Home » වටිනා ධර්ම කරුණු » මිනිස්‌ සිත හඬවන…නළවන සිහින

මිනිස්‌ සිත හඬවන…නළවන සිහින

අද අප සිටින්නේ අති නවීන තාක්‍ෂණ යුගයක. නමුත් මෙම සිහිනවල ඇති ආඳීනව දැකල අපට අපේ යම් අඩුපාඩුවක්‌ තියෙනව නම් නිවැරදි වෙන්න පුළුවන්.

සිහින ලෝකයක තනිනොවුණු කෙනෙක්‌ මෙලොව නොමැත. සිහින නොදකින පුද්ගලයොත් මෙලොව නොමැත. සිහිනය කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුද්ගලයකුම ලබන අපූර්ව අද්දැකීමකි.

මිනිසා සිහින දකිතත් සිහින නොදකින කොට්‌ඨාසයක්‌ද වෙති. කෙලෙස්‌ ප්‍රහීන කළ බුදු, පසේබුදු සහ මහ රහත් යන මාර්ග ඵල ලැබූවෝ සිහින නොදකිති.

කෙසේ හෝ වේවා සිහිනය යනු කුමක්‌ද? සිහිනවලින් කියන දේ සැබෑ වෙනවද යානදී වශයෙන් පෙරපර දෙදිගම දාර්ශනිකයන්, චින්තකයන්, විවිධ සමාජ විද්‍යාඥයන් මෙන්ම මනෝවිද්‍යාඥයන් විවිධ මත, අදහස්‌ පළකර තිබෙනවා. නමුත් මේ කිසිවෙක්‌ දකින සිහිනවල ලබාදිය හැකි විසඳුම් නිශ්චිත ලෙස දක්‌වා නැහැ. සිහින පිළිබඳව විවිධ මත පමණක්‌ මොවුන් ඉදිරිපත් කර තිබෙනවා. සික්‌මන් ප්‍රොයිඩ් කියන මතයට විරුද්ධව නව මතයක්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ප්ලෝටෝ කිsයන මතය නොවෙයි තවත් අයෙක්‌ කියන්නේ. මේවා අධ්‍යාත්මික සිද්ධීන් නිසා හරියමට විග්‍රහ කළ නොහැකියි.

බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව ත්‍රිපිටකයේ සිහින සම්බන්ධව සඳහන් වෙනවා. විශේෂයෙන් සුපින වැනි සූත්‍රවල දැකපු සිහිනයන් පිළිබඳව දැක්‌වෙනවා. නමුත් සිහින අනුව පලාපල කීවත් බුද්ධාගමට අයිතිවූවක්‌ ද නොවේ. නමුත් වෙනත් දාර්ශනිකයන් ඒ පිළිබඳව කතා කර තිබෙනවා. විශේෂයෙන් උපනිෂද් දර්ශනයේදී මේ බව සඳහන් වෙනවා.

පාලි භාෂාවේදී සිහිනය අර්ථ ගන්නා තිබෙන්නේ “සුපින” යනුවෙනි. එය “සුපිනක” සහ “සුපින්නත” යනුවෙන්ද දක්‌වා තිබෙනවා. සිහින සංස්‌කෘත භාෂාවට අනුව දක්‌වා ඇත්තේ “ස්‌වප්න” ලෙසයි. ඒ වගේම එය “ස්‌වාප” ලෙස ද හඳුන්වනු ලබයි.Ven. Hegoda Vipass Thero

සිහින ඉතිහාසයේ අපගේ සිතට කාවැදුණු උතුම්ම සිහිනය ලෙසයි මහාමායා දුටු සුප්‍රසිද්ධ සිහිනය සැලකෙන්නේ. සුදු ඇත්පැටවකු සුදු නෙළුම් මලක්‌ රැගෙන ඇගේ කුස තුළට ඇතුළුවීම නමැති මෙම සුප්‍රසිද්ධ සිහිනයෙන් කියවුණේ බෝධිසත්වයන් වහන්සේගේ මෙලොව උප්පත්තිය ලැබීමයි.

ඒ වගේම බුදුදහමේ සඳහන් තවත් වැදගත්ම සිහිනයක්‌ තිබෙනවා. එය දුටුවේ බෝසතාණන් වහන්සේයි. මෙය ඉතාමත්ම වැදගත් සිහිනයක්‌. මේ සම්බන්ධව අංගුත්තර නිකායේ පඤ්තක නිපාතයේ මහා සුපින සූත්‍රයේ සඳහන් වෙනවා. මෙය බෝධිසත්වයාණන් වහන්සේ බුදුවීමට පෙර දින දුටු සිහිනයයි. මෙහිදී බෝසතාණන් වහන්සේ සිහින පහක්‌ දුටුවා.

