Home » විමර්ශන » ථෙරවාද සම්ප‍්‍රදාය වනසන අසපු සංස්කෘතිය

ථෙරවාද සම්ප‍්‍රදාය වනසන අසපු සංස්කෘතිය

බුදුරජාණන් වහන්සේ වදාළ නිර්වාණ මාර්ගය අන්තර්ගත චිරසම්භාවිත ලාංකේය ථේරීය සම්ප‍්‍රදාය විනාශ කරන කූඨෝපක‍්‍රම පිළ සාකච්ඡුාවක් සිළුමිණ වෙසක් අතිරේකයේ (2010 මැයි 21* පළවිය. එහි දී නූතන අසපු සංස්කෘතියේ පෞරාණික සංස්කෘතිකත්වය පිළ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති, රාජකීය පණ්ඩිත ආචාර්ය කොටපිටියේ රාහුල හිමියන්ගේ සංලාපයෙහි දී ද අසපු සංස්කෘතිය විචාරයට ලක් කර තිබුණි. අප දෙනමගේ මේ අදහස්වලින් උදහස් වූ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ජූනි 27 දින සිළුමිණ ලිපියක් ලියමින් ශාසන සම්ප‍්‍රදායට පටහැනි වූ නූතන අසපු සංස්කෘතියේ වගකීම් බාරගෙන තිබුණි. එහි අන්තර්ගත කරුණු කෙසේ වුවත් වක්‍රොත්තියෙන් අප ඉදිරිපත් කරන ලද කරුණු පි

දෙතොල් වදනින් මුසපත් වූ කෙනෙකු හැර අන් පාඨකයාට කිරිබත්ගොඩ හිමිගේ අධ්‍යාත්මික ප‍්‍රගතිය මෙන් ම ධර්ම ඥානයේ ස්වභාවයත් අවබෝධ කර ගැණීමට මනා පසුබිමක් එම ලිපියේ තිබූ බව නම් නොකියාම බැරිය. උන්වහන්සේ චෝදනා කරන පරිදි අපගේ ලිපි බුදු දහමින් බැහැරට ගිය හෝ නින්දා අපහාස කිරීමක් හෝ මඩ ප‍්‍රහාරයක් හෝ නොව ‘‘වනං ýන්‍දථ මා රුක්ඛං’’ යන බුද්ධ වචනය අනුව කරන පුරෝකථනයකි. හුදෙක් එයින් අපට පව් සිදු නොවන බවත් අවශ්‍ය නම් ඒ මගට ධර්මානුකූල විනිශ්චයක් ලබා දිය හැකි බවත් ප‍්‍රකාශ කරමි.

මෑත භාගයේ වසන්ගත රෝගයක් සේ පැතිරෙන ශාසන විලෝමක ක‍්‍රියා කලාප පි සිටින බවත් ඔබ වහන්සේගේ පොඩිනමගේ හෙ

කෙසේ වුවත් සිළුමිණ පත්තරේ සඳහන් වූ පරිදි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි හා ශිෂ්‍ය භික්‍ෂූන් අතර ගැටුම අපට අදාළ නොවුවත් ප‍්‍රත්‍යවේක්‍ෂණයෙ.න් ස්වයං ශික්‍ෂණය පිණිස මැඳුම් සඟයේ අනංගණ සූත‍්‍රයේ දහම් නයක් පෙන්වා දෙන්නේ කරුණිකවයි. එනම්,

‘‘යම් භික්‍ෂූවකගේ ලාමක අකුසල් දුරු නොවූ බවක් දකිනු ලැබේ ද, අසනු ලැබේ ද, ඔහු ආරණ්‍යයක වූයේ, දුර බැහැර සෙනසුන්වල වාසය කළත්, පි`ඩුසිගා වැඩියත්, පාංශුකූලික වූවත්, රළු සිවුරු පෙරෙව්වත්, එකට වාසය කරන අය සබ‍්‍රම්සරුන් වහන්සෙලා ඒ භික්‍ෂුවට ගරු බුහුමන් නොකරති. කුමක් නිසා ද යත්, ආශා වශයෙන් පවතින ලාමක අකුසල් ඔහු විසින් ප‍්‍රහීණ නොකරන ලද බැවිනි. හාත්පසින් දිලිසෙන රන්තලියක නයිකුණක් හෝ බලූ කුණක් හෝ මිනී කුණක් හෝ බහා එවැනි ම රන්තලියකින් වසා, විථියක ගෙන යන කල් හි එය දැක මහජනයා මිහිරි, මිහිරි, සිත් අලවන වටිනා දෙයක් ගෙන යන්නේ යැයි සිතා වහුම් ඇර බලන විට පි

