Home » පරිවර්තන » කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?

කල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?

Warningකල්ලි ක්‍රියාත්මක වන්නේ කෙසේද?

පිටතින් ආශ්චර්‍ය්‍යමත් ලෙස පෙනුනද මේවා ඇතුලතින් අතිශයින්ම පෙළඹවීමේ ස්‍වභාවයකින් යුක්තවේ. කල්ලි නායකයින් ඔබ උපක්‍රමශීලී ලෙස ඔවුන්ට බඳවා ගැනීමේ ඉමහත් ආශාවකින්න් සිටී. ඔවුන් ඔබගේ කාලය, පක්‍ෂපාතිත්වය හා ඔබගේ මුදල් පසුපස හඹා යමින් සිටී. ඔබ කල්ලියට බඳවා ගැනීම සදහා ඔවුන් ඉතා සියුම්වූත් කාලය සමග නවීකරනය වූත් මනස පාලන උපක්‍රම හා බඳවා ගැනීමේ ක්‍රමවේදයන් උපයෝගී කර ගනී. කල්ලි ග්‍රහනයට තමන් අසු නොවේ යැයි සිතා සිටි නමුත් ඒවාට අසුවූ සාමාජිකයින් මිලියන ගනන් ලොව වටා සිටින අතර ඔවුන් කල්ලියකටඅසුවූ ඇති බව තවමත් නොදන්නා බැවින් ඔබද එසේ අසු නොවේ යැයි නොසිතීමට වග බලා ගන්න. කල්ලියක් හඳුනා ගැනීමට නම් ඔවුන් ක්‍රියාත්මක වන ආකාරයත් ඔවුන් උපයෝගී කර ගන්නා තාක්‍ෂණික ක්‍රමවේදයන් ද වටහා ගත යුතුවේ. මෙම ලිපියේ අරමුන වන්නේ ඔබ මේ සම්බන්දව දැනුවත් කිරීමයි. කල්ලි විසින් ඔබව උපායශීලී ලෙස පාලනය කිරීම සඳහා භාවිතා කරනු ලබන රහසිගත තාක්‍ෂණික ක්‍රමෝපායන් මෙම ලිපියෙන් අනාවරනය වේ. කල්ලි නායකයින් මෙම ලිපිය කියවනවාට අකමැති වන නමුත් ඔබ මෙය කියවිය යුතුවේ. කල්ලි ක්‍රියාත්මක වන ආකාරය වටහා ගත් පසු කල්ලි හඳුනා ගෙන ඒවාට බඳවාගන්නවුන් ගෙන් ඔබගේ පවුලේ අය හා මිතුරන් ආරක්‍ෂා කර ගැනීමට ඔබට පහසු වනු ඇත. පලමුවෙන් අප කල්ලි පිළිබඳ ඇති දුර්මතයන් බැහැර කරමු.

කල්ලි සම්බන්දයෙන් ඇති දුර්මත:-

කල්ලි පහසුවෙන් හඳුනා ගත හැකි අතර ඔවුන් අමුතු ඇඳුම් අඳින සමූහ වශයෙන් ජීවත්වන්නන් වේ.

සමහර කල්ලි එසේ වුවත් බොහෝ කල්ලි දිනපතා දකින මා හා ඔබ වැනි පුද්ගලයින් වේ. ඔවුන්ද නිවාසයන්හි ජීවත් වන අප මෙන්ම ඇදුම් අදින හා ආහර අනුභව කරන අය වේ. කල්ලි නායකයින් කල්ලියකට බඳවා ගත් බව ඔබ දැනගන්නවාට අකමැති නිසා බඳවා ගන්නවුන් පිළිබඳ සැකයක් නොසිතෙන අන්දමට කතා කිරීමටත්, ඇඳුම් ඇඳීමටත් ක්‍රියා කිරීමටත් ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ. එක්තරා කල්ලියක් මේ සම්බන්දයෙන් “සබැඳි වීම” නමින් වැකිකඩක්ද ප්‍රබන්ධ කර ඇත.

කල්ලි දුර්වල අද්භූත හා භාවාත්මක ලෙස අස්ථායී වේ

මෙය අසත්‍යය වේ. බොහෝ කල්ලි සාමාජිකයින් බුද්ධිමත්, ආකර්ෂණීය හා නිපුණත්වයෙන් පරිපූර්ණ වූවන්ය. සත්‍ය වශයෙන්ම සියලු වර්ගයේම පුද්ගලයින් කල්ලි වල සිටී. එක් පොදු සාධකයක් වන්නේ බොහෝ විට ඔවුන් බඳවා ගෙන ඇත්තේ ඔවුන් ගේ ජීවිතයේ දුර්වල වූ අවස්ථාවකය. පසුව මෙය විස්කර කරනු ඇත.

කල්ලි වනාහි භක්තිමත් වූ පිස්සන් රැලකි

කල්ලි හුදෙක් ආගමික කණ්ඩායමක් ලෙස බොහෝ අය විසින් වැරදි ලෙස වටහා ගෙන ඇත. නවීන අර්ථදැක්වීමට අනුව බඳවා ගැනීමට මනස පාලනය හා අනියම් තාක්‍ෂණික ක්‍රමඋපයෝගී කර ගන්නා සියලුම කණ්ඩායම් මනස පාලන කල්ලි යනුවෙන් වර්ගී වේ. තාක්‍ෂණික උපක්‍රම සඳහා කිසියම් ආගමක ඇදහිලි ක්‍රමය විකෘති කිරීමක් සිදු කලද එය කල්ලියක් බවට පත් කරනු ලබන්නේ එහි ඇති තාක්‍ෂණික උපක්‍රමමය. නිදහස් සමාජයක පුද්ගලයින්ට තමන් කැමති ඇදහීමක් කලහැකි නමුත් යමෙක් පුද්ගලයින් රවටා පාලනය කරන්නේ නම් එය නොමනා බව ඕනෑම අයෙකු අනුමත කරනු ඇත. “කල්ලි වර්‍ග” ඡේදය යටතේ ඔබට හමුවන විවිධාකාරවල කල්ලි වර්‍ග විස්තර කරනු ඇත.

ක්‍රිස්තු ලබ්ධිකයින් අනෙක් සියලු කණ්ඩායම් කල්ලි බව පවසයි

කිසියම් කණ්ඩායමක් තමන් ක්‍රිස්තියානියන් බව පවසමින් බයිබලයේ මූලධර්‍මයන්ගෙන් පරිභාහිරව දේශනාවන් කරන්නේ නම් එය කල්ලියක් ලෙස ක්‍රිස්තු ලබ්ධිකයින් මූලික වශයෙන් හඳුන්වයි. උදා: තමන් බෞද්ධයින් යැයි පවසන බෞද්ධයින් පිරිසක් කල්ලියක් නොවන අතර ඔවුන් තමන් ක්‍රිස්තු ලබ්ධිකයින්යැයි ව්‍යාජනය කරන්නේ නම් ඔවුන් කල්ලියක් වන්නේය. මෙ‍ම අර්ථදැක්වීම මෙම ලිපියේ භාවිතා කරන්නේ නැත. එසේ නම් කල්ලියක් යනු කුමක්ද?