එහි පළමු සිහිනය වූයේ පොළොව යහනක්‌ කොට හිමාලය කොට්‌ටයක්‌ කොට සිව් මහ සයුරට අත් පා දමා උඩුකුරුව වැඩසිටීම.

දෙවැනි සිහිනය වුණේ රතු හීතණ ගසක්‌ නාභියෙන් අහසට නැගී පැතිරීමයි.

තෙවැනි සිහිනය වූයේ කළු හිස්‌ ඇති පණුවන් දණ හිස තෙක්‌ වසා තිබීමයි.

විවිධ පාට ලිහිනියෝ සතර දෙනෙකු සතර දිසාවෙන් පැමිණ දෙපතුළ ළඟ වැටි සුදුපාට වනු බෝසතාණෝ සිව්වැනි සිහිනයෙන් දුටුවා.

පස්‌වැනි සිහිනයෙන් බෝසතාණන් වහන්සේ දුටුවේ අශූචි පර්වතයක ඉන් නොගෑවී ගමන් කරීමයි.

මෙහි පළමු සිහිනයෙන් කියෑවුණේ බෝසතාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වය ලබන බවයි. දෙවැනි සිහිනයේa ප්‍රතිඵලය තමයි උන්වහන්සේ බුද්ධත්වය ලැබූ ආර්යාෂ්ඨාංගික මාර්ගය අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කිරීම. තෙවැනි සිහිනයෙන් කියෑවුණේ බොහෝ ගිහියන් අනුගාමිකයන් වන බවයි. හතර වැනි සිහිනයේ ප්‍රතිඵලය නැත්නම් අදහස සිව් කුලයේම අය පැවැදිව නිවන් දකින බවයි. පස්‌වෙනි සිහිනයේ ප්‍රතිඵලය තමයි සිව්පසය කෙතරම් ලැබුණත් එහි ඇලෙන්නේ නැති බව.

සිහින ඉතිහාසයේ තවත් වැදගත්ම සිහිනයන් ලෙස හැඳින්වනුයේ කොසොල් මහ රජතුමා දුටු සිහින දහසයයි.

ත්‍රිපිටකයේ ජාතක පාලියේ සඳහන් 77 වන ජාතකය වන මහාසුපින ජාතකයේ මෙම සිහින පිළිබඳව සඳහන් වෙනවා.

කොසොල් රජ තමා දුටු සිහිනවල විපාක කවරේදැයි බුදුරජාණන්වහන්සේ ගෙන් විමසුවේය.

මේ සිහිනවල විපාක ඔබගේ කාලයේ හෝ මාගේ කාලයේ හෝ නොවන බවත් අනාගත කාලයේ නොදැහැමි දිළිඳු රජවරුන්ගේ සහ නොදැහැමි දිළිඳු මිනිසුන්ගේ කාලවල සිදුවන බව උන්වහන්සේ මෙහිදී දේශනා කළ සේක.

ජාතක පාලියේ ඉතා කෙටියෙන් සඳහන් මේ ජාතකය ජාතක අටුවාවේ විස්‌තර වෙනවා. ඒ අනුව ලියෑවුණ ජාතක පොතෙන් මේ ගැන විස්‌තර සාමාන්‍ය පාඨකයාට දැනගන්නට පුළුවන්. කෙසේaa වුවත් එම සිහන විපාක (ප්‍රතිඵල) මෙසේ කෙටියෙන් සඳහන් කළ හැකියි.

1. සිහිනය

ගොන්නු හතර දෙනෙක්‌ යුද්ධ කරමුයි (පොරකමුයි) කියා හතර දිසාවෙන් රාජාංගනයට (මාළිගාවේ මිදුලට) පැමිණීsයහ. මේ ගොන් පොරය බලන්න මිනිස්‌සු එහි රැස්‌වූ විට ගොන්නු යුද්ධ කරන ආකාරය පමණක්‌ පෙන්වා යුද්ධ නොකර තප්පුලා පැන ගියහ.

විපාක( (ප්‍රතිපල)

අනාගතයේ නොදැහැමි දිළිඳු රජුන්ගේ කාලවල, නොදැහැමි මිනිසුන්ගේ කාලවල කුසල් යටපත්ව අකුසල් ඉස්‌මතුවී ලෝකය පිරිහෙනවා. වැසි වසින සේ හතරවටේ වැහිවලා තිබුණත් විදුලි කෙටුවත් ගෙරෙව්වත් වර්ෂාව වසින්නේ නැහැ. මෙයයි මෙහි සරල තේරුම.

