Home » පුවත් පත් ප්‍රකාශන » ආනිසංස බලවත් වු කඨින පිංකම

ආනිසංස බලවත් වු කඨින පිංකම

මේ චීවර මාසයයි

ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්‌. භික්‍ෂුන් වහන්සේ වස්‌ වැසීම, වස්‌ පවාරණය කිරීම යන උතුම් පිංකම් කෙරෙනුයේ මෙම කාලයේයි. ඉදිරි පුර පසළොස්‌වක පොහොයෙන් වස්‌වැසීම නිමාවට පත්වෙනු ඇත.

චීවර පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබා දෙන උතුම් පිංකමක්‌ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙනවා

චීවර පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබා දෙන උතුම් පිංකමක්‌ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙනවා

බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස ද හඳුන්වනු ලබනවා. චීවර පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබා දෙන උතුම් පිංකමක්‌ බව ශාසන ඉතිහාසයෙහි සඳහන් වෙනවා. කඨින පිංකම් ඉතිහාසය දෙස බැලීමේදී ඒ පිළිබඳව සඳහන් වන වැදගත්ම මූලාශ්‍රයන් ලෙස ත්‍රිපිටකයේ විනය පිටකයට අයත් මහාවග්ගපාලිය හඳුන්වා දිය හැකියි. වස්‌ වැසීම, වස්‌ පවාරණය කිරීම, චීවර පූජාව ආදී සෑම දෙයක්‌ම මෙම මූලාශ්‍රයේ ඇතුළත් වෙනවා.

එම මූලාශ්‍රය අනුව පැහැදිලි කරන්නේ මුල් කාලයේදී භික්‍ෂුන් වහන්සේ හේමන්ත. ගිම්හාන හා වස්‌සාන යන සෘතු තුනේම නිරතුරුව ධර්ම චාරිකාවේ යෙදුණු බවයි.

මෙම සෘතු තුනේම භික්‍ෂුන් වහන්සේ ධර්ම චාරිකාවෙහි යෙදුණ ද නිගන්ඨයන් ආදී අන්‍ය තීර්ථකයන් වස්‌සාන සෘතුවේදී එක තැනකට වී සිටියහ. නමුත් භික්‍ෂුන් වහන්සේ වස්‌සාන කාලයේදී ධර්ම චාරිකාවෙහි යෙදීම පිළිබඳව අන්‍ය තීර්ථකයෝ උන්වහන්සේලාට දෝෂාරෝපණය කිරීමට පටන් ගත් බවයි මහාවග්ගපාලියෙහි සඳහන් වන්නේ.

බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස ද හඳුන්වනු ලබනවා

බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස ද හඳුන්වනු ලබනවා

මනුස්‌සා උඡ්Cධායන්ති, ‚යන්ති, වීපාචෙන්ති “කථංහි නාම සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි, ගිම්හම්පි, වස්‌සම්පි චාරිකං චරිස්‌සන්ති. හරිතානි තිණානි සම්මද්දන්තා එකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා බහු ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා? ඉමේ හි නාම අඤaඤතිFථියා දුරක්‌ඛාතධම්මා වස්‌සාවාසං අල්ලීයිස්‌සන්ති. සංකාසයිස්‌සන්ති ඉමේ හි නාම සකුන්තකා රුක්‌ඛග්ගෙසු කුලාවකානි කරිFවා වස්‌සාවාසං අල්ලීයිස්‌සන්ති සංකාසයිස්‌සන්ති ඉමේ හිපන සමණා සක්‍යපුත්තියා හෙමන්තම්පි ගිම්හම්පි වස්‌සම්පි චාරිකං චරන්ති, හරිතානි තිණානි සම්මදන්ත,d එකින්ද්‍රියං ජීවං විහෙඨෙන්තා, බහු ඛුද්දකෙ පාණෙ සංඝාතං ආපාදෙන්තා’ති

(මහාවග්ගපාළි වස්‌සුපනායිකක්‌ඛන්ධකය)

