Home » පුවත් පත් ප්‍රකාශන » බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ නැවෙන් ද?

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ නැවෙන් ද?

කෙසේ වූවත් මේ අපූරු ගවේෂකයා Inscriptions of Ceylon ග්‍රන්ථයේ 270 දරන ‘බරත ශගරකිතහ ලෙණේ’ යන්න උදුරා දක්වමින් මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවකින් සංඝරක්‍ඛිත තෙරුන් ලංකාවට පැමිණ සරඹු හිමියන් සමඟ ගල්ලෙනක වැඩ සිටි බව මේ ශිලා ලේඛනයේ සඳහන් වේ යැයි ප්‍රකාශ කොට ඇත. මේ සෙල්ලිපියේ එවැනි අදහසක් කිසිසේත් ම නැති බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ.

2008 ඔක්තෝම්බර් 07 දින බුදුසරණ පුවත්පතෙහි මැද පිටු දෙකේ ‘ගෞතම බුදුරදුන්ගේ ලංකාගමනය ගැන ඓතිහාසික වාර්තා’ යන ශීර්ෂ පාඨයෙන් පළ වූ ලිපියට ප්‍රමාද වී හෝ පිළිතුරක් සපයනු ලබන්නේ මෙතෙක් ඊට කිසිදු පිළිතුරක් පළ නොවූ බැවින් බොහෝ පාඨක භවතුන්ගේ ඉල්ලීම පරිදි ය. හුදෙක් එම ලිපිය අසමසම බුද්ධ චරිතය නිගරු කරන්නාවූත් ශාසනික සංස්ථිතිය පළුදු කරන්නා වූත්, සාහසික ලේඛනයක් වශයෙන් ප්‍රථමයෙන් ම හඳුන්වා දීම යුක්තියුක්ත වන්නේ යැ. පතිරආරච්චි නැමැත්තාගේ සමස්ත ලිපි ලේඛන, පොත පත සදොස් ය. අතාර්කිකය, අශාස්ත්‍රිය, හිතැළුය, අප්‍රබුද්ධය, බුද්ධිහීනය, අවිචාරවත්ය, අමනෝඥය, හරසුන්ය, ද්වේෂ සහගතය, මෝහ සහගතය, පාඨකයා නොමඟ යවන සුළුය, ජාතිවාදය අවුස්සන සුළුය, චිරසම්භාවිත ශාසන ඉතිහාස විකෘති කරන සුළුය.

z_p10-buduබුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබඳ හමුවන පළමු වන මූලාශ්‍රය මහාවංසය කියමින් ඔහු ලිපිය ආරම්භ කරයි. එම කරුණම ඔහුගේ ශාස්ත්‍රීය දැනුමේ තරම අවබෝධ කිරීමට ප්‍රමාණවත් ය. බුදුරදුන් ලංකාවට වැඩම කිරීම පිළිබඳ සඳහන් වන පළමු මූලාශ්‍රය මහාවංසය නොව දීපවංශයයි. එය ක්‍රි.ව. 04 වන ශත වර්ෂයේ දී රචිතයි. ඊළඟට හමුවන පැරණි මූලාශ්‍රය වන්නේ ක්‍රි.ව. 05 වන සියවසට අයත් බුද්ධඝෝස හිමියන්ගේ විනයට්ඨ කථා නම් සමන්තපාසාදිකාවයි. ක්‍රි.ව. 05 සියවසට අයත් මහාවංසය, දීඝසන්ද සේනාපති පිරිවෙණේ විසූ මහානාම හිමියන් විසින් සමන්තපාසාදිකාවටත් පසුව රචනා කරන ලදී. 1 වන පරිච්ඡේදයේ සිට 37 පරි. 50 ගාථාව දක්වා කොටස මහානාම හිමියන් විසින් රචිතය. මේ අනුව බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කිරීම පිළිබඳ පූර්ව සටහන් මහාවංසයට පෙර රචිත ග්‍රන්ථයන්හි අන්තර්ගත වන බව ඔහු නොදන්නේ ය.

මෙම අපූරු ගවේෂකයාගේ නවතම පර්යේෂණයේ වාර්තාවක් පළ කරන්නේ මෙසේ ය. “ගෞතම බුදුරජාණන් වහන්සේ ලංකාවේ මහියංගණයට වැඩම කරවීම සඳහා ඉන්දියාවෙන් පිටත් වී ඇත්තේ ප්‍රයාගපට්ඨන නම් නැව් තොටු පොළෙන් භික්‍ෂූන් 500 ක් සමඟ උන්වහන්සේ නැවක නැඟ පැමිණි බව වංසකථාව පවසන අතර උන්වහන්සේ වැඩම කරවීමට ලක්දිවින් ගියා වූ නැව අයත් වූ නැව් සමාගම මඩුකශලිය පුගියන ලෙසට සෙල්ලිපිවල සඳහන්ය.”

1. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළෝ භික්‍ෂූන් වහන්සේලා 500 ක් පිරිවරා ප්‍රයාගපට්ඨන නම් නැව් තොටින් ය. 2. මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවක් බුදුරදුන් ලංකාවට ගෙන ඒමට ලක්දිවින් පිටත් කළේ ය, යන කරුණු බුදු සිරිතට නිගා දෙන, කිසිදු පදනමක් නොමැති, තුච්ඡ හිස් ප්‍රලාප වශයෙන් එකහෙළා ප්‍රතික්‍ෂේප කළ යුතු යි.

1. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළෝ භික්‍ෂූන් වහන්සේලා 500 ක් පිරිවරා ප්‍රයාගපට්ඨන නම් නැව් තොටින් ය. 2. මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවක් බුදුරදුන් ලංකාවට ගෙන ඒමට ලක්දිවින් පිටත් කළේ ය, යන කරුණු බුදු සිරිතට නිගා දෙන, කිසිදු පදනමක් නොමැති, තුච්ඡ හිස් ප්‍රලාප වශයෙන් එකහෙළා ප්‍රතික්‍ෂේප කළ යුතු යි.

ඉහත 1. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළෝ භික්‍ෂූන් වහන්සේලා 500 ක් පිරිවරා ප්‍රයාගපට්ඨන නම් නැව් තොටින් ය. 2. මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවක් බුදුරදුන් ලංකාවට ගෙන ඒමට ලක්දිවින් පිටත් කළේ ය, යන කරුණු බුදු සිරිතට නිගා දෙන, කිසිදු පදනමක් නොමැති, තුච්ඡ හිස් ප්‍රලාප වශයෙන් එකහෙළා ප්‍රතික්‍ෂේප කළ යුතු යි. එවැනි අදහසකට පැමිණීමට සාහිත්‍යමය හෝ ශිලා ලේඛනමය හෝ පුරාවිද්‍යාත්මක හෝ නාණක සාධක හෝ ප්‍රවාදාත්මක හෝ කිසිදු සාක්‍ෂියක් නොමැත. මෙවැනි පාපතර ගල්පැලෙන මුසා තෙපලන්නේ අන් කිසිවක් නිසා නොව පොත පත කියවා අවබෝධයක් ඇති කිරීමට පොහොනා ශාස්ත්‍රීය පරිචයක් මොහුට නොමැති නිසා ය. ඒ වග පාඨකාවබෝධය පිණිස පහත සඳහන් වේ.

“සත්ථා පයාගපට්ඨානෙ සසංඝො නාවමාරූහි (ශාස්තෘන් වහන්සේ ප්‍රයාගපට්ඨාන නම් තොටේ දී සංඝරත්නය සහිතව නැව් නැගි සේක) ආදී වශයෙන් කියැවෙන මහාවංසයේ 31 වන පරිච්ඡේදයේ 6 වන ගාථාව අනුව ජයරත්න පතිරආරච්චි නැමැත්තෙකු බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියේ හැවෙන් යැයි නන්දොඩවනු ලැබේ. එම ගාථාවේ අවස්ථා සම්බන්ධය විමසා බැලීමෙන් මොහුගේ අවිචාරවත් බව වටහා ගත හැකි වේ. කෙසේ වූවත් පොත්පත් පිළිබඳ පරිචයක් නොමැති කෙනෙක් ඉහත පාඨාන්තර අනුව ඔහු කියන මිත්‍යාප්‍රලාප සත්‍ය වශයෙන් විශ්වාස කිරීමට පෙළඹෙති.

එම නිසා ඔහු විසින් ඉදිරිපත් කෙරෙන කරුණුවල ප්‍රාමාණිකත්වය කෙතෙක් දුරට නිර්දෝෂී දැයි විපරම් කොට බලමු. ගාථා 125 කින් පරිමිත මහාවංසයේ 31 වන පරිච්ඡේදයේ අන්තර්ගත වන්නේ දුටුගැමුණු රජු විසින් කරවන ලද මහාථූපය හෙවත් රුවන්වැලි සෑයේ ධාතු නිදන් කිරීම පිළිබඳ විස්තර වර්ණනාවයි. ‘රජතුමා ධාතු ගර්භයෙහි වැඩ නිමවා මහාසංඝරත්නය වැඩමවා “ස්වාමිනී ධාතු ගර්භයෙහි කටයුතු නිමවන ලදී. හෙට දින ධාතු නිධානය කරන්නෙමි. එබැවින් නුඹ වහන්සේලා ධාතු දැන වදාරණ මැනවයි. (31 පරි. 1 – 2 ගාථා)

