Home » විමර්ශන » බුදු නැණ ඉක්ම වූ විදු නැණ

බුදු නැණ ඉක්ම වූ විදු නැණ

විද්‍යවේදී පිටදූවේ සිරිධම්ම හිමියන්ගේ සාකච්ඡාවක් ඇසුරෙන් රැසයුණු ‘‘ප‍්‍රත්‍යක්‍ෂයට මග කියන බෞද්ධ චින්තනය’’ නැමැති ලිපියක් නොවැම්බර් 26 දින බුදුසරණ පුවත්පතෙහි පළ විය. එහි පාඨකයා නොමග යවන සුළු සාවද්‍ය කරුණු කිහිපයක් සකාරණව පෙන්වාදීම මෙහි අරමුණය.

උක්ත ලිපියට මුලාශ‍්‍ර වී ඇත්තේ මැදුම් සඟියේ මූලපණ්ණාසකයේ ඔපම්ම වග්ගයේ අන්තර්ගත චූළහත්‍ථිපදොපම සූත‍්‍රය යි. මෙය මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලක්වැසියාට’ බුදුදහම හඳුන්වාදීමට දේශිත ප‍්‍රථම සූත‍්‍රය ද වේ. මේ ලිපියේ අඩංගු සදොස් තැන් පහත සඳහන් පරිදී සැකෙවින් මෙසේ දැක්විය හැකිය. එනම්,

අ. චූළහත්‍ථිපදොපම සූත‍්‍රයේ පසුබිම වරදවා පෙන්වීම.

ආ. බුදුරජාණන් වහන්සේ ඉක්මවා සිතීමට ඉඟි කිරීම.

ඇ. බෞද්ධ ඥාන විභාගයේ දී අනුමානඥානය ප‍්‍රතික්‍ෂෙප කොට ඇතැයි ප‍්‍රකාශ කිරීමත්, බෞද්ධ නිදහස් චින්තනයේ ස්වභාවය විද්‍යාත්‍මක චින්තනය සමඟ පටලවා ගැණීමත්, පටිච්චසමුප්පාදයෙන් ප‍්‍රතික්‍ෂෙප වූ නියතිවාද අදහසක් ඉදිරිපත් කිරීම යන කරුණු ය. මේ ප‍්‍රස්තුතයන් පිළිබඳ ප‍්‍රස්ථාවික ලෙස විමසා බැලීම වටියි.

අ. බුදුරජාණන් වහන්සේ මෙම සූත‍්‍රය වදාළේ ජානුස්සොණී නම් බ‍්‍රාහ්මණයාට ය. එහෙත් මේ සාකච්ඡාවෙන් හැ​ගෙන්නේ පිලෝතික අරභයා දේශනා කළ වගයි. ජානුස්සෝණී යනු බ‍්‍රාහ්මණයෙකි. (ජානුස්සෝණී යනු හුදෙක් බ‍්‍රාහ්මණයාගේ නම නොවේ. එකල රජයේ පැවැති තනතුරක් හැඳින්වූ නාමයකි.* පිලෝතික යන්නෙන් එකල පැවැති උසස් යැයි සම්මත කුල ප‍්‍රභේදයත්, පරිබ‍්‍රාජක යන්නෙන් බුද්ධශ‍්‍රාවකයන් වහන්සේලාගෙන් අන්‍ය ශ‍්‍රමණ සම්ප‍්‍රදායත් යන සංස්කෘති දෙක නියෝජනය කරයි. එහෙත් බ‍්‍රාහ්මණ පරිබ‍්‍රාජක යන පද සාකච්ඡාවේ සඳහන් කොට ඇත්තේ අවිශේෂයෙනි. එය වැරදි ය. ඇත් උපමාව පැහැදිලි කිරීම් ආදිය ද පෙළට පටහැනි ය. පාලි පදගථාර්ථ නයින් ඉදිරිපත් කළ යුතුයි ඉන් අදහස් නොකෙරේ. යම් සූත‍්‍රයක් අවස්ථා​වෝචිතව බැවවහර අනුව සරළව සැකෙවින් ඉදිරිපත් කිරීම අවශ්‍ය යි. නමුත් එහි අන්තර්ගතයට හානි නොවන පරිදී විය යුතුයි. පුරාතන අර්ථකථාචාර්යන් වහන්සේලා අනුගත සුත්ත, සුත්තානුලෝම, ආචාරියවාද හා අත්ත​නෝමත යන ශාස්ත‍්‍රීය හා විද්‍යාත්‍මක පරිචය ධර්ම_ සන්නිවේදනයේ දී අනුගමනය කළ යුතුයි. හුදෙක් අත්තනෝමත වලට ඉඩදීමෙන් යථාර්ථය යටපත් වීම වැළැක්විය නොහැකිය.

