Home » පුවත් පත් ප්‍රකාශන » ද්වේෂය ඊර්ෂ්‍යාව මසුරුකම සහ මානය ලෙසින් ඉස්‌මතුවන කෙලෙස්

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 09    මෙම ලිපියේ පළමු කොටස ගිය සතියේ පළවිය

ද්වේෂය

රෞද්‍ර ස්‌වභාවය ගන්නා ද්වේෂය, භය ස්‌වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතිකූල (පිළිකුල්) ස්‌වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්‌වභාවය ගන්නා ද්වේෂය යි. ද්වේෂය සතර ආකාර වේ. එය ද අනේක වේශයෙන් පහළව සත්ත්වයන් රවටන්නේය.

 

ක්‌ෂාන්ති වේශයෙන් චඤaචක ද්වේෂය

තමන් සතු දෑ අන්‍යයන්ට හිමි වනුවට ද, අන්‍යයනට එයින් මඳ වූද ප්‍රයෝජනයක්‌ වනුවටද, තමන්ට සේ අන්‍යයන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්‌තිය උගත් බව යනාදිය තිබෙනුවට ද නො කැමැති බව විරුද්ධ ස්‌වභාවය මාත්සය්‍ය නමි. මසුරු බව යනු ද එයට නමෙකි.

තමන් සතු දෑ අන්‍යයන්ට හිමි වනුවට ද, අන්‍යයනට එයින් මඳ වූද ප්‍රයෝජනයක්‌ වනුවටද, තමන්ට සේ අන්‍යයන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්‌තිය උගත් බව යනාදිය තිබෙනුවට ද නො කැමැති බව විරුද්ධ ස්‌වභාවය මාත්සය්‍ය නමි. මසුරු බව යනු ද එයට නමෙකි.

ක්‌ෂාන්ති යනු ඉවසීමය. තවත් ක්‍රමයකින් කියත හොත් අනුන්ට ද්වේෂ නොකිරීමය. එය ද්වේෂයට ප්‍රතිපක්‍ෂ ස්‌වභාවයකි. එහෙත් සමහර විට ද්වේෂය ම ක්‌ෂාන්තියේ ආකාරයෙන් සිත්හි පහළ වන්නේය. එය බොහෝ සෙයින් සිදු වන්නේ ගරු කළ යුතු කෙනෙකු විසින් තමා කරන දෙයක්‌ වළක්‌වන්නට උත්සාහ කරන අවස්‌ථාවලදීය. මා පිය ගුරුවරු ආදී ගරු කළ යුත්තන් විසින් තමා කරන වරදක්‌ නවත්වන්නට තැත් කරන කල්හි, ඔවුනට කීකරු නොවී කරන වරද නොනවත්වා ම කර ගෙන යන්නා වූ තැනැත්තා හට මා පිය ආදීන්ගෙන් ගැරහුම්s ලැබෙන කල්හි දඬුවම් ලැබෙන කල්හි මා පිය ආදීන් සම්බන්ධයෙන් පහළ වන්නා වූ ද්වේෂය ක්‌ෂාන්තියේ ආකාරය ගන්නේය. එයින් චඤaචිත වූ තැනැත්තේ මා පිය ආදීන් කුමක්‌ කීවත් කුමක්‌ කළත් සියල්ල ඉවසමින්, මා කරන දෙය කරමි යි ඒ වරද නො නවත්වා ම කරන්නේය.

 

අවිහිංසා වේශයෙන් වඤaචක ද්වේෂය

කරුණාව හා කරුණා පූර්වභාගය අවිහිංසා නමි. එය ද්වේෂයට විරුද්ධ ස්‌වභාවයකි. බලවතකු විසින් අයුතු අන්දමින් දුර්වලයකු පෙළනු දක්‌නා කල්හි සමහර විට බලවතාට විරුද්ධව අවිහිංසා රූපයෙන් ද්වේෂය පහළ වේ. සර්පයකු විසින් මැඬියකු ගිලින කල්හි මැඬියා ගේ පක්‍ෂය ගෙන සර්පයාට පහර දෙනුයේ අවිහිංසා ප්‍රතිරූපගත ද්වේෂයෙනි. කාහට වුවත් පීඩාවක්‌ කිරීම හිංසාවම මිස අවිහිංසාව නොවේ. පක්‍ෂයක්‌ ගෙන තවත් පක්‍ෂයකට පීඩා කරන ස්‌වභාවය ඇතැම් අවිහිංසාවාදීන් කෙරෙහි දක්‌නා ලැබෙන ස්‌වභාවයකි. ඔවුහු සතුන්ගේ පක්‍ෂය ගෙන මරන්නා වූ ද මස්‌ කන්නා වූද මිනිස්‌සුන්ට නොයෙක්‌ අයුරින් නින්දා කරමින් හිංසාවක්‌ ම කරති. එයත් පක්‍ෂයකට කරන හිංසාවක්‌ බව ඔවුනට නොවැටහේ. ඔවුන්ගේ අදහස එය ඔවුන්ගේ අවිහිංසාව ම කියාය. සමහරු අති දුක්‌ත සත්ත්වයන් දුටු කල්හි දුකින් මුදවන්නටය කියා ඒ සතුන් මරා දමති. එද කරුණා ප්‍රතිරූපක ද්වේෂයෙන් කරන වැඩෙකි. ද්වේෂයෙන් තොරව ප්‍රාණ ඝාතය සිදු කළ නොහැකිය. අන්‍යයන්ට ගර්හා කරනු කැමැති සමහරුන් කෙරෙහි ද කරුණා රූපයෙන් ද්වේෂය පහළ වේ. ඔවුහු කරුණාව නිසා කරන වැඩක්‌ ලෙස අන්‍යයන්ට ගර්හා කරති.

 

නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් වඤaචක ද්වේෂය

බලාපොරොත්තු කඩ වූද, ප්‍රිය පුද්ගලයන් නැසුනා වූ ද, වස්‌තු හŒගත්වයට පැමිණියා වූද සමහරුන් කෙරෙහි ඒ කරුණු පිළිබඳ වූ ද්වේෂය සමහර විට නෛෂ්කාම්‍ය කාමතා වේශයෙන් පහළ වේ. එයින් චඤaචිත වූ ඇතැම් කාන්තාවෝ හිස මුඩු කොට දස සිල් සමාදන් වෙති. ඇතැම්හු ගිහි ගෙය හැර පැවිදි වන්නට සිතති. සමහර පැවිද්දෝ ද විහාරාරාමයන් හැර දමා ආරණ්‍යගත වෙති.

