Home » පුවත් පත් ප්‍රකාශන » ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ

ථෙරවාද සම්ප‍්‍රදාය බිඳ වැටීම ගැන කථා කරන භික්‍ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ ප‍්‍රමුඛස්ථානයක සිටිනවා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?

අප මෙහි දී ථෙරවාද සම්ප‍්‍රදාය යනුවෙන් අදහස් කරන්නේ ත‍්‍රිපිටක ධර්මයත් අටුවා, ටීකා, සහ තදනුගත ග‍්‍රන්‍ථයන් ය. ඇත්ත වශයෙන් ම මේ පිළිබඳ ඉතා පුළුල් ලෙස පැහැදිලි කළ යුතු යි. එහෙත් මේ අවස්ථාව ඊට සුදුසු නැහැ. ලංකාවට බුදුදහම ලැබුණ දා සිට අද දක්වා යම් යම් විවරණ සහිතව ථෙරීය සම්ප‍්‍රදාය අප රටේ පවතිනවා. ඇත්ත වශයෙන් ම ථෙරවාද බුදු දහමේ මුල් බුදුසමය ඇතුළත් වෙනවා. බුද්ධ දේශනාවේ පරමනිෂ්ඨාව නිවන් දැකීමයි. එබැවින් ඊට අවශ්‍ය දහම්නය ත‍්‍රිපිටකයේ අන්තර් ගත යි. එනිසා මුල් බුදුසමය සොයා යෑමේ දී එකී ත‍්‍රිපිටක ග‍්‍රන්‍ථත්, අටුවා ටීකා – ටිප්පනි ආදී ධම_ විවරණ ග‍්‍රන්‍ථ ද අවශ්‍ය වෙනවා. බුදුදහමේ සඳහන් දහම් නය අනුගමනය කරන්නේ නම් භෞතික මෙන් ම අධ්‍යාත්මික වශයෙන් ඉතා උසස් ජීවන තත්ත්වයක් උදා කර ගත හැක. ඇත්තෙන් ම බෞද්ධ ප‍්‍රතිපදාවන් අප අනුගමනය කරන්නේ නැහැ. එනිසා මේ නිසා රටේ සංවර්ධනය පිරිහිලා.

කෙසේ වුවත් මේ ථෙරීය සම්ප‍්‍රදාය බිද දමන්න ලංකාවේ ඉතිහාසයේ නොයෙක් වර විවිධ සතුරු බල වේග ඇති වුණා. ඒවා නිවැරදිව නායකත්වයන් නිසා මර්දනය වුණා. මීට දශක 3 1/2 ලක් ඉතිහාසයේ (සෙංකඩගල සමය* ආගමික අංශයෙන් පමණක් නොව දේශපාලන, සාමාජීය හා ශාස්ත‍්‍රීය අංශයන්ගෙන් ද පිරිහි පැවැතුනා. ඒ නිසා අසරණ සරණ සරණංකර සංඝරාජයන් වහන්සේගේ උදාර මෙහෙයවීම නිසා පිරිහිණු ලක් සමාජය පුනර්ජීවය ලැබුවා. නැවතත් සුද්දෝ යටත් කර ගත් සමය වන විට බෞද්ධාගමික තත්ත්වය එන්න එන්නම පිරිහුණි. එනිසා හික්කඩුවේ සුමංගල හිමියන් වැනි තෙරවරුන්ගේ නායකත්වයන් බිඳ වැටුණ සමාජය නැවත සමතත්තවයට පත් වුණා. ඇත්ත වශයෙන් ම අප රටේ ථෙරීය සම්ප‍්‍රදාය යටපත් වෙමින් පවතින වකවානුවල දී රටේ දේශපාලන, ආර්ථික, සාමාජික, අධ්‍යාපනික, ශාස්ත‍්‍රීය ආදී සෑම අංශයකම පිරිහීම දක්නට ලක් වූ බව පෙනන සිද්ධාන්තමය කරුණක්.

