Home » විශේෂාංග » දානය

දානය

බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. සන්තානගත කෙලෙස්, පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක් වශයෙන් ද දාන සංකල්පය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත‍්‍ර දේශනාවල සඳහන් වේ.

ඒ අනුව පුද්ගලයාගේ සිට පාලකයා දක්වාත් පාලකයාගේ සිට පුද්ගලයා (ජනතාව* දක්වාත් අන්‍යොන්‍ය වශයෙන් දානය හෙවත් පරිත්‍යාගය සිදුවිය යුතු බව බෞද්ධ ඉගැන්වීමයි. රාජ්‍ය පාලකයා තම ජනතාව උදෙසා කළ යුතු යුතුකම් එනම් සතර සංග‍්‍රහය වස්තු, දශරාජ ධම_ ආදි ප‍්‍රස්තුතයන්හි මුලින් ම සඳහන් වන්නේ දානයයි. මෙහි අදහස රාජ්‍ය පාලකයකු ජනතාවට දන්දීම නොවේ. ජනතාවගේ දිළිඳුකම නැතිකිරීම පිණිස රාජ්‍ය ධනය ක‍්‍රමානුකූලව බෙදීයෑමට සැලැස්වීමයි: රැකියා අවස්ථා සුලබ කිරීමයි. රාජ්‍ය පාලකයකුගේ යුතුකම මෙන් ම වගකීම් ද වන්නේ දාන සංකල්පය ජනතාවගේ ආර්ථික තත්ත්වය උසස් කිරීම පිණිස ක‍්‍රියාත්මක කිරීමයි. ඒ බව කූට දන්ත සූත‍්‍රයෙන් පැහැදිළි වේ. එනම්,

බමුණා පෙර මහා සම්පත් ඇති මහාවිජිත නම් රජෙක් විය. ‘‘මතු හිතසුව පිණිස යාගයක් කරන්නේ නම් මැනවැ’’ යි ඔහු සිතුවේ ය. පුරෝහිත බමුණා කැඳවා එම අදහස ඉදිරිපත් කොට යාගය කළ යුතු ආකාරය විචාළේ ය.

රජතුමනි, ගම් නියම්ගම්, නගර සොර බියෙන් පීඩා විඳියි. මං පැහැරුම් දක්නා ලැබේ. මෙසේ උවදුරු ඇති රටකින් අයබදු ගැනීම ආදිය සුදුසු නොවේ. විවිධ ද`ඩුවම්වලින් සොර උවදුරු වැළැක්විය නොහේ. එම නිසා මෙසේ පිළි පැදීම අගනේ ය. කෘෂි කර්මාන්තයෙහි යෙදුනවුනට ධාන්‍ය බීජ ආදිය ලබා දිය යුත්තේ ය. වෙළඳාමෙහි යෙදුනවුනට මුදල් ද රාජකාරියේ යෙදුන වුනට ආහාර පාන, මාසික වැටුප් ආදිය ලබා දිය යුතු යි. මෙසේ කළ පසු ඒ ඒ ජනයෝ තම තමන් අයත් කාරියෙහි නිසි සේ යෙදෙති. සොරබිය දුරුවෙයි. රජුගේ ආදායම ද වැඩි වෙයි. රටෙහි උවදුරු ද නැති වෙයි. මිනිස්සු අඹුදරුවන් පෝෂණය කරමින් සැකයෙන් බියෙන් තොරව සුඛිත මුදිතව වාසය කරන්නා හ. එම උපදෙස් අනුව පාලනය කරන්නේ රටෙහි නිෂ්පාදනයන් වර්ධනය වී රාජ්‍යය සමෘද්ධ විය. මින් පැහැදිලි වන්නේ දාන සංකල්පය රාජ්‍ය පාලකයෙකු ක‍්‍රියාත්මක කළ යුතු ආකාරයයි.

පාලකයාත් පාලිතයාත් පුද්ගලයෙක්මයි. ඒ නිසා ඔවුන්ගේ සන්තානගත සිතිවිලි ක‍්‍රියාත්මක ස්වරූපය සමාන මූලයන්ගෙන් යුක්තයි. සමාජ ස්ථර අනුව ස්වකීය භූමිකාවට සුදුසු පරිදි ක‍්‍රියා කිරීම ශීලාචාර පුරවැසියන්ගේ ස්වරූපයයි. එහිලා පුද්ගලයාගේ චිත්ත සන්තානයේ කිඳා බැස ඇති ලෝභය නමැති අකුසල මූලය පාලනය කිරීමට දානය අත්‍යවශ්‍ය සාධකයකි. ආශාව, තණ්හාව, කාමය, රාගය, කෑදරකම ආදි වශයෙන් හඳුන්වන්නේ ලෝභයයි. නැතහොත් ලෝභය මුල්කොට ඇතිවන චිත්ත ප‍්‍රවනතායි. මේ නිසා ධනය ලබා ගැනීමට සෑම පුද්ගලයෙකුම උත්සාහ කරයි.

