Home » පුවත් පත් ප්‍රකාශන » බොරුවෙන් අනුන් මුලාකර අකුසල් රැස්‌කර ගන්න එපා!

බොරුවෙන් අනුන් මුලාකර අකුසල් රැස්‌කර ගන්න එපා!

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18

බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරන ආත්මභාවවල කිසිම අවස්‌ථාවක බොරුවක්‌ කියා නැති බව අප පසුගිය සතියේ සඳහන් කළා. ඒ සඳහා හොඳම නිදසුන ජාතක පාලියෙහි සඳහන් හාරිත ජාතකය බවත් අප එහිදී සඳහන් කළා.

අද ධර්ම සාකච්ඡාවෙන් ඒ පිළිබඳව තවදුරටත් විමසා බලමු.

බුදුරජාණන් වහන්සේ මේ ජාතකය දේශනා කළේ, වස්‌ත්‍රාභරණයෙන් සැරසී සිටි ස්‌ත්‍රියක්‌ දැක සිත උපන් බලවත් රාගයෙන් සසුන් බඹසර කළ කිරී සිටි එක්‌තරා භික්‍ෂුවක්‌ අරභයා,

 කේලාම් කීම යනු බිඳ වීමයි. දස අකුසල්වල කේලාම් කීම පවක්‌ ලෙස දක්‌වා තිබෙනවා. කේලම කියන්නේ බොරුවක්‌ පදනම් කරගෙනයි. එය විනාශයට හේතු වෙනවා.

කේලාම් කීම යනු බිඳ වීමයි. දස අකුසල්වල කේලාම් කීම පවක්‌ ලෙස දක්‌වා තිබෙනවා. කේලම කියන්නේ බොරුවක්‌ පදනම් කරගෙනයි. එය විනාශයට හේතු වෙනවා.

පෙර බරණැස්‌නුවර බඹදත් රජ රාජ්‍යය කරන කල්හි අප මහ බෝසතාණෝ මහා ධනවත් බමුණු ගෙයක ඉපදුණා. මේ කුමාරයාගේ රන්වන් ශරීරය නිසා “හාරිත” කියා නම් තැබුවා. ඉතා දක්‍ෂ ලෙස ඉගෙන ගෙන විවාහ වූ හාරිත කුමාරයා අඹුදරුවන් පෝෂණය කරමින් සිටිනවා. වයසට ගිය මාපියන් මියගිය පසු ඔවුන්ගේ අසූ කෝටියක්‌ ධනය ද හාරිතට හිමි වුණා. කොපමණ හරිහම්බ කළත් ඒ කිසිවක්‌ දෙමාපියන් මිය යන විට ගෙන නොගිය නිසා ඒ පිළිබඳ නිතර සිතනවා. කෙසේ වුවත් අවසානයේ ඒ සියලු ධනය දුගී මගී යාචකාදී සැමට මහදන් පවත්වා තවුස්‌දම් පිරීමට “හාරිත” වනගත වුණා. ටික දිනකින් පංචාභිඥ අෂ්ටසමාපත්ති උපදවා ගත්තා. දිනක්‌ අහර සොයා ගැනීමට නගරයට පැමිණ පිඬුසිඟා යන මේ තවුසා දැක රජතුමා පැහැදුණා. පසුව රජ උයනේම තවුස්‌දම් පිරීමට ඉඩ සලසා දුන්නා. රජතුමා අතිශය ගෞරව භක්‌තියෙන් තවුසාට සලකනවා.

