Home » පරිවර්තන » මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

මනස පාලනය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

How does mind control work

මනස පාලන උපක්‍රම පිළිබද තාක්‍ෂණික විශ්ලේෂණයක්

පාරිභාෂික සටහන:මනස පාලනය නොහොත් මොළය සෝදා හැරීම යනුවෙන් අදහස් කරනුයේ බලහත්කාරයෙන් පොළඹවා ගැනීම හෝ බලහත්කාර මනෝවිද්‍යාත්මක උපක්‍රම යොදා ගැනීම හෝ බලහත්කාරයෙන් අදහස් පැටවීමයි.

understand mind controlපහත දැක්වෙන කෙටි විස්තරය මනස පාලන හා ඇදහිලි ක්‍රම පිළිබඳ ලොව පිලිගත් කැලැෆෝනියාවේ බර්ක්ලී විශ්ව විද්‍යාලයේ සම්මත මහාචාර්ය මාගරට් සිංගර්ගේ ලිපියකින් උපුටා ගන්නා ලද්දකි. මෙය වොලර්ස් හයිම් එරෙහිව වර්ල්ඩ් ඔෆ් සයන්ටොලොජි 89-1367 හා 89-1361 (Wollersheim v. Church of Scientology 89-1367 and 89-1361) නඩුවේදී බලහත්කාර මනෝවිද්‍යාත්මක උපක්‍රම පිළිබඳ පරිශීලනයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරනය වෙත ඉදිරිපත් කෙරිණි. වොලර්ස් හයිම් නඩුව බලහත්කාරයෙන් අදහස් පැටවීමට අදාළ කාරණා සම්බන්ධයෙන් වැදගත් වන නඩුවකි.

බලහත්කාරය යන්න නිර්වචනය කෙරෙනුයේ “බලය උපයෝගී කරගෙන යමක් වැලැක්වීම හෝ යමක් කරවීම” ලෙසයි. නෛතික වශයෙන් එය ශාරීරික හෝ නීතිමය බලය යෙදීම ලෙස සැලකේ. මෙම සම්ප්‍රදායික විග්‍රහය ඒ පිළිබඳ ව සකස් වී ඇති තාක්ෂණික සංකල්පයන්ට වඩා පහසුවෙන් අවබෝධ කර ගත හැක්කකි.

බලහත්කාරයෙන් පොළඹවා ගැනීමේ වැඩසටහනක් යනු යම් යම් සීමාවන් තුල කිසියම් චර්යා පද්ධතියක් හෝ මතවාදයක් ඉගැන්වීම නැතහොත් එම චර්යා පද්ධතියට හෝ මතවාදයට හුරු කරවීම සඳහා තාක්ෂණය උපයෝගී කර ගැනීමයි.

එම යම් යම් හැසිරීම් රටාවන් පාලනය කිරීම සඳහා ඒ ඒ පුද්ගලයන්ට හා ඒ ඒ පරිසරයනට සුදුසු පරිදි යොදාගනු ලබන කාරුණික හා සාමකාමී ක්‍රමවලට වඩා වෙනස්ය. කලක් ගතවනවිට නීත්‍යානුකූල අයථා බලපෑමකට වුවද නොගැලපිය හැකි මෙම මනෝවිද්‍යාත්මක බලහත්කාරය වද හිංසා කිරීමෙන්ද ඖෂධ මාර්ගයෙන්ද ශාරීරික බලය යෙදවීමෙන්ද නෛතික තර්ජනයෙන්ද කරන බලපෑමට වඩාඵලදායී විය හැක.

කොරියානු යුද්ධය හා සම්බන්ධ “මැන්චූරියන් කැන්ස්වේට්” විග්‍රහයේ දක්නට ලැබෙන ඖෂධ වර්‍ග වැඩිකර දීය හා ශාරීරික වධ හිංසා වැනි සාපරාදී උපක්‍රම මනස විකෲති කිරීම සදහා උපයෝගී කර ගන්නා ලද පැරනි සංකල්ප වේ. එවැනි ක්‍රම බලහත්කාර පෙළඹවීමට අද අවශ්‍ය නොවේ. ඖෂධ හෝ ශාරීරික වධ හිංසා මගින් තම සිතට විරුද්ධව ක්‍රියා කිරීමට කෙනෙකු පොළඹවා ගත හැක්කේ තාවකාලිකව පමණි. එවැනි අවස්ථාවක තමන් අප්‍රිය කරන දෙයක් හෝ තමන් කිසිසේත්ම කිරීමට බලාපොරොත්තු නොවූ දෙයක් කිරීමට යොමු කරවිය හැකිය. එහෙත් ඉන් ඔහුගේ ආකල්ප වෙනස් වන්නේ නැත.

