Home » පුවත් පත් ප්‍රකාශන » ධර්මය නිවැරදිව දකින්න කළ පව් සමා කළ නොහැක

ධර්මය නිවැරදිව දකින්න කළ පව් සමා කළ නොහැක

අශෝක ශිලා ලේඛනවල සඳහන් වෙනව “සමචලියං” කියලා. අංගුත්තර නිකායේ හා අනෙක්‌ සූත්‍රවල සමවර්යාව හා ධර්මචර්යාව පිළිබඳව සඳහන් වෙනවා. මෙම වචන පිළිබඳව ගැඹුරු පර්යේෂණයන් සිදුවෙලා නැහැ. සමචර්යාව කියන්නේ සමාජයේ යහපැවැත්මට යම්කිසි හානිකර දෙයක්‌ සිදුවේ නම් එය මර්දනය කිරීමයි. ඒවගේම සමාජයේ යහපැවැත්මට සුදුසු දෙයක්‌ සිදුවේ. නම් එය වර්ධනය කිරීමත් අවශ්‍යයි. එය උපරිමය වර්ධනය කර ගත හැක්‌කේ ධර්ම චර්යාවෙන්.

Silයම් පුද්ගලයකුට කේන්තියක්‌ ආවේගයක්‌ පැමිණිවිට තවත් පුද්ගලයකුගේ ප්‍රාණය නැති කිරීම විවිධ උපක්‍රම භාවිත කරන්න පුළුවන්. ඔහු එම වේලාවේ අතට ගන්නා දඬු මුගුර ආයුධයක්‌ විය හැකියි. ඉන් ගසා පුද්ගලයකු මරණයට පත්කිරීමට ඉඩකඩ තියෙනවා. එවැනි තත්ත්වයක්‌ වළක්‌වා ගැනීම සඳහා එම ආවේගය පාලනය කරන්නේ කෙසේද? ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්‌ෂාපදය ආරක්‌ෂා කරගන්නේ කෙසේද? එයයි අපි ප්‍රගුණ කළ යුත්තේ. ඒ සඳහා සංවරයක්‌ අවශ්‍යයි. ඒ සඳහා ශික්‌ෂා පදයක්‌ මගින් ලබාදුන් පොරොන්දුව අප රකිනවා. එය ජීවිතයේම කොටසක්‌ බවට පත්කර ගන්නවා. එම පොරොන්දුව රැකීමම තමයි ශීලය බවට පත්වෙන්නේ. එනම් ආවේගය පාලනය කිරීමේ තත්ත්වයකට පත්වීමම තමයි ශීලය බවට පත්වන්නේ. පොහොය දවසට සිල් සමාදන් වීමෙන් මේ තත්ත්වයට පුහුණුවක්‌ ලබා ගැනීමට පුළුවන්. එය වරදක්‌ නොවෙයි. එය අපි සංවිධාත්මක ලෙස කළ යුතුයි.

            ගහට පොත්තක්‌ පොත්තට ගහක්‌ වගේම මෙම ධර්ම සංකල්පය එදා ඉඳන්ම ගොඩනැගිලා තිබුණා. අද ඊයේ නොවෙයි ශීල සමාදානයන් ආරම්භ වුණේ. නමුත් එතැනින් Ven. Hegoda Vipass Theroපමණක්‌ මේ ශීලය ගොඩනැගෙන්නේ නැහැ. කරපු පව් සමාකිරීමත් බුද්ධ ධර්මය අනුව සිදු වන්නේ නැහැ. කාටවත් එහෙම පව් සමාකරන්නවත් බැහැ. දෛනිකව කරන පව් එක දවසකින් සමා කිරීමක්‌ කොහෙත්ම කළ නොහැකි දෙයක්‌. එනිසා අප දෛනිකව ප්‍රගුණ කළ යුත්තේ අපි කළින් කතා කළ ආකාරයේ ආවේගශීලී අවස්‌ථාවන් පාලනය කිරීමටයි.

