Home » විමර්ශන » ඔවුන් සූදානම් වන්නේ නැවතත් රට යුද්ධයට ඇද දැමීමටයි

ඔවුන් සූදානම් වන්නේ නැවතත් රට යුද්ධයට ඇද දැමීමටයි

Rivira

විග්නේශ්වරන්ගේ ප්‍රකාශය පිළිබඳ විද්වත් අදහස්

උතුරට බලතල නොදුන්නොත් අවි අතට ගන්න සිදුවේයැයි උතුරු පළාත් සභාවට ද්‍රවිඩ ජාතික සන්ධානයෙන් ඉදිරිපත් කර සිටින මහ ඇමැති ධුර අපේක්ෂක සී.වී, විග්නේශ්වරන් කරන ලදැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් ගිහි පැවිදි විද්වත්හු කිහිප දෙනෙක් රිවිරට මෙසේ අදහස් දැක්වූහ.

රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි:-

ඔවුන් සූදානම් වන්නේ නැවතත්  රට යුද්ධයට ඇද දැමීමටයි

දෙමළ ජාතික සන්ධානයේ මෙවැනි ප්‍රකාශ තුළින් හැඟී යන්නේ ඔවුන් මේ සූදානම් වන්නේ මැරුණු ප්‍රභාකරන්ගේ න්‍යාය පත්‍රය යළි සකස් කිරීමට බවයි.
දශක කිහිපයක් පැවැති කුරිරු යුද්ධය නිමාකර රට සාමකාමී වාතාවරණයක තිබියදී නැවතත් රට යුද්ධයට ඇද දැමීමටයි ඔවුන් මේ සූදානම් වන්නේ.

මෙවැනි ප්‍රකාශ තුළින් දෙමළ ජාතික සන්ධානය අවි ආයුධවලින් හෝ මේ සටන ජයග්‍රහණ කරන බව සෘජු ලෙසම රජයට අභියෝග කරන බවත් හැඟෙනවා. අවි ආයුධවලින් ප්‍රශ්න විසඳීමට උත්සාහ කරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම්.

දෙමළ ජාතික සන්ධානය ත්‍රස්තවාදී ආකාරයට මෙලෙස අවි ආයුධ අතට ගෙන ප්‍රශ්නවලට විසඳුම් සෙවීමට සූදානම් වීම කිසිසේත් අනුමත කරන්න බැහැ. දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ට තමන් ජනතාව මෙහෙයවන්නේ කුමන ඉලක්කයක් කරාද යන්න සිතා බැලීමට වගකීමක් තිබෙනවා.  එම නිසා මෙවැනි ප්‍රකාශ පිළිබඳව සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට රජයට විශාල වගකීමක් තිබෙන බවයි මගේ අදහස.

 

//www.rivira.lk/edition/visheshanga/52488-%E0%B7%80%E0%B7%92%E0%B6%9C%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3-%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%85%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A.html