Home » වටිනා ධර්ම කරුණු » සංඝයා භේද කිරීම අපායේ උපදින බරපතල අකුසලයකි

සංඝයා භේද කිරීම අපායේ උපදින බරපතල අකුසලයකි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 33

සෝතාපන්න ආර්යයන් නැතහොත් සෝවාන් මාර්ග පල ලාභී උතුමාගේ ස්‌වභාවයන් පිළිබඳ ලොකු කුඩා සෑම බෞද්ධයකු අතර ප්‍රචලිත සුත්ත නිපාතයේ ඇතුළත් රතන සූත්‍රයේ මෙසේ සඳහන් වේ.

සහාවස්‌ස දස්‌සන සම්පදාය

නයස්‌සු ධම්මා ජහිතා භවන්ති

සත්තාය දිට්‌ඨි විචිකිච්äන්ඤ්ච

සීලබ්බනං වාපි යදන්ටි නිඤ්චි

චතූභපායෙහි ච විප්පමුත්තො

ඡවාබිඨානානි අහබ්බො කාතුං

ඉදම්පි සංඝෙ රතනං පණීතං

එතෙන සච්චෙන සුවත්ථි හොතූ”

සංඝ භේදයට උත්සාහ කරන බව බුදු රජාණන් වහන්සේ දැන දෙව්දත් තෙරුන් කැඳවා සංඝ භේදයට උත්සාහ නොකරන ලෙස, අපායේ උපදින මහත් බරපතළ අකුසලයක්‌ බව පෙන්වාදුන් සේක

සංඝ භේදයට උත්සාහ කරන බව බුදු රජාණන් වහන්සේ දැන දෙව්දත් තෙරුන් කැඳවා සංඝ භේදයට උත්සාහ නොකරන ලෙස, අපායේ උපදින මහත් බරපතළ අකුසලයක්‌ බව පෙන්වාදුන් සේක

මේ ගාථාවෙන් සෝවාන් වූ තැනැත්තාගේ සක්‌කාය දිට්‌ඨි ආදී සංයෝජනා තුන නැති වන බවත් නරක, තිරිසන්, ප්‍රේත, අසුර අපායෙන් මිදෙන බවත් ප්‍රකාශ වේ. එසේම එම තැනැත්තාගේ පාප නම් සයක්‌ සිදු නොවේ. මෙහි ඡචාහි ඨානාති අහබ්බෝ නාතුං යන පාඨයේ සඳහන් පාප කර්ම සය කුමක්‌දැයි අවබෝධ කිරීම පිණිස අංගුත්තර නිකායේ ඒතක නිපාතයේ අට්‌ඨාන පාළිය උපකාර වේ. එනම්

අට්‌ඨාන මෙතං භික්‌ඛවෙ අගවනාසො, යං දිට්‌ඨි සම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය, රතනං ඨානං විඡ්ජති ඨානඤ්ච ඛො එතං භික්‌ඛවෙ විඡ්ජති, යං පුථුඡ්ජනො මාතරං ජීවිතා වොරොපෙය, ඔනාමෙතං විඡ්ජති.

දිට්‌ඨි සම්පන්න හෙවත් සෝවාන් පුද්ගලයා මම මරන්නේය යන කරුණ කිසිසේත් සිදු නොවන්නේය. ඊට හේතුද නැත. අවකාශ ද නැත. මේ පාඨය අප උපුටා දැක්‌වූයේ අට්‌ඨාන පාලියේ නොකොටයුතු සය වැදැරුම් කරුණ පෙන්වන හැටි තේරුම් ගැනීමටයි.

ඒ අනුව කෙටියෙන් මෙසේ දක්‌වමු.

  1. මව මැරීම,
  2. පියා මැරීම,
  3. රහතුන් මැරීම,
  4. දූෂිත සිතින් බුදු සිරුරේ ලේ සෙලවීම,
  5. සංඝ භේදය,
  6. වෙනත් ශාස්‌තෘවරයකු කරා යැම යි.

මේ කරුණු සය සෝවාන් මාර්ගබල ලාභියකුගෙන් සිදු නොවේ. මෙහිදී ඔබ සෝවාන් තැනැත්තකු වෙනත් ප්‍රාණඝාතාදියක්‌ කරන්නේ යෑයි වරදවා තේරුම්ගත යුතු නොවේ. ඒ පිළිබඳ අරියනන්න ශීල විග්‍රහයේ දී පැහැදිළි කොට ඇත.

