Home » වටිනා ධර්ම කරුණු » සමාධිගත නොවූ සිතට කෙලෙස්‌ පාලනය කළ නොහැක

සමාධිගත නොවූ සිතට කෙලෙස්‌ පාලනය කළ නොහැක

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 08

සිල් සමාදන්වීම පිළිබඳ වැරදි වැටහීම නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්‌වන්නේ ආගන්තුක ස්‌වරූපයකි. සිල්දෙන භික්‍ෂුවගෙන් කොටසක්‌ තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස්‌ සිල් සමාදන් වෙති. සිල්වතුන්ගේ සිල්වලින් කොටසක්‌ තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත්, යන වැරදි කල්පනාව හේතු කොට සිල් ආරක්‍ෂා කිරීමට ඔවුහු නොපෙළඹෙති.

සිල් සමාදන්වීම පිළිබඳ වැරදි වැටහීම නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්‌වන්නේ ආගන්තුක ස්‌වරූපයකි. සිල්දෙන භික්‍ෂුවගෙන් කොටසක්‌ තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස්‌ සිල් සමාදන් වෙති. සිල්වතුන්ගේ සිල්වලින් කොටසක්‌ තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත්, යන වැරදි කල්පනාව හේතු කොට සිල් ආරක්‍ෂා කිරීමට ඔවුහු නොපෙළඹෙති.

පඤ්චස්‌කන්ධය උපාදාන වශයෙන් ගැනීම කෙලෙස්‌ ඇති වීමේ හේතුවය. ඒ නිසා රහත් නොවූ සෑම සත්වයෙකුටම කෙලෙස්‌ තිබෙනවා. එහෙත් සෑම කෙනෙකුගේම කෙලෙස්‌ එක හා සමාන වන්නේ නෑ. සෝවාන් වන තෙක්‌ම කෙලෙස්‌වල ස්‌වභාවය ප්‍රකෝපකාරීව හැසිරීමයි. මේ කෙලෙස්‌ යටපත කරගැනීම නිසා පුද්ගලයා ශාන්ත ස්‌වරූපයෙන් හැසිරෙනවා. ශිෂ්ට සම්පන්න වෙන්නෙත් ඒ නිසාය. නමුත් කුමන හෝ අවස්‌ථාවක කුමන හෝ අරමුණක්‌ හේතු කොට යටපත් කළ කෙලෙස්‌ ක්‍රියාකාරී වෙමින් නැග සංවරකම නැති වෙන්න පුළුවනි. නොඑසේ නම් ප්‍රකෝපකාරී හෝ විය හැකියි.

පුද්ගලයා ප්‍රකෘතියෙන් හොඳයි. යහපත්, ශිෂ්ටසම්පන්න නමුත් විවිධ සාධක නිසා විකෘති වෙනවා. මෙහි විකෘතිය අදහස්‌ කිහිපයක්‌ සඳහා අප භාවිතා කරනවා. ඉන්ද්‍රිය හයෙන් අරමුණු වැරදි ලෙස හඳුනා ගන්නා නිසා මිනිසා විකෘති වී සිටිනවා.

අංගුත්තර නිකායේ ඒකක නිපාතයේ පභස්‌සර වගන්තියේ සිතේ ස්‌වාභාවය පිළිබඳ මෙසේa දැක්‌වෙනවා. එනම්

Ven.Hegoda Vipassi Thero

Ven.Hegoda Vipassi Thero

“පභස්‌සරමිදං භික්‌ඛවේ චිත්තං තංච ඛෝ

ආගන්තුකෙහි උපක්‌කිලෙසෙහි උපක්‌කිලිට්‌ඨං”

