Home » වටිනා ධර්ම කරුණු » නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි

නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි

නිවන් මග වසා දමන ථෙරවාදී ආචාර්යවරු – සිවු බුදුවරුන් වදාළේ පාඨකයාට මුලා නොවන ලෙසයි – හෑගොඩ විපස්සි හිමි
අපගේ විද්යුත් තැපෑලට හිතවත් මහත්මයකු විසින් දිවයින ඉරිදා සංගරහයේ පළ වූ ලිපි දෙකේ එවන ලදි. මෙතෙක් කල් මෙම ලිපි වැල පළ වූයේ කුමන හේතුවක් නිසාදෝයි නොදනිමි. බුදුදහම විකෘති කරන සාමාන්ය පාඨකයා නොමඟ යවන සුළු මෙවැනි ලිපි දිවයින පතරයේ පළ වීම ගැන ද විමතියකට පත් වූ බව ද සඳහන් කරනු වටී. කිසිදු ධර්ම ශාස්තරීය පදනමක් නොමැතිව හුදු හිතළු සේ ගොත ගොතා මේ අයුරින් බුදුදහම විකෘති කරන්නේ කුමන අරමුණක් නිසා දැයි ඔබ ඔබම විමසිය යුත්තේ ය.
‘‘බෝසත්වරු සහ පිටසක්වල බුදුවරු’’ යන පරධාන මාතෘකාව අනුව පළ කර තිබුණු 65 වන ලිපිය 2018. 09. 16 දින පළ විය. ‘‘නිවන් මඟ වසා දමන ථෙරවාදී ආචාර්යවරු’’ යනුවෙන් පළ කර තිබූ ලිපියේ ආරම්භක ෙඡ්දය අප මෙහි උපුටා දක්වනු ලැබේ. එනම් ‘‘රහතන්වහන්සේලා තවමත් මෙරට වැඩ වාසය කරන බව මේ ලිපි පෙළ තුළින් මම වරින්වර අනාවරණය කෙළෙමි. රහතන් වහන්සේලා සහ ඍද්ධිමතුන් වැඩවසන ස්ථානය ගැන මුල්ම තොරතුරු මා වෙත ඉදිරිපත් කර ලද්දේ අක්ෂ්යෝභ්ය බෝසතුන් වහන්සේ විසිනි. අක්ෂ්යෝභ්ය බෝසතුන්ගේ හෙළිදරව්ව අනුව 2012 වර්ෂය වනවිට රහතන් වහන්සේලා තිස්නමක් ලංකාද්වීපය තුළ වාසය කළහ…..’’ ඒ අනුව රුහුණේ වන මැද ජීවත් වන රහතන් වහන්සේලා පස් නමක් ගැන ද සමනොල අඩවිය තුළ අපරසිද්ධව කල්ගෙවන රහතන්වහන්සේ කෙනකු ගැන ද කරුණු අනාවරණය විය. පොල්ගහවෙල හා කුරුණෑගල අතර පෙදෙසක වැඩ වාසය කරන අභිඥානලාභී භික්ෂුන් වහන්සේ නමක් ගැන ද තොරතුරු අනාවරණය විය.’’
ඇත්ත වශයෙන් ම නිවන් මඟ වසා දමන්නේ ථෙරවාදී ආචාර්යවරු නොව කිසිදු විලිලජ්ජාවක් නොමැති ගල්පැලෙන බේගල් ඇද බාන උමතු කතාවලින් බුදුදහම විකෘති කරන මෙවැනි ලේඛකයෝ දේශකයෝ හැර වෙන කවරහු දැයි තේරුම් ගැනීමට ඉහත වැකි කිහිපය වුවත් පරමාණවත් ය.
‘‘පිටසක්වල බුදුවරු’’ යන තේමාව ම බුදුදහම විකෘති කිරීමක්. මක් නිසාද යත් තරිපිටකයේ කිසිදු තැනක පිටසක්වල බුදුවරුන් වැඩ සිටිත් යැයි සඳහන් නොවන බැවිනි. එම නිසා මෙම මාතෘකාවට බුදුදහම විකෘති කරන බෞද්ධ විරෝධී උමතු පරකාශයකි.
