Home » වටිනා ධර්ම කරුණු » අප දවන කෙලෙස්

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 07

සෝවාන් වීමට නම් කෙළෙස්‌ නැසිය යුතුයි. නමුත් සෝවන් වීමේදී සහමුලින්ම කෙලෙස්‌ නැසීමක්‌ සිදු නොවේ. සහමුලින්ම කෙළෙස්‌ නැසෙනුයේ නිර්වාණය අවබෝධ කර ගැනීමේදී පමණයි.

කෙළෙස්‌ නැති කළ හැක්‌කේ කෙළෙස්‌ යනු කුමක්‌ද යන්න නිවැරදිව වටහා ගැනීමෙන් පමණයි.

ත්‍රිපිටකයේ කෙළෙස්‌ යන්න නම් කීපයකින්ම හඳුන්වා දී තිබෙනු දැකිය හැකියි. කිලෙස, උපකිලෙස, ක්‌ලේශ, අංගණ, ෙච්තොල, ආසව, ආස්‍රව, මඝ, නීවරණ, අකුසල්, ලෝභ, දොaෂ, මෝහ, ජප්පන, ගJථ පමාද, පාප, සංයෝජන ආදී වශයෙන් කෙළෙස්‌වලට පර්යාය නාමයන් භාවිත කර තිබෙනු එහි දැකිය හැකියි.

එක පුද්ගලයකු සිටිනවා කෙළෙස්‌ තියෙනවා තියෙන බව දන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තියෙනවා. කෙළෙස්‌ තියෙන බවත් දන්නවා. කෙළෙස්‌ තියෙන කෙළෙස්‌ තියෙන බව දන්න පුද්ගලයා උතුම් බව මෙම සූත්‍රයේදී පෙන්වා දෙනවා.  තෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තුනී වූ අයෙක්‌. සිව්වැන්නා වනුයේ කෙළෙස්‌ තුනී වුවත් ඒ බව නොදන්නා පුද්ගලයායි. එනම් සිව්වැන්නා ඉන්නේ ප්‍රගතියක්‌ තියෙන තැනක. නමුත් ඒ බව නොදන්නා නිසා දුගතියට යැමට ඉඩකඩ තියෙනවා.

එක පුද්ගලයකු සිටිනවා කෙළෙස්‌ තියෙනවා තියෙන බව දන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තියෙනවා. කෙළෙස්‌ තියෙන බවත් දන්නවා. කෙළෙස්‌ තියෙන කෙළෙස්‌ තියෙන බව දන්න පුද්ගලයා උතුම් බව මෙම සූත්‍රයේදී පෙන්වා දෙනවා. තෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තුනී වූ අයෙක්‌. සිව්වැන්නා වනුයේ කෙළෙස්‌ තුනී වුවත් ඒ බව නොදන්නා පුද්ගලයායි. එනම් සිව්වැන්නා ඉන්නේ ප්‍රගතියක්‌ තියෙන තැනක. නමුත් ඒ බව නොදන්නා නිසා දුගතියට යැමට ඉඩකඩ තියෙනවා.

කෙළෙස්‌ යන්න මෙහිදී විවිධ නම්වලින් හැදින්වූවද ඒ ඒ නාමයන්ගේ භාවිත වන අවස්‌ථා අනුව විශේෂතා ඇතිබව සඳහන් කළ යුතුයි.

නිදසුනක්‌ ලෙස කෙළෙස්‌ යන්න නීවරණ ලෙස හඳුනා ගැනීමේදී පංච නීවරණ ගැන ගැන සඳහන් වෙනවා. පංචනීවරණ යටපත් කර ගැනීමෙන් ධ්‍යානලාභියකු විය හැකියි. නමුත් පංචනීවරණ සහමුලින්ම යටපත් කිරීම නිර්වාණය අවබෝධ කර ගැනීම නොවේ. ඒකට හේතුව වන්නේ අව්ඡ්ජා කියන නීවරණය මෙතැනදී සඳහන් නොවීමයි. නමුත් මෙහි මූලයක්‌ තිබෙන බවද අප අමතක නොකළ යුතුයි. ලෝභය, දෝෂය සහ මෝහය යන්න එම මූලයන් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ආසව යන්නෙහි සරල තේරුම වන්නේ කැකෑරෙන යන්නයි. අප සිත් තුළද කැකෑරෙමින් පවතින මැලියම් සේ බැඳුණු දේවල් අනන්තවත් තිබේ. ඒවා ආසාව හෙවත් කෙළෙස්‌ ලෙසයි සැලකෙන්නේ. ඇතැම් කෙළෙස්‌ ඉදිරිපත් වන්නේ සුබවාදී ආකාරයෙන්. සමහර එවැනි කෙලෙස්‌ ඇත්තෝ පවා තමා තුළ එවැනි කෙළෙස්‌ ඇති බවක්‌ නොදනිති.

කෙසේ හෝ වේවා කෙළෙස්‌ යනුවෙන් අදහස්‌ කෙරෙනුයේ සිත කෙලෙසන දෙයටයි. නැතහොත් සිත කිළිටි කරන, නරක්‌ කරන අකුසල චෛතසික කෙළෙස්‌ ලෙස හඳුන්වාදීමට පුළුවන්.

මෙම කෙළෙස්‌වල ස්‌වභාවයට විවිධාකාරයි. සමහර කෙළෙස්‌ ඇති බව නොදෙන යටපත් වූ ලෙසින් පවතිනවා. ඇති බව දැනෙන ලෙස ඉස්‌මතු වූ කෙලෙස්‌ද තිබෙනවා. ඒ වගේම ක්‍රියාකාරී කෙළෙස්‌ද තියෙනවා.

කෙලෙස්‌වලට රූපයක්‌ නැහැ. එනිසා මේවා අරූපී ධර්ම ලෙසයි සැලකෙන්නේ. නමුත් මෙම කෙළෙස්‌ මිනිසුන් මැරීමට, සතුන් මැරීමට, ගම් දනම් විනාශ කිරීමට හේතු වනවා. එපමණක්‌ නොවෙයි. මිනිසුන් භේදභින්න කිරීමට, මිනිසුන් අතර වෛරය වැපිරීමට, සමස්‌තයක්‌ ලෙස සමාජගත වෛරය වර්ධනය කිරීම දක්‌වා මූලික ප්‍රවාහය ලෙස ක්‍රියාකරන්නේ ක්‌ලේසයයි. එනිසා කෙළෙස්‌ යනු මහා විනාශකාරී බලවේගයක්‌.Ven. Hegoda Vipass Thero

අද අප සමාජයේ මිනිසුන් විවිධ හැලහැප්පීම් ඇති කර ගැනීම, ඇණකොටා ගැනීම, භේද ඇති කර ගැනීම, ළමා අපචාර සිදු කිරීම, ඇතුළු විවිධ සමාජ විරෝධී ක්‍රියා සිදු වනුයේ කෙලෙස්‌ නිසයි. නමුත් අපට මේ කෙළෙස්‌ සම්පූර්ණයෙන්ම නැතිකළ නොහැකියි. ඊට හේතුවන්නේ සහමුලින්ම කෙළෙස්‌ නැති වන්නේ නිර්වාණය අවබෝධ කරගැනීමෙන් පමණක්‌ වන නිසා. නමුත් අපට කෙලෙස්‌ හදුනාගත හැකිනම් කෙලෙස්‌ අඩුකළ හැකියි. ඒ තුළින් අපේ ජීවිතයේ සංවර භාවයක්‌ ඇතිකර ගත හැකියි.

අපට ආසාව ලෙස දැනෙන දෙයෙහිs මූලය වන්නේ ලෝභයයි. ලෝභය සඳහා වචන 100 ක්‌ ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. එනිසා ලෝභ, ද්වේෂ, මෝහ යන්න විවිධ ස්‌වරූප වලින් ඉස්‌මතු වී පෙනෙනු දැකිය හැකියි. කෙළෙස්‌ මිනිසුන් නොමිනිසුන් කරන, ගම් දනව් විනාශ කරන, මිනිසුන් භේදභින්න කරන, ලේ වැගිරීම් පවා ඇති කරන ක්‌ළේශය මහා බලවේගයක්‌. මේ බලවේගයට රූපයක්‌ නැතත් එහි ක්‍රියාකාරී අවස්‌ථාවන් ඉස්‌මතු වන අවස්‌ථා එමටයි. දෙපාර්ශ්වයෙන් ගැටුම් ඇති කරගෙන අවසානයේදී ගහ මරා ගන්නා තත්ත්වයට පත්වන්නේ ඇයි? ඔවුනොවුන් එම තත්ත්වයට පත්වන්නේ ඔවුන්ගේ සිත්තුළ වෛරය ලෙස තිබූ ක්‌ළේශය ක්‍රියාකාරී වන අවස්‌ථාවේදීයි.

කෙළෙස්‌ ඇසින් දැකිය නොහැකිවී කනින් ඇසිය නොහැකියි. අනික්‌ ස්‌පර්ශ කළ නොහැකියි. මෙය තමයි ක්‌ළෙස්‌වල ස්‌වභාවය. රැහැනක විදුලිය තිබුණත් එම විදුලිය විනිවිද දැකිය නොහැකියි. නමුත් විදුලි රැහැනේ තිබියදී නොදකින විදුලිය බල්බයක්‌ පත්තු කිරීමේදී, යම් පුද්ගලයකුට විදුලි සර වැදීමේදී එම රැහැනේ විදුලි බලය ඇති බව පසක්‌ වෙනවා. ක්‌ළේශයන්ගේ ස්‌වභාවයත් එබඳුයි.

කෙනෙක්‌ තවත් අයකු අපහසුතාවට පත්කරන්නේ, නින්දා අපහාසවලට භාජන කරන්නේ, විවිධ තාඩන පීඩන එල්ල කෙරෙනුයේල සමහරවිට අවසනදී ඝාතනයට පවා ලක්‌කරනුයෙත්a තමන් තුළ පවතින ක්‌ළේශයන් නිසයි. එහෙත් එම පුද්ගලයා වෛරී ලෙස තම සිත්හි තිබුණු ක්‌ළේශයන් හඳුනාගෙන තිබුණේ නැහැ. එනිසයි එවැනි නිවැරැදි කළ නොහැකි පාපයන්ට යොමුවන්නේ.

සමහර අවස්‌ථාවලදී ඔබට මෙහෙම සිතිලා ඇති. නැතිනම් කෙනෙකු කියනවා අහලා ඇති

“……. මට ඒ වේලාවේදී ආවේ පුදුම කේන්තියක්‌. නමුත් මම ඒ වෙලාවේ හැටියට ඉවසුවා……” ඒක නිසා මම මොනවත් කීවේ නැහැ…..”

මෙය හොඳ අවස්‌ථාවක්‌. මෙම පුද්ගලයා කළේ කේන්තිය යටපත් කර ගැනීමයි. එනම් කේන්තිය, ක්‍රෝධය ලෙස ඉස්‌මතු වූ ක්‌ළේශයන් යටපත් කිරීමයි. මේ ආකාරයෙන් අපේ ක්‌ළේශයන් යටපත් කළ හැකි නම් විය හැකි මහා විනාශකාරී දේවල්වලින් අපට වැළකිය හැකියි.

කෙළෙස්‌ යනු මොනවාදැයි මඡ්Cධිම නිකායේ අනංගණ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙනවා.

“ඉධාවුසො එකච්චෝ පුග්ගලෝ සංdගණෝවසමානෝ

අFථි මේ අඡ්Cධත්තං අංගණ්‌න්ති යථාභූතං තප්පජානාතිs

ඉධපනාවුසො එකච්චෝ පුග්ගලො සාංගණෝව සමානෝ

අFථි මේ අඡ්Cධත්තං අංගණ්‌න්ති යථාභූතං පජානාතිsss

එක පුද්ගලයකු සිටිනවා කෙළෙස්‌ තියෙනවා තියෙන බව දන්නේ නැහැ. දෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තියෙනවා. කෙළෙස්‌ තියෙන බවත් දන්නවා. කෙළෙස්‌ තියෙන කෙළෙස්‌ තියෙන බව දන්න පුද්ගලයා උතුම් බව මෙම සූත්‍රයේදී පෙන්වා දෙනවා.

තෙවැනි පුද්ගලයා කෙළෙස්‌ තුනී වූ අයෙක්‌. සිව්වැන්නා වනුයේ කෙළෙස්‌ තුනී වුවත් ඒ බව නොදන්නා පුද්ගලයායි. එනම් සිව්වැන්නා ඉන්නේ ප්‍රගතියක්‌ තියෙන තැනක. නමුත් ඒ බව නොදන්නා නිසා දුගතියට යැමට ඉඩකඩ තියෙනවා.

කෙළෙස්‌ තියෙනවා, ඒ බව දන්නා පුද්ගලයා උතුම් යෑයි කියින්නේ ඇයි?

අFථීමේ අඡ්Cධත්තං අංගණන්ති තප්පජානාති

තප්සේතං පාටිකංඛං, න ඡJදං ජනෙස්‌සති

න වායමිsස්‌සති, න විරියං ආරභිස්‌සති තස්‌සංගණස්‌ස

පහානාය සො සරාගො, සදොසො සමොහො

සාංගණො සංකිලිට්‌ඨ චිත්තො කාලංකරිස්‌සති

කෙළෙස්‌ තියෙන බව හඳුනාගත් පුද්ගලයා කෙළෙස්‌ නැති කිරීමට කැමැත්තක්‌ ඇති කර ගන්නවා. ඒ කැමැත්ත නිසාම කෙළෙස්‌ නැති කිරීමට උත්සාහ කරනවා.

අනතුරුව ඒ සඳහා වීර්ය ඇතිකර ගන්නවා. මේ තත්ත්වය මත එම පුද්ගලයාගේ කෙලෙස්‌ අඩුවී නොකලැල් සිතින් මරණයට පත්වෙනවා.

මේ තත්ත්වය කෙබඳුද? උදාහරණයකින් එය පැහැදිලි කර ගනිsමු.

යම්කිසි පුද්ගලයකු රන්කරුවකුගෙන් හෝ වෙනත් වෙළෙඳසලකින් දූවිලි බැඳුණු අපවිත්‍ර වූ රනින්කළ භාජනයක්‌ මිලදී ගන්නවා. එම රත්රන් භාජනය පාවිච්චි කරන්නේa නැතිව අපවිත්‍ර තැනක දැමුවොත් දිරාපත් වෙනවා. ඒ වගේ කෙළෙස්‌ ඇති බව නොදන්නා පුද්ගලයා එය හේතුකොටගෙන විනාශයට පත්වෙනවා. නමුත් එම භාජනය පිරිසිදුකොට පාවිච්චියට ගතහොත් එය ඔපමට්‌ටම් වෙනවා. ඒ අයුරින්ම තමන් ළඟ කෙළෙස්‌ ඇති බව දන්නා පුද්ගලයා කෙළෙස්‌ නැති කිරීමට උත්සාහ කරනවා.

මෙම සූත්‍රයේදී කෙළෙස්‌ සම්බන්ධව දීර්ඝ ලෙස විස්‌තර කරනු ලබනවා. මෙම සූත්‍රයේදී කෙළෙස්‌ හඳුන්වා ඇත්තේ අංගනං ලෙසයි.

පාපකානං කෝ අකුසලානං ආවුසෝ අකුසලානං ඉච්චාචර නානං

සිත විවිධ විවිධ කැමැති තැන්හි අරමුණු ගැන්වීම මෙහි අංගනං ලෙස සැලකේ.

එය තවදුරටත් උදාහරණයකින් පැහැදිලි කර ගැනීම වැදගත්. භික්‍ෂූන් වහන්සේ නමක්‌ දිනක්‌ බුදුරජාණන් වහන්සේ ළඟට ධර්මය ශ්‍රවණය කිරීමට වඩිනවා. එම භික්‍ෂුව එසේ වඩින අතරේ කල්පනා කරනවා මගේ නම කිය කියා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළොත් කොතරම් හොඳද කියලා. එදවස බුදුරජාණන් වහන්සේ දම් දෙසන විට එහෙම නේද ආනන්ද එහෙම නේද සාරිපුත්ත ආදී වශයෙන් සම්ප්‍රදායානුකූලව අතරමැද විමසීම් කරනු ලබනවා. නමුත් එදා අර භික්‍ෂුවගේ නම බුදුරජාණන් වහන්සේ දම් දෙසන අතරේ ප්‍රකාශ කළේ නැහැ. එවිට අර භික්‍ෂුවට නොසතුටට පත්වෙනවා. කිපෙනවා මේ හැඟීම් දෙකම වැටෙන්නේ කෙළස්‌ ගනයටයි. මේ ආකාරයෙන් අපට කොතෙක්‌ නම් කෙළෙස්‌ ඇතිවෙනවද?

යම්කිසි විහාරස්‌ථානයක කඨින කාලයේදී නොවැම්බර් හෝa දෙසැම්බර් මාසයේදී සංඝරත්නය විෂයෙහි දානයක්‌ දෙන බව ප්‍රකාශයට පත්කර ඒ සඳහා මාස දහයකට පෙර පිරිකර භාරගන්නැයි දායකයන්ට ආරාධනා කළා කියා මොහොතකට සිතමු. එවිට එම පිරිකර දායකයන් තමන්ගේ හැකියාව අනුව භාරගනු ලබනවා. දැන් දානය දෙන දිනය එළඹුණා. දානයත් පිළිගන්වනු ලැබුවා. සංවිධායක මහත්මයකු හෝ කවුරුන් හෝ අවසානයේදී නම් කතා කර කර එක්‌ එක්‌ කෙනාට තමන්ගේ පිරිකර පූජාකරන ලෙස දන්වා සිටින්න පුළුවන්. එම අවස්‌ථාවේදී පිරිකර භාරගත් එක්‌ දායක මහත්මයකුගේ නම වැරදිලා හෝ ප්‍රකාශ නොකළොත් මොකද වෙන්නේ. සමහර විට ඒ දායක මහතාට කේන්ති යන්න පුළුවන්. නැතිනම් නොසතුටට පත්වෙන්න පුළුවන්. මේ අවස්‌ථා දෙකේදීම තියෙන්නේ කෙළෙස්‌. සමහර විට එම දායක මහතා තවත් දුරදිග ගොස්‌ සණ්‌ඩු සරුවල් පවා ඇතිකර ගන්න පුළුවන්. එසේ වුවහොත් එතැනදී අකුසලයක්‌ පවා සිදුවිය හැකියි. මාස දහයකට පෙර කරපු කුසලය නිසා දැන් නොසතුටු සිතක්‌, වෛරීසහගත සිතක්‌ ඇතිවෙලා.

බුදුරජාණන් වහන්සේ සූවිසිප්‍රත්‍ය විවරණයේදී සමහර අවස්‌ථාවලදී කුසලයට අකුසලයට හේතුවන අවස්‌ථා තියෙන බව දේශනා කළ සේක. යහපතක්‌ කිරීමට ගොස්‌ අයහපතම විය හැකියි. කළ කුසලය පිළිබඳව පශ්චාත්තාප වුණොත් එතැන සිදුවන්නේ අකුසලයක්‌. මෙවැනි තත්ත්වයක්‌ උද්ගත වන්නේ අප ක්‌ළේශයන් පිළිබඳව නිවැරැදි අවබෝධයක්‌ නොසිටින විටයි. අනෙක්‌ කාරණය තමයි අපි දන් දීමෙන් අපේක්‍ෂා කළ යුත්තේ කුමක්‌ද යන්න නිවැරදිව අවබෝධ කර නොගැනීම.

අප දන් දිය යුත්තේ අපගේ පවතින ලෝභ, ද්වේෂ මෝහ නැති කිරීම සඳහායි. දන් දුන් විගස මේවා සහමුලින්ම නැති වන්නේ නැහැ. තමුන් දානය දීමට හුරුවීමෙන් ක්‍රමයෙන් මෙම අකුසල් මූලයන් අඩුකර ගැනීමට පුළුවන්.

හිඟන්නකු අපෙන් යමක්‌ ඉල්ලූ විට අප ඔහුට යම් මුදලක්‌ දෙන්නේ සතුටින්, ශ්‍රද්ධාවෙන්. මේ මුදල ලබාගත් හිඟන්නා යන අතරේ කටගොන්නක්‌ බොනවා. මුදල දුන් පුද්ගලයාම හිඟන මනුස්‌සයා බීමත්ව සිටින අයුරුත් පසුව දකිනවා. කන්න නැහැ කියලා මුදලක්‌ ඉල්ලූ හිඟන්නා ඉන් බීමත් වූ විට අර මුදල දුන් පුද්ගලයාට කේන්තියක්‌ එන්න පුළුවන්. අර පුද්ගලයා යම් මුදලක්‌ හිගන්නාට දීමෙන් ඇතිකර ගත්තේ කුසලයක්‌. නමුත් එම මුදල දීම නිසාම ඔහුගේ සිතේ දැන් ද්වේෂයක්‌ ඇතිවෙලා තියෙනවා. අපි යමක්‌ දිය යුත්තේ කිසිවක්‌ බලාපොරොත්තුවෙන් නොවේ. අප දන් දිය යුත්තේත් එලෙසයි. සමහර පුද්ගලයෝ දන් දෙනවා. නමුත් දන් දෙන්නේ බැණ බැණයි. එම දන් දීමෙනුත් අපට යමක්‌ ලැබෙන්න පුළුවන් වේවි. නමුත් එය විඳින්න බැරිවේවි. සමහර ධනවත් පුද්ගලයන්ට කොච්චර සැප සම්පත් තිබුණත් ඒවායින් නිසි විඳීමක්‌ නොලබන්නේ ඇයි? ඔවුන් දන් දුන් නිසා වස්‌තුව ලැබුණත් දන් දී ඇත්තේ බැණ බැණයි. අප දන් දිය යුත්තේ සියලු ද්වේෂ සහගත සිතුවිලි වලින් මිදිලයි.

බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයට සාපේක්‍ෂව අද වන විට ක්‌ලේසයන් ඇතිවන මාර්ග වැඩිවෙලා තියෙනවා. එදා කරත්තයක්‌ තිබුණු මනුස්‌සයෙක්‌ උත්සාහ කළේ බරබාගයක්‌ මිලදී ගැනීමටයි. බරබාගයක්‌ තිබෙන මනුස්‌සයකු කල්පනා කළා අශ්ව කරත්තයක්‌ මිලදී ගත්තා නම් හොඳයි කියා. ඒ දවස්‌වල ඊට එහා ගිය වාහනයක්‌ නොතිබුණු නිසා මිනිසුන්ගේ වාහන සම්බන්ධ අත්පත් කර ගැනීමේ වුවමනාව එතැනින්a නිමාවට පත් වුණා. ඒත් අද එහෙමද?

අද පාපැදියක්‌ තිබෙන මනුස්‌සයා කල්පනා කරන්නේ යතුරුපැදියක්‌ මිලදී ගැනීමටයි. යතුරුපැදියක්‌ හිමි තැනැත්තා ත්‍රිරෝද රථයක්‌ ගන්න උත්සාහ කරනවා. ත්‍රිරෝද රථයක්‌ හිමි තැනැත්තාගේ ඊළඟ ආශාව වනුයේ මෝටර් රථයක්‌ මිලදී ගැනීමයි. මෝටර් රථවලත් කොතරම් නම් වර්ග තියෙනවාද? සැප පහසුවට නවීන බව නිසා මෝටර් රථයක්‌ හිමි පුද්ගලයා උත්සාහ කරන්නේ තමන් ළඟ ඇති මෝටර් රථයට වඩා හොඳ මෝටර් රථයක්‌ මිලදී ගැනීමටයි. අද සමාජයේ ආශාවන් වැඩිවීමේ හේතු වැඩියි. ආශාවන් වැඩිවීමට සාපේක්‍ෂව ලෝහ, දේව්ෂ, මෝහයන් වැඩිවෙනවා. ඒ නිසා වඩා හොඳ මේවා තේරුම් ගෙන ජීවත්වීමයි. එවිට තමන්ගේ ක්‌ලේසයන් මැඩ පවත්වාගෙන ජීවිතය මුහුණ දෙන්න පුළුවන්. ජීවිතයට සැහැල්ලුව ළඟා කරගන්න පුළුවන්. නොනිමි තරගයක යෙදී ජීවිතය පීඩාවට පත් කර ගන්නවාට වඩා පියවරෙන් පියවර දියුණුවට පත්වෙන ජීවිතයක්‌ ගොඩනගා ගැනීමට අපට පුළුවන්.

සමහර විට මෙ ක්‌ලේශයන් පෙනී සිටිනුයේ කාරුණික ස්‌වභාවයෙන් වෙන්න පුළුවන්. ශ්‍රද්ධා ස්‌වභාවයෙන් වෙන්න පුළුවන්. මේවා වංචනික ධර්ම ලෙසයි සැලකෙන්නේ. මේ පිළිබඳව හොඳම විශිෂ්ටතම කෘතිය ලියා තිබෙන්නේ මහාචාර්ය රේණුකාගේ චන්ද්‍රවිමල නායක හාමුදුරුවන් විසින් උන්වහන්සේගේ එම විවරණ ඉතාමත් විශිෂ්ටයි.

චන්ද්‍රවිමල නාහිමියන්ගේ “වංචනික ධර්ම” නමැති ග්‍රන්ථයේ ශ්‍රද්ධාව ලෙස පෙනී සිටින රාගය ගැන ඉතාමත් අපූර්ව ආකාරයට දක්‌වා තිබෙනවා.

“සෝබන රූපය සහ මිහිරි කටහඬ ද තරුණ බව ද ඇත්තා වූ භික්‍ෂූන් දක්‌නා ඇතැම් කාන්තාවන් කෙරෙහි ශ්‍රද්ධා වේෂයෙන්, පැහැදීම් ආකාරයෙන් රාගය පහළ වේ. භික්‍ෂුව සම්බන්ධයෙන් තමන්ගේ සිත්හි පහළ වී තිබෙන දේ ශ්‍රද්ධාව නොව අනෙකක්‌ නොව ඒ කාන්තාව නොදනිති. එයින් මෙහෙයවන ලද ඔවුහු ඉන් පෙර භික්‍ෂුවට කිසි සැලකිල්ලක්‌ නොකළා වූද බොහොම හොඳ හාමුදුරුවෝ යෑයි පවසමින් ඒ භික්‍ෂුව කරා නිතර එළැඹෙති. සැලකිලිද කරති. සමහර විට ඒ භික්‍ෂුව පසසමින් අන්‍ය භික්‍ෂූන්ට නින්දා කරන්නටද බසිති. ඔවුන්ගේ ඒ ශ්‍රද්ධාව කුමක්‌ද යන බව තබා ඔවුන්ගේ හිමියෝ ද නෑයෝ ද නොදනිති. කාරණය තේරුම් ගැනීමට තරම් නුවණැති අයකුගෙන් මෙය දැනගෙන කිවහොත් ඔහු ඒ තැනැත්තාට විරුද්ධවන්නාහ. හිංසාකාරයෙකැයි දෝෂාරෝපණය කරන්නාහ. ක්‌ලේස වංචනයට මනුෂ්‍යයෝ කොතරම් තදින් අසුවෙද්ද යන බව මේ කරුණුවලින් තේරුම් ගත හැකියි” කියලා උන්වහන්සේ සඳහන් කරනවා.

බස්‌ රථයේ ගමන් කරන වෙලාවේ යම්කිසි තරුණයෙක්‌ වාඩිවෙලා සිටිනවා. වයෝවෘද්ධ අය බස්‌ රථයේ සිටගෙන ගමන් කළත් අර තරුණයා තම ආසනය දෙන්නේ නැහැ. නමුත්, ලස්‌සන තරුණියක්‌ දැක්‌කොත් ආ නංගි ඇවිල්ලා මෙහෙන් ඉඳගන්න කියලා කියන්න ඉඩකඩ තිබෙනවා. ඇත්ත වශයෙන් ම මෙතැන තියෙන්නේ පරාර්ථකාමීත්වයක්‌ද? නැහැ. පරාර්ථකාමීත්වය නොවෙයි මෙතැන තියෙන්නේ රාගික අදහස තියෙන්නේ. පරාර්ථකාමීත්වය ලෙසින් පෙනී සිටින රාගයයි තියෙන්නේ. මේ ආකාරයේ කොච්චර නම් වංචනික ධර්ම තියෙනවාද? සෝවාන් නොවුණා කියන්නේ මේ වංචනික ධර්මවලින් පරිපීඩිතව ජීවත්වීමයි.

කෙලෙස්‌ කියන දේවල් විවිධාකාරයෙන් අපි හඳුනා ගත්තේ නැත්නම් අපි එන්න එන්නම අපායට තමයි ගමන් කරන්නේ. කෙලෙස්‌ හඳුනා ගත්තොත්a අපිට පුළුවන් ඒ දේවල් අඩු කරගන්න. නැති කරගන්න. කෙළෙස්‌ හඳුනා ගත්තාම බොහෝම සිතට සැනසීමක්‌ ඇති කරගන්න පුළුවන්. කෙනකුට හිතන්න පුළුවන් අපි මේ කරන සියලු දේ කෙලෙස්‌ කියලා. ඔව් සියල්ලම කෙලෙස්‌. මේ භෞතික ජීවිතයේ ගත කරන්න ගන්න සියලුම දේවල් කෙලෙස්‌. නමුත් අපි ඒවා මේ කෙලෙස්‌ කියන සීමාව තුළ ඉඳගෙන නොවෙයි කතා කරන්නේ. එහෙම වුණොත් අපට ජීවත් වෙන්න බැරි වෙනවා. අප පසුගිය කාලවල කතා කළා මාංස භක්‌ෂණය පිළිබඳව. එහෙම නැත්නම් වෙනත් දේවල් සම්බන්ධව. අන්න එතැනදී තමයි මේ දේවල් මතුවෙන්නේ. විශාඛා උපාසිකාව විවාහ ජීවිතයක්‌ ගත කළාට සෝවාන් තැනැත්තියක්‌. නමුත් එතුමියගේ ජීවිතය සාමාන්‍ය පෘතග්ජන ජීවිතය හා සමාන කරන්න බැහැ.

(කෙලෙස්‌ පිළිබඳව තවත් ලිපියක්‌ බලාපොරොත්තු වන්න.)

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