Home » විශේෂාංග » දියුණුවට මග

දියුණුවට මග

මිහිපිට වෙසෙන සත්වයා අතරෙන් මිනිසාට සමාන කළ හැකි අන් සත්ත්වයෙක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා උසස් තත්ත්වයකට දියුණු කළ හැකි මනසක් ඔහු සතුව ඇති නිසා ය. බලන්න. ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නේත්, රහත් බවට පත් වන්නේත් මනුෂ්‍යයෙක්ම ය. උසස් ගණයේ විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, මාධ්‍යවේදියෙකු, ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු වන්නේත් මිනිසෙක් ම ය. මහා අපරාධකරුවෙකු, ත‍්‍රස්තවාදියෙකු, මැරයෙකු, සොරෙකු, සුරා සොෙ`ඩකු වන්නේත් මිනිසෙක්ම ය. එහෙත් සිංහයා, කොටියා, බල්ලා, ව

එම නිසා දුර්ලභ වූ මිනිසත් බව ලබා කීයෙන් කී දෙනෙක් සැපවත් ජීවන දර්ශනයක් ගත කරත් ද? එසේ නොහැකි වන්නේ කුමක් නිසා ද? ඇත්ත වශයෙන් ම උසස් ජිවන දර්ශනයක් ගොඩනගා ගැනීමට අවශ්‍ය මූලිකම සාධකය වශයෙන් සාමාන්‍ය ලෝකයා විශ්වාස කරන්නේ ධනයයි. එහි එක්රා සත්‍යයක් තිබේ. දි

  1. උටට්ඨාන සම්පදා – උත්සාහය
  2.  ආරක්ඛ සම්පදා – ආරක්‍ෂාව
  3.  කල්‍යාණමිත්තතා – කල්‍යාණ මිත‍්‍රත්වය
  4.  සමජීවිකතා – අයවැය සමබරතාව

උට්ඨාන සම්පදා යනු අලස (කම්මැලි* නොවී, උපායශීලීව, නුණින් යුතුව දැහැමි ලෙස ව්‍යාපාරයක් නිසි ලෙස සංවිධානය කර ගනිමින් ජීවනෝපායයන් සලසා ගැනීමයි. මෙහි ව්‍යාපාර යනු විශාල පරිමාණයේ ඒවා පමණක් අදහස් නොකෙරේ.

යම් යම් දැහැමි කටයුතුවල යෙදෙමින් උත්සාහයෙන් ජීවිකාව ගොඩනගා ගැනීම ද මීට අයත් බව සැලකිය යුත්තේ ය. උත්සාහය මිනිසාට ‘‘සම්පත්තියක්’’ වශයෙන් හඳුන්වන්නේ බුදු දහමය.

අනික දියුණුවන කරරෙකුට හෝ ඒ සඳහා ප‍්‍රබලම බාධාව කම්මැලි ස්වභාවයයි. කම්මැලි අලස පහ වු වීර්ය ඇති තැනැත්තා දැන් ඉතා උණුසුම් ය. දැන් ඉතා සවස් ය, දැන් බඩගිනි ය. දැන් බඩ පිරුණා වැඩිය යැනි හේතු හුවා දක්වමින් ජීවනොපායයන් මඟහරවා ගනියි. අලසකම නැමැති මානසික ඌණතාව නිග‍්‍රහයට ලක් කරන බුදුරජාණන් වහන්සේ ‘‘කම්මැලියාගේ සියක් වසරක ජීවිතයට වඩා ධෛර්යය ඇත්තාගේ එක දවසක කාලය වුව ද උතුම්’’ බව වදාළ සේක. සැලසුම් සහගත ජීවන රටාවකට හුරුපුරුදු කාරණා බුදු දහමේ එදිනෙදා අනුගමනය කළ හැකි උපදෙස් මාලාවක් කුසිතාරාම්භවත්‍ථු සුත‍්‍රයේ දක්වා ඇත.