කල්ලියක් යනු කුමක්ද?

නවීන අර්ථදැක්වීමට අනුව මනස පාලනය හා රැවටිලිකාර බඳවා ගැනීමේ උපක්‍රම යොදා ගන්නා කණ්ඩායම් මනස පාලන කල්ලි වේ. අන්‍යාකාරයෙන් කිවහොත් කල්ලි පුද්ගලයින් රැවටීමට ලක් කර බඳවා ගෙන බලහත්කාරයෙන් ඒ තුල රඳවා ගනී. කල්ලි හැරුනු විට බොහෝ අය අනුමත කරන විග්‍රහය මෙය වේ.

කල්ලි වර්‍ග:-

01. ආගමික

ඇදහිලි ක්‍රම තම අඩිතාලම ලෙස භාවිතා කරන කල්ලි සුලභය. ඔවුන්ගේ ඇදහිලි සම්ප්‍රදාය ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් හෝ ලොව ඇති අනෙකුත් ආගමක් හෝ ඔවුන් විසින් නිර්මානය කරන ලද ඔවුන්ටම අදාල වූ ඇදහිලි ක්‍රමයක් විය හැක. ඔවුන්ට කල්ලියක් යැයි කිව හැක්කේ ඔවුන්ගේ ඇදහිලි ක්‍රමය නොව ඔවුන් විසින් මනස පාලන ක්‍රම භාවිතා කිරීමයි.

02. වාණිජ

වාණිජමය වූ ප්‍රතිලාභ අඩිතාලම ලෙස භාවිතා කරන කල්ලි “තන්හාධික කල්ලි” යැයි හැඳින්විය හැක. ‍මෙම කණ්ඩායමකට බැඳී ඔවුන්ගේ විශේෂ වැඩ සටහන් වලට සහභාගි වුවහොත් ඔබට ඉතා පොහොස‍ත් විය හැකි බවට ඔවුන් පොරොන්දු වේ. බොහෝ විට ඔවුන්ගේ නායකයා ආදර්ශයට ඉදිරිපත් කර ඔහු හෝ ඇය කියන පරිදි කටයුතු කළහොත් ඔබටද දියුණු විය හැකි බව පවසයි. වාණිජමය වූ කල්ලි මනස පාලනය මගින් ඔබගේ සේවය ඔවුන්ට නොමිලේම ලබා ගැනීමට සලස්වන අතර ඔබගේ දියුණුවට සරිලන සේ නිර්මාණය කරන ලද විවිධාකාරයේ අනන්තවූ පොත්පත්, උනන්දු කරවීමේ ශ්‍රාව්‍ය හා දෘෂ්‍ය තැටි, වැඩමුළු යනාදියට ඔබගේ මුදල් අසීමිතව අය කර ගනී. ඇත්තෙන්ම මේවා නිර්මාණය කර ඇත්තේ ඔබගේ මනස පාලනය කර කිසිදාකවත් ඉෂ්ඨ නොවන දියුණුවීමේ සිහිනය මත ඔබගේ විශ්වාසය රඳා පැවත්වීමටත්ය. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ මෙම උනන්දු කරවීමේ වැඩමුළු පොත්පත් යනාදිය තම කණ්ඩායමට විකිනීම බව ඔබට කිසිදිනක අඟවන්නෙ නැත. වැඩි විස්තර සඳහා පහත ඇති “බලපෑම් කර විකිනීම” චේදය බලන්න.

03. ස්‍වයං පිළිසරණ හා උපදෙස් දීම

ස්‍වයං පිළිසරණය, උපදෙස් දීම හෝ ස්‍වයං අභිවෘද්ධිය අඩිතාලම ලෙස භාවිතා කරන කල්ලි බොහෝවිට ඉලක්ක කරන්නේ සංස්ථා හෝ ව්‍යාපාරික ප්‍රජාවන්ය. ඔවුන්ගේ පාඨමාලා හා වැඩමුළු වලට සහභාගි වීමෙන් ඔබ සහ ඔබගේ සේවක මණ්ඩලය වැඩි දියුණු වන බව පවසයි. හෝටල් කාමර වලට කොටු කර ගන්නා ව්‍යාපාරිකයින් අමුතු ආකාරයයේ ක්‍රීඩාවන් කිරීමටත් කණ්ඩායම් ක්‍රියාකාරකම් කරමින් තම අභ්‍යන්තරයේ ඇති සිතුවිලි හා අදහස් කණ්ඩායම සමග හුවමාරු කරගන්නට සලස්වා ඒ අතර ඔවුන්ව අර්‍ධ ආගමික අධිශික්‍ෂණයකට භාජනය කරයි. මෙවැනි එක් පාඨමාලාවක් ඔබ සම්පූර්ණ කල පසු තවත් ඊට වඩා උසස් පාඨමාලාවක් කලයුතු බව දන්වයි. මෙම පාඨමාලාව පලමු පාඨමාලාවට වඩා මිල අධික වේ. බොහෝ විට මෙම කල්ලි ඔබට ස්වෙච්චා වෙන් ඔවුන්ට සේවය කරන ලෙස ඉල්ලා සිටින අතර ඔබගේ පවුලේ අය හෝ මිතුරන් කණ්ඩායමට බදවා ගැනීමට උදවු කරන ලෙසද ඉල්ලයි. මෙම කල්ලි ඉතා ප්‍රබල චිත්තවේගී අත්දැකීම් ඇතිකිරිමෙහිලා විශේෂඥ දැනුමක් ඇති අතර එමගින් ඔබ කල්ලිය තුල රැඳී සිටීමේ අවශ්‍යතාවය තහවුරු කරයි. ආගමික උපරිතානයන් ආගමික නොවන ආකාරයෙන් ප්‍රකාශ කරයි. සාමාන්‍යයෙන් ඔවුන්ගේ අවශ්‍යතාවයන් එලිදරව් කරන්නේ වැඩමුළුවේ අවසානය ලඟා වන විටය. මෙවැනි කල්ලි වලට බැඳීම හේතුවෙන් බොහෝ පුද්ගලයින් බංකොලොත් භාවයට පත්වී ඇත.

04. දේශපාලනික

දේශපාලන කල්පිත අඩිතාලම ලෙස භාවිතා කරන කල්ලි ඉතිහාසය පුරා ප්‍රචලිත වී ඇත. හිට්ලර් ගේ නාසි ජර්මනිය හා ස්ටාලින් ගේ කොමියුනිස්ට් රුසියාව මහා පරිමානයෙන් මනස පාලනය උපයෝගී කර ගැනීම පිළිබඳ මනා උදාහරණයන්ය. සුදු හා කලු අධිශ්‍රෙෂ්ඨත්ව වර්ගවාදීන්, ත්‍රස්තවාදීන්, කැරලි කණ්ඩායම් ආදීන් සාමාජිකයින් බඳවා ගැනීමට හා ඔවුන් අභිබවනය කිරීමටත් සුළු පරිමානයෙන් මනස පාලනය උපයෝගී කර ගනී.

