Home » පුවත් පත් ප්‍රකාශන » සෝවාන් මගට පිවිසීම හෙවත් සක්‌කාය දිට්‌ඨිය අවබෝධ කර ගැනීම

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 04.

නිර්වාණයට දුක්‌ඛ නිරෝධ යෑයි කියනු ලැබේ. එනම් "දුක" නැති කිරීම නිර්වාණයයි. නිබ්බාණ කියන දුක්‌ඛ නිරෝධය අවබෝධ කර ගැනීමේ මාර්ගය තමයි දුක්‌ඛ නිරෝධගාමිණි පටිපදාව කියන්නේ. එම ප්‍රතිපදාව තමයි අරිඅටමග. සක්‌කාය නිරෝධගාමිණී පටිපදාව කියන්නේ සක්‌කාය දිට්‌ඨ§ය නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයයි.

නිර්වාණයට දුක්‌ඛ නිරෝධ යෑයි කියනු ලැබේ. එනම් “දුක” නැති කිරීම නිර්වාණයයි. නිබ්බාණ කියන දුක්‌ඛ නිරෝධය අවබෝධ කර ගැනීමේ මාර්ගය තමයි දුක්‌ඛ නිරෝධගාමිණි පටිපදාව කියන්නේ. එම ප්‍රතිපදාව තමයි අරිඅටමග. සක්‌කාය නිරෝධගාමිණී පටිපදාව කියන්නේ සක්‌කාය දිට්‌ඨ§ය නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයයි.

බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාස නම් වූ වේළුවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයේ විසාක නම් වූ උපාසක මහත්මයෙක්‌ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේය.

එම අවස්‌ථාවේදී විසාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන්වහන්සේ කුමන දහමක්‌ “සක්‌කාය” යෑයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේය.

එවිට ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ මෙම පැහැදිලි කිරීම කළාය.

“පCඳ්ච ඛෝ ඉමේ ආවුසෝ විසාඛ, උපාදානක්‌Jධා සක්‌කායෝ වුත්තෝ භගවතා, සෙයHථිදං රූපූපාදානක්‌ඛන්ධෝ, වේදනූපාදානක්‌ඛන්ධෝ, සCඳ්Cඳුපාදානක්‌ඛන්ධෝ, සංඛාරූපාදානක්‌ඛන්ධෝ, විCඳ්Cඳුණුපාදනක්‌ඛන්ධෝ, ඉමේ ඛෝ ආවුසො විසාඛ පCඳ්චුපාදනක්‌ඛන්ධා සක්‌කායෝ වුත්තෝa භගවතා”

මෙම පාලි පාඨයේ තේරුම මෙසේය.

ඇවැත් විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ උපාදානයට හේතු වූ නැතහොත් ප්‍රත්‍ය වූ ස්‌කන්ධ පහ සක්‌කාය, යයි වදාරණ ලද්දේය. ඒවා නම් 1 රූප උපාදාන ස්‌කJධය, 2 වේදනා උපාදාන ස්‌කJධය, සංඥ උපාදාන ස්‌කJධය, 4 සංඛාර උපාදාන ස්‌කJධය, 5 විCඳ්C¹ණ උපාදාන ස්‌කJධය යෑයිද විසාඛයෙනි, භාග්‍යවතුන් වහන්සේ මේ පCඳ්චස්‌කන්ධය සක්‌කාය යෑයි වදාරණ ලදී.

රූප, වේදනා, සංඥා, සංඛාර සහ විCඳ්C¹ණ යන පංචස්‌කන්ධය උපාදාන වශයෙන් අල්ලා ගැනීම නැතහොත් බැඳීයැම (සාංසාරිකව) සිදුවෙනවා. මෙම අල්ලා ගැනීම තමයි “සක්‌කාය” යනුවෙන් අදහස්‌ කළේ.