ඉහත කරුණු හයෙන් සයවැනි කරුණ හැර සෙසු පහ ආනන්තරිය පාප කර්ම වශයෙන් ප්‍රචලිතයි. ඒ පිළිබඳ මහාවග්ග පාලි මහා ඛන්ධකයෙ මඡ්ධිම නිකායෙ බහු ධාතුක ….. තවත් තැන් වලත් සඳහන් ය. අපගේ සාකච්ඡාව යොමු වන්නේ සංඝ භේදය පිළිබඳව යි.

මුලින්ම අප ආනන්තරීය යන වචනය පිළිබඳ දළ අවබෝධයක්‌ ලබාගත යුතුයි. අනතුරුව ආත්ම භාවයේ විපාක දෙන යන අදහස එහි තිබේ. න අනන්තර යන පදයෙන් සෑදුන ආනන්තරිය යන පදය තද්ධිතයකි. ආනන්තර ශබ්දයට ඉතා ප්‍රත්‍යය ය එකතු වී ආනන්තරිය යන අනේකාර්ථ තද්ධිත පදය සෑදී ඇත. මව මැරීම, පියා මැරීම ආදී අකුසල කර්මයන් යමෙක්‌ සිදුකොට ඇත්නම් තම බරපතළ අකුසලය හෝ අකුසල් කළ පුද්ගලයා මරණින් මතු අපායගාමී වේ. අප කලින් පෙන්වා දුන් පරිදි අනතුරුව ආත්ම භාවයේ විපාක දීම යනු එයයි.

රතන සූත්‍රයේ “සමාධිමානන් තරිකඤ්ඤබාහු” යන තැන ආනන්තරික සමාධිය වශයෙන් හඳුන්වන්නේ මාර්ග සිතට හා ඵල සිතට අතරක්‌ නැත යන්නය. ඒ නිසා මාර්ග උපදින විට ඵල සිතද උපදී. මෙසේ අතරක්‌ නැතිව ඵල සිත උපදින නිසා මාර්ග සිතක්‌ උපදින සමාධිය ආනන්තරික සමාධිය යි. එය සෝවාන් මාර්ග සිත හා සකදාගාමී මාර්ග සිත හා ඵල සිත යන සිව් තැනේම යෙදේ.

කර්ම විභාගයේදී කර්මය විපාක දෙන කාල වශයෙන් සතර ආකාරයක්‌ දක්‌වා තිබේ. එය නම් දිට්‌ඨ ධම්මවේදනීය කර්ම, උප පඡ්ජවේදනීය කර්ම, අපරාපරිය වේදනීය කර්ම, අහෝසි කර්ම වේ. පඤ්චානන්තරිය පාප කර්ම උපපඡ්ජවේදනීය කර්ම ගණයට වැටෙයි. අනතුරුව ආත්ම භාවයේ විපාක දීම ඊට හේතුවයි. එහෙත් මේවා අහෝසි කර්ම නොවන බව සැලකිය යුතුයි. ආනන්තරිය කර්ම අකුසල පක්‍ෂයෙහි පස්‌ වැදැරුම් වශයෙන්ද කුසල පක්‍ෂයෙහි අෂ්ඨ සමාපත්ති වශයෙන් ද වේ.

සංඝභේද ආනන්තරිය පාපකර්ම මෙවර සාකච්ඡාවේ තේමාව වේ. බුදුසසුනේ මෙම පාප බරපතළ පාපකර්ම කිරීමට මුල් වූ පුද්ගලයා දේවදත්ත හාමුදුරුවෝ. උන්වහන්සේ පිළිබඳ ත්‍රිපිටකයේ විවිධ සූත්‍රවල කරුණු සඳහන් වෙයි. ඇත්ත වශයෙන්ම දෙව්දත් තෙර චරිතය පිළිබඳවම සාකච්ඡාවක්‌ යම් කිසි අවස්‌ථාවක කිරීම සුදුසුයි කියා හැඟෙයි. කෙසේ වුවත් චුල්ලවග්ග පාලියේ සඳහන් වන පරිදිත් තවත් තැන්වල සඳහන් වන පරිදිත් හෙතෙම ගැන කරුණු කිහිපයක්‌ දැක්‌වීම වැදගත්. මෙහි දී අප කරුණු දක්‌වන්නේ ආනන්තරිය පාපකර්ම දෙකක්‌ම කළ දෙව්දත් තෙර ගැන චුල්ලවග්ග පාලියේ සඳහන් කරුණු මුල් කොටයි.