ඒ අනුව මහසඟරුවන මාඤ්ජරික නම් නාග භවනයෙන් බුදුරජාණන් වහන්සේගේ ධාතු ගෙන ඒම පිණිස ෂඩ් අභිඥාලාභි සෝණුත්තර නම් තෙරණුන් වහන්සේ යෙදූ සේක, යනුවෙන් මහාවංශයේ 31 වන පරිච්ඡේදයේ 4 ගාථාවෙන් කියැවේ. මේ අවස්ථාවේදී දහසය (16) වැනි වියේ පසුවන සෝණුත්තර තෙරණුවෝ මෙම භාරධූර කාර්යය සඳහා මහා සංඝරත්නය කිනම් කරුණක් නිසා යොදා ගත්තේ දැයි පැහැදිලි කරන මහාවංස කර්තෘභූත මහානාම තෙරණුවෝ සෝණුත්තර තෙරුණ් වහන්සේගේ පූර්ව ජන්ම ප්‍රාර්ථනය මෙසේ ගෙන හැර දක්වති. එනම්,

චාරිකං චරමානම්හි නාථො ලොකහිතායති

නදුත්තරෝති නාමෙන ගංගාතීරම්හිමාණවා (31 පරි. 5 ගාථා)

බුදුරජාණන් වහන්සේ ලෝවැඩ වැඩ පිණිස ලෝකයෙහි සැරිසරා වැඩම කරවන කල් හි ගංගා නදීතිරවාසී නන්දුත්තර නම් තරුණයෙක්

නිමන්තෙවාභි සම්බුද්ධං සහසංඝං අහෝජයි

සත්‍ථා පයාගපට්ඨානෙ සසංඝො නාවමාරුභි (31 පරි. 6 ගාථා)

සංඝරත්නය සහිත වූ බුදුරජාණන් වහන්සේට දන් දුන් සේක. ශාස්තෘන් වහන්සේ පයාගපට්ඨාන නම් තොටුපළේ දී සංඝයා සහිතව නැවට නැගි සේක. එහි වැඩ සිටි භද්දජි රහතන් වහන්සේ දිය කැලඹෙන තැනක් දැක (පෙර ආත්මයක) මහාපනා ද නම් රජ වූ මා විසින් වසන ලද පස්විසි යොදුන් මාලිගාව මෙහි වැටුනේ ය. එහි ජලය හැපී මෙසේ පැකිලෙයි කීහ. ඇතැම් භික්‍ෂුවක් එය විශ්වාස නොකළ හෙයින් උන්වහන්සේලාගේ සැක දුරු කරන ලෙස භද්දජි තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. සෘද්ධියෙන් අහසට නැගී….. පය මාපට ඇඟිල්ලෙන් ප්‍රසාද කොත් කැරැල්ල අල්වා ගෙන ඔසවා ජනයාට දන්වා එය එහිම බහාලූ සේක. මෙසේ භද්‍රජි රහතන් වහන්සේ දැක් වූ ප්‍රාතිහාර්ය දුටු නන්දුත්තර නම් තරුණයා අනුන් අයත් ධාතු ගෙන එන්නට පොහොසත් වේවායි! (පාරායත්තමහං ධාතුං පහු ආනයිතුං සයං) ප්‍රාර්ථනා කළේ ය. එසේ පැතූ නන්දුත්තර මානවකයා අද මේ සෝණුත්තර තෙරණුවෝ යැයි මහාවංසයේ 31 වන පරි. සඳහන් කරයි. මේ අනුව සත්‍ථා පයාගපට්ඨාන සසංඝො නාමමාරුහි බුදුරජාණන් වහන්සේ පයාග පට්ඨාන (ප්‍රයාගපඨාන) තොටුපලේ දී සංඝයා සහිත නැව් නැගී සේක, යන අවස්ථාව සම්බන්ධ වන්නේ බුදුරදුන් ලංකාවට වැඩම කිරීම පිණිස නොව රුවන්වැලි සෑයේ නිධන් කිරීම පිණිස සර්වඥ ධාතූන් වහන්සේ නාග භවනෙන් වැඩම කිරීමේ කාර්යය පැවරුණු සෝණුත්තර රහතන් වහන්සේගේ පූර්ව ජන්ම ප්‍රවෘත්තිය ගෙනහැර දැක්වීම පිණිස බව සිහිබුද්ධිය ඇති ඕනෑම සත් පුරුෂයෙකුටම වැටහෙන කරුණකි. මෙම ප්‍රස්තුතයෙහිලා වංසත්‍ථජපකාසින් නම් මහාවංසටීකාවේ 447 වෙනි පිටුවෙන් උපුටා දක්වන කරුණ මෙහිදීද කිසිසේත්ම අදාළ නොවන බව අමුතුවෙන් විස්තර කළ නොහේ.

පූර්වකෘති ආශ්‍රය කොට පුනරුක්ත දෝෂාදිය මඟහරවා ව්‍යක්ත පාලි භාෂාවෙන් රචිත මහාවංසය බුද්ධ ශාසන ඉතිහාසය ක්‍රමානුකූලව පෙළගස්වා ඇති විශිෂ්ට කෘතියකි. එහි ප්‍රථම පරිච්ඡේදයේ බුදුරදුන් ලංකාවට තෙවරක් වැඩම කිරීම පිළිබඳ තොරතුරු අඩංගු ය. එබැවින් පරිච්ඡේද 30 ක් ම පසුව මෙසේ බුදුරදුන්ගේ ලංකාගමනය හා බැඳී කරුණු අඩංගු වී යයි මොළය කලඳක් හෝ තිබෙනවා නම් විශ්වාස කරයිද? මේ කරුණු වූවද මේ ලිපිකරුවා කවරෙක්දැයි වටහා ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ ද?

