Home » වටිනා ධර්ම කරුණු » ධර්මය නිවැරදිව දකින්න

ආහාර ගැනීම පවක්‌ නම් සිල් පවාරණය වීමෙන් පසු ආහාර ගැනීම වරදක්‌ විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මෙතන තමයි විනය තිබෙන්නේ. වෙනත් අයුරකින් කියනවා නම් අප ජීවන රටාව තහවුරු කර ගැනීම සඳහා ගොඩනගාගත් නීති රාමුවක්‌ තිබෙනවා. එය කායික පහසුව සඳහා සිදුවෙන්නක්‌. එය හුදෙක්‌ ශීලය නොවෙයි. විනය සහ ශීලය පිළිබඳව බොහෝ දෙනා පටලවා ගැනීමක්‌ තිබෙනවා.

ආහාර ගැනීම පවක්‌ නම් සිල් පවාරණය වීමෙන් පසු ආහාර ගැනීම වරදක්‌ විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මෙතන තමයි විනය තිබෙන්නේ. වෙනත් අයුරකින් කියනවා නම් අප ජීවන රටාව තහවුරු කර ගැනීම සඳහා ගොඩනගාගත් නීති රාමුවක්‌ තිබෙනවා. එය කායික පහසුව සඳහා සිදුවෙන්නක්‌. එය හුදෙක්‌ ශීලය නොවෙයි. විනය සහ ශීලය පිළිබඳව බොහෝ දෙනා පටලවා ගැනීමක්‌ තිබෙනවා.

සමාජයේ යහ පැවැත්මට ධර්මය අත්‍යවශ්‍යය. සමාජගත මිනිසාගේ සංවරය ඇති කරනුයේ ධර්මය විසිනි.

කෙසේ නමුත් “ධර්ම” කියන වචනය බුදුදහමේ අර්ථ දක්‌වන ආකාරයටම අන් ආගම්වල සහ දාර්ශනික මතවල අර්ථ දක්‌වන ආකාරයට සමාන වන්නේ නැහැ.

“ධර්ම” යන වචනය සෑදී ඇත්තේ “ධර්ම” ධාතුවෙනි. පාලි සංස්‌කෘත හින්දු ඇතුළු පෙරදිග භාෂාවල “ධාතුව” මූලික කරගෙන භාෂාව අර්ථ ගැන්වී තිබේ. ඊට උචිත ආකාරයෙන් ප්‍රත්‍ය යෙදීම මගින් නාම පද ක්‍රියාපද සෑදී තිබේ. ඒ අනුව බලන කල පාලි භාෂාව අනුව “ධම්ම” කියන වචනයේ මූලික අදහස දැරීමයි. සංස්‌කෘත භාෂාවෙන් එය අර්ථ

ගැන්වෙන්නේ “ධර්ම” ලෙසයි.

සමාජය දරාගන්නා යම්කිසි ක්‌ෂේත්‍රයක්‌ තිබෙනවා. එම ක්‌ෂේත්‍රය ධර්මයයි.

එය ශීලයයි. එය සමාජයේ සදාචාර යයි. එය සමාජයේ විනයයි. යම්කිසි ස්‌ථානයකදී මෙම දැරීම හෙවත් ධර්මය බිඳවැටුණොත් යහපත් සමාජයක්‌ පවත්වාගෙන යැමේ අවස්‌ථාව ගිලිහී යනවා. එවිට ඉස්‌මතු වන්නේ අධර්මයයි. අසාධාරණයයි. ඒ වගේම එවැනි සමාජය දැනිය හැක්‌කේ සදාචාර නොවන සංකල්පයි. සෑම තැනකම ඇතිවීමක්‌ සමග ගැටීමක්‌ ඇතිවීම වැළැක්‌වීය නොහැකිය.

එනිසා අප බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්මය තුළ ජීවත්විය යුතු බවයි. ධර්මයෙහි හැසිරෙන්න කියා උන්වහන්සේ දේශනා කළා.