මෙහි අප ධනය වශයෙන් අදහස් කරන්නේ මූල්‍ය සාධකය පමණක් නොවේ. කෙසේ වුවත් ධනය හේතු කොට පුද්ගලයාට විපතක් ඇතිවන්නේ, ධනය නිසා නොවේත ධනය පරිහරණය අනුවම යි. එම නිසා විමුක්තියට බාධා නොවන පරිදි ධනය පරිහරණය කරන අයුරු බුදුදහමේ පෙන්වා දී තිබේ. අනික් කරුණ ප‍්‍රියජනක දේ භුක්ති විඳීමට බෞද්ධ ඉගැන්වීම් බාධා නුවුවත් ප‍්‍රියජනක දේ කෙරෙහි ඇලී ගැලී සිටීම විපතට හේතු වේ. විමුක්තියට බාධාවකි. දානය විමුක්තිය හෙවත් සියල්ල නැතිකොට සසරින් එතෙරවීමේ මාර්ගයේ මුල් පියවර වහයෙන් හැඳින්වූයේ එම නිසා යි. ඇත්ත වශයෙන් ම ඉහත සංකල්පයෙන් දැක් වූ දේ පුළුල්ව සාකච්ඡුා කළ යුතු වුවත් ඊට මෙය ඉඩක් නොවේ. පුද්ගල සන්තානයගත ලෝභය නමැති භූවල්ලා ක‍්‍රමක‍්‍රමයෙන් නැති කිරීම පිණිස බෞද්ධ සමාජයේ දානය සංකල්පය පුළුල්ව විකාශයට පත්ව ඇත. විශේෂයෙන් ම විමුක්තිය ලබා ගැනීම පිණිස දානය ද සාංසාරිකව පාරමිතාවක් වශයෙන් ප‍්‍රගුණ කළ යුතු ආකාරය දස පාරමී ධර්මයන්ගෙන් ප‍්‍රකට වේ.

දානය යන පාලි වචනයේ තේරුම දීමයි. ඒ වනාහි පූජා වශයෙන් හෝ අනුග‍්‍රහ වශයෙන් හෝ සිදු කළ හැකි ය. දීම සාමාන්‍යයෙන් එකක් වුව ද පූජාය හා අනුග‍්‍රහය (දානය* වශයෙන් දෙයාකාරයි. තමා හා සමාන වූ ද, තමාට වඩා හීන වූ ද, ගුණයෙන් යුත් පුද්ගලයන්ට තම සතු වස්තුව පරිත්‍යාග කිරීම අනුග‍්‍රහ වශයෙන් දීමයි. තමාට වඩා උසස් ගුණයෙන් හෙබි බුද්ධාදි උතුමන් වහන්සේලාට තම වස්තුව දීම පූජා නම් වේ. එම නිසා දුගී මගී යාචකාදීන්ට හෝ උපාස උපාසිකාවන්ට හෝ යමක් පරිත්‍යාග කිරීම දානය වශයෙන් ව්‍යවහාර කළත් දානය පූජා කළ හැක්කේ මහා සංඝරත්නයට පමණයි. මෙහි දි ප‍්‍රශ්නයක් මතු වේ. එනම් දිය යුත්තේ කුමක් සඳහා ද? මේ සඳහා මහානිදාන සූත‍්‍රයේ සඳහන් දේශනාවක් වැදගත් වේ. එනම්,

වේදනාව නිසා තණ්හාව, තණ්හාව නිසා සෙවීම වෙයිත සෙවීම් නිසා ලැබීම් වෙයිත අරමුණු ලැබීම් නිසා නිගමනයන් ඇති වෙයිත දෘෂ්ටි වශයෙන් කරණ නිගමන නිසා ඡුන්ද රාගය (දුර්වල රාගය* ඇති වෙයිත ඡුන්ද රාගය නිසා මමය මාගේය යන බලවත් ඇලීම වෙයිත එම නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැනීම වෙයිත මසුරුකම ඇති වෙයි. මසුරුකම නිසා ආරක්‍ෂා හේතුන් ඇති වෙයි. එය හේතුකොට ද`ඩු ගැනීම්, අවි ගැනීම්, කලහ, විවාද යනාදිය අගෞරව වචන, කේලාම් බස්, මුසා බස් ආදි ලාමක අකුසල හටගනියි යනුවෙන් සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ දන් දිය යුත්තේ සිත් සතන් හි පවත්නා ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූල නැතිකොට ශාන්ත නිවන් සුවය පිණිස බවයි. නිවන ලබා ගැනීම එක විට කළ නොහැකි ය. සංසාරිකව ඒ සඳහා ගුණධර්ම වැඞීම අවශ්‍යයි.