ආ* බුදුරජාණන් වහන්සේ ඉක්මවා යන දෙවන අදහසට හේතු වූයේ හිමියන්ගේ පහත ප‍්‍රකාශය යි. එනම්,

‘‘මීට අවුරුදු 2600 කට කලින් කරපු චූළහත්‍ථිපදොපම සූත‍්‍ර විග‍්‍රහය දැන් අද අපි විද්‍යාවෙන් කරන්නා වූ විග‍්‍රහයට සමානවමත් නොවෙයි. ඊට වඩා ටිකක් දුරට ගිහිපු විග‍්‍රහයක් කියල අපට පැහැදිලි කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු මේ අපක්‍ෂපාති විග‍්‍රහය’’ මේ සූත‍්‍රයෙහි පිලොතික දැක්වූ ඇත් උපමාව සම්පූර්ණ නොවන හෙයින් බුදුරදුන් තවදුරටත් එය සම්පූර්ණ කොට බමුණාට පහදා දී ඇති බව අපට නම් අවබෝධ වෙයි. එහෙත් පිටදූවේ හිමියන්ගේ ඉහත ජේදයේ ‘‘……………….ඊටත් වඩා ටිකක් දුරට ගිහිපු විග‍්‍රහයක්………….’’ යනුවෙන් සීමාවක් පැනවීමෙන් පාඨකයාට හැ​ගෙන්නේ බුදුන් දෙසූ උපමාව ද අඩුපාඩු සහිත බවත්, අවශ්‍ය නම් විද්‍යත්‍මක පදනම මත පිහිටා තවදුරටත් විග‍්‍රහ කළ හැකි බවයි. කෙසේ වුවත් බුද්ධ වචනය ‘‘ආදි කල්‍යාණං මජෙඣ කල්‍යාණං පරියොසාන කල්‍යාණං සාත්‍ථං සබ්බ්‍යඤජනං කේවල පරිපුණ්ණං……..’’ මුල මැද අග කලණ අරුත් සහිත අඩුපාඩු නැති බ්‍යඤජව සහිත යයි බුදුරජාණන් වහන්සේ එම සූත‍්‍රයේදීම දේශනා කොට ඇත.

ඇ* ප‍්‍රත්‍යක්‍ෂය සඳහා නිදහස් චින්තනයේ උපයෝගිතාව පැහැදිලි කිරීම මේ සාකච්ජාවේ අරමුණ බව ප‍්‍රකටයි. එහිලා බෞද්ධ චින්තනයේ දී අනුමානය ප‍්‍රතික්‍ෂෙප කොට ප‍්‍රත්‍යක්‍ෂය ප‍්‍රමාණ කොට ගත යුතු බව ලිපියේ සඳහන් කරන්නේ මෙසේය. ‘‘බුදුදහම කියල තියෙන්නේ යමක් අනුමානයෙන් දැක අනුමානයෙන් කරන්නාවූ ඉගැන්වීමක් පිළිගැණිමක් නොවෙයි. අනුමානය බැහැර කරල ප‍්‍රත්‍යක්‍ෂය තුළින් නිගමන වලට එළඹීමයි. බුදුදහම උගන්වන නිව_ාණ මාග_ය සකස් වෙලා තියෙන්නේ මේ ප‍්‍රත්‍යක්‍ෂය තුළිනි.’’