සත්ව යන වචනයට මිනිසුන්, තිරිසන් සතුන්, මෙන්ම දෙවියෝ ද ඇතුළත් වෙනවා. ඒ වගේම මනුස්‌ස කියන වචනයට ස්‌ත්‍රී පුරුෂ යන කොටස්‌ දෙකම අයිති වෙනවා. මේ අය අතර බාල මහලු යනාදී වශයෙන් විවිධ කොටස්‌ සිටිනවා. ස්‌ත්‍රී පුරුෂ හෝ බාල මහලු වශයෙන් මනුස්‌සයන් වර්ගීකරණය කළත් ඔවුනොවුන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම ව්‍යවහාර ලෝකය තුළ සිදුවිය යුත්තක්‌. ඒනිසා තමයි මෙම පිරිසට විමලසේන, ධර්මදාස, කමලා, විමලා යනාදී වශයෙන් විවිධ නම්වලින් නම් කරන්නේ. ඔවුනොවුන් එකිනෙකා වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා මෙලෙස නම් කිරීම අප හඳුන්වන්නේ සම්මුති සත්‍යය ලෙසයි.

නමුත් දහම අවබෝධ කර ගැනිමේදී අප බැලිය යුත්තේ සම්මුති සත්‍යයෙන් නොවේ. දහම අවබෝධ කර ගැනීමට නම් අප බැලිය යුත්තේ පරමාර්ථ සත්‍යයෙන්.

ව්‍යවහාර ලෝකයේදී මනුස්‌සයන් විවිධ නම්වලින් හැඳින්වුවත් දහම අනුව බැලීමේදී මිනිසුන්, සතුන්, දෙවියන් ඇතුළු සියලු දෙනා අයිති වෙන්නේ සත්ව යන කොටසටයි. මෙම සියලු සත්ත්වයන්ගේ සසරෙහි බැඳියාම සිදුවන්නේ මෙම පCඳ්චස්‌කන්ධය නිසයි. එය තේරුම් ගැනීම පරමාර්ථ දේශනා ලෙසයි සැලකෙන්නේ.

පCඳ්චස්‌කන්ධය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තේරුම් ගත යුතු තත්ත්වයක්‌ වුවද, මෙහිදී එය කෙටියෙන් හෝ පැහැදිලි කර ගැනීම වැදගත් යෑයි අප කල්පනා කරනවා.

අප දකින සියලු දේවල් රුප. එය ස්‌කන්ධයක්‌ (කොටසක්‌) ලෙසයි දකින්නේ. අභිධර්මයේදී රූප 28 ක්‌ ඇති බව පෙන්වා දෙනවා.

වේදනාව ගත් විට සැප වේදනා තියෙනවා. දුක වේදනා තියෙනවා. දුකක්‌ සැපක්‌ නැති වේදනා තියෙනවා. මෙම තත්ත්වයන් ධර්මානුකූලව බලන විට එයත් පCඳ්චස්‌කන්ධයට අයිති තවත් ස්‌කන්ධයක්‌ ලෙසයි සැලකෙන්නේ.

මෙය තව ටිකක්‌ සරලව තේරුම් ගැනීමට උත්සාහ කළහොත් සත්ත්වයා පරමාර්ථ වශයෙන් කොටස්‌ පනහකට බෙදන බවයි මින් අදහස්‌ කරන්නේ. ඉන් එකක්‌ වන්නේ රූපස්‌කන්ධයයි. වේදනාව කියන්නේ තව එකක්‌. සංඥ යනුවෙන් හැඳින්වූයේ හැඳිනීමයි. සංඛාර කියන්නේ එකතුවීමයි. කුසල්, අකුසල්, මෙන්ම කුසලුත් නොවන අකුසලුත් නොවන දේ සංඛාර ස්‌කන්ධයන් ලෙස සැලකෙනවා. විCඳ්C¹ව යනු දළ වැටහීමක්‌. අවට සියලු වැටහීම් ඇතිවන්නේ විCඳ්C¹ණය නිසයි. එය සය වැදෑරුම් බවයි දහමේ සඳහන් වන්නේ.

“සක්‌කාය” පිළිබඳ ධම්මදින්නා, මෙහෙණින් වහන්සේ විශාක උපාසක මහතාට තේරුම් කර දීමෙන් අනතුරුව ඔහු තවත් ප්‍රශ්න කිහිපයක්‌ ම අසයි.

මෙහෙණින් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සක්‌කාය සමුදය යනුවෙන් කුමක්‌ වදාරණ ලද්දේ ද?