 

දානකාමතා වේශයෙන් වඤaචක ද්වේෂය

ආදරයෙන් පෝෂණය කළ තමන්ගේ උරුමක්‌කාරයන් වූ දරුවන් නැසුණු ඇතැමුන්ගේ සිත්හි ද්වේෂය දානකාමතා වේශයෙන් පහළ වේ ඔවුහු තමන්ගේ ධනය දෙස බලා “දැන් මේවා කාට දෙන්නද? දෙන්නට සිටි අය නැති වුණා නොවේද? දැන් මට මේවා රැස්‌ කරගෙන තිබීමෙන් වැඩක්‌ නැත. මේවා පිනට වත් දීලා දමන්නට ඕනෑය” යි සිතා සමහර විට දන් දෙති. අකුශලය කුශලයටත් ප්‍රත්‍යය වන බැවින් ද්වේෂය හේතුකොට දෙන දානය වුවත් දෙන අවස්‌ථාවේදී ද්වේෂයෙන් තොරව කුශල චිත්තයෙන් ඒ දීම කළ හොත් ඔවුනට ඒ දීමෙන් වැඩ සිදු වේ. දෙන අවස්‌ථාවේදීත් ද්වේෂ සහගත සිතින් ම දුනහොත් ඒ දීමෙන් දායකයාට වන වැඩෙක්‌ නැත.

 

දුශ්ශීල පරිවඡ්ජනතා වේශයෙන් වඤaචක ද්වේෂය

පක්‍ෂයක්‌ දුශ්ශීලයන් වශයෙන් ගෙන ඔවුනට ද්වේෂ කරන ගර්හා කරන ඇතැමුන් කෙරෙහි ඒ ද්වේෂය දුශ්ශීල පරිවඡ්ජනතා වේශය ගන්නේය. එයින් වඤaචිත වූ ඔවුහු තමන් දුශ්ශීලයන් වශයෙන් සලකන භික්‍ෂූන් වසන විහාරයන්ට නොයති. ඔවුන්ගෙන් දහම් නොඅසති. දුටු තැන ඉවත බලති. ගර්හා කරති. දුශ්ශීලයන් ඇසුරු නොකිරීම නම් යහපත්ය. එහෙත් කවරකුට වුවද ද්වේෂ කිරීම පාපයකි. දුශ්ශීලයන් ඇසුරු කිරීමට බිය වන එහි ආදීනවය කියන ඒ පින්වත්හු ශ්‍රමණ දුශ්ශීලයන්ට මුත් ගිහි දුශ්ශීලයන් හට බිය නොවෙති.

 

අසත්පුරුෂපරිවඡ්ජනතා වේශයෙන් වඤaචක ද්වේෂය

අසත්පුරුෂයන් සේවනය කිරීම නොයෙක්‌ විපත්වලට හේතුවකි. ඔවුන්ගෙන් වෙන්ව විසීම යහපති සමහර කෙනකුට සමහර කෙනකුන් සම්බන්ධයෙන් හට ගන්නා ද්වේෂය ද අසත්පුරුෂ පරිවඡ්ජනතා රූපයෙන් පහළ වේ. එයින් වඤaචිත වූ තැනැත්තේ තමා නොසතුටු පුද්ගලයන් දුටු කල අසත්පුරුෂයන් ගෙන් දුරුවීමේ ආකාරයෙන් ද්වේෂයෙන් ඉවත බලයි. නැති තැන ඔහුට ගර්හා ද කරයි.

 

අල්පේච්ඡතා වේශයෙන් වඤaචක ද්වේෂය

තමාට උපකාර කරන කෙනකු සම්බන්ධයෙන් හට ගන්නා ද්වේෂය සමහර විට අල්පේච්ඡතා වේශයෙන් පහළ වන්නේය. එයින් වඤaචිත තැනැත්තේ “මා හට අනුන්ගෙන් කිසිවක්‌ වුවමනා නැත. මට පුළුවන් සැටියකින් මගේ වැඩ කර ගනිමි” යි අනුන්ගෙන් ලැබෙන උපකාරය ප්‍රතික්‍ෂේප කරන්නේය. තමාට කරන උපකාරය නොපිළිගනුයේ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝධයකින් දැයි ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියනුයේ මාගේ ක්‍රෝධයක්‌ නම් නැත. නමුත් මට කාගේවත් කිසිවක්‌ ඕනෑ නැතැයි කියාය. එසේ කියනුයේ අල්පේච්ඡතා රූපයෙන් සිටින ද්වේෂය ඔවුනට ද්වේෂය සැටියට නොපෙනෙන බැවිනි. මාපියන්ගේ උපකාරයෙන් කටයුතු කරන්නා වූ දරුවන් කෙරෙහි ද ගුරුවරයන්ගෙන් ආධාර ලබන ශිෂ්‍යයන් කෙරෙහි ද ආධාර ලබන පැවිද්දන් කෙරෙහි ද මේ අල්පේච්ඡතා ප්‍රතිරූපක ද්වේෂය බොහෝ සෙයින් ඇති වේ.

 

මිතභාණිතා වේශයෙන් වඤaචක ද්වේෂය

නිෂ්ඵල කතාවලින් තොර ව වුවමනා පමණට කතා කරන ස්‌වභාවය මිතභාණිතා නමි. අප්‍රිය පුද්ගලයන් දුටු කල්හි සමහර විට ඔවුන් පිළිබඳ ද්වේෂය මිතභාණිතා වේශයෙන් පහළ වන්නේ ය. එයින් වඤaචක වූ තැනැත්තේ අන්‍යයා හා කතා කළ යුතු ප්‍රමාණයට ද කතා නොකරන්නේය. තදබල අමාරුවලට පත්වී පිහිට සොයා බොහෝදෙනා ළඟට ගොස්‌ කවරකු ගෙන්වත් පිහිටක්‌ නොලැබූ සමරහරුන්ට මුළු ලෝකය ගැනම ද්වේෂයක්‌ ඇති වේ. සමහර විට එය ද මිතභාණිතා වේශය ගන්නේ ය. එයින් වඤaචිත තැනැත්තේ සැමදෙනාම සමග කතාවෙන් වළකින්නේය.