             පොහොය දවසට සිල් ගැනීම වරදක්‌ නැහැ. නමුත් එදාට පමණක්‌ ශීලය ආරක්‌ෂා කරමින් අන් දිනවල පව් කරමින් සිටීම කොහෙත්ම පිළිගන්න බැහැ. පොහොය දවසට පමණක්‌ සිල් ගැනීමට සීමා වී අපි ප්‍රාර්ථනා කරන සැබෑ ශීලය ලබාගත නොහැකියි. පොහොය හැර සෙසු දවස්‌වල පව් වැඩ සිදුකර, අසාධාරණකම් කරයි නම් අශීලාචාරව හැසිරෙන්නේ නම් හා පොහොය දවසට එවැනි පව් නොකර සිටීමෙන් පමණක්‌ පව් සමාකරන්න බැහැ. අද බුදුදහම නමින් ඇතැම් පිරිස්‌ ගෙනයන ප්‍රසිද්ධ රැඟුම් මණ්‌ඩලය හරහා මේ ප්‍රශ්නය විස¹ගන්න බැහැ. මේ අය සිදුකරන්නේ අපේ බෞද්ධ පින්වතුන් පව් සමාකර ගැනීමේ සංකල්පයට යොමුකර ගැනීමයි. අපි එම තත්ත්වයෙන් වහා මිදිය යුතුයි. බුද්ධ දේශනාව අනුව අපට කාල දන්දීලා සතුටින් ඉන්න පළුවන්.

          “ධද්වාච බුද්ධාච අනුත්ජිතෝ” යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එනිසයි. එනිසා එවැනි ජීවිතයක්‌ ගතකර හොඳ ස්‌ථානයක උප්පත්තියක්‌ ලැබීමට පුළුවන්.

භෞතික තත්ත්වයන් තුළදී අපි සිංදු අහනවා. නාට්‍ය බලනවා. චිත්‍රපට බලනවා. සතුටු වෙනවා. මෙවැනි තත්ත්වයක්‌ තුළ භෞතික අවශ්‍යතා සපුරා ගනිමින් ජීවිත යාත්‍රාව පසහුවෙන් ගෙනියනවා. අන්න එතනම තමයි ශීලය දකින්න ඕනෑ.

             ඊළඟට අපි සොරකම් කිරීම පිළිබඳ යමක්‌ කතා කරමු. අප සමාජයේ හොරකම ලෙස හඳුනාගෙන තියෙන්නේ කුමක්‌ද? යම්කිසි පුද්ගලයකු නිවසට පැන අනුන්ගේ දේපළ වස්‌තුව පැහැර ගැනීම නැතහොත් ඒ සමාන වෙනත් ක්‍රියාවන් තමයි සොරකම ලෙස සමාජය දකින්නේ. මෙය ප්‍රසිද්ධ ප්‍රමුඛතම ආර්ථකථනයයි. තත්ත්වය එසේ වුවත් අපි දන්නේ නැහැ අපි කෙතරම් සොරකම් කරනවද කියලා. රජයේ හෝ වේවා පෞද්ගලික අංශයේ හෝ වේවා යම්කිසි සේවාවක්‌ සිදුකරන පුද්ගලයකු තම සේවය නිසිලෙස ඉටු නොකර තම වගකීම පැහැර හරිමින් වැටුපක්‌ ලබා ගන්නවානම් එයත් සොරකමක්‌. එනිසයි සමාජයේ හැම දෙයක්‌ම අක්‍රමවත් වෙලා තියෙන්නේ. මෙම තත්ත්වය අකුසලයක්‌ ලෙස අපි හිතන්නේ නැහැ. තම සේවය පැහැර හැරීම පමණක්‌ නොව අල්ලස්‌ ගැනීම ඇතුළු විවිධ වංචාවන් සිදුකිරීම අද සමාන්‍ය දෙයක්‌ බවට පත්වෙලා. දෛනික ජීවිතයේ කොටසක්‌ වෙලා.

             අපි මෙහෙම හිතමුකෝ. කවුරුන් හෝ පුද්ගලයකු යම්කිසි ආයතනයකට යනවා යම්කිසි රාජකාරියක්‌ කර ගැනීමට. එම අවස්‌ථාවේදී අදාළ නිලධාරියා ඔහුගේ කාර්යය ඉටුකර නැතිනම් ඔහුට තරහා යනවා. කේන්තිත් යනවා. එතනදී බහින්බස්‌ වීමකුත් සිදුවෙනවා. අවසානයේදී එතැන ගැටුමකුත් සිදුවිය හැකියි. සමාජයේ මේවාගේ දේවල් අනන්තවත් සිදුවෙනවා. මේව අකුසලයන් ලෙස තේරුම් ගත යුතුයි. නමුත් එහෙම වෙලා නැහැනේ.

            මේක ගැඹුරින් කල්පනා කළොත් කෙනෙකුට හිතන්න පුළුවන් මෙහෙම ගියොත් ගිහි ජීවිතය ගතකරන්න බැහැ කියලා. මම කියන්නේ මේ දේවල් සියයට සියයක්‌ නොවුණුමුත් ප්‍රගුණ කළ යුතු දේවල් කියලයි. ඉන් අදහස්‌ කරන්නේ නැහැ වැරදි සුළු සුළුවෙන් හෝ කිරීමට අනුබල දෙනවා කියලා.

