Home » පුවත් පත් ප්‍රකාශන » සොඳුරු කැදැල්ලේ සතුට රජ කරවමු

අද වන විට විවාහ සංස්‌ථාව විවිධ හැලහැප්පීම්වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි. කලකිරීමෙනි. මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි.

යම්කිසි යුවතිපති දෙපළක්‌ සිටිනවා. එම බිරිඳට ආරංචි වෙනවා සැමියා යම්කිසි නොමගකට යනවා කියලා. මෙම නොමගට යෑවීම ගැන දැන ගත්තත් එදා බිරිඳ සෘජු ලෙස ප්‍රශ්න කරන්න ගියේ නැහැ. සණ්‌ඩු සරුවල් කරගත්තේ නැහැ. බිරිඳ වෙනදා වගේම යුතුකම් කරනවා. නමුත් ඇය දහ අතේ කල්පනා කරනවා. ඇය ඉන්නේ කනස්‌සල්ලෙන්. සැමියාට මේ බව තේරෙනවා. හදවතින් හදවතට දැනෙනවා. සැමියාත් කල්පනා කරනවා. අනේ මගේ බිරිඳගේ කලින් තිබූ සුහදත්වය හෘදයාංගම බව දැන් නැහැනේ කියා. දැන් සැමියා කල්පනා කරනවා. බිරිඳ මෙහෙම ඉන්නේ අර ප්‍රශ්නය නිසා වෙන්න ඇති. අවසානයේදී සැමියා කියනවා බොහෝම ආදරණීය ලෙස ආයේ කවදාවත් ඔබට වරදක්‌ වෙන දෙයක්‌ කරන්නේ නැහැ කියලා.

යම්කිසි යුවතිපති දෙපළක්‌ සිටිනවා. එම බිරිඳට ආරංචි වෙනවා සැමියා යම්කිසි නොමගකට යනවා කියලා. මෙම නොමගට යෑවීම ගැන දැන ගත්තත් එදා බිරිඳ සෘජු ලෙස ප්‍රශ්න කරන්න ගියේ නැහැ. සණ්‌ඩු සරුවල් කරගත්තේ නැහැ. බිරිඳ වෙනදා වගේම යුතුකම් කරනවා. නමුත් ඇය දහ අතේ කල්පනා කරනවා. ඇය ඉන්නේ කනස්‌සල්ලෙන්. සැමියාට මේ බව තේරෙනවා. හදවතින් හදවතට දැනෙනවා. සැමියාත් කල්පනා කරනවා. අනේ මගේ බිරිඳගේ කලින් තිබූ සුහදත්වය හෘදයාංගම බව දැන් නැහැනේ කියා. දැන් සැමියා කල්පනා කරනවා. බිරිඳ මෙහෙම ඉන්නේ අර ප්‍රශ්නය නිසා වෙන්න ඇති. අවසානයේදී සැමියා කියනවා බොහෝම ආදරණීය ලෙස ආයේ කවදාවත් ඔබට වරදක්‌ වෙන දෙයක්‌ කරන්නේ නැහැ කියලා.

සමාජයේ කුඩාම ඒකක ලෙස පවුල හඳුන්වා දිය හැකිය. එවැනි පවුල් කීපයක්‌ එක්‌ වූ විට ගමක්‌ සෑදෙනු ඇත. එවැනි ගම් කීපයක්‌ එකතුවෙන් නගරයක්‌ සෑදෙනු ඇත. එවැනි නගර කීපයක්‌ එක්‌වීමෙන් රටක්‌ සෑදෙනු ඇත. මේ සියලු රටවල් එකතුවෙන් අපගේ ලෝකය නිර්මාණය වී තිබේ. ඒ අනුව ලොවක්‌ නිර්මාණය කරන කුඩාම පවුල් ඒකකය කෙතරම් ශක්‌තිමත් එකක්‌ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. පවුල් ඒකකයට මෙවැනි ප්‍රවේණියක්‌ නැතහොත් පරම්පරාවක්‌ තිබීම එහි සුවිශේෂී ලක්‍ෂණයක්‌ ලෙස හඳුන්වා දීමට පුළුවන.