 

පාපගර්හිතා වේශයෙන් වඤaචක ද්වේෂය

පුද්ගලයකුට ගර්හා කිරීම නුසුදුසුය. එහෙත් පාප ක්‍රියාවන්ගේ දෝසය දැක්‌විය යුතුය. එයට පාප ගර්හාව යෑයි කියනු ලැබේ. පුද්ගලයකුට ගර්හා කිරීමත් පාපයක්‌ බැවින් පවින් වැළකී විසීමට කැමැත්තෝ පුද්ගල ගර්හාව නොකරති. පුද්ගල ගර්හාව විසීමට කැමැත්තෝ පුද්ගල ගර්හාව නො කරති. පුද්ගල ගර්හාව වරදක්‌ බව පිළිගන්නා ඇතමුන් කෙරෙහි අන්‍යයන්ට ගර්හා කරනු කැමැති බව වූ ද්වේෂය පාප ගර්හිතා වේශයෙන් පහළ වන්නේය. එයින් වඤaචිත වූවෝ පාපයට ගර්හා කිරීමේ ආකාරයෙන් පුද්ගලයන්ට ගර්හා කරන්නාහුය.

 

අපවිතිකාමතා වේශයෙන් වඤaචක ද්වේෂය

ගරු කළ යුත්තන්ට ගරු කරනු කැමැති බව අපවිතිකාමතා නමි. චණ්‌ඩ පරුෂ මාපියන් ගුරුවරයන් ස්‌වාමිවරයන් යටතේ සිටින තැනැත්තන් කෙරෙහි ඒ මාපියාදීන් පිළිබඳ බය ස්‌වභාවය වූ ද්වේෂ සමහර විට අපවිතිකාමතා වේශයෙන් පහළ වේ. එයින් මෙහෙයවනු ලැබුවෝ ගුණ සැලකීමෙන් නොව බියෙන් ඔවුනට ගරු බුහුමන් කරති. කීකරු වෙති. ද්වේෂ සහගත සිතින් කරන මේ අපචායනය, අපචායන කුශලයට අයත් නොවේ.

 

ප්‍රතිකූල සංඥ වේශයෙන් වඤaචක ද්වේෂය

ශරීරයෙහි රාගයට හේතු වන සෞන්දර්යයක්‌ ද ඇත්තේ ය. ඥනයට විෂය වන ප්‍රතිකුලත්වයක්‌ ද ඇත්තේය. ප්‍රතිකුලත්වය හැර සෞන්දර්යය පමණක්‌ ගන්නා තැනැත්තා කෙරෙහි ශරීරය පිළිබඳ රාගය උපදී. ඒ රාගය තුනී කළ හැකි වනුයේ දුරු කළ හැකි වනුයේ ප්‍රතිකූලත්වය බැලීමෙනි. එබැවින් යෝගාවචරයෝද සිල් රක්‌නෝ ද රාගය මඩිනු පිණිස ශරීරයේ ප්‍රතිකූලත්වය දක්‌නා ඥනය උපදවති. එයට ප්‍රතිකූල සංඥව යෑයි කියනු ලැබේ. ප්‍රතිකූල සංඥව ඇති කර ගත් තැනැත්තන්හට සමහරවිට ද්වේෂයත් ප්‍රතිකූල සංඥ වේශයෙන් පහළ වේ. එයින් වඤaචිත තැනැත්තේ තමාගේ විරුද්ධ අය දෙස ප්‍රතිකූලත්වයෙන් බලයි.

 

අනිත්‍ය සංඥවෙන් වඤaචක ද්වේෂය

සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව දක්‌නා ඥනය අනිත්‍ය සංඥ නමි. අනිත්‍ය සංඥව වැඩීම හෙවත් සංස්‌කාරයන්ගේ අනිත්‍ය බව නැවත නැවත මෙනෙහි කිරීම භාවනාමය කුශලය ය. ඥති ව්‍යසනාදියෙන් පීඩිත පුද්ගලයන් කෙරෙහි සමහර විට ඒ ව්‍යසනය පිළිබඳ වූ ද්වේෂය අනිත්‍ය සංඥ වේශයෙන් පහළ වේ. එයින් වඤaචිත වූයේ අනිත්‍යතාව මෙනෙහි කිරීමේ ආකාරයෙන් සිදු වූ දේ පිළිබඳව ශෝක කරන්නේය. එය ද්වේශය ම වැඩීමකි.

 

ඊර්ෂ්‍යාව

අනුන් විඳින සැපයට, අනුන් ලබන ලාභයට, ගෞරවයට, කීර්තියට, ප්‍රශංසාවට, තනතුරට නොකැමැති වන ස්‌වභාවය, ඒවා නො ඉවසන ස්‌වභාවය ඊර්ෂ්‍යාවයි. එය ද සත්ත්වයන්ගේ සිත්හි නොයෙක්‌ වෙස්‌වලින් පහළ වේ.

 

පරාර්ථකාමතා වේශයෙන් වඤaචක ඊර්ෂ්‍යාව

පරාර්ථකාමතාව නම් අනුන්ට යහපතක්‌ කරනු කැමැති බවය. ඊර්ෂ්‍යාව නම් එයට විරුද්ධ ස්‌වභාවයකි. එහෙත් සමහර විට එය පරාර්ථ කාමතාකාරය ගන්නේය.

කෙනකුට යම් කිසි තනතුරක්‌ ලැබෙන්නට යන කල්හි එයට නොකැමැති තැනැත්තා කෙරෙහි ඒ ඊර්ෂ්‍යාව සමහර විට පරාර්ථකාමතා වේශයෙන් පහළ වේ. එයින් වඤaචිත වූ තැනැත්තේ “මේ තනතුර ලදහොත් මොහු අල්ලස්‌ ගැනීම් ආදියෙන් ජනයා පෙළන්නට වෙයි. එයින් මහා ජනයාට වන්නේ විපතක්‌ ය. මොහුට මේ තනතුර ලැබීම වළක්‌වා ජනයා ආරක්‍ෂා කළ යුතුයෑ” යි සිතා තනතුර ලැබෙන්නට යන තැනැත්තාහට බාධා කරන්නට වන්නේය. එය වළක්‌වන්නට උත්සාහ කරන්නේ ය. මෙසේ කරන්නා වූ තැනැත්තාට තමා එසේ කරනුයේ ඊර්ෂ්‍යාව නිසා බව නොවැටහෙන්නේ ය. ඔහුට තබා ඒ ක්‍රියාවට අනුකූල වන අන්‍යයන්ට ද එය ඊර්ෂ්‍යාව නිසා කරන්නක්‌ බව නොවැටහේ.

