Home » පුවත් පත් ප්‍රකාශන » මිනිස්‌ සිත අවුල්කරන කල්ලිවාදය

මිනිස්‌ සිත අවුල්කරන කල්ලිවාදය

Divainaසෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 20

සෝවාන් මාර්ගයට පිවිසීමේදී පෘථග්ජනයා යනු කවරෙක්‌ද? ඔහුගේ ස්‌වභාවය කෙබඳුද? පෘථග්ජන ස්‌වභාවය නැතිකරගෙන සෝවාන් මාර්ගයට පිවිසින්නේ කෙසේද? ඒ වගේම පෘථග්ජන ස්‌වභාවයෙන් මිදුණු විට ඒ උතුමන්ගේ හැසිරීම කෙබඳුද යනාදිය මැනවින් අවබෝධ කරගත යුතුයි.

නමුත් අද අප සාකච්ඡාවට බඳුන් කරනුයේ බුද්ධ දේශනාවට අනුව, අට්‌ඨ කතාවලට අනුව පෘථග්ජනයාගේ හැසිරීම කෙබඳුද යන්න නොවේ. ඒ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක්‌

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

ඉදිරි ලිපියකින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා.

අද අප පැහැදිලි කිරීමට බලාපොරොත්තු වනුයේ මෙම පෘථග්ජන ස්‌වභාවය නිසා සෝවාන් මාර්ගයට පිවිසීමට සෘජු බලපෑමක්‌ එල්ල කරන “කල්ලිවාදය” පිළිබඳවයි.

මෙම කල්ලිවාදය ඇතැම් විට පෙනී සිටින්නේ සෝවාන් ආදී මාර්ග ඵලලාභී තත්ත්වයට පත්වීමට මග කියන මාර්ගයක්‌ ලෙසයි. මතුපිටින් එසේ පෙනුණද එය ගැඹුරින් සලකා බැලූ විට විමර්ශනය කළවිට පෙනී යන්නේ එයම සෝවාන් ආදී මාර්ගඵලලාභී තත්ත්වයට පත්වීමට බාධාවක්‌ වී ඇති බවයි. මේ නිසා අපේ ඇතැම් බෞද්ධයන් තමන්ගේ ධනය පමණක්‌ නොව ආධ්‍යාත්මික සුවය පවා විනාශ කරගන්නා ස්‌වභාවයන් අද වන විට දැක ගැනීමට පුළුවන්. එනිසා මෙම සමාජයට හානිකර කල්ලිවලට හසුවී ජීවත්වන්නේ කෙසේද කියා අවබෝධ කර ගැනීම ඉතාම වැදගත්.

බුද්ධ දේශනාවට අනුව පුද්ගලයා යනු කවරෙක්‌ද යන්න පුග්ගලපඤ්ඤත්තිප්පකරණය නමැති අභිධර්ම ග්‍රන්ථයේ මැනවින් විග්‍රහ කර තිබෙනවා.

කතමො ච පුග්ගලො පුථු-ජනොá යස්‌ස පුග්ගලස්‌ස තීණි

සංයෝජනාති අප්පහීනානි න ච තේසං ධම්මානං පහානාය

පටිපන්නෝ අයං වුච්චති පුථු-ජනො

සංයෝජන තුන ප්‍රහීන නොවූයේ නම් හෝ ඒ සංයෝජනයන් ප්‍රහීන කිරීමට පිළිපන්නේ නැති පුද්ගලයෙක්‌ වෙයිද හේ පෘථග්ජන පුද්ගලයකු සේ සැලකේ. මෙහිදී සංයෝජන තුන යනුවෙන් අදහස්‌ කරනුයේ දස සංයෝජන මුල් සංයෝජන ලෙස සැලකෙන සක්‌කාය දිට්‌ඨි, විචිකිච්චා සහ සිලබ්බතපරාමාස යන සංයෝජන තුනයි. (අපි මුල් ලිපිවලදී මේ ගැන සාකච්ඡා කළෙමු) මෙම සංයෝජන තුන ප්‍රහීන නොවූ සෑම අයෙක්‌ම පෘථග්ජනයා ලෙසයි, සැලකෙන්නේ.