මෙම සමාජයේ ශක්‌තිමත්ම අරටුව වනුයේ අඹු සැමියන්ය. නැතහොත් ඔවුන්ගේ විවාහ සංස්‌ථාවයි. ආදරයෙන් කරුණාවෙන්, මිත්‍රත්වයෙන්, කෙළිදෙලෙන් ජීවත්වන යුවතිපතීන් නිසා පවුල් සංස්‌ථාව පමණක්‌ නොව රටක්‌ම ලස්‌සන වනු ඇත.

ලස්‌සනට, සෙනෙහසින් ජීවත් වන පවුල් ඒකකයක්‌ කුරුලු කැදැල්ලක්‌ තරම් සුන්දරය. කුරුලු කැදැල්ල යන සෞන්දර්යාත්මක වචනය සතුටින් ජීවත්වන පවුලකට උපමා කිරීමට, සමාජගත වීමට නැතහොත් සමාජ ව්‍යවහාරයට පැමිණීමේ ඉතිහාසයක්‌ තිබේ.

චමත්කාරජනක සෞන්දර්යාත්මක කාව්‍යයක්‌ වන රාමායනය ලිව්වේ වාල්මිකී සෘෂිවරයා විසිනි. එම සෘෂිවරයාගේ සොඳුරු කාව්‍ය නිර්මාණය වීමේ වස්‌තු බීජය සැපයෙනුයේ සොඳුරු කැදැල්ලක කතා පුවතකිනි.

එම කතා පුවත කෙටියෙන් මෙසේ දැක්‌වීමට පුළුවන.

වාල්මිකී සෘෂිවරයා දිනක්‌ වනාන්තරයේ ඇවිදිමින් සිටියේය. එම අවස්‌ථාවේදී සෘෂිවරයාගේ නෙත ගැටෙනුයේ සතුටින් ගී ගයමින්, කෙළිදෙලෙන් සිටින කොස්‌වා ලිහිනි ජෝඩුවකි. (ඉපැරණි ඉන්දියාවේ ආදරයේ සංකේතය වූයේ ද කොස්‌වා ලිහිනියායි) කෙළිදෙලෙන් සිටි මෙම ලිහිනි ජෝඩුව හදිසියේම විපතට පත්වනුයේ නොසිතූ අයුරිණි. වැද්දකුගේ හී පහරක්‌ කොස්‌වා ලිහිනියාගේ හදවත පසාරු කරගෙන ගොස්‌ ඌ හදිසියේම මරණයට පත්වන්නේය. හදිසියේ වූ විපතින් මහත් ශෝකයට පත් ලිහිනි කිරිල්ලිය බිම වැටී ළතෝනි දෙමින් වැළපෙන අයුරු දුටු මෙම සෘෂිවරයාගේ හදවතත් ශෝකයට පත්වනුයේ නිරායාසයෙනි. මෙම ශෝකජනක අත්දැකීම රාමායනයට වස්‌තු බීජය වූ බවයි එහි සඳහන් වන්නේ. Ven. Hegoda Vipass Thero

ඒ අනුව ශෝකය තමයි ශ්ලෝකය බවට පත්වුණේ. පද හතරකින් යුක්‌ත රසාලිප්ත වචන ගටනාව ශ්ලෝකය ලෙසයි හැඳින්වෙන්නේ. ශ්ලෝකය ශෝකය මතයි ගොඩනැඟිලා තියෙන්නේ. මෙය සිංහලෙන් කවිය ලෙසත්, පාලියේදී ගාථාව ලෙසත් හඳුනා ගැනීමට පුළුවනි. කෙසේ හෝ වේවා “කැදැල්ල” යන්න රාමායනයේදීත් සඳහන් වන බවයි අපි මෙහිදී කීමට උත්සාහ කළේ.

කැදැල්ල යන්න ත්‍රිපිටකයේදීත් අපට දැක ගැනීමට පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංයුක්‌ත නිකායේ “කුටිකා නැමැති සූත්‍රයේදීත් කැදැල්ල යන වචනය අපට හමුවෙනවා. එහි අතීත කථාව මෙසේයි.

දිනක්‌ එක්‌තරා දෙවියෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කුටිය කියන්නේ කුමක්‌ද? කැදැල්ල කියන්නේ කුමක්‌ද කියලා. ඒ වගේම ප්‍රවේනිය යනු කවරක්‌ද? බන්ධනය යනු කුමක්‌ද යනුවෙන් ද වැඩිදුරටත් විමසීමක්‌ කරනු ලබනවා.