බෞද්ධ කොමිෂන් සභාවාත_ා විවිධ අවස්ථාවල දී එළිදැක් වූවත් ඒවා ක‍්‍රියාත්මක නොකළ නිසා බෞද්ධ පරිසරය සීඝ‍්‍රයෙන් පරිහෙමින් පවතිනවා යන්න සාවද්‍ය කරුණ නොවෙයි. තැනින් තැන කුඩා පල්ලි ඉදිවෙමින් දිළිඳු බෞද්ධ ජනයා ආහාරපානාදියෙන් ස්වකීය ආගමික නැඹුරුවට ගැණීමේ කූඨ උපක‍්‍රම පවතිනවා. මෙය අන්‍යාගම්කරණය වශයෙන් හැඳින් වෙනවා. අන්‍යාගම්කරණයේ වුණා ම භයානකම අංශය එයින් නියෝජනය වෙන්නේ නැහැ.

ඇත්තෙන් ම මෙය වටහා ගැණීමට නම් ඉන්දියාවේ බුදුදහම විනාශ වීමට හේතු ගැඹුරින් විමසා බැලිය යුතු යි. විශේෂයෙන් ම ප‍්‍රච්ඡුන්න (සැගවුණු* බෞද්ධයා වශයෙන් හැඳින් වූ සංකරාචර්ය ඉන්දිය සමාජයෙන් බුදුදහම ඈත් කිරීමට උපක‍්‍රම යෙදුවා. ඔහු හිංදු ආගමිකයෙකි. හිංදු ආගමත් බුද්ධාගමත් සංසන්දනය කරමින්, සම කරමින් ඔහු පොත්පත් රචනා කළා. මත ඉදිරිපත් කළා. මේ නිසා භාරතයෙන් බුදුදහම ඈත් කිරීමට දාර්ශනික පසුබිම ඔහු විසින් සපයන ලද බව පෙනේ. එනිසා බුදුදහම ලංකාවෙන් නැති කිරීමට ගෝලීයකරණයත් සමඟ විවිධ උපක‍්‍රම දියත් කොට තිබෙනවා.

ඔබ වහන්සේට ඒ තත්ත්වය විස්තර කරන්න පුළුවන් ද?

දැන් ඇතැම් වේලාවට අප දකිනවා ඇතැම් භික්‍ෂූන් වහන්සේලා ලව්වම මේ ථෙරීය සම්ප‍්‍රදාය එහෙම නැත්නම් මහාවිහාර සම්ප‍්‍රදාය විනාශ කරන බව ඒකට හොඳ නිදසුනක් නම් අසපු සංකල්පය ඒ වචනය බිඳෙන්නේ ආශ‍්‍රම ඝ අස්සම ඝ අසපු යනුවෙන්. ආශ‍්‍රම කියන්නේ සංස්කෘත වචනය, අස්සම කියන්නේ පාල් වචනය වන අතර අසපු යනු සිංහල වහරයි. ඉඳහිට ඇතැම් විහාරස්ථාන සඳහා ආශ‍්‍රම යන නාමය භාවිතා වුවත් භික්‍ෂූන් වහන්සේ වැඩ වසන ස්ථානය ආරාම යනුවෙන් හැඳින්වීම චිරාගත බෞද්ධ ව්‍යවහාරයයි. ඇත්තෙන් ම අද ව්‍යාප්ත වී තියෙන අසපුවලින් නම් නියෝජනය වන්නේ ථෙරවාද සම්ප‍්‍රදාය දැයි සැක සහිතයි. ඊට හොඳ උදාහරණයටක් තමයි කිරිබත්ගොඩ ඤාණානන්ද හාමුදුරුවෝ කොහොමද මේ සම්ප‍්‍රදාය බිඳින්නේ කියලා උන්වහන්සේගේ ම වචනවලින් කියවෙන්නේ මෙහෙමයි. ‘‘පාරිශුද්ධ ධම_ කොටස දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය ඇතුළත් වී ඇති ඛුද්දක පාඨ, ධම්මපද, උදාන ඉතිවුත්තක, සුත්ත නිපාත, ථෙරගාථා, ථෙරීගාථා, විමානවත්‍ථු, පේතවත්‍ථු යන කොටස් ය. පාරිශුද්ධ විනය කොටස 1. පාරාජිකා පාලි 2. පාචිත්තිය පාලි 3. චුල්ලවග්ගපාලි 4. මහාවග්ග පාලි 5. පරිවාර පාලි මෙම පාරිශුද්ධ ග‍්‍රන්‍ථවලින් පරිබාහිර වූ කිසිදු ග‍්‍රන්‍ථයක් හෝ කිසිදු මතවාදයක් හෝ කිසිදු ආකල්පයක් හෝ කිසිදු විග‍්‍රහයක් හෝ කිසිදු ප‍්‍රාර්ථනයක් හෝ බෝධිඥාන සභාව නොපිළිගති.’’