ඒ වගේම මෙම සංයෝජන තුන ප්‍රහීන නොකිරීමට පිළිනොපන් සෑම පුද්ගලයකු වැටෙනුයේද පෘථග්ජනයා යන තත්ත්වයටයි. පෘථග්ජන යන වචනයේ අර්ථය වනුයේ වෙන්ව ගන්නවා යන අදහසයි. එනම් මමය, මාගේය යනුවෙන් වෙන්ව ගැනීම පෘථග්ජනයා යන වචනයෙන් අදහස්‌ කෙරෙනවා.

අප කවුරුවත් කෙළෙස්‌ ප්‍රහීන කළවුන් නොවේ. නමුත් වර්තමානයේ ඇතැම් දෙනා තමන් සෝවාන් වී ඇති බව කෙළෙස්‌ ප්‍රහීන කළවුන් බව පවසන අවස්‌ථා අප දැක තිබෙනවා. නමුත් ඒ කිසිවෙක්‌ සෝවාන් හෝ වෙනත් මාර්ගඵලලාභීන් නොවේ. යම් අයෙක්‌ එම තත්ත්වයට පත්වූයේ නම් ජනප්‍රියතාව ලබා ගැනීම සඳහා එසේ ප්‍රකාශ කරයි කියා අපේක්‌ෂා කළ නොහැකියි. සෝවාන් වූ බව පැවසූ අයෙක්‌ වෙතොත් අප සමඟ සාකච්ඡාවට එන ලෙස ගෞරවයෙන් ආරාධනා කරනවා. නමුත් මින් අදහස්‌ කරන්නේ මේ තුන් ලෝකයේ සෝවාන් වූ උත්තමයන් නැතැයි කියා. අප රටේ වුවත් එවැනි උත්තමයන් සිටිය හැකියි. නමුත් හුදු ප්‍රචාරය සඳහා, ජනප්‍රිය තාවය සඳහා තමන් සෝවාන් වූවා යෑයි කියන පුද්ගලයන් කරන්නේ බොරුවක්‌. ප්‍රොaඩාවක්‌. වංචාවක්‌.

තමන්ගේ නැති ගුණ ප්‍රකාශ කරන්නන් කුහකයන් ලෙසයි, සැලකෙන්නේ. කුහනා යනුවෙන් ධර්මයේදි ඔහුව හඳුන්වාදී තිබෙනවා. මාර්ගඵල ආදී තත්ත්වයන් නොලැබ තමන් එවැනි තත්ත්වයට පත්වූයේ යෑයි කීම කුහකත්වයක්‌. භික්‌ෂුවක්‌ එලෙස ප්‍රකාශ කළහොත් එම භික්‌ෂුව පාරාජිකා තත්ත්වයට පත්වෙනවා.

මෙම පෘථග්ජන ස්‌වභාවයෙන් සිටින සමහර දෙනා තමන් ළඟ සිටින පුද්ගලයන් පමණක්‌ නොව ඇතැම් විට රටම රවටන අවස්‌ථා අප දැක තිබෙනවා. මෙය පිරිස්‌ බාල, තරුණ, මහලු යන කොටස්‌වලට අයත් සියලුම දෙනා රැවැට්‌ටීමට ලක්‌කරනු ලබනවා. මේ අයුරින් රට වනසන රට රවටන ස්‌වභාවයට අප කල්ලිවාදය යනුවෙන් හඳුන්වනු ලබනවා.

කල්ලිවාදය යන වචනය අප වැලිවිට සෝරත හාමුදුරුවන්ගේ ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙන් විමසා බැලුවා. නමුත් එය කල්ලිවාදය යන වචනයට අර්ථයක්‌ දී නැහැ. නමුත් එහි “කල්ල්s” යන ක්‍රීඩාව හඳුන්වන වචනය ගැන අර්ථකථනයක්‌ දී තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලි වන්නේ කල්ලිවාදය යනු පැරණි වචනයක්‌ නොවන බවයි. කල්ලිවාදය යන්න අටුවාවක හෝ, ඊට පසුකාලීන ශාස්‌ත්‍රීය ග්‍රන්ථයක දක්‌නට ලැබෙන්නේ නැහැ. කල්ලි කියන වචනය බිඳී එන්න ඇත්තේ ,ජමකඑ, යන ඉංගී්‍රසි යන වචනයෙන් විය යුතුය යන්නයි. මාගේ විශ්වාසය.