ඉහත සූත්‍රයෙහි තේරුම මෙසේයි

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හේමන්තයේද, ගිම්හානයේද, වස්‌සානයේද නිල් තණ පාගමින් ඒක ඉන්ද්‍රීය ජීවීන් පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත්ද, මේ අන්‍ය තීර්ථ පරිබ්‍රාජකයෝ වැරදි සේ කියූ දහම් ඇත්තාහුද, වස්‌ විසීමෙහි ඇළෙත්. උත්සාහ රහිතවම නිතර එතැන වසන්නාහුය. කුරුල්ලෝ ද ගස්‌ මුදුන්හි කූඩු සාදා, වැසි කාලයේ ඒ කූඩුවලම වසන්නෝය. ගොදුරු සෙවීමේ උත්සහ නැතිව එකතැන වාසය කරන්නෝ ය. එහෙත් ශ්‍රමණ ශාක්‍ය පත්‍රයෝ හේමන්තයේද, ගිම්හානයේද. වස්‌සානයේද නිල් තණ පාගමින් ඒකේන්ද්‍රිය ජීව පෙළෙමින්, බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකා කරත් යෑයි අවමන් කරති. නින්දා කරත්. දොස්‌ කියත්.

නිගන්ඨාදී පරම අවිහිංසාවාදීන් ප්‍රකාශ කළේ නිල් පැහැ තණකොළවල ජීවයක්‌ ඇති බවයි. ඒවා ඒක ඉන්ද්‍රිය ජීවින් ලෙසයි ඔවුන් හැඳින්වූයේ. ඒ නිසා නිල් පැහැ තණකොළ පෑගීම පවක්‌ බවයි ඔවුන් ප්‍රකාශ කළේ. එසේම පාරේ ගමන් කරද්දී පණුවන් ආදී නොයෙක්‌ සතුන් මරණයට පත්වන බව ද, ඒ නිසා ඉන් ප්‍රාණඝාතය ද සිදුවන බව ද ඔවුන් ප්‍රකාශ කළහ.

මේ ආකාරයෙන් වැරදි සහගත ධර්මයන් අනුව සිතපු නිගන්ඨාදීන් භික්‍ෂුන් වහන්සේ වස්‌ හාර මාසයේදීත් ධර්ම චාරිකාවේ හැසිරෙන විට විවිධ චෝදනා එල්ල කරන්න පටන් ගත්හ. එම අවස්‌ථාවේදී බුදුරජාණන් වහන්සේ,

“අනුජානාමි භික්‌ඛවෙ වස්‌සානේ වස්‌සං උපගන්තු”

“මහණෙනි වස්‌සාන සෘතුවේ වස්‌ එළඹෙන්නට අනුදනමි”

යනුවෙන් දේශනා කළ සේක.

එදා නිගන්ඨාදී පිරිස්‌ ප්‍රකාශ කළ වැරදි ධර්ම අදහන පිරිස්‌ අදත් අප සමාජයේ සිටිනවා. පරම අවිහිංසාවාදීන් ලෙස පෙනී සිටින මෙම පිරිස්‌ වැරදි ධර්ම සමාජගත කරමින් අදත් ඇතැම් බෞද්ධ ජනතාව මුලා කරන බවත් පෙනෙනවා. කවුරුන් මොනවා දේශනා කළත් තමන්ගේ විචාරශීලී බුද්ධියෙන් ක්‍රියා කිරීමයි බෞද්ධයන්ගේ පිළිවෙත විය යුත්තේ.

කෙසේ හෝ වේවා බුදුරජාණන් වහන්සේ පැනවූ මෙම විනය නිසා වර්ෂා සෘතුවේදී භික්‍ෂුන් වහන්සේ සුදුසු ස්‌ථානයක වස්‌ වැසියහ. කුමන හේතුවක්‌ නිසාවත් ඒ කාල සීමාවේදී උන්වහන්සේ වෙනත් කිසිම ස්‌ථානයකට වැඩම කළේ නැත.