මහායාන ධර්මය අනුව අනන්තාපරිමාණ බුදුවරුන් වැඩ සිටියත් ඉතා වැදගත් වන්නේ, වෛරෝචන අක්ෂ්යෝභ්ය 3 රත්න සම්භව අමිතාභ 5 අමෝඝ සිද්ධි යන බුදුවරුන් පමණයි. මේ ලේඛකයා අක්ෂ්යෝභ්ය යනු බෝසත්වරයකු නොවන බව නොදන්නේ ය. එම නිසා අක්ෂ්යෝභ්ය බෝසත්වරයකු යැයි පරකාශ කරයි.
මොහුගේ තවත් විකාර කතාවක හැටි බලන්න.
‘‘සත් බුදුවරුන් යනු ගත වූ අනූ එක් කල්පය තුළ සම්මා සම්බුද්ධත්වයට පත් වූ අසහාය වීරයන් සත් දෙනෙකි. උන්වහන්සේලාගේ ශක්තිය බලය හා තේජස තවමත් විශ්වය තුළ දෝංකාර දෙමින් ඇතැයි අසා දැන ගැනීමෙන් මම අතිශය සතුටට පත් වූයෙමි. ඔය කියන කාලවකවානුවේ දී තවත් බෝසත්වරු කිහිපදෙනෙක් ම මට ආධාර අනුබල දීමට ඉදිරිපත්ව සිටියහ. සත් බුදුවරුන්ගේ බලය තුළින් අපූරු හැකියා ලබන හැටි බෝසත්වරු මට කියා දුන්හ.’’ (2018. 9. 11 දිවයින)
‘‘ථෙරවාදී ආචාර්යවරු’’ නිවන් මඟ වසා දැමීමට චෝදනා කරන්නේ නම් ඒ බව ධර්ම ශාස්තරීය ලෙස තරිපිටයකට අනුගතව පෙන්වා දෙනවා මිස මෙවැනි උමතු කතාවන්ගෙන් පාඨකයා මුලා කරවන්නේ කුමක් නිසා ද?
එම ලිපිනයේ ඉන්පසු සඳහන් කරන්නේ තවත් උමතු කථාවකි. එනම් ‘‘සත් බුදු භාවනා අභ්යාසය’’ මෙවැනි භාවනාවක් තරිපිටකයේ නොමැත. මෙවැනි අභ්යාසයන් යම් කෙනකුන් කරන්නේ නම් ඔහු මනෝ වෛද්යවරයකුට නොබෝ දිනකින් යොමු කිරීමට සිදු වනු නො අනුමානයි.
2018. 9. 23 දින ‘‘මාර්ග ඵල ලාභීන්ට පරසිත් දැකිය හැකිය’’ යන හිසින් පළ වූ ලිපියේ ‘‘චිත්තක්ෂණ ඇසුරෙන් මාර්ග ඵල විස්තර කරදීමේ කරම සියල්ල මුල් බුදුසමයට ආගන්තුකය. චිත්තක්ෂණ පිළිබඳ කතාව දුරදිග ගෙන ගියේ මහා විහාරවාසීන් විසිනි. මහා විහාරික ථෙරවාදී න්යාය අනුව සෝවාන් මාර්ගය එක චිත්තක්ෂණිකය. එනමුත් මූලික සූතර තුළින් මතුවන අදහස් ඊට හාත්පසින් ම විරෝධීය.’’ යනුවෙන් මේ මහා ධර්මධර නිලන්ත හෙට්ටිගේ මහතා මහා විහාරීය භික්ෂුන් වහන්සේලාට චෝදනා කරයි. එහෙත් ඊට මොහු කිසිදු ධර්ම යුක්තියක් නො දක්වයි. චිත්තක්ෂණ ඇසුරෙන් මාර්ගඵල විස්තර කිරීමට බුදුදහමට ආගන්තුක නොවේ. මොහු මුල් බුදුසමය යනුවෙන් හඳුන්වන්නේ කුමක් දැයි දන්නා බවක් නොපෙනේ. කෙසේ වුවත් මහා විහාරයීය ධර්ම විනයධර ස්වාමීන්වහන්සේලාට මොහු චෝදනා කරන්නේ කිසිදු ධර්මමය පදනමක් නොමැතිවය. මෙය බරපතළ සාහසික කරියාවකි.
