Home » විමර්ශන » රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි

රාවණා මිත්‍යාව ඛණ්‌ඩනයට රජය වහා පියවර ගත යුතුයි

divainaරාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කිරීම සඳහා රජය ඇතුළු සියලු බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සි හිමියෝ “දිවයින”ට පැවසූහ. 

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ විපස්‌සි හිමියෝ මෙසේද පැවසූහ.

මෙම වකවානුවේ රාවණා රජ කෙනකු ගැන නිතර කතාබහට ලක්‌වනු පෙනේ. වසර දහස්‌ ගණනක ඉතිහාසයක්‌ ඇති, මේ රට පාලනය කළ, දඬුමොනර හදපු එපමණක්‌ නොව චෛත්‍ය පවා ඉදිකළ බව කියන රාවණා රජ කෙනකු ගැන මෙසේ උලුප්පා දක්‌වමින් ඇතැමුන් විවිධ ප්‍රකාශ නිකුත් කරනු ද දැකිය හැකිය.

ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවද සලකා බැලීමේදී අනුරාධපුර යුගයේ මෙන්ම පොළොන්නරු යුගයේද රාවණා රජෙකු ගැන කිසිදු සඳහනක්‌ නැත. ශිලා ලේඛනයක්‌ හෝ සොයා ගැනීමට නැත.

දඹදෙනි යුගයේදී මිථ්‍යා කතා ලෙස මෙම “රාවණා” පුරාවෘත්තය බුදු දහමේ සාකච්ඡා කෙරෙන්නේද මිථ්‍යා කතා ලෙසයි. දීපවංශය, මහාවංශය, අට්‌ට කතා ආදී කිසිදු ඉතිහාස ග්‍රන්ථයක මෙම රාවණා ගැන කිසිදු සඳහනක්‌ නැත. එසේ නම් අප සොයා බැලිය යුත්තේ මෙම මිථ්‍යාව සාකච්ඡා කෙරෙන්නේ කවර පදනමක්‌ මතද යන්නයි.

එය හුදෙක්‌ අපගේ බෞද්ධ පදනම සුනු විසුනු කිරීම සඳහා ගොතන ලද බොරුවක්‌ බව මෙහිදී අවධාරණය කළ යුතුය. තව වසර ගණනකින් හින්දු – බෞද්ධ ගැටුමක්‌ නිර්මාණය කිරීමේ අන්තවාදී වුවමනාව මේ තුළ ගැබ්ව පවති.

පසුගියදා පාර්ලිමේන්තුවේදී ද්‍රවිඩ මන්ත්‍රීවරයකු කර තිබූ ප්‍රකාශය මගින්ද ඉදිරියේදී නිර්මාණය කිරීමට වෙර දරන එම අඳුරු යුගයේ සෙවණැලි දෘශ්‍යමාන විය. පරණ හනමිටි කර තබාගෙන යැමේ විපාක දැන් අපට බුක්‌ති විඳීමට සිදුවී ඇත.

එම නිසා මෙම රාවණා මිථ්‍යාව ඛණ්‌ඩනය කළ යුතු කාලය දැන් එළඹ තිබේ. මීට හුදු විරෝaධය දැක්‌වීමෙන් පමණක්‌ පලක්‌ නැත. මෙම රාවණා මිථ්‍යාව පැතිරීමට බලපෑ හේතු සාධක ගැඹුරින් විමර්ශනය කොට පරීක්‍ෂණ පවත්වා මෙම මිථ්‍යාසහගත වැරැදි ඉතිහාසය ඛණ්‌ඩනය කොට සැබෑ බෞද්ධ සංස්‌කෘතික ඉතිහාසය ඉස්‌මතු කළ යුතු කාලයයි මේ.

මේ කෙරෙහි රජය ඇතුළු සියලු බලධාරීන්ගේ අවධානය වහ වහාම යොමුවිය යුතුව තිබේ.

 

//www.divaina.com/2013/12/20/news35.html