දේවදත්ත කුමාරයා සුප්‍රබුද්ධ රජුගේ පුතාය. සිදුහත් කුමාරයා විවාහ වූ බිම්බා දේවිය හෙවත් යසෝදරා දේවිය එම රජතුමාගේ දියණියයි. ගිහි සබඳතා අනුව දෙව්දත් බුදුරජාණන් වහන්සේගේ මස්‌සිනාය. භද්ධිය, අනුරුද්ධ, ආනන්ද, භගු, කිම්බිල, දේවදත්ත යන ක්‍ෂත්‍රිය කුමාරවරු පැවිදි වූහ. දෙව්දත්තෙර නොබෝ දවසකින් සෘද්ධිලාභී විය. සැදැහවත් වූ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට නිරන්තරයෙන් ගරු සත්කාර දක්‌වති. බුදුරජාණන් වහන්සේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේලා බොහෝ අවස්‌ථාවල පැසසුමට ලක්‌ කරන සේක. මෙයින් කෝපයට පත් දෙව්දත් තෙර මටත් පුද සත්කාර කරන පිරිසක්‌ ඇතිකර ගත යුතුයි සිතුවේය. ඒ සඳහා බිම්බිසාර රජුගේ පුත් අජාසත් කුමරු උපයෝගී කරගත යුතුයි සිතා සෘද්ධියෙන් කුමාර වේශයක්‌ මවා නයි හතර දෙනකු අත්පා සතරෙහිද, එකෙක්‌ බෙල්ල වටාද ඔතාගෙන අජාසත් කුමරුගේ උකුලෙහි පහළ විය. එවිට අජාසත් කුමරු බියට පත්ව ගෑගසා නැගිට්‌ටේය. එවිට බිය නොවන ලෙසත් තමා දේවදත්ත හාමුදුරුවන් බවත් කීවේය. කුමර වේශය හැරවා භික්‍ෂු වේශයෙන් කුමරු අබියස පෙනී සිටියේය. මින් උද්දාමයට පත් අජාසත් කුමරු රිය පන්සීයකින් ආහාරපානාදිය රැගෙන උදේ සවස දෙව්දත් තෙරගේ උපස්‌ථානයට යයි. මෙසේ නිරන්තරයෙන් ලාභ කීර්ති ප්‍රශංසා ඔහුට ලැබෙන්නේය. එක්‌තරා දවසක්‌ තම පියා වන බිම්බිසාර රජු මරා රජ වන ලෙසත් බුදුන් මරා මම බුදු වන බවත් ප්‍රකාශ කළේය. කෙසේ වුවත් අජාසත් පිය රජු මරා රජවිය. දෙව්දතුන් විවිධ උපක්‍රමයන් යෙදුවත් බුදුරජාණන් වහන්සේ ඝාතනය කරන්නට නොහැකි විය. මේ නිසා භික්‍ෂුන් පහදවා ගනිමින් බලය අල්ලන්නට ඕනෑ යෑයි සිතුවේය. වරක්‌ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලීමක්‌ කරයි. එනම්,

ජින්නොදානි භන්තෙ භගවා බුද්ධො මහල්ලතො අද්ධගතො වයො අනුප්පත්නො අප්පොසසුන්තො දානි භන්තෙ භගවා දිට්‌ඨ ධම්මසුඛවිහාරං අනුයුත්තො විහරතු මමං භික්‌ඛුසංඝං නිස්‌සඡ්ජතු අහං භික්‌ඛුසංඝං පරිහරිස්‌සාමි ති.