දිනක්‌ රජතුමා “අපගේ පින්කෙත නොනසා රක්‍ෂා කරව”යි කියා මෙම බෝසතාණන්වහන්සේ අගබිසවට භාරකොට යම් කටයුත්තකට පිටත් වුණා. එතැන් සිට අගබිසව බෝසත් තවුසාණන්ට අහරින් සංග්‍රහ කරනවා. දිනක්‌ රජ බොජුන් පිළියෙළ කොට තවුසා පැමිණෙන තෙක්‌ සුවඳ පැන් නහා සිහින් සිලුටු සළුවක්‌ හැඳ සීමැඳුරු කවුළු දොර හැර ඇඟ පවන් සලමින් මිටි ඇඳක දේවිය වැතිරී සිටිනවා. තවුසාණෝ පාත්‍රය ගෙන අහසින් කවුළු දොර සමීපයට පැමිණියා. ඒ හඬින් වහා ඇඳෙන් නැඟී සිටි දේවියගේ සිලුටු සළුව මඳක්‌ ලිහිල්ව ඉනෙන් වැටෙනවා. ඒ විෂ භාග අරමුණ මහ බෝසතාණන් වහන්සේගේ ඇසට අරමුණු වෙනවා. නොයෙක්‌ කෙළ ලක්‍ෂ ගණනක්‌ අවුරුදු මුළුල්ලේ සිත් සනහා විසූ රාගය පෙට්‌ටියක සිටි සර්පයකු මෙන් නැඟී ධ්‍යාන බලය පිරිහෙනවා. එයින් රාගය උත්සන්න වී දේවිය සමඟ ලෝකස්‌වාරතියේ යෙදෙනවා. එතැන් පටන් ඉඩ ලද අවස්‌ථාවල මේ හාරිත තවුසාණෝ දේවිය සමඟ ලෝකාස්‌වාදරතියේ යෙදෙනවා. මේ රහස ජනයා අතර පැතිරෙනවා. රජතුමාට ද ඇමැතියෝ ලියුමකින් ඒ බව දන්වා Ven. Hegoda Vipass Theroසිටිනවා. රජතුමා සිතන්නේ “අමාත්‍යයෝ තාපසයන් කෙරේ මා බිඳවනු කැමැත්තෙන්” එසේ කළා කියාය. කෙසේ වුවත්, රජ දේවියගෙන් “සැබෑ ද සොඳුර අපගේ ආය වූ තාපසයන් වහන්සේ තොප කෙරෙහි වරදවා පැවැති සේක්‌දැයි අසනවා. එකල “සැබෑව දේවයන් වහන්ස යෑයි බිසව කියනවා. එහෙත් රඡ්ජුරුවෝ එය අදහා නොගෙන තවුසාගෙන්ම ඒ පිළිබඳ විමසනවා” එම්බා තාපසයන් වහන්ස නුඹ වහන්සේ අසද්ධම_ සේවනය කෙරෙතියි අප විසින් අසන ලදී. එය සැබෑ ද බොරු බසෙක්‌ ” දැයි එකල්හි බෝසතාණෝ “ඉදින් මේ රජ මා බොරු යෑයි කීවත් අදහා ගන්නේaය. එසේ වුවත් සත්‍ය වචනයම කිව යුතුයි” සිතා දේවිය සමඟ කාමය වරදවා හැසිරුණා යෑයි පැවසීය.

බිසවුන්ගේ දුහුල් වත අහඹු ලෙස ශරීරයෙන් ගැලවෙනවාත් සමඟම එය අෂ්ටසමාපත්ති හාරිත තවුසාගේ නෙත ගැටෙනවා. එම අවස්‌ථාවේදී තවුසාගේ යටපත් වූ රාගය ඇවිස්‌සුණා. ජාතක කතාකරුවා මෙම අවස්‌ථාව පෙන්නුම් කළේ රාගය නමැති පෙට්‌ටියේ උන් සර්පයකු මෙන් තවුසාගේ ධ්‍යාන නැසුණු බවයි.

බොරුවක්‌ කියා එම අවස්‌ථාව වසන් කර ගැනීමට හොඳටම අවස්‌ථාව තිබුණත් බෝසත් ගතිගුණ නිසාම අප බෝසතාණන් වහන්සේ මෙහිදීත් බොරු නොකීහ. සත්‍යම ප්‍රකාශ කළහ.

මෙහිදී ලෝකාස්‌වාද රතිය යනුවෙන් අදහස්‌ කළේ මෛථුන්‍ය සේවනයේ නැතහොත් මෙවුන් සේවනයේ යෙදීමයි. භාෂාවේදී ද්වධන්ධය සමාපත්තිය යනුවෙන් ද මෙය සඳහන් වෙනවා.

ලෝකාස්‌වාද රතිය යනු සෑම පුද්ගලයකුට ම උරුම ධර්මතාවක්‌ අප “කාමේසුමිච්ඡාචාරා” යන සිල්පදය ගැන කතා කරද්දීත් මේ බව සඳහන් කළා. අප බෝසතාණන්a වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්‌ මුළුල්ලේ පාරමී පුරද්දීත් මේ ආදී අකුසල කර්ම සිද්ධි වුවත් ඒ කිසිම අවස්‌ථාවක බොරුවක්‌ නොකී බව අටුවාවල සඳහන් වෙනවා. මෙම ජාතක කතාවෙනුත් එය සනාථ වෙනවා.