හොඳ දේවල් ප්‍රගුණ කිරීමෙන් මානසික තෘප්තියක්‌ ලැබිය හැකියි. කෙනෙකුට තමන් කරන සේවාව නිසිලෙස ඉටුකර ආත්ම තෘප්තියක්‌ ලබන්න පුළුවන්. නමුත් බොහෝ දෙනා ගතකරන්නේ අතෘප්තිමත් ජීවිත. දියුණුයි කියන රාජ්‍යවල සේවය හරියට ම කෙරෙනවා. එම රාජ්‍යවල නායකයාගේ සිට සේවකයා දක්‌වා තමන්ගේ රාජකාරිය නිසිලෙස ඉෂ්ඨ කරනවා. අපේ රටවල් නොදියුණුයි කියන්නේ මෙම තත්ත්වයන් ඉෂ්ඨ නොවීම නිසයි. අපේ රටේ අනුරාධපුර පොළොන්නරු යුගවල සේවය නිසිලෙස ඉටුවුණු නිසා තමයි එදා අපි සශ්‍රීකත්වයක්‌ ලැබුවේ. එම යුගවලදී “ශීලය” කියන දෙය අර්ථවත් වුණා. එනිසා බොහෝම පැහැදිලියි මේ සමාජ සාරධර්ම තුළ ධර්මානුකූලව සිල්වතෙක්‌ ලෙස ජීවත්වන පුද්ගලයාට තමයි නිර්වාණය කියන උසස්‌ ස්‌ථානයට ළගාවෙන්න පුලුවන්.

            ගැඹුරු දහමකට යොමුවීමේ ප්‍රමුඛතම අවස්‌ථාව ලෙස පොහොය දවසේ සිල්සමාදන්වීම පෙන්වා දිය හැකියි. සිල්සමාදන් වූ පමණින් අපේ ගිහි ජීවිතය බිඳවැටෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ “කාමේසුමිච්චාචාරා” යන සිල් පදයෙන් කාමය වරදවා හැසිරීම වරදක්‌ බව පෙන්වා දෙනවා. නමුත් ඒ සමග කියවෙනවා නිවැරදි තාවයක්‌ ඇති බව. ස්‌වාමියාට හා භාර්යාවට කාමයෙහි හැසිරීම වරදක්‌ නොවේ. නමුත් ස්‌වාමියාට භාර්යාවත්, භාර්යාවට ස්‌වාමියාත් ඉක්‌මයන්න බැහැ. එතැන තමයි විනය තියෙන්නේ. සමාජයෙහි දකින ආකාරයෙන් සමාජයේ දෘෂ්ඨියෙන් “කාමේසුමිච්චාචාරා” කියන ශිල්පදය විග්‍රහ කරන්න බැහැ. බුදුරජාණන් වහන්සේ නොයෙකුත් සූත්‍රවල අඹු-සැමි සම්බන්ධතාව කෙබඳු එකක්‌ විය යුතු ද යන්න දේශනා කර තිබෙනවා.

         බුදු දහමේ විවාහ ජීවිතය නිරන්තරයෙන් අගය කළා. නමුත් විවාහ වෙන්නේ නැති විවාහය කල් දමන සමාජයකුත් තියෙනවා. එම පිරිස නොයෙකුත් දේට ඇබ්බැහි වෙලා තියෙනවා. බුදුදහමේ එවැනි තත්ත්වයන් ප්‍රතික්‌ෂේප කළා. කෙනෙක්‌ විවාහ වෙල දරු මල්ලෝ හදාගෙන ජීවත්වීම කුසලයක්‌. අනාචාරයේ හැසිරීම අකුසලයක්‌, සදාචාරයේ හැසිරීම කුසලයක්‌, මෙයයි අපි තේරුම් ගත යුත්තේ.

            භෞතික ජීවිතයේදී මිනිසුන් සදාචාරාත්මකව ලබාගත යුතු දේ ලබා ගැනීමට බුදුහමෙහි කිසිදු බාධාවක්‌ නැහැ. නකුල මාතා, නකුල පීතා කතාවලින් විවාහ ජීවිතයේ ඇති අගය වටහා දී තිබෙනවා. එදා විවාහ ජීවිත ගත කරමින් තෘප්තිමත් ජීවිත ගත කරන අය කෙතෙකුත් හිටියා. එසේ තෘප්තිමත් ජීවිතයම නිවන් මාර්ගයට බලපානවා.

