Home » වටිනා ධර්ම කරුණු » රැකීමට පහසු අපහසුම සීලය

ඇතැම්හු කය පිනවීමට දවසකට මුදල්, ශ්‍රමය, කාලය කොපමණ වැය කරත් ද? එනිසාම අපකීර්තියට පමණක් නොව ජීවිත හානියට ද පත් වූ අවස්ථා නොවෙත්ද? කායික ඉන්ද්‍රිය සංවර කරගන්ට උත්සාහ කරා නම් සැනසීමට පත්වේ. ඔබට යුක්ති සහගතව ධර්මානුකූලව ඉන්ද්‍රිය පිනවීමට බුදුදහමින් තහංචි නැත. කෙනෙක් ආවාහ විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් පී‍්‍රතිමත්ව ජීවත්වීම අගාරික බ්‍රහ්මචරිය (සදාර බ්‍රහ්මචරිය) ලෙස හඳුන්වයි. එයත් ශීලයකි. එවන් ජීවිත ගත කරන කාමභෝගී ගිහියෝ දෙවියන්ගේ වැඳුම් පිඳුම් වලට පවා පාත්‍ර වෙති. ඒ බව ‘පින් කරන සිල්වත් ස්වාමිපුරුෂයෙක් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරයි ද මම ඔවුන් වඳිමි.’ යනුවෙන් මාතලී දෙවියාට ශක්‍ර දේවේන්ද්‍රයා පැවැසීමෙන් පැහැදිලි වේ

කෙනෙක් අධිපති ධර්ම ගුරු තන්හි තබා කායික වාචසික සංවරය ඇති කර ගනිති. අධිපති ධර්ම මුල් කොට සීලය රැකීම, ප්‍රායෝගිකව පුහුණු කළ හැකි ඉතා හොඳ ධර්ම ක්‍රමයකි. ඒවා නම්,

1. අත්තාධිපතෙය්‍ය
2. ලොකාධිපතෙය්‍ය
3. ධම්මාධිපතෙය්‍ය යන කරුණු ය.z_p04-rakeema1

අත්තාධිපතෙය්‍ය යනු – තමන්ට නුසුදුසු දේ අත්හැර තමාම ගුරු කොට තමා කෙරෙහි ම ගෞරවයෙන් වැරදිවලින් වැළකී සිල් රැකීමයි. ආත්ම ගරුත්වය නොකෙළසා ආත්ම ගරුත්වය රැකෙන සේ ජීවත් වීම යනු මෙයම යි.

ලොකාධිපතෙය්‍ය සීලය යනු – ලෝකයාගෙන් පැමිණෙන අපවාද වලට බියෙන්, ලැජ්ජාවෙන් වැරදි නොකර සංවර වීමයි.

‘මත්පැන් බොන නිසා මට නොයෙක් දෙනා දොස් පරොස් නින්දා අපහාස කරනවා. එයින් වැළකී සිටීමට ඕනෑ’ ආදී වශයෙන් සළකා ලෝකාපවාදයෙන් ගැලවීමට කෙනෙක් වැරදි වලින් වැළකී සිටිත්.ධම්මාධිපතෙය්‍ය සීලය යනු – ධර්මය ගුරු තන්හි හෙවත් විශ්වාස කරන්නා, අදහන්නා (ආප්තයා) වශයෙන් තබා දුෂ්චරිත වලින් වැළකී සිටීමයි. මේ ක්‍රමය එනම් ධර්මය ආප්තයා (විශ්වාස කරන්නා) වශයෙන් ගැනීම ම නොවරදින මගයි.නිදසුනක් වශයෙන් වර්තමාන සමාජයේ කුඩු වැනි සමාජ විරෝධී ව්‍යාපාරවල නියැලෙන්නන් සුපිරි ජීවිත ගත කරනු පෙනෙයි. යමෙක් එවැන්නක් ආදර්ශයට ගෙන නමුත් එවැනි ව්‍යාපාර වලට සම්බන්ධ වී ඉක්මනින් ඉපැයීමට පෙළඹෙති. යම් අවස්ථාවක නීතියේ රැහැනට ඔහු අසු වී දුක්පීඩා විඳියි. ධම්මාධිපතෙය්‍ය වශයෙන් සීලය ආරක්‍ෂා කළා නම් එවන් ශෝචනීය තත්ත්වයක් ඔවුන්ට උදා නොවේ. තවද සත් ව්‍යාපාර වලින් ජීවත් වීම ආජිවපාරිශුද්ධ ශීලයට ද හේතු වේ. මේ නිසා සමාජය නොඅදහා ධර්මය ආප්තය වශයෙන් සළකා ජීවන රටාව ගොඩ නඟා ගැනීම නොවරදින මග (අපන්නක පටිපදා) වේ. අත්තාධිපතෙය්‍ය වශයෙන් ‘තමකම’ හිතට ගත් විට මාන්‍යාදී කෙලෙස් වලින් බරිතව දූෂිත වේ. මෙනිසා අධිපති ධර්මයන්ගෙන්, ධම්මාධිපතෙය්‍ය සීලය වඩා වැදගත් බව පැහැදිලි ය.