එහෙත් බලහත්කාර පෙළඹවීම අද දියුණු වී ඇති ප්‍රමාණය දෙස බලන විට ඉහත සඳහන් උපක්‍රම වලින් සිදු කෙරෙන විනාශය ඉතා සුලුය.බලහත්කාර පෙළඹවීම මගින් කෙනෙකුගේ අනුදැනුමක් හෝ දැනීමක් නොමැතිවම ඔහුගේ ආකල්ප වෙනස් කිරීම සිදුවේ.

තමන් කරන්නට කිසිසේත්ම කැමති නොවූවද, වධ හිංසා නිසාම කරන්නට සිදුවූවා වූද, දේවල් සිය කැමැත්තෙන්ම කිරීමට තරම් පෙළඹවීමක් ඇති කරන අලුත් ආකල්ප නිර්මාණය කිරීමට පවා පුළුවන. සීමාන්තික ආශාවන් හා චිත්තයේගී ආතතියන් ඇති කිරීමේ නව ක්‍රමවේදයන් ශාරීරික වධ හිංසා හා ඖෂධ වර්‍ග උපයෝගී කර ගැනීමේ පැරනි ක්‍රමවේද වලට වඩා බොහෝ ඉදිරියට ගොස් ඇත. පැරණි ක්‍රමවේදයන් මගින් කිසියම් නියෝගයක් අනුව “කැමැත්තෙන් මෙන්” කෙනෙකු ලවා යමක් කරවූවා මිස ඔහු තුල පැවති ආකල්ප වල වෙනසක් ඇති කලේ නැත. බලහත්කාර පෙළඹවීම මගින් කෙනෙකුගේ හැසිරීම පමනක් නොව ඔහුගේ ආකල්ප හා හැසිරීම හොඳ කම වෙනස් කරනු ලැබේ.

බලහත්කාර පෙළඹවීමේ අරමුනු හා විධි ක්‍රම

බලහත්කාර පෙළඹවීම නැතහොත් සිත විකෲති කරවීම කිසියම් පුද්ගලයෙක් ක්‍රමානුකූලව හා හෙමින් සීරුවේ මුලා කරමින් හෝ රහස් උපක්‍රම මගින් සිදුවන්නකි. මෙය මූල්‍යමය හෝ දේශපාලනමය අපේක්‍ෂාවන් මත යම් යම් කන්ඩායම් මගින් සිදුවිය හැක.මෙවැනි වැඩසටහන් ක්‍රියාකාරකම් කරවන උදවිය යොදාගන්නා අනිවාර්‍ය්‍ය උපක්‍රමය වන්නේ කිසියම් කාලසීමාවක් තුල අඛන්ඩව උපක්‍රම රැසක් සම්බන්ධකර ගනිමින් ක්‍රමානුකූලව තෝරා බේරා ගෙන පියවරින් පියවර එය ක්‍රියාත්මක කරවීමයි. බලහත්කාරක පෙළඹවීමක ප්‍රධාන විධි ක්‍රම හතක් හඳුනාගෙන ඇත. මෙම විදි ක්‍රම තනි තනි වශයෙන් හෝ කිහිපයක් එක්කොට හෝ ක්‍රියාත්මක කරනු දැකිය හැකිය. එහෙත් සෑම විටම මෙම විදි ක්‍රම හතම තිබීම අවශ්‍යම නොවිය හැකිය.

1.විදි ක්‍රමය:       දිගින් දිගටම කරන ඇවිස්සීමක් මගින් තම සිතැඟි වෙනස් කර ගැනීමට පුද්ගලයකු පෙළඹවීම.

  1. දිගින් දිගටම කෙරෙන ශ්‍රව්‍ය, දෘශ්‍ය, වාචික අභ්‍යාස.
  2. එදිනෙදා කෙරෙන කටයුතු අප්‍රමාන ලෙස නැවත නැවත කෙරරෙන්නට සැලැස්වීම
  3. නින්ද අඩු කිරීම
  4. පෝෂණය අඩු කිරීමවැනි වර්ගී ක්‍රම වලින්.