බුදු දහම නවීන විඉාත්‍මක චින්තන මත පිහිටා විවරණය කිරීමට ගොස් මේ පටලැවිල්ල ඇති කර ගත් බව පෙනේ. ප‍්‍රත්‍යක්‍ෂ කොට ගත යුත්තේ අප‍්‍රත්‍යක්‍ෂ දෙයකි. නිවන් නොදුටු පුද්ගලයාට නිව_ාණය අප‍්‍රත්‍යක්‍ෂයකි. එම නිසා නිවන ප‍්‍රත්‍යක්‍ෂ කොට ගත යුත්තේ කෙසේදැ යි ප‍්‍රශ්නාර්ථ මතුවේ. බුද්ධ දේශනාවේ අනුමාන ඥානය ප‍්‍රතික්‍ෂෙප කොට නැත. යමක් එසේ කියන්නේ බෞද්ධ චින්තනයේ අනවබෝධයෙනි. පටිච්චසමුප්පද ධම_ය පදනම් වූ බෞද්ධ චින්තනයේ අනුමාන ඥානයේ පාලි රූඪිය ‘‘අන්වයෙ ඤාණ’’ යනු යි. එය ‘‘ධම්මාන්වය’’ යන පදය ආශි‍්‍රතව ගොඩනැගුණකි. මේ ගැන ථෙරවාද න්‍යායෙහි අපූව_ට සඳහන් වේ. එනම් ආර්යා ආර්ය සත්‍ය සාක්‍ෂාත්කරණය වශයෙන් අවබෝධ කරයි. එහෙත් ආය_ා ද අනුමාන වශයෙන් පරිච්ෙඡ්ද වශයෙන් හා ව්‍යවහාර වශයෙන් ද දැනීම ලබයි. එය 1 ධම්මේඤාණ, 2 අන්වයේ ඤාණ, 3 පරියෙ (පරිච්ෙඡ්දෙ* ඤාණ, 4 සම්මුතියා ඤාණයි චතුර්විධයි. මෙහි අනුමාන ඥානය ප‍්‍රමානයක් කොට දක්වා ඇති බව පැහැදිලි ය. අතීත වූ හා අනාගත වූ සත්‍යයක් ප‍්‍රත්‍යක්‍ෂයෙන් දත නොහැකිය. නමුත් ලත් ප‍්‍රත්‍යක්‍ෂ ඥානය අනුව දැකිය හැකිය. එය අන්වයෙ ඤාණ (අනුමානඥාන* නම් වන බව ‘‘තත්‍ථ කනමං ධම්මෙ ඤාණං චතුසු මග්ගෙසු ඵලෙසු ඤාණං අන්වයෙ ඤාණං ති චත්තාරි සච්චානි පච්චක්ඛතො දිස්වා යථා ඉදානි එවං අතීතෙපි අනාගතෙපි ඉමෙච…’’ යන සූත‍්‍ර පාඨයෙන් පැහැදිලි වේ. සත්‍යෙක්‍ෂණයේ පදනමක් වශයෙන් අනුමාන ඥානයේ ස්වභාවය චූළහත්‍විපදොපම සූත‍්‍රයෙන් ද මනාව ප‍්‍රකට වේ. දන්නා දෙයින් නොදන්නා දේ දැන ගැණිම අනුමානය වශයෙන් විභංග අට්ඨකථාවේ දක්වා ඇත. දීඝ නිකායේ සම්පසාදනීය සූත‍්‍රයේහි සඳහන් සැරියුත්තෙරුන් හා බුදුරදුන් අතර ඇති වූ සංවාදයක් මෙහි උපුටා දැක්වීමෙන් අනුමානඥානයේ උපයෝගිතාව වටහා ගත හැකිය, එනම්,

සැරියුත් තෙර : ‘‘ස්වාමිනි, සම්බොධියෙහි ලා බුදුරදුන්ට වඩා උසස් වූ අන්‍ය ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් පෙර හෝ දැන් හෝ මතු හෝ නැත.