මාතරං කුටිකං බ්‍රෑසි

භරියං බ්‍රෑසි කුලාවකං

පුත්තෙ සන්තානකෙ බ්‍රෑසිs

තණ්‌හං මෙ බ්‍රෑසි බන්ධන්ති

 එහිදී දෙවියන්ගේ ප්‍රශ්නයට උත්තර දෙමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කුටිය යනු මවයි. බිරිය යනු කැදැල්ලයි. දරුවන් යනු කුල ප්‍රවේනියයි. නැතහොත් පරම්පරාවයි. තෘෂ්ණාව යනු බන්ධනයයි.

 මෙතැනදී තියෙන්නේ එකම අදහසක්‌. බිරිඳ සහ සැමියා තමයි මව සහ පියා වෙන්නේ. දරුවන්ට ඔවුන් මව පියා වෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා අන්‍යයන්ට යහළු හිත මිත්‍රයන් වෙනවා. වයසට පත්වූණාම මේ දෙදෙනාම ආච්චි සහ සීයා බවට පත්වෙනවා. ඊට පසු ආච්චිලා සීයලා මුණුබුරු මිණිබිරියෝ දකිනවා. එව මුණුපුරු මිණිබිරියෝ සහෝදර සහෝදරියන් බවට පත්වෙනවා. අයියලා, අක්‌කලා, නංගිලා, මල්ලිලා වෙනවා. මේ ආදී වශයෙන් පරම්පරාව එක දිගට ඇදී යනවා. පවුල් ඒකකයක්‌ යනු ප්‍රබල සංස්‌ථාවක්‌ ලෙස හඳුන්වාදීම වරදක්‌ නැහැ. එනිසයි බුදුරජාණන් වහන්සේ කුලප්‍රවේනිය මේ ලෙස දේශනා කළේ.

 විවාහය ජීවිතය කැදැල්ලක්‌ නම් එහි සතුට, සෙනෙහස, විනෝදය තිබිය යුතුයි. කෙළිදෙළෙන් කාලය ගත කළ යුතුයි. එනිසා සාර්ථක ප්‍රීතිමත් විවාහක ජීවිතයක්‌ ගත කිරීම ගිහි ජීවිතයේදී මිනිසා ලබන භාග්‍යයක්‌. කාලයක්‌ යද්දී දූ දරුවෝ ලැබීම නිසා එම කැදැල්ලේ සතුට තවත් වැඩිවෙනවා. පවුල් ඒකකය ශක්‌තිමත් වෙනවා.

දිනක්‌ එක්‌තරා දෙවියෙක්‌ බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ අසනවා බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තිබෙන වස්‌තුව කුමක්‌ද කියලා. ඒ වගේම මිනිසාට සිටින උතුම්ම යහළුවා කව්ද? ප්‍රාණීන් පවතින්නේ කුමක්‌ හේතුකොට ගෙනද? කියලා. එහිදී බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කර තිබෙනවා.

පුත්තා වත්ථු මනුස්‌සානං

භරියාව පරමො සඛා

වුට්‌ඨිං භූතූපජීවන්ති

යෙ පාණා පඨවිංසිතාති

(වත්ථු සූත්‍රය – සංයුක්‌ත නිකාය)

මෙහි තේරුම මෙසේයි

මිනිසාට තියෙන සම්පත දරුවෝයි. බිරිය තමයි උතුම්ම යහළුවා. පොළොව ඇසුරු කරගෙන ජීවත් වන ප්‍රාණීන් වැස්‌ස නිසා ජීවත් වෙනවා.

කෙනකුට යාන වාහන ඉඩකඩම් ඇතුළු වස්‌තුව තියෙන්න පුළුවන්. එහෙත් කෙනෙක්‌ ඔබට ඇති වස්‌තුව කුමක්‌ද කියලා ඇසුවොත් කියන්නේ මේ ඉන්න දරුවා නැතිනම් දරුවන් තමයි මගේ වස්‌තුව කියලා. එතනදී බැංකුවෙහි තියෙන මුදල් හෝ වෙනත් වස්‌තුවක්‌ ගැන ඔහු සඳහන් කරන්නේ නැහැ. එහෙත් දරුවන් වස්‌තුවක්‌ සේ නොසලකා ක්‍රියා කරන ඇතැම් දෙමාපියන්ද මේ සමාජයේ සිටින බව අපි දන්නවා.