2.විදි ක්‍රමය:      තෑගි හෝ දඬුවම් මගින් පුද්ගලයකුගේ සමාජ පරිසරය හා සමාජයෙන් ඔහුට ලැබෙන සහාය බලවත් ලෙස පාලනය කිරීම හා සමාජයෙන් කොන් කිරීම මෙහිදී සිදු කෙරේ. සිය පවුලෙන් හා මිතුරන් ගෙන් වෙන් කෙරේ. කන්ඩායම අනුගමනය කරන ආකල්ප වලට හවුල් නොවන තැනැත්තා කොන් කෙරේ. ආර්තික වශයෙන් හා වෙනත් දෑ පිළිබඳ සිය කණ්ඩායම මත යැපෙන්නට පෙළඹවේ. (සිරගත කරමින් මෙය කල හැක.)

3 විදි ක්‍රමය:        කණ්ඩායමේ සන්නිවේදනය තුල තම කන්ඩායමට සහාය නොදක්වන අදහස් පල කිරීම තහනම් කෙරේ. බාහිර පුද්ගලයින් සමග සාකච්චා කල හැකි මාතෘකා පිළිබඳ තහංචි පැනවේ. සන්නිවේදනය බලවත් ලෙස පාලනය කර ඇත. කන්ඩායමට සීමාවූ භාෂාවක් භාවිත කෙරේ.

4 විදි ක්‍රමය:       කෙනෙකු ගේ පෞද්ගලිකත්වයේ සහ අතීත හැසිරීම් රටාවේ අතිශය වැදගත් හා මූලික කරුණු පිළිබඳව සෘණාත්මක ලෙස සිතන්නට නිරන්තර හා දැඩි උත්සාහයක් දරනු ලැබේ. පුද්ගලයාගේ මූලික ආත්ම විශ්වාසය, යථාර්ථ ඥාණය, භාහිර ලෝකය පිළිබඳ කෙනෙකු තුල ඇති දර්ශණය, චිත්ත වේග පාලනය, ආත්මාරක්‍ෂාව සගසා ගන්නා ආකාරය සහ අතීතාවර්ජනය ආදියෙහි පවත්නා ගර්වය විනාශ කොට යටපත් කොට දමා නව හේතු ඵල වාදයක් අනුව සිතන්නට පෙළඹවේ.

5 විදි ක්‍රමය:        පුද්ගලයාගේ මූලික ආත්ම විශ්වාසය, ආත්ම විනිශ්චය යටපත් කොට දමා තමා කාලකන්නියකු බව සිතන්නට දැඩි ලෙස හා නිරන්තරව පෙළඹවේ.

6 විදි ක්‍රමය:       දැඩි ලෙස අවමානයට ලක් කිරීම, වරප්‍රසාද අහිමි කිරීම හා සමාජයෙන් කොන් කිරීම, එතෙක් පැවති සමාජ තත්වය බිඳ හෙලීම, වරද කරුවෙකු බවට පත් කිරීම, පිළිකුල් සහගත චිත්ත වේගයන් උළුප්පාලීම වැනි ශාරීරික නොවූ දඬුවම් යොදා ගැනේ.

7 විදි ක්‍රමය:      කල්පවත්නා මානසික පීඩාවන්ට ගොදුරු කරවීම, නියම කරන ලද ආකල්ප, විශ්වාස හෝ චර්යාවන් අනුගමනය කිරීමට අපොහොසත් වුවහොත් දැඩි දඬුවම් වලට හෝ බරපතල අලාබහානි වලට ගොදුරු වන බව (ශාරීරික හෝ මානසික රෝග, පෙර තිබුන දරුනු අසනීපයක් නැවත ඉස්මතු වීම, ඖෂධ මත යැපෙන්නට සිදුවීම, ආර්තිකයේ බිඳවැටීම, සමාජීය පසුබෑම, දික්කසාදය, අබල දුබල වීම, සහකරුවකු/සහකාරියක සොයාගැනීමට නොහැකි වීම ආදිය)

චෛතසික පාලනය පිළිබඳ තවත් මිනුම් දඬු සමූහයක් ඇත. රොබට් ජේ ලිෆ්ටන් විස්තර කරන අංග අටකින් යුත් මනස පාලනය පිළිබඳ මොලය විනාශකාරී හා භයානක ලබ්ධිගත සංවිධාන විසින් උපයෝගී කරගනු ලැබේ.