කෙසේ හෝ වේවා කල්ලි හෝ කල්ලිය සහ වචනයෙන් ගම්‍ය වන කොට්‌ඨාසයෙන් සමාජයට යහපතක්‌ අපේක්‌ෂා කළ නොහැකියි. කල්ලිය නියෝජනය පිරිසෙන් සමාජයට සිදුවනුයේ අවැඩක්‌ පමණි.

කල්ලියක මූලික ස්‌වභාවය වනුයේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය නිසා සමාජයට විශාල හානියක්‌ සිදු කිරීමයි. වෙමැනි කල්ලි දේශපාලන ක්‌ෂේත්‍රයෙත් දැකිය හැකියි. ඒ වගේම ආගමික වශයෙන් හදාගත් කල්ලි තිබෙන්න පුළුවන්. සූක්‌ෂ්ම ලෙස ජනතාවගේ මුදල් සොරා ගන්නා කල්ලිත් තිබෙනවා. ඒ වගේම රටට අහිතකර ත්‍රස්‌තවාදී කල්ලි තියෙන්නත් පුළුවන්. පිරිමිඩ ජාවාරම වැනි ජනතාව නොමඟ යවන මුදල් ගරාගන්නා පිරිසත් මෙම කල්ලි ගණයට වැටෙනවා.

මෙහිදී අප කල්ලිය මෙන්ම සමාජයේ පවතින සමාජ හිතකාමී කණ්‌ඩායම් වැරදි ලෙස වටහා නොගත යුතුයි. හමුදාවක්‌ කියන්නේ කණ්‌ඩායමක්‌. හමුදාව කියන්නේ කල්ලියක්‌ නොවේ. හමුදාවක්‌ නිර්මාණය වන්නේ යම්කිසි රටක ආරක්‌ෂාවටයි. එහි නීත්‍යනුකුල භාවයක්‌ තියෙනවා. ජාත්‍යන්තර නීති රීතිවලට අනුගතවයි, හමුදාවක්‌ නිර්මාණය වන්නේ. ඒ වගේම හමුදාවට ආවේණික වූ ආචාර ධර්ම පද්ධතියක්‌ තිබෙනවා.

නමුත් කල්ලිවල ස්‌වභාවය මීට වඩා වෙනස්‌.

සම්මත කල්ලිය පිළිබඳව නූතන අර්ථකථනය මැනවින් දැක්‌වූ ලේඛකයෙක්‌ ලෙස ඇමරිකන් ජාතික ස්‌ටීවන් හසන් (Sඑees Hassaබ) හඳුන්වා දිය හැකියි. ඔහු විසින් රචිත රිලිෂින් ද බොන්ඩ් (Adබජැ ඡර්සිe දෙර Reකැasසබට ඔඑයෑ ඊදයාs) නමැති ග්‍රන්ථයේ කල්ලිය යන කණ්‌ඩායම පිළිබඳ ඉතාමත් විශිෂ්ට විග්‍රහයක්‌ කර තිබෙනවා.

එම විග්‍රහයට අනුව කල්ලියක්‌ යනු මනස පාලනය හා රැවටීම් සහිත ක්‍රම මගින් බඳවා ගන්නා කණ්‌ඩායමක්‌ ලෙස අර්ථ ගන්වා තිබේ.

ඒ අනුව යම්කිසි පිරිසකගේ මනස පාලනය කර විවිධ උපක්‍රම මගින් තමන්ගේ මතය ජයග්‍රහණය කිරීමට කණ්‌ඩායම් හදාගන්නා ගොඩනඟාගන්නා ක්‍රමවේදය කල්ලිවාදය ලෙස හඳුනා ගැනීමට පුළුවන්.

 

කල්ලියක ස්‌වභාවය පිළිබඳවද ස්‌ටීවන් හසන් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

කල්ලියක සිටින පිරිස එම කල්ලියේ ස්‌වරූපය හඳුනා ගැනීමට උත්සාහ නොකරයි.

බැලූ බැල්මට කල්ලිවාදී ස්‌වරූපය හඳුනාගත නොහැක.

මෙම අදහස බුදුහමට එකඟයි.. බුදුරජාණන් වහන්සේ

නවණ්‌නරූපෙත නරෝසුජානො

නවිස්‌සසෙ ඉත්තරදස්‌සනේන…………

යනාදි වශයෙන් දේශනා කළේ මෙයයි.

දුටු පමණින්, කතාබහිsන්, ඇඳුම් පැළඳුම්වලින් පුද්ගලයකු හෝ පුද්ගල කණ්‌ඩායමක්‌ හඳුනාගත නොහැකියි.