2 සිහිනය

කුඩා ගස්‌ ද පැළ ගස්‌ද පොළොවෙන් වියනක්‌ පමණ හැදී මල් පිපේ. ගෙඩි හටගනියි.

විපාක

ලොව පිරිහෙන කල්හි මිනිසුන්ගේ ආයුෂ අඩුවෙනවා. මිනිස්‌සු තියුණු රාගයෙන් යුක්‌ත වෙනවා. එනිසා කුඩා ගැහැනු දැරිවියෝ පුරුෂයන් අතරට ගොස්‌ ගැබිනියන් වී දූ දරුවන් හදනවා.

3. සිහිනය

දෙනුන් ඒ දවස උපන් වසු පැටවුන්ගෙන් කිරි බීම

විපාක

අනාගතයේ කුලදෙටුවන් (අම්ම, තාත්තා) පිදීමේ සිරිත් නැති වෙනවා. දෙමාපියන් කෙරෙහි හෝ නැන්දා මාමා ආදීන් කෙරෙහි හෝ ලඡ්ජා නැතිව තම තමාම ආවාහ (පුරුෂයකුට කාන්තාවක්‌ ගෙන ඒම) විවාහ (කාන්තාවකට පුරුෂයකු ගෙන ඒම) ආදිය සංවිධානය කරයි. තමන්ට කැමැති නම් පමණක්‌ දෙමාපියන්ට ආහාරපානාදියෙන් සලකයි. නොකැමැතිනම් එසේ නොකරයි. එනිසා වයසට ගිය, අසරණ වූ දෙමාපියන්ට ස්‌වාධීනව සිටීමට නොහැකිව දූ දරුවන් සතුටු කොටම ජීවත් විය යුතුයි.

4 සිහිනය

ගැල ඉසිලීමට සමත් උස මහතින් යුත් ගොනුන් කරත්තයේ නොබැඳ නුපුහුණු වූ තරුණ වූ ගොනුන් ගැලෙහි යොදනවා. උන් ගැල ඉසිලීමට නොහැකිව එතැනම ලැගීම.

විපාක

අනාගත කාලයේ නොදැහැමි දිළිඳු රජවරු නුවණැති පරම්පරා වශයෙන් කටයුතු දක්‌ෂ පුහුණු යුක්‌තිය පසිඳලීමෙහි සමත් ඇමැතිවරුන්ට තනතුරු නොදෙයි. ධම_ සභාවේද, විනිසුරු මඬුල්ලේද, වෙළෙඳ ව්‍යාපාරයෙහිද දක්‌ෂ වැඩිහිටි ඇමැතියන් නොයොදයි. තරුණ නුපුහුණු, නුසුදුසු පුද්ගලයන් ඒ ඒ ඇමැති තනතුරෙහි පත්කරයි. මෙනිසා ඒවායේ දියුණුවක්‌ ඇති නොවෙයි.

5 සිහිනය

දෙපැත්තෙන්ම කට ඇති අශ්වයකු දකියි. ඌ කට දෙකින්ම කයි.

විපාක

අනාගතයේ නොදැහැමි රජවරුන්ගේ කාලයේ නොදැහැමි චපල මිනිසුන්, විනිසුරුවන් ලෙස යොදවනවා. පින්පව්, හොඳ නරක, යුක්‌තිය, අයුක්‌තිය නොසලකන ඔවුන් විත්තිය, පැමිණිලි දෙපක්‌ෂයෙන්ම අල්ලස්‌ ගන්නවා. නිවැරැදි තීන්දු දෙන්නේ නෑ.

6 සිහිනය

මහජනයා එක්‌ව ලක්‍ෂයක්‌ වටිනා රන්තලියක්‌ මුත්‍ර කිරීමට නාකි නරියෙකුට දීම.

විපාක

අනාගත කාලයේ අසමජාති රජවරු කුලවතුන්ගේ පුතුන් සලකා තනතුරු නොදෙයි. කුලහීනයො උසස්‌ කරති. මේ නිසා කුලවතුන්, දුප්පත් වෙනවා. ඒ අයට දිවි රැකීමට නොහැකිව එකී පහත් ගතිවලින් යුතු නුසුදුසු අය සමඟ අවාහ විවාහ වනු දැකිය හැකියි.

7 සිහිනය

මිනිසෙක්‌ ලනුවක්‌ අඹර අඹරා පාමුල දමයි. ඔහු හිඳ වාඩිවී සිටින පුටුව යට ලැග සිටි බඩගින්නෙන් පෙළෙන හිවලෙක්‌ මිනිසාට නොදැනෙන සේ ඒක කා දමයි.

