ජාතිවාදය තහනම් කිරිමට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව සිංහල ජාතිය අඩපන කිරීමේ කුමන්ත්‍රණයේම කොටසක් යැයි රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පැවසූහ. එසේම ජාතිවාදය හා ආගම්වාදය සනාථ කරන නිර්ණායකයන් වහාම හෙළි කරන ලෙස වාසුදේව ඇමතිවරයාට අභියෝග කරන්නේ යැයිද විපස්සි හිමියෝ ලක්බිමට පැවසූහ. සිංහල බෞද්ධ හඩක් නැගෙන විට දේශපාලනඥයින් එක් වී ඊට පහර ගසන විලාසිතාවක් කලක සිට ර්‍ක්‍රයාත්මක වන්නේ යැයි පෙන්වා දෙන හෑගොඩ හිමියෝ ඒ පහර ගසන්නන් අතර සිංහල බෞද්ධ යැයි කියන දේශපාපලනඥයන් ඉදිරියෙන් ම සිටීම කණගාටුවට කරූණක් යැයි ද පවසති. විශේෂයෙන් සිංහල බෞද්ධබෞද්ධයන් ගැන කතා කරන භික්ෂූන් වහන්සේලාට ජාතිවාදී ආගම්වාදී ලේබල් අලවමින් අන්‍යාගමිකයන් අතර වෛරයක් ඇතිකිරීමට බංකොළොත් දේශපාලනඥයන් ක්‍රියා කරනවා.
එහෙත් දීඝවාපිය ඩෝසර් කරන විට, නැගෙනහිර ඉඩම් අන්‍ය ජාතිකයන්ට බෙදාදෙන විට මෙම දේශපාලනඥයන් අනුගමනය කළේ හා කරන්නේ කටේ පිට්ටු සිරවුණු න්‍යායකි. අවුරුදු දහස් ගණනක අපගේ උරුමය විනාශ වන විට ඒ වෙනුවෙන් හඩ නැගීම හා පෙනී සිටීම ජාතිවාදය හා ආගම්වාදය යැයි කියන්නේ නම් එය තරම් විහිලුවක් තවත් නැති තරම්ය.ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ ලා අන්තවාදීන් යැයි ලොවට හඩගා කියන්නේ මෙරටේ සමහර දේශපාලනඥයින් බව දැන් ඔප්පු වී හමාරය.
බෞද්ධයින‍් එකතුවන සෑම අවස්ථාවකම ඊට එරෙහිව ක්‍රියා කරන විට නිහඩව සීටීමෙන් පෙනී යන්නේ රාජ්‍ය නොවන සංවිධාන වලට අපේ දේශපාලනඥයන් අල්ලේ නැටවිය හැකි බවකි.
එබැවින් ජාතිවාදය හා ආගම් වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිලි කරන ලෙස අප වාසුදේව නානායක්කාර මහතාගෙන් නැවතත් ඉල්ලා සිටිනවා යැයිද හෑගොඩ විපස්සි හිමියෝ වැඩි දුරටත් පැවසූහ.