අටුවාවේ එය සඳහන් වන්නේ මේ ආකාරයෙනි.

බෝධිසත්තස්‌ස හි ඒකච්ෙච්සු ඨානෙසු පාණාතිපාතම්පි

අදින්නාදානම්පි මිච්ඡාචාරෝපි සුරාපානම්පි හොති

යේව අථභඤ්ජක විසංවාදං පන පුරක්‌ඛවා මුසාවාදො

නාම නාහෝසි” (ජාතකට්‌ඨකතාව – හාරිත ජාතක)

මෙම ගාථාවේ සරල තේරුම වන්නේ බෝසතාණන් වහන්සේ අතින් පාරමී පුරන කාලයේදී අනෙකුත් අකුසල සිදු වුවත් විසංවාද හෙවත් බොරුවක්‌ කිසිවිටක නොකී බවයි.

මෙහිදී විසංවාදය යන වචනය ගැනත් යමක්‌ සඳහන් කළ යුතුයි. සමහරු මෙහි තේරුම ගන්නේ සංවාදය නැතැයි යන අර්ථයෙන්. එයත් බොරුවක්‌. විසංවාදය යනු බොරු කීමයි. තවත් ආකාරයකින්a කියනවා නම් නොගැලපෙන දේ කීමයි. නමුත් මාධ්‍යවල පවා මෙම වචනය වැරැදි ආකාරයට යොදා ගන්නා බව අප පසුගිය කාලයේදී දුටුවා.

ධම්මපදයේ ලෝක වර්ගයේ බොරුව ගැන මෙසේ සඳහන් වෙනවා.

ඒකං ධම්මං අතීතස්‌ස

මුසාවාදිස්‌ස ජන්තුනෝ

විතිණ්‌ණ පරලෝකස්‌ස

නFථි පාපං අකාරියං

සත්‍ය නම් වූ එකම ගුණය ඉක්‌ම වූ බොරු කියන්නා වූ පරලොව ගුණ බලාපොරොත්තු නැති සත්ත්වයාට කළ නොහැකි පවක්‌ නැත. යන්න මෙහි තේරුමයි.

දෙමාපියන් දරුවන් කුඩා කාලයේදී ඔවුන් රැවටීමට යම් යම් බොරු කියනවා. මෙම තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

එය පවක්‌ නොවේ. දෙමාපියෝ එම අවස්‌ථාවේදී දරුවන් රවටන්නේ යම් යම් දේවල්වලින් දරුවා වළක්‌වා ගැනීමයි. දරුවකු නොමඟකට හෝ විපත්තියකට යැම වළක්‌වා ගැනීමයි මෙහිදී දෙමාපියන් බලාපොරොත්තු වන්නේ. එය අනාදර බසක්‌ නොවේ. එය සම්‍යක්‌ප්‍රයෝගයක්‌ පමණයි.

මහාවංශයෙන් මේ පිළිබඳව අපූර්ව උදාහරණයක්‌ පෙන්වා දිය හැකියි.

දුටුගැමුණු රජතුමා රජ කරන කාලයේදී සද්ධාතිස්‌ස කුමාරයා සමග ගැටුමක්‌ ඇති වුණා. එහිදී සද්ධාතිස්‌ස කුමාරයා බේරීම සඳහා ළඟම තියෙන පන්සලට දුවගෙන ගියා. පන්සලට ගිහින් එහි ඇඳක්‌ යට සැඟවුණා. දුටුගැමුණු රජතුමා එම අවස්‌ථාවේදී පිරිවර සමඟ සැඟවුණු සද්ධාතිස්‌ස කුමරයා සොයාගෙන පන්සලට පැමිණියා.

පන්සලට පැමිණි දුටුගැමුණු රජතුමා “සද්ධාතිස්‌ස ආවද” කියා පන්සලේ හාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කළා.

එම අවස්‌ථාවේදී මෙම හාමුදුරුවෝ මුහුණ දුන්නේ උභතෝකෝටික ප්‍රශ්නයකටයි.

“ඔව්” කියා උත්තර දුන්නොත් කේන්තියෙන් සිsටින දුටුගැමුණු රජතුමා ඇතුළු පිරිසගෙන් සද්ධාතිස්‌ස කුමාරයාට හානියක්‌ වීමට ඉඩ තියෙනවා.