ඉන්ද්‍රිය සංවරය

ඇස්, කන, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රිය සය සංවරශීලීව පරිහරණය කිරීම සදාචාරාත්මක ජීවිතයේ පැවැත්ම වේ. ඉන්ද්‍රිය සංවර ශීල යනු එයයි. මේවා ගැන එකින් එක පැහැදිලි කිරීමට මෙහි අවකාශ නොවේ. එහෙත් එකක් දෙකක් ගැන සඳහන් කරන්නේ ඒ ඔස්සේ සිතන්නටයි.

ඔබේ රෝගයට පැණි රස අගුණයි. එයින් වැළකී සිටින්නට යැයි කී වරක් දොස්තර මහතා ඔබට අවවාද කර තිබේද? එහෙත් රසයෙහි ගිජු වූ ඔබට ඉන් වැළකී සිටීමට අපහසුයි නේද? දිව නැමැති ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් එවන් තත්ත්වයකට පත් නොවේ.

ඇතැම්හු කය පිනවීමට දවසකට මුදල්, ශ්‍රමය, කාලය කොපමණ වැය කරත් ද? එනිසාම අපකීර්තියට පමණක් නොව ජීවිත හානියට ද පත් වූ අවස්ථා නොවෙත්ද? කායික ඉන්ද්‍රිය සංවර කරගන්ට උත්සාහ කරා නම් සැනසීමට පත්වේ.

ඔබට යුක්ති සහගතව ධර්මානුකූලව ඉන්ද්‍රිය පිනවීමට බුදුදහමින් තහංචි නැත. කෙනෙක් ආවාහ විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් පී‍්‍රතිමත්ව ජීවත්වීම අගාරික බ්‍රහ්මචරිය (සදාර බ්‍රහ්මචරිය) ලෙස හඳුන්වයි. එයත් ශීලයකි. එවන් ජීවිත ගත කරන කාමභෝගී ගිහියෝ දෙවියන්ගේ වැඳුම් පිඳුම් වලට පවා පාත්‍ර වෙති. ඒ බව ‘පින් කරන සිල්වත් ස්වාමිපුරුෂයෙක් දැහැමින් අඹු දරුවන් පෝෂණය කරයි ද මම ඔවුන් වඳිමි.’ යනුවෙන් මාතලී දෙවියාට ශක්‍ර දේවේන්ද්‍රයා පැවැසීමෙන් පැහැදිලි වේ.

භක්තිවාදය පෙරදැරිව බෞද්ධ ශීලය ව්‍රතයක් කර ගත් පිරිසක් ද මේ සමාජයේ සිටිති. මේ සඳහා ඇතැම් භික්‍ෂූන් වහන්සේ විසින් ද අනුශාසනා පවත්වනු පෙනේ. එසේ පිළිපැදීමෙනුත් උක්ත පරමාර්ථ සාධනය නොවේ. ශීලව්‍රත බුදු දහම ප්‍රතික්‍ෂේප කරයි. විමර්ශන ශීලීව විටෙක බුද්ධියෙන් මේවා අවබෝධ කරගත යුතු ය.

ධර්මය දැනගත්තත් ඒවා පිළිපදින්නේ නැත්නම් එයින් ශාන්තියක් නොවේ. දැන ගැනීමත් පිළිපැදීමත් දෙඅංශය ම බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය වේ. දැනීමෙනුත් (විජ්ජා) හැදීමෙනුත් (චරණ) අගතැන්පත් නිසා බුදුරජාණන් වහන්සේ ‘විජ්ජාචර’ වන සේක. මේ බුදු ගුණ තොල් මැතිරීම නොව කළ යුත්තේ පුරුදු පුහුණු කිරීමයි.

සීලයෙන් ම නිවන් ද අවබෝධ කර ගත නොහැකි ය. එහෙත් නිවන් මාර්ගය සාක්‍ෂාක්‍ෂාත් කිරීමට ශීලය උපනිශ්‍රය (ඉවහල්) වේ.

සැනසිල්ල

ඔබ යම් කරුණක් හේතුකොට මොහොතක්, ක්‍ෂණිකවම ආවේගශීලි වේ. (කේන්තියට පත් වේ) කළ යුතු නොකළ යුතු දේ නොවැටහේ. මම සිල්වතෙක් කියා, ඒ මොහොතේ වහා සිතන්න. හදවතේ කැකෑරෙමින් නැගී එන චිත්තාවේගය කයින් වචනයෙන් එළියට නොදා සිටින්න. ඉවසීම ඇතිකර ගන්න. සීලයේ ප්‍රභේද සිහි නොවුවත් එලෙස පුහුණුව ලබා සිටී නම් සැනසිල්ල ඔබට උදා වේ.

උභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස
පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති

යමෙක් අනුන් කිපී සිටිනවා දැන සන්සිදේ නම් ඔහු තමාට ද අනුන්ට ද යන දෙදෙනාටම යහපත් සිදුකර ගනී.

උපුටාගත් ලිපිය http://www.lakehouse.lk/budusarana/2012/07/11/tmp.asp?ID=vision03