Home » 2011 » January

බූදු සසූනේ ආයූෂ තව වසර 2450ක් ද ?

බූදුන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනහක් පමණ වේ. පූරා වසර පන්දහසකින් ශී්‍ර සද්ධර්මය අන්තර්ධානය වන බව පූරාතනයේ සිට පවත්නා සූප්‍රකට ප්‍රවාදයකි. ඒ අනූව බූදු සසූනේ ආයූෂයෙන් අඩක් මේ වන විට ගතවී ඇත. තවත් වසර දෙදහස් හාරසිය පනහක් (2450) ක් පැවැතිය යූත්තේය. මෙම ගණන්...
Continue reading

සෝවාන් මගට පිවිසීම හෙවත් සක්‌කාය දිට්‌ඨිය අවබෝධ කර ගැනීම

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 04. බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාස නම් වූ වේළුවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයේ විසාක නම් වූ උපාසක මහත්මයෙක්‌ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේය. එම අවස්‌ථාවේදී විසාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන්වහන්සේ කුමන දහමක්‌ “සක්‌කාය” යෑයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේය. එවිට...
Continue reading

වඩා ප්‍රබල විශ්ව ශක්‌තියද?මානව ශක්‌තියද?

විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බවටත්, විවිධ හාස්‌කම් දක්‌වන බවටත් පවසමින් විවිධ අවස්‌ථාවලදී අප සමාජයේ ඉස්‌මතු වන පුද්ගලයෝ වෙති. සමහර පැවිදි ස්‌වාමීන් වහන්සේද විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බව පවසමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණු අවස්‌ථා පසුගිය කාලයේදී දැකගත හැකිවිය. එනිසා විශ්ව ශක්‌තිය යනු කුමක්‌ද? එය සත්‍යයක්‌ද ? නැතිනම් එය මායාවක්‌ද?...
Continue reading

සොඳුරු කැදැල්ලේ සතුට රජ කරවමු

අද වන විට විවාහ සංස්‌ථාව විවිධ හැලහැප්පීම්වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි. කලකිරීමෙනි. මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි. සමාජයේ කුඩාම ඒකක ලෙස...
Continue reading

ජීවිතය ලස්‌සන කරන සමබර පවුල් ජීවිතය

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත. පවුල් ජීවිතයක්‌ සාර්ථක වීමට නම් හැමවිටම සැමියාගේ සිතුවිලිත් බිරිඳගේ සිතුවිලිත් අතර සමබරතාවක්‌ තිබිය යුතුයි. වර්තමානයේ ගත් විට සමහර...
Continue reading

මිනිස්‌ සිත හඬවන…නළවන සිහින

සිහින ලෝකයක තනිනොවුණු කෙනෙක්‌ මෙලොව නොමැත. සිහින නොදකින පුද්ගලයොත් මෙලොව නොමැත. සිහිනය කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුද්ගලයකුම ලබන අපූර්ව අද්දැකීමකි. මිනිසා සිහින දකිතත් සිහින නොදකින කොට්‌ඨාසයක්‌ද වෙති. කෙලෙස්‌ ප්‍රහීන කළ බුදු, පසේබුදු සහ මහ රහත් යන මාර්ග ඵල ලැබූවෝ සිහින නොදකිති. කෙසේ හෝ වේවා සිහිනය යනු...
Continue reading

සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අතුරින් අද අප ධර්ම සංවාදයට බඳුන් කරනුයේ සුරා සොඬෙකු වීම නිසා පෞද්ගලිකවත් සමාජයටත් සිදුවන හානිය පිළිබඳව විමසා බැලීමටයි. සැප සම්පතට කවුරුත්a ආශා කරති. සැප ගිලිහුණු තැන මිනිසාට උරුම වනුයේ...
Continue reading

පවෙන් මිදී හැම විටම නිවැරැදිව ජීවත් වෙමු පුනර්භවය මේ මොහොතේත් සිදුවෙයි….