රොබට් ජේ ලිෆ්ටන් ගේ අට වැදෑරුම් මොඩලය

  1. පරිසර පාලනය: කන්ඩායමෙන් බැහැර උදවිය සමග සන්නිවේදන සම්බන්ධතා සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් සීමා කිරීම, පොත්, සඟරා, ලිපි කියවීම, මිතුරන් හා පවුලේ අය හමුවීම සපුරා තහනම් ය. “මේ දේවල් වලින් නිදහස් වන්න. වියෝජනය වන්න.
  2. ගුප්ත හැසිරීම්: කන්ඩායමට ලබ්ධිගත වන්න. මෙය බලවත් අත්දැකීමක් සේ සලකා අති උතුම් අරමුනක් සඳහා විශ්වාසයක් ඇතිකර ගනී. උදාහරණයක් වශයෙන් එම කන්ඩායම කියාපාන කිසියම් ප්‍රාකිහාර්යයක් හෝ අනාගත වාක්‍යයක් මගින් විය හැක.
  3. පාරිශුද්ධත්‍වය අපේක්‍ෂාව: කන්ඩායමවිසින් ප්‍රකාශ කරනු ලබන අන්දමේ කිසියම් වෙනසක් අපේක්‍ෂා කිරීම. එම විශ්වමය හෝ සමාජමය හෝ පෞද්ගලික වූ වෙනසක් විය හැක. පරිපූර්ණත්‍වය ලැබෙන්නේ කන්ඩායම සමග ඊට කැපවී සිටියොත් පමණි.
  4. පාපොච්චාරනය: කන්ඩායමේ සාමාජිකයින් ඉදිරියේ තමන් පිළිබඳ සියලු දෑ අනාවරනය කිරීමේ දුෂ්කර කාර්‍ය්‍යය බොහෝ විට කන්ඩායම් රැස්වීමකදී සිය අතීත පාපී ක්‍රියාවන් හා සුදුසු කම් කියාපෑම, කන්ඩායම පිළිබඳව තමා තුල පැවති සැකයන් හා කන්ඩායමේ නායකයන්ගේ අවංකතාවය පිළිබඳ තමා තුල වූ විවේචනාත්මක අදහස් කියාපෑම.
  5. ශුද්ධ විද්‍යාව: කන්ඩායමේ දෘෂ්ඨිය පරම සත්‍යය වේ. ඕනෑම දෙයක් විග්‍රහ කිරීමට එය ප්‍රමානවත්ය. එහි සිද්ධාන්ත වෙනස් කල නොහැක. එම සිද්ධාන්තයට සම්පූර්නයෙන් එකඟ විය යුතුය.
  6. විශේෂිත වූ භාෂාවක්: කණ්ඩායම තුලින්ම පාරිභාෂිත භාෂාවක් ගොඩ නැගේ. කණ්ඩායමේ පිළිගත් ධර්‍මය පිළිබඳ ව කල්පනා කරන්නේ එම සීමිත හා වියුක්ත ප්‍රමිතීන් තුල පමනි. පාරිභාෂිත ශබ්ද මාලාවෙන් සාමාජිකයින්ට විවේචනාත්මක ලෙස නොව කලු සුදු මානසිකත්වයෙන් යුතුව සිතන්නට පුරුදු කෙරේ.
  7. අත්දැකීම් නිර්වචනය කිරීම: පුද්ගලයාට වඩා ලබ්දධිය ඉහලින් පවතී. කණ්ඩායමට එකතු වන්නට පෙර හා පසුව ලද අත්දැකීම් සියල්ල කණ්ඩායමේ පරම ඇදහිල්ලට අනුකූලව පමනක් නිර්වචනය කල යුතුය. තමාගේ අත්දැකීම් එම ධර්‍මයට ප්‍රතිවිරුද්ධ වුවත් එය එලෙසින්ම නිර්වචනය කල යුතුය.
  8. ජීවත්වීමේ නිෂ්ඵලත්‍වය: විමුක්තිය ලැබෙනුයේ කන්ඩායම තුලින් පමනි. කන්ඩායම හැර යන්නා විනාශයට පත්වේ.