ස්‌වාමීනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ දැන් මහලුය. අන්තිම වයසේ සිටින්නේය. කටයුතු කිරීමේ උත්සාහයක්‌ද නැත. එනිසා භාග්‍යවතුන් වහන්සේ පලසමාපත්ති සුවයෙන් වාසය කරන සේක්‌වා. මම මේ භික්‍ෂු සංඝයා පාලනය කරමි. මම එය කළ හැකිය. මට භික්‍ෂු සංඝයා පවරා දෙනු මැන. බුදුරජාණන් වහන්සේ එය ප්‍රතික්‍ෂේප කළ සේක. මේ නිසා කලකිරීමට පත් දෙව්දත් තෙර කෝකාලික තෙරුන් සමඟ එක්‌ව සංඝයා බිඳින්නෙමු. ආඥ භේදය කරන්නෙමු යි කතිකා කළේය. මෙය සාර්ථක නොවන බව කෝකාලික තෙරුන් ප්‍රකාශ කළත් ඊට එකඟ නොවීය. එම නිසා බුදුරජාණන් වහන්සේ නොයෙක්‌ කරුණු වලින් අල්පේච්ඡ ගුණයේ යථාලාභ සන්තෝෂයේ සල්ලේත ගුණයේ ධුත ගුණයේ ආයු දුටුවන් පහළවන පැවැත්මේ ගුණ වදාරණ සුළුය. එනිසා ඒ ගුණයන්ට සැසඳෙන පරිදි වර පහක්‌ ඉල්ලීය, ඒවා නම්

1. භික්‍ෂුන් ආරඤ්ඤවාසී විය යුතුයි.

2. භික්‍ෂුන් දිවි හිමියෙන් පිණ්‌ඩපාතික විය යුතුයි.

3. භික්‍ෂුන් දිවි හිමියෙන් පාංශකූලික විය යුතුයි.

4. භික්‍ෂුන් දිවි හිමියෙන් වෘක්‍ෂ මූලික විය යුතුයි.

5. භික්‍ෂුන් දිවි හිමියෙන් දිය මස්‌ ගොඩ මස්‌ වැළඳීමෙන් වැළකිය යුතුයි යන්නයි.

බුදුරජාණන් වහන්සේ මෙය පිළිනොගන්නේ නම් අපි මේවා ජනයාට කියමු. බුදුරජාණන් වහන්සේ මේ වර පහද ප්‍රතික්‍ෂේප කළ සේක. මේ නිසා දෙව්දත් තෙරුන් භාග්‍යවතුන් වහන්සේ මේ පඤ්ච වස්‌තූන් අනුදැන වදාලේ නැතැයි ඔදවැඩි සිතින් පිරිස සමඟ රජගහ නුවරට ගියේය. කෙසේ වුවත් සංඝ භේදයට උත්සාහ කරන බව බුදු රජාණන් වහන්සේ දැන දෙව්දත් තෙරුන් කැඳවා සංඝ භේදයට උත්සාහ නොකරන ලෙස, අපායේ උපදින මහත් බරපතළ අකුසලයක්‌ බව පෙන්වාදුන් සේක. කෙටියෙන් අප මේ පැහැදිලි කළේ සංඝ භේදයට හේතු වූ කරුණු කිහිපයක්‌ය. සංඝභේදයට කලින් සංඝරජි වේ. සංඝරාජි වීම යනු කුමක්‌ දැයි චුල්ලවග්ග පාලියේ සංඝභේදකක්‌ඛන්ධතයේ සඳහන් වන පරිදි මෙහි දැක්‌වේ.

උපාලි ධර්මවාදී එක්‌ පක්‍ෂයකින් එකෙක්‌ වෙයි ද, අධර්මවාදී පක්‍ෂයෙකින් දෙදෙනෙක්‌ වෙත් ද සතර වැන්නෙක්‌ මෙය ධර්මය යෑ මෙය විනය යෑ, මෙය ශාස්‌තෘශාසනය යෑ, මෙය පිළිගනිමු. මෙයට සතුටු වවු (මෙයට රිසි කරවු) යෑ යි අනුශ්‍රාවණය (අනුනට ඇස්‌වීම) කෙරේද, සලකා ගන්නවාද, උපාලි මෙසේම සංඝරාජීය වෙයි. එහෙත් සංඝභේදය නොවෙයි.