මේ හා සබැඳි ඔහු විසින් ඉදිරිපත් කරන ලද ශිලා ලේඛනයන්ගේ සත්‍යතාව පිළිබඳව ද කරුණක් දෙකක් තුනක් ඉදිරිපත් කිරීම වැදගත් ය. ඉඋන්වහන්සේ වැඩම කරවීමට ලක්දිවින් ගියා වූ නැව අයත් වූ නැව් සමාගම මඩුකශලිය පුගියන ලෙසට සෙල්ලිපිවල සඳහන් ය.” යනුවෙන් පවසමින් එය තහවුරු කිරීම පිණිස මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන්ගේ ඉන්ස්ක්‍රිප්ෂන් ඔෂ් සිලෝන් 1 කාණ්ඩයේ 50 පිටුවේ 662 දරන ශිලා ලේඛනය උපුටා දක්වයි. එම සෙල්ලිපිය කෘතියේ සඳහන් පරිදි පහත දක්වමු.

“මඩුකශලිය පුගියන ලෙණේ ශගස” අර්ථය මඩුකශලිය සමාගමේ ලෙණ සංඝයාට…. බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරවීම පිණිස භාරතයට අප රටෙන් නැවක් ගියා කියන අදහස මෙම සෙල්ලිපියේ නැත. මේ හා සමාන තවත් සෙල් ලිපි ඇති බැවින් එවැනි අදහසක් උපකල්පනය කිරීමට හෝ මෙම සෙල්ලිපියෙන් කිසිසේත්ම ඉඩක් නොලැබේ. ඉහත අදහස් මේ ලිපිකරුවාගේ හිතළුවකි. පාලි පුග ශබ්දයෙන් බිඳෙන පුගියන යන්නෙහි අදහස ශ්‍රේණිය හෙවත් සංස්ථාව බව විද්වත් මත යයි. විශේෂයෙන්ම තෝනිගල සෙල්ලිපිය හා සැසඳීමෙන් ඒ බව තවදුරටත් ඔප්පු වේ.

ඉහත සෙල්ලිපිය පිහිටි ස්ථනය වශයෙන් “එම සෙල්ලිපිය අද දින මහියංගණය ගඟ පහළ දහස් තොට නමැති නැව් 1000 ක් නැවැත්විය හැකි තොටුපොළ අසල තිබේ.” යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කරයි. එය ද බොරුවකි.

මෙ ශිලා ලිපිය සොයා ගෙන ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ යාල අභය භුමිය පලටුපාණේ සිට සැතපුම් 6 ගිනිකොණ පැත්තෙන් තිබෙන ගොණගල නම් ප්‍රදේශයෙනි. තව ද දහස් තොට යනු නැව් දාහක් නැවැත්විය හැකි තොට යනුවෙන් අතිවිශාරද භාවයෙන් මොහු කියයි. වචනයක් දුටු පමණින් මෙලෙස අර්ථ දැක්විය හැකි ද? දහස්තොට යනුවෙන් ප්‍රකෘතිය, අර්ථ විභාග දක්වමින් යම් යම් සාධක මත මෙය විය හැකි යැයි අනුමාන කිරීම ශාස්ත්‍රීය විවරණයයි. එමෙන් ම ‘දාස්තොට’ යන පදයේ පරිනාමීය සාධක විවරණය කිරීමේ දී ‘දහසක් නැව් නැවැත්විය හැකි තොට’ යන අදහසට කිසිසේත් ම එළඹිය නොහැකි ය.

“බුදුරදුන්ගේ අගසව් වූ සැරියුත් හිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයා වූ සංඝරක්ඛිත හිමියන් ද මහියංගණයට වැඩම කර ඇති අතර උන්වහන්සේ සරඹු හිමියන් සමඟ මෙහි ගල්ලෙනක වැඩ වාසය කර ඇත.” යනුවෙන් තවත් දුරටත් වාෂභවාදයක් ගෙන හැර දක්වයි. සැරියුත් මහ රහතන් වහන්සේට සංඝරක්ඛිත හිමි නමින් ප්‍රධාන ශිෂ්‍යයෙක් සිටි බව ත්‍රිපිටකයේ කිසිම තැනෙක සඳහන් නොවේ. ජීවමාන බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී උන්වහන්සේගේ හැර වෙන කිසිදු ශ්‍රාවකයන් වහන්සේ නමක් ලක්දිවට වැඩම කළ බවට ත්‍රිපිටකයෙන් හෝ අටුවවලින් හෝ වංසකථාවලින් හෝ සෙල්ලිපිවලින් හෝ වෘත්තාන්තමය වශයෙන් හෝ කිසිදු සාක්‍ෂයක් එළවා ගත නොහැකි ය. එසේ නම් සැරියුත් මහ රහතන් වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍ය නම ලක්දිවට පැමිණි බව කියන්නේ කෙසේ ද?