බලහත්කාර පෙළඹවීම සාමකාමී පෙළඹවීමක් නොවේ.

මීට පෙර දැක්වූ විධි ක්‍රම 7 න් කෙනෙකුගේ සංකල්ප යථාර්ථ දර්ශනය හා අන්තර් පුද්ගල සම්බන්ධතා බලවත් වෙනසකට භාජනය කෙරේ. මෙලෙස සාර්ථක ලෙස වෙනස් කල විට කෙනෙකු තුල පවතින ස්වාධීන තීරණ ගැනීමේ ශක්තියද හීන වී යයි. එසේ වූ ව්ට එම පුද්ගලයා තමාගේ අනුදැනුම හෝ කැමැත්ත නැතිවම අදාළ සංවිධානයේ අභිවෘද්ධිය යෙදවියහැකි චින්තක වරයකු බවට පත්වේ. බලහත්කාර පෙළඹවීමේ වැඩසටහන් සපයන අය එම චර්යාවන්ට අනුගත වීමේදී කෙනෙකුට ඇතිවන ආයාසකර තත්වයන් සැහැල්ලු බවට පත්කරවන නිසාම එම වැඩසටහන් ප්‍රතිඵලදායක වේ.

පුද්ගලයා හා ඉහත සඳහන් විධි ක්‍රම අතර සහ සම්බන්ධතාව කාර්යක්‍ෂමය මන්ද යත් පුද්ගලයා කෙරෙහි බලපෑම හා ඔහුට ලැබෙන ලාභ ප්‍රයෝජන හා දඬුවම් අති මහත් වන හෙයිනි. තවද ස්‍වාභිමතය පරිදි සිය විශ්වාසයන් හා ආකල්පයන් ස්ථාවර ලෙස හෝ අර්ථවත් ලෙස හැඩගස්වා ගැනීමට ඉඩක් නොලැබෙන හෙයිනි. ඒ වෙනුවට පුද්ගලයා නිරන්තරයෙන් ඊට අවනත වන අතර අවස්ථානුකූලව එම අලුත් හැසිරීම සාධාරණිකරවය වීමද සිදුවේ.

අලුත් ආකල්පයක් පවත්වාගෙන යාමටත් ඒවා සාධාරන බව හුවා දැක්වීමටත් පුද්ගලයකුගේ හැසිරීම කෙරෙහි දිගින් දිගටම අයථා ලෙස බලපෑම් ඇතිකිරීමටත් බලහත්කාර විධි ක්‍රම අඛන්ඩව පවත්වාගෙන යා යුතුය. මනා ලෙස පිලියෙල කොට ගලපා පරිස්සමෙන් තෝරා ගෙන හොර රහසේ රිංගවන බලහත්කාර පෙළඹවීමේ වැඩසටහනක ඇති වීණා තතකින් හෝ වාද්‍ය වෘන්දයකින් මතුවන චමත්කාරය අපාය හා පාපීභාව පිළිබඳ මර්මාශනයකින් කෙරෙන බිය ගන්වන දේශනයක හෝ ලගන්නා වෙළඳ නියෝජිතයෙක් සමග පැය ගනනක් කරන කතාබහක හෝ සාමකාමී පෙළඹවීමක දක්නට නොලැබේ.

නියම සාමකාමී ආගමික පෙළඹවීමකදී නම් බලයෙන් පැටවීමක් හෝ නිදහසේ සිතීමට ඇති අයිතියට බලපෑමක් හෝ බලහත්කාර පෙළඹවීමක් හෝ රහසිගත ලෙස වශී කර ගැනීමක් සිදු නොවේ. එවැනි වැඩසටහන් වලට එක්සත් ජනපදයේ නීතිය සමග සාමකාමීව පැවතීමේ බාධාවක් නොමැත.බලහත්කාර පෙළඹවීම සාමකාමී පෙළඹවීමක් ලෙස පෙන්වන්නට උත්සාහ කිරීම නිසාම ඊට යෙදෙන අවධානය මෙන්ම විරුද්ධත්‍වයද දුර්වල වේ. එය හානිකර තාක්‍ෂණයක් වන්නේද ඒ නිසාමය. බලහත්කාර පෙළඹවීමට ගොදුරුවූවන් ගේ ශාරීරික කැලැල් ආදියත් දක්නට නොලැබේ. හැසිරීම් රටාවේ හදිසි වෙනස් වීම් ආදියද දක්නට නොලැබේ. ඔවුන් වෙනස් වී ඇත්තේ ක්‍රමානුකූලව නිසා ඔවුන්ගේ ඊට විරෝධතාවයක් පලවන්නේද නැත. තමන් තුල වෙනසක් ඇතිවී තිබෙන බවක් ඔවුන් දන්නේද නැත.