මේ නිසා ලෝකයාට කුමක් ප‍්‍රකාශ කළත්, සාධු චරිත මවා පෑවත් ඔහුගේ සැබෑ ස්වරූපය ලඟින් ම (සමීපතම) ඇසුරු කරන්නන්ගෙන් වසන් කළ නොහැක්කේ ය. බුදුරජාණන් වහන්සේ වදාළ සංයුක්ත නිකායේ කොසල සංයුක්තයේ ඇතුළත් සත්ත ජටිල සූත‍්‍රය කියවා බලා එහි ඇති ධම_ය අවබෝධ කර ගන්නේ නම් මේ ජනයා කොතරම් බුද්ධිමත් නොවන්නේද?

පෙළ දහම, අටුවා ටීකා හා තදනුබද්ධ සප‍්‍රමාණික කෘති ආශ‍්‍රිත මනා ශාස්තී‍්‍රය ශික්ෂණයෙන් හෙබි, ව්‍යක්ත, විශාරද, බහුශ‍්‍රැත, ධර්මානුධර්මප‍්‍රතිපන්න සම්භාවනීය මහාථෙරපාදයන් වහන්සේලා 33නමක් විසින් සම්පාදිත බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ‘‘අඩුපාඩු එමටය’’ යනුවෙන් කිරිබත්ගොඩ ඤානානන්ද හිමි චෝදනා කරයි. ‘‘කොරා ඉදිරියේ නොණ්ඩියා වීරයෙකි’’ :්ක්පද ප්බ සි ් යැරද ඉැදෙරු ් ජරසචචකැ* යන කියමන අනුව බුදුරජාණන් වහන්සේ වදාළ දහම පි

තමා වරදස නොදිස්නේ වෙරමා දොස් දිස්නේ නුවන් බැහැර න හමත් තමා මුත් නොදක්නේ කිම්.

ඇස ඇර පිටත බැලූවහොත් තමා හැර අන් සියළු දේ පෙනෙන්නා සේ තමන්ගේ වරදින් බිඳකුදු කෙනෙකුට නොපෙනේ. අනුන්ගේ වැරදි පෙනෙන්නේම ය.

එම නිසා 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළ ගැසෙන මේ අවස්ථාවේ ඓතිහාසික ශාසනික හා ජාතික කාර්යයක් වශයෙන් සිදුකළ බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාව විෂයෙහි කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි නඟන ‘‘චෝදනා පරිහාරය’’ සඳහා කරුණු විභාගය පිණිස විශේෂ විද්වත් කමිටුවක් නොව

කිරිබත්ගොඩ හිමියන්ගේ ධම_විරෝධී අශාස්තී‍්‍රය පදනම පාඨකයාට පසක් කිරීමෙහිලා උපයුක්ත කරුණක් උන්වහන්සේ සිළුමිණට ලියන ලිපියෙන්ම සංක්ෂිප්තව පෙන්වා දීම වැදගත් ය. එනම්, ‘‘ආශ‍්‍රමය යන වචනය මට යොදන්නට අවශ්‍යව තිබූ නමුත් එවිට මහමෙව්නාව ආශ‍්‍රමය යන්න දැම්මොත් නොගැලපේ. එසේ නම් දැමිය යුත්තේ මහමේඝව ආශ‍්‍රමය කියාය. මේ සංස්කෘත වචනය භාවිතයට වඩා හෙ

බෞද්ධ න්‍යාය විභාගයෙන් අන්තර්ගත ‘‘ස්වලක්ෂණ න්‍යාය’’ විනාශ කරණ අසපු පදය බිඳෙන්නේ සංස්කෘත ‘‘ආශ‍්‍රම’’ ශබ්දයෙනි. එහි පා

