Home » පුවත් පත් ප්‍රකාශන » විපතේ උල්පත බොරුවයි

විපතේ උල්පත බොරුවයි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18

අරියකන්ත සීලය හෙවත් පඤ්ච සීලයේ සිව්වැනි ශික්‍ෂාපදය “මුසාවාදා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි”. මේ සිල්පදය පිළිබඳ ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් ම මේ සියලු දේ පිළිබඳව අවධානයෙන් මේ ගැන අප සාකච්ඡා කරන්නේ. ඔය සංයුක්‌ත නිකායේ නිදාන වර්ගයේ පඤ්චභයවේර සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා. එනම්”

“මුසාවාදී, මුසාවාදපච්චයා දිට්‌ඨධම්මකම්පි භයං වේරං

පසවති. සම්පරායිකම්පි භයං වේරං පසවති,චේතසිකම්පි දුක්‌ඛං දොමනස්‌සං පටිසංවේදයති. මුසාවාදා පටිවිරතස්‌ස එවං තං භයං වේරං වූපසන්තං හොති.”

මේ පාලි පාඨයේ තේරුම මෙසේය. එනම් බොරු කියන සුලු පුද්ගලයා බොරු හේතුවෙන් මොලොවදී යම් බියක්‌ වෛරයක්‌

රැස්‌ කරනවා. මිය ගියාට පසු යම් බියක්‌ වෛරයක්‌ රැස්‌ කරනවා. චෛතසික වශයෙනුත් දුක්‌ දොම්නසක්‌ ඇති වෙනවා. නැතහොත් සිත් පීඩා විඳිනවා. ඒනිසා බොරු කීමෙන් ඈත් වූ කෙනාට බියක්‌ වෛරයක්‌ නෑ. මේ දේශනාවෙන් පේනවා නේද? බොරු කීමේ ආදිනව. ඇත්ත වශයෙන්ම “බොරු” යන වචනයට දීර්ඝ ඉතිහාසයක්‌ නෑ. කොහොම වුණත් මෑතක්‌ වනතුරුම “බොරු” කියන වචනයට “මුසවා” යනුවෙන් ව්‍යවහාර කර තිබෙනවා.

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

වර්තමානයේ බුදු දහම පිළිබඳ පළල් දැනීමක්‌. චින්තනයක්‌ නැති පිරිසක්‌ අටුවා ආදී ග්‍රන්ථවලට දොස්‌ කියනවා. බුද්ධඝෝෂ හිමි ආදී කතුවරුන්ට දොස්‌ කියමින් පව් පුරවා ගන්නවා. ඇත්ත වශයෙන්ම අටුවාචාරීන් වහන්සේලා පිළිබඳ අනවබෝධයෙන් ඒ අය මෙසේ බොරු කියන්නේ. ඒ නිසා දැන් පාඨක ඔබට අටුවාචාරීන් වහන්සේලා බුද්ධ වචනය විවරණය කරන අසිරිය, දක්‍ෂතාව අවබෝධ කර ගැනීමට දීඝ නිකාය, අටුවාවේ බ්‍රහ්මජාල සූත්‍ර අටුවාවේ “මුසාවාදා” කියන පදය පැහැදිලි කරන හැටි බලන්න.

“මුසාවාදං පහාහති, එත්ථ මුසාති විසංවාදන පුරෙක්‌ඛාරස්‌ස අත්ථ භජනකො වචීපයොගො කායපයෝගෝ වා, විසංවාදනාධිප්පායෙන පනස්‌ස පරවිසංවාදක කායවචීපයෝග සමුට්‌ඨාපිතා ෙච්තනා මුසාවාදෝ.”

මේ පාලි පාඨයේ තේරුම මෙහෙමයි. එනම් “මෙහි මුසා” යනුවෙන් නොගැළපෙන බොරු දේ කියා රැවටීමේ අදහසින් කරන වාක්‌ (වචනයෙන්) හෝ කාය ප්‍රයෝගය කියයි. බොරු දේ කියන අදහසින් අනුන් රවටවන කාය වාග් බොරු ෙච්තනාව මුසාවාදයයි.”

තවත් සරලව කියනවා නම්, “මුසා” යනු නොගැළපෙන බොරු දේ කියා රැවටීමේ අදහසින් කරන වාග් හෝ කාය ප්‍රයෝගයි. ප්‍රයෝග කියන වචනයේ තේරුම උපය – යෙදීම – ක්‍රියාව ආදියයි. බොරු දේ කියන අදහසින් අනුන් රවටවන කාය වාග්මය බොරු ෙච්තනාව මුසාවාදයයි.