“ධම්මෝ හවේ රක්‌ඛති – ධම්ම චාරී”

ධර්මය ආරක්‌ෂා කරන්නා ධර්මය විසින් රැකෙන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

ධර්මය ආරක්‌ෂා කිරීම යනු යහපත් ගුණ ධර්මයන් ආරක්‌ෂා කිරීමයි. මෙම සංකල්පය නිර්වාණය දක්‌වා ගමන් කරන්නක්‌. නමුත් නිර්වාණය අවබෝධ කර ගැනීමට පෙර, මෙපිට සමාජයේදී, එදිනෙදා ජීවිතයේදී ඉෂ්ට සිද්ධ කර ගත යුතු හේතූන් සමෘද්ධිමත් කර ගැනීම භෞතික අවශ්‍යතාවයක්‌. ඉහළ මානසික ප්‍රගතියක්‌ ලබා ගැනීමට පෙර මෙම භෞතික අවශ්‍යතාවයන් සපුරා ගත යුතුයි. එම භෞතික අනන්‍යතාවයන් සපුරා ගැනීමේදී ධර්මානුකූලව එය ලබා ගන්නේ කෙසේද කියා බුද්ධ ධර්මයෙන් මැනවින් පැහැදිලි කර තිබෙනවා.

අප සැමවිටම යහපත් හැසිරීම්වලින් සිටිය යුතුයි. එයට අවශ්‍ය කරන ශීලයක්‌ තිබෙනවා. ශීලය තමයි බුද්ධාගමේ මූලික පදනම. ශීලයත් සමග ගොඩනැගෙන නීති පද්ධතියක්‌ද අපට හඳුනා ගැනීමට පුළුවන්. එය අප හඳුන්වන්නේ විනය නමින්. විනය සහ ශීලය කියන්නේ අංශ දෙකක්‌. නූතනයේ මෙම අංශ දෙක පටලවා ගන්නා ස්‌වරූපයකට පත්ව තිබෙනවා. එනිසයි අපට මොකක්‌ද ධර්මය කියා හඳුනාගැනීමට නොහැකිව තිබෙන්නේ.

සමහර විට ශීලය විනයට හේතු වෙනවා. විනය ශීලයට හේතුවෙනවා. විනය කියන දෙය සමාජයෙන් සමාජයට, පුද්ගලයාගෙන් පුද්ගලයාට ආයතනයෙන් ආයතනයට රටින් රටට වෙනස්‌ විය හැකියි. නමුත් බුදුදහම අනුව ශීලය කියන්නේ පොදු තත්ත්වයක්‌. ඉන් සඳහන් කරන්නේ නැහැ. එය සැමවිටම වෙනස්‌ නොවෙනවා කියා. නමුත් ඕනෑම ලෝකයකට, රටකට, සමාජයකට අවශ්‍ය කරන චර්යා පද්ධතිය තමයි ධර්මය කියන්නේ. නැතහොත් ශීලය කියන්නේ. එය පොදු තත්ත්වයක්‌. මෙය වචනයකින් දෙකකින් තේරුම් කළ හැකි දෙයක්‌ නොවේ. උදාහරණයක්‌ විදිහට අපි අටසිල් සමාදන්වීම ගනිමු. අටසිල් සමාදන්වීමේදී “විකාල භෝජනා වේරමණී සිCඛා පදං සමාධියාමි” යනුවෙන් අප එක්‌ ශිල්පදයක්‌ රැකීමට පොරොන්දු වෙනවා. එය සරල අර්ථය ගතහොත් කියන්නේ විකාලයේ ආහාර ගැනීමෙන් වළකින බවයි.

 විහාරස්‌ථානයට ගොස්‌ උදේ හයේ සිට සවස හය දක්‌වා සිල්සමාදන් වෙන අයෙක්‌ මේ අටසිල් සමාදන්ව ජීවත්වෙනවා. එම පුද්ගලයා සවස හයෙන් පසුව සිල් පවාරණය වෙනවා. පන්සිල් සමාදන්වීමත් සමග අටසිල් පවාරණය වෙනවා. ඒ අනුව එම සිල් පවාරාණය වූ පුද්ගලයා විකාලයේ ආහාර ගැනීමෙන් වළකින ශික්‌ෂා පදයෙන් ඉවත් වෙනවා. එතැන් පටන් ආහාර ගන්නවා.

