Home » විශේෂාංග » බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි

බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි

චතුර පමුණුවගේ ‘බොදු අභියෝග’ ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවය

චතුර පුංචි මිනිහෙක්‌ වුණත් ජාතියට හා ශාසනයට විශාල මෙහෙවරක්‌ කරන සමාජ ක්‍රියාකාරිකයෙක්‌ 
– ඇමැති පාඨලී චම්පික රණවක


cha1“බොදු අභියෝග” ග්‍රන්ථයේ මංගල පිටපතක්‌ කතුවරයා විසින් පූජ්‍ය හෑගොඩ විපස්‌සි හිමිපාණන්ට පිළිගැන්වූ අයුරු. බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥනසාර හිමිපාණන්ද ඡායාරූපයේ සිටී.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

cha2උත්සව සභාව සමාරම්භක අවස්‌ථාවේ දිවයින ප්‍රවෘත්ති කර්තෘ චතුර පමුණුව මහතාගේ මෑණියන් වන සෝමා පමුණුව මහත්මිය විසින් චිරාගත සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වූ අයුරු. අමාත්‍ය පාඨලී චම්පික රණවක, ශාස්‌ත්‍රපති චාමික මුණසිංහ යන මහත්වරුන්ද ඡායාරූපයේ වෙති. ඡායාරූප- කමල් බෝගොඩ

මෑත කාලයේ ඉතා අපහසුවෙන් යාපනයේ පදිංචි කරවූ සිංහල ජනතාවගේ විහාරස්‌ථානයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වුණා. ඒ ප්‍රහාරය කොහෙන් එල්ල වුණාද? කව්රුන් විසින් එල්ල කලාද? කියලා කව්රුවත් දන්නේ නැහැ. ඒ වගේම ඒ ගැන කිසිවෙක්‌ කතා කළෙත් නැහැ. අද බෞද්ධාගමට දවසින් දවස එල්ල වන විවිධ බලපෑම් රටේ වැඩි වශයෙන් කතා බහට ලක්‌නොවීම කනගාටුවට කරුණක්‌…..” යෑයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

දිවයින මාධ්‍යවේදියකු මෙන්ම එහි ප්‍රවෘත්ති කර්තෘවරයකු වන චතුර පමුණුව මහතා විසින් රචිත බොදු අභියෝග නමැති ග්‍රන්ථය එළිදැක්‌වීමේ උත්සවයට පෙරේදා (30 වැනිදා) සහභාගි වෙමින් අමාත්‍යවරයා එසේ කියා සිටියේය.

කොළඹ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී මෙම උත්සවය පැවැති අතර එහිදී චතුර පමුණුව මහතා සිය ග්‍රන්ථයේ මංගල පිටපත් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ ප්‍රධාන පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමිපාණන් ඇතුළු මහා සංඝරත්නයටත් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටත් ප්‍රදානය කරනු ලැබීය.

මෙහිදී තවදුරටත් කතාකළ අමාත්‍යවරයා මෙසේද කීය.

“චතුර පමුණුව කියන්නේ බොහෝම පුංචි මිනිහෙක්‌. ඒ වගේම ඉතාම ක්‍රියාශීලි පුද්ගලයෙක්‌. ඔහු පෑනට පමණක්‌ සීමාවෙච්ච ලේඛකයෙක්‌ නොවෙයි. සමාජ ක්‍රියාකාරිකයෙක්‌. සෑම අවස්‌ථාවකදීම සෑම ආගමික ශාසනික ක්‍රියාවකදීම එතුමා පාරට ඇවිල්ලා හරි තමන්ගේ ජාතියට, ශාසනයට වගකීම ඉටුකරන්න පොඩ්ඩක්‌වත් මැලිවන්නේ නැති කෙනෙක්‌ කියලා කිව්වොත් නිවැරදියි. ඉතිං මෙවැනි යුගයක කාලීන වශයෙන් වැදගත් ග්‍රන්ථයක්‌ එළිදැක්‌වීම ගැන මා චතුරට ප්‍රණාමය පුද කරනවා.