ධම්මදින්නා භික්‍ෂුණිය,

සක්‌කාය සමුදය ලෙස වදාළේ තෘෂ්ණාවයි. ඒ කියන්නේ පCඳ්චස්‌කන්ධය දුඃඛයට හේතුව තෘෂ්ණාව බවයි මින් අදහස්‌ කරන්නේ.

මෙහිදී “සමුදය” යන්නෙහි අර්ථය හට ගැනීමයි. ඒ අනුව සක්‌කාය සමුදය යනුවෙන් අදහස්‌ කරනුයේ සක්‌කාය හට ගැනීමට හේතුව කුමක්‌ද යන්නයි. හේතුව තෘෂ්ණාවයි. අප කලින් සඳහන් කළ අයුරින් සක්‌කාය යන්නෙන් අදහස්‌ කළේ පCඳ්චස්‌කන්ධයි. ඒ අනුව බලන කල පCඳ්චස්‌කන්දය නිසා සසරෙහි ඇතිවන බැඳියැම ඇතිවන හේතුව (සමුදය) තෘෂ්ණාව බව අපට තේරුම් ගැනීමට පුළුවන්.

භාග්‍යවතුන් වහන්සේ විසින් සක්‌කාය නිරෝධයයි. කුමක්‌ වදාරණ ලද්දේද? අනතුරුව විශාඛ උපාසක මහතා විමසන්නේය.

ධම්මදින්නා භික්‍ෂුණිය – භාග්‍යවතුන් වහන්සේ තෘෂ්ණා නිරෝධය සක්‌කාය නිරෝධය ලෙස වදාරා ඇත. (සසර ගමන සිරගෙයක බැඳීම සේ වන නිසා “රෝධ” නම් වෙනවා. ඒ සසර සැරිසැරීම නමැති දුක්‌ ඇති, දුක්‌ සහිත සිරගෙයින් මිදීමයි මෙයින් අදහස්‌ කරන්නේ.

විසාඛ – භාග්‍යවතුන් වහන්සේ විසින් සක්‌කාය නිරෝධගාමිණි පටිපදාව යනුවෙන් කුමක්‌ වදාරණ ලද්දේද?

ධම්මදින්නා භික්‍ෂුණිH – භාග්‍යවතුන් වහන්සේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය එනම් සම්මා දිට්‌ඨ§, සම්මා සංඛප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි සක්‌කාය නිරෝධගාමිණි පටිපදාවයි වදාළ සේක. නිබ්බාන හෙවත් නිර්වාණයට දුක්‌ඛ නිරෝධයයි කියනවා. ඒ නිබ්බාන නම් වූ දුක්‌ඛ නිරෝධය අවබෝධ කිරීමේ මාර්ගය දුක්‌ඛ නිරෝධගාමිණි පටිපදාව යෑයි වදාළ සේක. එම ප්‍රතිපදාව අරි අටමඟයි. මෙහි සක්‌කාය නිරෝධගාමිණී පටිපදාව කියන්නේ සක්‌කායදිට්‌ඨ§ නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයයි.

නිබ්බාන යනු බුදුරජාණන්වහන්සේ දේශනා කළ වචනයයි. එම පාලි වචනය සංස්‌කෘත භාෂාවෙන් කියවෙනුයේ නිර්වාණය ලෙසයි. ඒ නිසා නිබ්බාන කිව්වත්, නිර්වාණ කිව්වත් ඉන් අදහස්‌ කරන්නේ එකම දෙයක්‌. එනම් මෙහි අදහස “නිවීම” යන්නයි.

නිර්වාණයට දුක්‌ඛ නිරෝධ යෑයි කියනු ලැබේ. එනම් “දුක” නැති කිරීම නිර්වාණයයි. නිබ්බාණ කියන දුක්‌ඛ නිරෝධය අවබෝධ කර ගැනීමේ මාර්ගය තමයි දුක්‌ඛ නිරෝධගාමිණි පටිපදාව කියන්නේ. එම ප්‍රතිපදාව තමයි අරිඅටමග. සක්‌කාය නිරෝධගාමිණී පටිපදාව කියන්නේ සක්‌කාය දිට්‌ඨ§ය නැති කිරීමට අනුගමනය කළ යුතු මාර්ගයයි.