කෙසේ වූවත් මේ අපූරු ගවේෂකයා Inscriptions of Ceylon ග්‍රන්ථයේ 270 දරන ‘බරත ශගරකිතහ ලෙණේ’ යන්න උදුරා දක්වමින් මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවකින් සංඝරක්‍ඛිත තෙරුන් ලංකාවට පැමිණ සරඹු හිමියන් සමඟ ගල්ලෙනක වැඩ සිටි බව මේ ශිලා ලේඛනයේ සඳහන් වේ යැයි ප්‍රකාශ කොට ඇත. මේ සෙල්ලිපියේ එවැනි අදහසක් කිසිසේත් ම නැති බව අමුතුවෙන් විග්‍රහ කළ යුතු නොවේ.

තවද බරත ශගරකිතහ ලෙණේ යන්න භාරත සංඝරක්ඛිත හිමියන්ගේ ලෙණ යනුවෙන් ඔහු අර්ථ දක්වයි. යම් අර්ථකථනය සපුරා වැරදියි. බරත යනු භාරතීය යන අදහස නොවේ. කටට ආ පලියට අර්ථ කථන දැක්විය නොහැකි ය. බරත හා බත යන්න සමාන අර්ථ වශයෙන් දක්වන පරණවිතාන මහතා, සංස්කෘත භාෂාවේ භර්තෘ ශබ්දයෙන් බිඳුනු පදය කැයි කියයි. මැද උයන්ගොඩ විමලකිත්ති හිමියෝ පාලි භාෂාවේ භාතු හෝ භත්තු ශබ්දයෙන් භින්න යැයි ද කියති. එම පදවල අදහස ස්වාමියා යනුයි. පාලියේ භදන්ත හෝ සංස්කෘතයේ භවත් ශබ්දයෙන් ප්‍රභවය කොට ඇතැයි පවසන කොත්මලේ අමරවංශ හිමියෝ පින්වත් යන අර්ථය ඊට යෝජනා කරති. බරත යන පදය ලිපි රාශියක ඇතුළත් වන බැවින් භාරතීය යන අදහස කිසිසේත් ම එළඹිය නොහැකි ය.

එසේ ම ඉහත සෙල්ලිපියේ කාලය වන විට ලංකාවේ දී කිසිම මූලාශ්‍රයක ඉන්දියාවට භාරතය වශයෙන් ව්‍යවහාර කර නැත. දකුණේ සිට වමට කියවන මෙම සෙල්ලිපියේ ශගරකිතහ යනු භික්‍ෂුවක් නොව ගිහියෙකි. කිසිම සෙල්ලිපියක භික්‍ෂුවක් හැඳින්වීමට නම පමණක් යොදා නැත. “Inscriptions of Ceylon” ග්‍රන්ථයේ 621 සෙල්ලිපියේ ස්පර්ශ ඡායා (Estampages) පිටපත උපුටා දක්වයි. එනම් (621) මෙම ලිපිය සිංහල අකුරෙන් ලියමින් ඔහු කරන අණ්ඩර දෙමළ විවරණයක හැටි බලන්න.

“බුදුරදුන්ට විවිධ නාම භාවිතා කර ඇත. ඒ අතර “බගවත” යන්න සෙල්ලිපියේ දී යොදා ඇත්තේ භාග්‍යවතුන් යන අදහසින් විය යුතු යි. අයි.සී. 621 පිත මහරඣහ බඩකරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣ තිශහ රඣියශි නියෙත අගත අනගත බගවත සගස” ලෝකවිදූ යනු ද බුදුරදුන් ට යෙදූ ගෞරව නාමයකි. ගොතම යනු බුදුරදුන්ගේ පුද්ගලික පැවිදි නමයි. චීවරයක් ඇඟලූ නිසාවෙන් ශමෙණෙ හෙවත් ශ්‍රමණ යන්න එකල භාවිතා කර ඇති ආකාරය අටුවාවල දී විස්තර කර ඇත. ශ්‍රමණ භගවත් ගෝතම යනු සෑම තැන්හිම බුදුරදුන්ට රජවරු ඇමතූ අයුරු යි. බුදුරදුන් ලංකාවට වැඩ ම කළ දින දී පැමිණි මුගලන් හිමි, සැරියුත් හිමි, පුණ්ණ හිමි අතුළු මහා සංඝයාට පූජා කර ඇති මෙම ගල්ලෙන කරවා ඇත්තේ පරුමක අබය නැමැති රජුගේ (ගෝඨාභය රජතුමා) පුත්‍රයෙක් වූ ඵරක නැමැති ප්‍රධානියා යි. මෙම ඵරක බුදුරදුන්ට පූජා කළ තවත් ගල්ලෙන් විහාරයක් යටියන්තොට ඇත. බුදුරදුන් ඇතිරිල්ලක් දමා අසුන ගත් ස්ථානයක් ලෙස සඳහන් ස්ථානයට දැන් කියන්නේ බල්ලා හෙළ යනුවෙනි. බුදුසරණ – 2008 ඔක්. 07

