
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥාප්තියට අනුව සලකා බලා භිකෂුන් වහන්සේලාට සංගීත අධ්‍යකෂණය අකැපැයි
බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥාප්තියට අනුව සලකා බලා භිකෂුන් වහන්සේලාට සංගීත අධ්‍යකෂණය අකැපැයි 2009 අගෝස්තු 23 ඉරිදා ලක්බිම සමඟ පැවැති සාකච්ඡාවක දී අප විසින් ප්‍රකාශිතයි. එකී ධර්ම විනයානුකූල විවරණය සමාජ දෘෂ්ටිය අනුව දෝෂ දර්ශනයට ලක් කරමින් ““භිකෂූන් වහන්සේට සංගීතය පමණක් අකැප ඇයි?““ සිරස්තලය යටතේ 2009 සැප්තැම්බර් 04 දින පසළෙ කරන ලදි. විශේෂයෙන් ලක්බිම පත්‍රයේ පළ වූ පුවතට බුදුසරණ පත්‍රේ ද පිළ කිරීමට කාරුණික වීම පිළ වූ අනුරාධපුර භිකෂු විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියන්ගේ ලිපිය මේ ප්‍රස්තූතයෙහිලා අගනා කරුණු රැසක් අන්තර්ගත විය.
දුර්වලයා නොව දුර්වලතාව දුටුවිට ඒවා අවස්ථාවෝචිත ලෙස ධර්ම විනයානුකූලව පෙන්වා දෙන්නේ “වනං ඡිනදථ මා රුකඛං” යන සම්බුදු න්‍යාය අනුවයි. තවද පුද්ගල තරාතිරම් මත පිහිටා යම් යම් කරුණු සාධනීය කරන්නේ යැයි මොහු අප වෙත නඟන චෝදනා අරුත්සුන් වදන් වශයෙන් ප්‍රතිෙකෂ්ප කරමි. මක්නිසා ද යත් දුර්වලතා දුටුවිට නොබියව අගතියෙන් තොරව පෙන්වා දෙන බැවිනි. ඊට නිදසුන් කිහිපයක් පාඨකයාගේ දැනුම සඳහා ඉදිරිපත් කරමි. එනම් ධර්ම රාජ්‍යයක් ගොඩනැගීමට යැයි කියමින් එක්තරා භිකෂූ කණ්ඩායමක් පාර්ලිමේන්තු ඡන්දයට ඉදිරිපත් වූ විට භිකෂු උරුමය රජවීම නොව රජුන් තැනීමයි. සකාරණව පෙන්වා දීම, භිකෂුවක් රියදුරු බලපත්‍ර ගැණීම සඳහා ඉදිරිපත් වූ විට ධර්ම විනයානුකූලව එය නුසුදුසු බව පෙන්වා දීම, සූරියඅරණ චිත්‍රපටය භිකෂු භූමිකාවට හානියක් බව පෙන්වා දීම, ජාතික ගීයට නැගී සිටීම භිකෂුවට නොහොබිනා බව පෙන්වා දීම, ප්‍රසිද්ධ වියතෙක් නිර්වාණය බුදුරජාණන් වහන්සේ නොසොයා ගත් බව ප්‍රකාහ කරද්දී එය ඛණ්ඩනය කරමින් අභියෝග කිරීම, අසපු සංකල්පය ථේරීය සම්ප්‍රදායට හානියක් බව පෙන්වා දීම, බෞද්ධ මුහුණුවරින් මුද්‍රණය කරන බුදුදහමේ මූලධම_ වෙනස් කරන පොතපත, ලිපි ලේඛන දේශන ආදිය පි
අංකුර අවදියේ සිටින කුඩා හිමිනමක් වුවත් සංඝ සෝභන ගුණයන්ගෙන් යුක්ත විය යුතුයි. මෙහිලා චණ්ඩාශෝක ධර්මාශෝක බවට පරිවර්තනය වූයේ කුඩා නිග්‍රොධ සාමණේරයන් වහන්සේගේ උපශාන්ත දසුනෙනන් බව මෙහි දී සිහියට නගා ගැනීම වැදගත් ය. තව ද බුදුරජාණන් වහන්සේ වදාළ
යො හවෙ දහරො භිකඛු
යුඤ්ජති බුද්ධසාසනෙ
සො ඉමං ලොකං පභාසෙති
අබ්භා මුත්තොව චනදිමා
බුදු සසුනෙහි යෙදී වෙසෙනද මෙලොව මොනවට බබළ යුතුයි නිර්දේශ කිරීම සිනහවට කරුණකි. නැටුම් – ගැයුම් – වැයුම්වලින් තොරව විසීම භිකෂු සීලයකි. සීලය කිසිවිටෙකත් සාපේකෂක අගයෙන් යුක්ත නොවේ. හුදු එය නිරපේකෂකයි. සාපේකෂක යන්නෙහි අර්ථය නොදැනීම නිසා මොහු සීලය යුගයට සාපේකෂක කළ යුතු යැයි තෙපලයි.
බුදුරජාණන් වහන්සේ වදාලේ
- තමා එහි ඇලීම (අතථාති තස්මිං සරෙ සාරජ්ජති)
- අනුන්ද එහි ඇලවීම (පරෙපි තස්මිං සරෙ සාරජ්ජති)
- භිකෂූන් ගී ගයතැයි විශ්වාස කරන ගිහියන් කළ කිරීම
- චිත්ත සමාධියට බාධා පැමිණවීම (සමාධිස්ස භන්ධොහොති)
- කියන්නා අගතිකාමී වීම
මේ අනුව පිරිත් ශ්‍රවණය කිරීමට මැ දිසානායකගේ ලිපිය කියවන විට නිරන්තරයෙන් සිහි වෙන්නේ පැරණි ප්‍රස්ථා පිරුලකි. එනම් නොදන්න දෙමෙ
සොඳින් දැන උගත් ප`ඩි උතුමන් නෙක සේ
තමන් නැණ ඇසින් දැක වැඩ කරන ලෙසේ
කරන්නට ගොසින් දැන වැනසෙති අනි සේ
නොදන්නා දෙම නැසේ