විපාක

අනාගත කාලයේ ස්‌ත්‍රීන් පුරුෂයන් කෙරෙහි ලොල් වෙනවා. තදින් ඇලෙනවා. සුරාවේ ඇලෙනවා. අලංකාරයට ලොල් වෙනවා. වීථි සංචාරයේ ඇලෙනවා. සිල්වත් වෙන්නේ නෑ. සංවරයක්‌ විනයක්‌ නෑ. පස්‌කම් සැපෙහි ලොල්වී තම සැමියන් දුක්‌මහන්සියෙන් හරි හම්බ කරගත් ධනය දේපළ හොර සැමියන් ද සමඟ එකතුවී විනාශ කරති.

8 සිහිනය

රජ මිදුලේ හිස්‌ භාජන මැද තැබූ ජලය පිරී ඇති ඉතිරෙන මහසැළියටම හතර දිසාවෙන් මිනිසුන් පැමිණ ජලය ගෙන විත් පුරවනවා. හිස්‌ භාජන දෙස බලන්නේවත් නැත.

විපාක

අනාගතයෙහි ලෝකය පිරිහෙයි. රජවරු දුප්පත් වෙයි. භාණ්‌ඩාගාරය හිස්‌ වෙයි. මෙනිසා ධනහීන රජවරු තම තමන්ගේ කාර්යන් ජනතාව ලවා කරවයි. මෙයින් පීඩාවට පත් ජනයා තමන්ගේ රැකියා කටයුතු අතහැර රජු සඳහාම වගා කෙරෙමින් ඔවුන් පෝෂණය කරනවා. ඔවුන්ගේම අටුකොටු පුරවනවා.

9 සිහිනය

පස්‌ පියුමෙන් ගැවසුණ හැම පැත්තෙනේම තොට ඇති පොකුණක්‌ දුටුවා. දෙපා සිව්පා සත්තු එහි පැමිණ වටෙන්ම පොකුණට බැස වතුර බොනවා. ඒ පොකුණේ මැද ගැඹුරු තැන වතුර කැළඹී තිබෙනවා. එහෙත් සත්තු වතුර බොන තැන් ඉතා පැහැදිළියි. කැළඹී නෑ.

විපාක

අනාගතයේ රජවරු අධාර්මිකයි. ඔවුන් ඡන්දය, ද්වේෂය, භය, මෝහය යන සතර අගතියෙන්ම ක්‍රියා කරනවා. දැහැමින් පාලනය කරන්නේ නෑ. අල්ලස, ධනයට ගිජු වෙනවා. මෛත්‍රියෙන්, කරුණාවෙන් පාලනය කරන්නේ නැහැ. ඉතා සැර පරුෂයි. උක්‌ යන්ත්‍රයක මිරිකෙන උක්‌ පුරුක්‌ මෙන් රටවැසියා පෙළ පෙළා නොයෙක්‌ විදියෙන් අයබදු ගන්නවා. මෙයින් පීඩාවට පත් ජනයා ගම් නියම් ගම් අතහැර පිටිසරට යනවා. (විදෙස්‌ ගත වෙනවා)

10 සිහිනය

එකම හට්‌ටියක පිසෙන බත තුන් ආකාරයකින් පිසෙනව දැක්‌කා. එනම් එක්‌ කොටසක්‌ හොඳින් තැම්බෙයි. තව කොටසක්‌ ඉතා අමුයි. තවත් කොටසක්‌ ඉතා තෙත්ය.

විපාක

අනාගත කාලයේ රජවරු අධාර්මික වෙනවා. ඔවුන් අධාර්මික වනවිට රාජකාරියෙහි යෙදුණු අය ද බමුණු නැහැවියන්ද, ගම්වැසියන්ද, නගර වැසියන්ද මහණ බමුණන්ද, දෙවියන් ද අධාර්මික වෙනවා. නොදැහැමි රාජ්‍යයේ සුළං රළුව හමනවා. වාතය දූෂණය වෙනවා. සුදුසු කල්හි නිසි ලෙස වැස්‌ස ලැබෙන්නේ නෑ. වැව් ආදියෙහි ඉහත්තාවේ වැසි වසින විට යට කොටසට නොවසියි. යට කොටසට වසින විට මතු කොටසට නොවසියි.

11 සිහිනය

ලක්‍ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ කුණු වූ මෝරුවලට විකුණයි.