විශාක උපාසක තෙමේ එවිට “කෙසේ නම් සක්‌කාය දිට්‌ඨ§ය ඇති වේද?” යනුවෙන් ප්‍රශ්න කළේය.

ධම්මදින්නා මෙහෙණින් වහන්සේ,

ඉධාවුසෝ විසාඛ අස්‌සුතවා පුථුඡ්ජනෝ, අරියානං අදස්‌සාමී අරිය ධම්මවස්‌ස අකෝවිදො අරියදම්මේ අවිනීතෝ, සප්පුරිසානං අදස්‌සාමි සප්පුරුසධම්මස්‌ස අකෝවිදෝ සප්පුරිසධම්මේ අවිනීතෝ

විසාඛය, මේ ලෝකයෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා (එනම් ත්‍රිපිටක ධර්මය පිළිබඳව බොහෝ ඇසූපිරි තැන් නැති කෙලෙස්‌ සහිත පුද්ගලයා) බුද්ධ ආදී ආර්යයන් නොදුටු නිසා, ආර්ය ධර්මයෙහි (බුද්ධ දේශනාව) දක්‍ෂනොවූ නිසා, ආර්ය ධර්මයෙහි නොහික්‌මුණු නිසා, බුද්ධාදී සත්පුරුෂයන් නොදුටු නිසා, සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ නොවූ නිසා, සත්පුරුෂ ධර්මයෙහි නොහික්‌මුණු නිසා යන්නයි. මෙහි තේරුම.

මෙම තත්ත්වය නිසා පෘතග්ජන කෙළෙස්‌ සහිත පුද්ගලයන්ට ආත්මවාදී සංකල්පය විසි වැදෑරුම් ක්‍රමයකට අයිතිවන බවයි බුදුරජාණන්වහන්සේ දේශනා කළේ.

එම විසිවැදෑරුම් ආත්මවාදී සංකල්ප මෙසේයි.

1. රූපය ආත්ම ලෙස බලයි. (රූපං අත්තෝ සමනුපස්‌සති)

2. ආත්මය රූපය ලෙසින් හෝ බලයි (රූපවන්තං වා අත්තානං)

3. රූපයෙහි ආත්මය ඇතැයි හෝ බලයි

(අත්තානිවා රූපං)

4. ආත්මයෙහි රූපය ඇතැයි බලයි (රූපස්‌මිං වා අත්තානං)

5. වේදනාව ආත්මය ලෙස හෝ බලයි. (වේදනං අත්තනෝ සමනුපස්‌සති)

6. ආත්මය වේදනාව ලෙසින් හෝ බලයි. (වේදනාවන්තං වා අත්තානං)

7. වේදනාවෙහි ආත්මය ඇතැයි හෝ බලයි (අත්තානී වා වේදනං)

8. ආත්මයෙහි වේදනාව ඇතැයි හෝ බලයි (වේදනාය වා අත්තානං)

9. සංඥා ආත්මය ලෙස හෝ බලයි ( සCඳ්Cඳං අත්තතො සමනුපස්‌සති)

10. ආත්මය සංඥ ලෙසින් හෝ බලයි. (සCඳ්C¹වන්තං වා අත්තානං)

11. සංඥාවෙහි ආත්මය ඇතැයි හෝ බලයි (අත්තානි වා සCඳ්Cඳං)

12. ආත්මයෙහි සංඥ ඇතැයි හෝ බලයි (සCඳ්C¹ය වා අත්තානං)

13. සංඛාර ආත්මය ලෙසින් හෝ බලයි (සංඛාරේ අත්තතෝ සමනුපස්‌සති)

14. ආත්මය සංඛාර ලෙසින් හෝ බලයි. (සංඛරවන්තං වා අත්තානං)

15. සංඛාර ආත්මයේ ඇතැයි හෝ බලයි (අත්තානි වා සංඛාරෙ)

16. ආත්මයෙහි සංඛාර ඇතැයි හෝ බලයි (සංඛාරෙසුවා අත්තානං)