කුල ප්‍රවේනිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඉතාමත් ගැඹුරින් ඉත්මත් දීර්ඝව දේශනා කළ යුතු දේ කෙටියෙන් (සංක්‍ෂිප්තව) දේශනා කර තිබෙනවා. මෙය සත්ත්වයාගේ පැවැත්මයි. මව පියා මේ සමාජ සංස්‌ථාවේ මූලිකම සිද්ධාන්තයි.

සංස්‌කෘත සාහිත්‍යයේ සඳහන් වන අන්දමට ගෘහය යනු ගඩොල් වලින්, උළුවලින් හෝ කටුමැටිවලින් සෑදුවක්‌ නොවේ. ගෘහය යනු ගෘහනියයි. මෙම භාරතීය විවරණයන් තුළින් පැහැදිළි වනවා සමාජය සුගතිය කරා ගමන් කිරීමේදී මොනතරම් වගකීමක්‌, යුතුකමක්‌ අඹු සැමියන්ට තියෙනවද කියලා. ඒ වගේම ඒ අයගේ හැසිරීම් රටාව සමාජ ප්‍රගතියට කෙතරම් වැදගත් ද කියලා. මෙම තත්ත්වයන් බිඳවැටුණු විට සමාජයේ විවිධ ප්‍රශ්න ඇතිවීම වැළැක්‌විය නොහැකියි.

සැමියෙක්‌, පියෙක්‌ වශයෙන් මෙන්ම බිරිඳක්‌ මවක්‌ වශයෙන් සමාජ සංස්‌ථාවේදී අනුගමනය කළ යුතු ධර්මෝපදේශ මොනවද කියා බුදුරජාණන් වහන්සේගේ දේශනා තුළ නොඅඩුව දකින්ට ලැබෙනවා. යහපත් යුග ජීවිතයක්‌ ගත කිරීමට ඇවැසි ක්‍රම වේදයන්ද එහි සඳහන් වෙනවා. යහපත් යුග දිවියක මහිමය කියාදෙන සූත්‍රයක්‌ ලෙස අංගුත්තර නිකායේ චතුක්‌ක නිපාතයේ පඨම නකුල සමජීවී සූත්‍රය හඳුන්වා දීමට පුළුවන.

එහි සඳහන් වන අන්දමට නකුල සැමියා බුදුරජාණන් වහන්සේ ළඟට ගොස්‌ මෙහෙම කියනවා…. මම නකුල මාතාව විවාහ කරගත්තේ යොවුන් වියේදී. එදා සිට ඇය හැර වෙන කිසිවකු ගැන හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එසේ නම් කයෙන් ඇසුරු කිරීම පිළිබඳ කවර කතාද? ඒ වගේම නකුල මාතාවන් කියනවා… නකුල සැමියා හැර වෙනත් කිසිවකුත් ගැන හිතකින්වත් හිතුවේ නැහැ කියලා. එසේ නම් වෙනත් අයකු පිළිබඳ කයින් ඇසුරු කිරීම පිළිබඳ කවර කතාද කියලා.

නකුල සැමියාත්, නකුල බිරියත් ඔවුනොවුන් කෙරේ දැඩි සෙනෙසින් තෘප්තිමත්ව යුග දිවිය ගත කළ යුවළක්‌. එනිසා ඊළඟ භවයේදීත් එකට එක්‌වී සාර්ථක යුග ජීවිතයක්‌ ගත කිරීමයි මේ දෙදෙනා ප්‍රාර්ථනා කරන්නේ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව දෙස බැලීමේදී අපට පෙනී යනවා අඹු සැමියන් වශයෙන් ඔවුනොවුන් අතරේ තිබුණු බැඳීයාව කෙතරම් දැඩිද කියලා. මෙලොව පමණක්‌ නොව ඊළඟ භවයේදීත් අඹු සැමියන් ලෙස එක්‌වීමට ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ එනිසයි. මෙලෙස ඉතාමත් අවබෝධයෙන් යුග දිවිය ගත කරන උදවිය අප අතරේ ඉන්නවා.