කෙසේ වුවත් මොහු කියන්නේ කුමක් දැයි ඔහුටවත් නොතේරෙන බව නම් මේ ලිපි අන්තර්ගතයන්ගේ මනාව පැහැදිලි කරුණකි.
‘‘සෝවාන් මාර්ගය ඒක චිත්තක්ෂණිකය. එනමුත් මූලික සූතර තුළින් මතුවන අදහස් ඊට හාත්පසින් ම විරෝධීය’’ යනුවෙන් පරකාශ කරමින් ‘‘දක්ෂිණා විභංග සූතරය අනුව සෝතාපන්න මාර්ගලාභියා දක්ෂිණාවට සුදුස්සෙකි. එසේ ම සද්ධානුසාරී සහ ධම්මානුසාරී යනුවෙන් මාර්ග ලාභීහු දෙදෙනෙක් වෙති.’’ මෙයින් ඔහුගේ තර්ක සාධනයක් සිදු නොවේ. තර්කයන් බිඳීමක් ම වේ. එසේ ම අන්යොන්ය සම්බන්ධතාවක් එම අදහස්වල නොමැත. නිදසුන් වශයෙන් ‘‘සෝතාපන්න මාර්ගලාභියා දක්ෂිණාවට සුදුස්සෙකි. එසේ ම සද්ධානුසාරී, ධම්මානුසාරී… ය. මොහු මේ වචන යොදන්නේ ඒ පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරවයි. එම නිසා මේ පටලැවිල්ල වී ඇත.
රිපිටක ධර්මය නිසි ලෙස අධ්යයනය නොකොට අතනින් මෙතනින් ඇහිඳ ගෙන අතනින් මෙතැනින් අසා හෙට්ටිගේ මහතා සිදු කරන මෙම සාහසික කරියාව කුමක් දැයි දැන ගැනීම පිිණිස මේ වගන්ති ටික වුව ද පරමාණවත් ය. එනම්, ‘‘තව ද ඨිතකප්ප සූතරය අනුව සෝතාපන්න මාර්ගලාභියා කල්පස්ථායී පුද්ගලයකි. ඔහු මාර්ගයට පැමිණි පසු කල්ප විනාශයට කල් එළැඹුනොත් ඒ තැනැත්තා ඵලයට පත්වන තෙක්් කල්ප විනාශය කල්යයි.’’
ඨිතකප්ප සූතරය යි කියා සූතරයක් තරිපිටකයේ නැත. එම නිසා ඉහත පරකාශය සපුරා වැරදියි.
එහෙත් මොහුගේ දෝෂ දර්ශනයට ලක් වන ශ්රේෂ්ඨ මහාවිහාරයයි. භික්ෂුවක් වන බුද්ධඝෝෂ ස්වාමින්වහන්සේ විසින් ඉහත අදහස ස්වකීය අටුවා ගරන්ථයන්හි දක්වන ලදි. එය විවරණය කරන්නේ ‘‘නහි මග්ගසමාධිම්හි උප්පන්නේ තස්ස ඵලූප්පත්ති නිසේධකෝ කොචි අන්තරායෝ අත්ථි’’ යන බුද්ධ දේශනාව අනුවයි. හුදෙක් බුදුගොස් හිමියන්ගේ කල්පස්ථායි උපමාව ආනන්තරික ස්වාධිය විස්තර කිරීමට භාවිත ය.