අපි යම් පුද්ගලයෙක්‌ හඳුනා ගැනීමට උත්සාහ කළ යුත්තේ අමුලික ශ්‍රද්ධාවෙන් නොවේ.

පුද්ගලයෙක්‌ නිසි ලෙස හඳුනාගත හැක්‌කේ විචාරශීලීව, ශ්‍රද්ධාවෙන් ඔහු දෙස බැලීමෙන් පමණයි.

කෙනෙක්‌ හොඳට ඇඳුම් පැළඳුම් හැඳ ඉතාමත් පවිත්‍ර ආකාරයෙන් සමාජයේ පෙනී ඉන්න පුළුවන්. නමුත් ඔහුගේ අභ්‍යන්තරයේ ඉන්නේ ප්‍රචණ්‌ඩ පුද්ගලයෙක්‌ වෙන්න පුළුවන්. කල්ලියේ ස්‌වරූපයත් එසේමයි. ඉතාමත් සාධු සම්මත ආචාර පද්ධතියක්‌ සමාජයට පෙන්නුම් කළත් මෙවැනි කල්ලිවල අයගේ අභ්‍යන්තරය ඉතාමත් ප්‍රචණ්‌ඩ විය හැකියි. ඒ නිසා ස්‌ටීවන් හසන් ලේඛකයා පෙන්වා දෙන්නේ කල්ලිය ඒ විදිහට හඳුනා ගැනීම ඉතාමත් දුෂ්කර බවයි. එවැනි කල්ලියකින් සමාජයට යම් විපතක්‌, හානියක්‌ වූ විටයි එහි ඇති බරපතලකම සමාජයට දැනෙන්නේ.

 

අප සමාජයේත් උතුම් යහපත් අරමුණු වෙනුවෙන් එකතු වන කණ්‌ඩායම් පිරිස්‌ ඉන්නවා. එම පිරිස කල්ලි වශයෙන් හඳුන්වන්න බැහැ. එනම් හොඳ කල්ලි නරක කල්ලි යනුවෙන් වර්ගීකරණයක්‌ මෙහිදී දක්‌වා නැහැ. කල්ලිය එකතුව ස්‌වභාවයෙන් ම සමාජයට අහිතකරයි.

විනාශකාරියි. කල්ලියක ස්‌වරූපය වන්නේ සමාජය රැවටීමයි.

 

අද ලෝක මට්‌ටමින් මෙම කල්ලිවාදය ක්‍රියාත්මක වෙනවා.

බුදුදහමේ කිසිම කල්ලිවාදයක්‌ ගැන සඳහන් වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයට ඕනෑම කෙනෙකුට ප්‍රශ්න කළ හැකියි. නිදහස්‌ ව ස්‌වෛරීව ඒ ගැන සිතන්න පුළුවන්. ඡන්දා, ද්වේෂා, භයා මෝහා යන සතර අගතියෙන් තොර නිදහස්‌ චින්තනයකට බුදුදහමේ ඉඩකඩ විවර වී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ මිත්‍රත්ව ප්‍රතිරූප ගැන දේශනා කර තිබෙනවා. ඇතැම් විට මිතුරන් සේ පෙනී සිටින්නේ හතුරන්. කල්ලිය ස්‌වරූපයත් ඒ හා සමානයි. ඔවුන් පෙනී සිටින්නේ. සමාජ සුබසාධක සුධාරකයන් ලෙස මොවුන් පෙනී සිටිනවා. ඔවුන් මේ හැම ආකාරයකින්ම උත්සාහ කරන්නේ තමන්ගේ දුෂ්ට ගතිගුණ සමාජගත කිරීමටයි.