ආරාම ශබ්දය ව්‍යවහාර වන අයුරු ජෙතවනාරාම, වේළුවනාරාම සංඝාරාම ආදී ප‍්‍රයෝග විසින් පෙනේ. අරබ, අරබ්යි සෙල්ලිපිවල දක්නට ලැබෙන්නේ ආරාම ශබ්දයෙන් බිඳගත් රූඪියකි. බුද්ධත්වයෙන් පසු ටික කලක් ගත වන තුරු සඟරුවන උදෙසා ආරාම තැනීමක් බුදුරජාණන් වහන්සේ නොඅනුදැන වදාළ බව අනුජානාමි භික්ක්‍ඛවේ ආරාමං – මහාවග්ග පාලියේ මහාක්ඛන්‍ධකයේත් පැහැදි

බෞද්ධ විඤාණයෙන් ම දැන ගතයුතු බෞද්ධ මූලධම_ සමාජ දෘෂ්ටියෙන් හෝ අන්‍ය දෘෂ්ටියෙකින් එහි ස්වලක්ෂණ අවබෝධ කර කමිත්තා මහරහත් ස්ථවිරීන් ප‍්‍රමුඛ භික්ෂූන් සංඝයා වැඩ සිටි භික්ඛුනුපස්සය යන පාලි වදන හෙමිත්තා මහරහතන් වහන්සේ ශී‍්‍ර මහාබෝධීන් වහන්සේත් එහි 11 වන ගාථාවේ ‘‘භික්ඛුනුපස්සයෙ’’ යන පාලි පදය ‘‘අසපුවෙක්හි’’ යනුවෙන් පරිවර්තනය කරති. එසේ පරිවර්තනය කරන්නේ අනුලා දේවිය ප‍්‍රධාන කාන්තාවගේ දහසක් අපේ රටේ භික්ෂූණී ශාසනය පිහිටවීම පිණිස සඟමිත් රහතන් වහන්සේ වැඩම කරවන තෙක් කහවත් හැඳ නගරයේ වාසය කරන ගෘහය හැඳින්වීම පිණිසයි.

‘‘උපස්සය’’ යන පාලි වචනය පෙළෙ නොහැකි බවයි.

මේ හිමියන් ඉතා සැලසුම් සහගතව අසපුවෙන් ආරාමය ¥ෂ්‍යකරන සැටි තවදුරටත් පාඨකයාගේ අවධානය යොමු කෙරේ. ‘‘එවං මෙසුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමෙ’’ මෙය සූත‍්‍ර පිටකයේ බෙහෙවින් දක්නට ලැබෙන පාඨකයකි. මෙම පාඨය ‘‘බුද්ධජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්‍ථ මාලාව ප‍්‍රමුඛ ග‍්‍රන්ථයන් ඉහත පාලි වගන්තිය ‘‘මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පැවැත් නුවර ගොදුරුගමව් කොට අනේ පිඬුසිටුහුගේ දෙව්රම් නම් අරම්හි (ආරාමයෙහි) වැඩවසන සේක’’ යි සිංහලයට නඟයි.

තවද කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ එම සූත‍්‍ර පිටකයට අයත් ආශ්චර්යවත් ශී‍්‍ර සද්ධර්මය (සංයුක්ත නිකාය) සනාථ මාර්ගය නම් ඉහත ග‍්‍රන්ථයේ 117 පිටුවේ ‘‘ඒ භාග්‍යවතුන් වහන්සේගේ සවස් වරුවේ භාවනාවෙන් නැගිටල ඉස්තෝප්පුවේ වැඩ සිටියා’’