කෙනෙකු බලහත්කාර පෙළඹවීමකට ගොදුරුවූවාදැයි තීරණය කිරීමට නම් එවැනි පුද්ගලයන් වෙන වෙනම ගෙන ඔවුන් පොළඹවා ගැනීමට භාවිතා කරන ලද උපක්‍රමයන් විග්‍රහ කර බැලිය යුතුය. මෙහි ලා පුද්ගලයාට ඒත්තු ගන්වන ලද පණිවිඩය කුමක්ද යන්න නොව කුමන මාධ්‍යයක් මගින් ඒ ඒ පුද්ගලයාට එම පණිවිඩය ඒත්තු ගන්වන ලද්දේද යන්නත්, විවිධ පුද්ගලයන් සඳහා යොදාගත් මාධ්‍යයන්හි සමානකම් නොව ඒවා එකිනෙකා අතර පැවති වෙනස්කම් මොනවාද යන්නත් විමසා බැලීමෙන්ම කුමන ක්‍රමයක් උපයෝගී කරගන්නා ලද්දේද යන්න පැහැදිලි කර ගත හැකිය. සාමකාමීපෙළඹවීම හා බලහත්කාර පෙළඹවීම යන දෙක අතර වෙනස හඳුනා ගැනීමට උපකාරී වන්නේ එම බලපෑමේ පැවති අඛන්ඩතාවයයි.

විවත්‍යතා

බලහත්කාර පෙළඹවීම සඳහා යොදාගන්නා උපක්‍රම සෑම විටම බලහත්කාර ඒවාම නොවේ. සමහර ඒවා හානිකරද නොවේ. නැතහොත් උගුරට හොරා බෙහෙත් කැවීමක් සිදුවේ. බලහත්කාර පෙළඹවීමකට ගොදුරුවන සෑම පුද්ගලයාම එකසේ ඊට ගොදුරු වන්නේ නැත. කෙනෙකු පෙළඹවීමට නැමෙන ප්‍රමාණය, ඔහුගේ මානසික හෝ ශාරීරික ශක්තියේ හෝ දුර්වලතාවයේ ප්‍රමාණය, පෙළඹවීමේ උපක්‍රම යොදාගැනීමට සිදුවන ප්‍රමාණය අනුව එම වැඩසටහන් වල සඵලතාවයේ හෝ ඒ ඒ පුද්ගලයාට කර ඇති හානියේ ප්‍රමාණය මැන ගත හැකිය.

උදා: එක්සත් ජනපදය එරෙහිව ලී 455 US 252, 257 – 258 (1982) නඩුවේදී කැලිෆෝනියා ශ්‍රේෂ්ඨාධිකරණය පහත සඳහන් තීන්දුව දී ඇත.

“කෙනෙකු සිය කැමැත්තෙන් තොරව බලහත්කාරපෙළඹවීමකට ගොදුරු කල විට ඔහු තුල සුව කල නොහැකි හීනොන්මාදය, සිය අඟ පසඟ වලට හානි කර ගැනීම,සිය දිවි හානි කර ගැනීම වැනි මානසික හා මනෝචිකිත්සක විකෘතීන් ඇතිවිය හැකිය”.

බලහත්කාර පෙළඹවීම වැඩසටහනකදී යොදා ගන්නා මිනුමි දඬු මොනවාද? 