ආහාර ගැනීම පවක්‌ නම් සිල් පවාරණය වීමෙන් පසු ආහාර ගැනීම වරදක්‌ විය යුතුයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. මෙතන තමයි විනය තිබෙන්නේ. වෙනත් අයුරකින් කියනවා නම් අප ජීවන රටාව තහවුරු කර ගැනීම සඳහා ගොඩනගාගත් නීති රාමුවක්‌ තිබෙනවා. එය කායික පහසුව සඳහා සිදුවෙන්නක්‌. එය හුදෙක්‌ ශීලය නොවෙයි. විනය සහ ශීලය පිළිබඳව බොහෝ දෙනා පටලවා ගැනීමක්‌ තිබෙනවා.

“ශීලවා හෝථ – නසීලෙච්”

සිල්වතෙක්‌ වෙන්න. නමුත් ශීලයෙන් හැදිච්ච කෙනෙක්‌ වෙන් එපා යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසයි. ශීලයෙන් හැදිච්ච කෙනෙක්‌ යනු වෘතයක්‌ රකින්නෙක්‌. ගෝවෘත, සුනඛවෘත, අජරවෘත ආදී වශයෙන් විවිධ වෘත රැක්‌ක අයට එදා සිටි බව සඳහන්.

හරකෙක්‌ විදියට හැසිරෙනව නම් ඔහු ගෝරවෘතය ආරක්‌ෂා කරන්නෙක්‌ සුනඛවෘත කියන්නේ බල්ලෙක්‌ විදියට හැසිරෙනවා කියන එකයි. ඌට ඇඳුම් පැළඳුම් ඕනේ නැහැ. ඉන්න තැනක්‌ නැහැ. උගේ ජීවිතය හරි සරලයිනේ. බැලූබැල්මට ඌ අල්පේච්ඡයි. හරකා මස්‌ කන්නේ නැහැ. කන්නේ තණකොළ. ඌට නිදාගැනීමට නිවසක්‌ තැනක්‌ නැහැ. හරකාගේ ජීවිතයත් බැලූබැල්ම අල්පේච්ඡයි. මෙවැනි සතුන්ගේ හැසිරීම් වෘත ලෙස පවත්වාගෙන ගිය අය බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් සිsටියා. සේතිය, පුක්‌කුසාදී වැන්නවුන් එවැනි වෘත පවත්වාගෙන ගිය බව මඡ්ජිම නිකායේ සඳහන් වෙනවා. ඒ අනුව සමහරු හරකෙක්‌ විදිහට බල්ලෙක්‌ විදිහට ජීවිතය ගත කළා. එය සරල පැවැත්මක්‌ කියලා ඔවුන් විශ්වාස කළා. ඉන් අපේක්‌ෂා කළේ නිර්වාණය ලබාගන්න පුළුවන් කියලා. නැත්නම් ලෝකයෙන් නිෂ්ඨාවකට පත්වෙන්aන පුළුවන් කියා විශ්වාස කළා. මේවා වෘත. අද අප සමාජයේත් ධර්ම කාරණා වෘත බවට පත්කරගෙන තිබෙනවා. එය බලවත් වැරැද්දක්‌. සමහරු ශීලයෙන් හැදිච්ච කෙනෙක්‌ වෙන්න හදනවා. සුදු රෙදි හැඳගත් පමණින්, මල්වට්‌ටිය අතට ගත් පමණින් බණ ඇසූ පමණින්, නිතර නිතර විහාරස්‌ථානවලට ගිය පමණින් සිල්වතෙක්‌ විය නොහැකියි. ගෝල්පේස්‌ එකෙත් අද සිල් සමාදන් වෙනවා. යන හැම තැනම සිල්… සිල්… සිල්.