උපාලි ධර්මවාදී එක්‌ පක්‍ෂයෙකින් දෙදෙනෙක්‌ වෙත් ද? අධර්ම වාදී එක්‌ පක්‍ෂයකින් දෙදෙනෙක්‌ වෙත් ද, පස්‌ වැන්නෙක්‌ (අධමර්වාදීව වැ) මේ ධර්ම යෑ, මේ විනය යෑ, මේ ශාස්‌තෘශාසන යෑ, මෙය ගනිවු. මෙය රිසි කරවු යෑයි. අනුශ්‍රාවණය කෙරෙහිද, සලාකා ගන්වයි ද, උපාලි මෙසේත් සංඝරාජීය වෙයි.

උපාලි එක්‌ පසෙකින් දෙදෙනෙක්‌ වෙත්ද, අනෙක්‌ පසින් තුන්කෙනෙක්‌ වෙත් ද, සවැන්නෙක්‌ මේ ධර්ම යෑ, මේ විනය යෑ, මේ ශාස්‌තෘශාසනය යෑ මෙය ගනිවු. මෙය රිසි කරවු. යෑ යි අනුශ්‍රාවණය කෙරේද, සලාකා ගන්නවා ද, උපාලි මෙසේත් සංඝරාජිය වෙයි. වැලිදු සංඝභේදය නොවේ.

උපාලි, එක්‌ පසෙකින් තිදෙනෙක්‌ වෙත් ද, අනික්‌ පසිනුත්

තිදෙනෙක්‌ වෙත් ද, සත් වැන්නෙන් මේ ධර්ම යෑ. මේ විනය යෑ මේ ශාස්‌තෘශාසනය යෑ. මෙය පිළිගනිවු මෙය රිසි කරවු යි අනුශ්‍රාමණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි මෙසේත් සංඝරාජිය වේ. වැලිදු සංඝභේදය නොවේ.

උපාලි, එක්‌ පසෙකින් තිදෙනෙක්‌ වෙත් ද, අනික්‌ පසින් සතර දෙනෙක්‌ වෙත් ද, අටවැන්නෙන් මේ දහම යෑ. මේ විනය යෑ. මේ ශාස්‌තෘශාසනය යෑ. මෙය ගරාවු. මෙය රිසි කරවු, යි අනුශ්‍රාමණය කෙරෙයිද, සලාකා ගන්වයි ද. උපාලි මෙසේත් සංඝරාජ වෙයි. වැලිදු සංඝභේදය නොවෙයි.

උපාලි එක්‌ පසෙකින් සතර දෙනෙත් වෙත් ද, අනික්‌ පසින් සතර දෙනෙක්‌ වෙත් ද නමවැන්නේ මේ දහම යෑ. මේ විනය යෑ. මේ ශාස්‌තෘශාසනය යෑ. මෙය ගනිවු. මෙය රිසි කරවු, යි අනුශ්‍රාවණය කෙරෙයි ද, සලාකා ගන්වයි ද, උපාලි මෙසේම සංඝරාජිය ද සංඝභේදය ද, වේ. උපාලි නවදෙනකුගෙන් ද නවදෙනකුට වැඩි ගණනෙකින් ද සංඝරාජයත් සංඝභේදයත් දෙකම වේ.

සංඝරාජ වන අවස්‌ථා පරිවාරපාලියෙහි දැක්‌වෙන අයුරු පහත දැක්‌වේ.

වහන්ස, සංඝරාජ යෑ සංඝරාජ යෑයි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් සංඝරාජිය වේද? සංඝභේදය නොවේද? කොපමණකින් සංඝරාජයත් සංඝභේදයත් වේද?