මනස පාලනය

මනස පාලනය කල්ලි නායකයින් තම සාමාජිකයින් පාලනය කිරීමට භාවිත කරන මනෝමය වූ ක්‍රියාදාමයකි. “කල්ට්වොච්” වෙබ් අඩවිය මනස පාලනය පුද්ගලයින්ගේ ස්‍වයංතීරණ ගැනීමේ අයිතිය උදුරා ගත හැකි ඉන්ද්‍රජාලයක් ලෙස සලකන්නේ නැත. මනස පාලනය පුද්ගලයකු දුරස්ථ ලෙස පාලනය කල හැකි රොබෝ කෙනෙකු බවට පත් කරන්නේද නැත. මනස පාලනය කල්ලිය විසින් තම සාමාජිකයින් මත වංකවූ හා ආවෘත ලෙස කරන බලපෑමක් ලෙස දැකිය හැක. මනස පාලනය චිත්‍රපටි වල ඇති පුද්ගලයින්ගේ මනස ආක්‍රමනය කල හැකි පිට සක්වල ජීවියකු වන් නොවැලැක්විය බලවේගයකට වඩා එය තුවක්කුවක් ලෙස සැලකිය හැක. කල්ලි නායකයා මෙම තුවක්කුව තම සාමාජිකයන් වෙත එල්ල කර මෙසේ පවසයි; “ඔබ අප අතහැර ගියහොත් ඔබගේ නෑදෑයින් හා මිතුරන් ඔබ අත හැර යනු ඇත”, “ඔබ අපට අනුකූල නොවන්නේ නම් ඔබ අපායට යනු ඇත”, “ඔබ අපට මුදල් නොදෙන්නේ නම් ඔබගේ ව්‍යාපාරයන් අසාර්ථක වනු ඇත”.

කල්ලි අනුගමනය කරන මනස පාලනය අප විසින් තාක්‍ෂණිකවූ ප්‍රභේද කීපයකට වෙන් කර ඇත. මේ සියල්ල එක්ව ගත් විට මනස පාලනය ඇතිවේ.

මුලා කිරීම

සාමාජිකයින් බඳවා කල්ලිය පවත්වා ගෙන යාමට කල්ලි මුලා කිරීම භාවිතා කරන්නේ ඇයි?

කල්ලි වල නියම ප්‍රතිපත්ති මුලින්ම දැන ගතහොත් කිසිවෙකු ඔවුන්ට සම්බන්ධ වන්නේ නැති නිසාය. ඔබ කල්ලි වල න්‍යායන් පිලි ගන්නා තත්වයට පත් වන තෙක් සත්‍යය ඔබගෙන් සඟවයි. උදා:හෙවන්ස් ගේට් නමැති කල්ලියේ නායකයා සිය නව සාමාජිකයින්ට “අප වෙත එන්න, අමුතු ඇඳුම් අඳින්න, කර අඹාගන්න, ඊට පසු වස පානය කරන්න” යනුවෙන් කියා සිටියා නම් කිසිවෙක් ඔහු වෙත නොඑනු ඇත.

 

ඉඟි සටහන: කිසිම නීත්‍යානුකූල කණ්ඩායමකට ඔවුන්ගේ ඇදහිලි ක්‍රියාවන් පිළිබඳව ඔබ නොමග යැවීමට හෝ ඔබට මුසා බස් කීමට අවශ්‍ය නොවේ.

කල්ලියේ නියම ස්‍වභාවය සැඟවීම සඳහා මනා පුහුනුවක් ඇති චාටු කාර ඉදිරි පෙල පාර්ශවයක් ඇත. ඔවුන් දුප්පතුන්ට උදව් කිරීම, පර්යේෂණ සඳහා උපකාර කිරීම, සාමය හෝ පරිසරය සුරැකීම ආදිය පිළිබඳව ඔබට ඇසිය හැක. කණ්ඩායම තුල කෙතරම් ප්‍රීතියෙන් සිටිය හැකිදැයි ඔබට කියාවි. (සාමාජිකයින්ට සතුටින් සිටින බව මවා පෑමටත් එසේ නොකලහොත් හිරිහැර ඇතිවිය හැකි බවට අන කර ඇති නිසා ඔවුන් නිතරම සතුටින් හා උනන්දුවෙන් සිටින බව ඔබට පෙනේවි.) නමුත් කණ්ඩායම තුල ජීවිතයේ නියම ස්‍වභාවය හෝ ඔවුන් විශ්වාසයන් ගැන ඔබට කියන්නෙ නැත. මේවා ඔබට නිවීහැනහිල්ලේ එකින් එක අඳුන්වා දෙන අතර ඔබට නොදැනීම ඔබ ක්‍රමානුකූලව වෙනස් වී අවසානයේදී ඔබ එම ඇදහිලි හා විශ්වාසයන් ප්‍රගුණ කිරීමට පටන් ගනී. මේවා ඔබ කලින් දැනගත්තේ නම් ඔවුන් අසලකවත් නොසිට පලායනු ඇත.

 

ඒකායන භාවය

ඔබ ඔබගේ ආගම අත් නොහරින්නේ නම් සාමාන්‍ය ආගමික සංවිධානයකින් එවැනිම වෙනත් සංවිධානයකට මාරුවීමේ දී එම සංවිධානය මගින් ඔබට හිරිහැරයක් විය නොහැක. එසේ නොවන්නේ සංවිධානයට වඩා ඔබගේ ඇදහිලි සම්ප්‍රදාය වැදගත් වන නිසාය. උදාහරණයක් වශයෙන් ඔබ එක් ක්‍රිස්තියානි සභාවකින් තවත් ක්‍රිස්තියානි සභාවකට මාරු වුවද ඔබ ක්‍රිස්තු භක්තිකයකුම වන්නේය.

නමුත් කල්ලි නායකයා පවසන්නේ ඔබට ඔබගේ ලෞකික හෝ ආධ්‍යාත්මික දියුණුව කරා යාමට හැක්කේ ඔවුන්ගේ සංවිධානයෙන්ම පමණක් බවත් වෙනත් කිසිම සංවිධානයක සත්‍යය නොමැති අතර ඔවුන්ට ඉලක්කය වැරදී ඇති බවත්ය. එබැවින් ඔබගේ අනාගතය තීරණය කරනු ලබන්නේ ඔබගේ ඇදහිලි ක්‍රමය හා ඔබ සාමාජිකත්වය දරන සංවිධානය මත මිස ඔබගේ ඇදහිලි ක්‍රමය මත නොවේ.

ඉඟි සටහන: කිසියම් කණ්ඩායමක් ඔබට ගැලවීම සඳහා ඔවුන්ගේ සංවිධානයටම බැඳිය යුතු යැයි පවසන්නේ නම් ඒකාන්තයෙන්ම එය කල්ලියකි.

