Home » පුවත් පත් ප්‍රකාශන » 2012 ලෝක විනාශය සත්‍යයක්‌ද? මායාවක්‌ද?

2012 ලෝක විනාශය සත්‍යයක්‌ද? මායාවක්‌ද?

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි

worldEnd2

ලෝක ප්‍රජාවගේ නොසන්සුන්තාවට හේතු වූ මාතෘකාවක්‌ වශයෙන් ප්‍රචලිතව ඇත්තේ 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවයි

මේ වකවානුවේ ඇතැම් ලෝක ප්‍රජාවගේ නොසන්සුන්තාවට හේතු වූ මාතෘකාවක්‌ වශයෙන් ප්‍රචලිතව ඇත්තේ 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවයි. ඇතිවීම පැවැතීම-නැතිවීම ලෝක ධර්මතාව නිසා බුදුදහම පිළිබඳ අවබෝධයක්‌ ඇති කෙනෙකුට මේ කරුණ කෙරෙහි උපේක්‍ෂා සහගත විය හැකියි. කෙසේ වුවත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා අනුව විමසන කල්හී පැහැදිලි වන්නේ අසවල් වර්ෂයේ අසවල් ලෝක විනාශය සිදු වෙනවායි අනාවැකි පළ කිරීම සත්‍යයට ළඟා නොවන මහ මිත්‍යාවකි. ඒ පිළිබඳ අපට කිසිදු විවාදයක්‌ ද නැත. නොසිතිය යුතු නොමැතිනම් සිතා සීමාවකට එළඹිය නොහැකි කරුණු සතරේ සතරවන කරුණ ද ලෝක විෂයයි. අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාදයේ ඇතුළත් අචින්තෙයH සූත්‍රයෙන් ඒ බව පැහැදිලි වෙනවා. එනම් “ලොක චින්තා භික්‌ඛවේ අචින්තෙයHd ත චින්තෙතබ්බා යං චින්තෙත්තො උම්මාදස්‌ස විගාතස්‌ස භාගී අස්‌නි.”Ven. Hegoda Vipass Thero

ලෝක විෂය පිළිබඳව සිතීමත් උමතු බවට, දුකට හේතු වෙනවා. එනිසා ලෝකය පිළිබඳව දිගින් දිගට නොසිතිය යුතුයි. මෙය අදහස්‌ කරන්නේ ලෝකය පිළිබඳව පර්යේෂණ කරන්නට එපා කියන එක නොවෙයි. ඒ පිළිබඳව කෙනෙක්‌ පර්යේෂණ කළත් සීමාවක්‌ නොවන බවයි. ඇත්ත වශයෙන්ම ලෝකයේ ආරම්භය පැවැත්ම – විනාශය මේ ආදී කරුණු සිතන්න සිතන්න පිස්‌සු වැටෙන්න පුළුවන්. දුකට හේතුවන්න පුළුවන්.

වරක්‌ බුදුරජාණන් වහන්සේ වදාළේ “නාභං භික්‌ඛවේ ගමනෙන ලෝකස්‌ස අන්තං ÆතෙයHං දට්‌ඨෙයHං පත්තෙයHන්ති වදාමි” මහණෙනි ගමනින් ලොව කෙළවර දත හැකිය යිද, දැක්‌ක හැකියයි ද, පැමිණිය හැකියයි ද මම නොකියමි” සංයුක්‌ත නිකායේ තියෙන ලෝකන්ත ගමන සූත්‍රයේ සඳහන් මෙම දේශනා අනුව පැහැදිලි වන්නේ ලෝකයේ සීමාවක්‌ නැති බවයි. ඇත්ත වශයෙන්ම මේ සඳහන් වන්නේ භෞතික ලෝක ය ගැනයි. එම සූත්‍රයේම “න චපනාහං භික්‌ඛවේ අජපFථා ලෝකස්‌ස අන්තං දුක්‌ඛස්‌ස අන්තකිරියං වදාමි” ලොව කෙළවරට නොපැමිණ දුකේ කෙළවර කිරීමක්‌ද සිදුවන්නේ නැති බව දේශනා කර තිබෙනවා. මෙයින් අදහස්‌ කරන්නේ පඤ්චස්‌ඛන්ධ නමැති ලෝකයයි. තමා කවුදැයි යනුවෙන් යථාර්ථවාදීව ධර්මානුකූලව අවබෝධ කර ගැනීම ලෝකයේ කෙළවර අවබෝධ කිරීමයි. ඒ කියන්නේ රහත් වීමයි.