සැදැහැයෙන් සසුන් වන් කුල දරුවන් විසින් නිරන්තරයෙන් කටපාඩම් කළ යුතු නිතර භාවිතා කළ යුතු පොතක් වශයෙන් සම්මත පිරුවානා පොත (පිරිත් පොත* ප‍්‍රථම සංගායනාවෙන් පසුව සංග‍්‍රහ කළ එකක්, එය අනුරාධපුර කාලයේ පස්වන කාශ්‍යප රජුගේ ජේතවනාරාම පුවරු ලිපියේ ‘‘මහණ කරත් පිරිත් සතර බණ්වර් පිණිස් වුවන් මහණ කරනු ඉසා’’ කුලදරුවන් පැවිදි කරන්නට පෙරම පිරිත් පොත පුහුණු කළ යුතු බව ඉන් කියවෙනවා. අදත් මේ තත්ත්වය එසේ ම පවතිනවා. සාමණේර නමක් උපසම්පදා වීමේ දී තව ද පිරිත් පොත කටපාඩම් කිරීම පිළිබඳ පරික්‍ෂා කිරීම සිරිතක්. ඉතින් මහත්තයෝ සිරිත් පොත පිළිබඳ මේ හැඳින්වීම කළේ අන්කිසිවක් නිසා නොවෙයි. ථෙරීය සම්ප‍්‍රදායේ එන මේ පිරිත් පොතත් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් අත්තනෝමතික ලෙස වෙනස් කර ඇති නිසා ‘‘මහමෙව්නාවේ පාලි සිංහල පිරුවානා පොත් වහන්සේත් අපේ පිරුවාණා පොත් වහන්සේ’’ත් සැසදීමෙන් උන්වහන්සේ කළ විනාශය දැක ගත හැකි ය.

පන්සලක් ආසන්නයේ තවත් පන්සලක් සාමාන්‍යයෙන් හදන්නේ නැහැ. නමුත් මේ කියන ස්වාමීන් වහන්සේ බොහෝ විට අසපු හදා ඇත්තේ විහාරස්ථානයක ඉදිරිපිට යි. ඇත්ත වශයෙන් ම විශාල අනුගාමික පිරිසක් ද බිහි කරමින් අසපු සංකීර්ණ 40 ගණනකට ආසන්න සංඛ්‍යාවක් දැන් සාදා තිබෙනවා. මුන්වහන්සේගේ බාහිර ලක්‍ෂණ මත බොහෝ යොවුන් පිරිස් ගොස් පැවිදි වෙනවා. නොබෝ කළකින් අභ්‍යන්තර හේතූන් නිසා බොහෝ දෙනෙකු ඤාණානන්ද හිමිගෙන් ඈත් වීම දක්නට ලැබෙනවා. මෙහි දී කණගාටුදායක තත්ත්වය නම් මේ පිරිසව අතරමන් වීමයි.