  1. ඉදිරියට කරන්නට ඇති වැඩ ගැන සිතා දැක් කළ යුතු දේ දැන් ම කරන්න.
  2. යම්කිසි වැඩක් කර අවසන් වූ විට එය අවසන් කළ කාලය තුළ කිරීමට අතපසු වූ වැඩකටයුතු සොයා බලා කරන්න.
  3. ගමනක් යෑමට ඇති විට කළ යුතු වැඩ අවසන් කොට යන්නට උත්සාහ කරන්න.
  4. ගමනක් ගොස් පැමිණි පසු ඒ කාලය තුළ කිරීමට අතපසු වු කටයුතු කරන්න.
  5. ප‍්‍රමාණවත් සේ ආහාරයක් නොලැබෙන විට තවමත් මාගේ ශක්තිය පවතිනවා යි සිතා කළ යුතු දේ කරන්න.
  6. ප‍්‍රමාණවත් පරිදි ආහාර ලැබුණු විට දැන් දැන් ශරීරය ශක්තිමත් යැයි සිතා වැඩ කරන්න.
  7. මඳක් ලෙඩ ගතියක් දැනෙන විට රෝගය උත්සන්න වීමට පෙර කළ යුතු වැඩකටයුතු කිරීමටත්
  8. රෝගය සුව වූ පසු රෝගීව සිටි කාලයේ මඟ හැරුණු වැඩ කිරීමට වෑයම් කරන්න.

බාල, මහළු, තරුණ, උගත්, නූගත් සෑම තරාතිරමකම පුද්ගලයෙකු අලසකම නමැති මානසික ඌණතාවයෙන් පෙළුණු, කල, ස්වකීය සොඳුරු දිවිය අඳුරු කර ගනියි. ඒ නිසා ධාර්මික ලෙස වෙහෙස මහන්සි වීම ලැජ්ජා වීමට නොව ආඩම්බරවීමට කරුණක් වන බව මතකයේ තබා ගන්න.

ආරක්‍ඛ සම්පදා යනු වෙහෙස මහන්සි වී උපයන දේ නිස්කාරණේ විනාශවීමට ඉඩ නොදී ආරක්‍ෂා කර ගැනීමයි. රජුන්, සොරුන් අමනාප අප‍්‍රිය ඥාතීන්, මිත‍්‍රයන් හා ජලය ගින්න වැනි ස්වභාවික උවදුරුවලින් රැුස් කළ ධනය රැුක ගැනීමට වග බලාගත යුතු යි. අත පය වෙහෙසවා, දහදිය මුගුරු වගුරුවා රැුස්කර ගන්නා ලද වස්තුව නිකරුණේ විනාශ කර ගැනීම නූතන සමාජයේ පවතින ප‍්‍රබලතම දියුණුවට බාධා කරන කරුණකි. එම නිසා විවිධාකාරයෙන් රැුස් කරන ධනය විනාශ වන්නේ කවර කවර හේතූන් නිසා දැයි වර්ග කොට අවබෝධ කරගත යුතු ය. මේ සඳහා සිඟාලෝවාද සූත‍්‍රයේ සඳහන් ධන විනාශයට හේතුවන කරූණු කිහිපයක් පෙන්වා දිය හැකි ය. නුසුදුසු අවස්ථාවල විවිධ ස්ථානයන් හි සංචාරය කිරීම, නාට්‍ය චිත‍්‍රපටි සමාජ ශාලා ආදී දර්ශනයන් හි අධික ලෙස නියැලීම, සූදු වල නියැලීම, නරක මිතුරන් ආශ‍්‍රය කිරීම වැනි හේතු ධන විනාශයට මූලික වේ. මේවා පිව බුදු දහමෙහි සඳහන් වේ. එහෙත් අපි මෙහි දී ඇතැම් කරුණු පමණක් ඉස්මතු කොට දක්වන්නේ ඒ ඔස්සේ තමන් නියැලී සිටින යම් දෝෂ සහගත අවස්ථාවන්ගෙන් මඟහැරීම සඳහා ය. සුරාපානයෙහි ආදීනව අපි සෑම කෙනෙක් ම දනිමු. එහෙත් ඒ සඳහා ම ගිජු ස්වභායක් දක්වන්නේ මනස නැමැති විශ්මිත වස්තුවෙහි ශක්තීන් ඔබව නොදැන සිටින නිසා ම දැයි හැෙඟයි. මත්පැන් පානයට ඇබ්බැහි වු පුද්ගලයෝ කොටස් හතරකි. ඒ මෙසේ ය.