 

 

ඔබට ගැලවීම සදහා මෙයින් තොර වෙනත් කිසිම ස්ථානයක් නොමැති බවත් මෙම සංවිධානය හැර ගියහොත් ඔබ අපා ගත වන බවත් කල්ලි නායකයින්ට ඔබට ඒත්තු ගැන්වීමට අවශ්‍ය වේ. මෙය ඔබව සංවිධානය තුල රඳවා ගැනීමට භාවිතා කරන බිය පදනම් කර ගත් පාලනය කිරීමේ උපක්‍රමයකි. මෙමගින් ඔබව පාලනය කිරීමට නායකයින්ට අති විශාල බලයක් ලැබේ. සංවිධානය හැරයාම දෙවියන් වහන්සේ හැරයාමක් ලෙස හෝ ඔබගේ දියුණුවීමේ මාර්‍ගය අත හැරීමක් ලෙස ඇත්තෙන්ම ඔබ විශ්වාස කරන්නේ නම් ඔවුන්ගේ ක්‍රියාකාර කම් වලට ඔබට එකඟ විය නොහැකි වුවත් සංවිධානයෙන් ඔබව පන්නා දැමීමේ අවදානමට මුහුන පානවා වෙනුවට ඔබ ඔවුන්ට කීකරු වීමට පෙළඹේ. ඔවුන්ගේ ගැලවීමේ ඒකායන මාර්‍ගය ඔබට තර්ජනයක් සේ භාවිතා කරයි. එමගින් හා බිය ගැන්වීම මගින් ඔබගේ ඇදහිලි හා විශ්වාසයන් පාලනය කල හැකිවේ.

සටහන:

අනෙකුත් ඒවාට වඩා හොඳයැයි පවසන සංවිධානයන් සම්පූර්ණයෙන්ම අවිශ්වාස කල යුතුවේ. එකම ආගම අදහන අනෙකුත් ආගමික සංවිධානයන් අනුමත කරන නමුත් තම සංවිධානය වඩා හොඳින් සත්‍යය අවබෝධකර ඇති බවත් අනෙක් සංවිධාන වලට වඩා උත්තරීතර බවත් පවසන්නේ නම් එයද තම සංවිධානයේ බයිෂ්කාර භාවය කූඨ ලෙස හුවාදැක්වීමකි.

සටහන:

කල්ලි විසින් ක්‍රියාත්මක කරන එක් මායාකාරී ක්‍රියාවකට උදාහරනයක් නම්, පළමුවෙන් ඔබ නිර්ව්‍යාජ ක්‍රිස්තු ලබ්ධිකයකු හෝ බෞද්ධයකු හෝ මුසල්මානුවකු ලෙස ඔවුන් සලකන බව ඔබට ඒත්තු ගන්වන අතර පසුව ඔවුන්ගේ නියම ස්‍වභාවය එලිදරව් කරනු ඇත.

බිය හා බිය ගැන්වීම

කල්ලි නායකත්වය මහත් සේ ගෞරව දැක්විය යුත්තකි. එය අවඥාවට ලක් කිරීම දෙවියන්වහන්සේට විරුද්ධ වීම හා සමානය. ඔබගේ ජීවිතයේ සියළු දේ පාලනය කිරීමට දෙවියන්වහන්සේ විසින් කල්ලි නායකයින්ට සෘජු ලෙස බලතල දී ඇති බව පවසයි. කල්ලිය ආගමික නොවූවත් නායකයා ප්‍රශ්ණ කිරීම කැරලි ගැසීමක් හෝ මන්ද බුද්ධිකය ක්‍රියාවක් ලෙස සලකයි.

වරදකාරිත්වය, චරිත ඝාතනය හා හීලෑකර ගැනීමේ සැසි

01. වරදකාරිත්වය ඔබ පාලනය කර ගැනීමට උපයෝගී කර ගනී. ඔබ මුදල් උපයා නොදීම ඔබ කල්ලියේ වැඩ සටහනට අනුකූල නොවීම සේ සලකයි. ඔබට අලුත් සාමාජිකයන් බඳවා ගැනීමට නොහැකිවීම ඔබගේ හදවතේ ඇති මාන්නක්කාරී හෝ පව්කාරී ස්‍වභාවය සේ සලකයි. මේවා ඔවුන්ගේ වැඩසටහන් වල ඇති අක්‍රියකාරී ස්‍වභාවය හෝ නවකයින්ට කල්ලියට නොඹැඳීමට වලංගු වූ හේතුවක් ඇති නිසා බව හෝ කිසිදා නොපවසයි. සෑම විටම එය ඔබගේ වැරැද්දක් නිසාය, ඔබ නිතරම වැරදි සහිතවන බැවින් ඔබ ඉතා උනන්දු විය යුතුවේ. කල්ලියේ ලිඛිත හෝ නොලියවුනු නීති වලට කීකරු නොවීම නිසා ඔබ වැරදිකරුවකු වී ඇතැයි දැනීමට සලස්වයි.

වරදකාරී හැඟීම ඔබ තුල ඇති කිරීමට චරිත ඝාතනය උපයෝගී කර ගනී.

02. චරිත ඝාතනය අව්‍යාජවූ විතර්කයක් නැති කල්ලි හෝ පුද්ගලයින් විසින් භාවිතා කරන ව්‍යාජවූ තර්කනයකි. “ඇඩ් හෝමිනම් ෆැලසි (The Ad Hominem Fallacy) ” යනු චරිත ඝාතනයට භාවිතා කරන තාක්‍ෂණික නාමයයි. ෆෝඩ් හා ආතර් යන දෙදෙනා අතර ඇතිවන පහතදක්වා ඇති සංවාදය මගින් මෙය ක්‍රියාකාරන අන්දම වටහා ගත හැක.

ෆෝඩ්: එක එකට එකතු කල විට තුනට සමාන වේ.

ආතර්: නැහැ.. මා අත ඇති යම් දෙයකට තවෙකක් එකතු කල විට මා අත ඇත්තේ දෙකක් මිස තුනක් නොවේ.

ෆෝඩ්: ඔබේ අදහස මට වැටහෙනවා.. නමුත් මම මෑතකදී සොයා ගත් සංකීර්ණ සංඛ්‍යා විෂය පථය තුල ෆයිබොනාසි ශ්‍රේණියේ නව වන ටැන්ජනයේ ඵෛක්‍යය වර්ග කර ගනණය කල විට ලැබෙන පිලිතුර 3 වේ.

ඇත්තටම ෆෝඩ් වැරදි නමුත් මෙහි ඇති වැදගත් දෙය එය නොවේ. ෆෝඩ්, ආතර් ගේ තර්කණයට ඊට වඩා ඔහුටම ආවේනික වූ තර්කණයක් මගින් පිලිතුරු දී ඇත. මෙය පුද්ගලයකු හෝ කණ්ඩායමක් යම් විෂයක් පිළිබඳව විවාද කරන හිතකර ආකාරයයි. දැන් ෆෝඩ් විසින් චරිත ඝාතනය භාවිතා කල විට සිදුවන්නේ කුමක්දැයි බලමු.

ෆෝඩ්: ආතර්! මම ඔබට වඩා වැඩි කාලයක සිටම ගණිතඥයෙක් බව නොදන්නවාද?. කෙසේද ඔබ මට අභියෝග කරන්නේ? නිසැකවම ඔබ උදාසීන ආඩම්බර කාරයෙක්. මම හිතන්නෙ ඔබ මා සමග එකඟ නොවන්නේ ඔබේ ඇති ඊර්ෂ්‍යාව නිසයි. ඇත්තටම ආතර්, ඔබේ ඔය බලවත් විරෝධය නිසා මමත් අනෙක් අයත් ඉමහත් කනස්සල්ලට පත් උනා.

මෙසේ බිය ගන්වන ලෙසින් මුහුනට මුහුන ලංකරගෙන ෆෝඩ්ගේ පිලිතුරු දීම මගින් කරන ලද්දේ ආතර්ගේ තර්කයට පිලිතුරු දීම නොව ඔහුගේ චරිතයට නිග්‍රහ නිරීමයි. ඔබ චරිත ඝාතනය ගැන දැනුවත්ව නොසිටියේ නම් එය ඔබව පාලනය කිරීමට යොදාගත හැකි ප්‍රබල ක්‍රමයකි.

ඉඟි සටහන: චරිත ඝාතනය නිසැකවම කල්ලියක ඇති ලක්‍ෂණයකි..

 

03. හීලෑකර ගැනීමේ සැසියක් යනු එක් අයකු, දෙදෙනෙකු හෝ කල්ලි සාමාජිකයන් කිහිප දෙනෙකු නායකයා හා එක්ව සමහරවිට පැය ගනනක් තිස්සේ තවෙකෙකුගේ චරිතයට පහර දීමයි. සමහර කල්ලි මෙසේ ගොදුරුවූ තැනැත්තා තමන්ව පාලනය කල නොහැකි ලෙස හඩා වැටෙන තුරුම මෙම හීලෑකර ගැනීමේ සැසිය නවත්වන්නේ නැත.

ඉඟි සටහන: සාමාන්‍යයෙන් කල්ලි සාමාජිකයින් ඔවුන්ගේ නායකත්වයට අවනත නොවීමට හෝ අකීකරු වීමට ඉතා බිය වේ. යහපත් සංවිධානයන් තුල කිසියම් විෂයක් විවෘතව විවාද කිරීම තර්ජනයකට ලක් වන්නේ නැත.

 

ආදර බෝම්බ සහ සබැඳියාවන් පාලනය කිරීම

ඔබගේ සබැඳියාවන් පාලනය කල හැකි නම් ඔබද පාලනය කල හැකි බව කල්ලි දැන සිටී. අප කැමති හෝ අකමැති වුවත් අප අවට සිටින අය අපට හෘදයාංගම ලෙස ආදරය දක්වයි. ඔබ පලමු වරට කල්ලියක් වෙත ගිය විට ඔබව ආදර බෝම්බ වලට පාත්‍ර වේ. එනම් කල්ලිය විසින් ඔබට ක්‍ෂණික මිතුරන් ඇති කරනු ලැබේ. මෙය ඉතා ආශ්චර්යජනක වන අතර මෙවැනි දයාබර කණ්ඩායමක් දුෂ්ට විය හැක්කේ කෙසේදැයි ඔබට සිතේ. නමුත් ඔබ ඔවුන් සමග විරුද්ධ වුවහොත් හෝ කල්ලිය හැර ගිය හොත් මෙම අලුත් මිතුරන් සියළු දෙනාම ඔබට නැති වන බව ඉතා ඉක්මනින් ඔබට අවබෝධ වන්නේය. මෙම නොකියන ලද තර්ජනය කල්ලිය තුල ඔබගේ ක්‍රියාකාරකමි පාලනය කරයි. ඔබ කල්ලියෙන් නෙරපනවාට ඇති අකමැත්ත නිසා සාමාන්‍යයෙන් ඔබ අනුමත නොකරන දේවල් ද නිශ්ශබ්දව මග හරිනු ඇත. අහිතකර වූ සම්බන්ධයක මෙන් ඔබ වෙත ඇති ආදරය නිතර ඇති නැති කරමින් ඔබ පාලනය කරයි.

ඔබගේ ඥාතීන් සහ මිතුරන් විසින් ඔබට බලපෑම් කිරීම කල්ලි පිලිකුල් කරන බැවින් එවැනි සියළු සම්බන්ධකම් නැති කරයි. මනස පාලන කල්ලි කල්ලිය සමග ඔබගේ සම්බන්ධතාවයන් උපරිම කිරීමටත් පිටස්තර පුද්ගලයන්, විශේෂයෙන් ඔබ කල්ලියට අසුවීම ගැන විරුද්ධවාදීන්, සමග ඇති සමග ඇති සම්බන්ධතාවයන් අවම කිරීමටත් උපක්‍රමශීලීව ඔබගේ ජීවිතය හසුරුවයි.

ඉඟි සටහන: ක්‍ෂණික මිතුරන් ගෙන් පරෙස්සම් වන්න. සැබෑ මිතුදමක් ගොඩනැගෙන්නේ කාලයත් සමග බව සිහි තබා ගන්න.

ඉඟි සටහන: ඔබට හමුවිය හැකි හා හමුවිය නොහැකි අය පිළිබඳ පවසන සංවිධාන වලින් පරෙස්සම් වන්න.

ක්‍ෂණික මිතුරන් පිළිබඳව අවධානයෙන් සිටින්න. සැබෑ මිතුදමක් ගොඩනැගෙන්නේ කාලයත් සමග බව සිහි තබා ගන්න.

තොරතුරු පාලනය කිරීම

තොරතුරු පාලනය කිරීමෙන් පුද්ගලයකු පාලනය කල හැක. මනස පාලන කල්ලියක් සියළු පිටස්තර තොරතුරු, වි‍ශේෂයෙන් ඔවුන්ට එදිරිවාදී නම් අශුභ ලෙස සලකනු ලැබේ. එවැනි තොරතුරු කියවීමට හෝ විශ්වාස නොකිරීමට සාමාජිකයින්ට දන්වා ඇත. කල්ලිය තුලින් සපයන තොරතුරු පමණක් සත්‍යවේ. එක්තරා කල්ලියක් ඔවුන්ට විරුද්ධ තොරතුරු හිංසාකාරී හෝ නැතහොත් ආධ්‍යාත්මික අසභ්‍ය ඒවා ලෙසත් තවත් කල්ලියක් ඔවුන් හැරගිය අය විසින් රචිත දේවල් ලෙසත් හඳුන්වා ඇත. ඔබ මේවා කියවා අසුවුවහොත් කල්ලියෙන් නෙරපනු ලැබේ. මෙවැනි අර්බුදකාරී තොරතුරු ලදහොත් ඒවා ඒ මොහෙතේම විනාශ කිරීමටත් එම තොරතුරු වල යම් සත්‍යතාවයක් ඇතැයි යන සිතිවිල්ලක් හෝ ඇතිකර නොගැනීමටත් තම සාමාජිකයන් පුහුනු කර ඇත.

ඉඟි සටහන: කණ්ඩායම පිළිබඳ විවේචනයන් ඇති තොරතුරු නොකියවීමට ඔබට අන කරන්නේ නම් එය කල්ලියක ඇති ලක්‍ෂණයකි.

ක්‍ෂණික මිතුරන් පිළිබඳව අවධානයෙන් සිටින්න. සැබෑ මිතුදමක් ගොඩනැගෙන්නේ කාලයත් සමග බව සිහි තබා ගන්න

 

සාමන්‍ය දැනීමට අනුවද සියළු තොරතුරු සලකන්නේ නැති නම් සංතුලිත වූ තීරණයක් ගැනීමට නොහැක. තොරතුරු බේරා සීමා කිරීම, ඒවායේ ඇති සත්‍ය අසත්‍යතාවය මත නොව තම පක්‍ෂයට අනුකූල වීම මත තොරතුරු හෙලාදැකීම ඉතිහාසය පුරාම දැකිය හැකි නිතර සිදුවන පාලන ක්‍රමයකි.

ඉඟි සටහන: නීත්‍යානුකූල වූ කණ්ඩායම් වලට තම සාමාජිකයන් කණ්ඩායම පිළිබඳ විවේචනයන් ඇති තොරතුරු කියවීමට ඔබට අන කරන්නේ නම් එය කල්ලියක ඇති ලක්‍ෂණයකි.

ක්‍ෂණික මිතුරන් පිළිබඳව අවධානයෙන් සිටින්න. සැබෑ මිතුදමක් ගොඩනැගෙන්නේ කාලයත් සමග බව සිහි තබා ගන්න.

 

 

වාර්තා කිරීමේ සැලැස්ම

නාසි ජරිමනිය හෝ කොමියුනිස්ට් රුසියාව වැනි මනස පාලන කල්ලි තුල ඔබ කියන හා කරන දේවල් සම්බන්ධයෙන් ඉතා සුපරික්‍ෂාකාරී විය යුතුවේ; බිත්ති වලටද ශ්‍රවනය කල හැක. සියල්ලෝම පෙරලි කාර සහෝදර සහෝදරියන් පිළිබඳව විමසිලිලෙන් සිටිය යුතු අතර ඔවුන් දකින සියළු දේ නායකත්වයට දැන්විය යුතුවේ. බොහෝ විට ඉතා විශ්වාසී ලෙස දුන් තොරතුරක් යන්ත්‍ර බලයෙන් මෙන් නායකයාට වාර්තා වේ. කල්ලි නායකයින් මෙම තොරතුර තමන්ට සෘද්ධිමය බලයක් ඇති බව සාමාජිකයින්ට ඒත්තු ගැන්වීමට උපයෝගී කර ගනී. දැඩි විශ්වාසයකින් යුත් සාමජිකයින් මෙම ආශ්චර්‍ය්‍යය කිසි ලෙසකින්වත් අවිශ්වාස නොකරන අතර ඔවුන්ට මෙය පිටුපස ඇති ස්‍වාභාවික යාන්ත්‍රනය අවබෝධ කර ගත නොහැක.

මනස පාලන කල්ලි තුල සිටින පුද්ගලයින් තමන්ගේ සැබෑ සිතුවිලි හා හැඟීම් සැම විටම සඟවා ගෙන තමන් නිර්දෝශී සාමාජිකයකු බව ඇඟවීමට ව්‍යාජ මුහුණුවරක් පැලඳ සිටී. මෙසේ ව්‍යාජ මුහුණුවරකින් සිටින්නේ නායකයාට තමන් ගැන වැරදි වාර්තා වී හෝ තමන් කල්ලියට සරිලන සේ නොසිටින නිසා හෝ දඩුවම් වලට ලක් වේ යැයි ඇති බියෙන් ආරක්‍ෂාවීමටය. (කල්ලි සාමාජිකයින්ට සැම විටම තමන් කල්ලියේ කල්පිතයන්ට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් ලෙස හැඩ ගැසී නැති බව හැ‍‍‍‍ඟෙන නමුත් අනෙක් සාමාජිකයින් තමන්ට වඩා සුදුසු යැයි හැඟේ. යථාර්‍ථය නම් සියල්ලෝම සිතන්නේ එකාකාරයෙන්මය). කල්ලි සාමාජිකයින් පුරුදු පුහුණු කරන්නේ භාහිර පුද්ගලයින් පමණක් නොව තම මිතුරු සාමාජිකයන්ද රැවටීමටය. කලාතුරකින් සමීපතම මිතුදමක් කල්ලිය තුල ඇතිවිය හැකි නමුත් නායකයා මෙය කල්ලියට තර්ජනයක් සේ සලකා ඔවුන් එකිනෙකාගෙන් වෙන් කර තබනු ලැබේ. කල්ලියට හා කල්ලි නායකයාට සාමාජිකයින්ගේ ඇති පක්‍ෂපාතිත්වයට වඩා බලගතු වූ කිසිවක් කල්ලිය තුල ඇතිවීමට ඉඩ දෙනු නොලැබේ.

ඉඟි සටහන: ඔබගේ රහසිගතවූ තොරතුරක් කල්ලි නායකයාට දැන්වීමට සිදුවූවා නම් එය කල්ලියකි.

 

කාල පාලනය

මනස පාලන කල්ලි තම සාමාජිකයින් නිතරම ක්‍රියාකාරකම් වල යෙදවීමෙන් හෝ රැස්වීම් වලට සහභාගි කරවීමෙන් ඔවුන් බොහෝ අව්වේකී බවට පත් කරන බැවින් ඔවුන්ට සිදුවී ඇති දේ ගැන සිතීමට වත් නොහැක. කාලය පාලනය කිරීමෙන්ද සාමාජිකයින් කල්ලිය විසින් නිර්මාණය කරන ලද වාතාවරණය තුල කොටු කර තැබීමට හැකිය. තවද, කාල පාලනය මගින් සාමාජිකයින් ඔවුන්ගේ ඥාතීන්ගෙන් හා මිතුරන්ගෙන් වෙන් කර තැබිය හැක.

ඉඟි සටහන: නිමක් නැති අනිවාර්ය වූ රැස්වීම් සහ ක්‍රියාකාරකම් ඇති බව කල්ලි ලක්‍ෂණයකි.

 

මනස පාලනය කිරීමේ තාක්‍ෂණ

ඔවුන් එක්ව මනස පාලනය කරයි. කිසිම පුද්ගලයෙක් පරිපූර්ණ නොවන බව සිහි තබා ගන්න. ඔබව නිරන්තරයෙන් කිසියම් සේවයක යොදවන්නේ නම් බොහෝවිට ඔබ කල්ලියක් සමග ගනුදෙනු කරනු ඇත.

 

බලපෑම් කර වෙළඳාම් කිරීම

ව්‍යාපාරික කල්ලිවල ඇති එක් සුලභ වූ ක්‍රමවේදයක් වන්නේ බලපෑම් කර වෙළඳාම් කරන සංවිධානයන්ය. මෙම කණාඩායම් ඔවුන්ගේ භාන්ඩ තම සංවිධානයන්ය හරහා වෙළඳාම් කරන බව පෙනෙන්නට ඇති නමුත් ඇත්තෙන්ම ඔවුන් තම භාන්ඩ සමග පෙළඹවීමේ ද්‍රව්‍යයන්ද විකුනා මුදල් උපදවයි. මනස පාලනය මගින් ඔවුන්ගේ විකිණීමේ බලකාය විශාල කර එමගින් ලාභ ඉපදවීම කරණු ලැබේ. මෙවැනි සමහර කණ්ඩායම් නම් වශයෙන් මහජනතාව දැනුවත් වී ඇති බැවින් ඔවුන්ගේ බඳවා ගැනීමේ නිලධාරීන් ඉතා ප්‍රයෝගකාරී විය යුතුවේ. ව්‍යාපාරික කටයුත්තක් හෝ අලුත් ඉලෙක්ට්‍රොණික වාණිජ කටයුත්තක් පිළිබඳව හමුවී සාකච්චා කිරීමට ඔබට ආරාධනා කරන නමුත් ඒ පිටුපස ඇති සංවිධානය පිළිබඳ කිසිවක් නොපවසයි. ඒ පිළිබඳව ඔබ විමසුවහොත් ඔවුන් පවසන්නේ සම්පූර්නයෙන්ම වෙනස් නමකි. මෙවැනි සාකච්චාවන් සඳහා බොහෝ වේලාවක් ගත කරන අතර ඔවුන්ගේ සැලැස්ම අනුගමනය කලහොත් ඔබට බොහෝ මුදල් ඉපදිය හැකි බව ඒත්තු ගැන්වීමට ඉකා තීව්‍ර වූ ඉදිරිපත් කිරීම් වලින් සමන්විතවේ. නියම සංවිධානය පිළිබඳ ඔබට දන්වන්නේ සැසිය අවසානයේදීය.