“නැහැ” කියා උත්තර දුනහොත් බොරුවක්‌ කී නිසා හාමුදුරුවන්ට පවක්‌ සිදුවෙනවා.

එම අවස්‌ථාවේදී “තිස්‌ස ඇඳ උඩ නැහැ” කියා උත්තර දෙනු ලැබුවා.

මහා වංශයේ එය සඳහන් වන්නේ මෙසේයි.

මඤ්ෙච් නත්ථි මහාරාජ

ඉති ථෙරො අවෝචතං

හෙට්‌ඨා මඤ්චෙති ජානිත්වා

තතෝ නික්‌ඛම්ම භූපති

මහාවංසය 24 පරි. 41 ගාථාව.

දුටුගැමුණු රජතුමා භික්‍ෂූන් වහන්සේ විමසා උපදෙස්‌ ලබමින් රජ කළ අයෙක්‌. ඒ නිසා දුටුගැමුණු රජතුමා කල්පනා කරනවා. කොහොම නමුත් හාමුදුරුවෝ මට අහිතක්‌ කළේ නැහැනේ. හාමුදුරුවෝ දුටුගැමුණු රජතුමාට පිළිතුරු දුන් ආකාරයෙන් ඔහුගේ කේන්තිය ක්‍රමයෙන් සංසිඳුණා. සද්ධාතිස්‌ස කුමරා පන්සලේ ඇඳ යට සිටින බව දැන දැනත් පිරිවර සමඟ එතැනින් නික්‌මුණාය.

මෙතැනදී පන්සලේ හාමුදුරුවෝ සිදු කළේ උපක්‍රමශීලීව ඇතිවීමට ගිය ගැටුමක්‌ වළක්‌වා ගැනීමයි. මෙයටයි සම්‍යක්‌ප්‍රයෝග කියන්නේ.

සමහර මිනිසුන් දැන දැනම මිනිසුන් රවටනවා නේද?

එතැන තියෙන්නේ සම්‍යක්‌ප්‍රයෝග නොවේ. එතැන තියෙන්නේ මිථ්‍යා ප්‍රයෝගයයි. යම් අයකු රවට්‌ටන්න මොන බොරුවක්‌ කොතරම් ලස්‌සනට කීවද එම බොරුව කියන තැනැත්තාගේ සිතට එය හංගන්න බැහැ. ඔහු දන්නවා තමන් අනුන්ව රවටන්න බොරුවක්‌ කියන්නේ ඔහුට විපතක්‌, අවැඩක්‌ කරන්න කියලා. මිථ්‍යා ප්‍රයෝගය වැටෙන්නේ “බොරුව” කියන අකුසල කර්මයටයි.

ඡන්ද කාලයේදී සමහර දේශපාලනඥයන් කරන්න බැරි පොරොන්දු දෙනවා. එම තත්ත්වය කොහොමද ඔබ වහන්සේ විග්‍රහ කරන්නේ.

බොහොම වැදගත් ප්‍රශ්නයක්‌. බොරු පොරොන්දු දෙන දේශපාලනඥයා දන්නවා තමන් බොරු පොරොන්දු දී බලයට පත් වුණත් ඒවා ඉටු කරන්න බැහැ කියලා.

මාගේ පෞද්ගලික අත්දැකීමකින්ම ඒ පිළිබඳව යමක්‌ සඳහන් කළ හැකියි.

එක්‌තරා දවසක මම පන්සලේ වැඩ සිටින විට මොරටුව පැත්තේ තරුණ දේශපාලනඥයකු පැමිණියා. ඔහු මදුරු උවදුර නැති කිරීම ගැන ජනතාවට පොරොන්දුවක්‌ දීම සඳහා සුදුසු වචන ගලපා ජනතාවට දැනෙන අයුරින් පාඨයක්‌ සකස්‌ කර දෙන ලෙස ඉල්ලා සිටියා.