“පුත්ථා මන්ථි මනුස්‌සානං භරියාය පරමා සකා”

                    දරුවෝ තමයි සම්පත. බිරිය තමයි හොඳම යෙහෙලිය. එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

                     අප රටේ බුද්ධ ධර්මය තියෙනවා. එය හේතුඵල වාදය පිළිබඳව ධර්මයක්‌ බවත් මිනිසුන් දන්නවා. නමුත් අපි නිතරම කතාකරන්නේ සමාජයේ සිදුවන හානිය පිළිබඳව පමණයි. බුද්ධ ධර්මයට අනුව අපි මූලධර්මය සොයා යන බවක්‌ පෙනෙන්නේ නැහැ. බෞද්ධ විඥනයෙන් සමාජ ප්‍රශ්න දිහා බලන බවක්‌ පෙනෙන්නේ නැහැ. එනිසා තමන්ට විපතක්‌ වූ විට කේන්ද්‍ර බැලීම අද සුලබව දකින්න ලැබෙන දෙයක්‌. හැබැයි කවදාවත් ඔබට සැපතක්‌ ළඟා වූ විට මට මෙහෙම වාසනාවක්‌ ළඟා වූයේ ඇයිද කියා කේන්ද්‍රයෙන් බලන්නේ නැහැ. එනිසා ජ්‍යේතිෂවේදීන් කෙනෙක්‌ එන විටම දන්නවා ඔහුට විපතක්‌ සිදුවූ බව. මේවා අපි මුළුමනින්ම ප්‍රතික්‌ෂේප කරනවා නොවෙයි. නමුත් අද සමාජය මුළුමනින්ම එතැනට නතුවෙලා. එයයි වැරැද්ද. මනුෂ්‍යයා තමන්ට තිබෙන ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ අමතක කර කටයුතු කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මනුස්‌සයා කියන්නෙත් සත්වයෙක්‌. නමුත් මනුස්‌සයා තිරිසනාට වඩා ශ්‍රේෂ්ඨ වෙනවා. කෑම බීම ආහාර ගැනීම, නිදා ගැනීම, දරුවන් හැදීම, බිය වීම යන සතර කාරණා මිනිසාටත් තිරිසනාටත් පොදු ධර්ම සංකල්ප. නමුත් මිනිසා හා තිරිසනා අතර සීමාවක්‌ තිබෙනවා. ධර්මයෙන් හීන වුණොත් අපි තිරිසන් භාවයට පත්වෙනවා. මිනිසාත් තිරිසනාත් වෙන්කරන සීමාව සමාජ සදාචාරයයි. මෙම සීමාව නිසි ලෙස වටහා ගත යුතුයි. නමුත් එම සීමාව හඳුනා නොගන්නා මට්‌ටමකට මෙම සමාජය ගෙනත් තිබෙනවා. අද බොහෝ අය සමාජයේ චර්යාවාදීන් බවට පත්වෙලා තියෙනවා. බල්ලෙකුට බඩගිනි දැනුණු විට කෑම සොයාගෙන යනවා. කෑම කන විට තවත් බල්ලෙක්‌ ආවොත් බුරනවා. සමහරවිට ශිෂ්ට සම්පන්න ලෙස ජීවත්වෙන බල්ලොත් ඉන්නවා. නිවෙස්‌වල හදන බල්ලන් ගැන සමහරු කියන්නේ මේ බල්ලට කතා කරන්න බැරි විතරයි කියලා. එහෙම වෙන්න පුළුවන්. එවැනි බල්ලකුට නිතරම ඇහෙන්නේ මිනිස්‌ කටහඬවල්. නිතරම දකින්නේ මනුස්‌ස රුව. එනිසා එවැනි බල්ලකුට මිනිස්‌ ගතිගුණ ඇතිවෙන්න පුළුවන්. ඊළඟ ආත්මයේදී මනුෂ්‍ය ආත්මභාවයක්‌ ලබන්නත් පුළුවන්.

              බුදු දහමේ මූලධර්ම වරද්දා ගතහොත් ධර්මය දකින්න වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මඡ්Cධිමනිකායේ අලගත්ධුපම සූත්‍රයේ දේශනා කරලා තියෙනවා, දහම වුනත් වරද්ද ගන්න එපා කියලා. සර්පයෙක්‌ අල්ලගන්න ඕන හිසින් බවයි. උන්වහන්සේ දේශනා කළේ. ඉන් උන්වහන්සේ අදහස්‌ කළේ ධර්මය වුනත් නිවැරදිව වටහා නොගත්තොත් විපතක්‌ සිදුවන බවයි. එනිසා බුදු දහමේ මූලධර්ම පිළිබඳව නොසලකා සමාජයේ පවතින ජනප්‍රිය දෘෂ්ඨිකෝණයෙන් පමණක්‌ බලන්න ගියොත් අපි වැටෙන්නේ ලොකු අමාරුවක.

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