  1. අ) පුද්ගලයාට තමාගේ අදහස් හා විශ්වාසයන් වෙනස් කර ගැනීමට තරම් ප්‍රමානවත් දැනුමක් හා ස්‍වශක්තියක් පවතීදැයි නිගමනය කල යුතුය.
  2. ආ) එම පුද්ගලයා ඇත්ත වශයෙන්ම තමා එතෙක් දැරූ අදහස් විශ්වාසයන් වෙනස් කලේ සිය කැමැත්තෙන්ම ද යන්න නිගමනය කල යුතුය.
  3. ඇ) මෙහිදී අවශ්‍ය නම් විමසා බැලිය යුත්තේ ඒ සඳහා යොදා ගන්නා ලද චර්යා පටිපාටියයි. බලහත්කාර පෙළඹවීම විමසා බැලිය යුත්තේ එක් එක් පුද්ගලයා වෙන වෙනම රැගෙනය. බලහත්කාර පෙළඹවීම වැඩසටහන් වල ගති ලක්‍ෂණ ඉතා පැහැදිලි හා දැඩි ඒවා විය යුතුය. ඒවා හදිසියේ පහළ වූ ඒවා නොවේ.

බලහත්කාර පෙළඹවීම ස්‍වකැමැත්තෙන් හෝ සාමකාමී හෝ ආගමික සිරිතකට අනුව කරන්නක් හෝ සත්‍ය දහමක අඩංගු වූවක් නොවේ

බලහත්කාර පෙළඹවීම ආගමික ක්‍රියාවක් නොවන අතර එය පාලනය කරන ලද තාක්‍ෂණයකි. එය ඇදහිල්ලක් හෝ දෘෂ්ඨි වාදයක් ද නොවන අතර එය තාක්‍ෂණික ක්‍රියාවලියකි. පශ්චාත් වශීකාරී ඉඟියන්ගේ අර්‍ථය හෝ හරය මෝහන ක්‍රියාවලියේ තාක්‍ෂණවේදයෙන් පරිභාහිරව අධ්‍යයනය කරන්නාක් මෙන් ප්‍රවීණයන් විසින් බලහත්කාර පෙළඹවීමේතාක්‍ෂණවේදයද සංකල්පයන් හෝ විශ්වාසයන්ගෙන් පරිභාහිරව අධ්‍යයනය කලහැකිය.

මෙසේ අධ්‍යයනය කිරීමේ ක්‍රියාවලිය මගින් ආගම් ආරක්‍ෂා කිරීමේ පලමු ව්‍යවස්ථා සංශෝදනය (අමෙරිකා එක්සත් ජනපදය) උල්ලංඝනය වන්නේ නැත.

බලහත්කාර පෙළඹවීම පලමු ව්‍යවස්ථා සංශෝදනයට විරුද්ධය.මෙය කෙනෙකුගේ ජෛව හා මානසික දුර්වලතාවයන් හෝ ඔහුගේ නම්‍යතාවයන් අයුතු ලෙස පාලනය කිරීමකි.මෙය නිදහස් සමාජයක නොව  සැහැසි ඒකාධිපති සංගමයක මනෝමය වූත් බලහත්කාර වූත් තාක්‍ෂණවේදයකි. මෙය ආගමික හෝ ආධ්‍යාත්මික ක්‍රියාවක් නොවේ.

යම් සංවිධානයක් ඔවුන්ගේ අනුගාමිකයන් මධ්‍යම පුහුණුවීමක් ලෙස බලහත්කාර පෙළඹවීමකට ලක් කිරීම ආගමක් ලෙස කියාපාන්නේ නම් එය පලමු ව්‍යවස්ථා සංශෝදනයේ ඇති ආරක්‍ෂාස්ථානය මානසිකව පහර දීමේ බලකොටුවක් බවට පත් කිරීම හා සමානය. මෙය එම කොන්දේසි වල පරස්පරවිරෝධතාවයක් බැවින් එය අවලංගු කල යුතු වේ.

බලහත්කාර පෙළඹවීම අපට ඇති ආගමික නිදහසටත් වඩා අපගේ මූලික ස්‍වාදීනතාවත් ආක්‍රමනය කරන තේරුම් ගැනීමට නොහැකි මානසික පෙළඹවීමේ බලවේගයකි. මෙහි ඇති භයානක හා දුෂ්ඨ වූ අවදානම නම් මෙය ව්‍යවස්ථාව මගින් අපට දී ඇති මූලික නිදහසත්, අපගේ නිදහස් චින්තනයත් සෛවරීභාවයත් විනාශ කිරීමයි.

උපුටා ගෙන පරිවර්තනය කල ලිපිය  //factnet.org/how-does-mind-control-work