Home » පුවත් පත් ප්‍රකාශන » භික්ෂූත්වයට නොහොබිනා සමාජ ක්‍රියාකාරකම්

divainaVipassiHimiසූදොසූදු වතින් සැරසූනූ දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ එදා මෙන් අද පූණ්‍ය භූමිවල පමණක් නොව නගර මධ්‍යයේ සූවිසල් මැඳුරුවල ගාලු මූවදොරපිටියේ (ගෝල්පේස්) සත්තු වත්තේ (සූ) රොද බැඳ සිල් රකිති. දන් වළඳිති. හිරු නැගෙන සීත යාමේ හිරු බසින සැඳැ සමයේ හන්දියක් හන්දියක් පාසා, නගරයක් නගරයක් පාසා පිරිත් දෙසූම් විසූරුවා හරති. ගුවන් විදුලි රූපවාහිනි සේවාවල නිරන්තරයෙන්ම ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, සෙත් පිරිත් ශාන්ති ආදිය විසූරුවා හරිති. බෞද්ධ පොතපතින් බෞද්ධ සලකුණූවලින් ශෝභාමත් කරති. රාජරාජ මහා මන්දිර විටෙක ධර්මශාලා සිරි ගනියි. බූදු සරණයි, තෙරුවන් සරණයි. දෙවි පිහිටයි. සෙත් වේවා. මෙත් වේවා ආදී පැතුම් ජන මූවග සැරසූ සූමිහිරි වදන් වැල්ය. නිතිපතා අසිරිමත් පූජා, වන්දනාමාන, සංදර්ශන, දන්සල්, දන්පැන්, සංග්‍රහ සිරිත් නෙත්සිත් තොස් කෙරේ. සරල චාම් නැතහොත් අල්පේච්ඡ දිවි පැවැත්ම පකද්චශීල ප්‍රතිපත්තිය සදාචාරාත්මක ජීවන පැවැත්ම, ධාර්මික ධන පරිභෝජනය, නිසි කළමනාකාරීත්වයද, ලද දෙයින් තොස් වීම, ආදී පූරුෂාර්ථ අනූව දිවි පැවැත්මට ලබාදෙන මිණි ඔවදන් නිරන්තරයෙන් ජප කරති. කරවති ආදී වශයෙන් සිතත් සිතත්ම අපූර්ව බෞද්ධ ප්‍රබෝධයකින් අද ලක් දෙරණ ඔකඳ වී ඇතැයි සිතේ

බැලූ බැල්මට මෙම තත්ත්වය සත්‍යයක් වෙතත් සතර අගතියෙන් ඈත්ව බෞද්ධ චින්තනය මත පිහිටා විපරම් කරන විට පසක් වන කරුණක් නම් ආධ්‍යාත්මික වශයෙන් ශීඝ්‍ර නාය යෑමක් පවත්නා බවයි. කෙටියෙන් පැවසූවහොත් සමස්ත සමාජයම බිඳ වැටී ඇත. විනය පිරිහී මනූෂ්‍යත්වය නිගාවට පත්ව ඇත. ඊට හේතුව කුමක් විය හැකිද? ඒ පිළිබඳව විමසීම සංසාරයේ මූල සොයන්නා සේය. එතරම්ම සංකීර්ණය. කෙසේ වූවත් හේතුඵලවාදී බලන කල එක්තරා මූලයක් මතු කර ගත හැකිය. එනම් උක්ත ප්‍රබෝධය වාණිජ්‍යකරණය මත පිහිටා ඇති බවයි. එම නිසා කීර්ති ප්‍රංශංසා ලාභ සත්කාර අත්තුක්කන්සනය (තමා උසස් කොට තැබීම) පරවම්බනය (අනූන් හෙලා දැකීම) ආදී වංචනික සිතුවිලි මත ගොඩනැගී ඇත. මෙයින් සැබෑ ප්‍රබෝධයක් බලාපොරොත්තු විය නොහැක. එම නිසා බෞද්ධ සංස්කෘතියේ ජීවමාන සාධකය වූ භික්ෂූ නායකත්වය අත්‍යවශ්‍ය සාධකයකි.