උපාලි, මා විසින් ආගන්තුක භික්‍ෂුන්ට මේ ආගන්තුක වත පණවන ලදී. උපාලි මෙසේ මා විසින් සිකපද මොනවට පණවන ලද කල්හි ආගන්තුක භික්‍ෂුහු ආගන්තුක වතෙහි නොපවතිත් ද? උපාලි මෙසේත් සංඝරාජිය වෙයි. සංඝභේදය නොවේ. උපාලි, මා විසින් ආවාසික භික්‍ෂුන්ට මේ ආවාසික වත පණවන ලදී. උපාලි මෙසේ මා විසින් සිකපද මොනවට පණවන ලද, කල්හි ආවාසික භික්‍ෂු ආවාසික වනෙහි නොපවතිත් ද උපාලි මෙසේත් සංඝරාජිය වෙයි. සංඝභේදය නොවෙයි. උපාලි මා විසින් භික්‍ෂුන්හට ඔත්හලෙහි සහ මහලු පිළිවෙළින් තෙර පිළිවෙළින් සුදුසු පිළිවෙළින් අග්‍රාසනය දීම අග්‍රොදනය දීම අනු පිණ්‌ඩය දීම යන මේ ඔත්හල පිළිබඳ වත පණවන ලදී. උපාලි මා විසින් මෙසේ සිකපද මොනවට පණවන ලද කල්හි නවක භික්‍ෂුහු ඔත්තලෙහි ස්‌ථවිර භික්‍ෂුන්හට ථෙරාසනය වළකත් ද උපාලි මෙසේත් සංඝරාජිය වෙයි. සංඝභේදය නොවේ. උපාලි මා විසින් භික්‍ෂුන්හට සෙනස්‌නෙහි සඟමහලු පිළිවෙළින් තොර පිළිවෙලින් සුදුසු පිළිවෙලින් මේ සෙනසුන් වන පණවන ලදී. උපාලි මා විසින් මෙසේ මොනොවට සිකපද පණවන ලද කල්හි නවක භික්‍ෂුහු ස්‌ථිවිර භික්‍ෂුන්හට සෙනසුන වළකත් ද, උපාලි මෙසේත් සංඝරාජය වෙයි. සංඝභේදය නොවේ. උපාලි මා විසින් භික්‍ෂුන්හට ඇතුළු සීමායෙහි තෙල ඵත් වැ කරණ පොහොය එක්‌ වැ කරණ පවුරුණු එක්‌ව කරණ කුදුමහත් කර්ම පණවන ලදී. උපාලි, මා විසින් මෙසේ මොනවට සිකපද පණවන ලද කල්හි එම සීමාව තුළ ආවේණිකභාවය (වෙන්වීම් බව) තොට ගණබන්ධනය කොට (පිරිස වෙන්කොට) වෙන් වැ පොහොය කරත් ද, වෙන්වැ පවුරුණු කරත් ද, වෙන් වැ සංඝකර්ම කරත් ද, වෙන් වැ කුදුමහත් විනයකර්ම කරත් ද, උපාලි මෙසේ සංඝරාජියත් වෙයි. සංඝභේදයත් වේ.

සංඝයා බිඳෙනස්‌ අයුරකි.

පඤ්චහුපාලි ආකාරෙහි සංඝො භිඡ්ජති. කතමෙහි පඤ්චහි, කම්මෙන, උද්දෙසන, වොහරන්තො, අනුසාවණෙන, සලාකාගාහෙන ඉමෙහි ඛො උපාලි පඤ්චභාතාරෙහි සංඝො භිඡ්ජති.

උපාලි රහතන්වහන්සේට බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කරන සේක. කර්මයෙන්, උපදේශනයෙන්, ව්‍යවහාරයෙන් අනුශ්‍රාවණයෙන්, සලාකග්‍රාහයෙන් යන මේ පස්‌ අයුරින් සංඝයා බිදේ.

සංඝභේදය පිළිබඳව දැනගත යුතු මූලික කරුණු මෙහි ඇතුළත් වේ. මේ පිළිබඳ සැමදෙනාට ම පැහැදිලි වන පරිදි මීළඟ සාකච්ඡාවේදී කරුණු ඉදිරිපත් කරන්නෙමි. එහි ගිහිපැවැදි සෑම දෙනාටම සංඝභේදය කළ නොහැකි බවත්, එහෙත් සංඝභේදයට තුඩුදෙන ක්‍රියා සැමගෙන් සිදුවිය හැකි බවත් එහිදී පැහැදිලි කරගත හැකියි.