අද මාධ්‍යවල නිතර නිතර ධම_ සාකච්ඡුා පවත්වනවා. මේවාට සහභාගි වන ඇතැම් පැවිදි මෙන්ම ගිහියන්ට ද බුදුබණ පිළිබඳව පළල් දැනුමක් නෑ. ත‍්‍රිපිටක ධම_ ග‍්‍රන්ථ මෙන් ම අටුවා ටීකා ආදී ග‍්‍රන්ථ ආශ‍්‍රිත ගොඩනැගුණු බෞද්ධ චින්තනයක් නැති නිසා සමාජික සිද්ධීන් සම්බන්ධ කරමින් ලස්සනට ගලපා ගත් මොනවා හෝ කියමින් කාලය කා දමනවා. එහෙත් මේ අය වඩාත් ජනප‍්‍රිය අය නිසා සාමාන්‍ය ජනතාව සිතන්නේ ඔවූහූ බහුශ‍්‍රැත, ධම_ධර, විනයධර ලෙස ය. අපි යම් ධම_ කරුණක් පැහැදිලි කරන්නේ නම් ඒවා ධම_ය වෙන්නට ඕනේ. එහෙම නැත්තම් ධම_යට අනුකූල වෙන්න ඕනේ. විනය වෙන්න ඕනෑ. විනයට අනුකූල වෙන්න ඕනේ. එහෙම නොවේ නම් ඒවා මිත්‍යා මත යි.

‘‘බුදුන් දැකීම සහ නිවන් දැකීම’’ කියා මා මේ ලඟදි පොතක් කියෙව්වා. එහි 117 පිටුවේ මෙහෙම සඳහන් වෙනවා. ‘‘නුතනයෙහි පවතින විද්‍යාත්මක දියුණුව ගැනත් බුදුරජාණන් වහන්සේ තුළ අවබෝධයක් තිබුණා ද කියලා හිතෙනවා. මහා පරිනිබ්බාන සූත‍්‍රයෙහි තැනක සඳහන් කර තිබෙනවා උන්වහන්සේ ආකංඛමානෝ ආනන්ද සංඝෝ මමචයෙන බුද්ධනුබුද්ද්‍රකානි සික්ඛා පදානි සමූහ නෙයියාති’’ කියලා. ආනන්ද සංඝයාට කියන්න මගෙන් පසුව මේ ඛුද්දක අනුඛුද්දක ශික්ෂා පද වෙනස් කරගන්න කියලා. ඇයි උන්වහන්සේ අන්තිම වෙලාවේ දී දේශනා කළේ ශික්ෂාපද වෙනස් කරගන්න කියලා. උන්වහන්සේ දැක්කා අද මේ වන සමාජ විපර්යාස ය. ශීලය එහෙමත් නැත්තම් ශික්ෂාපද කියන ඒවා තීරණය වන්නේ සමාජයට සාපේක්ෂව ය. බුද්ධ කාලයෙහි භික්ෂූන් වහන්සේලාගේ ශීලය තීරණය වුනෙත් එදා ජීවත්වුන මිනිසුන් තුළ තිබුණු හැදියාවන්ට සාපේක්ෂවය. අද කාලයේ ජීවත් වන මිනිසුන්ට සාපේක්ෂව. මේ පොත විද්‍යාවේදි පිටදුවේ සිරිධම්ම හිමියන්ගේ. එය සංස්කරණය කර තිබෙන්නේ හසන්ත හෙට්ටිආරච්චි. මේ අයගේ මිමිවලින් අසමසම බුදුරජාණන් වහන්සේ මනින හැටි බලන්න. අනෙක් කරුණ ගුණවත්කම්, සිල්වත්කම් සාපේක්ෂ කළ හැකි ද? එහෙම නම් ධම_ය අකාලික නැහැ. සාපේක්ෂ කියන්නේ එකක් කියා තවත් එකක් පවතිනවා කියන එකයි. ඉහත සඳහන් පරිදි සාපේක්ෂ න්‍යායෙන් සිල්වත්කම ගුණවත්කම පිළිබඳ වැඩිදුර මම පැහැදිලි කරන්නේ නැහැ. මේ ගැණ බෞද්ධ උගතුන්ගේ අවධානය යොමු වේවාෟ

