Home » ධර්ම පර්යේෂණාලය ගැන

ධර්ම පර්යේෂණාලය ගැන

ධර්ම පර්යේෂණාලය විහාරස්ථානය විශාරද පඬිවරයෙකු, විචක්ෂණ ලේඛකයෙකු, ශේෂ්ඨ මහතෙර නමක් වූ කොලඹ විද්‍යෝදය පිරිවෙණේ උපප්‍රධානාචාර්ය, බස්නාහිර පලාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, ථෙරවාද දර්ශන විශාරද, රාජකීය පණ්ඩිත, ශ්‍රාස්ත්‍රපති පූජ්‍යපාද හෑගොඩ ඛේමානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් ආරම්භ කරන ලදී.

 

අපේක්ෂිත වැඩසටහන්

  • සෑම ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි දෑ හිතකාමී සත්පුරුෂයන් ඒකරාශී කොට ‘ධර්ම පර්යේෂණාලය සභාව’ නමින් විද්වත් මණ්ඩලයක් පිහිටුවා, අගතිගාමිත්වයෙන් තොරව ජාතික – ආගමික – සමාජයික – දේශපාලනික – සාහිත‍යත්මක ආදී අංශයන්හි හරි දැක්මක් උදෙසා මංපෙත් විවර කිරීම
  • දරු පරපුර අරමුණු කොට මහජන පුස්තකාලයක් ආරම්භ කිරීම
  • බෞද්ධ පොත්පත්, සංස්කෘතික උරුමයන් සංරක්ෂණය කිරීම හා තොරතුරු එක් රැස් කිරීම
  • ප්‍රජා සංවර්ධනාත්මක ආදර්ශ වැඩසටහන් හඳුන්වා දීම
  • විධිමත් බෞද්ධ උපදේශන ක්‍රම  හඳුන්වා දීම