මොහු කියන සෑම කරුණක් පාහේ පරස්පර විරෝධීය. මහා විහාරිය සම්පරදාය විවේචනය කිරීමට තරම් ධර්ම ඥානයක් මොහුට නැති බව මේ ලිපි දෙකක් මනාව පැහැදිලි කරුණකි. අනික මහා විහාරීය සම්පරදාය යනු මුල් බුදුසමය යි. මුල් බුදුසමය යනු චතුරාර්යසත්ය, කර්මය පුනර්භවය ආදිය යි. ඒනිසා ථෙරවාද සම්පරදායේ කිසිදු ධර්ම විරෝධී ආකල්පයක් නොමැත.
මෙම ලේඛකයා බුදුදහම බෞද්ධ විඥානයෙන් අධ්යයනය නොකොට අඳුරේ අතපත ගාන බැවින් මහා මුලාවකට පත්ව පාඨකයා ද ඒ අඳුරට ඇද දමයි. ඊට තවත් නිදසුනකි.
‘‘සෝතාපන්න මාර්ගලාභියා ඵලයට පැමිණීමට පෙර උත්සාය අත්හළහොත් නැවත පෘතග්ජනයෙක් බවට පත් වෙයි. එම තත්ත්වය සේඛ පරිහානිය නම් වේ.’’
සෝවාන් මාර්ගඵල ලාභියා උත්සාහය අත්හළ හොත් පෘථග්ජන භාවයට පත් වේ යැයි කිරීම සපුරා ධර්ම විරෝධීය. ‘‘සේඛ පරිහානිය නම් වේ.’’
සෝවාන් මාර්ගඵල ලාභියා උත්සාහය අත්හළහොත් පෘථග්ජන භාවයට පත් වේ යැයි කිරීම සපුරා ධර්ම විරෝධීය. ‘‘සේඛ පරිහානිය’’ යනුවෙන් අදහස් කරන්නේ ඔබ ඉහත සඳහන් කරන තත්ත්වය නොවේ. ඔබ එසේ සඳහන් කරන්නේ සූතර අධ්යයනය නොකළ හෙයිනි.
සෝවාන් මාර්ගයට පත් උතුම් කිසිසේත්ම මාර්ගයෙන් පිරිහෙන්නේ නැත. අනිවාර්යයෙන් ම ඵලයට පත්වන්නේ ය. ඔබගේ නිගමනය සපුරා වැරදියි. ධර්ම විනය විරෝධී යි. බුදුබණ වරදවා කියන්නේ ය.
සෝවාන් මාර්ග සිතට අනතුරුව නොවරදවාම ඵලයට පත් වන්නේයි. බුදුරජාණන් වහන්සේ වදාළ සේක. එය හඳුන්වන්නේ ‘‘ආනන්තරික සමාධිය’’ යනුවෙනි. රතන සූතරයේ එය ඉතා පරකට වේ.
කෙසේ වුවත් ඔබගේ ලිපියේ තරිපිටකයේ අහවල් අහවල් කරුණු එක් තැනක පමණක් ඇතැයි පරකාශ කරන්නේ පාඨකයා මුලා කිරීමටය. අවසාන වශයෙන් පැවසිය යුත්තේ නිලන්තහෙට්ටිගේ න්යාය අනුව ‘‘අක්ෂ්යෝභ්ය හැර අනෙක් එනම් වෛරෝචන, රත්න සම්භව අමිතාභ, අමෝඝ සිද්ධි යන මහායානික සිවු බුදුවරු ‘‘බුද්ධක්ෂෙතර’’ බබලවමින් මට වදාරන්නෝ දිවයින ඉරිදා සංගරහයට නිලන්ත හෙට්ටිගේ නැමැත්තා ඇදබාන්නේ පට්ටපල් බොරුයි. හිතළුයි. ලාංකේය ථෙරවාද බුදුදහම විනාශ කොට අන්යාගමික බලපෑම් රටේ ව්යාප්ත කිරීමට ගන්නා මේ උත්සාහයට පාඨක ඔබ මුලා නොවන ලෙසයි.’’