එදා භාරතීය සමාජයේත් එවැනි අඹු සැමියන් සිටියා. නමුත් ඉන් අදහස්‌ කරන්නේ නැහැ. එදා භාරතීය සමාජයේ සෑම යුග ජීවිතයක්‌ම මේ අයුරින් තිබුණා කියලා.

කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් සමාන අදහස්‌ ඇතිව, ත්‍යාගශීලීව, ප්‍රඥවෙන්, ශීලයෙන් යුක්‌තව මෙලොව යහපත් ජීවිතයක්‌ ගත කරන අඹු සැමියන්ට ඊළඟ භවයකදීත් සුගතිගාමී භවයන් ලබා ගැනීමට පුළුවන්. බුදුදහමේ තියෙන දර්ශනය තමයි මේ භවය බිලි දී ඊළඟ භවය සුගතිගාමී භවයක්‌ විය නොහැකි බව. මේ භවයේදී සුගතිගාමී වී ජීවත් වන තරමට ඊළඟ භවය සුගතිගාමී වෙනවා. බුදුදහමේ සඳහන් වන ප්‍රායෝගික සත්‍යය මෙයයි. අඹු සැමියන්ගේ ධාර්මික පැවැත්ම සහ සම්බන්ධතාව ඔවුන්ගේ ආධ්‍යාත්මික ජීවිතයටත් දැඩිසේ බලපෑම් කරන බව මින් පැහැදිලියි. භෞතික ජීවිතයේදී සාර්ථක යුග ජීවිතයක්‌ ගත කිරීම අද වන විට තරමක්‌ දුරට බිඳ වැටිලා තියෙනවා. ඒ පිළිබඳව විවිධාකාරයෙන් නොයෙක්‌ දෙනා කතා කරන ස්‌වභාවයක්‌ද දක්‌නට ලැබෙනවා.

කෙසේ නමුත් කාමාවචර සත්වයකු වශයෙන් කාම සම්පත් භුක්‌ති විඳිමින් යහපත් යුග දිවියක්‌ ගත කිරීමට ධර්මෝපදේශ ලබා දුන් සූත්‍රයක්‌ ලෙස දීග නිකායේ සිඟාලෝවාද සූත්‍රය හඳුන්වා දීමට පුළුවන. මෙය ප්‍රකට සූත්‍රයක්‌. මෙය ගිහි විනය ලෙසයි හඳුන්වන්නේ. මෙම සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු අනුගමනය කරන්නන්ට යහපත් ජීවිතයක්‌ නිර්මාණය කර ගැනීමට පුළුවන්.

එහි සඳහන් වෙනවා සැමියා බිරිඳටත්, බිරිය සැමියාටත් යුතුකම් සිද්ධ කළ යුතුයි කියා බුදු දහමේ නිතර අවධාරණය කරනුයේ යුතුකමයි. යුතුකම තියෙන තාක්‌ දුරට වගකීම් ඉෂ්ට වීම අනිවාර්යයයි. යුතුකම බිඳුණු විටයි වගකීමකට ගොස්‌ අවසානයේදී එය නීතිමය තත්ත්වයකට පත් වෙන්නේ.

සමාජයේ ප්‍රචලිත අදහස වන්නේ සැමියා බිරිඳට අනුකම්පා දැක්‌විය යුතුයි යන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී දේශනා කළේ බිරිඳ සැමියාට අනුකම්පා දැක්‌විය යුතු බවයි. අද මේ යුතුකම් වෙනස්‌ කරගන්නා, වරද්ද ගන්නා ස්‌වභාවයක්‌ දක්‌නට ලැබෙනවා. මෙහිදී බිරිඳගෙන් සැමියාටත් සැමියාගෙන් බිරිඳටත් යුතුකම් පහක්‌ ඉටුවන බවයි සඳහන් වෙන්නේ. මේ රටාව කුමක්‌ ද යන්න එහි පැහැදිලිව සඳහන් කර තිබෙනවා. පශ්චිම දිශාව (බටහිර) දිශාව ලෙසයි භාර්යාව සැලකෙන්නේ.

සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් අයුරින් සැමියාගෙන් බිරිඳට ඉටු විය යුතු කම් මේ ලෙස හඳුනා ගැනීමට පුළුවන්.

