Home » පුවත් පත් ප්‍රකාශන » නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ

නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ

නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ“නාවල ධර්ම දේශනා 17” කලාපය දැන් නිකුත්වී ඇත. නාවල විමල විහාරාධිපති ව වැඩ විසූ වැරැල්ලානේ ශ්‍රී විමලතිස්ස නාහිමියන් විසින් ආරම්භ කළ මේ උතුම් පින්කම අඛණ්ඩව පවත්වාගෙන යයි.

නාවල විමල විහාරය මඟින් සංවිධානය කළ ධර්ම දේශනා එම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත. බැරගම විමලධම්ම හිමියන් මෙම ග්‍රන්ථය සංස්කරණය කොට ඇත. මෙය නාවල විමල විහාරයේ ප්‍රකාශනයක් වන අතර මෙහි මිල රු. 400/- කි. එම ග්‍රන්ථයේ දම් දෙසුම් 20 ක් ඇතුළත්ව ඇති අතර, වැලිගම ඤාණරතන මහානාහිමි, අම්බලන්ගොඩ සුමංගල මහ නා හිමි, කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, දොඩම්ගොඩ අස්සජි නා හිමි, මාදුළුවාවේ සෝභිත නා හිමි, වහුමුවේ විජයවංස නා හිමි, ත්‍රිකුණාමලයේ ආනන්ද මහා නා හිමි, බෙලිදෙණියේ සිරිධම්ම මහ නා හිමි, මාතලේ ධම්මකුසල නාහිමි, බලංගොඩ සෝභිත නා හිමි, අගලකඩ සිරිසුමන හිමි, වෑගම පියරතන හිමි, අළුබෝමුල්ලේ ධම්මාලංකාර හිමි, උඩුවේ ධම්මාලංකාර හිමි, දියසෙන්පුර විමල හිමි, ඉද්දමල්ගොඩ වජිරඤාන හිමි, මිරිස්සේ ධම්මික හිමි, තපෝවනයේ දමිත හිමි, පිටිගල විජිත නා හිමි සහ හෑගොඩ විපස්සි හිමියන් විසින් වදාළ ධර්ම දේශනා එම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත.

//www.lakehouse.lk/budusarana/2015/06/09/tmp.asp?ID=news05