එවිට මම ඔහුගෙන් ප්‍රශ්න කළා. මදුරු වසංගතය කොහොමද නැති කරන්නේ කියලා. එවිට ඔහු ප්‍රකාශ කළේ ඔස්‌ටේ්‍රලියාවෙන් ගෙන්වනු ලබන ගස්‌ වර්ගයක්‌ මාර්ගයෙන් මෙම මදුරු උවදුර අවසන් කරන බවයි. එහිදී මම යළිත් ඔහුගෙන් ප්‍රශ්න කළා. “ඇත්තටම එය කළ හැකිද?” කියා. එවිට ඔහු කියනවා ඇත්තටම එය කළ නොහැකියි කියා. නමුත් මොරටුව ප්‍රදේශයේ මදුරු උවදුර ප්‍රබලව තියෙන නිසා මේ මැතිවරණයේදී ඊට හොඳ ප්‍රතිචාරයක්‌ ලැබී ඒ හරහා තමාට සභාවට යන්නත් පුළුවන් වේවි කියා. මම ඒ අවස්‌ථාවේදී ඔහුට කිව්වා බොරු කියන්න ඉඩ දෙන්න බැහැ. කරන්න පුළුවන් දේ කියන්න ඡන්දය නොලැබුණත් කමක්‌ නැහැ කියලා.

ඒ නිසා කරන්න බැරි පොරොන්දු දීමත් පැහැදිලිව “බොරුව” නමැති අකුසල කර්මයට වැටෙනවා. ඒ නිසා යමෙක්‌ අපට රවට්‌ටනවා නම්. බොරුවක්‌ බව අපට වැටහේ නම් ඒ මොහොතේ එය ප්‍රතික්‍ෂේප කිරීමට අපට ආත්ම ශක්‌තියක්‌ තිබිය යුතුයි.

කේලාම් කීම බොරුවක්‌ද? එහි ආදීනව කෙබඳුද?

 කේලාම් කීම යනු බිඳ වීමයි. දස අකුසල්වල කේලාම් කීම පවක්‌ ලෙස දක්‌වා තිබෙනවා. කේලම කියන්නේ බොරුවක්‌ පදනම් කරගෙනයි. එය විනාශයට හේතු වෙනවා.

නමුත් යම්කිසි කෙනෙක්‌ නොමඟට යන අවස්‌ථාවක ඔහු හෝ ඇය ඉන් මුදා ගැනීමේ යහපත් ෙච්තනාවෙන් තොරතුරු තවත් පාර්ශ්වයකට වාර්තා කිරීම පවක්‌ වන්නේ නැහැ. මෙහිදී මූලික වන්නේ චේතනාවයි.

නිදසුනක්‌ ලෙස මෙහෙම හිතමුකෝ. මිතුරන් දෙදෙනෙක්‌ සිටිනවා. ඉන් එක්‌ මිත්‍රයෙක්‌ නොමඟට යනවා. එවැනි අවස්‌ථාවකදී අනෙක්‌ මිත්‍රයා ඔහු ඉන් මුදවා ගැනීමේ අදහසින් ඔහු කරන වැරැදි සහගත ක්‍රියාවන් පිළිබඳව හොර රහසේම දෙමාපියන්ට තොරතුරු ලබාදෙනවා. මෙහිදී මෙම මිත්‍රයා තොරතුරු ලබා දෙන්නේ යහපත් ෙච්තනාවෙන්. ඒ නිසා ඔහුට පවක්‌ සිදු වන්නේ නැහැ. ඇත්aතටම ඔහු කල්‍යාණ මිත්‍රයෙක්‌.

එහෙත් තමන් තවත් පාර්ශ්වයකට කෙනෙක්‌ පිළිබඳ තොරතුරු සපයන්aනේ වංචනික ස්‌වභාවයෙන් නම් එතැනදී ඔහුට පවක්‌ සිදු වෙනවා. තවත් අයකුට නැති වැරැදි පටවා තනතුරු ලාභ අපේක්‍ෂාවෙන් යමෙක්‌ ක්‍රියා කරයි නම් ඔහු සිදු කර ගන්නේ අකුසලයක්‌. මේ තත්ත්වයෙන් මිදී යමෙක්‌ ජීවත් වෙයි නම් ඔහු ශේ්‍රෂ්ඨත්වයට පත් වෙනවා.