ලංකා ඉතිහාසය පිළිබඳ විමර්ශනය කරන්නෙකුට දැනගත හැකි සංස්ථිතික නැතහොත් සමාජ පැවැත්මේ ලක්ෂණයක් නම් යම් වකවානූවක භික්ෂූන් වහන්සේගේ පාරිහානියක් ඇති වූයේ නම් එය සකල සමස්ත සමාජයේම බිඳ වැටීමට ලක්වූ බවයි සඟ සසූනේ සාමඝ්‍රියතාවය යම්තාක් දුරට රැකුනේ නම් සකල සමාජයේ සෑම අංශයකම ප්‍රගතියක් ඇති වූ බව ප්‍රත්‍යක්ෂ වේ. මෙසේ බලන විට නූතන ශාසනික පැවැත්මේ යම් යම් ගැටූම් පවතින බව රහසක් නොවේ. ඒවා ධර්මය විනය වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. විශේෂයෙන්ම ධර්මය විවරණය කිරීමේදී අතිශය අධර්මවාදී ස්වරූපය බූදු සසූනේ ඉදිරි පැවැත්මට විශාල හානියකි. අන්‍යාගමික බලපෑම් මෙන්ම බූදු දහමේ ව්‍යාප්තිය නාමයෙන් පෙනී සිටින අප්‍රබූද්ධයන්ගේ අත්තනෝමතික ධර්ම විවරණ මේ ප්‍රස්තුතයේ ප්‍රබල හානියකි. ඇතැම් ගිහියන් පමණක් නොව පැවිද්දන් ද තමන්ගේ රුචි අරුචිකම් අනූව බූද්ධ වචනය ආකූල ව්‍යාකුල කිරීම සූලබ ප්‍රවණතාවකි. උදාහරණයක් වශයෙන් බෞද්ධයාගේ නිත්‍ය ශීලය පකද්ච ශීලයයි. එය කාමභෝග ගෘහස්ත ජීවිතයකට කිසිසේත්ම බාධාවක් නොවේ. යමෙක් යම්තාක් දුරට පකද්ච ශීලයේ පිහිට අඹූසැමියන් වශයෙන් සදාචාර බ්‍රහ්මචරිය ජීවිතයක් ගත කරන්නේ නම් ඔවූන්ගේ ගෘහ ජීවිතය භෞතික මෙන්ම ආධ්‍යාත්මක වශයෙන්ද පෝෂණය වන්නේය.

පකද්ච ශීලයෙහි එන කාමේසූ මිච්ඡාචාරා කාමයන්හි වරදවා හැසිරීම යනූ පවකි. එය නොකට යූත්තකි. එයින් කාමයෙහි නිසි සේ හැසිරීමට අඹූ සැමියන්ට බාධාවක් නොවේ. මෙයින් තවදුරටත් පැහැදිලි කරන්නේ ස්ව යූවතිපති භූමිකාවෙන් සංතෘප්තිව ජීවත්වීම බෞද්ධ පිළිවෙතට පටහැනි නොවන බවයි. එහෙත් එහි ඇති සාමාජික මෙන්ම ආධ්‍යාත්මික ගැඹූරු අර්ථය නොවටහාගත් ඇතැම් භික්ෂූවක් පකදච ශීලය වෙනූවට දෛනික අෂ්ඨාංග ශීලය භවාංග උපදේශනය සමාදන් කරවති. මෙයින් පැහැදිලිවන්නේ ධර්මයෙහි පවත්නා වූ සර්වකාලීන අර්ථය නොවටහා ගැනීමයි. තවද කෙනෙක් මාංශ භක්ෂණය පිළිබඳ දැඩි මෝක්ෂ ප්‍රතිපදාවක් දේශනා කරති. එහෙත් මාංශ භක්ෂණය පිළිබඳ මූල් බූදු සසූනේ ඉගැන්වීම් කෙබදු දැයි ඔවූන් දන්නේ නැත. බූදුන් වදාළ ධර්ම දේශනා අද හදි හූනියම් යන්ත්‍ර බවට පරිවර්තනය කරමින් පවතී. විවිධ මාධ්‍යයන්ගෙන් උදේ හවස ඇතැම් සූත්‍ර ජප කරන්නට උපදෙස් දෙයි. මෙවැනි සංකල්ප පැරණි බෞද්ධ සමාජයේ නොතිබිණි. මෙවැනි කරුණූ මත දහම කුමක්දැයි විසඳා ගැනීමට විමසන සූලු බෞද්ධ සමාජය අද උභතෝකෝටික ප්‍රශ්නයක් වී ඇත. බූදුරජාණන් වහන්සේගේ සමයේ කලාම වරුන්ට වූ තත්ත්වයම උදා වූ සේක.