17. විඥාන ආත්ම ලෙස හෝ බලයි (විCඳ්C¹ණං අත්තතො සමනුපස්‌ස)

18. ආත්මය විඥාන ලෙසින් හෝ බලයි (විCඳ්Cඳාණවන්තං වා අත්තානං)

19. විCඳ්C¹නයේ ආත්මය ඇතැයි හෝ බලයි. (අත්තනීවා විCඳ්Cඳානං)

20 ආත්මයේ විCඳ්C¹නං ඇතැයි බලයි (විCඳ්C¹නනස්‌මිං වා අත්තනං)

මෙහිදී විසාක ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සෙගෙන් පCඳ්චස්‌කJධ හා පCඳ්චෝපදානස්‌කJධ දෙකේ වෙනසක්‌ තිබේ දැයි ප්‍රශ්න කරයි. එහි වෙනසක්‌ තිබෙන බව පෙන්වා දෙනවා. ඇත්ත වශයෙන් ම මේ වෙනස පැහැදිලි කර ගැනීමට මඡ්Cධිම නිකායේ මහාහFථිපදෝපම සූත්‍රයත්, මහාපුණ්‌තම සූත්‍රයත් කියවා බැලීම වැදගත්.

ඉහත දැක්‌වූ චූලවේදල්ල සූත්‍රය, ඇතැම් පොත්වල චුල්ලවේදල්ල වශයෙන් සඳහන් වෙනවා. මෙම සූත්‍රය දීර්ඝ සූත්‍රයක්‌. මෙම ධර්ම විවරණයෙන් පැහැදිලි වන්නේ, රූප, වේදනා, සCඳ්C¹, සංඛාර, විCඳ්C¹ණ යන පස්‌ වැදෑරුම් ස්‌කන්ධ එතං මම – මේ මගේ යෑයි කැමැති වීම් (ඡන්දරාගයෙන් ගැනීම) ගැනීම “උපාදාන” බවයි.

මෙම ධර්ම විවරණයෙන් පැහැදිලි වන්නේ ස්‌කන්ධ පහ උපාදාන වශයෙන් ගැනීම සක්‌කාය නම් වන බවයි. තවදුරටත් මෙම කරුණු ලිහිල් කර ගනිමු. රූප, වේදනා, සංඥ, සංඛාර විඥාන කියන්නේ ස්‌කන්ධ පහයි. මෙම පංචස්‌කන්ධය බුදුරජාණන්වහන්සේට හා රහතන් වහන්සේටයි තියෙන්නේ. උන්වහන්සේලා එම ස්‌කන්ධ පහ උපාදාන වශයෙන් නොගන්නා නිසා පංචස්‌කන්ධය වශයෙන් හඳුන්වන්නේ. එහෙත් කෙලෙස්‌ පහ නුවූ සත්වයා එතං මම (මේ මගේය) එසො අහං අස්‌මි (එසොභවස්‌මිං) (මේ මම වෙමියි) ඡJදරාග වශයෙන් (කැමැතිවීම් හා ඇලුම් කිරීම වශයෙන්) ගන්නා නිසා පඤ්ඤ උපාදාන ස්‌කන්ධ (පඤ්චුපාදානස්‌කන්ධය) වශයෙන් හඳුන්වනවා. ඒනිසයි මේ පස්‌ කඳෙන් බැඳීයාම තමයි උපාදාන කියන්නේ. එසේ උපාදාන වශයෙන් බැඳීයැම යි සක්‌කාය කියන්නේ.

සක්‌කාය දිට්‌ඨ§ය යනු “ඒසෝ මේ අත්තා – මේ මාගේ ආත්මය වේ” යන හැඟීමයි දැකීමයි පිළිගැනීමයි.

ඉහත දැක්‌වූ විසි වැදැරුම් ආත්ම දෘෂ්ටිය තවත් ක්‍රමයකින්, ශාස්‌වත දෘෂ්ටිය වශයෙන් හෝ උච්ඡේද දෘෂ්ටිය වශයෙන් හෝ හැඳින්වෙන්නේත් මෙයමයි. එදා සිට අද දක්‌වාත්, ඇතිවන සියලු ආගම්වල මේ දෘෂ්ටි දෙකකට වැටෙනවා. එහෙත් බුදු දහම මේ දෘෂ්ටි දෙකට ඇතුළත් නොවේ.