එහි තේරුම මහණෙනි, මේ සිත ප්‍රභාෂ්වරයි. එහෙත් එය ආගන්තුකව පැමිණි උපක්‌ලේෂ (කෙලෙස්‌) නිසා කිලිටු බවට පත් වෙයි” යනුවෙනි. ප්‍රභාෂ්වර සිත පිළිබඳව විවිධ මත තිබෙනවා. එහෙත් අටුවාවේ සඳහන් වන්නේ “පභස්‌සර චිත්තන්ති පණ්‌ඩරං, පරිසුද්ධං, භවංග චිත්තං” යනුවෙනි. එහි තේරුම ප්‍රභාෂ්වර සිත යනු ඉතාමත් පිරිසිදු කිලුටු නැති භවාංග සිතයි යනුයි. භවාංග කියන්නේ අර අරමුණු නොගෙන සිත නිදිය ගත් ස්‌වරූපයෙන් පැවැතීමයි. භවාංග සිත පිළිබඳ ඉතා ගැඹුරින් විමසා බැලිය යුතු ප්‍රස්‌තුතයක්‌. ඒ පිළිබඳ අපගේ අදහස්‌ කිහිපයක්‌ ද තිබෙනවා. එහෙත් ඒවා මෙහි ඇතුළු කිරීමට උත්සුක වන්නේ නෑ.

කෙසේ වුවත් අපේ සිතේ කෙලෙස්‌ පවතින්නේ හේතුඵල දහම අනුව සාංසාරිකවයි. එම නිසා සාංසාරික කෙලෙස්‌ සිතේ කිඳා බැස තිබෙනවා. යටපත් වී තිබෙනවා. හරියට විලක ජලය බොර නොවී පතුලේ මඩ පවා පෙනෙන සේ පිරිසිදුව පවතින්නා සේය. යමෙක්‌ මේ විලේ ජලය කැළඹුව හොත් එහි පිරිසිදුකම, විනිවිද දකින කම නැති වෙනවා. එසේ අපේ සිතේ කෙලෙස්‌ යටපත්ව කි¹ බැස තිබෙනවා. ඒවා විවිධ අවස්‌ථාවල බාහිර සාධක නිසා කැළඹෙනවා. ඒ අවසAථාවේදී මිනිසුන් නොමිනිසුන් බවට පත්වෙයි. ඊට හේතුව ආවේගශීලි වීමයි. මේ ආවේගශීලත්වය සංවර කළ යුතුයි.

අකුසලං භික්‌කවේ පජහථ සක්‌කා අකුසලං පජහිතුං

නොෙච්තං භික්‌ඛවෙ සක්‌කා අභවිස්‌ස අකුසලං පජහිතුං

නාහං එවංවදෙය්‍යං අකුසල භික්‌ඛවේ පජහථාති

අකුසල් අත්හරින්න. අකුසල් අත්හරින්න පුළුවනි. අකුසල් අත්හරින්න නොහැකි නම් අකුසල් අත්හරින්නය කියලා මම නොකියමි.” බුදුරජාණන්වහන්සේ වදාළ සේක. මේ බණ පදය අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වෙනවා.

එම නිසා ඇතුළතින් පිටතින් ආකූල ව්‍යාකූල වී තිබෙන කෙලෙස්‌ සංවර කරන්න, විනාශ කරන්න තිබෙන පහසුම ක්‍රියා මාර්ගය සීලයයි. ඒ වගේම අපහසුම අවස්‌ථාවත් සීලයමයි. ඒ බව ඔබගේ අවධානය පිණිස මාගේ දහම් පත්‍රිකාවක්‌ මෙහි උපුටා දක්‌වන්නෙමි.

සීලය යනු සිත, කය, වචනය යන දොරටු තුනෙන් කය, වචනය යන දොරටු දෙක සංවර කර ගැනීමයි. වැරදිවලින් කය, වචනය රැක ගැනීමයි. පරපණ නැසීම, සොරකම් කිරීම, කාමයෙහි වරදවා හැසිරීම ආදී වශයෙන් ශාරීරිකව සිදුකරනු ලබන වැරදිවලින් වෙන්වීම කායික සංවරයයි. බොරුකීම, කේලාම් කීම, වැඩකට නැති නිෂ්ඵල බස්‌ දෙඩවීම ආදී වශයෙන් වන වැරදිවලින් තොරවීම වාචසික සංවරය නම් වේ. මේ ආකාරයෙන් යම් යම් වැරදිවලින් (පව්වලින්) වැළකීම “වාරිත්‍ර සීල” නම් වේ. වැඩිහිටියන්ට සැලකීම, ඔවුනොවුන් වශයෙන් මිත්‍රශීලීව හැසිරීම, පින්කම් කිරීම, පරිසරය සුරැකීම ආදී වශයෙන් හොඳ දෑ අනුගමනය කිරීම “චාරිත්‍ර සීල” නම් වේ. සිරිත් විරිත් අනුගමනය කිරීම යනු මෙයයි.

