Home » පුවත් පත් ප්‍රකාශන » දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

Hegoda-vipassi-teroමහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් සඳහා අදාළ වන පරිදි වගකීමෙන් කතා කිරීමේ හා ක්‍රියාකිරීමේ පනතක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් රටේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සඳහන් කරති.

දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

ජනතාව අතර ප්‍රශ්න ඇති විය හැකි ආකාරයේ බරපතළ ප්‍රකාශ වගකීමකින් තොරව ප්‍රකාශ කිරීමට දේශපාලනඥයින් පෙළැඹී ඇති හෙයින් ගැටුම්වාදී පරිසරයක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමේ පරිසරයක් සකස් කර ගැනීමට මෙවැනි පනතක් රටට අවශ්‍ය වී ඇතැයි ද හිමියෝ සඳහන් කළහ.

යුද ජයග්‍රහණය සැමරීමක් නොකර බෙදුම්වාදයෙන් රට බේරා ගැනීමේදී මියගිය සියලු දෙනා සැමරීමක් කරනවා යැයි වත්මන් රජයේ එක්තරා ඇමැතිවරයෙක් පවසා ඇතත් ඒ ඇමැතිවරයාම පසුගිය රජයේ ඇමැතිවරයෙකුව සිටියදී රණවිරුවන් සැමරීම සම්බන්ධයෙන් උද්වේගකර ප්‍රකාශ කළ බව ද පැවැසූ හිමියන් සඳහන් කළේ රටක පාලකයා වෙනස් වූ පමණින් ඇත්ත, යුක්තිය, ධර්මය වෙනස් නොවන බවයි.

දේශපාලක පැළැන්තිය වගකීමෙන් තොරව කතා කිරීමෙන් රට අවුල් වී ප්‍රශ්න ඇතිවීම වැළැක්වීමට මෙවැනි පනතක් අවශ්‍ය යැයි එවැන්නක් සම්මත කළහොත් එතැන් සිට යමක් ප්‍රකාශ කිරීමට පෙරාතුව විමසා බැලීමක් කිරීමට දේශපාලකයින් පුහුණු වනු ඇතැයි ද හිමියෝ අවධාරණය කළහ.

2015 මැයි 20 01.30 p.m
(රන්මලී සෝමසිරි)

lakbimalogo

 

 

//www.lakbima.lk/index.php?option=com_content&view=article&id=45701:2015-05-20-08-12-30&catid=64:2012-09-10-14-02-45&Itemid=87