Home » පුවත් පත් ප්‍රකාශන » බුදුන් දවසේ සිටි කල්ලි අදත් සිටිනවා ද?

බුදුන් දවසේ සිටි කල්ලි අදත් සිටිනවා ද?

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 21

Ven.Hegoda VipassiTheroඅප පසුගිය ලිපියකින් කල්ලිය කියන්නේ කුමක්‌ද? කල්ලිවාදය කියන්නේ කුමක්‌ද කියා පැහැදිලි කිරීමක්‌ කරනු ලැබුවා.

බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මෙවැනි කල්ලි සිටියා. ඒ පිළිබඳව ත්‍රිපිටකයේ මෙන්ම අටුවාවේත් සඳහන් වෙනවා. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ බුදුන් දවසේ සිට මෙම කල්ලි ස්‌වභාවය සහ අදටත් එවැනි කල්ලි මෙම සමාජයේ පවතිනවාද යන්න විමසා බැලීමටයි.

බුදුන් දවසේ මෙම කල්ලි ගොඩනැඟී තිබුණේ දෘෂ්ඨිගතිකත්වය මතයි. ජබ්බග්ගිය භික්‌ෂූන්ගේ ක්‍රියා කලාපය විමසීමෙන් බුදුන් දවසේ කල්ලිවාදය ක්‍රියාත්මක වූයේ කෙසේද එහි ස්‌වභාවය කෙබඳුද යන්න අපට තේරුම් ගැනීමට පුළුවන්

ජබ්බග්ගිය යනු හය දෙනකුගෙන් සැදුම්ලත් කණ්‌ඩායමකි. පණ්‌ඩුක, ලෝහිතක, මෙත්තිය, භූම්මජක, අස්‌සජී සහ පුනබ්බසුක යනු එම කණ්‌ඩායමට අයත් භික්‌ෂූහු වෙති.

මෙම භික්‌ෂු පිරිස බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශික්‍ෂා පද සහ විනය උල්ලංඝනය කරමින් හැසිරුණු පිරිසක්‌. නමුත් මේ කණ්‌ඩායම සමගත් විශාල පිරිසක්‌ ගොනුවී සිටියා.

මේ අය දහම ඉදිරිපත් කළේ ගීත ස්‌වරූපයෙන්. ජනතාව සමඟ සමාජ සේවය කරන බව පවසමින් ගිහියෝ සමඟ වහළ සෙවිළි කිරීම් ආදී කටයුතුවලට සහභාගි වුණා. භික්‌ෂුන් වහන්සේලා සමාජ සේවයේ යෙදීම වරදක්‌ නොවේ. එහෙත් භික්‌ෂුන් වහන්සේලා එහිදී සමාජ සේවයට නායකත්වය දෙනවා විනා ගිහියන් සේ හැසිරීම නුසුදුසුයි. සිවුරු පොරවාගත් මෙම භික්‌ෂුන් කණ්‌ඩායම ගිහියන් මෙන් ඉතාමත් කාමභෝගී ජීවිතයක්‌ ගත කළහ.

මඡ්ඣධිම නිකායේ කීටාගිරි සූත්‍රයේදී භික්‌ෂුන් වහන්සේලා රාත්‍රි භෝජනයෙන් වැළකී සිටිය යුතු බව සඳහන් කර තිබෙනවා. මුල් යුගයේ සිටම බුදුරජාණන් වහන්සේ රාත්‍රි ආහාර වැළඳුවේ නැතත් අනෙකුත් භික්‌ෂුන් වහන්සේ රාත්‍රියට ආහාර වළඳනු ලැබූහ. නමුත් පසුකාලීනව භික්‌ෂූන් වහන්සේලා රාත්‍රියේදී පිඩුසිඟා වැඩීමේදී ඇතිවූ ගැටලු සහගත තත්ත්වයන් නිසා බුදුරජාණන් වහන්සේ භික්‌ෂුන් වහන්සේලා ආහාර අනුභව කිරීමෙන් වළකින ලෙසට දේශනා කළහ. භික්‌ෂු විනයන් ලෙස පැනවූ මෙම දේ ජබ්බග්ගිය භික්‌ෂූන් වහන්සේලා පිළිගත්තේ නැහැ.