විපාක

මගේ ශාසනය පිරිහෙන කල්හි වන්නේය. මතුකල සිව්පසයෙහි ලොල් වූ විළි නැති භික්‍ෂු බොහෝ වන්නේය. මවිසින් සිව්පස ලෝලත්වය පහත්කොට දෙසන ලද ධර්මය සිවුරු ආදී සිව්පසය ලබා ගැනීම සඳහා අනුන්ට දේශනා කරන්නේය. සිව්පස ලාභය හැර සසරින් එතැරවීමේ කොටසෙහි සිට නිවන අරමුණකොට දෙසීමට නොහැකි වන්නෝය. මගේ වචන මාලාවක්‌ මිහිරි හඬත් අසා වටිනා සිවුරු ආදිය දෙන්නාහ. එසේම දෙනු කැමැත්තෝ ද වෙතියි. දේශනා කරන්නාහුය. සමහරු නුවර ඇතුළත සතර මංසන්ධි, රජ දොරටු ආශ්‍රිතව හිඳ කහවණු අඩ කහවණු, ඔසු ආදී මුදල් නිසා දේශනා කරන්නාහ. මෙසේ මා නිවන අගය කොට දෙසන ලද ධර්මය සිව්පස ලැබීම, කහවණු අඩ කහවණු පිණිස විකුණා දම් දෙසීම ලක්‍ෂයක්‌ වටිනා හඳුන් හර කුණු මෝරු සඳහා විකිණීමක්‌ වැනි වන්නේය.

12 සිහිනය

ලබු කබල් දියෙහි ගිලෙනු දැකීම

විපාක

අනාගතයේ නො දැහැමි රජුන්ගේ කාලයේදී කුල පුත්‍රයන්ට තනතුරු නොදෙන්නාහ. කුල හීනයන්ටම දෙන්නාහ. ඔවුහු ප්‍රධානියෝ වන්නාහුය. දිළිඳු කුලවත්හු රජු ඉදිරියෙහි හෝ රජ දොරටුවෙහි හෝ ඇමැතියන් ඉදිරියෙහි විනිසුරු මඬුල්ලෙහි කුල හීනයන්ගේ කතාවෙහි ගිලී යන්නාක්‌ මෙන් නිසොල්මන් වූවෝ වන්නාහ. දුසිල් විවිධ පුද්ගලයන්ගේ කතා පරම සත්‍ය ලෙස සැලකෙන කාලයක්‌ එන්නේය.

11 සිහිනය

ලක්‍ෂයක්‌ වටිනා සඳුන් අරටුවක්‌ කුණු වූ මොරුවලට විකුණනු දැකීම

විපාක

බුදුසසුන පිරිහෙන කාලයේ මෙහි විපාක ඇති වෙයි. එකල සිව්පසයෙහි ලොල් වූ ලඡ්ජා නැති භික්‍ෂු වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ සිව්පස ලෝලත්වය පහත් කොට දෙසන ධර්මය, ලාබ සත්කාර කීර්ති ප්‍රශංසා ලබා ගැනීම සඳහා අනුන්ට දේශනා කරනවා. නිවන අරමුණු කොට දේශනා අඩු වෙනවා. තම තමන්ගේ වචන මාලා, මිහිරි හඬ අසා පැහැදීම සුදුසු පරිදි ධර්මදේශනා කර ලාභ සත්කාර උපදවා ගනියි. සමහරු නගරයේ, සතර මංසන්ධිවල, මාළිගාවල සිට මුදල් හදල් පිණිස , සිව්පසය පිණිස, ධර්මය විකුණනවා.

12. සිහිනය

ලබු කබල් දියෙහි ගිලෙනු දැකීම

විපාක

අනාගතය අධාර්මිෂ්ඨ රජවරුන්ගේ කාලයේ කුල පුත්‍රයන්ට තනතුරු නොදෙයි. කුලහීනයන්ට තනතුරු දෙයි. ඔවුන් ප්‍රධාන ස්‌ථානවල තනතුරු දරනවා. රජු ඉදිරියේ, රජ දොරටුවේ හෝ ඇමැතියන් ඉදිරියේa හෝ, විනිසුරු මඬුල්ල ඉදිරියේ හෝ කුල හීනයන්ගේ කතාව තහවුරු වෙනවා.

මෙහි කුලවතුන් යනු දැන උගත්කමින්, බුද්ධියෙන්, චරිතයෙන් උසස්‌ අයයි. කුලහීන යනු එම ගුණයන්ගෙන් ඌන, නුසුදුසු අයයි. එසේම සංඝකර්ම, ගණාකර්ම පාසිවුරු විහාරාදිය පිළිබඳ විනිශ්චයෙහි දුශ්ශීලයන්ගේ කතා ම තහවුරු වෙනවා.

13. සිහිනය

මහ ගෙවල් වැනි ගල් නැව්මෙන් දියෙහි පා වෙනවා දකියි.