සමහරු වෙළෙ¹ම් කිරීමේදී පාරිභෝගිකයන් රවටනවා. බොරු කියනවා. මෙම තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

අලෙවි කරන්නේ යම් ඖෂධයක්‌ නම් එහි ප්‍රමිතීන් පිළිබඳව ජනතාව දැනුවත් කළ යුතුයි. එසේ නොවුණහොත් එතැන සිදු වන්නේ බරපතල තත්ත්වයක්‌. වෙළෙඳ ප්‍රචාරක කටයුතුවලදීත් සැබෑ තත්ත්වයයි මහජනතාවට දිය යුත්තේ. මවාපෑම් නොකළ යුතුයි. යම් භාණ්‌ඩයක සැබෑ ගුණාත්මකභාවය ජනතාවට ප්‍රචාරය කළොත් එය ඔවුන් විශ්වාසයෙන් වැළඳ ගනීවි. භාණ්‌ඩයේ අලෙවියත් පෙරට වඩා වැඩි වේවි. නමුත් නැති ගුණයක්‌ ප්‍රචාරය කර තාවකාලිකව සාර්ථකත්වයක්‌ ලැබුවත් එය දීර්ඝකාලීනව රඳවා ගැනීමට හැකි වන්නේ නැහැ. මෙයයි එහි සැබෑ තත්ත්වය.

සමහරු පොත් පිළිබඳව විචාර සපයනවා. සැබෑ ලෙස පොත් ගැන විචාර කිරීමට නම් සාහිත්‍ය මූලධර්ම ගැන දැනගත යුතුයි. යමක ගුණදොස්‌ සාධාරණ විවේචනයකට ලක්‌ කිරීම වරදක්‌ නොවේ. එවැනි විවේචන තුළින් සත්‍යය මතු කර ගත හැකියි.

වෙළෙඳ ව්‍යාපාර ගැන කතා කිරීමේදී අපණ්‌ණඛක ජාතකය පිළිබඳ යමක්‌ සඳහන් කිරීම වටිනවා.

එම ජාතක කතාවට අනුව අප බෝසතාණන් වහන්සේ එක්‌ ආත්මභාවයක වෙළෙන්දකු ලෙස උත්පත්තිය ලබනවා. බෝසතාණන් වහන්සේට ගැල් පන්සීයකුත් තියෙනවා. එම ආත්මභාවයේදීත් දෙව්දත් ද වෙළෙන්දකු වී ඉපදෙනවා. දෙව්දත්ටත් ගැල් පන්සියයක්‌ හිමියි. බෝසතාණන් වහන්සේa සහ දෙව්දත් යන දෙදෙනාම එකම ප්‍රදේශයක වෙළෙ¹මේ යැමට තීරණය කරනු ලබනවා. ඒ අතර දෙදෙනාට ප්‍රශ්නත් මතුවෙනවා. කවුද වෙළෙ¹මේ කලින් යන්නේ කියලා. එම අවස්‌ථාවේදී දෙව්දත් ප්‍රකාශ කරනවා මම කලින් යන්නම් කියලා. බෝධිසත්වයන් වහන්සේ ඊට එකඟ වෙනවා.

දෙව්දත් කල්පනා කළේ කලින් ගියාම තමන්ගේ භාණ්‌ඩ ඉක්‌මනින් අලෙවි කරගත හැකි බවයි. ඒ වගේම ගවයන්ට කන්නත් ඇති තරම් තණකොළ තියෙනවා. සේවකයන්ට කන්න ඇති තරම් පලතුරුත් තියෙනවා. මූලික අරමුණ වන භාණ්‌ඩ අලෙවිය හොඳින් කරගන්න පුළුවන්. වැඩිමිලට අලෙවි කර වැඩි ලාභයක්‌ ලබන්නත් පුළුවන්….. ආදී වශයෙන් වෙළෙ¹ම කලින් කිරීම නිසා ලැබෙන වාසි ගැන දෙව්දත් කල්පනා කරනවා.

නමුත් බෝධිසත්වයන් වහන්සේගේ සිතුවිලි ඊට වඩා වෙනස්‌. උන්වහන්සේ මේ ගැන හිතන්නේ මෙහෙමයි.

මගේ ගැල්කරුවන් පස්‌සේ යන එක හොඳයි. මෝරපු තණකොළ කලින් හරකුන් කෑ නිසා මාගේ හරකුන්ට කන්න ලැබෙන්නේ ළපටි තණකොළ.. මහා වනාන්තරයේ යද්දී විවිධ සතුරු උපද්‍රව වෙන්න පුළුවන්. කලින් ගැල්කරුවෝ ගිය පසු එම ප්‍රශ්නත් නිරාකරණය වෙනවා. වනාන්තරයේ යනවිට වතුර නැතිවුණොත් ළිං හාරන්න සිදුවෙනවා. නමුත් කලින් ගිය ගැල්කරුවෝ ළිං හාරන නිසා වතුර ප්‍රශ්නයක්‌ අපට එන්නෙත් නැහැ. අපේ මූලික අරමුණ භාණ්‌ඩ අලෙවිකර ගැනීමයි. කලින් ගිය වෙළෙන්දෝ උපරිම මිලක්‌ කියාවි. නමුත් අපට ඒ මිලත් සලකා බලා සාධාරණ මිලකට අපේ භාණ්‌ඩ අලෙවි කරගන්නත් හොඳ ආදායමක්‌a ලබන්න පුළුවන් වේවි”.