ජබ්බග්ගිය භික්‌ෂූ කණ්‌ඩායමට අයත් අස්‌සජි සහ පුනබ්බසුක යන භික්‌ෂූන් කීටාගිරියේ තිබූ කීටාගිරි වෙහෙරේ වැඩ සිටිනවා. මෙම භික්‌ෂුන් දෙදෙනා හමුවට පැමිණි සැරියුත් සහ මුගලන් යන මහරහතන් වහන්සේලා දෙනම රාත්‍රි ආහාර ගැනීමෙන් වළකින ලෙස දන්වා සිටියා. “ඔබ වහන්සේලා මේ මොනවද කියන්නේ. අපි තුන්වේලම වළ¹ සුවසේ සිsටිනවා” යෑයි මෙම භික්‌ෂූන් උත්තර දෙනු ලබනවා. මෙම ශික්‌ෂා පදය මෙම භික්‌ෂූන් දෙනම පිළිගන්නේත් නැහැ. අවසානයේදී මෙම භික්‌ෂුන් දෙනමට පබ්බාජනීය කර්මය පනවනු ලැබූහ. ඒ අනුව බොහොම පැහැදිලියි, මෙම ජබ්බග්ගිය භික්‌ෂූන් හැසිරුණේ බුද්ධ දේශනාවට පටහැනිව බව.

තවත් කල්ලි නායකයකු ලෙස එදා සිටි දෙව්දත් භික්‌ෂුව හඳුන්වා දිය හැකියි. දෙව්දත් පැවිදි බිමට පිවිසියේ භද්දිය, අනුරුද්ධ, භගු, කිම්බිල යන ක්‌ෂත්‍රීය වංශික රාජකුමාරුවරුන් සමගයි. මේ අතුරින් දෙව්දත් හැර අන් සියලු දෙනා නිවන් අවබෝධ කරගනු ලැබුවා. දෙව්දත් භික්‌ෂුවට නිවන් අවබෝධ කර ගැනීමට නොහැකි වුවත් ධ්‍යානලාභී තත්ත්වයට පත්ව සිටියා.

දෙව්දත් භික්‌ෂුව මෙම ධ්‍යානලාභී තත්ත්වය උපයෝගි කරගෙන විවිධ මායම් ඔස්‌සේ බිම්බිසාර රජුගේ පුත් අජාසත්තව තම වසඟයට ගනු ලැබූහ. එසේ වසඟයට ගනු ලැබූ අජාසත් අමතා දෙව්දත් භික්‌ෂුව පවසන්නේ කුමක්‌ද?

“නුඹ පියා මරා රජ වෙයන්. මම බුදුන් ඝාතනය කර බුදු වෙන්නෙමි.”

(අහං භගවන්තං හන්ත්වා බුද්ධෝ භවිස්‌සාචිති)

දෙව්දත් භික්‌ෂුවගේ වැරදි උපදෙස්‌ පිළිගන්නා අජාසත්ත තම පියා වන බිම්බිසාර රජු ඝාතනය කර ආනන්තර්ය පාප කර්මය කරගනු ලබනවා. රජකමත් ලබාගනු ලබනවා.

දෙව්දත් භික්‌ෂුව බුදුරජාණන් වහන්සේ ඝාතනය කිරීමට නොයෙක්‌ උපක්‍රම යෙදුවත් එය සාර්ථක වන්නේ නැහැ.

අවසනදී වෙනත් ක්‍රමයකින් භික්‌ෂුන් වහන්සේ පිරිසක්‌ නම්මවාගෙන සංඝ නායකත්වයක්‌ ගොඩනඟා ගැනීමට දෙව්දත් භික්‌ෂුව උත්සාහ කළා.

ඒ අනුව දෙව්දත් භික්‌ෂුව බුදුරජාණන් වහන්සේගෙන් වර පහක්‌ ඉල්ලනු ලබනවා. එම වර පහ මෙසේයි.