විපාක

අනාගත කාලයේ නොදැහැමි රජවරු කුලහීනයන්ට පදවි දෙනවා. ඔවුහු අධිපති වෙති. කුලවත් අය දිළිඳු වෙනවා. කිසිවෙක්‌ ඔවුන්ට ගරුසරු දක්‌වන්නේ නෑ. රජු ඉදිරියේ හෝ ඇමැතියන් ඉදිරියේ හෝ යුක්‌තිය පසිඳන ස්‌ථානයෙහි හෝ යුක්‌තිය පසිඳලීමෙහි දක්‍ෂවූ ගල් පර්වත වැනි කුල පුතුන්ගේ කතා නොසලකා හරියි. එසේම සංඝකර්මවලදී මෙන්ම ඉහත ස්‌ථානයන්හි දී ද සීල සිල්වත්, ධර්ම විනයධර භික්‍ෂූන් වහන්සේ ගරු කළ යුත්තන් සේ නොසිතත්.

14 සිහිනය

කුඩා මැඬියන් (ගෙම්බන්) කළු සර්පයන් පසුපස එලවා අල්ලා ගෙන කනවා දැකීම.

විපාක

ලෝකය පිරිහෙන කාලයේ මිනිස්‌සු දැඩි කාමාශාවෙන්, කෙළෙස්‌ වසඟව නව යොවුන් භාර්යාවන් වසඟයෙහි සිටිනවා. භව භෝග ආදිය ඔවුන්ගේම ආධිපත්‍යයට යටත් වෙනවා. ඒවා පාලනය කරන්නේ තම තමන්ගේ භාර්යාවන්මය.

15. සිහිනය

රන්වන් රණහංසයන් පිරිවරා ඇවිදින කපුටන් දැකීම

විපාක

අනාගත රජවරු හස්‌ති ශිල්පාදියෙහි, යුද්ධයෙහි අදක්‍ෂයි. ඔවුන් රාජ්‍යයට විපත් පමුණුවතියි සිතා සමාන ජාති ඇත්තන්ට තනතුරු යස ඉසුරු දෙන්නේ නෑ. පාද දෙවීම, නැහැවීම, කෙස්‌ රැවුල කපන සේවකාදීන්ට තනතුරු යස ඉසුරු දෙනවා

16 සිහිනය

එළුවන් දිවියන් පසුපස එලවා අල්ලාගෙන කනවා දැකීම.

විපාක

ලොව පිරිහෙන කල අධාර්මික රජවරුන්ගේ කාලවල අකුලීනයන් රජු හා විශ්වාසයට යනවා. කුලීනයන් දුබල වෙනවා. විනිශ්චය ශාලාවෙහි දුබලයන් බලවත් වෙනවා. එසේම ලඡ්ජා ප්‍රියශීලි භික්‍ෂූන්ට අලඡ්ජී පාපි භික්‍ෂූන්ගෙන් පීඩා ලැබ වන ගත වෙනවා. ධම_ විනය ධර භික්‍ෂූන් දුබල වෙනවා.

කොසොල් රජතුමා දුටු සිහින 16 ගැන බලන විට එහි දන්වා ඇති ප්‍රතිඵල වර්තමාන සමාජයට නිරන්තරව ගැලපෙන ස්‌වභාවයක්‌ අපට පෙනෙනවා.

අදට පමණක්‌ නොවෙයි මීට වසර ගණනාවකටත් පෙර ගෙන බැලුවත් තත්ත්වය එහෙමයි.

අද අප සිටින්නේ අති නවීන තාක්‍ෂණ යුගයක. නමුත් මෙම සිහිනවල ඇති ආඳීනව දැකල අපට අපේ යම් අඩුපාඩුවක්‌ තියෙනව නම් නිවැරදි වෙන්න පුළුවන්.

එක්‌ එක්‌ පුද්ගලයා තම තමන්ට ආවේණික වූ රස්‌සාවල තම තමන්ගේ භූමිකාවල් සිදුකරනවා. එහිදී තමන්ට ගැලපෙන ආකාරයෙන් සමාජයට හානියක්‌ නොවන ආකාරයට තමන්ගේ චර්යාව සකස්‌ කර ගැනීමට මෙම කොසොල් රජතුමා දුටු සිහින හරහා දෙන පණිවිඩය ඉතා වැදගත්. සුදුසු තැන්වලට නුසුදුසු පුද්ගලයින් පත්වුණොත් එතැනදී සමාජයේ තියෙන සමබරතාවය බිඳවැටෙනවා. එයින් සිදුවන්නේ විපතක්‌, අවැඩක්‌, පිරිහීමක්‌. එයයි අප මින් ගත යුතු ආදර්ශය. මෙම තත්ත්වය ආයතනයකට පුද්ගලයකුට පමණක්‌ සීමා වන්නේ නැහැ. රාජ්‍ය පාලනයේදීත් අනෙකුත් සමාජගත ජීවිතයේදීත් ආගමික ජීවිතයේදීත් මෙම තත්ත්වය එකසේ වැදගත්. එනිසා වැරැද්දක්‌ දුටු මොහොතේම එය නිවැරදි කර ගැනීමටයි අප උත්සහ කළ යුත්තේ.

කොසොල් රජු දුටු සිහිනවල ප්‍රතිඵල කියද්දී එහි භික්‍ෂූන් වහන්සේලා ගැනත් සඳහන් වුණා. අදටත් සමහර සිල්වතුන් බව හඟවමින් දුශ්ශීලී ක්‍රියාකාරකම්වල යෙදෙන භික්‍ෂුන් සිටිනවා. භික්‍ෂුන් වහන්සේලා පමණක්‌ නොවෙයි ඇතැම් අනෙකුත් පූජකයින් වැරදි ක්‍රියාවල නිරත වෙනවා. පසුගියදා අසන්නට ලැබුණා යාග හෝම සඳහා සතුන් දහස්‌ ගණනක්‌ මැරූ පුවතක්‌. බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රතික්‌ෂේප කළා. මෙම දේවල් අපි නිවැරදි කරගත යුතුයි. එක්‌ එක්‌ පුද්ගලයකු වශයෙන් නිවැරදි වෙන්න පුළුවන් නම් අපට ධාර්මික සමාජයක්‌ ගොඩ නඟා ගැනීමට පුළුවන්.

මෙම සිහිනවල ප්‍රතිඵල හරහා ආගම්, ජාති භේද, කුල භේද වලින් තොරව සමාජයටම පණිවිඩයක්‌ ලබාදී තිබෙනවා. මොකක්‌ද ඒ පණිවිඩය. එම පණිවිඩය තමයි තමන් සුදුසු ස්‌ථානයේ නිවැරදි ස්‌ථානයේ පිහිටලා වැඩ කරන්න කියලා. එය අපට අදම ක්‍රියාත්මක කරන්න පුළුවන්. තමන් කාලයක්‌ කරපු වැරැද්දක්‌ නිවැරදි කර ගැනීම මදිකමක්‌ නොවේ. එය ලැ-ජාවට හේතුවක්‌ද නොවේ. නිවැරදි දේදුටු මොහොතේම වැළඳ ගැනීමට අපට ශක්‌තියක්‌ තිබිය යුතුයි.

සිහින දැකීමේදී පෙර අපරදිග කියලා වෙනසක්‌ නැහැ. සිහින ඉතිහාසයේ බටහිරින් අසන්නට ලැබුණු ප්‍රසිද්ධ සිහිනත් තිබෙනවා. ඇතැම් සිහින බොරු වෙලා තියෙනවා. සමහර සිහින සත්‍ය වෙලා තියෙනවා.

ජුලියර්ස්‌ සීසර්ගේ බිරිඳ එක්‌තරා දවසක්‌ සිහිනෙන් දුටුවා මේ වගේ සිද්ධියක්‌.

ප්‍රසිද්ධ වෙළෙඳ පොළක්‌ ඉදිරිපිටදී සීසර්ගේ ප්‍රතිමාව ප්‍රදර්ශනය කරනවා. හදිසියේම ප්‍රතිමාවෙන් එකසැරේ ලේ ගලාගෙන එනවා. එතැනට එන රෝම වැසියන් ලේ දෝත බැගින් ගෙන සාතිශය ප්‍රීතියෙන් මුහුණ සෝදා ගන්නවා.

මෙම සිහිනය පිළිබඳව ඇය ජුලියර්ස්‌ සීසර් දැණුවත් කරනවා. ඇය ජුලියර්ස්‌ සීසර්ට පරෙස්‌සම් වෙන්න කියලා අවවාද කළා. නමුත් එය පිළිනොගත් සීසර් ඊට හිනා වුණා. එදිනම සීසර්ට නගර ශාලාවේ නියමිත රැස්‌වීමක්‌ තිබුණා. එම රැස්‌වීමට යන්න එපා කියලා සීසර්ගේ බිරිඳ අවවාද කළා. ඕක බොළඳ කතාවක්‌ කියා එය ඔහු ගණන් ගත්තේ නැහැ. ඔහු එම රැස්‌වීමට ගොස්‌ කතාව පටන් ගත්තා. ටික වේලාවක්‌ යද්දී ඔහුගේ හිස පසාරු කරගෙන යන අයුරින් කඩු පහරක්‌ වැදුණා. ඉන් ඔහු ඝාතනය වුණා.

මේ වගේ තවත් ප්‍රසිද්ධ සිහිනයන් තිබෙනවා.

ඇමරිකාවේ හිටපු ජනපති ඒබ්‍රහම් ලින්කන් සිහිනයක්‌ දුටුවා. ඔහු දුටු සිහිනය මේ වගේ එකක්‌.