ඒ කී කරුණ සංයුක්‌ත නිකායේ සගාථ වර්ගයේ රෝහිතස්‌ස සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. එනම් “නඛො පනාහං ආවුසො, අප්පත්වා ලෝකස්‌ස අන්තං දුක්‌ඛස්‌ස අත්තකිරියං වදාමි. අපි වාහං ආවුසො ඉමස්‌මිඤ්ඤෙට බ්‍යාමමත්තේ කලේබරෙ සසඤ්ඤිම්හි සමනකෙ ලොකඤ්ච පඤ්ඤපෙමි. ලෝකසමුදයඤ්ච ලොකනිරොධඤ්ච ලොක නිරොධගාමිනීඤ්ච පටිපදන්ති.”

බුදුදහම අනුව ලෝකයේ නැතහොත් විශ්වයේ මුලක්‌ හෝ අගක්‌ නැහැ. එය කලින් ද සඳහන් කළා. කොහොම වුවත් මේ කෙළවරක්‌ නැති ස්‌වභාවය “අනවරාග්‍ර” නමින් ද හඳුන්වනවා. එම අනුවරාග්‍ර ලෝකය නැතහොත් විශ්වය කලින් කල ඇති වී විනාශ වෙනවා. දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත්‍රයේ” හොති ඛො සො වාසෙට්‌ඨෙs, සමයො යං කදාචි කරහචී දීඝස්‌ස අද්ධුනො අච්චයෙන අයං ලොකො සංවට්‌ටකි. සංවට්‌ටමා නෙ ලොකෙ යෙභූයෙHන සත්තා ආභස්‌සර සංමත්තනිකා හොන්ති”.

WorldEndවාසෙට්‌ඨයනිá දීර්ඝ කාලයක්‌ ගතවීමෙන් කිසියම් කාලයක මේ ලොව වැනසෙන කාලයක්‌ ඇතිවෙනවා. එසේ ලොව වැනසෙන කාලයේ බොහෝ සත්වයා ආභස්‌සර බඹ ලොව උපදිනවා” යනුවෙන් සඳහන් වෙනවා. මෙසේ ලෝකය විනාශ වන කාලය දහමේ සඳහන් කරන්නේ “සංවට්‌ට කල්පය” ලෙසයි. නැවතත් ක්‍රමයෙන් වැඩෙන කාලය” විවට්‌ම කල්පය” වශයෙන් හඳුන්වනවා. කල්පය කියන වචනයේ අදහස්‌ කිහිපයක්‌ තිබෙනවා. මෙහි කල්පය කියන්නේ අති දීර්ඝ කාලයක්‌. කාලය මනින ඒකකයක්‌.

එය තේරුම් ගැනීමට බුදුන් වදාළ උපමා දෙකක්‌ සංයුක්‌ත නිකායේ සඳහන් වෙනවා. එක සූත්‍රයක්‌ පබ්බාදම සූත්‍රය. අනික සාසපාපම් වයි. පව_ත උපමාවෙන් දැක්‌වෙන්නේ. දිගින් පළලින් හා උසින් යොදුන බැගින් වූ සිදුරු ගුහාදී කිසිවක්‌ නොමැති පව_ත මුදුනකින් අවුරුදු සීයකට වරක්‌ බැගින් යම් පුරුෂයෙක්‌ කසී සළු කොණ ගෑවීමෙන් යම් කාලයක දී එම පව_තය (ගල) ගෙවී අවසන් වේද එපමණ කාලයකින් කල්පය අවසන් වේ.