සාධු භන්තෙ භික්‌ඛු යාවජිවං අරඤ්ඤකා අස්‌සු පිණ්‌ඩපාතිකා පංසුකූලිකා රුක්‌ඛමූලිකා මච්ඡමංසං න ඛාදෙ ය්‍යුන්ති.

1. භික්‌ෂුව දිවි ඇති තෙක්‌ වනයේ වාසය කළ යුතුය.

2. භික්‌ෂුව සිඬු සිඟා යැමෙන් පමණක්‌ ජීවත්විය යුතුය.

3. භික්‌ෂුව පාංශුකූල චීවරය පමණක්‌ දැරිය යුතුය.

4. භික්‌ෂුව රුක්‌ මුලම පමණක්‌ වාසය කළ යුතුය.

5. මත්ස්‍ය, මාංශ අනුභව නොකළ යුතුය.

බුදුරජාණන් වහන්සේගෙන් මෙම වර පහ ඉල්ලන දෙව්දත් භික්‌ෂුව එය විනය නීතියක්‌ ලෙස නම් කරන ලෙසද ඉල්ලා සිටිනවා.

එම අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබූයේ කැමැති අයකුට පිළිගත හැකි බවත්, ඒවගේම අකැමැති අයකුට එය පිළිනොගෙන සිටිය හැකි බවත්ය. බුදුරජාණන් වහන්සේ කිසි විටෙකත් එම වර පහ විනය නීතියක්‌ ලෙස පනවනු ලබන්නේ නැහැ.

තමන්ගේ අභිමතාර්ථය ඉටු නොවීම තුළ දෙව්දත් භික්‌ෂුව ශාසනික සම්ප්‍රදාය නොදත්, අලුතින් පැවිදි බිමට ඇතුළත් වූ, මන්ද බුද්ධික භික්‌ෂුන් පිරිසක්‌ තමා වසඟයට ගෙන වෙනම කල්ලියක්‌ හදාගනු ලබනවා.

“නවක පබ්බජි තා මන්දබුද්ධිකො කල්‍යාණං දෙවදත්තො ආහ.” යනුවෙන් දහමෙහි දක්‌වා ඇත්තේ දෙව්දත් භික්‌ෂුවගේ එම ක්‍රියා කලාපයයි.

නමුත් දෙව්දත් භික්‌ෂුවගේ උපාය උපක්‍රම හා අභිමතාර්ථ සැබෑ ලෙස අවබෝධ කරගත් බොහෝ භික්‌ෂුන් වහන්සේලා දෙව්දත් භික්‌ෂුවගේ අනුගාමිකයන් වුණේ නැහැ.

ඒ අනුව බොහොම පැහැදිලියි, බුදුන් දවසේ කල්ලිවාදය ප්‍රචලිත කළ භික්‌ෂුව ලෙස දෙව්දත් භික්‌ෂුව හඳුන්වා දිය හැකියි.

එදා බුදුන් දවසේ විවිධ දෘෂ්ඨිවාදී කණ්‌ඩායම් සිටියා. උච්ඡේද සහ ශාස්‌වත වශයෙන් සිටි මෙම පිරිස්‌ පරලොවක්‌ පිළිබඳ විශ්වාස කළේ නැහැ. හොඳ නරක දෙකම ප්‍රතික්‍ෂෙප කළා. නාස්‌තිකවාද නමින් ඔවුන් කියූ දේවල් ප්‍රචලිතයි.

බුදුන් දවසේ චාර්වක වශයෙන්ද තවත් පිරිසක්‌ බෙදිලා සිටියා. පරලොවක්‌ පිළිබඳ විශ්වාස නොකළ මෙම පිරිස හොඳින් හෝ නරකින් ක්‍රියා කර හොඳට කාලා බීලා සැපවත් ජීවිතයක්‌ ගත කිරීමටයි උත්සාහ කළේ.

ෂඩ් ශාස්‌තෘවරුන් අතර සිටි මක්‌ඛලී ඝෝෂාල, අජිතකේශකම්බල, පූර්ණ කස්‌සප, පකුධ කච්චායන, සංජය බෙල්ලට්‌ඨිපුත්ත යන පිරිසද අයත් වන්නේ බුදුන් දවස ක්‍රියාත්මක වූ කල්ලිවාදීන් ලෙසයි.