මේ අය කෘතීම වශයෙන් සිල් වතුන් බවට පත්වෙලා. නූතන සමාජය වෙනදාට වඩා සමාජයේ සෑම අංශයකින්ම පිරිහිලා තියෙනවා. වෙනදාට වඩා අශීලාචාරයි. වෙනදාට වැඩිය හොරකම් වැඩිවෙලා තිබෙනවා. අනෙක්‌ පැත්තෙන් පවුල් සංස්‌ථාව ඇතුළු මුළු සමාජයම සෑම අතින්ම පිරිහිලා. මානසික ආතතිය වැඩිවෙලා. මේ හැම දෙයක්‌ම වෙලා තියෙන්නේ සිල්වතෙක්‌ නොවී වෘතයක්‌ ආරක්‌ෂා කරන්නකු මෙන් සීලයෙන් හැදිච්ච කෙනෙක්‌ බවට පත්වීම නිසයි. සැබෑ ශීලය කියන්නේ ඉබේ කරන ක්‍රියාදාමයක්‌ තුළින් සිල්වෙතෙක්‌ වීමයි. කෙනෙක්‌ බොරුකියන්නේ නැතිනම් මුල් අවදියේදීම පුහුණුවක්‌ ලබනවා බොරු නොකියා සිටීමට. ඊට පසු ඔහු සිල්වතෙක්‌ බවට පත්වෙනවා. අනතුරුව එය ඉබේම කෙරෙන ක්‍රියාවක්‌ බවට පත්වෙනවා. ඒ වගේම සොරකම් නොකරම සිටිනවා. නමුත් මෙය සහමුලින්ම වන තත්ත්වයක්‌ නොවෙයි. එක එක ස්‌ථරවලදී මෙය වෙනස්‌ වෙනවා. අද ධර්මය පිළිබඳව ලොකු ප්‍රචාරයක්‌ තිබුණට සමාජය බිඳවැටිලා තියෙන්නේ අපි ධර්මය පිළිබඳ කරුණු හරියට අවබෝධ කර නොගෙන ඇති නිසයි. යථාර්ථවාදීව ධර්මානුකූලව ජීවිතය ගොඩනගාගැනීමේ අවශ්‍යතාවය අද සමාජීය අවශ්‍යතාවයන් බවට පත්වී තිබෙනවා.

අද බොහෝ විට සමාජයේ පව්පින් පිළිබඳව කතාබහ කෙරෙනවා. නමුත් “පව්” කියා දෙය හරියට තේරුම් අරන් නැහැ. බුහුදහමේ තියෙනවා සමචර්යාව කියා දෙයක්‌. පසුගිය කාලයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදීන්ගේ යුද්ධයක්‌ තිබුණා. ත්‍රස්‌තවාදීන්ව ඝාතනය කරන්නට එදා ලොකු වටිනාකමක්‌ දුන්නා. ඕනෑ නම් යම්කිසි කෙනෙකුට කියන්න පුළුවන් මේක පවක්‌ කියලා. එහෙත් සමාජයට පටහැනි ක්‍රියාදාමයන් සිදුවෙනවා නම් එය වළක්‌වාගැනීමට ක්‍රියාදාමයක්‌ සිදුවෙනවා. සමාජයේ යහ පැවැත්මට අවශ්‍ය එම ක්‍රියාදාමය සිදුකරන්නේ රටේ නායකයායි. රාජ්‍ය නායකයායි. නැත්නම් රටේ රජතුමායි. රජතුමා කියන්නේ භික්‌ෂුවක්‌ නොවෙයි. භික්‌ෂුවක්‌ වුණානම් ඔය කාර්යය භාර්යය කරන්න බැහැ. භික්‌ෂුවකට රජකම සුදුසු නැහැ කියල කිව්වේ ඒකයි. නමුත් රජතුමා බෝධි සත්වයකුත් නොවෙයි. මෙම උදාහරණයෙන් තේරුම් ගත යුතු දෙයක්‌ තිබෙනවා. පංචශීලය නිත්‍ය ශීලය බවට පත්වෙන්නේ සමාජික ජීවිතයේදීත් ඒවගේම සුවිශේෂී ජීවිතයකදීත් පරිහරණය කර ගැනීමට හැකියාව ලැබෙන නිසයි.

මතු සම්බන්ධයි..

ධර්ම සංවාදය වසන්ත ලියනගේ