සිල් සමාදන්වීම පිළිබඳ වැරදි වැටහීම නිසා අද බොහෝ බෞද්ධයෝ ශීලය කෙරෙහි දක්‌වන්නේ ආගන්තුක ස්‌වරූපයකි. සිල්දෙන භික්‍ෂුවගෙන් කොටසක්‌ තමන්ට ලැබෙන බව සිතති. මේ නිසා සිල්වතුන් සොය සොයා ගොස්‌ සිල් සමාදන් වෙති. සිල්වතුන්ගේ සිල්වලින් කොටසක්‌ තමන්ට ලැබෙන නිසාත්, එහෙයින් පින් අත්පත් වෙන නිසාත්, යන වැරදි කල්පනාව හේතු කොට සිල් ආරක්‍ෂා කිරීමට ඔවුහු නොපෙළඹෙති.

එසේ නම් සිල් සමාදන්වීම යනු කුමක්‌ද? සිල් සමාදන් වීම යනු සිල් බාරගැනීමයි. උදාහරණයක්‌ වශයෙන් සතුන් මැරීමෙන් වළකින ශික්‍ෂා පදය සමාදම් වෙමි. (පාණාතිපාතා වේරමණී සික්‌ඛා පදං සමාදියාමි) ආදී වශයෙන් ඒ පව්වලින් වළකින බවට තිබෙන නීතිය (ශික්‍ෂා පදය) රකින බවට පොරොන්දු වීමයි. පොරොන්දු වූ පමණින් යමක්‌ ඉටු නොවේ. ඒ නිසා පොරොන්දුව රැකියා යුතුයි. එය සීලයයි. මෙය ෙච්තනා සීලය වශයෙන් හැඳින්වේ. කෙනෙක්‌ ළඟ පොරොන්දු වූ විට ඔහු සාක්‍ෂියට තබා වැරදි වලින් වැළකී සිටිනවා මිස, සිල් දෙන පුද්ගලයාගේ සීලයෙන් කොටසක්‌ තමන්ට ලැබෙන්නේ නැති බව අවබෝධ කර ගත යුතුය.

සමාදන් වූ හෝ පොරොන්දු වූ පරිදි, අකුසලයන්ගෙන් ඈත්ව කුසලයන්ගෙන් යුක්‌තව ජීවත් විය යුතුයි. එය චෛතසික සීල වශයෙන් විශුද්ධි මාර්ගයේදී හඳුන්වයි. මේවා පුරුදු පුහුණු කිරීමම පුද්ගලයාගේ දියුණුවට හේතු වේ.

සීලෙ පතිට්‌ඨාය නරො සපඤ්ඤො – චිත්තං පඤ්ඤං ච භාවයං

(නැණවත් මිනිසා සිල් පුරා සමාධියත්, (භාවනාව) ප්‍රඥවත් වඩයි)

විමුක්‌ති මාර්ගය ගොඩනැගී ඇත්තේ සීල, සමාධි, ප්‍රඥ යන ත්‍රිශික්‍ෂා මතයි. බුදුදහමේ අනුපූර්ව ලක්‍ෂණය යනු එයයි. අද කෙනෙක්‌ පිළිවෙත් තේරුම් නොගෙන භාවනාවම වඩති. ඉන් ලද ප්‍රගතියක්‌ නම් නැත. භාවනා කිරීමට පෙර සීලයෙන් ක්‍රියාකාරී විය යුතුයි. සීලයෙන් තොර භාවනාවක්‌ නැත. ආදි චරණය වශයෙන් සීලය හඳුන්වන්නේ ද එම නිසායි.

රැකීමට පහසුම හා රැකීමට අපහසුම සීලය

සිල් මුලින්ම පිරිය යුත්තේ ඇයි? මනසෙහි කෙලෙස්‌ පවතිනා ආකාර තුන සලකා බැලීමෙන් එය තේරුම් ගැනීමට හැකිය. එනම් ෂ අනුසය ෂෂ පරියුටඨාන ෂෂෂ වීතික්‌කම

මේවා මනසෙහි කෙලෙස්‌ පවත්නා අවස්‌ථා හෙවත් ස්‌වභාවයයි. රාගය, ද්වේෂය, වෛරය, මාන්‍ය, කුහක කම්, ගුණමකු කම් ආදී කෙලෙස්‌ මනසෙහි පැලපදියම් වී නිදිය ගත් ස්‌වරූපයෙන් පවතියි. එසේ පැවැත්ම අනුසය වශයෙන් හැඳින්වේ. අනුසය වශයෙන් පවත්නා කෙලෙස්‌ ප්‍රඥ ශික්‍ෂාව විසින් සංවර කෙරේ. යටපත් කෙරේ. (චිත්තානු පස්‌සනා වැනි භාවනා තුළින් අනුසය ධර්ම නැති කිරීමට සම්මර්ශනය කරයි) යටපත් කර ගත නොහැකි විටෙක අළුයට ගිනි පුපුරු සේ ඇවිලෙමින් කැකෑරෙමින් හාත්පසින් නැගී සිටින තත්ත්වයකට පත්වේ. එය පරියුට්‌ඨාන (පරි + උට්‌ඨාන) වශයෙන් හැඳින්වේ. සමාධි ශික්‍ෂාව පරියුට්‌ඨාන අවස්‌ථාවේ මැඩ පවත්වා ගනියි. සිත එක අරමුණක මෙහෙයවීම – පිහිටුවීම – විසිරෙන්නට නොදී තබාගැනීම සමාධියයි. එය දියුණු කිරීම භාවනාව බැවින් භාවනා පුහුණූවෙන් හාත්පසින් නැගීසිටි කෙලෙස්‌ අවස්‌ථා සමනය කර ගනියි. මේ ආකාරයෙන් පරියුට්‌ඨාන කෙලෙස්‌ පාලනය කර ගන්ට බැරි නම් වීතික්‌කම තත්ත්වයට පත් වේ. වීතික්‌කම යනු ඉක්‌මවා යැමයි. පිටාර ගලා යැමයි. අභ්‍යන්තරික වශයෙන් පැවැති කෙලෙස්‌ සමාජගතවීම නොහොත් බාහිරගත වන්නේ මේ මොහොතෙයි. මේ මොහොත පාලනය කරන්නේ – සන්සුන් කරන්නේ – සංවර කරන්නේ – වළක්‌වන්නේ සීල ශික්‍ෂාවෙනි. කයින් හා වචනයෙන් සංවර නොවූ පුඟුලා නිරන්තරයෙන් ගැටුම්කාරී සමාජ පරිසරයක්‌ ගොඩනගා ගන්නේ මේ නිසාය. මෙයින් සැප නොව දුක්‌ම ඇතිවේ.

සිදුවිය හැකි ලොකු කුඩා ගැටුම් වළක්‌වාගෙන කුසලවන්ත ජීවිත ගත කර හැක්‌කේ සිල්වතෙකුට පමණයි. මේ ජීවන පැවැත්ම සමාජ ප්‍රගතිය උදෙසා මිස දුගතිය පිණිස නොවේ. වළක්‌වා ගැනීම පහසුම අවස්‌ථාවත් වළක්‌වා ගැනීමට අපහසුම අවස්‌ථාවත් වීතික්‌කම මොහොත බව ඔබට දැන් වැටහේ.

උපමාවක්:

සුදෝ සුදු වතින් සැරසුණු සැදැහැවතෙකු සියලු සත්වයෝ සුවපත් වෙත්වා ෘ නීරෝගී වෙත්වා ෘ නිවන් දකිත්වා ෘ සිතමින් මෙත් වඩයි. තිගැස්‌සී දෙනෙත් විවර කොට බලන්නේá නොදුරෙහි සිටින පුද්ගලයා, කලකට පෙර තම ජීවිතයට හානි කළ අසවලා යෑයි හඳුනා ගනියි. දැන් සංසුන් මනස කැළඹී ක්‍රෝධය බුර බුරා පැන නගියි. තම ජීවිතයට කළ හානිය විවිධාකාරයෙන් සිහිවෙයි. සමාධිගත නොවූ සිතට මෙය පාලනය කළ නොහේ. පින්බර මුහුණ වෛරයෙන්, ක්‍රෝධයෙන් පුපුරු ගසයි. විඩාබර වේ. හදවතෙහි ක්‍රෝධය නමැති ගිනිදැල් දිදුලයි. දැන් දැන් මේ තත්ත්වය පාලනය කළ නොහේ. කට පියාගෙන සිටිය නොහැකිය. බැනගෙන බැනගෙන යයි. ඉන් නතර නොවේ. අතට හසුවූ ගල් ගෙඩියකින් සතුරාට පහර දෙයි. ලේ පෙරාගෙන බිම වැටෙයි. එයින්ම මිය යයි. කුරාකුහුඹිවෙකුටවත් වරදක්‌ නොකළ, මොහොතකට පෙර මෙත් වැඩූ අහිංසක උපසාක තැන මිනීමරුවෙක්‌ වී ඇත.

ඉහත සිද්ධියේ මෙත් වඩන අවස්‌ථාවේ කෙලෙස්‌ අනුශය වශයෙන් පවතියි. පුද්ගලයා හඳුනාගත් මොහොතේ සිට ඇති වූ කැළඹීම් ස්‌වභාවය පරියුට්‌ඨානය යි. සමාධිය පුහුණු නොකළ නිසා කැළඹුණු ක්‌ලේශ සංවර කරගත නොහැකි විය. මෙහි වීතික්‌කම අවස්‌ථාව නම් බැණ වැදීමත් ගල්පහර දීමත්ය. කායික හා වාචසික වශයෙන් සංවර නොවූ හෙයින් කෙලෙස්‌ පිටාර ගලාගොස්‌ සමාජගත විය. ඇතැම් විට ඔහුට වාචසික සංවරයක්‌ නොතිබී කායික සංවරය තිබුණා නම් හෝ මිනිස්‌ ඝාතනයක්‌ නොවේ. සීලය නොරැක්‌ක නිසා අහිංසකයා මිනී මරුවෙක්‌ වූ හැටි ඔබට වැටහෙනවා නේද?

ප්‍රහීන නොකළ නිදිය ගත්තා සේ සංතානයෙහි කිඳී පවතින ගතිය අනුශයයි. කාමරාග, පටිඝ, දිට්‌ඨි, විචිකිච්ඡා, මාන, භවරාග, අවිඡ්ජා වශයෙන් ඒවා සත් වැදෑරුම් ය. වරක්‌ බුදුරජාණන්වහන්සේ ළදරුවන්ගේ මනස තුළ පවා අනුශය වශයෙන් කෙලෙස්‌ පවතින බව “මාලුංක්‍ය පුත්‍ර උඩුකුරුව නිදන කුඩා ළදරුවෙකුට ස්‌වකීය කය පිළිබඳ හැඟීමක්‌ නොවේ. කෙසේ සත්කාය දිට්‌ඨියක්‌ උපදින්නේ ද ඔහුට සත්කාය දිට්‌ඨිය අනුශය වශයෙන් පවතී” යෑයි වදාළහ. මේ තරම් දීර්ඝව සාකච්ඡා කළේ සීලයෙන් තොරව බෞද්ධ ජීවිතය ගොඩ නගා ගත නොහැකි බව පැහැදිලි කිරීමටයි. සීලයෙන් වෙනත් පැති ජීවිතයේ අර්ථවත් කරගන්නේ කෙසේදැයි විමසා බලමු.

සීලයෙහි ලක්‍ෂණය හෙවත් සාමාන්‍ය ස්‌වභාවය නම් සමාදන් ශික්‍ෂා පද අතට ගත් දෙයක්‌ නොවිසිරෙන්නට, නොබිඳෙන්නට, නොවැටෙන්නට, අල්ලාගෙන පරිහරණය කරන්නා සේ රැක ගැනීමයි. කාලයක්‌ තිස්‌සේ ඒ වැරදි වලින් වැළකී, සත් සමාජ චාරිත්‍ර විධි ආරක්‍ෂා කරමින් සිටින විට මනා පුහුණුවක්‌ ලැබේ. එම නිසා ඉබේ සිදුවන ස්‌වභාවයට පත්වේ. එවිට ඔහු සිල් ඇත්තෙකි. නැතහොත් සිල්වතෙක්‌ බවට පත්වේ. තවද සීලය යනු ගතිය – ස්‌වභාවය යන අරුත්ය. ප්‍රියශීලී (ප්‍රිය ගතිය), ප්‍රගතිශීලි (දියුණුවන ගතිය – ස්‌වභාවය), මිත්‍රශීලි (මිතුරු ගතිය) යන තැන්වලත් කැඩෙන සුළු, බිඳෙන සුළු තැන්වලත් ඇත්තේ මේ අදහසයි. සතුන් නොමරණ, හිංසා නොකරන, සොරකම් නොකරන, අනුන්ගේ දෑ විනාශ නොකරන, කාමයෙහි වරදවා නොහැසිරෙන, මත් පැන් නොබොන, බොරු නොකියන, පරුෂ වචන නොකියන, හිස්‌ වචන කථා නොකරන, දෙමාපියන්ට සලකන, පිරිසිදුව, නිවැරදිව, දක්‍ෂව යමක්‌ කරන, පොදු දේපළ රකින ආදී ගති ඇත්තා සිල්වතෙකි.

ලෝක පාලක ධර්ම

සිල් රැකීමේ ආසන්න කාරණය හෙවත් හේතුව හිරි හා ඔත්තප්ප යන සොබන චෛතසික දෙකයි. හිරි කියන්නේ පව් කිරීමට තියෙන ලැජ්ජාවයි. ඔත්තප්ප කියන්නේ පව් කිරීමට තියෙන භයයි. ලෝක පාලක ධර්ම වශයෙන් ද ඒවා හඳුන්වයි. කෙනෙක්‌ පව් කිරීමට තිබෙන භය නිසා දුෂ්චරිත නොකරති. කෙනෙක්‌ පව් කිරීමට තිබෙන ලැජ්ජාව නිසා දුෂ්චරිත වලින් වළකිති. ඇතැමෙක්‌ මේ දෙකම නිසා දුෂ්චරිත නොකර සිටිති. හිරියෙහි විරුද්ධ වචනය අහිරිකයි. (පව් කිරීමට තිබෙන ලැජ්ජාව නැතිකම) ඔත්තප්පයේ විරුද්ධ වචනය අනොත්තප්ප යි. (පව් කිරීමට තිබෙන භය නැති කමයි) හිරිඔතප් නිසා සමාජ සාරධර්ම රැකේ. ඇතැමෙක්‌ තිරිසන් ගති ස්‌වභාවයක්‌ දක්‌වන්නේ හිරිඔතප් බිඳුණු නිසාය. ඇතැම් වැරදි ක්‍රියා කාලාන්තරයක්‌ තිස්‌සේ කරගෙන ඒම නිසා වැරද්දක්‌ බවට නොහැඟේ. සිදු කළ යුතු චාරිත්‍රයක්‌ යෑයි හැඟෙA. මේ ආකාරයට ප්‍රපංච ගොඩනැගීම ම අතිශය දෛනීයයි.

හිරිඔතප් සහිත මොලොක්‌ ගති ගිහි පැවිදි දෙපිරිසටම අත්‍යවශ්‍ය යි. දිනක්‌ බුදුරජාණන්වහන්සේ “අලුත් විවාහපත් කාන්තාවක්‌ යම් රැයෙක හෝ දවසක හෝ කැඳවාගෙන එන ලදුව, ආ අලුත ඇය නැන්දම්මා කෙරෙහි ද, මාමා කෙරෙහි ද, ස්‌වාමියා කෙරෙහි ද, පමණක්‌ නොව දාස කම්කරු පුරුෂයන් කෙරෙහි පවා අතිශය විලිබිය සහිත වේ. එබඳු වධූකාව (ලේලි } භාර්යාව) එදා එහෙම වෙතත් ටික කලක්‌ ගත වීමෙන් නැන්දා මාමා පමණක්‌ නොව ස්‌වාමි පුත්‍රයා කෙරෙහි ද ලැජ්ජා, බිය නැතිව තොපි කුමක්‌ දනිවු ද? මෙතැනින් ඉවත්ව යවු” යි වශයෙන් දරදඬු ස්‌වභාවය ඇති වේ. එම නිසා අලුත ගෙනා මනමාලියක සේ සිතට බඳු සිතින් විලිබිය සහිත වන්නෙමු. හික්‌මිය යුතුයි. භික්‍ෂූන්ට බුදුහු වදාරති. (තස්‌මාතිහ භික්‌ඛවෙ එවං හි සික්‌තබ්බං අධුනාගත ව ධූකා සමෙන චෙතසා විහරිස්‌සාම)

අධිපති ධර්ම

කෙනෙක්‌ අධිපති ධර්ම ගුරු තන්හි තබා කායික වාචසික සංවරය ඇති කර ගනිති. අධිපති ධර්ම මුල් කොට සිල් රැකීම, ප්‍රායෝගිකව පුහුණු කළ හැකි ඉතා හොඳ ධර්ම ක්‍රමයකි. ඒවා නම්

! අත්තාධිපතෙය්‍ය

!! ලොකාධිපතෙය්‍ය

!!! ධම්මාධිපතෙය්‍ය

යන කරුණු ය.

අත්තාධිපතෙය්‍ය යනු තමන්ට නුසුදුසු දේ අතහැර තමාම ගුරු කොට තමා කෙරෙහිම ගෞරවයෙන් වැරදිවලින් වැළකී සිල් රැකීමයි. ආත්ම ගරුත්වය නොකෙළසා ආත්ම ගරුත්වය රැකෙන සේ ජීවත් වීම යනු මෙයමයි. ලොකාධිපතෙය්‍ය සීලය යනු ලෝකයාගෙන් පැමිණෙන අපවාදවලට බියෙන් – ලැඡ්ජාවෙන් වැරදි නොකර සංවර වීමයි. “මත්පැන් බොන නිසා මට නොයෙක්‌ දෙනා දොස්‌ පරොස්‌ නින්දා අපහාස කරනවා. එයින් වැළකී සිටීමට ඕනෑ.” ආදී වශයෙන් සලකා ලොකාපවාදයෙන් ගැලවීමට කෙනෙක්‌ වැරදිවලින් වැළකී සිටිත්. ධම්මානුපතෙය්‍ය සීලය යනු ධර්මය ගුරු තන්හි හෙවත් විශ්වාස කරන්නා – අදහන්නා (ආප්තයා) වශයෙන් තබා දුෂ්චරිත වලින් වැළකී සිටීමයි. මේ ක්‍රමය එනම් ධර්මය ආප්තයා (විශ්වාස කරන්නා) වශයෙන් ගැනීමම නොවරදින මගයි.

නිදසුනක්‌ වශයෙන් වර්තමාන සමාජයේ කුඩු වැනි සමාජ විරෝධී ව්‍යාපාරවල නියෑලෙන්නන් සුපිරි ජීවිත ගත කරනු පෙනෙයි. යමෙක්‌ එවැන්නන් ආදර්ශයට ගෙන තමනුත් එවැනි ව්‍යාපාරවලට සම්බන්ධ වී ඉක්‌මනින් ඉපැයීමට පෙළඹෙති. යම් අවස්‌ථාවක නීතියේ රැහැනට ඔහු හසු වී දුක්‌පීඩා විඳියි. ධම්මානුපතෙය්‍ය වශයෙන් සීලය ආරක්‍ෂා කළා නම් එවන් ශෝචනීය තත්ත්වයක්‌ ඔවුන්ට උදා නොවේ. තවද සත් ව්‍යාපාරවලින් ජීවත්වීම ආජීවපාරිශුද්ධ සීලයට ද හේතුවේ. මේ නිසා සමාජය නොඅදහා ධර්මය ආප්තය වශයෙන් සළකා ජීවන රටාව ගොඩ නගා ගැනීම නොවරදින මග (අපන්නක පටිපදා) වේ. අත්තාධිපතෙය්‍ය වශයෙන් “තමකම” හිතට ගත් විට මාන්‍යාදී කෙලෙස්‌ වලින් බරිතව දූෂිත වේ. මේ නිසා අධිපති ධර්මයන්ගෙන්, ධම්මාධිපතෙය්‍ය සීලය වඩා වැදගත් බව පැහැදිලි ය.

ඉන්ද්‍රිය සංවරය

ඇස්‌, කණ්‌, නාස, දිව, කය, මන යන ඉන්ද්‍රිය සය සංවර සීලය පරිහරණය කිරීම සදාචාරාත්මක ජීවිතයේ පැවැත්ම වේ. ඉන්ද්‍රිය සංවර සීලය යනු එයයි. මේවා ගැන එකින් එක පැහැදිලි කිරීමට මෙහි අවකාශ නොවේ. එහෙත් එකක්‌ දෙකක්‌ ගැන සඳහන් කරන්නේ ඒ ඔස්‌සේ සිතන්නටයි. ඔබේ රෝගයට පැණි රස අගුණයි. එයින් වැළකී සිටින්නට යෑයි කී වරක්‌ දොස්‌තර මහතා ඔබට අවවාද කර තිබේද? එහෙත් රසයෙහි ගිජුවූ ඔබට ඉන් වැළකී සිටීමට අපහසු නේද? දිව නමැති ඉන්ද්‍රිය සංවර කරගත්තා නම් එවන් තත්ත්වයකට පත් නොවේ. ඇතැම්හු කය පිනවීමට දවසකට මුදල් – ශ්‍රමය – කාලය කොපමණ වැය කරත් ද? ඒ නිසාම අපකීර්තියට පමණක්‌ නොව ජීවිත හානියට ද පත් වූ අවස්‌ථා නොවෙත් ද? මැදිවියේ අයගේ ග්‍රහණයට අසුවී විනාශ වී යන ළදරු ජීවිත දිනෙන් දින වැඩිවෙයි. කායික ඉන්ද්‍රිය සංවර කරගන්ට උත්සාහ කරා නම් සැනසීමට පත්වේ.

ඔබට යුක්‌ති සහගතව ධර්මානුකූලව ඉන්ද්‍රිය පිනවීමට බුදුදහමින් තහංචි නැත. කෙනෙක්‌ ආවාහ විවාහ වී අඹුදරුවන් පෝෂණය කරමින් ප්‍රීතිමත්ව ජීවත්වීම අගාරික බ්‍රහ්මචරිය (සදාර බ්‍රහ්මචරිය) ලෙස හඳුන්වයි. එයත් සීලයකි. එවන් ජීවිත ගත කරන කාමභෝගී ගිහියෝ දෙවියන්ගේ වැඳුම් පිදුම්වලට පවා පාත්‍ර වෙති. ඒ බව “පින් කරන සිල්වත් ස්‌වාමිපුරුෂයෙක්‌ දැහැමින් අඹුදරුවන් පෝෂණය කරයි ද මම ඔවුන් වඳිමි” යනුවෙන් මාතලී දෙවියාට ශක්‍ර දේවේන්ද්‍රයා පැවසීමෙන් පැහැදිලි වේ. භක්‌තිවාදය පෙරදැරිව බෞද්ධ සීලය ව්‍රතයක්‌ කර ගත් පිරිසක්‌ ද මේ සමාජයේ සිටිති. මේ සඳහා ඇතැම් භික්‍ෂූන් වහන්සේ විසින් ද අනුශාසනා පවත්වනු පෙනේ. එසේ පිළිපැදීමෙනුත් උක්‌ත පරමාර්ථ සාධනය නොවේ. සීලව්‍රත බුදු දහම ප්‍රතික්‍ෂේප කරයි. විමර්ශනශීලිව විටෙක ප්‍රඥවෙන් මේවා අවබෝධ කර ගත යුතුය.

ධර්මය දැනගත්තත් ඒවා පිළිපදින්නේ නැත්නම් එයින් ද ශාන්තියක්‌ නොවේ. දැන ගැනීමත් පිළිපැදීමත් යන දෙඅංශයම බෞද්ධ ජීවිතයකට අත්‍යවශ්‍ය වේ. දැනීමෙනුත් (විජ්ජා) හැදීමෙනුත් (චරණ) අගතැන්පත් නිසා බුදුරජාණන්වහන්සේ “විඡ්ජාචර” වන සේක. මේ බුදු ගුණ තොල් මැතිරීම නොව කළ යුත්තේ පුරුදු පුහුණු කිරීමයි. සීලයෙන්ම නිවන් අවබෝධ කර ගත නොහැකිය. එහෙත් නිවන් මාර්ගය සාක්‍ෂාත් කිරීමට සීලය උපනිශ්‍රය ඉවහල් වේ.

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ

හෑගොඩ විපස්‌සී හිමි

ධර්ම සංවාදය

වසන්ත ලියනගේ