මෙම කණ්‌ඩායම් ඇතැම් විට පෙනී සිටින්නේ සාහිත්‍යාත්මක ස්‌වරූපයෙන් විය හැකියි. සංගීත කණ්‌ඩායම් ලෙස පෙනී සිටින විවිධ කල්ලිද සිටිනවා. වැදගත් අම්මලා තාත්තලාගේ දූපුතුන් අහිගුණ්‌ඨිකයන් සේ හැඳපැළඳ ගෙන නොයෙකුත් ආයිත්තම්වලින් සැරසී අමුතුම කල්ලි ලෙස පෙනී සිටිනවා. ඔවුන් මේ සියල්ල කරන්නේ සමාජයේ අවධානය ඔවුන් වෙත යොමු කර ගැනීමටයි. නමුත් මෙම කණ්‌ඩායම්වල අභ්‍යන්තරය ගත්විට ඉතාමත් ෙ€දජනක තත්ත්වයක්‌ තියෙන්නේ. මත්ද්‍රව්‍ය ඇතුළු විශාල සමාජ පරිහානියට ලක්‌වන දේ මෙම කණ්‌ඩායම්වල ක්‍රියාකාරීත්වය නිසා සමාජගත වෙනවා. ඒ නිසා අපගේ පින්වත් අම්මලා තාත්තලාගේ වගකීම විය යුත්තේ තම දූදරුවන් මෙවැනි කණ්‌ඩායම්වලට යොමුවීමෙන් වළක්‌වා ගැනීමයි.

අද අපේ තරුණ දූදරුවෝ විනාශ කරන, නිර්වස්‌ත්‍ර කරන පච්ච කොටන ක්‍රම ලස්‌සන නම්වලින් ආයෙත් සමාජයට ඇවිත් තියෙනවා. එවැනි කල්ලි ද අප සමාජයේ දැකිය හැකියි. ඔවුන් මෙලෙස හැසිරෙන්නේ සමාජයේ අන් අය අතරේ කැපී පෙනීමටයි. මේවායේ අරමුණ අපේ සංස්‌කෘතිය, සදාචාරය බිඳ දැමීමයි.

භික්‍ෂූන් වහන්සේද සුවඳ විලවුන් භාවිතා කරන්නේ නැහැ. නමුත් නිතර නිතර ශරීරයෙන් දුර්ගන්ධයක්‌ ඒමෙන් සඳුන් ආලේප කිරීම වරදක්‌ නොවන බවයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

නමුත් කිසිම දෙයක පමණ ඉක්‌මවා යැමෙන් සිදුවන්නේ අවැඩක්‌. අයහපතක්‌. ගිහියන්ට විලාසිතා කිරීම වරදක්‌ නොවුණත් සදාචාර බැමි සිඳ දමමින් කරන දේ අනුමත කරන්න බැහැ.

අද බුදුදහම විනාශ කරන කල්ලි බිහිවෙලා තියෙනවා. සමහර මෙවැනි කල්ලි සෝවාන් වූ බවට සහතික දෙනවා. ඒ පිළිබඳව සංඛ්‍යා ලේඛන අප සතුව තිබෙනවා. මේ අයගේ බුද්ධ වන්දනාව, බෝධිපූජා වන්දනාව, අපගේ චිරාගත ක්‍රමවේදයට පටහැනියි. පාලි ගාථා සඡ්Cධායනා කළ යුතුයි. නමුත් සමහර කල්ලි පාලිගාථා කවිය, ගීතය වගේ ගායනා කිරීමට පටන් අරන්. මේ අයට අවශ්‍ය කැපී පෙනෙන කල්ලියක්‌ ලෙස ඉස්‌මතු වීමයි. යහපත් සේ පෙනණද ඔවුනගේ පරමාර්ථ උසස්‌ නැහැ. ඔවුනගේ ස්‌වභාවය එකවර තේරුම් ගැනීමට බොහෝ පෘථග්ජනයාට හැකියාවක්‌ නැහැ. මෙය ඇත්තටම අවාසනාවන්ත තත්ත්වයක්‌.

රාත්‍රියේ ආහාර ගැනීමෙන් වැළකී සිටින්නේ භික්‍ෂූන්. නමුත් බුදුදහමේ නාමයෙන් කල්ලි හදාගත් ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ගිහියන්ටත් රාත්‍රි ආහාර ගන්න එපා කියල තියෙනවා. අඹු- සැමි සබඳතා පැවැත්වීමත් නුසුදුසු ලෙස හුවා දක්‌වනවා. මේ බුදුදහමට පටහැනිව ක්‍රියාත්මක වන කල්ලි. තවත් සමහර කල්ලි අවිහිංසාවාදී මුවාවෙන් බුදුදහමේ නොමැති දේවල් සමාජගත කරන්න උත්සාහ කරනවා.