බුදුරජාණන් වහන්සේ ඡේතවනාරාමයේ වැඩ වසන කාලයේදී කොසොල් ජනපදයේ උදේන නම් උපාසක මහත්මයකු විහාරයක්‌ කරවා පිළිගන්වන්න තීරණය කළා. ඒ බව දූතයෙක්‌ මාර්ගයෙන් භික්‍ෂුන් වහන්සේට දන්වා යෑවුවා. බුදුරජාණන් වහන්සේ වස්‌සාන සෘතුවේදී සුදුසු ස්‌ථානයක වස්‌ වැඩ සිටීමට පැනවූ විනය කර්මය නිසා භික්‍ෂුන් වහන්සේ කිසිවෙක්‌ උදේන උපාසක මහතාගේ ඉල්ලීම පිළිගත්තේa නැහැ. මේ බව උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට දන්වා සිටියා. එවිට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතිකරණයෙන් එවැනි ඉල්ලීමක්‌ පිළිගැනීමට හැකි බවයි. මෙහිදී සතිකරණයෙන් යනුවෙන් අදහස්‌ කරනුයේ භික්‍ෂුන් වහන්සේ වැඩ සිටින ස්‌ථානයේ සිට එළිමහනට ගොස්‌ නැවත සත්වැනි දවසේ හිමිදිරියේ ආපසු පැමිණිය හැකි දුරක්‌ දක්‌වා වැඩම කිරීම වරදක්‌ නොවන බවයි. මෙම විනය ප්‍රඥප්තියෙන් පැහැදිලි වන්නේ විවිධ අවස්‌ථාවලදී විවිධ කරුණු නිසා වස්‌ වැසීමේ විනය කලින් කලට වෙනස්‌ වූ බවයි.

එක්‌තරා දවසක බිම්සර මහ රජතුමාගේ ඉල්ලීම පරිදි වස්‌ වසන දිනය ඉදිරියට ගත් බව මහවග්ග පාලියෙහි සඳහන් වෙනවා.

“අනුජානාමි භික්‌ඛවෙ රාජූනං අනුවත්තිතු”

(මහණෙනි, රජවරුන්ට එකඟව පවතින්නට අනුදනිමි.)

සමාධි

කඨින පිංකමේදී මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබන චීවරය අපේ බෞද්ධයන් සදාගන්නා, සපයාගන්නා ආකාරය විවිධයි.

සමහර බෞද්ධයෝ සුදු රෙදි ගෙනවිත් පඬු පොවා චීවරය සාදා ගනු ලබනවා. තවත් සමහර බෞද්ධයෝ සිවුරු රෙදි ගෙනවිත් සකස්‌ කොට කඨින පිංකම දවසේ සදාගනු ලබන චීවරය මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබනවා. ඇතැම් බෞද්ධයෝ වෙළෙඳ සලකින් මිලදී ගනු ලබන චීවරයක්‌ කඨින පිංකම අවසන් දිනයේදී මහා සංඝරත්නය වෙත පූජා කරනු ලබනවා. මේ කොයි ආකාරයෙන් චීවර පූජාව කළත් ඉන් අත්වන ආනිසංසවල අඩුවක්‌ සිදුවන්නේ නැහැ.

මුල් කාලයේදී සිවුරු පූජා කිරීමක්‌ සිදුවී නැහැ. මුල් යුගයේදී භික්‍ෂූන්a වහන්සේලා දරාගෙන සිටියේ පාංශූකූල චීවරයයි. චීවර පූජාව ආරම්භ වන්නේ ජීවක නම් වෛද්‍යවරයාගේ ඉල්ලීම අනුව බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

බුදුරජාණන් වහන්සේ වරක්‌ විරේක කරනු ලැබුවා. එහිදී තිස්‌ වතාවක්‌ විරේක වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එම අවස්‌ථාවේදී පොරවාගෙන සිටියේ පාංශුකූල චීවරයක්‌. එම චීවරය කර්කශ නිසා ජීවක වෛද්‍යවරයා චණ්‌ඩපඡ්ජොත රජුගෙන් ලැබුණු සීවෙයHක නම් වටිනා වස්‌ත්‍ර යුගළ පිළිගන්න යෑයි ඉල්ලීමක්‌ කළා. ජීවක වෛද්‍යවරයා විසින් මෙම ඉල්ලීම කරන තෙක්‌ ගෘහපති චීවරය භික්‍ෂුන් වහන්සේලාට පිළිගන්න යෑයි අනුදැන වදාරා තිබුණේ නැහැ. ජීවකගේ ඉල්ලීම මත ගෘහපති චීවරය භික්‍ෂුන්වහන්සේලාට පිළිගැනීමට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ. මෙයින් පැහැදිලි වන්නේ චීවරය සැකසීමද පිළිගැනීමද කලින් කලට වෙනස්‌ වූ ආකාරයයි.