බුදුරජ : ශාරිපුත‍්‍රය, ඔබ පෙර සිටි ඒ සියලූම බුදුවරු මෙබඳු සිල් ඇත්තෝ ය. මෙබඳු ස්වභාව ඇත්තෝ ය. මෙබඳු විමෙක්ෂ ඇත්තෝ වූහ. කියා උන්වහව්සේලා සිතෙන් සිත පිරිසිඳ දැන ගත්තා ද?

සැරියුත් තෙර : ස්වාමීනිි එසේ නැත.

බුදුරජ : කිම, ශාරිපුත‍්‍රය, ‘‘අනාගත බුදුවරු එසේ වන්නෝය’’ යි ඔබ උන්වහන්සේලා සිතෙන් සිත පිරිසිඳ දැන ගත්තා ද?

සැරියුත් තෙර : නැත, ස්වාමීනි,

බුදුරජ : ශාරිපුත‍්‍රය, වත_මාන බුදුන් එසේය යි ඔබ සිතෙන් සිත පිරිසිඳ දැන ගත්තා ද?

සැරියුත් තෙර : නැත ස්වාමීනි

බුදුරජ : ශාරිපුත‍්‍රය, අතීත වූ හෝ අනාගත හෝ වර්තමාන හෝ බුදුවරුන් ගැන චෙතොපරියඤණයක් ඔබට නැතිව මෙබඳු වූ උදාර නිර්භීත වචනයක් ඔබ කියන්නේ කෙසේ ද?

සැරියුත් තෙර : ස්වාමීනි, ත්‍රෛකාලික වූ බුදුවරුන් පිළිබඳ චෙතොපරියඤණයක් මට නැත. එහෙත් මවිසින් අන්වයෙන් (අනුමානයෙන්* දන්නා ලද්දේ ය. (‘‘ධම්මන්වයො විදිතො’’* ස්වාමීනි, රජුට එක දොරකඩක් ඇති දැඩි පවුරු පදනම් ඇති පිටිසර නගරයක් ඇත්තේය. එහි දක්‍ෂ ඥානවත් දොරටු පාලකයෙක් සිටී. ඔහු නාඳුනන අයට නගරය තුළට යාම වලකයි. අඳුනන අයට ඉඩ දෙයි. මොහු නගරය හාත්පස ඇවිද බළලෙකුට පමණක් වත් යා හැකි සිදුරක් හෝ හිලක් නොදකියි. ඔහුට මෙසේ සිතේ. ‘‘යම්කිසි ලොකු සතෙක් මේ නගරයට පිවිසෙනවා නම් හෝ පිටවෙනවා නම් මේ දොරෙන් ම යායුතුය. වෙන දොරක් නැත්තේ ය.’’ කියායි. එමෙන් ම ස්වාමීනි, මම එය අන්වය (අනුමාන* ඥනයෙන් දැන ගතිමි. මෙම දේශානව බුදුරජාණන් වහන්සේ සාධුකාර දී අනුමත කළ සේක.