  1. සම්මානනාය (නින්දා සහගත නොවන අයුරින් කතා කිරීම.)
  2. අනවමානාය (අවමන් නොකිරීම)
  3. අනතිචරියාය (බිsරිඳ නොඉක්‌මවා ජීවත්වීම)
  4. ඉස්‌සරිය වොස්‌සග්ගෙන (යස ඉසුරු පවරාදීම)
  5. අලංකාරානුප්පදානෙන (ආභරණ ආදිය බිරිඳට ලබාදීම)

මේ කියන යුතුකම්වලින් බිරිඳගේ සියලු අවශ්‍යතාවන් සම්පූර්ණ වෙනවා.

සමහර තරුණයන් විවාහ වන අවදියේදී තමයි බොහොම ලෙන්ගතුව, හෘදයාංගම ලෙස ඇයට කතා කරන්නේ. ඇය තමන් සතු කරගත් විට දාසියකුට ලෙස කතා කරන අයත් සිටිනවා. සමහර විට එය තර්ජනයක්‌ දක්‌වා යන අවස්‌ථාද දක්‌නට ලැබෙනවා. මේ තත්ත්වයෙන් මිදී යහපත් සැමියකු ලෙස තම ජීවිතය හැඩ ගසා ගැනීමට අපට ඉහත සිඟාලෝවාද සූත්‍රයේ සඳහන් ධර්ම කරුණු ඉතා වැදගත්.

කායික, භෞතික මෙන්ම බිරිඳගේ මානසික අවශ්‍යතාවයන් තෘප්තිමත් කිරීම ගෞරවනීය සැමියකුගේ ලක්‍ෂණයයි.

බිරිඳ සැමියාට අනුකම්පා කළ යුතුයි. කෙසේද අනුකම්පා කළ යුත්තේ. සිඟාලෝවාද සූත්‍රයේ එම ධර්ම කරුණු පෙන්වාදී තිබෙන්නේ මේ අයුරින්.

  1. සුසංවිහිත කම්මන්තා ච හොති (නිසි වේලාවට නිවසේ වැඩකටයුතු කිරීම).  එදාට වඩා අද සමාජය තත්ත්වය වෙනස්‌. ඒ අනුව කාලානුරූපීව කටයුතු කිරීම වරදක්‌ නොවේ. නමුත් ව්‍යුහය මෙයයි.
  2. සුසංගහිත පරිජනාච හොන්ති (පිරිවර ජනයාට හොඳින් සංග්‍රහ කිරීම). සැමියාගේ ඥති හිතමිත්‍රාදීන්ට හොඳින් සැලකීම මින් අදහස්‌ කෙරේ. නමුත් මෙහිදී මත්පැනින් සංග්‍රහ කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ.
  3. අනතිචාරිනීච (සැමියා නොඉක්‌මවීම)
  4. සම්භතං අනුරක්‌ඛති (සැමියා උපයා සපයා ගන්නා දේ හොඳ කළමනාකාරිත්වයකින් ආරක්‍ෂා කිරීම.)
  5. දක්‌ඛා ච හොති අනලසා (ගෙදර දොර වැඩ කම්මැලි නැතිව හිස උදුම්මා ගන්නේ නැතිව ඉෂ්ට කිරීම.)

මෙන්න මේ විදිහටයි බිරිඳ සැමියාට අනුකම්පා දැක්‌විය යුත්තේ. එවිට සැමියාත් තම යුතුකම් ඉෂ්ට කරනවා. නමුත් එකක්‌ පැහැදිලිව කිව යුතුයි. මෙතැනදී සැමියාගේ ඒකාධිකාරීත්වයක්‌ නැහැ. පුරුෂාධිපත්‍යයක්‌ ගැන බොහෝ දෙනා කතා කළත් ආධිපත්‍ය බෙදිල ගිය ස්‌වභාවයක්‌ තමයි සිඟාලෝවාද සූත්‍රයේදී දක්‌නට ලැබෙන්නේ.

