Home » වටිනා ධර්ම කරුණු » කර්මය හා පුනර්භවය

කර්මය හා පුනර්භවය

බුදු සමයේ මූලධර්ම අතර කර්මය හා පුනර්භවය යන විෂය ක්ෂේත්‍ර දෙකට සුවිශේෂී ස්ථානයක් හිමි වේ. ප්‍රාග් බෞද්ධ යන විෂය මෙම මාතෘකා පිළිබඳ විවිධ කරුණු දාර්ශනික ලෙස සාකච්ඡා කොට ඇත. ආත්මවාද මත පදනම් වීම එම ඉගැන්වීම්වල විශේෂ ලක්ෂණයයි.

එම නිසා ශාශ්වත දෘෂ්ටිය (දිගින් දිගට සැරිසරණ ආත්මයක් ඇත යන විශ්වාසය) ප්‍රාග් බෞද්ධ (බුදුරජාණන් වහන්සේ ලොව පහළවීමට පෙර) ඉගැන්වීමවල න්‍යාය වන අතර, චරණය වන්නේ අත්තකිලමාතානු යෝගයයි. භාෂාත්මක හේතු මත බැලු බැල්මට බෞද්ධ හා සෙසු ඉගැන්නීමවල හුදු සාම්‍යයක් දක්නට ලැබෙතත් එය සත්‍යයක් නොවේ. මක්නිසාද යත්, බෞද්ධ කර්මවාදය හා පුනර්භව වාදය පටිච්චස්මුප්පාදය (ප්‍රතීත්‍යනනසමුත්පාදය) හෙවත් හේතුඵල වාදය මත පිහිටා දේශනා කොට ඇති බැවිනි.

කෙසේ වුවත් මෙහි පරමාර්ථය උක්ත ප්‍රස්තුතය පිළිබඳව විධිමත් ලෙස විවරණය කිරිම නොව කර්ම හා පුනර්භවය අතර පවත්නා අන්යේ‍න්යි සම්බන්ධය පැහැදිලි කරමින් කර්ම විපාකයන් වශයෙන් මිනිසුන්ගේ ආයුෂ හීනවීමට හේතු සංක්ෂිප්තව පැහැදිලි කිරීමය.

කම්ම යනු බුද්ධ වචනය හෙවත් පාලි පදයයි. එහි සංස්කෘත ව්‍යවහාරය කර්ම යනුයි. එයම මිශ්‍ර සිංහලයේ ද භාවිත කෙරේ. ක්‍රියාව, වැඩ යන්න එම පදයේ සාමාන්‍ය අදහසයි. එසේ වුවත් බෞද්ධ වචන මාලාවේ කර්ම යනු විශේෂ වූත්, පුළුල් වූත්, ගැඹුරුවත් සංකල්පයක් ඉදිරිපත් කිරීමට ව්‍යවහාර කෙරේ. එනම් සත්වයාගේ අගක් මුලක් නොපෙනෙන සංසාරික ප්‍රළවෘත්තියට (පැවැත්මට) මෙන්ම සැප දුක විඳීමට හේතු වන්නා වූ බලවේගය කර්ම යනුයි. එමෙන්ම කර්මය යන මූලධර්මයේ අභිප්‍රාය වන්නේ තමා සකස් කර ගනු ලබන්නේ තමා විසින්ම යන කරුණු පැහැදිලි කිරීමයි. කර්ම විෂය අචින්ත්‍යයමයි. කර්මයක් නැතිව සත්වයාගේ පුනර්භවය සිදු නොවන්නේය. කම්මක්ඛය යනු නිවනට පර්යාය නාමයක් වන බැනින් කර්මක්ෂය කිරීමෙන් මනුසත්වයාගේ පුනර්භවය ද නොවන්නේය. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් නිවන් අවබෝධ කොට ගත් උතුමෝ පුනර්භවය හෙවත් නැවතහට නොගන්නෝය. එම නිසා යම් පුද්ගලයෙකුගේ පුනර්භවයක් තිබේ ද එතැන කර්ම රැස් වන්නේය. යම් තැනක කර්ම රැස්වන්නේ ද එතැන පුනර්භවය හට ගන්නේය.

කම්මා විපාක වත්තන්ති – විපාකො කමම සම්භවො
තස්මා පුනබ්භවො හොති – එවං ලොකො පවත්තති

කර්මය නිසා විපාක පවතී. විපාකය කර්මයෙන් හටගන්නේය. එහෙයින් පුනර්භවය හෙවත් නැවත භවය වේ. මෙලෙස ලෝකයෙහි සත්වයාගේ පැවැත්ම වෙයි, යනුවෙන් විශුද්ධි මර්ගයෙහි අන්තර්ගතයි.