‘‘අශ්චර්යමත් ශ‍්‍රී සද්ධර්මය’’ නැමැති ග‍්‍රන්ථයෙහි ‘‘මා හට අසන්නට ලැබුණේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපි`ඩු සිටුතුමාගේ අසපුවේ’’ යනුවෙන් කටවහරට නගා ඇත. මේ ශෛලිය එක දිගට යන්නේ ද නොවේ. මේ බස අවියත්, අවිනිශ්චිතාර්ථය හඟවයි. ‘‘මා හට’’ යනු අප පාටයකි. ‘‘අසන්නට ලැබුණේ’’ යනු අවිනිශ්චිතාර්ථසුවක පදයයි. තව ද ආරාම යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධ ශ‍්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන් කොට හඳුනා ගැනීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලට පරිවර්තනය කිරීම ධර්මය විකෘති කිරීමකි. සිංහලට මෙය බිඳෙන්නේ ආශ‍්‍රය – අස්සම – අසපු යනුවෙනි. ආශ‍්‍රමයන් හි විසුවෝ බමුණෝ ය. පරිව‍්‍රාජකයෝ ය. බෞද්ධ ශ‍්‍රාවකයන් හැර සෙසු අන්‍ය ආගමිකයන් විසූ ස්ථාන යනුවෙන් හඳුන්වා ඇත. එම නිසා අසපු යන පදයත් සමග ගොඩ නැගෙන ආගමික – සංස්කෘතිය, යාගහෝම ආදී කරන, විවාහක පූජකයන් සිටින ස්ථානයකි. බෞද්ධ බික්‍ෂූන් වහන්සේලා සිටින්නේ පන්සල්වල ය. පන්සල් හෙවත් විහාරස්ථානය යන පදයත් සමඟ සිතට නැගෙන සංස්කෘතියක් ඇත. එය විස්තර කමිත්තා රහතන් වහන්සේ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම වීම ආදී ඓතිහාසික කරුණු අන්තර්ගත වේ. එහි 11 වන ගාථාවේ සඳහන් ‘‘භික්ඛුනුපස්සයේ’’ යන පාලි පදය හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ ප`ඩිතුමාගේ මහාවංස පරිවර්තනයේ දී ‘‘අසපුවෙක් හි’’ යනුවෙන් සිංහල බසට නඟා ඇත. මෙහි දී මහාවංස කර්තෘඥතා මහානාම හිමියෝ ‘‘භික්ඛුනුපස්සයෙ’’ යනුවෙන් යෙදීමත් එය ‘‘අසපුවෙක්හි’’ යනුවෙන් සිංහලට පෙරීමත් විමසා බැලිය යුතු කරුණකි. මෙම පද යෝජනාව භාෂාවේ අභිධාශක්තිය නොදන්නා කෙනෙක් මෙහි දී සාහසික ලෙස අරුත් ගන්වති.

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට වැඩම කළත් මේ වන තෙක් භික්‍ෂූණි ශාසනය ලක්දිව ආරම්භ නොවීය. එම නිසා මෙහි මෙහෙණි සසුන පිහිටුවීම පිණිස සඟමිත්තෙරණින් වහන්සේ වැඩම කරවීමට සියළු කටයුතු සංවිධානය කර තිබුණි. එහිලා ලංකාවේ අනුලා දේවිය ප‍්‍රධාන කාන්තාවෝ දහසක් පැවිදි වීමේ අපේක්‍ෂාවෙන් කහවත් හැඳ රජතුමා විසින් කරවන ලද සිත්කලූ ස්ථානයක වාසය කළ බව පහත ගාථාවෙන් කියැවේ. එනම්

නගරස්සෙකදෙසම්හි රම්මේ භික්ඛුනුපස්සයෙ

කාරාපිතෙ නරින්දෙන වාසං කප්පෙසි සුබ්බතා

(තේරුම – නුවර එක් පෙදෙසෙක් හි නරනිඳුහු විසින් කරවන ලද සිත්කලූ වූ මෙහෙණි අසපුවෙක්හි යහපත් වූත ඇතිව වාසය ක

තව ද පද්‍ය බන්‍ධනයෙහිලා ඡුන්‍දස් දෝෂ නොවීම පිණිස ඊට සුනිසි පද යොදා ගැණීමට පද්‍ය රචකයාට සිදු වේ. එසේ ම වාර්තා කථන රීතිය අනුව ඉහත යෙදුම කිසිසේත් නුසුදුසු නොවේ.

කෙසේ වුවත් ඉහත එම වෙනස එනම් පැවිද්ද අපේක්‍ෂාවෙන් බ‍්‍රහ්මචාරීව වසන එම කාන්තා නිවහන හැඳින්වීම පිනිස භාවිත ‘‘උපස්සය’’ සිංහලට පරිවත_නය කිරීමේ දී හික්කඩුවේ සුමංගල හිමි සහ බටුවන්තුඩාවේ ප`ඩිතුමා ‘‘අසපුව’’ යනුවෙන් යොදා ඇත. ඒ බව 11 වන පරිච්ෙඡ්දයේ 12 වන ගාථාවෙන් තවදුරටත් තහවුරු වේ. සඟමිත් තෙරණිය ද වැඩ සිටි එම භික්‍ඛුනුපස්සය නැතහොත් උපසිකා විහාරය ‘‘හත්ථාල්හක’’ විහාරය නමින් ද හැඳින් වේ. මේ අනුව ‘‘මහමෙව්නාවට’’ අසපුව යනුවෙන් ව්‍යවහාරයට ගැණීම උක්ත මහාවංස පරිවත_නයෙන් ඉදිරිපත් කරණ සාධකය අර්ථ ශූන්‍ය වේ. කිරිබත්ගොඩ හිමිගේ භාෂාඥානය මෙන් ම පරිවත_න ශික්‍ෂණයේ ඌනතාව මනාව මෙයින් ප‍්‍රකට කෙරේ. මේ දුර්වලතාව ස්ථූට කිරීම පිණිස තවත් නිදසුන් මෙහි දැක් වේ. එනම්,