සර්ෂපෝපමාව, සාසපෝපමාව නැතහොත් අබ ඇට උපමාව හා මෙහෙමයි. දිගින්, පළලින් හා උසින් යොදුන බැගින් වූ අයෝමය කොටුවක්‌ හදා එහි අබ ඇට පුරවනවා. අවුරුදු සීයකට වරක්‌ යම් පුරුෂයෙක්‌ එක අබ ඇටය බැගින් ඉවත් කරනවා. එසේ ඉවර කිරීමෙන් එම අබ ඇට පිරවූ කොටුව හිස්‌වේද එම හිස්‌වන කාලය කල්පයයි. යොදුනට සැතපුම් 16 කි. දැන් ඔබට වැටහෙනවා ඇති කල්පය කියන්නේ කොතරම් දීර්ඝ කාලයක්‌ද කියා. එවැනි දීර්ඝකාලයකින් තමයි මේ විශ්වය විනාශ වන්නේ.

මේ විශ්වය ගැන බුදුහාමුදුරුවෝ වදාළ සූත්‍ර විශාල සංඛ්‍යාවක්‌a ත්‍රිපිටකයේ තියෙනවා. එයින් අංගුත්තර නිකායේ තික නිපාතයේ ආනන්ද වර්ගයේ දසම සූත්‍රයේ චක්‍රවාටයක්‌ හෙවත් සක්‌වලක්‌ කියන්නේ කුමක්‌ දැයි පැහැදිළි කරනවා. ඒ පිළිබඳ මීට පෙර සාකච්ඡාවක දී කරුණු අප ඉදිරිපත් කළා.

“යාවතා ආනන්ද චන්දිමසුරියා පරිහරනති දියා හන්ති විරොචනා, තාව සහස්‌සධා ලොකො….” ආදී වශයෙන් එම දසම සූත්‍රයේ සඳහන් වෙනවා. එහි කියවෙන්නේ සඳහිරු දෙදෙනා ආලෝකය පතුරුවන තරම් වූ තැන එක්‌ සක්‌වලකි. එබදු දහසක්‌ සහස්‌සධාලෝකයි. මෙවැනි දසදහසක්‌ සක්‌වලවල් තියෙනවා. ඉතින් මෙය විශ්වයයි. මේ විශ්වය දීර්ඝ කාලයක්‌ ඇවෑමෙන් විනාශ වෙනවා. ඒ විනාශ වෙන්නේ අදහෙට නොවෙයි. එය පාලියේ සඳහන් කරන්නේ “තදාචි කරහචි දීසස්‌ස අද්ධුනො” වශයෙන්. ඉතින් කල්ප ගණනාවක්‌ ඇවෑමෙන් හිරු හතක්‌ ක්‍රමයෙන් පායන බව අංගුත්තර නිකායේ සත්තක නිපාතයේ සත්තසුරියුග්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා. එහි ලෝක විනාශය සිදු වන ආකාරය දැන් සඳහන් වෙනවා. හැබැයි 2012 වර්ෂයේ නම් නොවේ.

මේ වකවානුවේ ලෝක ප්‍රජාවගේ නොසංසුන්තාවයට පත් වූ මාතෘකාව වශයෙන් ප්‍රචලිත වී ඇත්තේ එළඹෙන වර්ෂයේ දෙසැම්බර් 12 වන දින ලෝකය විනාශ වන බවයි. මේ මතයට හේතුව ඇමරිකාවේ ඉපැරණි ශිෂ්ටාචාරයක්‌ යෑයි කියන මායාවරුන්ගේ දින දර්ශනයකි. ක්‍රි.පූ. 3114 අගෝස්‌තු ආරම්භ වී 2012.12.12 දින එම දින දර්ශනය අවසන් වී ඇත. මේ අවසන් දිනය එළඹෙන වර්ෂයට යෙදී ඇති බැවින් ඉහත නොසංසුන්තාවයට හේතු වනවා. ඇත්ත වශයෙන්ම මායාවරුන්ගේ ශිෂ්ටාචාරය ආරම්භ වී ඇත්තේ පෙරදිගින් සංක්‍රමණය වූ මිනිසුන්ගෙනි. ඒ අනුව බිහිවී ඇති ජ්‍යෙdතිර් ශාස්‌ත්‍රය ඉහත වකවානු තීරණය කොට ඇත. කෙසේ වුවත් මේ දින දර්ශනය දැකපු කෙනෙක්‌ නැත. මේ පසු බිම විපරම් කිරීමේදී පැහැදිලිවන කරුණක්‌ නම් යම් නූතන අනාවැකි පලකරන්නන් විසින් සංවිධානාත්මකව ගොඩනගා ගත් ලාභදායි ව්‍යාපාරයක්‌ බවයි. මේ වනවිට ඉහත අවිනිශ්චිත කරුණ අරභයා දැවැන්ත ව්‍යාපාර ආරම්භ වී ඇත. ඇතැමෙක්‌ විශාල වශයෙන් ණය ගන්නා බවක්‌ ආරංචි පැතිරෙයි. එවැනි දෙයකට පෙළඹී ඇත්තේ 2012 ලෝකය විනාශ වන නිසා ණය ගෙවීමට අවශ්‍යතාවක්‌ නොමැති නිසාය.