දිනක්‌ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමඟ මගධ රටේ කුඹුරු යායක්‌ මත්තෙන් වඩිමින් සිටිනවා. එවිට බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරන්නේ කුඹුරේ ළියෑදි අනුව චීවරය සකසා ගත යුතු බවයි. මහාවග්ග පාලියේ චීවරක්‌ ඛුද්දකයේ මේ බව සඳහන් වෙනවා.

අද්දසා ඛො භගවා මගධක්‌ඛෙත්තං අච්චිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධං දිස්‌වාන ආයස්‌මන්තං ආනන්දං ආමන්තෙසි” පස්‌සසි නො Fවං ආනන්ද මගධක්‌ඛෙත්තං අච්චිබද්ධං පාලිබද්ධං මරියාදබද්ධං සිංඝාටකබද්ධන්ති එවං භන්තේති. උස්‌සහසි Fවං ආනන්ද භික්‌ඛුනං එවරූපානි

චීවරානි සංවිදහිතු “නති” (මහාවග්ගපාලි – චීවරක්‌ඛත්ධCH)

ආනන්ද හිමියනි සතරැස්‌ ලියෑදි බැන්දාවූ දිගින් හා පළලින් බැඳි මහනියර ඇත්aතාවූ අතරතුර බැඳි කුඩා නියර ඇත්තා වූ බඳින ලද හතර හන්දි ඇත්තා වූ මගධ කුඹුර දුටුවේද? එසේය. ආනන්ද හිමියනි මෙබඳු සිවුරු මසන්නට උත්සාහ කරන්න.

භික්‍ෂුන් වහන්සේලා මුල් යුගයේදී තුන් සිවුරින් වැඩ වාසය කළහ.

සංඝාටිය (දෙපට සිවුර) උත්තර සංඝ (තනිපට සිවුර), සහ අන්තරාවාස (අදන සිවුර) යන එම තැන් සිවුරයි.

මේ තුන් සිවුර හැර වෙනත් සිවුරක්‌ මුල් යුගයේදී අනුදැන වදාළ තිබුණේ නැහැ. පාෙව්‍යයක භික්‍ෂුන් වහන්සේලා තෙත බරිත සිවුරින් යුක්‌තව වැඩ වාසය කළහ. මෙම තත්ත්වය හමුවේ වස්‌ වසන භික්‍ෂුවකට අතිරේක සිවුරක්‌ පාවිච්චි කළ හැකි බව බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළහ.

නූතනයේ කඨින පූජාව සම්බන්ධයෙන් වූ පුද පූජා විධීන් එදා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී තිබුණේ නැහැ. කාලානුරූපීව කඨින පිංකමට, චීවර පූජාවට විවිධ ශාසනික සම්ප්‍රදායන් එකතුවෙලා තියෙනවා.

කඨින පූජාව කියන්නේ මහත්ඵල මහත් ආනිසංස ලබාදෙන පිංකමක්‌. කඨින පිංකමෙන් එවැනි ආනිසංස ලැබෙන්නේ කෙසේද? ඒ ගැනත් විමසා බලමු.

කඨ§නය යනු සිවුරක්‌ නිමිති කොට පණවා ගත් විනය ප්‍රඥප්ති මාලාවක්‌. ව්‍යවහාරික නැතහොත් සම්මුති වශයෙන්.

මෙය සිවුරක්‌ වුවත් පරමාර්ථ වශයෙන් මෙහි ඇත්තේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වණ්‌ණ, ගන්ධ, රස, ඔජා යන ශුද්ධාෂ්ටක ධර්මයි. කඨ§න චීවරය පමණක්‌ නොව වෙනත් සිවුරක්‌ පූජා කළත් මේ ආදී වශයෙන් පරමාර්ථය වශයෙන් කල්පනා කළ හැකියි. කෙසේ වුවත් කඨ§න චීවර පූජාව පිළිබඳ චිරප්‍රසිද්ධ ආනිසංස කතා වස්‌තුව අපදානහලියේ අන්තර්ගත නාගිත හාමුදුරුවන්ගේ කතාවයි. මෙහිදී ඒ පිළිබඳ දිගින් දිගට කරුණු ඉදිරිපත් කිරීම අනවශ්‍යයි.

