදු දහමේ පිළිගැනෙනවා. මරණාසන්නයේදී පුද්ගලයකු තමන් කළ හොඳ ක්‍රියා සිහිපත්වී හොඳ කර්ම නිමිති පහළවේ නම් ඔහුගේ ඊළඟ භවය පිළිබඳ ගති නිමිති ඔහුට දැනෙවා. තමන් ජීවත්ව සිටියදී දන්දුන් කෙනෙක්‌ නම් ඔහුට මරණාසන්න මොහොතේදී දනට වඩින. සංඝයා වහන්සේ, දන් පිළිගැන්වීම, බණ ඇසීම, ආදී කර්ම නිමිති පහළ වෙනවා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඇතිවන ශ්‍රද්ධාව ඔහු සුගතගාමී පුනර්භවයකට හේතු වෙනවා. කර්ම නිමිති නිසා හටගත් ගති නිමිති ඔහුගේ පරලොව ජීවිතය යහපත් කරවනවා.

ඒ වගේම තමයි අයහපත් දෙයක්‌ කළොත්. අපි උදාහරණයක්‌ හැටියට මනුෂ්‍ය ඝාතනයක්‌ කළ අයකු අත්අඩංගුවට ගැනීම සලකා බලමු. මනුෂ්‍ය ඝාතනය කරනු ලැබූ පුද්ගලයාත් තමන් වෙනුවෙන් නීතිඥයකු ඉදිරිපත් කරනවානේ. පැමිණිල්ල විතරක්‌ නොවෙයි විත්තියත් නිතරම උත්සාහ කරන්නේ තමන් නිවැරැදි යෑයි කියා ඔප්පු කිරීමටයි. නමුත් අර පුද්ගලයා දන්නවා තමා මනුෂ්‍යකු ඝාතනය කළ බව. නමුත් ඔහු උසාවියේදී එය ඔප්පු වෙනකම්ම කියන්නේ තමා එම මනුෂ්‍යයාව ඝාතනය නොකළ බවයි. නඩුව අසාගෙන යද්දී මෙම පුද්ගලයාට තේරුම් යනවා දැන්නම් බේරුමක්‌ නැහැ කියලා. දැන් මොකද වෙන්නේ මේ පුද්ගලයාගේ සිතුවිලි වෙනස්‌ වෙනවා. කර්ම නිමිති පහළ වෙනවා. තමා අදාළ මනුෂ්‍යයාව ඝාතනය කළේ කොහොමද? ඊට ක්‍රියා කළේ කොහොමද? සැළසුම් හැදුවේ කොහොමද? මේ ආදී වශයෙන් ඔහුට කර්ම නිමිති පහළ වෙනවා. ඊළඟට ඔහු යන තැනත් (එනම් ගති නිමිති) පැහැදිලි වෙනවා. දැන් යන්න වෙන්නේ හිරගෙට. නොයෙකුත් හිරිහැර විඳින්න වෙනවා. තමාට පීඩාකාරී ජීවිතයක්‌ ගත කිරීමට සිදුවන ඔහුට පැහැදිලි වෙනවා. මරණයකට පත්වෙන පුද්ගලයාටත් එහෙමයි. ඔහුට එම වේලාවේදී පහළ වන කර්ම නිමිති ඔහුගේ ඊළඟ පුනර්භවයට බලපානවා. යම් විටක ගොඩක්‌ පව් කළ අයෙක්‌ මරණාසන්නයේදී ඔහුගේ පෙර කළ යහපත් කර්මයන් නිසා ඒ පිළිබඳ සිතුවිලි ඇති වී ඔහුගේ ඊළඟ උප්පත්තිය යහපත් වෙන්න පුළුවන්. නමුත් ඔහු මොලොවේදී කළ අකුසල කර්මයන් පළ දීම ඉන් නතර වෙන්නේ නැහැ.

ඔහු ඊළඟ භවයේ යහපත්ව ඉපදුණත් ඔහු මෙම භවයේදී කළ අකුසල කර්මයන් අනුව නොයෙකුත් පීඩාවන්ට ලක්‌විය හැකියි. අඩු වයසින් මරණයට පවා පත්වීම හැකියි. මහා ධන කුවේරයන් ධනය තිබුණත් ලෙඩ වී දුක්‌විඳින අවස්‌ථා අපට දකින්න ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක්‌ වශයෙන්. ඔහුට එම සැප සම්පත්වලින් සැප විඳින්න පිනක්‌ නැහැ. කළ පව් පළ දීලයි තියෙන්නේ. යමෙක්‌ දුකට භය නම්, දුක අප්‍රිය කරයි නම් රහසින් හෝ පව් නොකළ යුතු බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දුකට භය වීම තමයි හේතුව. දුකට භයවීම නිසා ඔහු හෝ ඇය පව් නොකර සිටිනවා. එය ඵලයයි. මම දුකට බයයි. දුක අප්‍රියකරනවා. මට තාඩන පීඩන කරනවාට, ගහනවාට මම කැමැති නැහැ. මට කවුරුන් හෝ චිත්තපීඩාවන් ඇතිවන ආකාරයට හැසිරෙයි නම් මම කැමැති නැහැ. ඒ වගේ අනෙක්‌ පුද්ගලයනුත් කැමැති නැහැ. එලෙස සිතා මේ මොහොතේ (වර්තමාන කාලයේ) හොඳින් ජීවත් වෙන්න. එවිට අනාගතයත් හොඳ වේවි. පරලොවත් හොඳ වේවි.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