මේ අතරින් අජිත කේශකම්බලගේ ක්‍රියා කලාපය විමසා බැලුවහොත් බුදුන් දවසේත් ක්‍රියාත්මක වූ කල්ලිවාදය කෙතරම් සාහසිකදැයි තේරුම් ගැනීමට පුළුවනි.

උග්‍ර භෞතිකවාදියකු වූ අජිකකේශකම්බල මෙසේ ප්‍රකාශ කර තිබෙනවා.

“ගංගානම් ගඟේ එගොඩ සිට මෙගොඩ දක්‌වා මිනිසුන් පෙළගස්‌වා තියුණු කඩුවකින් ඔවුන්ගේ ගෙල සිඳ මරා දැමුවත් පවක්‌ වන්නේ නැහැ. එතනදී සිදු වන්නේ කුමක්‌ද? පුද්ගලයා සෑදී ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත වලිනි. කඩුවද එම සතර මහා භූතයන්ගෙන් සැදුම් ලද්දකි. එනිසා සතර මහා භූතයෝ තවත් සතර මහා භූතයකු අතරින් ගමන් කිරීමෙන් පවක්‌ සිදු නොවේ”. අජිත කේශකම්බල එදා තමන්ගේ මිථ්‍යා මතය සමාජගත කරන්නට උත්සාහ කළේ ඒ අයුරිනි.

බුදුන් දවස පමණක්‌ නොව අද දවසේත් අප සමාජයට අහිතකර ආකාරයෙන් ක්‍රියාකරන භික්‍ෂුන් වහන්සේලාගේ කල්ලි තියනවද? අපි ඒ ගැනත් විමසා බලමු.

වර්තමානයේ ඇතැම් භික්‍ෂුන් වහන්සේලා බෞද්ධ සම්ප්‍රදායට නව මුහුණුවරක්‌ දෙන ආකාරයෙන් ගිහි-පැවිදි පිරිස්‌ පුහුණු කරන ස්‌වරූපයන් දක්‌නට ලැබෙනවා. මෙම භික්‍ෂුන් වහන්සේ තමන්ගේ මත සෙසු සාම්ප්‍රදායික විහාරස්‌ථානවල පොහෝ දින පෙහෙවස්‌ සමාදන් වූ පිරිසට ඉදිරිපත් කිරීමටත් පෙළඹී සිටිනවා. නමුත් ශාසනික සම්ප්‍රදාය තුළ මෙවැනි ක්‍රමවේද තිබුණේ නැහැ. කුමන පන්සලක අටසිල් සමාදන් වුවත් එකයි. අටසිල් පන්සලෙන් පන්සලට වෙනස්‌ වීමට හේතුවක්‌ නැහැ.

ඇතැම් භික්‍ෂුන් වහන්සේලා නව සම්ප්‍රදාය යෑයි කියමින් මෛත්‍රී බෝසත් විවරණ පූජා, මහමායා දේවිය පුෂ්පෝපහාර ආදී බෞද්ධ සම්ප්‍රදායේ නැති දේවල් ඉදිරිපත් කරන ස්‌වභාවයන් අපට දක්‌නට ලැබෙනවා.

තවත් භික්‍ෂුන් වහන්සේ නමක්‌ බුදුන් උපන් දේශය යනු ලංකාව යෑයි කියමින් ඊට අදාළ ස්‌ථාන වන්දනා මාන කරන ක්‍රමවේදයන් ව්‍යාප්ත කරගෙන යනවා.

ඒ වගේම සමහර භික්‍ෂුන් වහන්සේලා ධර්මය විකෘති කොට පැහැදිලි කිරීම් කරනු ලබනවා. ඒ සඳහා විවිධ සංවිධානයන් පිහිටුවාගෙනත් තියෙනවා. ඔවුන්ගේ අනුගාමිකයන් වන ගිහියෝද විවිධ මාධ්‍ය තුළින් මුදල් පවා ගෙවා මෙම විකෘති දේශන ප්‍රචාරය කරන බවත් දක්‌නට ලැබෙනවා. ඒ වගේම මෙම පිරිස්‌ ශාසනික සම්ප්‍රදාය විනාශ වන ආකාරයට පූජා විධීත් මේ අය විසින් පවත්වාගෙන යනු ලබනවා. මේ සියලු දේවලින් සිදුවන්නේ අප රටේ චිරාත් කාලයක්‌ පවත්නා ශාසනික සම්ප්‍රදාය විකෘති කිරීමයි. මෙය බුද්ධ ශාසනය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක්‌ බව පැහැදිලියි. ධර්මය විකෘති කරන මෙම මතවාද ඛණ්‌ඩනය කර බුද්ධ දේශනාව ජනතාවට පැහැදිලි කිරීමේ පුළුල් වැඩසටහනක්‌ අද අවශ්‍ය කර තිබෙනවා. මේ පිළිබඳ ශාසනික කථිකාවක්‌ හෝ සංගායනාවක්‌ ඇති කිරීමේ හොඳම කාලය ඇවිත් තිබෙන බවයි අපේ අදහස.

ශාසනික සම්ප්‍රදාය වෙනස්‌ කරමින් දේශනා පවත්වන බෞද්ධ පිළිවෙතට නොගැලපෙන විවිධ පුදපූජා පවත්වන අයගේ අරමුණ වන්නේ ජනප්‍රියතාව පදනම් කරගෙන තමන්ගේ පිරිස්‌ බලය වැඩිකර ගැනීමයි. ඒ වගේම අන් අයට වඩා කීර්ති ප්‍රශංසා මේ උදවිය බලාපොරොත්තු වන්න පුළුවන්. එහෙත් මෙම පිරිස අනුගමනය කරන්නේ බෞද්ධ චින්තනය නොවේ. ඒ සඳහා ඔවුන් අනුගමනය කරන්නේ වෙනත් ආගමික සම්ප්‍රදායන් හා පුදසිරිත්. එය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි. අනෙක්‌ අතට මෙය ඉතාමත් භයානක තත්ත්වයකි. මෙම කල්ලිවාදයට හසුවූ භික්‍ෂුන් වහන්සේලා දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදු කරනුයේ බෞද්ධාගම විනාශ කිරීමේ උගුලට නැතහොත් කුමන්ත්‍රණයට හසුවීමයි.

එහෙත් අපි මෙහිදී ජනප්‍රියතාව යන්න කුහක ඇසින් බැලිය යුතු නැහැ. බෞද්ධාගමික සම්ප්‍රදායට ගරු කරමින් නිවැරදිව බුද්ධ දේශනාව ජනතාව අතරට ගෙනයන ධර්මධර විනයධර භික්‍ෂුන් වහන්සේලාත් අප අතර ඉන්නවා. එම භික්‍ෂුන් වහන්සේලාත් ගිහියන් අතරේ ජනප්‍රියයි. උන්වහන්සේලා කරන ශ්‍රේෂ්ඨ ආගමික ශාසනික සේවය අප ඉතාමත් අගය කරනවා.

එහෙත් බෞද්ධාගමික මුහුණුවරින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරන භික්‍ෂුන් වහන්සේලා හෝ ගිහියන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අප පසුබට වන්නේ නැහැ. ඒ පිළිබඳ කෙරෙන විවේචනයන් ඉදිරියටත් කෙරෙනවා. අපේ විවේචනවල උතුම් පරමාර්ථය වන්නේ නොමගට ගොස්‌ ඇති බෞද්ධ ජනතාව ඉන් මුදා ගැනීම පමණයි.

ලෝකයේ මිලියන ගණන් ජනතාව කල්ලිවලට ගොදුරුවී විනාශ වී යනවා. කල්ලිවාදීන්ගේ ඉතා සියුම් උපක්‍රම නිසා බොහෝ අය ඒවාට ගොදුරු වෙනවා.