සූත‍්‍ර පිටකයේ බොහෝ සූත‍්‍රවල දක්නට ලැබෙන ‘‘ඒවං මේසුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ’’ යන වගන්තිය බුද්ධ ජයන්ති ත‍්‍රිපිටක ග‍්‍රන්ථ පරිවත_නයෙහි හා ථේරීය සම්ප‍්‍රදාය පි

මෙම වගන්තිය පරිවර්තනයේ නිවැරදි රූඨිගත සිංහල රීතිය මෙයයි. එහෙත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ‘‘සූත‍්‍ර පිටකයට අයත් අශ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය’’ නමින් හඳුන්වන ග‍්‍රන්ථමාලාවේ උක්ත පාලි වගන්තිය ලියා ඇත්තේ මෙසේ ය. එනම් ‘‘මා හට අසන්නට ලැබුනේ මේ විදියටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වඩ සිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපි`ඩු සිටුතුමාගේ අසපුවේ’’ යනුවෙන් කටවහරට නඟා ඇත. බෞද්ධ අනන්‍යතාව ඉස්මතු වන ‘‘ආරාම’’ යන්නට ‘‘අසපුව’’ යනුවෙන් යෙදීමට මුන්වහන්සේ සාහසික වන්නේ කුමන පදනමක් නිසා ද? කලින් සඳහන් කළ පරිදි ‘‘ආරාම’’ යන පාලි ශබ්දය සෙසු ආගමිකයන් විසූ ස්ථානයන්ගෙන් බුද්ධ ශ‍්‍රාවකයන් වහන්සේලා වැඩ සිටි ස්ථාන වෙන් කොට හඳුනා ගැණීමට උපයුක්ත පදයකි. එම නිසා අසපු යනුවෙන් සිංහලට පරිවත_නය කිරීම ධර්මය විකෘති කිරිමකි. ආරාම – පන්සල – විහාරස්ථානය යන පදත් සමඟ චිරාත් කාලයක් සමඟ ගොඩනැගී ඇති සතට නැගෙන සංස්කෘතිය අසපු සංස්කෘතියෙන් විනාශ කරන්නේ ඇයි?

තවත් නිදසුනක් ‘‘එදා භාගවතුන් වහන්සේ හවස්වරුවේ භවනාවෙන් නැගිටලා ඉස්තෝප්පුවේ වැඩ සිටියා’’ (ආහ්චර්යවත් ශ‍්‍රී සද්ධර්මය – සංයුක්ත නිකාය – කිරිබත්ගොඩ හිමි – 177 පිටුව) ධර්ම ගෞරුත්‍වය, අර්ත්‍ථ ගෞරුත්වය, ඖචිත්‍යය, භාෂා සන්දර්භය, ශ‍්‍රද්ධාව, විනාශ කරන බෞද්ධ ජනවිඥානය විනාශ නොකරන්නේ ද? බාෂා පරිවර්තනයේ දී අනුගත ශාස්ත‍්‍රීය ශික්‍ෂණය ඇති තැනැත්තෙකු මෙවැනි විනාශකාරී සන්සිද්ධීන් සිදු නොකෙරේ.

කිරිබත්ගොඩ ඤානානන්ද හිමි ඉතා සැලසුම් සහගත අසපුවෙන් ආරාමය ¥ෂ්‍ය කරන සැටි ධර්ම ශාස්ත‍්‍රීය වශයෙන් තර්කානුකූලව උන්වහන්සේගේ පොතපතින් ධර්ම දේශනාවන්ගෙන් ව්‍යස්ථාවෙන් අසපු ගොඩනැගීමෙන් ජනතා කල්ලිවාද ආදී කරුණු විමර්ශනය කරමින් සහේතුකව පෙන්වා දීමට හැකි බව අභියෝගාත්මකව ප‍්‍රකාශ කරමි.