Home » පරිවර්තන » කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය

කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය

“කල්ලියකට අසුවී මා හට සිදුවූ මානසික හිංසනය සුව කල ගත් ආකාරය” (ලෝරන්ස් වොලර්ෂයිම්) – සිංහල පරිවර්තනයකි.

මා කල්ලියට අසුවීමට පෙර සිටි තත්වයටම සුව නොවූවත් පහත දැක්වෙන සරල ක්‍රියාවලිය මාගේ වේදනාවන් හා මා හට සිදුවූ හානිය විෂ්මයජනක ලෙස ශක්තිමත් හා ගුණාත්මක වූ අභිලක්‍ෂණයන් බවට පරිවර්තනය කරන ලදී

මා කල්ලියට අසුවීමට පෙර සිටි තත්වයටම සුව නොවූවත් පහත දැක්වෙන සරල ක්‍රියාවලිය මාගේ වේදනාවන් හා මා හට සිදුවූ හානිය විෂ්මයජනක ලෙස ශක්තිමත් හා ගුණාත්මක වූ අභිලක්‍ෂණයන් බවට පරිවර්තනය කරන ලදී

මා කල්ලි සහ මනස පාලනය පිළිබඳ නොමිලේ තොරතුරු ලබා ගැනීමට ඇති විශාලතම හා පැරණිම වෙබ් අඩවිය වන www.factnet.org වෙබ් අඩවියේ සම කතෘ කෙනෙකි. තවද ඇමෙරිකානු ඩොලර් 8.7 මිලියනයක් වූ සයන්ටොලොජි ට එරෙහිව වූ නඩුවේ ජයග්‍රාහකයාද මම වෙමි. (සයන්ටොලොජි කල්ලියට මෙම මුදල ගෙවීමට සිදුවිය.)

සයන්ටොලොජි කල්ලිය මනස පාලනය මගින් මා හට සිදු කරන ලද විනාශය සුව කල ගත් ආකාරය පිළිබඳ වූ මෙම කෙටි සටහන ලියා ඔබ සැම දැනුවත් කිරීමට මා බොහෝ කලක සිට පෙරුම් පුරමින් සිටියෙමි.

සැකෙවින් කිවහොත් සයන්ටොලොජි මගින් සිදුකල විනාශය සියලුම කල්ලි වලට වඩා අති භයානක වූත් ඉතා දිගු කාලයක් පවතින විනාශයක් ලෙස සැලකිය හැක. කෙසේ වුවත් මා කල්ලියට අසුවීමට පෙර සිටි තත්වයටම සුව නොවූවත් පහත දැක්වෙන සරල ක්‍රියාවලිය මාගේ වේදනාවන් හා මා හට සිදුවූ හානිය විෂ්මයජනක ලෙස ශක්තිමත් හා ගුණාත්මක වූ අභිලක්‍ෂණයන් බවට පරිවර්තනය කරන ලදී. මෙ‍ම පස් වැදෑරුම් පිළිවෙත අනුගමනය නොකෙලේ නම් මට කිසි දිනක මෙම තත්වයට පැමිණිය නොහැකි වනු ඇත.

ඔබ කල්ලියකට අසුවූවෙක් නම් පහත පිරික්සුම් ලැයිස්තුව මගින් ඔබගේ සුව කිරීමේ ක්‍රියා පටිපාටියේ ඇති අඩු පාඩු හඳුනා ගත හැක. මෙම ලැයිස්තුවේ ඇති බොහොමයක් තොරතුරු අනෙකුත් ආකාරයකින් විපතට පත්ව දූෂ්‍ය වූ අයටද අනුකූලවනු ඇත.

පියවර 1 – කල්ලියට අසුවූ අනෙක් අයගේ ක්‍රියාවන් දෙස බලා ඔබට සිදුවී ඇති දේ අධ්‍යයනය කරන්න.