දන් දෙන පුද්ගලයාගේ ලෝභා දි චිත්තාවේග පාලනය කොට හික්මවා මෘදු මොලොක් ශාන්ත ස්වරූපයට පත් කරයි. මෙලොව හිත සුව පිණිස සමාජ සංස්ථාවන්ගේ අභිවෘද්ධිය පිණිස පුහුදුන් මිනිසා දන් දිය යුතු ය. මෙම පරමාර්ථ ඉෂ්ට කිරීම පිණිස වඩා සුදුසු පින්කෙත මහා සංඝ රත්නයයි.

එම නිසා පුන පුනා සිත පිනා යන හැටියට දන් දීමට නම් සම්පූර්ණ විය යුතු අවස්ථා තුනක් තිබේ. ඒවා සම්පත්ති යනුවෙන් හැඳින් වේ. එනම් ශ‍්‍රද්ධා සම්පත්ති, වස්තු සම්පත්තිය හා ප‍්‍රතිග‍්‍රාහක සම්පත්තිය, ශ‍්‍රද්ධාව යනු තුරුණුවන් පිළිබඳ විශ්වාසය යි. ධාර්මික ලෙස උපයා සපයා ගත් ප‍්‍රතිග‍්‍රාහකයන් කොතෙක් හොඳ වුවත් වස්තු සම්පත්තිය ධාර්මික වුවත් ශ‍්‍රද්ධාව නොහොත් චිත්ත සම්පත්තිය දුර්වල නම් දානයෙන් උසස් කුසලයක් අත් කරගත නොහැකි ය. දන්දිය යුත්තේ තුන්සිත පහදවාගෙන ය.

 

තුන් සිත පිළිබඳ ලෝ වැඩ සඟරාව පැහැදිලි කරන හැටි

අන්හට අලසව නොකොට     වි         දානය
පින්මිස අනෙකක් නොකොට     ප     දානය
තුන් සිත පිරිසිදු කොට     දුන්            දානය
උන් ගිය ගිය තැන ලැබෙයි     නි        දානය

 

අලස කමින් අනුන් යෙදවීමක් නොකොට පින් මිස අන් කිසිවක් ප‍්‍රධාන කොට නොගෙන තුන් සිත පිරිසිදු කොට දුන්නා වූ දානය ඔවුන් උපනුපන් ජාතිවල වස්තු ලැබීමට හේතු වෙයි.

තුන් සිත යනු පූර්ව චේතනා, මුඤ්චන චේතනා හා අපර චේතනායි. දනක් දීමට සිතූ මෙහොතේ පටන් එය සංවිධානය කිරීම් වශයෙන් යෙදෙන චේතනාව පූර්ව චේතනාවයි. මුඤ්චන චේතනාව යනු ‘‘ඉමං භික්ඛං භික්‍ඛු සංඝස්ස දේම’’මේ භික්‍ෂාව භික්‍ඛු සංඝයාට දෙමු’’ යනුවෙන් කියා පිළියෙල කළ දාන වස්තුව සඟ සතු කරණ අවස්ථාවේ ඇති වන චේතනාවයි. එතැන් පටන් ඇති වන සිතිවිලි අපර චේතනා නම් වේ. එය මරණාසන්නය දක්වා හෝ බලපැවැත්විය හැකිය.

1.    බුදුන් ප‍්‍රමුඛ භික්‍ෂූ භික්‍ෂුණී උභය සංඝ රත්නයට දන්දීම.
2.    භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝ රත්නයට දන්දීම.
3.    භික්‍ෂු සංඝ රත්නයට දන්දීම
4.    භික්‍ෂුණී සංඝ රත්නයට දන් දීම
5.    ආරාධනාවක් නැතිව වඩින තරමක් භික්‍ෂු භික්‍ෂුණි සංඝ රත්නයට දන් දීම
6.    ආරාධනාවක් ඇතිව වඩින භික්‍ෂු සංඝ රත්නයට දන්දීම
7.    ආරධනාවක් ඇතිව වඩින භික්‍ෂුණි සංඝ රත්නයට දන්දීම

මේ කාලයේ දන්දිය හැක්කේ 3 හා 6 වැනි සාංඝික දානයි.