ඇතැම් භික්ෂූවක් භික්ෂූත්වයට කිසිසේත්ම නොහොඹිනා සාමාජික දේශපාලනික ක්‍රියාකාරකම්වල නියැලෙති. රාජ්‍ය පාලනය භික්ෂූවට අවැසි නොවූවත් රාජ්‍ය පාලකයෙකුට උපදෙස් දීම උන්වහන්සේගේ කාර්යය විය. අද භික්ෂූව අගතිගාමි පක්ෂ භාවිතයේ මහජන නියෝජිතයන් වශයෙන් ප්‍රාදේශීය මන්ත්‍රී කමේ සිට පාර්ලිමේන්තුව දක්වා නියෝජනය කරයි. මේ යන ක්‍රමය අනූව නොබෝ කලකින් ග්‍රාම සේවක තනතුරට පවා භික්ෂූන් පෙනී සිිටිය හැක. අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ඒකකය හැර වෙන කිසිම අමාත්‍යාංශයක කිසිම තනතුරක් මින් පෙර භික්ෂූව නොදැරීය. එහෙත් අද අධිකරණ අමාත්‍යාංශය, ධීවර කටයූතු අමාත්‍යාංශය ආදියේ සෑම තැනකම රැකියාවන් දරති. පොලිස් අධිකාරී තනතුරකට මෑතක භික්ෂූවක් ඉල්ලුම් කළේය. රියදුරු බලපත්‍රය ලබා ගැනීමට මේ වනවිට අධිකරණ ක්‍රියාදාමයන්ට පවා භික්ෂූව යොමූ වී ඇත. රාජ්‍ය පරිපාලනය නිලධාරීන් හැටියට ඉල්ලුම් කිරීමට උත්සාහ කරයි. මේ විදියට බලන විට ගෘහස්ත සමාජයේ සිදුකෙරෙන සියලුම කර්තව්‍යයන් සඳහා භික්ෂූ නියෝජිතයෝ ඉදිරියේදී පෙනී සිටිති.

භික්ෂූව ආධ්‍යාත්මික මෙන්ම භෞතික සංවර්ධනය කිරීමෙහිලා පූරෝගාමී නායකත්වය පාරිවේණික අධ්‍යාපනය තුළින් ලැබිණි. මේ වනවිට එය නිලධාරි වාදයට යටත්ව බටහිර අධ්‍යාපන දර්ශනය මත ගොඩනැගෙමින් පවතී. මෙයින් වන හානිය පිළිබඳ කිසිවක් කතා නොකරති. බෞද්ධ පොතපත පමණක් චිත්‍රපට නාට්‍යාදිය විසින් විශාල හානියක් සංස්ථිතික ශාසනික පැවැත්මට සිදු කරයි. මේවා පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කොට එළි දැක්වීමට මාධ්‍ය බෞද්ධ මණ්ඩලයක් පිහිටූවිය යූතු යැයි 1956 බූද්ධ ජයන්තිය නිමිත්තෙන් ඉදිරිපත් වී තිබූණූත් අද වෙනතුරු එවැනි කිසිවක් ක්‍රියාත්මක වූ බව නොපෙනේ.

බෞද්ධ ඉදිකිරීම් පිළිබඳ විධිමත් සැලැස්මක් නැත. තැන නොතැන බූදු පිළිම ඉදි කෙරේ. මේවා ඉදිකිරීමේ පරමාර්ථ ඇතැම් විට පටූ පරමාර්ථ විය හැක. එසේම පදික වේදිකාවල විකිණීමට තබා ඇති බූදු පිළිම වලට නිසි ගෞරවය නොලැබෙයි. ඇතැම් කලාකරුවන් යැයි කියා ගන්නා පිරිස් නිර්මාණය කරන පිළිම අශෝභනයි. ප්‍රමිතියක් නැත. මේවා පිළිබඳ යම් සම්මූතියකට එළඹිය යූතුයි. විදේශීය වශයෙන් සිදු කෙරෙන බෞද්ධ විරෝධී ක්‍රියා කලාප පිළිබඳව විදේශීය රාජ්‍යයන්හි නායක කම් දරන හෝ ධර්ම ප්‍රචාරක කටයූතුවල නියැලෙන භික්ෂූන්ගේ විධිමත් දූරදර්ශී සැලැස්මක් නැත. මේ නිසා විවිධාකාරයෙන් භික්ෂූන් වහන්සේලාගේ ක්‍රියාකාරකම් පිළිබඳව ගැටලු උද්ගත වෙමින් පවතී. එම නිසා පරමාදර්ශි නායකත්වයක් තුළින් මේවා හැඩ ගස්වා ගත හැක. ඒ සඳහා අවශ්‍ය කරන පසූබිම නම් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් මූලිකව සැදුම්ලත් යම් සම්මූතියකට එළඹීමයි. එය කතිකාවතක් විය හැක. එවැනි කතිකාවතකින් බෞද්ධ සමාජයේ බිඳ වැටීම යම්තාන් දුරවළක්වා ගත හැක.

www.sannasa.org
වෙබ් අඩවියේ අනූග්‍රහයෙනි

http://www.divaina.com/2008/06/01/feature17.html