පරාර්ථකාමී යම්කිසි සත්පුරුෂයකු විසින් දුගියකුට උපකාරයක්‌ කරනු දක්‌නා කල්හි දෙන තැනැත්තා හට ලැබෙන කීර්තිය ප්‍රශංසාව නො ඉවසිය හැකි තැනැත්තා කෙරෙහිද සමහරවිට ඊර්ෂ්‍යාව පරාර්ථකාමතා රූපයෙන් පහළ වේ. එයට රැවටුණ ඊර්ෂ්‍යාකාරයා පරාර්ථකාමියාගේ දීම සැහැල්ලු කොට හෝ ලොවට කරන අනර්ථයක්‌ වශයෙන් හෝ දක්‌වන්නේය. “එන එන මිනිසුන්ට මෙසේ නිකම් ම මුදල් දුනහොත් රටේ අලසයන් යාචකයන් බෝවන්නේ නොවේදැ” යි කියමින් දෙන තැනැත්තාට නින්දා හෝ කරන්නේය. නොදෙන සේ අනුශාසනා හෝ” කරන්නේය.

කෙනකු අනුන්ගෙන් දෙයක්‌ ලෙහෙසියෙන්ම පිනට ලබයි නම් සමහරුන්ට එය නො ඉවසිය හැකිය. ඔවුන්ගේ ඒ ඊර්ෂ්‍යාව ද සමහරවිට පරාර්ථකාමතා වේශය ගන්නේය. එයින් වඤaචිත වූයේ එසේ අනුන්ගෙන් දෙයක්‌ නිකම්ම ලබා ගැනීමට පුරුදු වීමේ දෝෂය කියා එය වළක්‌වන්නට තැත් කරන්නේය. එක්‌ ධනවතෙක්‌ මෝටර් රියවලින් භික්‍ෂූන් වැඩම කරවා මහ දනක්‌ දිණ. එය නො ඉවසිය හැකි වූවෙකු කෙරෙහි පරාර්ථකාමතා වේශයෙන් ඊර්ෂ්‍යාව පහළ විය. එයින් චඤaචිත වූ ඔහු භික්‍ෂූන් වහන්සේ මෝටර් රියවලින් වැඩම කරවීම රටට පුරුදු වුවහොත් දුප්පතුන්ට පින්කමක්‌ කර ගැනීමට අපහසු වන බව කියා දායකයාටත් භික්‍ෂූන්ටත් නින්දා කළේය. මෙසේ නොයෙක්‌ තැනදී මේ ඊර්ෂ්‍යාව ඒ ඒ පුද්ගලයාට ඊර්ෂ්‍යාව බව නොදැනෙන සේ පරාර්ථකාමතා වේශයෙන් පහළ වන්නේය.

 

පරීක්‍ෂණතා වේශයෙන් වඤaචක ඊර්ෂ්‍යාව

යමක්‌ රටේ කියන පමණින්ම, අනුන් කී පමණින්ම නොපිළිගෙන විමසා පිළිගැනීම නුවණැතියන්ගේ ස්‌වභාවයකි. නො විමසා පිළිගැනීම මෝඩයන්ගේ ස්‌වභාවයකි. සමහර විට ඊර්ෂ්‍යාව ද පරීක්‍ෂණතා වේශය ගන්නේය. කෙනකු විසින් ගුණවතකුගේ ගුණය කී කල්හි අනුන්ගේ ගුණවත් බව නො ඉවසන්නහු ගේ ඊර්ෂ්‍යාව සමහර විට ඔහු කෙරෙහි පරීක්‍ෂණතා වේශයෙන් පහළ වන්නේය. එයින් චඤaචිත වූ හෙතෙමේ ගුණවතාගේ ගුණය නො පිළිගෙන පරීක්‍ෂණයට තබා ගන්නේය. අනුන්ගේ ගුණ දක්‌නට නොකැමැති වූ නුගුණ දක්‌නට කැමැති තැනැත්තාහට කෙනකුගේ කිනම් ගුණයක්‌ වුවත් අගුණයක්‌ කොට ගත හැකිය. මහත් ගුණය සුළුකොට ගත හැකිය. පරීක්‍ෂණතා වේශයෙන් පැමිණි ඊර්ෂ්‍යාවෙන් විමසන්නා වූ තැනැත්තාහට අනුන්ගේ ගුණය අගුණයක්‌ වශයෙන් ලෙහෙසියෙන්ම පෙනෙන්නේය. සැක කළ යුත්තක්‌ වශයෙන් හෝ සුළු දෙයක්‌ වශයෙන් හෝ පෙනෙන්නේ ය. හෙතෙම ඒවා දක්‌වා ගුණවතුන්ගේ ගුණ අවලංගු කරන්නේ ය.

 

පුන්‍යකාමාත වේශයෙන් චඤaචක ඊර්ෂ්‍යාව

පුණ්‍ය කර්මයක්‌ නිසා කෙනකු කීර්තිමක්‌ වූ කල්හි එය නො ඉවසන්නහු ගේ ඊර්ෂ්‍යාව සමහර විට පුන්‍යකාමතා වේශය ගන්නේය. එයින් වඤaචිත වූයේ පළමු කීර්තිමත් බවට පත් වූවහු කළ පින්කම පරදවන පින්කමක්‌ කරන්නට සිතන්නේය. අනෙකකු ලවා කරවන්නට හෝ උත්සාහ කරන්නේ ය.

 

ප්‍රතිකූල සංඥ වේශයෙන් වඤaචක ඊර්ෂ්‍යාව

අනෙකකුගේ රූප සෞන්දර්යය නො ඉවසන තැනැත්තාගේ ඊර්ෂ්‍යාව සමහර විට ප්‍රතිකූල සංඥ වේශය ගන්නේ ය. එයට රැවටුණ තැනැත්තේ “මොහු ගේ මේ ශෝභාව පිට පැත්තේ පමණක්‌ ඇති දෙයකි. ඇතුළත ඇත්තේ සෙම් සොටු කෙළ ඩහදිය මළමුත්‍රාදී අපවිත්‍ර ද්‍රව්‍ය සමූහයක්‌ ය. මේ කුණු ගොඩේ ඇති පිට ඔපයෙන් කවර ඵලයක්‌ද? වටිනා ඇඳුම් පැළඳුම්වලින් කොපමණ සැරසුවත් සරසන්නේ කුණු ගොඩක්‌ම නොවේදැ” යි සිතා සැනසෙන්නේ ය. අන්‍යයන්ට ද එසේ ම කියා රූප ශෝභාව ඇත්තහු ගේ වටිනාකම නැති කරන්නට තැත් කරන්නේ ය.