ලෝකයේ මිලියන ගණන් ජනතාව කල්ලිවලට ගොදුරුවී විනාශ වී යනවා. කල්ලිවාදීන්ගේ ඉතා සියුම් උපක්‍රම නිසා බොහෝ අය ඒවාට ගොදුරු වෙනවා. කල්ලි පහසුවෙන් හඳුනා ගන්න බැහැ. ඔවුන්ටම ආවේණික ඇඳුම් පැළඳුම් සමහර කල්ලිවලට නැහැ. බොහෝ කල්ලි සාමාජික සාමාජිකාවන් බුද්ධිමත්, ආකර්ෂණීයයි. දක්‍ෂ ලෙස වැඩ කරනවා. චතුර ලෙස කතා කරනවා. කල්ලි වනාහි ආගම පිස්‌සුවෙන් මෙන් අදහන පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් ආගම් අදහන අය නොවෙති. ආගමික මුවාවෙන් ස්‌වකීය කල්ලිය වර්ධනය කරති.

කල්ලි පිළිබඳ මනා දැනුමක්‌ ලබා ගැනීම, කල්ලිවලට ගොදුරු නොවීම පිණිසත්, ගොදුරු වූවන් වළක්‌වා ගැනීම පිණිසත් මනා අවබෝධයක්‌, උපදේශනයක්‌ ලබා ගැනීමට Sඑeඩැබ Hassaබ ගේ .Reකැasසබට ඔයෑ ඊදබාs. ග්‍රන්ථය ඉතා වැදගත්ය. එනිසා විද්වතුන්ගේ, නීතිඥයන්ගේ, බලධාරීන්ගේ, සත්පුරුෂයන්ගේ අවධානය පිණිස එම ග්‍රන්ථයේ අන්තර්ගත අදහස්‌ කිහිපයක්‌ දැක්‌වීම වැදගත්.

කල්ලි වනාහි පිටතින් ආශ්චර්යවත් පෙනුමක්‌ ඇති නමුත් ඇතුළතින් අධික ලෙස උපක්‍රමශීලීව ඒ ඒ පුද්ගලයන් බඳවා ගනියි. ඇත්ත වශයෙන්ම කල්ලිවාදීන් අලුත් සාමාජිකයන්ගේ කීකරුකම් කාලය හා මුදල් පසුපස හඹා යනවා. ඒ සඳහා අති නවීන මනස්‌ පාලන ක්‍රම හා භාවිත කරයි. මේ නිසා ලෝකයේ මිලියන ගණන් ජනතාව කල්ලිවලට ගොදුරුවී විනාශ වී යනවා. කල්ලිවාදීන්ගේ ඉතා සියුම් උපක්‍රම නිසා බොහෝ අය ඒවාට ගොදුරු වෙනවා.

කල්ලි පහසුවෙන් හඳුනා ගන්න බැහැ. ඔවුන්ටම ආවේණික ඇඳුම් පැළඳුම් සමහර කල්ලිවලට නැහැ. බොහෝ කල්ලි සාමාජික සාමාජිකාවන් බුද්ධිමත්, ආකර්ෂණීයයි. දක්‍ෂ ලෙස වැඩ කරනවා. චතුර ලෙස කතා කරනවා.

කල්ලි වනාහි ආගම පිස්‌සුවෙන් මෙන් අදහන පිරිසකි. ඇත්ත වශයෙන්ම ඔවුන් ආගම් අදහන අය නොවෙති. ආගමික මුවාවෙන් ස්‌වකීය කල්ලිය වර්ධනය කරති.

කල්ලි වර්ග

1. ආගමික කල්ලි

 විවිධ ආගමික විශ්වාස පද්ධතියක්‌ හෝ තමන් විසින් සකසා ගත් විශ්වාස ක්‍රම භාවිත කරන පිරිස්‌. මේ විශ්වාස ක්‍රම ක්‍රිස්‌තියානි, හින්දු, ඉස්‌ලාම් හෝ වෙනත් ආගමික නිදහස්‌ මත ගොඩනඟා ඇත.

2 වානිජ කල්ලි

වානිජමය ක්‍රම භාවිත කරමින් ගොඩනඟා ගන්නා කල්ලි.