පියවර 1a – ඔබ කල්ලියකට අසුවූ අයෙක් නම් මනස පාලනයේ දී සිදුවන මනෝමය වූ ක්‍රියාවලිය මනා ලෙස අධ්‍යයනය කල යුතුවේ. මේ මගින් දුෂ්ට කල්ලි නායකයා හෝ ඔහු විසින් මෙහෙයවන මධ්‍ය කළමනාකරනය මගින් හෝ තාක්‍ෂණිකව ඔබ ක්‍රමානුකූලව රැවටීමට ලක් කර ඔවුන් ගේ ගොදුරක් බවට පත් කල ගත් අයුරු ඔබට වටහා ගත හැක.

පියවර 2 – ඔබ දූෂ්‍ය වී ඇති ආකාරයට අදාල විශේෂඥයකු යටතේ ප්‍රතිකාර ලබා ගන්න. කල්ලිය විසින් ඔබ තුල ඇති කරන ලද බුද්ධි හීන චිත්ත ලූපය හා ඔබ තුල ප්‍රේරනය කරන ලද භීතිකාව තව දුරටත් ඔබගේ සිතුම් පැතුම් හා ඔබ ලෝකය දෙස බලන ආකාරය පාලනය නොකරන තෙක් හා ඔබ විධිමත් ලෙස ක්‍රියාකාරී වන තෙක් අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න (ඉහත පියවර 1මනා ලෙස අධ්‍යයනය කල හොත් ප්‍රතිකාරය පහසුවෙන් හා කඩිනමින් කළ හැකිවේ).

පියවර 3 – ඔබ දූෂ්‍ය කල කල්ලි නායකයා කෙරෙහි කුපිත වී ඔහුට එරෙහිව නඩු පවරන්න. අසාධාරණයට උරණ වීම කාලෝචිත වන අතර එය තාවකාලික පෙළඹවීමක් කර ගැනීම ප්‍රයෝජනවත් වේ. නායකයාට නඩු දැමීම මගින් පීඩා කරන්නා/පීඩිතයා අතර ඇති මනෝමය වූ ක්‍රියාවලිය ආපසු හැරවිය හැක.

මෙසේ කල විට සමාජ සාධාරනත්‍ව ක්‍රියාවලියේ සමාජය විසින් අනුමත කරන ලද නීත්‍යානුකූල පීඩා කරන්නා ඔබ වන අතර නියම පීඩිතයා වන්නේ කල්ලි නායකයින්ය. මෙම නඩුවෙන් ඔබට ජයග්‍රහනය කිරීමට නොහැකි වුවත් කල්ලි නායකයාට නඩු පැවරීම කොතෙක් දුරට ඔබගේ සුව වීමේ ක්‍රියාවලියට උපකාර වන්නේදැයි කියා නිම කල නොහැක.

කල්ලි නායකයා කිසිම මායාවී හෝ විශේෂ ආධ්‍යාත්මික බලයකින් තොරව ඉතා අසරණව විත්ති කූඩුව තුල නැගී සිටින විට, එම දසුන කල්ලිය විසින් ඔබ තුල ප්‍රේරනය කරන ලද මනෝ විහිතිය විනාශ කර ඔබව ප්‍රකෘති තත්වයට ගෙන ඒමට ඉමහත් ලෙස උපකාරී වේ. තවද, මෙම නඩු දැමීම මගින් කල්ලි නායකයා නීති ක්‍රියාදාමය තුල සමාජයට නිරාවරනය වීම අනෙක් හිංසාකාරී පුද්ගලයින්ටද කදිම පාඩමක් වන්නේය. අවසාන වශයෙන් ඔවුන්ගේ දූෂිත ක්‍රියාවන්ට එරෙහිව ගන්නා නෛතික ක්‍රියාමාර්‍ගයන් ඔවුන්ගේ වියදම් වැඩි කරන බැවින් ඔවුන් මෙවැනි දූෂිත කටයුතු වලින් බැහැර වීමට යත්න දරන අතර අනාගතයේ නෛතික ක්‍රියාමාර්‍ගයන් ගැනීමේ වර්ධනය වීමක්ද සිදුවිය හැක.