පුනර්භවය (පුනබ්භව) පුනරුප්පත්තිය, පුනර්ජන්ම යන වචන පොදුවේ මතු ඉපදීම සඳහා ව්‍යවහාර කෙරේ. එහෙත් බුදු දහමේ උගන්නවන්නේ පුනර්භවයයි. මක්නිසාද යත්, පුනර්ජන්මය හෝ පුනරැප්පත්තිය යන වචනවලින් අදහස් කරන්නේ භවයෙන් භවය සැරිසරණ නොමියෙන, නිදිරණ ආත්මයක්, ජීවයක්, ප්රාගණයක් ගැනයි. එම නිසා බෞද්ධ ව්‍යවහාරය වන්නේ පුනර්භවය යන්නයි. ත්‍රිපිටකයේ සෑම තැනකම අන්තර්ගත වන්නේ “නැවතවීම” යනාර්ථය ඉදිරිපත් වේ. අභිධම්ම විභාවිනී ටීකාවේ පුනර්භවය සඳහා අර්ථ දෙකක් ඉදිරිපත් කොට තිබේ.

1. මොහොතක් පාසා පුද්ගලයා සහිත ලෝකය ඇති වෙමින් නැති වෙමින් පැවතීම.
2. මරණයෙන් පසු පුද්ගලයා නැවත භවයක ප්රිතිසන්ධිය ලැබීම.

මෙයින් පළමු අර්ථය පිළිබඳ අපගේ වැඩි අවධානයක් නොමැති නිසා බහුතරයක් ධාර්මික ලෙස ජීවත් වෙති. පුනර්භවයක් නොමැති තැන කර්ම රැස් වන්නේ නැත. අනේක ජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං යන ප්ර ථම උදාන දේශනාවෙන් පැහැදිලි වන්නේ ආත්මභාවය නැමැති ගෙය සාදන වඩුවා දක්නා ලද නිසා නැවත උපතක් නොවන බවත්ය. මෙහි තෘෂ්ණාව යනු කර්මයයි. කර්මය යනු කුමක්දැයි පැහැදිලි කරන අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ නිබ්බේධික සූත්රායෙහි “චෙතනාහං භික්ඛවේ කම්මං වදාමි”. මහණෙනි, මම චේතනාව කර්මය යැයි කියමි යි බුදුරජාණන් වහන්සේ වදාළ සේක. මෙය ඉතා කෙටි දේශනයකි. මෙම දහම් පදය අවබෝධ කර ගැනීමට අභිධර්මය පිළිබඳ අවබෝධයක් අවශ්යෙය. මක්නිසාද යත් චේතනාවම කර්මය නොවන බැවිනි. චේතනා යනු දෙපණස් චෛතසිකයක් පමණයි. හුදෙක චෛතසික පමණක් සිත්හි නූපදී. මෙ පිළිබඳ විග්රෙහයක් කිරීමට මෙහි අවකාශ නැත. කෙසේ වුවත් පඤචස්ඛන්ධ විභාගයේදී චේතනාව සංස්කාරස්ඛන්ධයටත් පටිච්චසමුප්පාද ධර්මයේ ද්වාදශ අංගයේදී සංස්කාර ප්රෛත්ය වශයෙන් ද නාම රූප විභාගයේදී නාම කොටස ද සතර ආහාරයේහි ලා මනොසඤ්චේතන ආහාරයට ද කර්ම ඇතුළත් වේ.

සත්වයෙකු යම් ආත්ම භවයක ඉපිද මරණයට පත්වන විට ඔහුගේ මරණාසන්න චිත්තයට කර්මය – කර්ම නිමිත්ත – ගති නිමිත්ත යන කරුණු තුනෙන් එක් දෙයක් අරමුණු වෙයි. මෙ අනුව අලුත් භවයක සත්වයා උපදින විට අලුත් භවයේ පළමුවන සිත අතීත භවය හා වර්තමාන භවය ප්ර්තීත්යකසමුත්පන්නව සම්බන්ධ කරන්නක් වැනිය. එම නිසා එයට ප්රයතිසන්ධි ච්ත්තය යැයි කියනු ලැබේ. මෙයින් පැහැදිලි වන්නේ පුනර්භවයක් නොමැතිව කර්මයක අවශ්ය තාවක් නොවන බවයි. ඉහතින් කී පරිදි කර්මක්ෂය කිරීම නිර්වාණයයි. (කම්මඛධන්ධයො නිබ්බාණං) කොටින් කිවහොත් පුනර්භවය සඳහා ඉන්ධන වන්නේ කර්මයයි.
මේ ආකාරයෙන් පුනර්භවය වන සත්වයාගේ හීන, ප්‍රණීත (පහත්, උසස්) වීමට හේතු වශයෙන් මජඣිම නිකායේ චුල්ලක්ම්ම විභංග සූත්රායේ, ” කම්මස්සකා මානව සත්තා කම්මයොනි කම්මබත්ධු කම්මපටිසරණා කම්මං සත්තේ විභජති යදිදං හීනප්පණීතනාය” මානවකය, සත්වයා කර්මය ස්වකීය කොට ඇත. කර්මය දායාද කොට ඇත, කර්මය ඥාති කොට ඇත. සත්වයා පහත් උසස් තත්වයට පත් කරන්නේ කර්මය යැයි සඳහන් වෙයි. මෙහිදී ආයුෂ අඩුවීමට හේතු වශයෙන් වදාළේ ප්රාසණඝාත අකුසලය කිරීමේ හේතුවෙන් මරණින් මතු අපාගත වන බවත් මිනිසත් බවට පත් වූයේ නම් ආයුෂ අඩුවන බවත්ය.