 

අනිත්‍ය සංඥ වේෂයෙන් වඤaචක ඊර්ෂ්‍යාව

බොහෝ සැප සම්පත් ඇතියවුන් පිළිබඳ ඊර්ෂ්‍යාව සමහර විට අනිත්‍ය සංඥ වේශය ගන්නේය. ඒ අනිත්‍ය සංඥ ප්‍රතිරූපක ඊර්ෂ්‍යාවෙන් මෙහෙයවන ලද තැනැත්තේ “මාළිගා වැනි ගෙවල වටිනා ඇඳුම් පැළඳුම්වලින් සැරසී ප්‍රණීත ආහාර පානයන් වළඳමින් මොවුන් දැනට විසුවත් මොවුනට මෙසේ සැප විඳින්නට ලැබෙනුයේ මඳ කලක්‌ම ය. තව මඳ කලකින් මොවුන්ගේ මේ සම්පත් කෙළවර වන්නේ ය. මළ පසු කවුරුනුත් නිදන්නේ සතර රියන් වළේය. ඒ කාලය පැමිණි කල්හි මොවුන්ගේ හා අපගේද වෙනසක්‌ නැත” යනාදීන් අනිත්‍යතාව සිතා සැනසෙන්නේය.

අන්‍යයන් තමා ගැන ඊර්ෂ්‍යාවෙන් සිටින බවත් කවරකු ගැන වත් තමාගේ ඊර්ෂ්‍යාවක්‌ නැති බවත් තමා සෑමදෙනාගේ යහපතට කැමැති බවත් සැම දෙන ම වාගේ කියන කරුණකි. ඔවුන් එසේ කියනුයේ තමන් ගේ සිත්හි ඊර්ෂ්‍යාව නැති නිසාවත් ඇති ඊර්ෂ්‍යාවේ නැති බව කියා ලොව රැවටීමටත් නොව, තමන් ම රැවටී සිටින නිසා ය. ඒ රැවටීම් වනුයේ නිතරම ඊර්ෂ්‍යාව අන්‍ය වේශයකින් පහළ වන නිසා ය. අන්‍ය වේශයකින් එන ඊර්ෂ්‍යාවට නිතර පුද්ගලයා රැවටෙන්නේය. එයින් පරිස්‌සම් වීම පහසු නොවේ.

 

මාත්සර්යය

තමන් සතු දෑ අන්‍යයන්ට හිමි වනුවට ද, අන්‍යයනට එයින් මඳ වූද ප්‍රයෝජනයක්‌ වනුවටද, තමන්ට සේ අන්‍යයන්ටත් පිරිවර රූප ශෝභාව ශරීර ශක්‌තිය උගත් බව යනාදිය තිබෙනුවට ද නො කැමැති බව විරුද්ධ ස්‌වභාවය මාත්සය්‍ය නමි. මසුරු බව යනු ද එයට නමෙකි. එද නා නා වේශයෙන් පහළව සත්ත්වයන් වඤaචා කරන්නේ ය.

 

පරිCෂ්‍යකාරිතා වේශයෙන් වඤaචක මාත්සර්යය

යමක්‌ කරන කල්හි පරීක්‍ෂා කොට කරන ස්‌වභාවය නුවණැතියන්ගේ සිරිතකි. එය දෙලොව වැඩ පිණිස ම පවත්නා කරුණකි. සමහරවිට සමහරුන්ගේ සිත්හි මාත්සය්‍ය_ය පරීක්‍ෂාකාරිතා වේශයෙන් පහළ වන්නේය. යම්කිසි පුණ්‍ය කර්මයකට හෝ ගමේ රටේ ජාතියේ දියුණුව පිණිස කරන දෙයකට හෝ සහභාගි වන්නට මසුරාට කථා කළහොත් එකල්හි ඔහුගේ මාත්සය්‍ය_ය පරිCෂ්‍යකාරිතා වේශය ගන්නේය. එයින් මෙහෙයවන ලද මසුරු තැනැත්තේ “මේවා කෙරෙන වැඩ ද, කළත් ප්‍රයෝජනයක්‌ වන වැඩ දැයි නො විමසා සහභාගි වීම නුසුදුසුය. පරීක්‍ෂා කර පසුව සුදුස්‌සක්‌ කරමි” යි සිතා දීමනාව පසුවට තබන්නේය. ඔහුගේ පරීක්‍ෂණයත් දීමනාවත් එයින් ම කෙළවර වන්නේ ය.

 

ඥන වේශයෙන් වඤaචක මාත්සය්‍යය

යම්කිසි කරුණක්‌ සඳහා ධනය වියදම් කළ යුතු අවස්‌ථාවක්‌ පැමිණි කල්හි මසුරාගේ සිත්හි ඒ මසුරු බව සමහරවිට ඥන වේශයෙන් පහළ වේ. වියදම් කළ යුතු ඒ දෙය වියදම් නො කළත් සිදුවන සැටියට හෝ ඒ සඳහා කරන වියදම නිෂ්ඵල වන සැටියට හෝ ඔහුට පෙනෙන්නට වන්නේ ය. එසේ පෙනෙනුයේ මාත්සය්‍ය_ය ඥන වේශයෙන් ඔහුගේ සන්තානයෙහි පහළ වීමෙනි. එය ගැන වඩ වඩා සිතන්නහුට තමන්ට වැටහෙන සැටියටම සත්‍ය බවට නොයෙක්‌ හේතු යුක්‌ති ද පෙනෙන්නට වන්නේය.

 

අර්ථසංරක්‍ෂණතා වේශයෙන්

වඤaචක මාත්සර්යය

අමාරුවෙන් සපයන්නා වූ ධනය අකාරණයෙහි වියදම් කොට නැති කර නොගෙන ආරක්‍ෂා කර ගත යුතුය. එසේ නොකරන්නාහට දිළිඳු බවින් නොමිදිය හැකිය. ධනය සැපයිය යුත්තේ ද ආරක්‍ෂා කළ යුත්තේද උවමනා දෙයට වියදම් කරනු පිණිස ය. උවමනා තැනදී ද වියදම් නො කරන්නා වූ තැනැත්තාට ධනයෙන් අනර්ථයක්‌ මිස අර්ථයක්‌ නැත. ධනය වියදම් කළ යුතු තැනදී ද සමහරවිට මසුරාගේ සන්තානයෙහි ඒ මසුරු බව අර්ථසංරක්‍ෂණතා වේශයෙන් පහළ වේ. එයට රැවටුණ මසුරා වියදම් කළ යුතු තැනදී ධනය රක්‌නට ගොස්‌ සමහරවිට මහත් දුක්‌ කරදරවලට ද පැමිණෙන්නේය. සමහරවිට ස්‌වල්පයක්‌ රැක ගන්නට යැමෙන් සියල්ලම ද නැසෙන්නේ ය.

 

විචෙය්‍ය දානතා වේශයෙන් වඤaචක මාත්සර්යය

දන් දිය යුතු අවස්‌ථාව පැමිණි කල්හි මසුරාගේ සන්තානයෙහි විචෙය්‍ය දානතා වේශයෙන් (විමසා දන් දීමේ ආකාරයෙන්) ඒ මසුරු බව පහළ වන්නේ ය. එයට රැවටුණා වූ මසුරා ප්‍රතිග්‍රාහකයන්ගේ සිල් සොයන්නට වන්නේ ය. “දුක සේ සපයා ගත් මේ ධනය අස්‌ථානයේදී වියදම් නො කළ යුතුය. දෙතොත් දියයුත්තේ දානය මහත් ඵල වන සැටියට ය. සිල්වතකු ම සොයා ඔහුට දෙනු මිස අනෙකකුට මේ ධනය නො දිය යුතු යෑ” යි අවස්‌ථාව ඉක්‌ම වන්නේ ය. ඔහුගේ දීමත් එයින්ම කෙළවර වන්නේ ය.

 

පරාර්ථකාමතා වේශයෙන් වඤaචක මාත්සර්යය

දුගියකු යදියකු මගියකු කිසිවක්‌ ලබාගනු සඳහා මසුරා වෙත පැමිණි කල්හි සමහර විට පරාර්ථකාමතා වේශයෙන් ඔහු ගේ සිත්හි මාත්සය්‍ය_ය පහළ වේ. එයින් වඤaචිත වූයේ නිකම් දී පුරුදු කළ කල්හි මෙතෙම වඩාත් අලසයෙක්‌ වී හොඳට ම කාලකණ්‌නියෙක්‌ වන්නේ ය. දීම මොහුට කරන අපරාධයක්‌ ය. මොහුට කරන්නට තිබෙන එකම යහපත නම් නොදීම මය” යි සිතා යදියාට අර්ථයක්‌ සිදු කිරීමේ ආකාරයෙන් කිසිවක්‌ නො දෙන්නේ ය.

 

මානය

ශ්‍රෙයො මානය – සදෘශ මානය – හීන මානයයි මානය ත්‍රිවිධ වේ. තමා විසින් තමා වජයක්‌ සේ උසස්‌ කොට ද, අන්‍යයන් පහත් කොට ද සිතා යුක්‌තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නො නැමෙන ස්‌වභාවය ශ්‍රෙයෝ මානයයි. තමාට වඩා උසස්‌ අය හා ද තමා හා සම කොට සිතා යුක්‌තියට ධර්මයට ගරු කළ යුත්තන්ට අගරු කරන නො නැමෙන ස්‌වභාවය සදෘශ මානය යි. තමා විසින්ම තමා පහත් කොට සිතා ගරු නොකළ යුත්තන්ට ද ගරු කරන, අයුක්‌තියට අධර්මයට නො නැමිය යුත්තාට නැමෙන, නො වැන්ද යුත්තාට වඳින, ලාමක ගතිය හීනමානයයි. තෙ වැදෑරුම් වූ මේ මානය අනේක වේශයෙන් පහළ ව වඤ්චා කරන්නේ ය.

 

නිහතමානතා වේශයෙන් වඤaචක මානය

නිහතමානතාව යනු මානයට විරුද්ධ ස්‌වභාවයකි. සමහර විට මානය ම නිහතමානතා වේශයෙන් පහළ වන්නේ ය. මෙය බොහෝ සෙයින් දක්‌නා ලැබෙනුයේ පැවිද්දන් කෙරෙහි ය. ශික්‍ෂාවට හා ධර්මයට ද ආචායෙH_daපාධ්‍යායන්ට හා වැඩිමහල්ලන්ට ද ගරු කරන්නා වූ, යටහත් පැවතුම් ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තා වූ, තෘෂ්ණා මානයන් වැඩීමට හේතු නොවන වස්‌තූන් සේ සලකනු ලබන, වටිනාකම මඳ වූද, දුර්වර්ණ වූද චීවරාදී පරිෂ්කාරයන් පරිභෝග කරන්නා වූ, මානය තුනී කරගෙන වෙසෙන්නාවූ භික්‍ෂුවගේ සිත්හි සමහරවිට නිහතමානතාවේ ආකාරයෙන් මානය පහළ වේ. එයට රැවටෙන භික්‍ෂු තෙමේ තමාසේ නිහතමානයෝ නො වෙතැයි අන්‍යයන් පහත්කොට ද නිහතමානත්වයෙන් තමා උසස්‌ කොට ද සිතන්නේය. අන් වෙසක්‌ නො ගත් ස්‌වාභාවික මානයෙන් මත්වූ තැනැත්තේ යම් සේ පහත් යෑයි සලකන පුද්ගලයන් පිළිකුල් කෙරේද, අශෝභන වූ ද වටිනාකම මඳ වූ ද ඇඳුම් පැළඳුම් ආදිය පිළිකුල් කෙරේද , ඒ පරිද්දෙන් ම නිහතමානතා වේශය ගත් මානය ඇති භික්‍ෂු තෙමේ වර්ණවත් චීවරාදිය පරිභෝග කරන භික්‍ෂුව ද වර්ණවත් චීවරාදී පරිෂ්කාරයන් ද වටිනාකම් ඇති චීවරාදී පරිෂ්කාරයන් ද පහත් කොට සිතන්නේ ය. පිළිකුල් කරන්නේ ය.

 

ආත්මගෞරවයේ වේශයෙන් වඤaචක මානය

දුකට පත් වන්නට නොදී අන්‍යයන්ට කෙළි බඩුවක්‌ කරගන්නට නොදී තමාගේ ආත්මය ආරක්‍ෂා කරගන්නා ස්‌වභාවය ආත්ම ගෞරවයයි. එය තරමක්‌ මානයේ මුහුණුවර ඇති ස්‌වභාවයක්‌ මුත් මානය නොවේ. ආත්ම ගෞරවය සෑම දෙනා කෙරෙහි ම තිබිය යුත්තකි. එය නැති තැනැත්තේ ආත්මය ආරක්‍ෂා නොකරයි. කුමක්‌ සිදුවුවත් කම් නැත. වන දෙයක්‌ වේවායි හෙතෙම කිසිවකට උත්සාහ නො කරන්නේ ය. එයින් ඔහු වඩාත් දුකට පත් වනු මිස දියුණුවට සැපයට උසස්‌ බවට නො පැමිණෙන්නේ ය. ආත්ම ගෞරවය නැතියන් කෙරෙහි බොහෝ සෙයින් හීනමානය පහළ වේ. ආත්ම ගෞරවය ඇතියන් කෙරෙහි බොහෝ සෙයින් සමහරවිට ආත්ම ගෞරවයේ වේශයෙන් ශ්‍රෙයෝ මාන සදෘශ මානයෝ පහළ වෙති. ආත්ම ගෞරව ප්‍රතිරූපක මානය ඇත්තේ ආත්ම ගෞරවයට හානියකැයි ගරු කළ යුත්තාට ද ගරු නොකරන්නේ ය. ගුරූපදේශ ලැබිය යුත්තාගෙන් ගුරූපදේශ නොගන්නේය. වැන්ද යුත්තාට නොවඳනේ ය. පිදිය යුත්තාට නො පුදනේ ය.

 

පුණ්‍යකාමතා වේගයෙන් වඤaචක මානය

පින් පිණිස කළයුතු කාර්යයක්‌ කළ යුතුව තිබෙන අවස්‌ථාවක ජනයා එයට ඉදිරිපත් වන්නට බියෙන් පසු බැස සිsටින කල්හි සමහරවිට එක්‌ අයෙකුගේ සිත්හි පුණ්‍යකාමතා වේශයෙන් මානය පහළ වේ. එයින් වඤaචිත වූ තැනැත්තේ මෙතෙක්‌ ධනවතුන් කරන්නට ඉදිරිපත් නොවූ, මෙතෙක්‌ ප්‍රභූන් කරන්නට ඉදිරිපත් නොවූ, සෑම දෙනාටම නුපුළුවන් ය කියන්නා වූ මෙම කටයුත්ත, මම කරමියි ගර්වයෙන් එය කරන්නේ ය. අන්‍යයන් කරන කිනම් දෙයක්‌ වුවත් තමා විසිනුත් නො කිරීම බාල්දුවක්‌ කොට සලකන සමහරුන් කෙරෙහි ද මානය සමහර විට පුණ්‍යකාමතා වේශයෙන් පහළ වේ.

 

පරාර්ථකාමතා වේශයෙන් වඤaචක මානය

යම් කිසිවකු විපතට පත්ව වෙසෙන කල ඔහුට පිහිට වන්නට කිසිවකු ඉදිරිපත් නො වන බව දක්‌නා තැනැත්තා කෙරෙහි සමහරවිට පරාර්ථකාමතා වේශයෙන් මානය පහළ වේ. එයින් වඤaචිත වූ තැනැත්තේ පොහොසතුන්ය. පරාර්ථකාමීන් ය. රටට ජාතියට වැඩ කරන්නන්ය. කියා සිටින කිසිවකු පිහිට නො වන මොහුට මම පිහිට වෙමි” යි ගර්වයෙන් විපතට පත් තැනැත්තාට උපකාරයට ඉදිරිපත් වන්නේ ය.

 

ඥන වේශයෙන් වඤaචක මානය

සෙය්‍ය සදෘශ හීන වශයෙන් තෙවදැරුම් වූ මේ මානය බොහෝ සෙයින් පහළ වනුයේ ඥනයේ ආකාරයෙනි. සෙය්‍ය මානයාගේ වශයෙන් තමා උසස්‌ කොට ගත්තාවූ තැනැත්තාට වැටහෙනුයේ එය හිස්‌ හැඟීමක්‌ මානයක්‌ වශයෙන් නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ උසස්‌ බව පිළිබඳව තමාට ඇති වූ දැනීමක්‌ ලෙසටය. යමක ඇති සැටිය දැනීම ඥනය බැවින් තමා කෙරෙහි ඇති වූ “ඒ තමා උසස්‌ය යන හැඟීම මානය” යි ඔහුට කෙලෙසකින්වත් නො වැටහෙන්නේය. හෙතෙම තමා කෙරෙහි මානයක්‌ ඇති බව නො පිළිගන්නේය. රැවටුණා වූ ඔහුට තවදුරටත් ඒ ගැන කල්පනා කරතහොත් නොයෙක්‌ ආකාරයෙන් නොයෙක්‌ හේතු උදාහරණ සහිතව තමාගේ උසස්‌ බව ම පෙනෙන්නේ ය. එයින් හේ වඩාත් රැවටෙන්නේ ය. රැවටුණා වූ හෙතෙම කිසිවකුට ගරු කරන්නට නැමෙන්නට නොකැමැති වන්නේ ය. තමාට වඩා දැනුමැති අනෙකකු ඇති බව නො පිළිගන්නා හේ කිසිවකු ගේ කීමක්‌ අවවාදයක්‌ අනුශාසනාවක්‌ නො පිළිගන්නේය. ඒ පමණකුත් නොව තමාගේ ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, සිsරිත් විරිත් යන ආදිය අන් සැමට ම වඩා උසස්‌ කොට සිතන්නේය. ඒවායේ නො මනා තැන් වෙනස්‌ කරන්නටවත් ස්‌වල්පයක්‌ වත් අනුන් අනුකරණය කරන්නටවත් නො කැමැති වන්නේ ය. එයින් ඔහු දියුණුවට නොපැමිණෙන සෑම කල්හිම ඒ තත්ත්වයේ ම සිටින කෙනෙක්‌ හෝ වඩාත් පිරිහෙන කෙනෙක්‌ හෝ වන්නේ ය. සදෘශ මානයට රැවටුණ තැනැත්තා ද තමා අන්‍යයන් හා සම තන්හි තබා සිතමින් සෙය්‍යමානකාරයා සේ ම පිළිපදින්නේ ය.

හීන මානය ඇති තැනැත්තා හට පෙනෙනුයේ ද එය තමාට ඇති වූ හිස්‌ හැඟීමක්‌ මානයක්‌ සැටියට නොව සත්‍ය වශයෙන් ඇත්තා වූ තමාගේ හීනත්වය පිළිබඳ ඇතිවූ දර්ශනයක්‌ හෙවත් ඥනයක්‌ සැටියට ය. හීන මානය ඇති තැනැත්තා නිතර ම අනුන්ට අවනත වන, ගරු නො කළ යුත්තන්ට ද ගරු කරන කෙනෙකි. එයින් වඤaචිත වූ තැනැත්තේ උසස්‌ වන්නට සිතා තමා විසින් උසස්‌ යෑයි සලකන අනුන් අනුකරණය කරන්නෙක්‌ වන්නේය. අනුන් කරන සැටි බලා එයට අනුව කතාව කෑම බීම, ඇඳුම සිරිත විරිත පවත්වන්නට උත්සාහ කරන්නෙක්‌ වන්නේය. අනුන් අනුකරණය කළ යුතු තැනදී එසේ නො කිරීම ය. සෑම තැනදීම අනුන් අනුකරණය කිරීම ය. යන මේ දෙක ම පරිහානියට හේතු ය.

මානය කා කෙරෙහිත් ඇති නමුත් සෑම දෙන ම වගේ කියනුයේ එය අන්‍යයන්ට ඇති බව හා තමන්ට නැති බව ය. ඔවුන් එසේ කියනුයේ වඤaචාවකට නොව, තමන් ගේ මානය තමන්ට නො වැටහෙන බැවිනි. නො වැටහෙනුයේ එය නිතරම වාගේ අන්‍ය වේශයකින් පහළ වන බැවිනි.

……………………………………………………………………………………………………..

මාර්ගඵල ලාභී තත්ත්වයට පත්වීමේදී කෙලෙස්‌ හඳුනාගත යුතුයි. කෙලෙස්‌ ඇතිවන්නේ කෙසේද? ඇතිවන කෙලෙස්‌ නැති කරන්නේ කෙසේද? කෙලෙස්‌ ඇතිවන ස්‌වභාවයන් කෙබඳුද? යනාදී වශයෙන් මාර්ගඵලලාභියකු වන්නට බලාපොරොත්තු වන අයකු කෙලෙස්‌ අධ්‍යයනය කළ යුතුයි. කෙලෙස්‌ අධ්‍යයනය කර අවබෝධ කර ගැනීමකින් තොරව කෙලෙස්‌ ප්‍රහීන කළ නොහැකියි. අප මීට ඉහත ලිපි කීපයකින් කෙලෙස්‌ ඇතිවන ආකාරය සරලව විස්‌තර කරනු ලැබුවා. කෙලෙස්‌ සම්බන්ධව ලියවුණු පොත් ගණනාවක්‌ තියෙනවා. ඒ අතරින් ලංකාවේ පහළ වූ අග්‍රගන්‍යයේ පඬිරුවනක්‌, විශාරද බුද්ධිමතකු ලෙස ප්‍රසිද්ධව සිටි අපවත්වී වදාළ සාහිත්‍ය චක්‍රවර්තී, පණ්‌ඩිත, ප්‍රවචන විශාරද, මහෝපාධ්‍යයාය, ශාසන ශෝභන, මහාචාර්ය රේරුකානේ චන්දවිමල නායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ලියූ පොත් ඉතාමත්ම වැදගත්. කෙලෙස්‌ එක්‌දහස්‌ පන්සීය මෙන්ම, වCඳ්චක ධර්ම හා චිත්තෝපක්‌ලේස ධර්ම යන කෘති ඉතාමත් විශිෂ්ඨ මට්‌ටමක පවතිනවා.

මෙම පොත් පරිශීලනය කිරීමෙන් සාමාන්‍ය පාඨකයාටත්, ධර්මය සොයන අයටත් ඉතාමත් පොදු ධර්මාවබෝධයක්‌ ලැබිය හැකියි. උන්වහන්සේ මෙම කෘතීන් රචනා කර ඇත්තේ විශේෂයෙන් අභිධර්ම කෘතීන් ආශ්‍රය කරගෙනයි. ත්‍රිපිටකයත් ඒ වගේම උන්වහන්සේගේ අත්දැකීම්ද මෙම කෘතීන් රචනා කිරීමේදී උපයෝගී කරගෙන තිබෙනවා. කෙලෙස්‌ පිළිබඳව ලියූ බොහෝ භික්‍ෂූන් වහන්සේලාගේත්, ගිහි උදවියගේත් පොත්පත් තියෙනවා. මෙම පොත්වලින් බොහෝමයක්‌ම ධර්ම විරෝධීයි. ධර්මය ගැන දැනගෙන ලියූ දේවල් නොවේ. මේ සමාජයේ හොඳ දේවල් ප්‍රචලිත වෙනවා අඩුයි. වැඩියෙන්ම ප්‍රචලිත වන්නේ නරක දේවල්.

ඒ තත්ත්වය යටතේ රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් ක්‌ලේෂයන් පිළිබඳව ලියන ලද පොත්පත් අධ්‍යයනය කිරීම වැදගත්. උන්වහන්සේගේ “වCඳ්චක ධර්ම හා චිත්තෝපක්‌ලේස ධර්ම” ග්‍රන්ථයේ කොටස්‌ කීපයක්‌ අප උපුටා දක්‌වන්නේ සාමාන්‍ය පාඨකයන්ට ක්‌ලේසයන් ඉස්‌මතුවන ආකාරයට මැනවින් දැනගැනීමටයි. ඒ පිළිබඳව ධර්මාවබෝධයක්‌ ලැබීමටයි. කෙලෙස්‌ සම්බන්ධයෙන් ලියූ සරල, සුමඟ, කමනීය රමනීය අර්ථ විහරණයක්‌ මෙම ග්‍රන්ථයේ ඇතුළත්. මෙම විහරණයන් අපගේ වචනවලින් ඉදිරිපත් කරනවාට වඩා උන්වහන්සේගේම වචනවලින් ඉදිරිපත් කිරීම වඩා සුදුසුයෑයි අපි කල්පනා කළා. පාඨකයාට මෙම කරුණු සමාධිගතව කියවීමෙන් තේරුම් ගත හැකියි තමන් සිත් තුළ ඇතිවන්නේ කුසල චෛතසිකයක්‌ද? නැත්නම් අකුසල චෛතසිකයන්ද කියා. එසේත් නැත්නම් කුසලය සේ පෙනී සිටින අකුසල සහගත චෛතසිකයන්ද කියා. වංනික ධර්ම යනු කුසලය සේ පෙනී සිටින අකුසල සහගත සිතුවිලියි. අපි කියන්නේ මේ දේවල් සහමුලින්ම නැතිකළ හැකි බව නොවේ. නමුත් මේවා අවබෝධ කර ගැනීමෙන් විශාල මානසික සුවයක්‌ ලැබිය හැකියි. එම මානසික සුවය ධර්මාවබෝධය ලැබීමට නිසිලෙස මඟපෙන්වීමක්‌ කරනු ලබනු බව සැකයක්‌ නැහැ.

 

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි