Home » පුවත් පත් ප්‍රකාශන » සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන  ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන
ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

අඩසිය වසකට පෙර රාජකීය පණ්‌ඩිත ථෙරවාද දර්ශන විශාරද භාරතීශ්වරාචාර්ය කොළඹ විෙද්‍යාද්‍ය පිරිවෙණේ උප ප්‍රධානාචාර්ය බස්‌නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඛේමානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලය ථෙරවාද බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක්‌ සපයන පුණ්‍ය භූමියකි. ථෙරවාද න්‍යාය නමැති ග්‍රන්ථ එහි අග්‍ර ඵලයයි.

මිත්‍යාවාදීන් ආකූල ව්‍යාකූල වෙමින් පවත්නා ලාංකේය බෞද්ධ පරිසරය විනාශ කිරීමේ මාර බලවේග හමුවේ සටන් වදින ධර්ම පර්යේෂණාලයේ සේවාවන් පුළුල් කිරීමෙහි අපේක්‌ෂාවෙන් ථෙරවාද පොත් ගුල සහිත ධර්ම පර්යේෂණ මණ්‌ඩපය ඉදිකෙරෙමින් පවතියි.

 

  • ධර්ම පර්යේෂණ සභාව
  • මහජන පුස්‌තකාලය
  • ප්‍රජා සංවර්ධන වැඩසටහන්
  • ත්‍රිපිටක ධර්ම හැදෑරීමට පහසුකම් සැපයීම එහි ප්‍රධාන අරමුණු වේ.

මේ සඳහා ඔබගේ ආධාරෝපකාර අපේක්‌ෂා කරනු ලැබේ. ඒ සඳහා ධර්ම පර්යේෂණාලය සංවර්ධන අරමුදල ලංකා බැංකුව කටුබැද්ද, ගිණුම් අංක 328800, ධර්ම පර්යේෂණාලය සංවර්ධන අරමුදල භීඊ බැංකුව – කටුබැද්ද, ගිණුම් අංක – 1-0093-02-73155, ධර්ම පර්යේෂණාලය සංවර්ධන අරමුදල සණස බැංකුව – මොරටුව, ගි. අංක. 880996 යන ගිණුම්වලට ආධාර බැර කළ හැකි බව විහාරාධිපති ශාස්‌ත්‍රපති පණ්‌ඩිත හෑගොඩ විපස්‌සී හිමියෝ පවසති. දුරකථන අංකය 0112607387. වෙබ් අඩවිය www.dharmaparyeshana.org, Email – [email protected]

 

//www.divaina.com/2012/03/04/news09.html