ලෝකයේ පැවැත්ම ඇතිවූයේ කෙසේද ඒ වගේම එහි විනාශය සිදුවන්නේ කෙසේද කියා බුද්ධ දේශනාව අනුව අපේ විග්‍රහය ඉදිරිපත් කරනු ලැබුවා.

නමුත් 2012 දෙසැම්බර් මාසයේ 12 වැනිදා ලෝක විනාශය සිදුවන බවට සමහරු පවසනවා. තවත් සමහරු පවසන්නේ 2012 දෙසැම්බර් 20 වැනිදා හෝ 31 වැනිදා ලෝක විනාශය විය හැකි බවයි. මෙම මතය ඇවිත් තියෙන්නේ මයාවරුන්ගේ දින දර්ශනය නිසයි. මායාවරුන්ගේ දින දර්ශනය ආරම්භ වී තිබෙන්නේ ක්‍රි. පූර්ව 3114 වර්ෂයේ අගෝස්‌තු මාසයේදීයි. එම දින දර්ශනය 2012 දෙසැම්බර් 12 වැනිදා අවසන් වෙනවා. මායාවරුන්ගේ තර්කය වන්නේ ඔවුන්ගේ දින දර්ශනය 2012 දෙසැම්බර් 12 වැනිදා අවසන් වන බැවින් ඊට එහාට දිනයක්‌ නොමැති හෙයින් ලෝක විනාශය සිදුවන බවයි.

නමුත් මේ දින දර්ශනය දැක්‌ක කෙනෙක්‌ නැහැ. ඒ වගේම මායාවරුන් කියන්නේ කවුරුන්ද කියා නිශ්චිතවම නිගමනය කරලත් නැහැ. ඉන්දියාවෙන් ඇමරිකාවට සංක්‍රමණය වූ පිරිසක්‌ ලෙසයි මෙම මායාවරුන් සැලකෙන්නේ.

විශ්වයේ සිදුවන විපර්යාසයන් පිළිබඳව පර්යේෂණ කටයුතු සිදුකරන නාසා ආයතනය හෝ මෙවැනි අනාවැකියක්‌ හෝ පළකර නැහැ. කෙසේ නමුත් බුද්ධ දේශනාව අනුව ප්‍රකාශ කිරීමට ඇත්තේ 2012 දී සිදුවන බවට ප්‍රකාශ කරන ලෝක විනාශය බොරුවක්‌ යන්නයි. 2012 දී ලෝක විනාශයක්‌ සිදුවන්නේ නැහැ.

ලෝකය සෑම මොහොතකම වෙනස්‌ වෙමින් පැවතීම සිද්ධාන්තයක්‌. අපේ බඹයක්‌ පමණ වූ ශරීරයයි ලෝකය වශයෙන් දැන් වූයේ. මෙම මොහොතේ ජීවත් වන අපි ක්‍ෂණයකින් මිය යන්න පුළුවන්. මියගිය අප තවත් ස්‌ථානයක උප්පත්තිය ලබනවා. තත්පරයෙන් ආඩු කාල සීමාවකදීත් අපේ ලෝකය වෙනස්‌ වෙමින් පවතිනවා. මෙම ධර්මතාවය විශ්වයටත් අදාළයි.