අද මේ රටේ බෞද්ධාගම රැකගැනීම ගැන බෞද්ධ කටයුතු අමාත්‍යාංශය, විදේශ තානාපති කාර්යාල, මානව හිsමිකම් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, අනෙකුත් සංවිධාන, කව්රුවත් කතා කරන්නේ නැහැ. අද ඒ බොහෝ අය බෞද්ධාගම රැකගන්නේ කොහොමද කියන එකගැන ලොකු නිහඬතාවයක්‌ පළකරනවා. බෞද්ධාගම රැකගන්න පුළුවන් වෙන්නේ මේ හැම කෙනෙකුම එය රැකීමට හඬක්‌ නැගුවොත් පමණයි.

අවුරුදු තිහක්‌ කුරිරු යුද්ධයෙන් ලංකාව බැට කෑවා. මේ රට රුදුරු ත්‍රස්‌තවාදීන්ගෙන් බේරාගත්තේ රණවිරුවෝ. ඒ කියන්නේ අපේ සිංහල දරුවෝ. මේ රට ත්‍රස්‌තවාදීන් ගෙන් මුදාගැනීමට සිංහල දරුවො 27,678 දෙනකු සිය ජීවිත පූජා කළා. එච්චර ප්‍රමාණයක්‌ ජීවිත පූජා කරලා තමයි උතුරු නැගෙනහිර ඉඩම් අයිතිය ලබාගත්තේ. අද ඒ ඉඩම් අයිතිය අපේ සිංහල දරුවන්ට නැහැ. ඒ ඉඩම් අයිතිකරගෙන ඉන්න අයව අපි දැක්‌කා. අද ආගමික නිදහස ගැන කතා කරන අය මේවා ගැන කතා කරන්නේ නැහැ.

ඒවගේම මෑත කාලයේ ඉතාම අපහසුවෙන් යාපනය දිස්‌ත්‍රික්‌කයේ පදිංචි කරවපු සිංහල ජනතාවගේ විහාරස්‌ථානයකට බෝම්බ ප්‍රහාරයක්‌ එල්ල වුණා. හැබැයි ඒක ගැන කවුරුවත් කතා කළේ නැහැ.

අද කොළඹ දිස්‌ත්‍රික්‌කයේ දෙමළ ජනතාව 2,58,000 ක්‌ වාසය කරනවා. දෙමළ සන්ධානයේ සියලුම නායකයන් අද ඉන්නේ කොළඹ. නමුත් අපේ සිංහල ජනතාවට එක පර්චස්‌ එකක්‌ යාපනයේ දෙන්නේ නැහැ. මේක මොන තරම් අසාධාරණද? මන්නාරම මුරුක්‌කන් ප්‍රදේශයේ විහාරස්‌ථානයක බුදු පිළිම විනාශ කළා. මේ රටට ආපු නවි පිල්ලේ ඇමරිකා එක්‌සත් ජනපද තානාපතිතුමිය මේවා ගැන කතා කළේ නැහැ. ඒ වගේම මේ රටේ ආගමික නිදහස ගැන බොරුවට කෑගහන අයවත් මේ ගැන කතා කළේ නැහැ.

ග්‍රෑන්ඩ්පාස්‌ සිද්ධිය ගැන අදටත් බොහෝ දෙනෙක්‌ ලිපි ලියනවා. ඒ ලිපිවල තියෙන්නේ මොනවද ග්‍රෑන්ඩ්පාස්‌ පල්ලියකට මේ සිංහල ජනතාව ගැහුවා කියලා. නමුත් මම කියන්න කැමතියි ග්‍රෑන්ඩ්පාස්‌ කිසිම පල්ලියකට ගහලා නැහැ කියලා. ඒ වගේම පසුගිය කාලයේ පැවැති මැතිවරණයේදී තරග කළ අසාද් සාලි හැම තැනම කිය කියා ගියා පල්ලි 18 ක්‌ සිංහල බෞද්ධයෝ විනාශ කරලා කියලා. මේ අමූලික බොරු කියමින් යන අය නිසා තමයි ජාතිය වැනසෙන්නේ.