තවත් නිදසුනක් ඔබට පෙන්වන් නම් ‘‘සැඟවුන බොදු මග කල එළි දකී’’ කියා මට පොතක් ලැබුණා. එහි කත_ෘ වහරක අභයරත්නාලංකාර කියා භික්‍ෂුවක්. ඉතා අලංකාර ලෙස මුද්‍රණය කර ඇත. මිල රු. 500 යි. මේ පොතේ මුල පිටුවේ සිට අග පිටුව දක්වා ම ඇති කරුණු හරයක් නැති ඉතා බරපතල වැරදි සහිතයි. උදාහරණයක් වශයෙන් 6 පිටුවේ සඳහන් මේ වගන්තිය කියවා බලන්න. ‘‘නමස්කාරයෙන් අප බැස ගත යුතු තැන ප‍්‍රකාශ කරයි. අද වැසී ඇති වටිනා අරුතක් මෙහි ගැබ් වී ඇත. නම – හිස් – කර ූ නමස්කාර මින් අරුත් තුනක් කියැ වේ. හිස නමා කටයුතු කරමි. මෙහි කෙ අරුතයි. නමෝ යනු නමන්‍යතාවයි. තස්ස යනු ශාසනයයි. භගවතෝ යනු බෙදා බලන වතයි. අරහතො යනු රහසක් තිබෙන අවිදු අදුරෙන් ඉවත් ව ලබන විද්‍යා ආලෝකයයි. සම්මා යනු සං නැමති අවිද්‍යාත තෘෂ්ණා එකතුවෙන් මා යනුවෙන් පෙන්වන මිදීමයි. සම්බුද්ධස්ස යනු සං නැමැති අවිද්‍යා, තෘෂ්ණා එකතුවෙන් සිදු වන භාව ූ උද්ධ ූ බුද්ධ හෙවත් භවය උදුරා හැරීමයි.’’

පිටු 340 කින් යුක්ත මේ පොතේ තත්වය තේරුම් ගන්න මීට වඩා නිදසුන් අවශ්‍ය නැහැ. පිස්සු – විකාර මිත්‍යා දෘෂ්ටි ඇතුළත් මේ වැනි පොත්පත්, ලිපි ලේඛන ධර්මය, ඉතිහාස, භාෂාව ආදී විෂයන් සම්බන්ධව කී දාහක් අදට නිකුත් කරනවා ද?

මේ කියන වහරක අභයරත්නාලංකාර කියන භික්‍ෂුව සමඟ කරන සාකච්ඡුාවක් ඇසුරෙන් නීතීඥ චන්‍දන සිරිවර්ධන කියන කෙනෙක් සකස් කරන උමතු ලිපි මාලාවක් අවුරුදු ගණනාවක් තිස්සේ ජාතික පුවත් පතක් වූ ඉරිදා රිවිර පත්තරයේ පළ කරනවා. ඊට නිදසුන් වශයෙන් 2009. 04. 05 දින රිවිර පත්තරයේ පළ වු බුදු දහමේ සුවිශේෂී ඉගැන්වීමක් වන පටිච්චසමුප්පාදය පිළිබඳ මේ කරන උමතු – විකාර විවරණය බලන්න. ‘‘පටි – බැඳුණ, ඉච්ඡුා – කැමැත්ත, බැඳීම නිසා සමානව උත්පාදනය වීම. මේවා ධර්මානුරූපව මිනිසාගේ සොයා ගැනීම් ලෙසත්…..’’