ඉහත ඡේදයෙන් පාඨක ඔබට ලිපිකරුගේ අණ්ඩර දෙමළ කුමක් දැයි මනාව ස්ඵුට වේ. දැන් එහි ඇති අවිචාරවත් අව්‍යක්ත විවරණය පිළිබඳව ද විමසා බලමු. ඉහත දැක් වූ 621 දරන ස්පර්ශ ඡායා පිටපතේ සැබෑ සිංහල කියැවීම මෙසේ ය. එනම්,

“පිත මහරඣහ බඹගරික පරුමකපුත පරුමක චෙශම ලෙණෙ

රඣතිශහ රඣියශි නියත අගත අනගත චතුදිශ ශගස”

එහෙත් මෙම සෙල්ලිපියේ ‘බගවත’ කියා සඳහන් නොවේ. ඉහත ඔහු සඳහන් කරන්නේ අණ්ඩර දෙමළයකි. ‘ලෝක විදූ යනු ද බුදුරදුන්ට යෙදූ ;ගෟරව නාමයකි. ගොතම යන බුදුරදුන්ගේ පුද්ගලික පැවිදි නාමය….” ආදී වශයෙන් බුද්ධ චරිතය විකෘති කරමින් කියන දේ හා සෙල්ලිපිය අතර කිසිදු සම්බන්ධයක් නැත. තව ද ලෝක විදූ යනු බුදුගුණයක් මිස ගෞරව නාමයක් නොවේ. ‘චීවරයක් ඇගලූ නිසා ශ්‍රමණ යැයි’ අටුවාවල විස්තර කොට තියෙනවාලු. එවැනි විග්‍රහයක් කිසිදු අටුවාවක නැත. බුදුරජාණන් වහන්සේ සමඟ සැරියුත් හිමි, මුගලන් හිමි, පුණ්ණ හිමි ඇතුළු මහාසංඝරත්නය ලක්දිවට වැඩම කළ බව මොහු පවසන්නේ කිසිදු පදනමක පිහිටා නොවේ. බුදුරජාණන් වහන්සේ මිස උන්වහන්සේ සමඟ සැරියුත් මහරහතන් වහන්සේ ඇතුළු කිසිදු භික්‍ෂූන් වහන්සේ නමක් ලක්දිවට වැඩම කළ බවට කිසිම සාක්‍ෂ්‍යයක් නොමැත.

9 –1107 දරන සෙල්ලිපියේ ස්පර්ශ ඡායා පිටපත උපුටා දක්වමින් තවත් අණ්ඩර දෙමළයක් ඉදිරිපත් කරයි. අන්‍යොන්‍ය වශයෙන් වෙන් කළ නොහැකි ශිලා ලිපි දෙකක් මෙහි ඇතුළත් වේ. ඒවා පිළිබඳ මොහුට අවබෝධයක් නැත. කෙසේ වූවත් 9 දරන සෙල්ලිපියේ ඉංගී‍්‍රසි අක්‍ෂර ලිපිය උපුටා දක්වමින් මොහු විසින් කරනු ලබන උමතු විවරණය මෙසේ ය. එනම්, “Parumaka v(e) samana puta Baraniya leni devaha catudisa sagasa IC No 9වෙශමුණි මහරජතුමා ගෞතම බුදුරදුන්ගේ ඉතා සමීපතම මිතුරෙකු බව ජාතක අටුවා කථා පොතේ ද තවත් අටුවා හත අටකට සඳහන් වී ඇත. ‘බුදුසරණ 2008 ඔක්. 07

මෙම සෙල්ලිපියේ වෙශමුණ මහරජතුමන් ගැන හෝ බුදුරජාණන් වහන්සේ ඔහුගේ සමීපතම මිතුරෙකු යැයි සඳහන් නොවේ. සෙල්ලිපියක් උපුටා දක්වමින් සාමාන්‍ය පාඨකයා නොමග යවන සුළු ආකාරය කදිමයි. මොහුගේ බහුශ්‍රැතභාවය පෙන්වීමට වෙසමුණි බුදුරජාණන් වහන්සේගේ සමීපත ම මිතුරෙකු බව අටුවා හත අටකට සඳහන් යැයි කියයි. එවැනි අදහසක් කිසිම අටුවාවක නැත. මහාකාරුණික බුදුරජාණන් වහන්සේට සමීපතම හෝ දුරස්ථ හෝ කියා මිතුරන් නැත. උන්වහන්සේ සෑම සත්වයෙකුට ම සමකරුණාව දැක් වූ සේක.