ස්‌ටීවන් හසන්ගේ ග්‍රන්ථයේ සඳහන් වෙනවා ඇතැම් කල්ලි ආගම ඇදහීම් කරන්නේ උමතු ස්‌වභාවයෙන් කියලා. අද අප සමාජයේත් සමහර කල්ලි හදාගත් අය ජනතාවට මෙවැනි උමතු ස්‌වභාවයෙන් ධර්මය කියාදෙන බවක්‌ පෙනෙනවා.

මේ තරම් වෛද්‍යවරුන් සිටින රටේ යාච්Æවෙන් ලෙඩ රෝග සුව කළ හැකියි කියා විශ්වාස කරන අය ඉන්නවනේ. එසේ ලෙඩ සුව කර ගැනීමට ගිහින් කීදෙනෙක්‌ මියගියාද? ඒ වගේම තමයි තොවිල්පවිල්, යන්ත්‍ර මන්ත්‍රවලින් ලෙඩ රෝග සුව කරගන්න ගිහින් කීදෙනෙක්‌ අමාරුවේ වැටුණද? ඒත් මේ කල්ලි අප සමාජයේ තවමත් ක්‍රියාත්මක වෙනවා. ඇතැම් චීවරධාරීන් මේවාට මුවාවී කරන පහත් වැඩ පසුගිය දිනවල මාධ්‍ය මගින් හෙළිදරව් කෙරුණා.

මේ දවස්‌වල අපේ දරුවන් උසස්‌ පෙළ විභාගයට සූදානම් වෙනවා. මම දුටුවා රූපවාහිනි නාලිකා කීපයකම උසස්‌ පෙළින් සමත්වීමට මන්ත්‍රයක්‌ ජප කරන්න කියලා පුද්ගලයෙක්‌ කියලා. “ඕං තෙදි අං හුං” යනාදී වශයෙන් වූ එම විප්‍රකාර මන්ත්‍රය දහස්‌ වාරයක්‌ ජප කරන්න කියලයි ඔහු උපදෙස්‌ දුන්නේ. බලන්න මෙය මොන තරම් බොරුවක්‌ද කියලා. මෙම පුද්ගලයා කියන දේ අපේ දරුවන් කළොත් ඔවුන්ව යවන්න වෙන්නේ මානසික රෝහලකටයි. ඒ නිසා අපේ දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. මෙවැනි මිථ්‍යා මත වපුරන කල්ලිවලට හසු වෙන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳින් ශිල්ප ශාස්‌ත්‍ර හදාරන විට ශිල්පය පිහිටන බවයි. සිදුහත් බෝසතාණන් වහන්සේගේ කාලයේදී උන්වහන්සේ මේ සියලු ශිල්ප ශාස්‌ත්‍ර අධ්‍යයනය කළා. ඒ සඳහා උත්සාහය අවශ්‍යයි. මතකය වර්ධනය කරගත යුතුයි.

නමුත් අපේ දරුවන් විභාගයට යැමට පෙර පිරිත් නූලක්‌ බැඳ, බෝධි පූජාවක්‌ පවත්වා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්තා.

අදත් එසේ කරන දරුවන් සිටිනවා. එය වරදක්‌ නොවේ. ඒ තුළින් දරුවාට මානසික ශක්‌තියක්‌ ලැබුණා විනා ඔහුගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක්‌ වුණේ නැහැ.

රටක බැංකු පද්ධතියක්‌ ක්‍රියාත්මක වන්නේ යම්කිසි නීතිමය රාමුවක්‌ යටතේයි. ඒ සඳහා රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. ජනතාව තැන්පත් කරන මුදල්වලට සුරක්‍ෂිත භාවයක්‌ ලැබෙනවා. නමුත් බැංකුවේ පෙනී සිටින ඊට පටහැනි බැංකු ප්‍රතිරූපක කොච්චර මේ සමාජයේ තියෙනවද? මෙවැනි වාණිජ කල්ලිවල ක්‍රියාකාරිත්වයන් සමාජයට අහිතකරයි. පසුගිය දිනවල අපට අසන්නට දකින්නට ලැබුණා, මෙවැනි වාණිජ කල්ලි නිසා දහස්‌ ගණන් අමාරුවේ වැටුණු ආකාරය. ජනතාවගේ කෝටි ගණන් මුදල් නැතිවුණා. ඒවාට අද වගකියන්න කෙනෙක්‌ නැහැ. අදටත් මේවා ක්‍රියාත්මක වෙනවා. නීති විරෝධී පිරමිඩ් ජාවාරම් ගැන අද යළිත් අසන්නට ලැබෙනවා.

