Home » පුවත් පත් ප්‍රකාශන » සත්ව ඝාතනය දානයක් නොවේ | Divaina | 2021-07-29 | හෑගොඩ විපස්සි හිමි

සත්ව ඝාතනය දානයක් නොවේ | Divaina | 2021-07-29 | හෑගොඩ විපස්සි හිමි

“මුස්ලිම් ජනතාව විසින් හජ් උත්සව සමයේ දානමය කටයුත්තක් වශයෙන් සිදුකරනු ලබන සතුන් ඝාතනය සඳහා මෙවර කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක ඉඩ ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුප් සභාව තීරණය කොට තිබේ” යනුවෙන් පසුගිය සතියේ මාධ්‍යයන්හි ප්‍රචාරය විය.

මෙසේ “සතුන් ඝාතනය නොකිරීමට ගත් තීරණය පිළිබඳ මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුප් සභාවට අප සැමගේ සාතිශය ප්‍රසාදය හිමි වේ. එහෙත් “සතුන් ඝාතනය දානමය කටයුත්තක්” වශයෙන් හුවා දක්වමින් පොදු මහ ජනතාව නොමග යවන සුළු අර්ථ දැක්වීමට ගත් උත්සාහය සාතිශය අප්‍රසාදයට හේතු වන බවත් ප්‍රකාශ කළ යුතුයි.

මක්නිසාද යත් බුදුරජාණන් වහන්සේගේ එනම් ශී්‍ර මුඛ පාඨයක් වන බෞද්ධ වචන මාලාවේ අතිශය ප්‍රකට කුසල වාචී “දානය” යන නිශ්චිත අර්ථ ශුචක පදය සත්ව හිංසාව, සත්ව ඝාතනය ආදී කුමන හෝ අයහපත් කටයුත්තක් සඳහා කිසිසේත්ම නොයොදන බැවිනි.

මිහිඳු මහරහතන් වහන්සේ අප රටට බුදුදහම හඳුන්වා දුන් දා සිට එනම් මෙයින් වසර දෙදහස් තුන්සිය විසි නවයක් (2329) පමණ අති දීර්ඝ කාල පරාසයක් ආමිස දාන වශයෙන් හෝ ධර්ම දානය වශයෙන් නිශ්චිත අර්ථයත එනම් යහපත් – කුසල වාචී පදයක් වශයෙන් ම “දානය” සිංහල භාෂාවේ ව්‍යවහාර කෙරේ. එනිසා “කුර්බාන්” යන ඉස්ලාම් ආගමික අරාබි වචනය, අභිධෙයාර්ථය හෙවත් වාච්‍යාර්ථයෙන් ම යහපත් ක්‍රියා දාමයන් සඳහා ම සිංහල භාෂාවේ ව්‍යවහාර කරනු ලබන “දානය” යනුවෙන් පරිවර්තනය සදොස් ය. බස මැරීමකි.

හුදෙක් භාෂාව යනු භාෂක සමාජයක සාමාජිකයන් විසින් ඔවුනොවුන් අතරේ අදහස් හුවමාරු කර ගැනීම සඳහා යොදා ගනු ලබන රූඪීකෘත වාග් සංකේත පද්ධතියක් හෙයින් සතුන් ඝාතනය හුදු දානමය කටයුත්තක් වශයෙන් හැඳින්වීම භාෂා සම්මුතීන් උල්ලංඝනය කිරීමක් බව තවදුරටත් පෙන්වා දෙනු කැමැත්තේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, දණ්ඩ නීති සංග්‍රහය ආදි නීතිප්‍රකාරව “සත්ව ඝාතනය” යන්න අපරාධ අර්ථ ශුචක පදයක් වන බැවින් “සතුන් ඝාතනය කොට ඛෙදා හැරීම” දානමය ක්‍රියාවක් වශයෙන් අර්ථ දැක්වීම නොවළහා නිවැරදි කරන ලෙස අදාළ සියලූ රාජ්‍ය පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් කරනු ලැබේ.

හෑගොඩ විපස්සි හිමි
ධර්ම පර්යේෂණාලය

 

උපුටාගන්නා ලද මුල් පුවත්පත් ලිපිය