පෞද්ගලිකව පිලිතුරු ලිවීමට නොහැකි බැවින් කල්ලියකට එරෙහිව නඩුවක් දිනන ආකාරය පිළිබඳව මවිසින් ඉගෙනගත් හා ඉතා වැදගත් යැයි සිතන කරුණු www.factnet.org වෙබ් අඩවිය හරහාත් ඊ මේල් මගිනුත් කල්ලි වලට සහාය දක්වන විවිධ ආයතනයන් වෙත දන්වනු ඇත. මෙමගින් කල්ලියකට අසුවූ ඔබටද නෛතික ක්‍රියාමාර්‍ගයන් ගැනීම හා සුව කර ගැනීම පිළිබඳව අත්දැකීමක් ඉතා අපහසුවෙන් ජයග්‍රහනය කරන ලද මෙම නඩුවෙන් ලබා ගත හැක.

පියවර 4 – ඔබ ආගමික කල්ලියකට අසුවී ඔබගේ ආධ්‍යාත්මික ගවේෂණය දූෂ්‍ය කර එයින් ඔබව දුරස් කර ඇත් නම් එම ආධ්‍යාත්මික ගවේෂණ කටයුතු හා ඔබගේ අභ්‍යන්තරයේ ඇති අර්ථවත් ජීවිතය නැවත ආරම්භ කිරීම ඉතා වැදගත් වේ. ඉතා සියුම් ලෙස සිදුවූ තම ආධ්‍යාත්මික පාවාදීම මැඩපැවත්වා ගැනීම අනෙකුත් සියළුම පාවාදීම් වලට වඩා අපහසු වූවත් මෙය ආරම්භ කල විට අනෙක් පියවරයන්ට වඩා ඉතා ශීඝ්‍ර ලෙස සුව වීමේ ක්‍රියාවලිය සිදුවේ.

පියවර 5 – කල්ලි හා ඔවුන්ගේ දූෂ්‍ය වූ ක්‍රියාකාරකම් පිළිබඳව අනෙකුත් අය ද දැනුවත් කරන්න. ඒ සඳහා මමද FACTNet වෙබ් අඩවියේ සම කතෘ පදවිය දැරුවෙමි. දැන් අන්තර්ජාලය තුල හෝ පිටත අන් අය දැනුවත් කිරීම සඳහා විවිධ ක්‍රමෝපායන් ඇත.

ඉහත දැක්වූ පස් වැදෑරුම් පිලිවෙත උනන්දුවෙන් අනුගමනය කලහොත් ඔබ කිසිදා නොවූ විරූ පරිදි නිරෝගී, ශක්තිමත් හා ගුනාත්මක බවින් පරිපූර්ණ වනු ඇත. ඔබගේ අත් දැකීම් ඉතා පරිණාමිත වන අතර එය ලෝකෝත්තර භාවයේ සීමාවටද ලඟා වනු ඇත.

ඔබගේ සුව කර ගැනීමේ ක්‍රියාවලිය නව හැකියාවන් ඇතිවී සර්ව සම්පූර්ණව ශක්තිමත් වේවායි මා ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

මෙයට

හිතවත්

ලෝරන්ස් වොලර්ෂයිම්

ප.ලි. කරුණාකර මෙම සරල “සුව කරන්නේ කෙසේද” යන වෙබ් පිටුව හෝ ඊමේලය මෙමගින් යහපතක් සිදුවිය හැකි යැයි සිතන කල්ලි නිසා දූෂ්‍ය වූ ඔබ දන්නා අන් සියලු අය වෙත යවන්න.

සිංහලට පරිවර්තනය කරන ලද ලිපිය //factnet.org/how-does-mind-control-work .