අනතුරු ඇඟවීමේ ඉඟියන් කිහිපයක් සහත දැක්වේ;

රැවටිලිකාරී බව : කිසිම වලංගු ව්‍යාපාරයකට රැවටීය අවශ්‍ය නැත.

අතිශය රැවටිලිකාරී මුනගැසීම් : පොත් පත්, පටි හා දෘශ්‍ය තැටි ගත කිරීම්, පත්‍රිකා යනාදිය.

මනස පාලනය භාවිතය : ඉහත මනස පාලනය යටතේ ඇති චේදය බලන්න.

බඳවා ගන්නාගෙන් ඔබ ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් පහත දැක්වේ;

එය XYZ නම් කණ්ඩායමද? මෙම කණ්ඩායම ප්‍රසිද්ධ වාණිජ කල්ලි සමග සම්බන්ධ කම් තිබේදැයි අසන්න. ‍බොහෝවිට යම් සම්බන්ධතාවයක් ඇති බව ඔවුන් පිලි ගනීවි. නමුත් දක්‍ෂ බඳවා ගන්නෙක් ඔවුන්ගේ ප්‍රයෝගකාරී බව අනාවරනය කරගන්නවාට වෙනුවට සම්බන්ධ කම් පිළිබඳ සරල විස්තරයක් ඉදිරිපත් කරාවි.

මෙම ව්‍යාපාරය සාර්ථක වන බව ඔප්පු කිරීමට ඔබ සංවිධානයේ සහතික කරන ලද විගණන වාර්තා බැලිය හැකිද? මිනිසුන් බොහෝ මුදල් උපයන බව, විශාල ආදායමක් ලැබීම, මහන්සි වුව හොත් සාර්ථක විය හැක යන දෙ පිළිබඳ කතන්දර කියනවා වෙනුවට වෙනත් ව්‍යාපාරයක මෙන් මොවුන්ටද ඉලක්කම් සහිත වාර්තා ඉදිරිපත් කල හැකිවිය යූතුවේ. මෙය අලුත් ව්‍යාපාරයක් නම් ව්‍යාපාර සැලැස්ම, ඉදිරි වර්‍ෂ 2, 3 සඳහා ලාභ පාඩු ගිනුම් වාර්තා ඉල්ලා සිටින්න. මෙය සාර්ථක වූ ව්‍යාපාරයක් නම් ගිනුම් විස්තර ඉල්ලා සිටින්න. මේවා අසාධාරන ඉල්ලීම් නොවේ. කිසිම දියුණූ වූ ව්‍යාපාරිකයකු මූලික කරුණු දැන නොගෙන ව්‍යාපාරික කටයුත්තකට අත ගසන්නේ නැත. මෙම විස්තර ඔබගේ නීතිඥයාට හා ගණකාධිකාරීවරයාට අවශ්‍ය බව පවසන්න. මෙය අව්‍යාජ කටයුත්තක් නම ඔවුන් මේවා ස්‍වකැමැත්තෙන්ම දෙනවා ඇත. නැතිනම් ඔවුන් පුහුණු වී ඇති ක්‍රම මගින් ඔබව මගයරිනවා ඇත. මෙම විස්තර ඔබට දුනහොත් ඒවා ඔබගේ ගණකාධිකාරීවරයා ලවා පරීක්‍ෂාකර නොගැනීමට කරම් ඔබ අඥානයකු නොවෙනු ඇත.

කල්ලි වලට බඳවා ගැනීමේ තාක්‍ෂණ වේදයන්:-

ඔබව කල්ලියකට බඳවා ගැණීමට උත්සාහ කරන බවට අනතුරු ඇඟවීමේ ඉඟියන් කිහිපයක් සහත දැක්වේ;

රැවටිලිකාරී රැස්වීම්

කණ්ඩායමේ ඇදහිලි හා වැඩසටහන් පිළිබඳ කිසිවක් නොපවසන ඔවුන් ඒවා ඔබට වටහාගත හැක්කේ කණ්ඩායම් රැස්වීම් වලට සහභාගි වුවහොත් පමනක් බව පවසයි. මෙම රැස්වීම් වලට සහභාගි වන්නන් ඉතා උද්‍යෝගවත් බව දැකීමෙන් ඔබට ඔබගේ කිසියම් වරදක් ඇති දෝ යන හැඟීමක් ඇතිවේ. ඔවුන් මෙවැනි වාතාවරනයක් ඇති කර ඔබව අසහනයට පත් කර සහනයක් ලැබීමේ එකම මාර්‍ගය කණ්ඩායමට බැඳීම බව ඔබට සිතීමට සලස්වයි. මෙය තම සගයන් මගින් පීඩනයට පත් කර පාලනය කිරීමේ ක්‍රමයයි.

තීව්‍ර වූ අනුකම්පා රහිත පීඩනය   

ඔවුන් නොනවත්වාම ඔබට කතා කරයි. ඔබව විශ්ව විද්‍යාලය තුලදී හෝ ඔබගේ සේවා ස්ථානය අසලදී මුන ගැසේ. පැයක කාලයකට පමනක් යැයි කියමින් ඔබව මුලා කර කැඳවා ගෙන ඊට වඩා දිගු කාලයක් රැස්වීම් හෝ අධ්‍යයනයන් ගැන කතා කරයි. ඔබව භාජනය කර ඇති මනස පාලන ක්‍රියාවලියෙන් ඔබ පලා යයි සිතා නිරන්තරයෙන් ඔබව පීඩනයට පත් කරයි.

ඔවුන් කල්ලියක් නොවන බව පවසයි

ඔබගේ මිතුරන් හෝ පවුලේ සාමජිකයින්ගෙන් අනතුරු ඇඟවීම් කෙරෙන බව දන්නා ඔවුන් ඒවා වලක්වා ගැනීමට කල්තියාම ඔවුන් කල්ලියක් නොවන බව පවසයි. සාතන්(යක්‍ෂයා) ඔබගේ පවුලේ අය හා මිතුරන් එවා මෙය කල්ලියක් බව පවසා ඔබව වැලැක්වීමට උත්සාහ දරන බව පැවසීමට පවා සමහර කල්ලි පසුබට නොවේ. මෙම උපක්‍රමය යෙදූ විට බඳවා ගැනීමට පාත්‍රවූ තැනැත්තාගේ මනස විකෘති භාවයට පත්වී සාතන් ගේ නියෝජිතයින් පැමින මෙය කල්ලියක් බව පවසනු ඇතැයි සිතේ. කල්ලියේ අය දිවැසින් මෙන් මෙසේ පැවසූ විට එය අව්‍යාජ කණ්ඩායමක් යැයි හැ‍‍‍ඟෙනු ඇත. යම් කණ්ඩායමක් තමන් කල්ලියක් නොවන බව පවසයි නම් හෝ යම් කෙනෙක් ඔවුන් කල්ලියක් බව පවසයි නම් වහාම ඒ පිළිබඳව සොයා බලන්න.

ඉඟි සටහන: කණ්ඩායමට නොදැනෙන සේ ඒ පිළිබඳ පරීක්‍ෂා කරන්න.

 

ඔබ අනතුරට භාජනය විය හැකි වේලාවන්

  • තර්කානුකූල වීමට වඩා ප්‍රායෝගික වීම
  • ව්‍යාජ මිතුදම්
  • ලෝක විනාශය පිළිබඳ බිය ගැන්වීම්
  • රහස්‍ය වූ අවබෝධය

අනතුරු ඇඟවීමයි

  • එක් අශ්චර්‍ය්‍යමත් නායකයෙක් පමනක් සිටීම
  • සියල්ලෝම නිතරම සතුටින් හා උද්‍යෝගිමත්ව සිටීම. විශේෂයෙන් නවක‍යින් රැවටීමට මෙසේ රඟපෑමට ඔවුන්ට උපදෙස් දී ඇති බව ඔබ දැන ගතහොත්ග
  • ක්‍ෂණික මිතුරන්
  • ඔබ ආශ්‍රය හෝ කතාබහ කලයුතු හා නොකල යුතු අය ගැන දන්වා සිටී නම්
  • ඔවුන් උගන්වන දේ සඟවන්නේ නම්
  • ඔවුන් එකම සත්‍යවාදී හෝ උතුම් ම වූ අය බැවින් වෙනතක යන්නේ ඇයි දැයි අසන්නේ නම්
  • රැවටිලි කාරී රැස්වීම්. බෙදා හදා නොගෙන ඔබව රැස්වීම් වලටම කැඳවන්නේ නම්
  • තර්කානුකූල වීමට වඩා ප්‍රායෝගික වීම
  • ඊලඟ පාඩම් මාලාවට කියා මුදල් ඉල්ලීම
  • ස්ත්‍රීන් තනිව නිවෙස් වල සිටින අවස්ථාවල සමහර කල්ලි ගෙයින් ගෙට යයි. ස්ත්‍රීන් බඳවා ගැනීමට පහසු යැයි සිතන බැවින් (බොහෝ විට මෙය කාමුක අදහසකින්ය) බිරිඳ බඳවා ගත් පසු ස්‍වාමියා හෝ සහකරුවාද උගුලට අසු කර ගත හැක.
  • මිනිසුන් ගෙවීමක් නොකළහොත් අගය නොකරන බැවින් ඔවුන් මුදල් ගෙවීමට පෙළඹවිය යුතු බව පවසයි. ඇත්තෙන්ම මෙය අඥාන වු තර්කයකි. මුදල් නොගෙවා අගය කිරීමට හැකි මිනිසුන් ඕනෑ තරම් ඇත.

 

 

බොහෝ දේ සොයා බලන්න

කණ්ඩායමේ විෂය පථය අන්තර්ජාතික වශයෙන්ද බලපවත්වන්නේ නම් ඔබ පලමුවෙන්ම කල යුත්තේ අන්තර්ජාලය පරිහරණය කිරීමයි. කල්ට් වොච් (Cultwatch) වැනි කල්ලි වලට එදිරිවාදී වෙබ් අඩවි බොහෝ විශාල කල්ලි පිළිබඳව දැනුවත් කර ඇති අතර කල්ලිය හැර ගිය සාමාජික‍යින්ගේ අත්දැකීම් පිළිබඳ විස්තර අන්තර්ජාලයේ ඇත.

ඉඟි සටහන: නායකයා අන්තර්ජාලය පරිහරනය නොකල යුතු යැයි පවසා ඇති නම් විශේෂයෙන්ම අන්තර්ජාලය පරිහරනය කිරීම කලයුතු වේ. .

 

කල්ලි විසින් විනාශකාරී හෝ පාපී යැයි සලකන තොරතුරු වලට තම සාමාජිකයින්ට ප්‍රවේශ විය හැකි නිසා විශාල කල්ලි අන්තර්ජාලය පිලිකුල් කරයි. CULTWATCH.COM තොරතුරු සෙවීම ආරම්භ කිරීමට සුදුසු වෙබ් අඩවියකි. එහි කල්ලි පිළිබඳ තොරතුරුද අනෙකුත් කල්ලි වලට එදිරිව ක්‍රියා කරන වෙබ් අඩවි වලට සම්බන්ධ විය හැකි මාර්‍ගයද දක්වා ඇත. අන්තර්ජාලය සෝදිසි කිරීමේ යන්ත්‍ර වලට කණ්ඩායමේ නම, නායකයාගේ නම, පොත් වල නම් වැනි ඔවුන්ගේ මූලික පද හෝ ඔවුන් නිතර භාවිතා කරන විශේෂ වූ පද ඇතුලත් කිරීමෙන් කල්ලිය ගැන සොයා බලන්න. කණ්ඩායම අන්තර්ජාලයේ අනාවරනය වීමට තරම් විශාල නොවූ හෝ අලුත් කණ්ඩායමක් නම් මනස පාලන තල්ලි වලට අසුවි සිටි වෙනත් පුද්ගලයින් විසින් පල කර ඇති පුවත් කියවා බලන්න. ඔවුන්ගේ හැසිරීමේ රටාවන් ඔබට හුරුපුරුදු ඒවා විය හැක. ඔබට තවමත් සැක සහිත නම් ඔබගේ විස්තර [email protected] යන ලිපිනයට ඊමේල් කරන්න. අප දන්නා දේ ඔබට දැනුම් දිය හැක.

 

වෙනත් ක්‍රමවේදයන්

කණ්ඩායමේ පැරණි ප්‍රකාශන. බොහෝ විට පැරණි කල්ලි ලෝක විනාශය පිළිබඳ අනාවැකි පැවසීම හෝ ඔවුන්ගේ ඇදහිලි විශ්වාසයන් සැලකියයුතු ලෙස වෙනස් කිරීම් වලට භාජනය කර ඇති බැවින් එම තොරතුරු ඔවුන්ට අන්තරායකාරී විය හැක. සමහර පැරනි කල්ලි වල සිදුවී ඇති වෙනස් කම් සම්බන්ධයෙන් පලකර තිබූ පොත් වල චායා පිටපත් නොයෙක් පුද්ගලයින් විසින් ඉදිරිපත් කර ඇත.

 

 

උපුටා ගෙන පරිවර්තනය කරන ලද ලිපිය  //www.cultwatch.com/howcultswork.html