ඉඹුපාලි භික්‌ඛු අධම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අධම්මෝති දීපෙන්ති අවිනයං මිනයොති දීපෙන්ති විනයං අවිනයොති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතෙන භාසිතං ලපිතං තථාගතෙනාති දීපෙන්ති භාසිතං ලපිතං තථාගතෙන අහාසිතං අලපිතං තථාගතෙනාති දීපෙන්ති අනාචිණ්‌ණං තථාගතෙන ආචිණ්‌ණං තථාගතේනාති දීපෙන්ති. ආචිණ්‌ණං තථාගතෙන අනාචිණ්‌ණං තථාගතෙන අනාචිණ්‌ණං තථාගතෙනාති දීපෙන්ති. අපඤ්ඤත්තං තථාගතෙන විඤ්ඤනීතං තථාගතෙනාති දීපෙන්තිනාති පඤ්ඤත්තං තථාගතෙන අපඤ්ඤන්තං තථාගතෙනි දීපෙන්ති, අනාපත්තිං ආපත්තීති දීපෙන්ති, ආපත්තිං අනාපත්තීති දීපෙන්ති, ලහුතං ආපන්තිං ගරුනා ආපන්තීනි – දීපෙන්ති ගරුතං ආපත්ති ලහුතා ආපත්තීති දීපෙන්ති, සාවසෙසං ආපත්තිං අනවසෙසං ආපත්තීනි දීපෙන්ති අනවසෙසං ආපන්තිං සාවසේයා ආපන්තීනි දීපෙන්තී. දුට්‌ඨුල්ලං ආපත්තිං ආපන්තීනි දීපෙන්ති අදුට්‌ඨුල්ලං ආපත්තිං දුට්‌ඨුල්ලා ආපත්තීනි දීපෙන්ති තෙ ඉමෙහි අට්‌ඨාරසහි වCථුහි අපතස්‌සන්ති විපතස්‌සන්ති ආවෙණිං උපොසථං කරොන්ති. ආවෙණිං පවාරණං කරොන්ති. ආවෙණිං සංඝකම්මං කරොත්තී. එත්තාවතා ඛො උපාලි සංඝො භින්නො හොතී ති.

ඉහත පාඨයෙහි අදහස මෙසේ සරලව දන්වමු.

යම්කිසි භික්‍ෂුවක්‌ ධර්මය නිසා අධර්මය පෙන්වා දෙයිද, අධර්මය ධර්මය යි කියා පෙන්වා දෙයි ද, විනය නොවූ කරුණක්‌ විනයෑයි කියා පෙන්වා දෙයිද, විනය වූ දෙයක්‌ අවිනයක්‌ යෑයි කියයි ද, බුදුරජාණන් වහන්සේ වදාළ යෑයි නොවදාළ යමක්‌ කියයිද නොවදාළා යෑයි වදාළ යමක්‌ කියයි ද, පුරුදු කරන ලදැයි පුරුදු නොකරන ලද්දක්‌ දක්‌වයි ද, නුපුරුදු කරන ලදැයි පුරුදු කරන ලද්දක්‌ දක්‌වයි ද, පණවන ලද්දක්‌ නොපණවන ලදැයි දක්‌වත් ද, නොපණවන ලද්දක්‌ පණවන ලදැයි දක්‌වත් ද, ආවැතැයි කියා ආවැත් නොවුවක්‌ දක්‌වත්දZ ඇවැත් නොවුවත් කියා ඇවැත් නොවුවත් දන්වත්ද නරු ආවැතැයි කියා ලුහු ආවැතක්‌ දක්‌වත් ද, ලුහු අවැතැයි කියා ගරු ආවැතැක්‌ දක්‌වත්ද, අනවශේෂ ආවැතක්‌ කියා සාවශේෂ ආවත දක්‌වත් ද, භාවශේෂ අවැතත් නියා අනවශේෂ ආවත දක්‌වත් ද, දුකුලා ඇවත් දුකුලා නොවන ඇවතත් සේ දක්‌වත් ද, දුකුලා නොවන ඇවතත් දුකුලා ආවතත් සේ දක්‌වත්ද, මේ භේදකර වස්‌තූන් දහ අටෙන් භික්‍ෂුන් එක්‌ පසකට අදිත්, යළිත් එකතු කළ නොහැකි පරිදි එක්‌ පසකට අදිත්, වෙන්වෙන්ව පොහො පවුරුණ කෙරෙත්, වෙන්ව සංඝකාරී කෙරෙත්, මෙතෙකින් සංඝයා බිඳුණේය.

ධර්ම සංවාදය වසන්ත ලියනගේ