කඨ§න පිංකමක ආනිසංස බලවත් වනුයේ ඒ පිළිබඳ දායක පිරිසගේ වැඩි අවධානය නිසාය. ශාසනික වශයෙන් වෙනත් පිංකමක්‌ කරනවාට වඩා වැඩි සූදානමකින් මෙන්ම දැඩි අවධානයකින් කඨ§න පිංකම සිදුකරනවා. එමනිසා එම ප්‍රස්‌තුතය පෘථග්ජන සිතේ රැව් පිළිරව් දීමේ ප්‍රවණතාව වැඩියි. ටීකාවේ සඳහන් වෙන්නේ කඨ§න පිංකමක්‌ සිදුකරන දායකකාරකාදීන්ගේ සිතේ ඒ පිළිබඳ වැඩි වාර ගණනක්‌ රැඳී තිබෙන නිසා ආනිසංස බලවත් වන බවයි. කෙසේ වුවත් යම්කිසි පුද්ගලයෙකු පංච ආනන්තරීය කර්මයක්‌ සිදුකොට තිබේ නම් ඔහු මැරෙන මොහොතේ ඔහුගේ චුතු චිත්තයට අනිවාර්යයෙන්ම එම පාපකර්මය සිහිපත් වෙනවා. ඒ අනුව අපාගත වෙනවා. එය කුසල කර්මයකින් මග හරවා ගන්නට බැහැ. සමහර විටෙක කඨ§න පිංකමක්‌ කළ පුද්ගලයෙකු පංච ආනන්තරීය පාප කර්මයක්‌ සිදුනොකට වෙනත් අකුශලයක්‌ සිදුකොට ඇත්නම් ඇතැම් විටෙක එය යටපත් කොට කඨ§න පිංකම සිහිපත් විය හැකියි. මෙයත් අපට ස්‌ථිරවම කිව නොහැකියි. කෙසේ වුවත් කඨ§න පිංකම් කළ අය තමා සෑම මොහොතකම පාහේ අත්තාධිපෙත්‍යය වශයෙන් සලකා බලමින් කුශල කර්ම සිදුකරනවා. තමා උතුම් පිංකමක්‌ කළේ යෑයි සිතමින් සතුටු වෙමින් තව තවත් කුශල ප්‍රවණතා මතම සිටිනවා. ඒ නිසායි කඨ§න පිංකමේ මෙතරම් ආනිසංස ඇතැයි කියන්නේ. කෙසේ වුවත් කඨ§න පිංකම් උභය සංවත්තනික කුශල කර්ම උඩ යම්කිසි කුශලයක්‌ ගිහි පැවිදි දෙපක්‍ෂයටම හෝ තම තමන්ටත් අනුන්ටත් යන දෙපක්‍ෂයටම හෝ හිත වැඩ පිණිස පවතී නම් එය උභය සංවත්තනික කුශල කර්මය කියනවා.

ඇත්ත වශයෙන්ම අප කරන පිංකම් සිත පිරිසිදුවම කරන්නට ඕනෑ. එසේ නොවුවහොත් නරක විපාක ගෙන දෙන්න පුළුවන්. පේතවFථුවේ සඳහන් කතාවක්‌ අප උපුටා දක්‌වන්නේ පිංකම් කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් සිදුකළ යුතු බව පෙන්වීමටයි.

