Home » 2011 » October

ආනිසංස බලවත් වු කඨින පිංකම

චීවර පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබා දෙන උතුම් පිංකමක්‌ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙනවා
මේ චීවර මාසයයි ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්‌. භික්‍ෂුන් වහන්සේ වස්‌ වැසීම, වස්‌ පවාරණය කිරීම යන උතුම් පිංකම් කෙරෙනුයේ මෙම කාලයේයි. ඉදිරි පුර පසළොස්‌වක පොහොයෙන් වස්‌වැසීම නිමාවට පත්වෙනු ඇත. බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස...
Continue reading »

දන් දීමේ ආනිසංස හඳුනා ගනිමු

බුදුරජාණන් වහන්සේ මෙම සූත්‍රයේදී පෞද්ගලික දාන 14 ක්‌ දේශනා කළා. එනම් චුද්දස ඛො පනිමානන්ද, පාටිපුග්ගලිකා දජණා කතමා චුද්දස තථාගතෙ අරහන්තෙ සම්මා සම්බුද්ධෙ දානං දෙති.......

    තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන්දීම.
    පසේ බුදුරජාණන් වහන්සේට දන්දීම.
    රහතන් වහන්සේට දන්දීම
    රහත් ඵලය අවබෝධ කරන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
    අනාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
    අනාගාමී ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
    සකදාගාමී වූ ආර්යයන් වහන්සේට දන්දීම.
    සකදාගාමී ඵලය ලබන්නට පිළිවන් ආර්යයන් වහන්සේටද දන්දීම.
    සෝවාන් වූ ආර්යයන් වහන්සේට දන්දීම .
    සෝවාන් ඵලය ලබා ගන්නට පිලිපන් ආර්යයන් වහන්සේට දන්දීම.
    කාමයෙන් බැහැර වූ බාහිරක තාපසයන් කෙරෙහි දන්දීම (බාහිරංක කාමෙසු වීතරාගෙ දානං දෙති)
    පෘථග්ජන සිල්වතුන් වහන්සේට දන්දීම (පුථුඡ්ජන සීලවන්තෙ දානං දෙති - පෘථග්ජන භික්‍ෂූන් වහන්සේලාට දන්දීම.
    පෘථග්ජන දුස්‌සීලයාට දන්දීම  (පුථුඡ්ජනදුස්‌සීලෙ දානං දෙති)
     තිරිසන් සතුන්ට දන් දීම
සත්ත්වයාගේ සසරේ පැවැත්ම ලෝභ – ද්වේෂ, මෝහ යන අකුසල් මුල් නිසාම සිදු වෙනවා. එහිලා විමුක්‌ති මාර්ගයේ ප්‍රථම පියවර උදෙසා දාන සංකල්පය අත්‍යවශ්‍ය සාධකයක්‌. දානය කියන්නේ දීමයි. එය පරිත්‍යාගය වශයෙන් ද හඳුන්වනවා. දානය යන පදය සෑදෙන්නේ “දා” යන ධාතුවෙන්. චාග යන පදය ද දානය යන්නට පරියාය පදයක්‌. පරියාය කියන්නේ...
Continue reading »