Home » පුවත් පත් ප්‍රකාශන » දරුවෝ මිනිසුන්ගේ උතුම් සම්පතයි

දරුවෝ මිනිසුන්ගේ උතුම් සම්පතයි

පින්වතුනි,
දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවියෙක් මෙහෙම අහනවා. බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තියෙන උතුම් වස්තුව කුමක් ද? උතුම් යාහළුවා කවුද? පණ ඇති සත්තු පොළොව ඇසුරු කොට ජීවත් වෙනවා. ඒ සතුන්ගේ පිිහිටට තියෙන්නේ මොනවා ද? එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා.

පුත්තා වත්‍ථු මනුස්සානං
භරියාය පරමා සඛා
වුට්ඨිං භූතූපජීවන්ති
යෙ පාණා පඨවිංසිතාති

දරුවෝ මිනිසුන්ගේ වස්තුවයි. සම්පතයි. උතුම් යහළුවා බිරිඳයි. වැස්ස නිසා පණ ඇති සතුන් ජීවත් වෙනවා. මේ දේශනාව අනුව කරුණු 3 ක් පැහැදිලි වෙනවා. එවා තමයි දරුවෝ, බිරිඳ, වැස්ස. මේවා පිළිබඳව යම්තාක් දුරට ධම_ානුකූලව අවබෝධයක් ඇති ව ජීවත් වෙනවා නම් සුන්දර ජීවිතයක් ගත කිරීමට හැකි වෙනවා. දෙමාපියන්ගේ පිහිටට සිටින්නේ තම දරුවන්. දරුවො, අම්මා, තාත්තාට උතුම් සම්පතක්. තම දිවි දෙවැනි කොට තම දරුවන් දෙමාපියන් රකිනවා නේද? එහෙම වුණත් ඇතැම් උදවිය අම්මා, තාත්තාට සලකන්නේ නැහැ. අද සමාජයේ මෙය විශාල අර්බුදයක් බවට පත් වෙලා.

කොහොම වුණත් මවකගේ පියකෙනෙකුගේ අපමණ සෙනෙහස නිසා තමයි දරුවෝ හැදෙන්නේ. බුද්ධ දේශනාවේ ලේ කියන්නේ මව් කිරිවලටයි. මව් සෙනෙහස නිසා ලේ කිරි බවට පත් වෙනවා. අනික කුඩා කාලයේ ¥ දරුවෝ නලවන්න අම්මා කොතරම් වෙහෙසක් ගන්නවා ද?

ථන ඛීරෙණ ගීතෙන
අංගනං පාපුරෙන �
රොදන්තං පුත්තං තෝසන්තී
තොසන්ති තෙන වුච්චති

දරුවා අ`ඩන විට අම්මා කිරි පොවනවා. නැළවිලි ගී කියනවාත ඇඟ පිරිමඳිනවා. සිඹිනවා, කොහොම හරි හ`ඩන දරුවා සනසවන්න වෙරදරනවා. හරි අපූරුවට ඒ ගාථාවෙන් අම්මලා දරුවන් නළවන්න ගන්නා වෙහෙස පෙනවා නේද? එහෙත් නූතන සමාජයේ මව් ගුණ හඳුනන අය අඩු බව බොහෝ සිද්ධිවලින් පෙනී යනවා. ඇත්තෙන් ම දරුවන් අම්ම තාත්තාට සලකන්නට  ඕනෑ. ඒ ඔවුන් තම දෙමාපියන් වීම ම නිසා යි. කොහොම වුවත් මෙසේ හැදෙන දරුවෝ ටික කලක් ගත වූ විට ආවාහ විවාහ වෙනවා. ඔවුනුත් දෙමාපියන් බවට පත් වෙනවා. දරුමල්ලෝ හදනවා. දැන් ඔබට වැටහෙනවා නේද? දරුවෝ සම්පතක් වන බව ලෝකය පවතින්නේ මේ ආකාරයෙන්

සිඟලෝවාද සූත‍්‍රයේ දී දෙමාපියන් විසින් දරුවන්ට කළ යුතු යුතුකම් 5 ක් තිබෙන බව ඔබට මතක නේද?

  1.     දරුවන් අයහපතින් වළක්වන්න  ඕනෑ
  2.     යහපතෙහි යොදන්නටත්  ඕනෑ.
  3.     හොඳට ශිල්ප ශාස්ත‍්‍ර උගන්වන්න  ඕනෑ
  4.     සුදුසු කාලයේ ආවාහ විවාහ කර දෙන්නට  ඕනෑ
  5.     සුදුසු කාලයේ දායාද පවරන්නටත්  ඕනෑ.

මෙහි පිළිවෙලක් තිබෙන බව අමතක කරන්නත් එපා. ඒ නිසා දරුවන් හැදිමේ දී මුල් තැන දිය යුත්තේ හොඳ නරක තේරුම් බේරුම් කරන්නයි. එහෙත් අද සමාජයේ අංක එක හොඳට ඉගැන්වීමයි. ඒ යුතුකම් වරද්දා ගත් නිසා ගුණ දහමින් මිනිසුන් හිස් වෙමින් පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ දහම් මාවත අවබෝධ කර ගනිමින් සුන්දර ජීවිතයකට පියමන් කරමු.
ඔබ සැමට තෙරුවන් සරණයි!