දිව්‍ය මනුෂ්‍ය ලොකෛකශාස්‌තෘ වූ තථාගතයන් වහන්සේ සැවැත්නුවර වැඩ වසන කල් හී එක්‌තරා පේශකාර ප්‍රේතියකු අරබයා මේ ප්‍රේතවස්‌තුව වදාළසේක. දොළොස්‌ නමක්‌ පමණ වූ භික්‍ෂූන්වහන්සේලා වනාහි බුදුන් සමීපයෙන් කමටහන් ගෙන වාසයට තැනක්‌ සොයමින් වස්‌ වසන කාලය ළඟා වූ කල්හි සිහිල් සෙවණින් හා ජලයෙන් යුක්‌ත වූ සිත්කලු වූ එක්‌තරා ආරණ්‍යයක්‌ හා ඊට ම ඉතා නුදුරු වූ ඉතා ලංනුවු ගොදුරුගම ද දැක ඒ අරණ්‍යයෙහි එක රැයක්‌ වාසය කොට දෙවෙනි දිනයෙහි ගමට පිඬු පිණිස වැඩියාහුය. ඒ ගම ද පේශකර්මය කරන්නා වූ එකොළොස්‌ දෙනෙක්‌ වාසය කොට ඒ භිෂූන් දැක උපන් සොම්නස්‌ ඇතිව තම තමාගේ ගෙට වැඩමවා ගෙනගොස්‌ ප්‍රණීත ආහාරයෙන් වළඳවා “ස්‌වාමීනි ඔබ වහන්සේලා කොතන්හි වඩිනා සේක්‌ දැයි” ඇසුවාහුය. එවිට “උන්වහන්සේලා අපට යම් තැනක පහසුනම් එතනට යන්නේමුය” යි කීහ. “ස්‌වාමීනී එසේ වී නම් මෙහිම වාසය කටයුකුය” යි කියා වස්‌ විසීමට ආරාධනා කළෝය. භික්‍ෂූන්වහන්සේලා ඒ ආරාධනාව පිළිගත්හ. උපාසකවරු ඒ භීක්‍ෂූන්ට ඒ අරණ්‍යයෙහි ආවාස කරවා දුන්නෝය. භික්‍ෂූන් වහන්සේලා දෙනමකට සිව්පසයෙන් සකස්‌කොට උපස්‌ථානය කළේය. අනික්‌ පේශකාරයෝ එක එක භික්‍ෂු නමකට උපස්‌ථාන කළාහුය. ජ්‍යෙෂ්ඨ පේශකාරයාගේ භාර්යයා තෝමෝ ශ්‍රද්ධා නැත්තීය, තුණුරුවන් කෙරෙහි ප්‍රසාද නැත්තීය, මිත්ථ්‍යා දෘෂ්ටි ඇත්තීය. මසුරු සිත් ඇත්තීය. ඒ පේශකාරතෙම එය දැක ඇගේම බාල නැඟණියන් ගෙනැවිත් තමන්ගේ ගෙයි ඓශ්වයර්යය බාර දුන්නේය. ඈ ශ්‍රද්ධා සම්පන්නව සකස්‌ව භික්‍ෂූන් පෝෂණය කළේය. ඒ සියලු ම පේශකාරයාගේ වස්‌වැස පැවරූ භික්‍ෂූන් එක එක නමට එක එක සළුව බැගින් දුන්නාහුය. එහිදී මසුරු සිත් ඇති පළමුවැනි පේශකාරයාගේ බිරින්ද දුෂ්‍ය වූ සිත් ඇතිව තමාගේ හිමියාහට පරිභව කළේය. “නුඹ විසින් ශ්‍රමය ශාක්‍ය පුත්‍රයන්ට යම් ආහාර පාන දානයක්‌ දෙන ලද්දේ ද ඒ දානය නුඹට පරලොවදී මලමුත්‍රවද සැරව හා ලේ ද වී පහළ වේවා. වස්‌ත්‍ර දිලිසෙන අයෝමය වස්‌ත්‍ර වෙත්වා” යි කීයේය. ඒ ගම විසූ ජෙෂ්ඨ පේශකාරයා පසු කලෙක කළුරිය කොට වින්ධ්‍ය පර්වතස්‌ථ වනයෙහි ආනුභාව සම්පන්න රුක්‌ දෙවියෙක්‌ ව උපන්නේය. ඒ ප්‍රධාන පේශකාරයාගේ මසුරු වූ භාර්යාව වනාහි කළුරිය කොට ඒ රුක්‌දෙවියා වසන තැනට නුදුරු තන්හී පෙA්‍රත දුවක්‌ව උපන්නේය. ඒ ප්‍රේතිය නග්නව දුර්වර්ණව සාපිපාසයෙන් වඩනා ලදුව ඒ බුමාටු දෙවියන් ළඟට ගොස්‌ “ස්‌වාමිය, මම වස්‌ත්‍ර නැතිව බලවත් ක්‍ෂුධා පිපාසයෙන් මඩනාලදුව ඇවිදිමි, මට වස්‌ත්‍ර හා ආහාර පානත් දුන මැනවයි” කීය. එවිට ඒ දෙවිතෙම ඒ ප්‍රේතියට දිව්‍ය ආහාරපාන දුන්නේ ය. ඒ ආහාර පාන වර්ග ඒ ප්‍රේතිය විසින් ගත් අසිල්ලෙහිම මළ මුත්‍ර බවට හා පූයා ලේ බවටත් පැමිණෙත්, දෙනලද සළුවද ඈ විසින් වැළඳ ගත් කළ දිලිසෙන යපට වෙයි. ඒ ප්‍රේතිය මහත් දුක්‌ විඳිමින් ඒ වස්‌ත්‍රය හැර දමා හඬමින් ඇවිදින්නේය.