වෙශමුණි ගැන හරි අපූරු ගවේෂණයක් කරන මොහු ස්වකීය ගවේෂණ මෙසේ ඉදිරිපත් කර ඇත. එනම් ‘වෙශමුණි මහ රජතුමාගේ මිණිපිරියක් වූ පුස්සා, නම් කුමාරිකාව ගෞතම බුදුරදුන්ට ගල්ලෙන් කිහිපයක් ම කරවා ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හොරොව්පොතාන සිට කි.මී. 26 ක් පමණ දුරින් පිහිටි නූතන හන්තාන කන්දේ එම සේල්ලිපි අද දින ද ඕනෑම අයෙකුට එහි ගිය විට දැක ගැනීමට පුළුවන.’බුදුසරණ ඔක් . 07

ස්පර්ශ ඡායා පිටපත් 331

”පරුමක ශතනශත ඣිත පරුමක මිත ඣය පරුමකලු පුෂය ලෙණෙ අගත අනාගත චත දිශ ශගශ රත”

Parumaka – Mita – Jnaya – Parumka – Sata – Nasata – Jhita – Parumakalu pusaya –lene – agata anagata – catu – sagasa I. C. No.331

මෙම ලිපි දෙකෙහි සඳහන් ශතනශත යනු නාසත්‍යයය මෙම නිවුන් දරුවන් දෙදෙනා වෙශමුණි රජතුමාගේ පුත්‍රයෝ ය. මොහුනට වේද ග්‍රන්ථවල දී අශ්වින් ලෙස කියති. මෙම විස්තර දීර්ඝ ලෙස දැන ගැනීමට වුවමනා නම් අසිරිමත් ඉන්දියාව නැමති ග්‍රන්ථයේ 306 පිට බලන්න.

බුදුරදුන් නාගදීපයට වැඩම කළ ගමනේ දී චූලෝදර නාරජතුමාට ධර්මය දේශනා කළ බව වංශකතාවල සඳහන් ය. (බුදුසරණ 2007 ඔක්. 7) එසේ ම ඒ සඳහා ඔහු විසින් ඉදිරිපත් කරන ලද මූලාශ්‍රය ඉන්ස්ක්‍රප්ෂන් ඔෂ් සිලෝන් ග්‍රන්ථයේ ඇතුළත් 331 ශිලා ලිපියයි. ඉහත ඉංගී‍්‍රසි අක්‍ෂරවලින් දැක්වෙන්නේ එහි සැබෑ ලිපියයි. එම ලිපියේ සඳහන් වන්නේ පරුමක මිතගේ බිරිඳ හා පරුමශත නශතගේ දුව වන පරුමකලු පුෂගේ ලෙණ පැමිණ නොපැමිණි මහ සඟරුවන වෙත. මෙහි කිසිම තැනක මිණිපිරියක් බුදුරදුන් ලෙන් පූජා කළා යැයි සඳහන් නොවන බව වැටහෙනවා ඇත.

ඉහත ඡේදයේ ඔහු ඉදිරිපත් කරන කරුණු සාවද්‍යතාව කෙටියෙන් පහත දැක්වෙයි. ඔහු කියන කරුණු එකිනෙකට අසම්බන්ධයි. වෙශමුණිගේ මිණි පිරිය බුදුරදුන්ට ගල්ලෙන් පූජා කළ යැයි කීම හිතළුවකි. කිසිදු මූලාශ්‍රයක එවැනි කථාවක් නැත. වෙශමුණ කියා රජෙක් ලංකාවේ තබා ඉන්දියාවේත් නොසිටියේ ය. ඉහත 331 වන ශිලා ලේඛනයේ සඳහන් වන්නේ පරුමක මිතගේ බිරිඳ හා පරුම ශතනශතගේ දුව වන පරුමකලු පුෂගේ ලෙණ පැමිණි නොපැමිණි මහ සඟරුවන වෙත යනු එහි අදහසයි. එහි මිණිපිරියක බුදුරජාණන් වහන්සේට ලෙන් පූජා කළා යැයි සඳහන් වේ ද? ඉහත කොටු කර ඇති සෙල්ලිපියක් යැයි කියා ගන්නා හිතළුවකි. එය 331 වන ශිලා ලිපිය විකෘත කොට දක්වා ඇත. මේ ආකාරයට මේවා ඔහු දක්වන්නේ පාඨකභවතුන් නොමඟ යැවීම පිණිසයි.

331 දරන සෙල්ලිපිය, වව්නියා දිස්ත්‍රික්කයේ ඵරූපොතන ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද්දකි. I.C ග්‍රන්ථයේ 26 පිටුවේ “Erupotana” යනුවෙන් ලියා ඇති වචනය මොහු හොරොව්පොතාන යැයි සිතා කිමි. 26 ක් දුරින් හන්තාන කන්දේ පිහිටා ඇතැයි ඉහත දක්වන්නේ අණ්ඩර දෙමළය හුදු පාඨකයා නොමඟ යැවීම පිණිස ලියන ලද්දකි. හන්තාන කන්ද පිහිටා තිබෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ද? ඉහත ඡේදයේ සඳහන් කරන “ශතනශත යනු නාසත්‍යයය මෙම නිවුන් දරුවන් දෙදෙනා වෙශමුණි මහරජුගේ පුත්‍රයෙක් ය.” මේ කියන කථාවේ තේරුම කුමක්ද?.