පුනර්භවය පිළිබඳ බෞද්ධ ඉගැන්වීම කෙබඳුද? පවෙන් වැළැකී සිටීමට පුනර්භවය පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වන්නේ කෙසේද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි. පුනර්භවය යන්න පාලියෙන් සඳහන් වනුයේ “පුනබ්භව” ලෙසිනි. එක්‌ භවයක අවසානය මරණයෙන් සංකේතවත් වනවා මෙන්ම අලුත් භවයක ආරම්භය ප්‍රතිසන්ධියෙන් සංකේතවත් වේ. ප්‍රතිසන්ධිය යනු නැවත හට ගැනීමයි....
Continue reading

යහපත් අඹුසැමියෝ දෙවියන්ගෙන් පවා නමස්‌කාර ලබති

තෘප්තිමත් විවාහ ජීවිතයකට සතුට කෙතරම්ම වැදගත්ද? අපි පසුගිය සතියේ ඒ පිළිබඳව ධර්මානුකූල අවබෝධයක්‌ ලබා ගැනීමට උත්සාහ කළෙමු. මේ එහි දෙවැනි පියවරයි. අනේපිඬු සිටුතුමාගේ පුතා විවාහ වුණේ සුජාතා නම් වූ තරුණියක සමඟයි. සුජාතා කියන්නේ ධනංජය සිටුවරයාගේ දියණියයි. ධනංජය යනු විශාඛා මහා උපාසිකාවගේ පියාණන්. ඒ අනුව විශාඛාවගේ නැඟණිය වූ සුජාතා...
Continue reading

කාම ගින්නේ නොදැවී යෞවනයේ ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන්න

බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. “යෞවන” යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්‍රහ කෙරෙනුයේ “යොබ්බනස්‌සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි. කෙසේ හෝ වේවා මනුස්‌ස ජීවිතයේ උසස්‌ තත්ත්වයක්‌...
Continue reading

මග ගැඹුරු… සෝවාන් මග

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 03 වර්තාමනයේ බෞද්ධයන් නානාප්‍රකාර පූජා විදිවලට ඇබ්බැහිවී සිටිනවා. ඇබ්බැහිවීම යන්න විවිධාකාරයෙන් අර්ථ දැක්‌විය හැකියි. මෙහිදී අදහස්‌ කරන්නේ ඇබ්බැහිවීම නරක පුරුද්දක්‌ ලෙසයි. විවිධ බෝසත් පූජා මහා මායා පූජා, දුව දුව කරණ පහන් පූජා, නව අරහාදි පූජා, බුදුගුණ පූජා, චෛත්‍ය පූජා, බෝධි පූජා ආදී විවිධ...
Continue reading

ධර්මය නිවැරදිව දකින්න

සමාජයේ යහ පැවැත්මට ධර්මය අත්‍යවශ්‍යය. සමාජගත මිනිසාගේ සංවරය ඇති කරනුයේ ධර්මය විසිනි. කෙසේ නමුත් “ධර්ම” කියන වචනය බුදුදහමේ අර්ථ දක්‌වන ආකාරයටම අන් ආගම්වල සහ දාර්ශනික මතවල අර්ථ දක්‌වන ආකාරයට සමාන වන්නේ නැහැ. “ධර්ම” යන වචනය සෑදී ඇත්තේ “ධර්ම” ධාතුවෙනි. පාලි සංස්‌කෘත හින්දු ඇතුළු පෙරදිග භාෂාවල “ධාතුව” මූලික කරගෙන...
Continue reading

සෝවාන් මග වළකන අඳුරු සෙවණැලි

බෞද්ධයන්ගේ උතුම් ප්‍රාර්ථනාව වනුයේ සියලු කෙළෙස්‌ ප්‍රහීන කොට නිර්වාණය අවබෝධ කර ගැනීමයි. නිර්වාණය අවබෝධ කර ගැනීමේ පළමු පියවර වන්නේ සෝවාන් මාර්ගඵලය ලැබීමයි. සෝවාන්වීම පිළිබඳව මේ වන විට සමාජයේ විවිධාකාර අදහස්‌ දක්‌නට ලැබේ. සමහරු සෝවාන් වූ බවට ඔවුහුම කියා ගනිති. තවත් සමහරු තමන්ට අනුන් සෝවාන් මාර්ගඵලලාභියකු කළ හැකි යෑයිද...
Continue reading