ඒ සමයෙහි එක්‌තරා භික්‍ෂූනමක්‌ වස්‌ වැස නිමවා බුදුන් වැඳීමට යන්නේ මහත් ගැල් සමූහයත් සමඟ වින්ධ්‍යා වනයට පැමිණියේය. ගැල්පදින්නෝ රාත්‍රියෙහි මඟගෙවා ගොස්‌ දවල් කාලයේ දැක ගැල් මුදා මදක්‌ කල් ගිමන් හැරයාහුය. ඒ භික්‍ෂුව වනාහි විවේක කැමැති බැවින් මදක්‌ ඉවත් ව සිහිල් සෙවනින් යුත් වනලැබැබින් වැසුනා වූ එක්‌තරා රුකක්‌ මුල සඟල සිවුර පලනවාහුන්නේ රාත්‍රියෙහි මඟ ගමන් විඩාවෙන් කලාන්ත ශරීර ඇත්තේ නින්දට පැමිණියේය.ගැල් පදවන්නෝ විඩාසන්ඳුවාගෙන මඟට පිලිපන්හ. ඒ භික්‍ෂූ තෙමනොපිබිදියේ ය. පසුව සවස්‌ කාලයෙහි නැඟී සිට ගැල් පදවන්නන් නොදක්‌නේ එක්‌තරා නොමඟකට බැස පිළිවෙළින් ඒ දෙවියා වසන තැනට පැමිණියේය. එකල්හි ඒ දිව්‍ය පුත්‍රතෙම ඒ මහණුන්නාන්සේ දැක මනුෂ්‍ය ස්‌වරූපයෙන් ළඟට පැමිණ පිළිසඳර කථාකොට තම විමනට වැඩමවා ගෙන පයගානා අඳුන් ආදිය දී ලංව හුන්නේය. එකල්හිදු ඒ ප්‍රේතිය ඇවිත් ” ස්‌වාමීනි, මට ආහාර පාන හා වස්‌ත්‍ර දුන මැනව” යි කීය. හ් දිව්‍ය පුත්‍රතෙම ඈට ඒ ආහාර පානාදිය දුන්නේය. ඒවා ඈ ගත් ඇසිල්ලකින් ම මල මුත්‍ර පූයා ලේද දිලිසෙන අයෝමය වස්‌ත්‍ර ද වූවාහුය. ඒ භික්‍ෂුව එය දැක උපන් සංවේග ඇතිව ඒ දිව්‍ය පුත්‍රයාගෙන් විචාරන්නේ .

“පින්වත් දිව්‍ය පුත්‍රය, මේ ස්‌ත්‍රී තොමෝ අසූචි හා මුත්‍ර ද ලේ හා සැරවද අනුභව කරයි. මේ කවර කර්මයක්‌හුගේ විපාකයෙක්‌ ද, යම් බදු ප්‍රේතියක්‌ තොමෝ සෑමකල්හි ලේ හා සැරව අනුභව කරන්නී ද ඔතොමෝ පෙර කිනම් අකුසල කර්මයක්‌ කළේද”

මෑට දෙන ලද යහපත් වූ මෘදු වූ ද පිරිසිදු පැහැ ඇත්තා වූ ද සුඛස්‌පර්ශ වූ ද අලුත් වස්‌ත්‍ර යපට සමාන වෙත් එසේ වීමට මේ ස්‌ත්‍රිය කිනම් අකුශල කර්මයක්‌ පෙර කළේ දැයි කියා ගාථා දෙකකින් විචාළේය. මෙසේ ඒ භික්‍ෂූහු විසින් විචාරණ ලද්දා වූ ඒ දෙව්පුත් තෙම හ් ප්‍රේතිය විසින් පූර්වජාතියෙහි කරන ලද කර්මය ප්‍රකාශ කරමින් ගාථා දෙකක්‌ කීයේය.