3. ස්‌වයං ආධාර හා උපදේශන කල්ලි

4. දේශපාලන කල්ලි

දේශපාලන න්‍යායන් භාවිත කරන කල්ලි මේ ගණයට අයත් වේ. නිදසුන්, හිට්‌ලර්ගේ නාසි හමුදාව මේ ආදී කල්ලි වර්ග ලෝකයේ පවතියි.

කල්ලි සාමාජිකයන් පාලනය කරන ක්‍රම හතරක්‌ යනුවෙන් දක්‌වා ඇත. එය ඊෂඔE මොඩලය යනුවෙන් හඳුන්වා ඇත.

ඊ – ඊeය්ඩසදර ඤබඑරදක හැසිරීම් පාලනය

ෂ – ෂබදෙරප්එසදබ ඤබඑරදක තොරතුරු පාලනය

ඔ – ඔයදමටයඑ ඤබඑරදක සිතුවිලි පාලනය

ඍ – ඍපදඑසදබ්ක ඤබඑරදක හැසිරීම් පාලනය

මේ අංශ සතරම එකිනෙකට බලපානවා. ඒවා එකනෙක මේ ග්‍රන්ථයේ විස්‌තර කර තියෙනවා. සියලු කරුණු ඉදිරිපත් කිරීමට මෙහි අවකාශත් නැහැ. එසේ වූවත් ඒ ඒ කරුණුවල ස්‌වභාවය අවබෝධය පිණිස කරුණක්‌ දෙකක්‌ සඳහන් කරන්නම්.

1. හැසිරීම් පාලනය

පුද්ගලයාගේ භෞතිකත්වය මගින් පාලනය කරයි. ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, ආදිය වර්ග කොට දක්‌වයි. වැඩි කාලයක්‌ ගත කරන්නේ කල්ලියේ මූලධර්ම බලෙන් මනසට ඇතුල් කිරීමටයි. මේ සඳහා පූජා ක්‍රම භාවිත කරයි. තද නීති රීති ඇත. ප්‍රධාන තීරණවලට නායකත්වයෙන් අවසර ගත යුතු ආදී කරුණු මීට අයත්ය.

2 තොරතුරු පාලනය

තම කල්ලිය පිළිබඳ විවේචනාත්මක තොරතුරු දැන ගැනීම වළක්‌වනවා. කල්ලියේ ආකෘතියට ගැලපෙන පොතපත පමණක්‌ පරිශීලනයට යොමු කරනවා. මේ ආදි වශයෙන් තම කල්ලියේ ව්‍යාප්තියට, ආකෘතියට පටහැනි කිසිම තොරතුරක්‌ ලබා ගැනීමට සාමාජිකයන්ට ඉඩ නොදේ.

3. සිතුවිලි පාලනය

කල්ලි ඉගැන්වීම් සත්‍ය යෑයි පිළිගැන්වීම. කල්ලියට ආවේණික භාෂාවක්‌ සකස්‌කර භාවිත කරයි. යාඥ කිරීම්, ගායනා කිරීම්, භාවනා කිරීම්, ආදී ක්‍රම මේ සඳහා භාවිත කරනවා.

4 හැඟීම් පාලනය

කුමන හෝ ප්‍රශ්නයක්‌ කවදා හෝ ඇතිවුවත් එය සැමවිටම එම පුද්ගලයාගෙ දෝෂයක්‌ නිසා සිදුවන බව ඔහුට ඒත්තු ගැන්වීම තමන් කල්ලියේ නීතියක්‌ කැඩුවහොත් ල-ජාව තදින්ම තමන්ට දැනෙන්නට සැලැස්‌වීම.

වර්තමාන අපේ රටේ විවිධ මුහුණුවලින් යුත් කල්ලි පිළිබඳ සෑම තරාතිරමකම පුද්ගලයන්ගේ අවධානය යොමු විය යුතුයි. විමසිලිමත් විය යුතුයි. එසේ නොවූණහොත් මිථ්‍යාවෙන් රට ගිනි ගනිවී.

ධර්ම සංවාදය-

වසන්ත ලියනගේ