කොහොම නමුත් බෞද්ධාගමට එල්ල වන විවිධ බලපෑම්වලට චතුරගේ මේ ග්‍රන්ථය හොඳ පිළිතුරක්‌. මෙවැනි ග්‍රන්ථ මේ බෞද්ධ සමාජයෙන් බිහිවිය යුතු කාලය දැන් එළඹිලා.

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි.- අද ලෝකවාසී බෞද්ධ ජනතාව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. අද බෞද්ධයන් වන අප විවිධ ආක්‍රමණ කීපයකට ගොදුරු වෙලා ඉවරයි. අවිහිංසාවාදය පදනම් කරගත්ත අහිංසක පිරිසක්‌ තමයි බෞද්ධයෝ කියන්නේ. අද ක්‍රිස්‌තියානි මූලධර්මවාදී කල්ලි රැසක්‌ සැරිසරනවා.

අද මුළු ලෝකයම මුස්‌ලිම් ආගම ගැන කතා කරනවා. අනිත් පැත්තෙන් මේ බෞද්ධාගම විනාශ කරන්න බොහෝ දෙනෙක්‌ උත්සාහ කරනවා. අද බෞද්ධාගමට ඇතිවෙලා තිබෙන අභියෝග හමුවේ මේක ආරක්‌ෂා කරගන්න නීති පද්ධතියක්‌ හදාගන්න තාම බැරි වෙලා තිබෙනවා.

දේශපාලකයන් ඉදිරිපත් වී මේ බෞද්ධයාට ඇති අභියෝග හමුවේ පෙනී සිට එය රැකගැනීමට කටයුතු කළ යුතුයි. එසේ නැති වුවහොත් මේ බෞද්ධ රට අගාධය කරා යනවා නොඅනුමානයි.

බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි.

බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි.

මේ බෞද්ධාගම විනාශ කරන්න උත්සාහ කරන ක්‍රිස්‌තියානි අපේම අන්තවාදී දේශපාලනඥයොත් ඉන්නවා. හිටපු ජනාධිපතිනිය අත්තනගල්ල පාසලකට ගිහිල්ලා බෞද්ධකම හෑල්ලුවට ලක්‌කරලා තිබෙනවා.

බෞද්ධාගම රැක ගත යුතුයි. මුස්‌ලිම් අන්තවාදීන් ඇතුළු විවිධ බලවේගවලට රජ කරන්න මේ රටේ ඉඩක්‌ නැහැ. බෞද්ධාගම රැකගන්න රටේ සෑම බෞද්ධයකුගේම සහාය ඉතා අවශ්‍යයි.

රත්මලාන ධර්ම පර්යේෂණ මධ්‍ය ස්‌ථානාධිපති හෑගොඩ විපස්‌සි හිමි- සිංහලකම රැක්‌කේ නැති වුණාට කමක්‌ නැහැ රැකිය යුත්තේ බෞද්ධකමයි. බෞද්ධාගම රැකගන්නට හැම කෙනෙකුම උත්සාහ ගත යුතුයි.

සිංහල ගුරුවරයෙක්‌ කියලා කියන ප්‍රසිද්ධ කෙනෙක්‌ කියනවා ඉරිදා ටියුෂන් පන්ති නතර කළොත් හාමුදුරුවරුන්ගේ දාන වේල නතර කරනවලු. බලන කොට මොහු ත්‍රස්‌තවාදියෙක්‌ නේ. එයා එහෙම කරන්නේ කොහොමද?

මෙම උත්සව සභාව වජිර ජයවර්ධන විසින් මෙහෙයවනු ලැබීය.

//www.divaina.com/2013/10/02/news32.html