ස්‌වාමීනි මෝ තොමෝ කිසිවකුට කිසිවක්‌ නොදෙන සුලුවූ මසුරු වූ තද මසුරු සිත් ඇති පෙර මාගේ භාර්යාය විය. ඕ තොමෝ මහණ බමුණන්ට දන් දෙන්නා වූ මට අක්‍රෝශ කරයි. පරිභව බෙණෙයි.

මේ දුන් දානය නුඹට පරලොව දී මල මුත්‍ර ද ලේ හා සැරව ද වේවා. දුන් පිළි පරලොව දී නුඹට ලොහවස්‌ත්‍ර සදාශ වෙත්වා, නුඹ සෑම කල්හි අසූචි අනුභව කරවයි කියා මෙබදු වූ වාක්‌ දුශ්චරිතාදිය කොට මේ ප්‍රේතාත්මභාවයට පැමිණියා. බොහෝ කාලයක්‌ මුළුල්ලෙහි අසූචි ආදියම අනුභව කෙරෙයි.

යම් අන්දමකින් ඇගේ අමනාපාකාරයෙන්ම පවත්නා වූ විපාකය වනාහි යම් දානයක්‌ උදෙසා අමනාපවී ද, ඒ අමනාපවීම් හේතුවෙන් ඒ අත් බැවින් චුතව අන් තැනක උපන් කල්හි පොළොව මතු පිට හෙන වැටීම මෙන් තම මතුයෙහි වටෙයි.. මෙසේ ඒ දිව්‍ය පුත්‍රයා ඈ විසින් පෙර කරන ලද කර්මය කියා නැවත ඒ හික්‍ෂුහුගෙන් “ස්‌වාමීනී මෑ ප්‍රේතලොකයෙන් මිදවීමට යම්කිසි උපායක්‌ ඇත්තේ දැයි විචාලේය. භික්‍ෂූන් වහන්සේ විසින් මිදවීමට උපායක්‌ ඇත්තේ එයය කීකල් හි “ස්‌වාමීනී එය කියනු මැනව” යි දෙවිපුත් අයෑදියෙන් “ඉදින් භාග්‍යවතුන් වහස්‌සේට හෝ ආයර්ය සවඝයාට හෝ එක භික්‍ෂු නමකට හෝ දන් දී මෑට අනුමෝදන් කරවනු ලැබේ නම් මේ ප්‍රේතියත් අනුමෝදන් වී නම් එසේ ඇති වූ කල්හි මේ ප්‍රේත දුකින් මැගේ මිදීම වන්නේ ය” යි වදාරන ලදී. එබස්‌ අසා දෙවිපුත් තෙමේ ඒ භික්‍ෂුන් වහන්සේට ප්‍රණීත වූ ආහාර පාන වර්ග දන්දී ඒ දානය ඒ ප්‍රේතියට දුන්නේය. එකෙණෙහිම ඒ ප්‍රේතිය සුවපත් වූවා. පිනාගිය ඉඳුරන් ඇතිව දිව්‍යහාරයෙන් සතුටු විය. නැවත ඒ භික්‍ෂූන් වහන්සේගේ ම අතට දිවසළු දෙකක්‌ බුද්ධ පූජාව උදෙසා දී ඒ දක්‍ෂිණාව ද ප්‍රේතියට දුනි. ඒ ක්‍ෂෙණයෙහි ඕතොමෝ දිව්‍ය වස්‌ත්‍ර හැඳ දිව්‍යාලංකාරයෙන් සැරසුණා වූ සකල කාමසම්පත්තියෙන් සමෘධි වූ දිව්‍යාප්සරාවක්‌ සමාන විය. ඒ භික්‍ෂු තෙම ද ඒ දිව්‍ය පුත්‍රයාගේ සන්ධියෙන් සැවැත්නුවරට පැමිණ ජෙතවනාරාමයට වැඩ බුදුන් සමීපයට එළඹ වැද ඒ වස්‌ත්‍ර යුග්මය පූජා කොට එපවත් බුදුරජාණන්ට සැල කළේය. භාග්‍යවතුන් වහන්සේ ද ඒ කාරණය අෙFථාත්පත්ති කොට පැමිණි පිරිසට ධර්ම දේශනා කළ සේක. ඒ ධර්ම දේශනාව මහජනයාට සාර්ථක විය.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