ඉස්‌සර හැමවිටම අඹු සැමියන් හැඳින්වූයේ සැමියා සහ භාර්යාවන් ලෙසයි. නමුත් අද සමාජයේ සහකරු සහකාරියන් ගැනත් කතා කෙරෙනවා. එදා සැමියා තමයි සියලු ධනය රැස්‌ කළේ. ඒවා මැනවින් පරිහරණ කිරීමයි බිරිඳගේ යුතුකම වුණේ. නමුත් අද සමාජ තත්ත්වය වෙනස්‌ වෙලා. සැමියාත් බිරිඳත් රැකියා කරන අවස්‌ථා දක්‌නට ලැබෙනවා. එය වරදක්‌ නොවේ.

අද සැමියාටත් බිරිඳටත් සහයෝගයෙන් ජීවත් වන පරිසරයත් නිර්මාණය වෙලා තියෙනවා. නමුත් මේ දේවල් වෙනස්‌ වුණාට සැමියා හා බිරිඳගේ යුතුකම් ඉටුවිය යුතු සැලැස්‌ම, ව්‍යහය වෙනස්‌ වන්නේ නැහැ. එම ව්‍යහය වෙනස්‌ වුණ විටයි විවාහ ජීවිතයේදී විවිධ ගැටුම් ඇතිවෙන්නේ. අපි මේ දේවල් සාහිත්‍යාත්මකව දැකීමට උත්සාහ කරන්නේ නැහැ. එසේ සිතනවා නම් ඉතා යහපත්. ප්‍රශ්න ගොඩක්‌ අඩු වෙනවා. සාහිත්‍යයත් කාන්තාවක්‌ වගෙයි. කාන්තාවත් සාහිත්‍ය වගෙයි. මෙය තේරුම් ගැනීමට සරල උදාහරණයක්‌ ගනිමු.

යම්කිසි යුවතිපති දෙපළක්‌ සිටිනවා. එම බිරිඳට ආරංචි වෙනවා සැමියා යම්කිසි නොමගකට යනවා කියලා. මෙම නොමගට යෑවීම ගැන දැන ගත්තත් එදා බිරිඳ සෘජු ලෙස ප්‍රශ්න කරන්න ගියේ නැහැ. සණ්‌ඩු සරුවල් කරගත්තේ නැහැ. බිරිඳ වෙනදා වගේම යුතුකම් කරනවා. නමුත් ඇය දහ අතේ කල්පනා කරනවා. ඇය ඉන්නේ කනස්‌සල්ලෙන්. සැමියාට මේ බව තේරෙනවා. හදවතින් හදවතට දැනෙනවා. සැමියාත් කල්පනා කරනවා. අනේ මගේ බිරිඳගේ කලින් තිබූ සුහදත්වය හෘදයාංගම බව දැන් නැහැනේ කියා. දැන් සැමියා කල්පනා කරනවා. බිරිඳ මෙහෙම ඉන්නේ අර ප්‍රශ්නය නිසා වෙන්න ඇති. අවසානයේදී සැමියා කියනවා බොහෝම ආදරණීය ලෙස ආයේ කවදාවත් ඔබට වරදක්‌ වෙන දෙයක්‌ කරන්නේ නැහැ කියලා.

මෙය පාපොච්ඡාරණයක්‌ මෙන් විය හැකියි. සාහිත්‍යත්මකව ජීවත් වන නිසයි මෙහෙම වුණේ. නැත්නම් බිරිඳ… දන්නවනේ තමුසේ කරපු වරද…. යනාදී වශයෙන් ආරවුලක්‌ ඇති කරගතහොත් ඉන් සිදුවන්නේ ප්‍රශ්නය දුරදිග යැමක්‌. ගැටුමක්‌. ගෘහය ඇතුළේ ආදරණීය වචනවලට, හෘදයාංගම සිතුවිලිවලට ලොකු බලයක්‌ තිබෙනවා. අඹුසැමියන් මෙය තේරුම් ගත යුතුයි.

මතු සම්බන්ධයි

නිවැරදි කිරීමයි …..

පසුගිය සතියේ “සමාධි” ලිපියේ හෑගොඩ විපස්‌සී හාමුදුරුවන්ගේ නායක හාමුදුරුවන්ගේ නම හදුගොඩ ඛේමානන්ද හිමියෝ ලෙස පළවූයේ ප්‍රමාද දෝෂයකිනි. එම නම හෑගොඩ ඛේමානන්ද නාහිමියෝ ලෙස නිවැරදි විය යුතු බව කාරුණිකව සලකන්න.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