දිනක්‌ ඔහු ධවල මන්දිරයට යනවා. මුළු කාමර සියල්ල හිස්‌වෙලයි තිබුණේ. එවිට ඔහු එම කාමර දෙස විපරම් කරලා බැලුවා. ඒ මේ අත සක්‌මන් කරන ඔහුට එක්‌ කාමරයකින් ඇසුනේ හීන් කෙඳිරිලි හඬක්‌. ඒ දෙස ඔහු එබිලා බැලුවා. එවිට ඔහු දුටුවේ මිනී පෙට්‌ටියක තැන්පත් කරලා තිබෙන මෘත ශරීරයක්‌. එවිට ඒබ්‍රහම් ලින්කන් අහනවා ඔබ කවුද කියලා. එවිට හීන් කෙඳිරිලි හඬකින් අර මෘත ශරීරයෙන් ඇසෙනවා “මම රටේ ජනාධිපති” කියලා.

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා මෙම සිහිනය දුටුවේ අප්‍රේල් මාසයේ දවසක. ඔහු දුටු සිහිනය සැබෑ කරමින් අප්‍රේල් මාසයේ අන්තිමේදී ඔහු සහසිකයකුගේ වෙඩි පහරට ලක්‌වෙලා මිය යනවා. මේ බටහිරින් ඇසුණු සිහින සැබෑ වූ සත්‍ය කතා දෙකක්‌.

මතු සම්බන්ධයි

ලබන සතියේ…

සිහින පිළිබඳව බෞද්ධ විග්‍රහය.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ

සිහින ලෝකයක තනිනොවුණු කෙනෙක්‌ මෙලොව නොමැත. සිහින නොදකින පුද්ගලයොත් මෙලොව නොමැත. සිහිනය කියන්නේ ලොකු කුඩා භේදයකින් තොරව සෑම පුද්ගලයකුම ලබන අපූර්ව අද්දැකීමකි.

මිනිසා සිහින දකිතත් සිහින නොදකින කොට්‌ඨාසයක්‌ද වෙති. කෙලෙස්‌ ප්‍රහීන කළ බුදු, පසේබුදු සහ මහ රහත් යන මාර්ග ඵල ලැබූවෝ සිහින නොදකිති.

කෙසේ හෝ වේවා සිහිනය යනු කුමක්‌ද? සිහිනවලින් කියන දේ සැබෑ වෙනවද යානදී වශයෙන් පෙරපර දෙදිගම දාර්ශනිකයන්, චින්තකයන්, විවිධ සමාජ විද්‍යාඥයන් මෙන්ම මනෝවිද්‍යාඥයන් විවිධ මත, අදහස්‌ පළකර තිබෙනවා. නමුත් මේ කිසිවෙක්‌ දකින සිහිනවල ලබාදිය හැකි විසඳුම් නිශ්චිත ලෙස දක්‌වා නැහැ. සිහින පිළිබඳව විවිධ මත පමණක්‌ මොවුන් ඉදිරිපත් කර තිබෙනවා. සික්‌මන් ප්‍රොයිඩ් කියන මතයට විරුද්ධව නව මතයක්‌ ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම ප්ලෝටෝ කිsයන මතය නොවෙයි තවත් අයෙක්‌ කියන්නේ. මේවා අධ්‍යාත්මික සිද්ධීන් නිසා හරියමට විග්‍රහ කළ නොහැකියි.

බුදුදහමේ ඉගැන්වීම්වලට අනුව ත්‍රිපිටකයේ සිහින සම්බන්ධව සඳහන් වෙනවා. විශේෂයෙන් සුපින වැනි සූත්‍රවල දැකපු සිහිනයන් පිළිබඳව දැක්‌වෙනවා. නමුත් සිහින අනුව පලාපල කීවත් බුද්ධාගමට අයිතිවූවක්‌ ද නොවේ. නමුත් වෙනත් දාර්ශනිකයන් ඒ පිළිබඳව කතා කර තිබෙනවා. විශේෂයෙන් උපනිෂද් දර්ශනයේදී මේ බව සඳහන් වෙනවා.

පාලි භාෂාවේදී සිහිනය අර්ථ ගන්නා තිබෙන්නේ “සුපින” යනුවෙනි. එය “සුපිනක” සහ “සුපින්නත” යනුවෙන්ද දක්‌වා තිබෙනවා. සිහින සංස්‌කෘත භාෂාවට අනුව දක්‌වා ඇත්තේ “ස්‌වප්න” ලෙසයි. ඒ වගේම එය “ස්‌වාප” ලෙස ද හඳුන්වනු ලබයි.