 

Daanaya

තමන්ගේ හැකියාව පරිදි කවර ගණනක් වුවද සංඝයා වහන්සේට සංඝික කොට දන් දිය හැකි ය

‘‘සංඝ යන වචනයට බෞද්ධ කාලයේ වැඩ සිටි සැරියුත් මුගලන් ආදි මහ රහතන් ප‍්‍රධාන සියලූම ආර්ය මහා සංඝයා වහන්සේ මෙන් ම වර්තමාන කාලයෙහි වැඩ සිටින හා අනාගතයෙහි ඇතිවන සියලූම සංඝයා වහන්සේ ම ඇතුළත් වන බව බුදුරජාණන් වහන්සේ විසින් (දක්‍ඛිණාවිභංග සූත‍්‍රයේ* දේශනා කර තිබෙන බැවින් බෞද්ධයන් විසින් සංඝික දාන දීමේ දි නිකාය වශයෙන් හෝ පක්‍ෂ වශයෙන් හෝ ග‍්‍රාමන්ත ආරණ්‍ය වශයෙන් සිලවත් – දුසිල්වත් වශයෙන් හෝ පුද්ගල සංඤාවක් ඇති කර ගෙන දීම පින් අඩුවීමට හේතු වන්නේ ය. එසේ ම තමන්ගේ හැකියාව පරිදි කවර ගණනක් වුවද සංඝයා වහන්සේට සංඝික කොට දන් දිය හැකි ය. සඟුන් ඉල්ලා දෙතොත් එක් නමකට වුවද ලැබුණේ සාමණේර නමක් නම් ඒ නමට වුව ද සාංඝික වශයෙන් දන් දිය හැකි ය. මෙහිලා වැදගත්ම කරුණු වන්නේ චිත්ත ප‍්‍රණීධානයේ හෙවත් සිත පිහිටුවා ගැනීමේ පවිත‍්‍ර ආකාරයයි.

පින් තකා රෝහලක සිටින සියලූම රෝගීන්ට ගිලන් උවටැන් වශයෙන් ආහාරයක් දෙනු කැමැත්තා ගිලනුන්ගේ ස්ත‍්‍රී පුරුෂභාවය, බාල මහලූ බව ජාති ගෝත‍්‍රාදිය සත්පුරුෂ අසත්පුරුෂ ආදිය නොබලාම ගිලන් බව පමණක් ම බලා දන් දෙන්නාක් මෙනි. තනිකර බුදුනට පූජා කරන විට පුද්ගලික දායක් වන අතර සංඝික කර දෙන විට වඩා ආනිශංස වන බව බුදුහුම වදාළ හ.

අමාරු වැඬේ දන් දීම නොවේ.

පෙර බරණැස් නුවර මද්දව නම් රජෙක් සිටියේ ය. දිනක් ඔහු ඉතා වටිනා වස්තුවක් පරිත්‍යාග කළේ ය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇති වී ඔහු රෝගාතුර විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස් පරිදි රජගෙදර මිදුලේ ක‍්‍රීඩා ප‍්‍රදර්ශනයක් පවත්වන ලදි. එහි එක් පුරුෂයෙක් අඩි දෙකහමාරක් පමණ දික් වූ තියුණු මුවහත් කඩුවක් ගිල්ලේ ය. රජු ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක් තවත් ඇත්දැයි ඇමතියෙකුගෙන් විචාළේ ය. එවිට ඇමතිය කියන්නේ :

මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝශයෙනි. යමෙක් තමාට අයත් දෙයක් අනුන්ට දෙමි යි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ල ඊට වඩා පහසු ය. දෙමි යි කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැ යි කීවේ ය.

එය අසා රජතෙම අන් ඇමතියෙකුට කථා කොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක් ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵල ය. යමෙක් පොරොන්දු වූ හැටියට ම වස්තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි ද ලෝකයේ ඇති අන් සියල්ලම පහසුය යි ද කීවේ ය. එය අසා රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දී දුෂ්කර දෙයක් කෙළෙමි යි සතුටු වී ශෝකය තුනී කර ගෙන ලඟ සිටි මහ බෝසත් වූ සේනක ප`ඩිතුමාගෙන් කලින් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත් දැයි විචාළේ ය. ඊට පිළිතුරු වශයෙන් බෝසත් ප`ඩිතුමා කියන්නේ මහ රජතුමනි මනුෂ්‍යයා ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දාන දෙන්නේ ය. යමෙක් දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය ඒ සියල්ලට වඩා දුෂ්කර කරුණකි. අන් සියල්ලම පහසු කරුණු යැ යි පැවසීය. මෙය අසා රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමි. මා වැන්නෙකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසු ය. ඒ තුන්වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතුය යි සලකා ශෝකය දුරු කර ගත්තේ ය. රජුගේ රෝගය ද සුව විය. (දසණ්ණක ජාතකය*