ප‍්‍රත්‍යක්‍ෂ සඳහා පාලියේ යෙදි ඇත්තේ සච්ýකිරියා යන පදයයි. ප‍්‍රත්‍යක්‍ෂ සඳහා පාලි භාෂාවෙන් ව්‍යවහාර කරන ආසන්නම වචනය ‘‘පච්චකඛ’’ ශබ්දය යි. (ප‍්‍රත්‍යක්‍ෂ ඝ පච්ච්ක්ඛ ඝ පසක්* එහෙත් මේ වචනය ති‍්‍රපිටක පාලියේ සඳහන් වන්නේ දෙපලක පමණක් යැයි හෑගොඩ ඛේමානන්‍ද නාහිමියෝ පවසති. ප‍්‍රත්‍යක්‍ෂ කිරීම යන අදහස පාලියෙන් ඉදිරිපත් කොට ඇත්තේ ‘‘සච්ýකිරියා’’ යන වචනයෙනි. න්‍යාය දර්ශන අනුව ප‍්‍රත්‍යක්‍ෂය ප‍්‍රමාණයකි. එහෙත් බුදුදහම අනුව ප‍්‍රත්‍යක්‍ෂ කිරීම හෙවත් සාක්‍ෂාත්කරණය (සචýකිරියා* ප‍්‍රමාණයක් නොවන බව (අත්‍ථංගතස්ස න පමාණමත්ථි* සුත්තනිපාතයෙන් උපසීව සුත‍්‍රයෙන් පැහැදිලි වේ.

තවද බෞද්ධ ජෛන ආදී අවෛදික දශ_න හා න්‍යාය, වෛශේෂිකාදී වෛදික දශ_න අනුමානයේ ප‍්‍රාමාණිකත්වය පිළිගනී. ප‍්‍රාමාණිකත්වයේ අනුපලබ්ධීන් අනිත් දශ_න වලට වඩා බෞද්ධ දශ_නයේ වෙනස් ය. අනුමානයේ ප‍්‍රාමාණිකත්වය නොපිළිගන්නේ චාර්වාක දශ_නය පමණයි. චාර්වාකගේ සිද්ධාන්තයන් ස්වභාවවාදය නමින් ප‍්‍රකට ය. පිට¥වේ සිරිධම්ම හිමියන් විඉාත්මක න්‍යායන් සමග බෞද්ධ චින්තනය නොදැනුවත් කමින් පටලවා ගෙන යන්නේ භෞතිකවාදීන්ගේ නියතිවාදයන්ටදැයි ප‍්‍රශ්නයක් මතුවේ. එය මෙම සාකච්ඡුාවේ පහත ප‍්‍රකාශනයෙන් පාඨකයාට අවබෝධ වේ. එනම්, ‘‘ලෝකයේ තියෙන අනෙකුත් ආගම් වලට වඩා බුදුදහම හුඟක් වෙනස් වෙනවා. ඒ වෙනස් වීමේ හේතුව තමයි බුදුකෙනෙක් පැහැදිලි කරන්නේ උගන්වන්නේ ලෝකයේ පවතින්නා වු ස්වභාව ධර්මය තුළ පත්නා වු සත්‍යයයි. බුද්ධත්‍වයට පත් වෙනවා කියල කියන්නේ මේ ස්වභාව ධර්මයෙහි පවත්නා සියුම් කි‍්‍රයාකාරීත්‍වය පැහැදිලිව අවබෝධ කර ගැනීමයි.’’

කෙසේ වුවත් විඉාවේදී පිට¥වේ සිරිධම්ම යතිවරයන්ගේ ධර්ම¥ත සේවය අගයෙන් අගයන බවත් අපගේ අකලංක ආශිර්වාදය පිරිනමන බවත් නොවළහා ප‍්‍රකාශ කරනු කැමැත්තෙමි. එහෙත් නවීන විඉාත්මක චින්තනයන් මතක පිහිටා බුදු දහම විවරනය කිරීම, සැසඳීම අපන්නක පටිපදාව නොවන බවත් සිහි කරනු කැමැත්තෙමි. යම් යම් ධර්මතා නූතන සමාජයට අවබෝධ කිරීම පිණිස විඉාත්මක දැනුම ඉවහල් කර ගත හැකිය. එයත් ඉතා ප‍්‍රවේශමෙන් පෙළ දහම් අටුවා ටීකා ආදිය ආශි‍්‍රත ව බෞද්ධ විඥානයේ ස්වභාවය බෞද්ධ විඥානයෙන් ම අවබෝධ කර ගත යුතුය.

රත්මලාන ආදර්ශ නගරයේ,

ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ,

හෑගොඩ විපස්සී හිමි.