මෙසේ මොහොතින් මොහොත වෙනස්‌ වන විශ්වය කවදාක හෝ මුළුමනින්ම වෙනස්‌ වෙනවා. නමුත් මායාවරුන් ප්‍රකාශ කරන 2012 දී නම් නොවේ.

අද මුළු විශ්වයම එකම ගම්මානයක්‌ බවට පත්වී තිබෙනවා. නවීන තාක්‍ෂණය සහ අන්තර් ජාලයන් නිසා මුළු ලොවම ඒකාබද්ධ වී තිබෙනවා. ලෝකයේ කොහේ හෝ රටක වන සිදුවීමක්‌ අපට මොහොතකින් දැනගැනීමට පුළුවන්. ඒ තත්ත්වය තුළ මෙම තත්පරයේදී ලංකාව, ඉන්දියාව, එංගලන්තය, ජපානය ආදී සියලු රටවල සිදුවන කාලගුණික හෝ වෙනත් විපර්යාස වෙනස්‌ වීම් මොහොතකින් දැන ගැනීමේ හැකියාව අපට තිබෙනවා. ලෝකයේ රටවල්වල තැනින් තැන සිදුවන මෙම සිදුවීම් ජාලය එකට ගෙන මේ මොහොතේදී හෝ 2012 දී ලෝකය විනාශ වන බවට යම් කෙනෙක්‌ වැරදි නිගමනයකට එළඹෙන්න පුළුවන්. ලෝකයේ විවිධ රටවල සිදුවන ස්‌වාභාවිකව සිදුවන විපර්යාසන් සැලකිල්ලට ගෙන ලෝකය විනාශ වන බවට නගන තර්ක පිළිගන්න බැහැ. මුළු විශ්වය යනු රටවල් කීපයක්‌ පමණක්‌ නොවේ.

2004 සුනාමිය ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් කීපයකටම බලපෑවා. සන්නිවේදනය ප්‍රබල නිසා මොහොතකින් ලෝකයම දැනගත්තා. නමුත් 1800 ගණන්වලත් මෙවැනි දේවල් සිදුවුණා. නමුත් ඒ දේවල් මොහොතකින් ලෝකයම දැන ගත්තේ නැහැ. සන්නිවේදනය එතරම් දියුණු නොවූ යුගයේ කොළඹ සිදුවන දෙයක්‌ පවා අප දැනගත්තේ දින කීපයක්‌ ගිය පසුවයි.

2012 දී ලෝක විනාශයක්‌ සිදුවන බවට කියන පිරිස හැසිරෙන්නේ කල්ලියක ස්‌වභාවයෙන් (කල්ලිය කුමක්‌ද යන්න අප මීට විග්‍රහ කරනු ලැබුවේ) කල්ලිවල ස්‌වභාවය තමයි විවිධ මත පැතිරවීම. ඔවුන් ඉදිරිපත් කරන්නේ සිද්ධාන්තයන් නැති දේවල්.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතයේ අනිත්‍ය ස්‌වභාවයයි. එහෙත් මෙම මිථයා මතය වපුරන අය පවසන්නේ 2012 ලෝකය විනාශ වෙද්දී තමන්ගේ කුටිය පමණක්‌ විනාශ නොවන බවයි. මොන බොරුවක්‌ද මුළු ලෝකයම විනාශය වෙද්දී කීප දෙනකුගේ පමණක්‌ කුටි ඉතිරි වන්නේ කොහොමද?

මෙම මිථ්‍යාව සමග ඇතැමුන් විනාශයටම යනවා. ලෝකය 2012 දී විනාශ වන නිසා ණය තුරුස්‌ වී හෝ එදිනෙදා ජීවිතය සැපවත් කරගන්න බලනවා. නමුත් අප ජීවිතය දිහා බැලිය යුත්තේ අපන්නක ප්‍රතිපදාවෙන්. මේ ලෝකය මොහොතින් මොහොත වෙනස්‌ වෙනවා. විනාශ වෙනවා. එය අවබෝධ කරගත හැකිනම් අපට සතුටින් ජීවත් විය හැකියි.

ධර්ම සංවාදය- වසන්ත ලියනගේ