තවදුරටත් අටුවාව මේ ගුණ පැහැදිලි කරන්නේ මෙහෙමයි.

“අපරො නයෝ, මුසාති අභූතං අතච්ඡං වFථු – තවත් ක්‍රමය

මුසා නම් සිදු නොවූ, අසත්‍ය දෙයයි. වාදොති, තස්‌ස භූතතො තච්ඡතො විඤ්ඤාපනං – වාද නම් එය සිදුවූ දෙයක්‌, සත්‍ය දෙයක්‌ වශයෙන් දැක්‌වීමයි. “ලක්‌ඛණතො පන අත්ථං වථුං තථතො පරං විඤ්පෙතුකාවස්‌ස තථා

විඤ්ඤත්ති සමුට්‌ඨාපිතා ෙච්තනා මුසාවාදෝ. ලක්‍ෂණ වශයෙන් නම් අසත්‍ය වූ දෙයක්‌ සත්‍ය වශයෙන් අන් කෙනකුට හඟවනු කැමැති පුද්ගලයෙක්‌ එසේ හඟවනු කැමැති ෙච්තනාව මුසාවාදයයි.”

සො යමථං භජති, තස්‌ස අප්පතාය අප්පසාවඡ්ජෝ

මහන්තතාය මහාසාවඡ්ජෝ අපි ච ගහනං අත්තනො

සන්තකං අදාතු කාමතාස ” නFථිති ආදීනයප්පවත්තො අප්පසාවජජො, සක්‌නා හුත්වා

අත්ථ භජනFථං වුත්තො මහාසාවඡ්ජා පබ්බජිතානං

අප්පමත්තකම්පි තෙලා වා සප්පිංවා ලභිFවා

හස්‌සාදිප්පායෙන “අඡ්ජගාමෙ තෙලා නදී මඤ්ඤෙ පන්දති ති පුරාණ කථනයෙන පවත්තෝ අප්ප මඡ්ජා

අදිට්‌ඨංයෙව පන දිට්‌ඨන්ති ආ දිනා නයෙන

වදන්තානං මහාසාවඡ්පු.

ඔහු එහි යම් අදහසක්‌ භජනය කරයි ද එහි අල්ප බව ප්‍රමාණයේ හැටියට අල්පසාවද්‍ය ද විශාල බවේ හැටියට මහා සාවද්‍ය ද වෙයි. එසේම ගිහියන්ට තමා සතු දෙයක්‌ නොදෙන අදහසින් “නැත” යනාදි ක්‍රමයට හැසිරීම අල්පසාවද්‍යයි. ප්‍රත්‍යක්‍ෂ වශයෙන් තේරුම භාජනය කරනු සඳහා කියයිද එය මහාසාවද්‍යයයි. පැවිද්දන්ට තෙල් හෝ ගිතෙල් ටිකක්‌ ලැබ බොරුවට කවටකමට “අද ගමේ තෙල් ගඟ ගලන්නාක්‌ මෙන් සිතමි” යනුවෙන් පුරාණකතා ක්‍රමයෙන් කියයිද එය අල්පසාවද්‍යයි. නොදැක්‌ක දෙය දකින ලදැයි යනාදි වශයෙන් කියන්නන්ගේ කියමන් මහාසාවද්‍යයයි.

තවදුරටත් මෙසේ අටුවාව කියනවා. එනම් “මුසාවාදය සම්පූර්ණ වීමේ අංශ සතරකි. “චත්තාරො සම්භාරා හොන්ති – අත්ථං වFථු විසංවාදන චිත්තං

තඡ්ජො වායාමො පරස්‌ස තදථෙවිජානනන්ති” වශයෙන් සාහත්ථිකයම එක ක්‍රමයක්‌. එය කයින් හෝ කය හා සම්බන්ධ වූ වචනයකින් හෝ අනුන් බොරුවෙන් රැවටීමේ ක්‍රියාවකින් යෙදෙන බව දත යුතුයි. ඒ නිසා ඒ ක්‍රියාවෙන් ඔහු එය දැන ගනී ද කරන්නා ක්‍රියාව සිදු කරන ෙච්තනාව ඇති වූ විටම මුසාවාද කර්මය සිදු වෙනවා. යම් හෙයකින් කය හා සම්බන්ධ වූ වචනයන්ගෙන් අනුන් බොරුවෙන් රවටයිද, එසේම මොහුට කියව යනුවෙන් අණ කරයිද, කොළයක ලියා ඉදිරියෙන් ද දමයි ද එසේම මෙහි අදහස මෙසේ දැනගත්තායි බිත්ති ආදියේ ලියා තබයිද ඒ නිසා මෙහි ආණත්තික නිස්‌සග්ගිය ථාවර යන ප්‍රයෝග යෙදෙයි”

මේ අටුවාවේ සඳහන් පරිදි පාලි පාඨත් සමග මෙන්ම සිංහල අරුත පමණක්‌ වශයෙන් අප ඉදිරිපත් කළේ දහම තේරුම් ගන්න හැටි තේරුම් ගැනීමටයි.

පාඨක ඔබට මේ ඉදිරිපත් කළ කරුණු එකවර අවබෝධ නොවේ. ඒවා තවත් සාකච්ඡාවකින් අප පැහැදිලි කරනවා.

ඉහත සඳහන් කළා බොරු කීමේ අකුසලය සම්පූර්ණ වීමට අවශ්‍ය කරුණු සතරකි. එය වඩාත් පැහැදිලි වීම සඳහා නැවත ගෙනහැර දක්‌වන්නම්, එනම්,

1 ඇත්තක්‌ නොවීම – අථං වත්ථු

2. රවටන සිත – විසංවාදන චිත්තං

3. උත්සාහය – කීම ….. තඡ්ජො වායාමෝ

4. අසන්නා පිළිගැනීම – පරස්‌ස තදථෙ විජානනං

මුසාවාදය අකුසලකම_ය සිදුවීමේදී මේ කරුණු සතර ම ක්‍රියාත්මක වෙනවා. ඇත්තක්‌ නොවීම, ඒ වාගේම අනුන් රවටන සිත් බිඳින, සිතක්‌ පහළ වෙනවා. එම අකුසල සිත වාචසිකව හෝ ලිතව හෝ අංග ලක්‍ෂණයන්ගෙන් හෝ ප්‍රකාශ කළ යුතුයි. එම ප්‍රකාශනය අසන්නා පිළිගන්නවාත් සමඟ ම අකුසල කම_ පථයක්‌ බවට පත් වෙනවා. සියලු අකුසල් ඇතිවීමේ මූලික හේතු ලෝභ- ද්වේෂ – මෝහයි. ඒ ගැන අප මීට පෙර සාකච්ඡාවලදී සඳහන් කළා. එම නිසා මුසාවාද කම_ය කිරීමට වඩා ආසන්න වන අකුසල මූලය ද්වේෂයයි. ඇතැම් අවස්‌ථාවලදී ආසන්න හේතුව ලෝභය විය හැකියි. ඒ ආදී වශයෙන් ආසන්න හේතුවක්‌ සඳහන් කළාට එකම හේතුවකින් අකුසල සිදු නොවේ. අප ඒ සාකච්ඡාවේදී මූලධර්ම වශයෙනි යම් යම් කරුණු සඳහන් කරන්නේ.

ලොව බොහෝ විපත්තිවලට හේතුව රජවරුන්ගේ වැරැදි පාලන ක්‍රමයයි. රජවරු නැතහොත් පාලකයෝ තම තමාගේ පාලන පහසුව උදෙසා, තම සැප උදෙසා ශිෂ්ට සම්පන්න ගුණධර්ම පවා පාවා දෙනවා. ඒක බලකාමයේ ස්‌වභාවයයි. ගුණධර්ම තම නායකයා වශයෙන් සලකමින් දැහැමින් සෙමින් රටවල් පාලනය කළ රජවරු සිටියා. කෙසේ වුවත් මෙලොව මුලින්ම බොරුවක්‌ කියා ඇත්තෙත් රජ කෙනෙක්‌මයි. බොරුවේ උපත රජෙකු නිසා සිදුවූයේ යෑයි ත්‍රිපිටකයේ අන්තර්ගත ජාතක පාලියේ සඳහන් වෙනවා. ජාතක පාලියේ කෙටියෙන් සඳහන් කළ වස්‌තුව ජාතක අටුවාවේ විස්‌තර කරනවා. ජාතක අටුවාව අනුව රචිත ග්‍රන්ථය ජාතක පොත වශයෙන් ප්‍රචලිතයි. ඔය ජාතක පොතේ 416 වැනි ජාතකය ෙච්තිය ජාතකයයි. ෙච්තිය ජාතකයේ සඳහන් වෙනවා මුලින්ම බොරුව කීවේ ෙච්තිය රජතුමා බව. නිතර නිතර බොරු කියන මිනිසුන්ට ජනවහරේ කියන්නේ එයා හරියට ෙච්තිය රජතුමා වගේ කියා.

ෙච්තිය රජුගේ පුරෝහිත තනතුරේ සිටි කපිල බමුණා වයසට ගිය බැවින් එම තනතුරෙන් ඉල්ලා අස්‌වී ඊට සුදුසුකම් සපුරා ඇති ව සිටි ඔහුගේ පුතා එම තනතුරට පත් කොට ඒ බමුණා තපසට ගියා. මේ පත් කිරීමට රජතුමා අකැමැත්තක්‌ දැක්‌වුයේ නෑ. ඒ නිසා රජතුමා කුඩා කාලයේ සිට ආශ්‍රය කළ බමුණාගේ සහෝදරයකු වන කෝරකළඹ පුරෝහිත තනතුරට පත් කර පෙර ෙච්තිය නම් රජෙක්‌ සිsටියා. කපිල නම් බමුණෙක්‌ ඔහුගේ පුරෝහිත තනතුරේ සිටියා. බොහෝ වයසට ගොස්‌ සිටි නිසා කපිල බමුණා සුදුසුකම් සපුරා සිටි තම පුතා පුරෝහිත තනතුරට පත් කොට තපස්‌ රැකීමට වනගත වුණා. කපිල බමුණාට කෝරකලඹ නම් බාල සහෝදරයෙක්‌ සිටියා. කෝරකළඹ ෙච්තිය රජුගේ වැලිකෙළියේ සිට හොඳ මිත්‍රයෙක්‌. ඒ නිසා පුරෝහිත තනතුරට ඔහු පත්කර ගැනීමට රජතුමා කල්පනා කළා. එයට කෝරකළඹ සතුටු වුණේ නෑ. කෙසේ හෝ ඔහුම පුරෝහිතකමට පත් කර ගැනීමට රජතුමාට අවශ්‍ය වුණා. මේ සඳහා කළ උපක්‍රමය නම් මල්ලී අයියා කොට, අයියා මල්ලී කිරීමයි. ඒ කියන්නේ කපිල බමුණා කෝරකළඹ බමුණාගේ මල්ලී. දැන් මල්ලී කපිලට වඩා වැඩිමහලුයි කියා ජනතාවට හැඟවීමෙන් තනතුර වෙනස්‌ කළ හැකියි. මෙයටත් කෝරකළඹ කැමැති වුණේ නෑ. කෙසේ වුවත් අසවල් දවසේ රජතුමා බොරුවක්‌ කියා එම පුරෝහිතකමට මල්ලී පත් කර ගන්නවා යෑයි ජනතාව අතර පැතිරුණා. මේ නිසා මෙතෙක්‌ බොරුවක්‌ අසා නැති ජනතාව බොරු නම් උල්ද වටකුරු ද, රවුම් ද, රතු ද, සුදු දැයි දැන ගැනීමට රැස්‌ වුණා. එදින මහා බලසම්පන්න කපිල තවුසා ද පැමිණ බොරු නොකියන ලෙස රජතුමාගෙන් ඉල්ලීමක්‌ කළා. එය ඇසුවේ නැත. කොහොම වුණත් රජතුමා ඉහත කී පරිදි උප්පැන්නය වෙනස්‌ කිරීම කළා. මෙසේ බොරු කී නිසා රජතුමා වටා සිටි ආරක්‍ෂක ගැමියන් පලා ගියා. ඒ අවස්‌ථාවේ හිටපු පුරෝහිත කපිල තවුසා මෙහෙම කියනවා.

1. අලිකං භාසමානස්‌ස අපක්‌කමන්ති දෙවතා

පූතිකඤ්ච මුඛං චාති සකට්‌ඨානාච ධංපති……..

මහරජ, ආරක්‍ෂක දේවතාවෝ බොරු කියන්නා හැරයති. බොරු කියන්නාගේ මුවින් කුණු ගඳ ගසයි. තමා පිරිහෙයි.

2. අකාලේ වස්‌සති තස්‌ස කාලේ තස්‌ස නවස්‌සති

යෝජනං පෙච්äතෝ පඤ්හං අඤ්ඤථානං වියාකරේ

මහරජ යමෙක්‌ ප්‍රශ්න කරන විට දැන දැන අන් අයුරකින් පවසන්නේ ද නැත හොත් බොරු කියන්නේ ද ඒ රජුගේ රටට අකාලයේ වැසි වසී. සුදුසු කාලයේ වැසි නොවසී.

3. ජිහ්වා තස්‌ස ද්විධා හොති උරගස්‌සේව දිසම්පති

යො ජානං පුච්äතෝ පඤ්හං අඤ්ඤථා නං වියාකරේ

මහරජ, යමෙක්‌ ප්‍රශ්නයක්‌ අසන ලද්දේ දැන දැනම අන් අයුරකින් විස¹ ද ඔහුට සර්පයන්ට මෙන් දිව දෙකක්‌ වන්නේය.

4. ජිහ්වා තස්‌ස නභවති වච්ඡස්‌සේව දිසම්පති

යෝ ජානං පුච්äතො පඤ්හං අඤ්ඤථා නං වියාකරේ.

මහරජ යමෙක්‌ ප්‍රශ්නයක්‌ අසන ලද්දේ දැන දැන අන් අයුරකින් විස¹ ද ඔහුට මාළුවෙකුට වගේ දිවක්‌ නොවන්නේය. ආදී වශයෙන් බොරු කීමේ ආදීනව පෙන්වා දුන්හ.

මේ ගාථා සඳහන් වන්නේ ජාතක පාලියේ අට්‌ඨක වර්ගයේ කච්චානි වර්ගයේ. එහි තවත් ගාථා තිබෙනවා.

දැන දැන බොරු කියන්නාට කළ නොහැකි පවක්‌ නෑ කියා මඡ්Cධිම නිකායේ අම්බලට්‌ඨිරාහුලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා. තම දරුවකු හෝ ආයතනයක සේවකයකු හෝ ප්‍රධානියකු හෝ නිතර නිතර බොරු කියනවා නම් ඒ පුද්ගලයන්ගෙන් අවැඩක්‌ම වෙනවා. දෙමාපියන් නම් දරුවන්ගේ ඒ ස්‌වභාවය පිළිබඳ කල්පනාකාරීව සිටිමින් දරුවා පවින් වළක්‌වා ගත යුතුයි.

ගූථභාණී, පුප්ඵභාණී, මධුභාණී කියා පුද්ගලයන් තිදෙනෙක්‌ ගැන පුග්ගලපඤ්ඤත්ති ප්‍රකරණයේ ත්‍රික නිර්දේශයේ සඳහන් වෙනවා.

කතමාච පුග්ගලෝ ගූථභාණී, ඉද්ධකච්ෙච් පුග්ගලෝ මුසාවාදී හොති….. ආදී වශයෙන් එහි විස්‌තර කරනවා. එහි අදහස දළ වශයෙන් සඳහන් කරන්නම්. නිතර නිතර බොරු කීමට හුරු පුරුදු පුද්ගලයා අන් අයට අප්‍රිය වෙනවා. ඒ නිසා කියන දේ විශ්වාස කරන්නේ නැහැ. ගූථ කියන්නේ අසූචි. භාණී කියන්නේ කතා කියන්නා. ඒ අනුව පැහැදිලි වන්නේ නිතර නිතර බොරු කියන පුද්ගලයා අසූචියට බඳු කතා ඇති හෙයින් අන් අය පිළිකුල් කරන බවයි.

ඇත්ත වශයෙන් ම විපතේ උල්පත බොරු කීම. බොරු පොරොන්දු දීම, වංචා කිරීම ආදියත් මේ කර්මයට වැටෙනවා. බොරුවෙන් වංචාවෙන් සමාජය දූෂිත වූ විට සත්‍යයට තිබෙන තැන දුබල වෙනවා. මේ නිසා තමයි යුක්‌තියට, ධර්මයට සමාජයේ ඉඩ නැති වෙන්නේ. බොරු කියන්නාට කළ නොහැකි පවක්‌ නැහැ කියා අපි කලින් සඳහන් කළා. ඕනෑම අපරාධයක්‌ විනාශයක්‌ කිරීමට මුසාබස්‌ දොඩන්නා පෙළැඹෙනවා.

බෝධිසත්වයන් වහන්සේ පාරමි ධර්ම පුරන ආත්මභාවවල කිසිම අවස්‌ථාවක බොරුවක්‌ කියා නෑ. එහෙත් ඒ ඒ ආත්මභාවවල අනෙක්‌ අකුසල ඇතැම්විට සිදුවී තිබෙනවා. මේ සඳහා හොඳ උදාහරණයක්‌ ලෙස ජාතක පාලියේ සඳහන් හාරිත ජාතකය පෙන්වා දෙන්න පුළුවන්.

මේ මාතෘකාව පිළිබඳ තවත් ලිපියක්‌ බලාපොරොත්තුවන්න

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

ධර්ම සංවාදය-වසන්ත ලියනගේ