  1. ඉඳහිට මත්පැන් ස්වල්පයක් බැගින් හැමදාම පානය කරන පුද්ගලයා
  2. නිතරම මත්පැන් ස්වල්පයක් බැගින් හැමදාම පානය කරන පුද්ගලයා
  3. ඉඳහිට පමණක් දැඩි සේ මත්පැන් පානය කරන පුද්ගලයා
  4. නිතරම බීමත්ව සිටින පුද්ගලයා

මේ පුද්ගලයන් සතර දෙනාගෙන් සිව්වැන්නා කිසිසේත් ම හොඳ නැත. මෙයින් අනිත් තිදෙනාගේ ක‍්‍රියාවලිය හොඳ යැයි අනුමත කරන්නේ ද නැත. ඊට හේතු කල්ගත වෙත් ම ඒ ඒ පුද්ගලන් ද සිව්වෙනි තත්ත්වයට පත් විය හැකි බැවිනි. අනික මත්පැන් බීම නිසා තමා දුක් මහන්සියෙන් උපයාගත් මුදල් වියපැහැදම් වෙයි. කළ යුතු නොකළ යුතු දේ පි

කල්‍යාණ මිත්තතා සම්පත්තිය :- යනු නුවණැති ත්‍යාගශීලී, දැහැමි මිතුරන් ඇතුව විසීම ය. පහත් ගතිගුණ ඇති පාප මිත‍්‍රයන් ඇසුරින් සිදුවන්නේ විවිධ පහත් ක‍්‍රියාවලට යොමු වි ගොඩනගා ගත් ධනය විනාශ වීමයි. මිත‍්‍රත්වය පිළ යුත්තකි. විශේෂයෙන් අප දියුණුවට බාධා කරන සමාජ පි

සමජීවිකයා යන්නෙන් අදහස් කරන්නේ අයවැය සමබරව තබා ගනිමින් විය පැහැදම් කිරීමයි. ආදායමට ඔරෝත්තු නොදෙන අයුරින් ගේ දොර, ආහාර පාන, ඇඳුම් පැළඳුම්, විවිධ නවීන උපකරණ ආදියෙන් සාටෝප වැඩි කර ගැනීමට යෑමෙන් පුද්ගලයා ණයගැති බවට පත් වෙයි. යම් පුද්ගලයෙක් මහත් සේ ආදායම් ලාභීව දුක්ඛිත ජීවිතයක් ගත කරන්නේ නම් ඔහු දහමෙහි හඳුන්වන්නේ නොකා මැරෙන්නෙකු ලෙස යි. මුදල් හදල් පරිහරණය කිරීම සඳහා උපදෙස් දෙන බුදුරජාණන් වහන්සේ ඒවා කොටස් සතරකට බෙදා දක්වයි.

ලැබෙන ආදායමෙන් කොටසක් කෑම බීම සඳහා වෙන් කරන්න. ලැබෙන ආදායමෙන් කොටස් දෙකක් විවිධ ආයෝජනයන් සඳහා වෙන් කරන්න.

හතරවන කොටස ආපදා අවස්ථාවක දි ගැනීම සඳහා තැන්පත් කොට තබන්න. එදාට වඩා ඉතා දියුණු මුදල් තැන්පත් ක‍්‍රම නූතන සමාජයේ පවතියි. ඒවා අනුගමනය කරමින් නිසි ක