තවත් නිදසුනක්. ගෑස් කියන ඉංග‍්‍රීසි වචනය දෙන නිරුක්තිය බලන්න ‘‘ගැහැ ූ අස් හෙවත් ගෑස් බවට පත් වී ලෝකයට වන්දි ගෙවන්න එකතු වේ. පංච දුශ්චරිතයේ ගෑවී ඉන්නවා. ඒ හේතුවෙන් ඒ ශක්තිය ගිහින් ගෑ ූ අල් හෙවත් ගල් විදියට තැන්පත් වේ.’’ මේ කොටස් උපුටා දැක්වූයේ 2009. 04. 5 දින රිවිර පත්තරයෙන්. ඉතින් ‘‘ශ‍්‍රී සද්ධර්මයෙන් බිඳක් මාතෘකාවෙන් යුක්තව එකී කොටස් හැට ගානක් පළ කර තියෙනවා. තවත් පළ කරනවා.

රිවිර පත්තරයේ මේ ලිපි ගැණ කිහිප වරක් ම කත_ෘටත්, නියෝජ්‍ය කත_ෘටත් දුරකථනයෙන් කරුණු සඳහන් කරමින් පළ නොකරන ලෙස ඉල්ලා සිටියා. මේ ගැණ තුට්ටුවකට ගණන් ගත්තේ නෑ.

බුදුසරණ පත‍්‍රයෙන් මේ වැනි ධම_ විරෝධි, මිත්‍යාදෘෂ්ටික උමතු අදහස් නිතර නිතර පළ කරනවා. එයටත් අසන්න නිදසුනක් ඉදිරිපත් කරන්නම්. පසුගිය වෙසක් දින බුදුසරණ පත‍්‍රයේ සම්මානනීය මහාචාර්ය ඞී. එම්. අබේවික‍්‍රම කියලා කෙනෙක් ‘‘වෙසක් මහිමය’’ යනුවෙන් ලිපියක් ලියා තිබුණා. එහි වෙසක් යන වචනය විවරණය කරන හැටි බලන්න. ‘‘වෙසක් යන වචනය නිම_ාණය වී ඇත්තේ වේෂ යන සංස්කෘත වචනයෙනි. අග‍්‍ර යන සංස්කෘත වචනය අක් යන්නත් වෙනවා. එය තවදුරටත් ලිහිල් වීමෙන් බිහිවන එක් යන්න. එක් වීමෙන් වෙස් ූ අක් වෙසක් යන්න නිම_ාණය වන බවයි.’’ මේ මොන අණ්ඩර දෙමළයක් ද? මොහුගේ මාහාචාර්ය කම එයින් ම වැටහෙනවා නේ ද? අපේ ථේරීය සම්ප‍්‍රදාය විනාශ කිරීමට විවිධ මාදිලියේ ව්‍යාපෘති තියෙනවා.

සිනමා කලාව උදෙසා විශිෂ්ට සේවයක් සිදු කළ අභාවප‍්‍රාප්ත තිස්ස අබේසේකර මහතා පිළිබඳව අනුස්මරණ කිරීමේ ලිපි වැලක් 2009. 04. 26 දින සියත (ඉරිදා* පත්තරේ පළ කර තිබුණා. එහි දී ඔහු ගැන ජැක්සන් ඇන්තනී මෙහෙම කියනවා. ‘‘ලංකේය සිනමා ඉතිහාසයේ පිරිත් පොත් වහන්සේ තිස්ස අබේසේකරයි’’ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අන්තර්ගත පිරිත් පොත කිසිදු ලජ්ජාවක් බයක් නැතිව පුද්ගලයෙකුට උපමා කිරීම මොන තරම් බරපතල වරදක් ද? අනික් එක මේ උපමාව කොහොමවත් ගැලපෙන්නේ නෑ. ඖචිත්‍යහීනයි. අපේ ජූජනීය දේ පිළිබඳ නිග‍්‍රහයක් නේද කරන්නේ.