“ඒතං මම මේ මාගේය “ඒසෝහමස්‌මිං මේ මමවෙමි” යන හැඟීම් අවිඡ්ජා අනුසය හා සම්බන්ධ වෙයි. කෙලෙස්‌ නිෙද්‍ර`පගතව (නිදිගත් සේ) චිත්ත සන්තානයේ කිඳී පවතින ගතය අනුසය නම්වෙයි. පටිඝ දිට්‌ඨ§ – විචිකිච්ඡා – මාන – භවරාග – අවිඡ්ජා යනුවෙන් අනුසය හතකි. මේවා තවත් නම් වලින් හඳුන්වනවා. අවිඡ්ජාව සහමුලින් නැති වෙන්නේ රහත් වීමෙන්. එම නිසා මමය, මාගේය කියන හැඟීම් සෝවාන්, සකදාගාමී, අනාගාමී යන උතුමන්ට ඇති වෙයි. කෙලෙස්‌ සහිත අප වගේ අයට ඇතිවන මම මාගේ සහ හැඟීම් හා මාර්ගඵලය ඒ උතුමන්ගේ තත්ත්වය සසඳන්න එපා. ඒ හා කිසි සේත් සමාන නොවන බව අවධාරණය කරනවා. එහි විශාල වෙනසක්‌ තියෙනවා.

සක්‌කාය නැතිවීම යනු කුමක්‌ද? දෘෂ්ඨ§ය නැතිවීම යනු කුමක්‌ද එයයි අපි දැන් ඉදිරියේදී සාකච්ඡා කළ යුත්තේ.

මමය මාගේ යනුවෙන් ඇතිවන හැඟීම අවිඡ්ජා අනුසයට සම්බන්ධයි. එය සහමුලින්ම නැති වන්නේ රහත් වීමෙන් පමණයි. සෝවාන් වීමේදී සක්‌කාය දිට්‌ඨ§ය නැතිවන්නේ දෘෂ්ඨ§ය වශයෙන් ගැනීම පමණයිs. සෝවාන් වූ උතුමෙක්‌ මේ මාගේ ආත්මය යෑයි යන හැඟීමෙන් වැඩ කරන්නේ නැහැ. නමුත් සෝවාන් වූ අයෙක්‌ මේ මාගේය, මේ මම වෙමි යනාදී…ලෙසින් අනුසයට අනුව ක්‍රියාකරනවා. නමුත් එම දේ දෘෂ්ඨ§ වශයෙන් ගැනීමක්‌ සිදුවන්නේ නැහැ. ආත්මය, මාගේ ආත්මය යනාදී වශයෙන් දෘෂ්ඨ§ වශයෙන් ගැනීමක්‌ සෝවාන් වූ උත්තමයන්ගේ නැහැ. මෙය තමයි සක්‌කාය දිට්‌ඨ§ය නැතිවෙනවා යනුවෙන් අදහස්‌ කරන්නේ.

දිට්‌ඨ§ විචිකිච්ඡා සහගතේන පහීන අපාය ගමතෝ සත්තක්‌බුත්තු පරමෝ නියතෝ සම්බෝධි පරායතෝ……. යනුවෙන් සූත්‍රවල සඳහන් වෙනවා.

දිට්‌ඨ§ය, විචිකිච්ඡාව නැතිවීම සමඟ අපායගාමී වීම නැතිවෙනවා.

අභිධර්මයෙහි චෛතසික විඥානයේදී චෛතසික 52 ක්‌ තියෙනවා. එම 52 න් අකුසල චෛතසික 14 ක්‌ තියෙනවා. එම අකුසල චෛතසික 14 අතුරින් දිට්‌ඨ§, විචිකිච්ඡා යන චෛතසික දෙක නැතිවීම තමයි සක්‌කාය දිට්‌ඨිය නැතිවීම කියන්නේ.

දිට්‌ඨි විචිකිච්ඡා යන්න ලබන ලිපියෙන් වැඩිදුරටත් කතා කරමු.