Home » විශේෂාංග » ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි අර්ථ විවරණය කරන්න

ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි අර්ථ විවරණය කරන්න

හෑගොඩ විපස්‌සි හිමිගෙන් අගමැතිට විවෘත සංදේශයක්‌

ජාතිවාදය සහ ආගම්වාදය යනු කුමක්‌දැයි නිදසුන් සහිතව අර්ථ විවරණය කරන්නැයි, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විවෘත සංදේශයක්‌ යවමින් රත්මලාන ධර්ම පර්යේෂණාලය අධිපති හෑගොඩ විපස්‌සි හිමියෝ ඉල්ලා සිටිති.

අගමැතිවරයා වෙත යවන ලද සංදේශය මෙසේය.

ඔබගේ වාග් කෝෂයේ ජාතිවාදය හා ආගම්වාදය යන දෙවදන මෑත භාගයේ සිට රැව්පිළිරැව් දෙමින් පවතියි. එසේම ජාතිවාදයට හා ආගම්වාදයට වැට බඳින පනත් කෙටුම්පතක්‌ ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත. මේ හේතූන් නිසා නුදුරු අනාගතයේ දී විශේෂයෙන් භික්‌ෂූන්වහන්සේ නමකට බණ ටිකක්‌ කීමට පවා පොලිසියේ අවසරය ලබා ගැනීමට සිදුවේදෝහේdයි භීතියක්‌ ඇතිවීම අසාධාරණ නොවේ. එම නිසා නොවළහා ජාතිවාදය හා ආගම්වාදය යනු කුමක්‌දැයි නිදසුන් සහිතව අර්ථ විවරණය කරමින් ඊට අදාළ සීමා ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා සිටිමි.

මාධ්‍යයන්හි සඳහන් වන ආකාරයටá වෙනම රාජ්‍යයක්‌ සඳහා අනුබල දෙන Rජු දේශනා කරන උතුරේ මහ ඇමැති විග්නේශ්වරම්, ජාතික ධජය එසවීම ප්‍රතික්‌ක්‍ෂෙ කළ බව කියන රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් ආදී මන්ත්‍රී ඇමැතිවරුන්ගේ ක්‍රියාකලාප පිළිබඳ ඔබගේ අවධානය යොමු නොවන්නේ කුමන කරුණක්‌ නිසා ද? කෙසේ වුවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි සංශෝධනයේ 7 වැනි උපලේඛනය විෂයෙහි වහා අවධානය යොමුවිය යුතු නොවේ ද? එනම්,

”….. වන මම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ආරක්‍ෂා කොට අනුගමනය කරන බවට ද ශ්‍රී ලංකාවේ දේශය තුළ වෙනම රජයක්‌ පිහිටුවීමට කෙළින් ම හෝ අන්‍යාකාරයකින් ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත ද ආධාර දීම, අනුබල දීම, අනුග්‍රහ දැක්‌වීම, මුදල් යෙදවීම, ධෛර්යදීම හෝ දේශනා කිරීම නොකරන බවටද ගෞරව බහුමානයෙන් යුක්‌තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. /දිවුරුම් දෙමි.”

එම නිසා සෑම මන්ත්‍රීවරයකුම මෙම ප්‍රතිඥාව රකින බවට නීතියෙන් බැඳී සිටින බවත් එම විධි විධාන කඩ කරමින් ක්‍රියාකරන කවර වුවද තැනැත්තකු අධිචෝදනාවක්‌ මත සහ නීතියෙන් නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව පවත්වනු ලබන නඩු විභාගයකින් පසු ඔහු විඳිය යුතු දඬුවම් පිළිබඳවත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 6 වැනි සංශෝධනයේ 157 වගන්තියේ බරපතල කොට අන්තර්ගතය. (එයද මේ සමඟ අමුණා ඇත.)

නිහස්‌ දින ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ආණ්‌ඩක්‍රම ව්‍යවස්‌ථාවේ 7 හා 83 වැනි වගන්තිවලට පටහැනි නොවේද?

නිදහස්‌ දින ගායනා කරන ලද ”දන්නෝ බුදුන්ගේ” යන ගීතය පෙරදිග සාහිත්‍ය විචාර මූලධර්ම අනුව ඖචිත්‍යහීන දෝෂයෙන් දූෂිතයි. ඖචිත්‍යය යනු උචිත බව නැතහොත් යෝග්‍ය බවයි. පෙරදිග සාහිත්‍ය, සංගීතය නාට්‍ය ආදී කලා ක්‍ෂේත්‍රයන්හි රස නිෂ්පත්ති ගුණ දෝෂ විභාගයේ දී ඖචිත්‍යය කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරනු ලැබේ. එම නිසා ඉපැරණි සිරිසඟබෝ නාට්‍යයේ තේමා ගීතය වන දන්නෝ බුදුන්ගේ ගීතය ශාන්ත රසය මුඛ්‍යකොට ගායනා කර තිබේ. එහෙත් නිදහස්‌ දා මෙම ගීතය විකෘති කොට ගායනා කිරීමෙන් එහි ස්‌වලක්‍ෂණ විනාශ කොට ඇත.

2015 වර්ෂයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශිත 11 ශ්‍රේණියේ ”සිංහල භාෂාව හා සාහිත්‍ය” පෙළ පොතෙහි ශ්‍රී ලංකාවේ ජුරාසික යුගය (25 පාඩම) හා මුස්‌ලිම් ජනතාවගේ සිරිත්විරිත් (26- පාඩම) යන පාඩම් අන්තර්ගත නිසා ඉහත කී ඖචිත්‍ය හීනදෝෂයෙන් මෙම පොත ද දූෂිතයි. මේවා පිළිබඳ විධිමත් පරීක්‍ෂණයක්‌ කොට නිවැරදි කළ යුතු බවද දන්වා සිටිමි.

උපුටා ගත් ලිපිය

//www.divaina.com/2016/03/04/news32.html