සමහර විට නීතිමය රාමුවකට යටත්ව සමාජ උන්නතිය සඳහා ක්‍රියාත්මක වන සුබසාධක සංගම් වැනි ආයතන තියෙන්න පුළුවන්. මේවා කල්ලි ගණයට වැටෙන්නේ නැහැ. නමුත් මීට පටහැනිව මහජනතාවට සුබසාධන කටයුතු කරන බව පවසමින් ජනතාවගේ මුදල් ගරා ගන්නා කල්ලි ඇති බව අප අමතක නොකළ යුතුයි.

දේශපාලන පක්‍ෂ හා දේශපාලන කල්ලි කියන්නේ කණ්‌ඩායම් දෙකක්‌. දේශපාලන පක්‍ෂයකට නීති රාමුවක්‌ තියෙනවා. ඊට අදාළ ව්‍යවස්‌ථාවක්‌ තියෙනවා. නමුත් දේශපාලන කල්ලිවල ස්‌වරූපය ඊට හාත්පසින්ම වෙනස්‌. දේශපාලන කල්ලිවල හැසිරීමෙන් සමාජයට වන්නේ හානියක්‌. ඒ සඳහා අවශ්‍ය තරම් නිදසුන් අප රටේ තියෙනවා.

හිට්‌ලර් දේශපාලන රාමුවකට මුවාවී පැමිණියත් ඔහු ක්‍රියාත්මක වූයේ දේශපාලන කල්ලියක්‌ ලෙසයි. හිට්‌ලර් දෙවැනි ලෝක යුද්ධය ඇතිකර මොනතරම් නම් විනාශයක්‌ ඇති කළාද? එල්. ටී. ටී. ඊ. ය කියන්නේ ත්‍රස්‌ත කල්ලියක්‌. මෙම කල්ලිය දශක තුනක්‌ පුරා අප රටට කොයි තරම් විනාශයක්‌ කළාද? දැන් නැවතත් උතුර නැගෙනහිර අවි ගත් කල්ලි සිටින බවට වාර්තා වෙනවා. එනිසා බොහොම පැහැදිලියි නිතරම කල්ලියකින් සමාජයට සිදුවනුයේ අහිතකර ප්‍රතිඵලයක්‌.

මේ සියලු ආකාරයේ කල්ලි බුදුරජාණන්වහන්සේ අනුමත කළේ නැහැ. බුදුන් දවස විවිධ මිථ්‍යා දෘෂ්ටීන් තිබුණා. ඒ සියල්ල බුදුරජාණන්වහන්සේ ප්‍රතික්‍ෂේප කළා. යම් දෙයක්‌ ලෝභ, ද්වේශ, මෝහ යන අකුසල මූලයන්ට වැටේ නම් ඉන් ඉවත්වන ලෙසයි, බුදුරජාණන්වහන්සේ දේශනා කළේ.

මූලික බුදුදහමට පටහැනිව අද අප සමාජයේ විවිධ සංගම්, ආයතන ස්‌ථාපනය කරගෙන තිබෙනවා. මේවා තුළින් බුදුදහමින් අපේක්‍ෂිත පරමාර්ථ ඉටුවන්නේ නැහැ. බුදුදහමට අනුව සංඝරත්නය සාමූහිකයි. සංඝරත්නය පදනම්ව බුදුදහමේ පුද පූජා ක්‍රම පැවැත්වෙනවා. ඊට අනුගතව කටයුතු කිරීමයි කළ යුත්තේ. ඒ වගේම මෙතෙක්‌ පැවති පන්සල් ක්‍රමයට අනුගතවයි කටයුතු කළ යුත්තේ. ඊට පටහැනිව කටයුතු කළොත් තමයි ගැටුමක්‌ ඇතිවන්නේ.

බෞද්ධයා විමර්ශනශීලී විය යුතුයි. බෞද්ධයාගේ උරුමය එයයි. විමර්ශනශීලී නොවුණහොත් අපට හොඳ නරක අඳුර ගන්න බැහැ. එනිසා බෞද්ධයා හුරුවිය යුත්තේ විමර්ශනශීලී කටයුතු කර මෙම කල්ලිවලට හසු නොවී තම පැවැත්ම සාදා ගැනීමයි.

රාත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

 

ධර්ම සංවාදය – වසන්ත ලියනගේ