“ප්‍රාණ” යනු ලෝක ව්‍යවහාරය අනුව යම්කිසි සත්වයෙකි. එම සත්වයා මනුෂ්‍යයෙක් හෝ තිරිසනෙක් හෝ විය හැකිය. සම්මුතුය එය වුවත් පරමාර්ථ වශයෙන් සත්වයෙක් පුද්ගලයෙක් නැත. එබැවින් මෙහි “ප්‍රාණ” යැයි කියන්නේ නාමරූපව ක්‍රමිකව සිදුවන්නේය. එසේ සිදුවන්නට ඉඩ නොදී ප්‍රාණ ඝාතනය කරන්නේ නම් ඒ ඝාතකයාට ඊට සරිලන විපාක විඳීමට සිදුවෙයි. මෙය වෙනත් අයුරකින් පැවසුව හොත්, මනුෂ්‍යයෙකුට හෝ තිරිසනෙකුට හෝ කර්මය අනුව හිමි වූ ඒ ඒ ආත්මභාවයට සරිලන ආයුෂ ප්‍රමාණය විඳීමට ඉඩ නොදී යමෙකු විසින් ඔහු ඝාතනය කරනු ලබන්නේ ද එහි විපාක වශයෙන් එම ඝාතකයා නැතහොත් පුද්ගලයාගේ මතු ආත්මභාවයකදී ආයුෂ අඩු වන්නේය.

ප්‍රාණඝාතය බහුල වශයෙන් කරන්නා නිරයෙහි උපදියි. තිරිසන්ගතව උපදියි. ප්‍රේතවීෂයෙහි උපදියි. මිනිසත් බව ලැබුවේ නම් ආයුෂ අඩුවෙයි. (යො සබ්බලහුසො පාණතිපාතස්ස විපාකො මනුස්සභූතස්ස අප්පායුක් සංත්තනිකෝ හෝති ) යනුවෙන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අපාය සංවත්තනික සූත්‍ර‍යෙහි සඳහන් වෙයි. කර්මය හා එලය අතර පවත්නා සම්බන්ධතාව අනුව මේ විපාක ඇතිවෙයි. ” යාදීසං චපතෙ බීජං තාදිසං හරතෙ එලං ” වැපිරීම අනුව අස්වැන්න ලැබීම සිදුවන අයුරින් මෙය තේරුම් ගත යුතුය. මෙසේ ඇතිවන අනුරූප විපාක අටුවාවේ හඳුන්වා ඇත්තේ ” කම්මසරික්ඛතා ” යනුවෙනි. පන්සිල් අටසිල් ආරක්ෂා කරන්නා නිරන්තරයෙන් දීර්ඝායුෂ විඳින බව ජාතක පාලියේ මහාධර්මපාල ජාතකයෙන් හෙළිවෙයි.

සත්වයාගේ එක් භවයක් අවසානය මරනයෙන් සංකේතවත් වන අතර තවත් භවයක හට ගැනීම උපතින් සංකේතවත් කිරීම සඳහා පුනර්භවය සහිත සංසාර ප්‍රවෘත්තිය අත්‍යවශ්‍ය වන බව කරමක් දුරට හෝ අවබෝධ කළ හැකිය.

කර්මය පුනර්භවය වැනි සංකල්ප තේරුම් ගැනීම දුෂ්කරයි. පුහුදුන් මිනිස්සු විවිධ දැනීම හා සසඳමින් මෙවැනි කරුණු විශ්වාස නොකරති. එම නිසා තමන්ට අවිනිශ්චිත වූ හෝ අවීෂය වූ හෝ කාරණයක් ගැන පිළිපදින ක්‍රමය බුදු දහමෙහි හ්ඳුන්වන්නේ අපණ්ණක පටිපදාව වශයෙනි. මෙම ගැඹුරු ධර්ම පර්යාය පිළිබඳ සුභාෂිතයේ පහත සඳහන් කවිය ඉතා වැදගත් වේ.

ඇතත් නැතත් පරලොව සුදනෙනි මහත
හළොත් යෙහෙකි පව්කම් නො තබා ම සිත
නැතත් එ පරලොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත