Home » විශේෂාංග » බූදු සසූනේ ආයූෂ තව වසර 2450ක් ද ?

බූදු සසූනේ ආයූෂ තව වසර 2450ක් ද ?

divaina

බූදුන් වහන්සේ පරිනිර්වාණයට පත්ව මේ වන විට වසර දෙදහස් පන්සිය පනහක් පමණ වේ. පූරා වසර පන්දහසකින් ශී්‍ර සද්ධර්මය අන්තර්ධානය වbai-1න බව පූරාතනයේ සිට පවත්නා සූප්‍රකට ප්‍රවාදයකි. ඒ අනූව බූදු සසූනේ ආයූෂයෙන් අඩක් මේ වන විට ගතවී ඇත. තවත් වසර දෙදහස් හාරසිය පනහක් (2450) ක් පැවැතිය යූත්තේය. මෙම ගණන් හිලව් අනූව ක්‍රි.ව. 4456 වෙසක් මස වනවිට සම්බූදු දහම අන්තර්ධානය විය යූතුයි. සියලු සංස්කාර ධර්ම අනිත්‍යයි බූදුරජාණන් වහන්සේ වදාළ සේක. සසූනද අනිත්‍යතාව උරුම කොට ඇත. එහිලා ශී්‍ර සද්ධර්මයම යම් කිසි කලකදී අන්තර්ධානය වීම ධර්මතාවකි. සම්බූදු දහම අවිනිශ්වරයි. එහෙත් එය නියතිවාදයට හෝ වෙනස් නොවන සත්පදාර්ථය හෝ යැයි වරදවා ගත යූතු නොවේ. බූදුරජාණන් වහන්සේ ලොව පහළ වූවත් නොවූවත් ධර්මයෙහි පිහිටි බව (ධම්මටිඨිතතා) ධර්මයෙහි නියම ස්වභාව නැතහොත් (ධම්ම නියාමතා) පටිච්ච සමූප්පාදය (ඉදප්පච්චයතා) ලොව පවතියි. තථාගතයන් වහන්සේලා එය එනම් ප්‍රතීත්‍යසමූප්පාද ධර්මය අවබෝධ කරන සේක. අභිසමය කොට ප්‍රකට කරන සේක. සංයූක්ත නිකායේ පටිච්ච සූත්‍රයෙහි අන්තර්ගත එම දේශනා පාඨය අනූව සද්ධර්ම අන්තර්ධානය යනූවෙන් අදහස් කරන්නේ කිසියම් කාලයකදී ධර්මය මිනිස් ජීවිතවලින් ඈත්ව යටපත් වී යෑමයි. තථාගත සම්බූදුන් වහන්සේලා නමක් ලොව පහළ වූ කල්හි යටපත් වී ඇති එම ධර්මය ස්ව සම්භූඥානයෙන් අවබෝධ කොට නැවතත් දේශනා කරන සේක. එම නිසා මෙසේ ධර්මය අතුරුදන්වීමට කාල සීමාවක් දේශනා කොට තිබේදෑයි මෙහිදී ප්‍රශ්නාර්ථ පැන නගියි.

ශාසනයේ ආයූෂ අවූරුදු පන්දහසක් කල් පවතින්නේ යැයි අප ගෞතම බූදුරජාණන් වහන්සේ නොවදාළහ. එවන් දේශනාවක් ත්‍රිපිටකයේ නැත. එසේ නම් මෙම තත්ත්ව සහතිකයේ පූරාවෘත්තය කෙසේ සිදුවීදෑයි කෙටියෙන් විමසා බැලීම මෙම ලිපියේ අරමූණයි. ථෙරවාද මහායාන ග්‍රන්ථයන්හි නොයෙක් වර ශාසනායූෂය පිළිබඳ සාකච්ඡා කොට ඇති බව පෙනේ. එසේ වූවත් තීරණාත්මක නිශ්චිත විවරණයක් දීමට අපහසූ වී ඇත.

“සවේ ආනන්ද නාලභිස්ස මාතුගාමො තථාගීතප්ප වෙදිතෙ ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බජ්ජං, චිරටිඨිතිකං ආනන්ද බ්‍රහ්මචරියං අභවිස්ස, වස්සසහස්සං සද්ධම්මෝ තිටිඨෙය්‍ය. යතො ච බො ආනන්ද මාතුගාමෝ තථාගතප්ප වෙදිතො ධම්ම විනයේ අගාරස්මා අනගාරියං පබ්බජිතො නා”දානි ආනන්ද බ්‍රහ්මචාරියං චිරටිඨිතිකං භවිස්සති පඤ්චෙව” දානි ආනන්ද වස්සසතානි සද්ධම්මො ඨස්සති” ආනන්යෙනි( මාගම (කාන්තාව) ගිහිගෙන් නික්ම තථාගත සාසනයෙහි පැවිදි නොවූයේ නම්, මේ සසූන් බඹසර දීර්ඝ කාලයක් පවතින්නේය. මේ ශාසන සද්ධර්මය අවූරුදු දහසක් පවතින්නේය. ආනන්දයෙනි, යම් හෙයකින් මාගම ගිහි ගෙයින් නික්ම තථාගත සාසනයෙහි පැවිදිවූයේද එහෙයින් දෑන් මේ සසූන් බඹසර දීර්ඝ කාලයක් නොපවතින්නේය. දෑන් කාන්තාව පැවිදිවූ තැන් පටන් පන්සිය වසක්ම ශාසන සද්ධර්මය පවතින්නේය යනූවෙන් චූල්ලවග්ග පාලියේ භික්ඛූනීක්ඛන්ධකයේ සඳහන් වේ. මේ අදහස අංගුත්තර නිකායේ අටිඨක නිපාතයේ ගෝතමී සූත්‍රයේත් සඳහන්ය. ඉහත පාඨය අර්ථකථනය කරන අටූවාචාරී බූද්ධඝෝෂ තෙරුන් වහන්සේ සමන්තපාසාදිකා නම් විනයටිඨ කතාවේදී “තේසූ අප්පඤ්ඤත්තේසූපි මාතුගාමස්ස පබ්බජිතත්තා පඤ්ච වස්සසතානි සද්ධම්මො. තිටිඨෙය්‍ය පටිගච්චෙව පඤ්ඤත්තතා පන අපරානිපි පඤ්ච වස්ස සතානිතීති එවං පඨමං වූත්තං වස්සහස්සමෙව යස්සතීති වස්සසහස්සන්ති චෙතං පටිසම්භිදාප්පභේදප්පත්ත බිණාසව වසෙනෙව චූත්තං. තතො පන උත්තරිම්පි සූක්ඛ විපස්සකඛීණාසව වසෙන වස්සහස්සං අනාගාමී වසෙන වස්සසහස්සං. සකදාගාමි වසෙන වස්සසයස්සං සොතාපන්නවසෙන වස්සසහස්සන්ති එවං පඤ්ච වස්සසහස්සානි පටිවෙධ සද්ධම්මො ඨස්සති. පරියත්ති ධම්මොපි තානියෙව. නහි පරියත්තියා අසති පටිවෙධො අත්ථි නාපි පටිපත්තියා අන්තරහිතායපි චිරම්ඃපවත්තිස්සතීතියි පවසති. (951 පිට) ඒ අනූව මූල් වසර දහස (1000) තුළදී සිව්පිළිසිඹියා (අත්ථඃධම්ම, නිරුක්ති, පටිහාන) ලාභි රහතන් වහන්සේ ඇති වන බවත්, ඊට අනතුරු වසර දහස තුළදී සූක්ඛ විපස්සක රහතන් වහන්සේලා, ඊට අනතුරු වසර දහස තුළදී අනාගාමී මාර්ගඵලලාභීන්ද, ඒ තත්ත්වයද අතුරුදන් වී ඊට අනතුරු වසර දහස තුළදී සකෘදාගාමී මාර්ගඵල ලාභීන් ද, ඒ තත්ත්වයද පිරිහී ඊට අනතුරු වසර දහස තුළදී සොතාපන්න මාර්ගඵලලාභීන් ද සිටියි. මේ ආකාරයෙන් ප්‍රතිවේද සද්ධර්මය පන්දහසක් කල් පවතින්නේය.

පර්යාප්ති සාසනය ද ඒතාක්ම පවතින්නේය. පර්යාප්ති නැති කල්හි ප්‍රතිවෙධය ද නැත. එසේ වූවත් පර්යාප්ති ශාසනය අතුරුදන් වීමෙන් පසූවද ශාසන ලිංග අන්තර්ධානය බොහෝ කාලයක් පවතින්නේය. (මේ ත්‍රිවිධ ශාසනය මතු දෑක්වෙයි) අටූවාචාරී බූද්ධඝෝෂ හිමියන්ගේ මෙම විවරණය හේතුකොට ශාසනයේ ආයූෂ පන්දහසක් කල් පවතීය යන ප්‍රවාදය ගොඩනැගීමට ඉවහල්වන්ට ඇතැයි සිතිය හැකිය. මේ පිළිබඳව තවදුරටත් විමසා බලමූ.

තවද හූදෙක් මේ මතය බූද්ධඝෝෂ හිමියන්ගේම නොවේ. බූද්ධඝෝස හිමියන් මහත් ආදර ගෞරවයෙන් සැලකූ ක්‍රි.ව. 1 සියවසට අයත් “මිලින්ද ප්‍රශ්න”යේද සද්ධර්ම අන්තර්ධාන ප්‍රශ්නය සාකච්ඡා කොට ඇත.

එහි වර්ෂ පන්දහසක කතාව නැතත් වර්ෂ දහසක් තුළදී අධිගම අන්තර්ධානය ප්‍රතිපත්ති අන්තර්ධාන හා ලිංග අන්තර්ධානය පිළිබඳව කතාව ඇත. මෙම ත්‍රිවිධ අන්තර්ධානය පස්වැදැරුම් ආකාරයකට වර්ධනය කර ඇති බව මනෝරථ පූරණි නම් අංගුත්තර නිකායටිඨ කථාවෙන්ද හෙළිවේ.

මහාචාර්ය එතියල් ලාමොත් මහතා විසින් ථෙරවාද මහායාන ග්‍රන්ථ මූලාශ්‍ර කොට ශාසනාන්තර්ධානය විවිධ වර්ෂ ප්‍රමාණ අලලා ලියනලද අගනා ලිපියක් ධාරා සඟරාවෙහි ඇත. ඒ මතයන්ද ඉදිරිපත් කරමින් මේ කරුණූ ගැන සාකච්ඡා කිරීම වැදගත් වේ. ඒ අනූව ශාසනයේ ආයූෂ ප්‍රමාණය වර්ෂ 1000 ක් වශයෙන් විභාෂා ග්‍රන්ථයෙහි දක්වා ඇත. එම සංඛ්‍යාව “අධිගමය” හා සම්බන්ධව නිවැරදි වෙතත්, සද්ධර්මයාගේ ආගම මීට වඩා දීර්ඝ කාලයක් පවතින බව අභිධර්ම කෝෂය පැහැදිලි කර ඇත. අභිධර්ම කෝෂයට අනූව යමින් කාශ්‍යප සංගීති සූත්‍රය, මූල සර්වාස්තිවාදි විනය, අශෝකවදානය, නාගර්ජූනපාදයන්ගේ මාධ්‍යමික ශාස්ත්‍ර හා උපදේශ යන ග්‍රන්ථයන්හි ද එම වර්ෂ ප්‍රමාණ පිළිගෙන ඇත. කරුණා පූණ්ඩරීක, මාසන්නිපාත, මහාමායා වැනි මහායාන සූත්‍රයන්හි වර්ෂ 1500 කින් පසූ ශාසනය අතුරුදන් වන බව සඳහන් වේ. මේ මතය මිලින්ද ප්‍රශ්නයේ ද පිළිගෙන ඇති බවට අනූමාන කරන බව මහාචාර්ය එතියල් සඳහන් කළත් එය අපට පිළිගැනීමට නොහැකිය.

චන්ද්‍රගර්භ සූත්‍රයේ වර්ෂ 2000 කින්ද, මහාසන්නිපාත සූත්‍රයෙහි වසර 2500 කින් ශාසනය විනාශ වන බව අන්තර්ගතය. මහාසන්නිපාත සූත්‍රයෙහි වර්ෂ 2500 ක් දක්වා ඇත්තේ ශත වර්ෂ පහේ යූග පහක් වශයෙනි. ඒ අනූව පළමූ වන වසර පන්සීයේ යූගයේදී භිකෂූන් වහන්සේලා හා අනිකුත් අය අප්‍රමාද බලයෙන් යූක්ත වෙති. එනම් සත්‍යාභිසමය ලබන්නෝ වෙති. දෙවැනි වසර පන්සීයේදී සමාධි ධ්‍යාන බලයෙන් යූක්ත වෙති. තෙවැනි වසර පන්සීයේදී ශ්‍රැතියෙන් බලවත් වෙති. සිව්වැනි වසර පන්සීයේදී විහාරාරාම ගොඩනැඟීමෙන් බලවත් වෙති. පස්වැනි වසර පන්සීයේදී කලහවිවාදාදියෙන් බලවත් වන අතර බූදුන් වහන්සේගේ නිර්මල ධර්මය ක්‍රම ක්‍රමයෙන් අතුරුදන් වනබව එම සූත්‍රයේ සඳහන්ය.

සමන්ත පාසාදිකාව, සූමංගල විලාසීනි, අත්ථසාලිනි, මනෝරථපූරණි ආදී අටූවාවලත්, මහා වංශය (3 පරිච්ඡේදය) වැනි පාලි වංශ කතාවලත්, රසවාහිනී, සහස්සවත්ථූප්පකරණ, සද්ධර්මාලංකාර ආදී කෘතිවලත් ශාසනායූෂය වර්ෂ 5000 ක් යන මතය ඉදිරිපත් කොට ඇත. අටූවාචාරී බූද්ධඝෝෂ තෙරුන්ගේ පාලි සමන්තපාසාදිකාවේ වසර 5000 ක් වූවත්, චීන සමන්තපාසාදිකාවේ එම වර්ෂ ප්‍රමාණය 10000 ක් දක්වා දීර්ඝ කොට ඇත. තවද හය වන සියවසේ පටන් චීන ගවේෂකයෝ සාසනය අතුරුදන් වීම සද්ධර්ම අන්තර්ධානය, පතිරූපක ධර්ම අන්තර්ධානය හා පශ්චීම ධර්ම අන්තර්ධානය යනූවෙන් කොටස් තුනකට වර්ග කොට ආයූ ප්‍රමාණය වර්ෂ 12000 ක් දක්වා වර්ධනය කරයි. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා “චූල්ලවග්ගය බූද්ධ පරිනිර්වාණයෙන් අවූරුදු සීයකට පමණ පසූව රචනා කරන ලද්දකි. ඒ කාලයේ බෞද්ධයන් අතර මෙබඳු අදහසක් පිළිගෙන තිබූණූ බවට සැකයක් නැත. මේ පිළිබඳව අර්ථ කථනයක් කරන බූද්ධඝෝෂ හිමි (5 වන සියවස) භිකෂූනීන් අෂ්ට ගරු ධර්ම පිළිගත් නිසා සද්ධර්මය අවූරුදු දහසක්ම පවතින බව කියයි. ක්‍රි.ව. 5 වන ශත වර්ෂයට එහා මෙහා හරියේදී ශී්‍ර ලංකාවේ බෞද්ධයන්ගේ විශේෂයෙන් මහා විහාර සම්ප්‍රදායේ පිළිගැනීමවී තිබෙන්නේ සද්ධර්මය අවූරුදු දහසක් පවතින බවයි. මේ කාලය බූද්ධ පරිනිර්වාණයෙන් සිට විය යූතුය” යි පවසයි.

මේ ශාසනයේ මාගමූන් පැවිද්ද නොලැබූවේ නම් සද්ධර්මය දීර්ඝ කාලයක් වර්ෂ දාහක් පවතින්නේය. එහෙත් දෑන් මාගමූන් පැවිද්ද ලබා ඇති නිසා මේ සද්ධර්මය දිගු කලක් නොපවතින්නේය. වර්ෂ පන්සීයක් පමණ පවතින්නේය. යන මේ පාඨය චූල්ලවග්ග පාලියේ පමණක් නොව අංගුත්තර නිකායේ ගෝතමී සූත්‍රය ආදී තැන්වලද තිබේ. එසේම ශාසන විනාශ වීමට බලපාන විවිධ දේශනාවන් ත්‍රිපිටකයේ බහූලව ඇත. එම නිසා ඉහත චූල්ලවග්ග පාලිය ආදී කොට ඇති දේශනා හා අන්‍ය දේශනා අතර පවත්නා සම විෂමතා හේතු කොට පෙර”පර දෙදිග පඬිවරුන්ගේ විවිධ මත දක්නට ලැබේ. ඒවා මෙවන් ලිපියකින් විචාර පූර්ව අධ්‍යයනයක යෙදීම අපගේ වෑයම නොවේ. කෙසේ වූවත් ඉහත දෑක්වූ ආකාරයට ශාසන අන්තර්ධානයේ ඉතිහාසය ඇරඹෙන්නේ බූද්ධ දේශනාව පදනම් කොට ගෙනයි. එහෙත් අසවල් වර්ෂ ප්‍රමාණයන් අනූව ශාසන අන්තර්ධානය සිදුවේ යැයි බූදුරජාණන් වහන්සේ දේශනා කොට නැත. උක්ත චූල්ලවග්ග පාලියේ භික්ඛූනීක්ඛන්ධකයේ පාඨයත්, බූදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර පන්සීයකට පමණ පසූ ඇති වූ මිළිඳු නාගසේන සංවාදයේ එන අධිගම අන්තර්ධාන, පටිපත්ති අන්තර්ධාන, ලිංග අන්තර්ධාන කතා ප්‍රවෘත්තීන් පදනම් කොට ලියන ලද සමන්තපාසාදිකා විවරණ හේතු කොට “පන්දහසක් කල් පවත්නා බූද්ධ ශාසනය” යන ව්‍යවහාරය ගොඩනැඟී ඇතැයි අනූමාන කළ හැකිය. අටිඨකතාචාරී බූද්ධඝෝෂ හිමියන්ගේ ජීවමාන සමය 4ඃ5 සියවස් ලෙස සැලකේ. ඒ අනූව 4 වන සියවසේ සිට මේ මතය තිබෙන්නට ඇත.

මේ කරුණූ පරීකෂා කිරීමේදී පැහැදිලි වන්නේ පන්දහස වර්ෂ ප්‍රමාණය බූද්ධඝෝෂ හිමියන්ගේ අටූවාකරණයත් සමග ජන සමාජය තුළ තහවූරු වූ බවයි. වසර පන්දහසකින් ශාසනය අතුරුදන් වන කථාව බූද්ධ දේශනාවක් නොවේ. ඒ පිළිබඳ අපට කිසිදු විවාදයක් නැත. ඒ ඒ වකවානූවල ශාසනික සංස්තිථිතීන්ගේ පරිණාමීය ධර්මතා සලකා පූරාතන බෞද්ධාචාරවරයෝ, එවන් සංකල්පීය මතයක් ඉදිරිපත් කොට ඇත්තාහ. ව්‍යක්ත, විනීත, විශාරද, බහූශ්‍රැත, ධර්මානූධර්ම ප්‍රතිපන්න ස්වකීය ආචාර්ය වාදයන්හි විශද ප්‍රඥාසාරයෙන් යූක්ත ඒ උතුමන්ගේ සප්‍රමාණික මතවාදයන් හූදු මනංකල්පිත යැයි කීමට ඉක්මන් වීම බූද්ධි ගෝචර නොවන්නේය.

මේ ප්‍රස්තුතයෙහි විසිතුරු විස්තර කථනයන් පාලි සිංහල මූලාශ්‍රයන්හි (1) අධිගම අන්තර්ධානය, (2) ප්‍රතිපත්ති අන්තර්ධානය, (3) පරියාප්ති අන්තර්ධානය, (4) ලිංග අන්තර්ධානය, (5) ධාතු අන්තර්ධානය යනූවෙන් පස් වැදැරුම් කොට දක්වයි.

අධිගම අන්තර්ධානය

මාර්ගඵල, ප්‍රතිසම්භිධා, ත්‍රිවිද්‍යා, අභිඥ යන මේවා අධිගමයි. බූද්ධ පරිනිර්වාණයෙන් අවූරුදු දාහක් මූළුල්ලේ භිකෂූන් වහන්සේ සිව් පිළිසිඹියා (පටිසම්භිධා) සහිතව රහත් වෙති. කල්යත්ම එසේ නොහැකි වී ෂඩ් අභිඥා ත්‍රිවිද්‍යා සහිතව රහත් වෙති. අනතුරුව එසේ විශේෂතා ලබා ගැනීමට නොහැකිව සූක්ඛ විපස්සකව රහත් වෙති. ඊට පසූ කාලවලදී ක්‍රමයෙන් පිරිහී අනාගාමී සකෘදාගාමී සොතාපන්න වර්ගයෙන් පමණක් මාර්ගඵල ලබති. එසේ අවසන සොතාපන්නයාගේ අභාවයෙන් අධිගම අන්තර්ධානය වේ.

ප්‍රතිපත්ති අන්තර්ධානය

මාර්ගඵල නිපදවා ගත නොහැකි වූ කල්හි භිකෂූහූ චතුපාරිශුද්ධ ශීලයම රකිති. කල් ගතවෙත්ම කුඩා අනූකුඩා ශික්ෂා පද උල්ලංඝණය කරති. වසර පාරාජිකා පමණක් රකිති. එබඳු භිකෂූන් සිටින කල ප්‍රතිපත්ති ශාසනය පවතියි. අන්තිම භිකෂූවගේ ශීල භේදයෙන් හෝ මරණයෙන් ප්‍රතිපත්ති ශාසනයද අතුරුදන් වේ.

ධර්ම පර්යේෂණාලයාධ්‍යකෂ
හෑගොඩ විපස්සි හිමි

//www.divaina.com/2007/01/31/feature01.html