ස්වාභාවික වස්තුන්ට දේවත්ව රෝපණයෙන් සූර්ය සෝමා, අග්නි, වායු, පෘථිවි, උෂස් ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර, අදිත, විෂ්ණු, පූෂන්, මරුත්, රුද්‍ර, පර්ජන්‍ය, අශ්වින් ආදී වෛදික දේව සංකල්පයට වෙශමුණි අයත් නොවේ. පාඨකයා මං මුලා කරවන මේ අඥානයා ස්වකීය බහුශ්‍රැතභාවය නොව බහුබූතකම ඉස්මතු කරන සැටි බලන්න. ඒ එල්. බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව නමැති ග්‍රන්ථයෙන් විස්තර දැන ගන්නා ලෙසට කියයි. එම ග්‍රන්ථයේ අශ්වින් පිළිබඳ කියැවෙන තැන උපුටා දක්වන්නේ ඔහුගේ තරම පාඨකයට තවදුරටත් අවබෝධ වීම පිණිස ය.

“හිරගේ දියණිය වූ ‘සූර්යා’ දෙව්දුව අයත් වූයේ ඉරු දෙව් මඩුල්ලේ අන්තයටය. ඇය වන්දනාමානාදියට ලක් වූ බවත් පෙනෙන්නට නැත. ඇයගෙන් සිදු වූ කාර්යය නම් ඇගේ ස්වාමිවරුන් දෙදෙනා වූ අශ්වින් (අශ්වාරෝහකයන්, සමහර විට ‘නාසත්‍ය’ යන නමින් ද හැඳින්වේ.) සූර්ය දිව්‍ය රාජයා හා සම්බන්ධ කිරීමයි. අශ්වින් විස්තර වනුයේ රෝද තුනක් සහිත තම රථය අහස හරහා පදවා ගෙන යන්නන් ලෙස ය.” අසිරිමත් ඉන්දියාව 306 පිටුව. මේ අනුව ‘වෙශමුණිගේ නිවුන් දරුවන්…’ යැයි කියන වෘෂභ වාදය මෙහි අන්තර්ගත නොවන වග පාඨකයාට අවබෝධ වේ.

සෘග්වේධයේ අන්තර්ගත අශ්විනෞ (අශ්වින්) යන ද්විවචන පදයේ අර්ථය නම් අශ්වයන් මෙහෙය වන ලීලාවෙන් අහසෙහි සැරිසරන සූර්යයාගේ රියදුරන් දෙදෙනා ය. මේ පිළිබඳ විවිධ අර්ථ ඉදිරිපත් කොට ඇත. ‘නාසත්‍ය’ නමින් ද හැඳින්වෙන අශ්වින් දේවතාව ගී‍්‍රක් දේව කතාවන් හි සඳහන් ‘ඩිමස්කුරී’ ට සමාන වේ.

මේ ලිපිය අවසන් කරන්නේ ද පට්ටපල් බොරුවකිනි. එනම් ‘බුදුරදුන් මකුලානට වැඩිය බව බුරුම පොතක සඳහන් ය. විස්තර වුවමනා අයට ජිනකාලමාලි නැමැති කෘතිය… බැලීමෙන් එය දැන ගත හැකි ය.’ (බුදුසරණ) ජිනකාලමාලී යනු බුරුම පොතක් නොවේ. එය සියම් රටේ නබ්බිසි (චියෙන්මායි) නුවර රත්නවන මහාවිහාරවාසී රතනපඤ්ඤහිමියන් විසින් බු.ව. 2060 දී පමණ පාලි භාෂාවෙන් රචිත ග්‍රන්ථයකි. එය ප්‍රථම වතාවට 1956 දී මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත මාහිමියෝ සියම් අකුරෙන් සිංහල අකුරට නඟා සිංහල අනුවාදයක් සහිතව මුද්‍රණය කළහ.

එම ග්‍රන්ථයෙහි බුදුරජාණන් වහන්සේ මකුලාවට වැඩම කොට ගල්ලෙනක විවේක සුවයෙන් වැඩි සිටියා ආදී වශයෙන් ඔහු කියන කිසිවක් සඳහන් නොවේ. ඒවා සපුරා සාවද්‍ය ප්‍රකාශනයකි. ජිනකාලමාලියෙහි ඇත්තේ ජට්ඨමං මංකුල පබ්බතෙ – “සය වන වස මංකුල පර්වතයෙහිය” යනුවෙන් ය. මංකුලය පර්වතය ඇත්තේ දඹදිව ය.

හෑගොඩ විපස්සි හිමි

රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ

උපුටා ගැනිම. //www.lakehouse.lk/budusarana/2009/02/02/tmp.asp?ID=fea01