බලන්න අපණ්‌ණක පටිපදාව කෙතරම් වැදගත් දර්ශනයක්‌ද කියලා. අපණ්‌ණක පටිපදාව අනුව වෙළෙ¹ම් කරන විට වෙළෙන්දාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාම සතුටු වෙනවා. වෙළෙඳ ප්‍රචාරක මාධ්‍ය කලාවත් මේ අනුව හසුරුවන්න පුළුවන් නම් කෙතරම් හොඳද?

යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් කරන බව පවසා ජනතාවට බොරු කරන ජාවාරම්කරුවන්ගේ වැඩිවීමක්‌ මේ දවස්‌වල දක්‌නට ලැබෙනවා. මෙම තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කෙසේද?

මෙය අද සමාජයේ විශාල උවදුරක්‌ බවට පත්වී තිබෙනවා. නමුත් එදා සමාජයේත් මේ දේවල් තිබුණා. කෙනෙක්‌ යමකට බිය වූ විට ගුරුන්නාන්සේ කෙනෙක්‌ ළඟට ගොස්‌ තෙල් ටිකක්‌ මතුරා හිස ගල්වා ගත්තා. එම ප්‍රතිකාරයෙන් ඔවුන් මානසිකව තෘප්තියක්‌ ලැබුවා. මේවා මුදලට කෙරුණු දේවල් නොවෙයි. එම රෝගියා ගියේ පන්සලට නම් පන්සලේ සිටි හාමුදුරුවෝ සෙත් ශාන්තියක්‌ කළා. ඉන් රෝගීන් සුවපත් වුණා. මෙයින් සමාජයට හානියක්‌ වුණේ නැහැ. නමුත් අද යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම්වලට යට වී මිනිසුන් මිත්‍යාවට යටවෙලා. එය ඉතාමත් නරක තත්ත්වයක්‌. මෙම මිථ්‍යා ප්‍රයෝගවල හානිය විශාලයි. මෙම ජාවාරම්කරුවන්ට හසුව කාන්තා පාර්ශ්වයේ කීදෙනෙක්‌ දූෂණයට ලක්‌ වුණාද? කීදෙනෙක්‌ගේ ලක්‍ෂ ගණනක මුදල් නැති වුණාද? ඒ නිසා මේ දේවල් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීම අපගේ වගකීමක්‌.

සමාජයේ බොහෝ අවස්‌ථාවල සත්‍ය වගේ පේන්නේ බොරුවයි. ඇතැම් අවස්‌ථාවල බොරුව සමාජගත වූ බවක්‌ දක්‌නට ලැබෙනවා. මෙම තත්ත්වය ධර්මානුකූලව දකින්නේ කෙසේද?

දහමේ මීට හොඳ උදාහරණයක්‌ තියෙනවා. ඉදුණු ගෙඩිය නොඉදුණු ගෙඩියක්‌ විදිහට පෙනෙනවා. ඉදිච්ච නැති ගෙඩිය ඉදුණු ගෙඩියක්‌ වගේ පෙනෙනවා. ඒ වගේත් ඉදුණු ගෙඩිය, ඉදුණු ගෙඩියක්‌ වගේත් පෙනෙනවා. ඉදුණු නැති ගෙඩිය ඉදුණු නැති ගෙඩියක්‌ වගේත් පෙනෙනවා.

මේ ආකාරයෙන් මහා සත්‍ය ලෙස පෙනෙන්නේ අසත්‍යයයි. අසත්‍ය තමයි සත්‍ය විදිහට පෙනෙන්නේ. මෙම තත්ත්වය විශාල සමාජයට හානියක්‌. මෙම තත්ත්වයෙන් මිදී සත්‍ය සත්‍ය ලෙසත් අසත්‍ය අසත්‍ය ලෙසත් දකින්න අප පුරුදු විය යුතුයි.

ධර්ම සංවාදය-වසන්ත ලියනගේ