දැන් මේ පෙන්නා දුන්න කරුණුවල දී අපට ප‍්‍රශ්නය වන්නේ මේ ආදී ප‍්‍රලාප ලිවීම නොවෙයි. ඒවා ජාතික පුවත්පත්වල පළ කිරීමට තරම් සංස්කාරකවරුන් පෙළඹීමයි. ඇත්තෙන් ම ඔවුන් කරපු සංස්කරණය මොකක් ද?

ඉතින් ඔන්න ඔහොම විවිධ ග‍්‍රන්ථ අද රචනා කරනවා. මත වාද පතුරවනවා. මේවායින් බුදු දහම, ඉතිහාසය විකෘති වෙනවා. තවත් පැත්තක් තියෙනවා. ඒකට නිදසුනක් වශයෙන් මෙය පෙන්වා දිය හැකි ය. එනම් නිර්මාංශ සංගම් ඇති කිරීම. මම එවැනි සංගමයක ප‍්‍රකාශන වගයක් බැලූවා. ඒ ප‍්‍රකාශනවලින් පෙනෙන්නේ භික්‍ෂු විරෝධි සංගම් බව යි. විශේෂයෙන් අනගාරික ධර්මපාල චින්තන පදනම කියලා එකක් පිහිටුවාගෙන තියෙනවා. ඇත්ත වශයෙන් ම අනගාරික ධර්මපාල තුමාගේ නමටත් මෙම සංගමය කැළලක් බව ඒ ප‍්‍රකාශනවලින් පැහැදිලි වෙනවා.

දැන් මේ තත්ත්වය හාමුදුරුවනේ මෙච්චරකල් මේ විදිහට පැමිණියා. ඇයි කාගෙවත් අවධානයට යොමු වුනේ නැත්තේ?

මට අවබෝධ වෙච්ච කාලේ ඉදලම මේවා පිළිබඳ ලියනවා. එසේ ම ශාසනභාරධාරි තෙරුන් වහන්සේලා හමු වී, සාකච්ඡුා කොට මේවා පිළිබඳව දැණුවත් කරනවා. එහෙත් මෙහි බරපතලකම බොහෝ භික්‍ෂුන් වහන්සේලා තේරුම් නොගත්ත බව නම් කණගාටුවෙන් හා් කිව යුතු යි.

අපේ මහානායක හාමුදුරුවරු, නායක හාමුදරුවරු මේ අයගේ උනන්දුවක් නැද්ද?

උන්වහන්සේලාගේ අවධානය එතරම්ම මේ කරුණු සම්බන්ධව යොමු වෙලා නෑ. තව ද මේ අයගේ පොත්පත්වලට හැඳින්වීම් ලියන්නේ දැනඋගත් පිරිසක් වීම බරපතල ගැටළුවක් නිදසුනක්, ජයරත්න පතිරආරච්චි කියන පුද්ගලයා වෙනුවෙන් බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති හාමුදුරුවෝ බොහෝ ප‍්‍රමුදිතභාවයෙන් පෙරවදන් පසුවදන් ලියා තියෙනවා. ඇතැම් ආචාර්ය, මහාචාර්යවරුන් ද මේවගේ තත්ත්වයකයි පසු වන්නේ. ඒ නිසා බොහෝ අයගේ අවිචාරවත්භාවය මේ පරිහානියේ ප‍්‍රධානම සාධකයක් වී ඇත.

ඔබවහන්සේ උන්වහන්සේලාව දැනුවත් කලාම උන්වහන්සේලා දක්වන ප‍්‍රතිචාරය මොනවාගේ ද?

ඒ තරම්ම සුබවාදී ප‍්‍රතිචාරයක් ලැබුණේ නෑ. ඒත් මේ අධිකරණ තීන්දුවත් එක්ක නම් ගොඩක් අවදි වුන ස්වරූපයක් දකිනවා.

අධිකරණයට ගියෙත් ඔබ වහන්සේ ම ද?

ඔව්, මමයි නඩුව දැම්මේ. හේතුව මහාචාර්ය වරයෙක් වශයෙන් පෙනී සිටින ඉතාම වැරදි සහගත ලිපි ලේඛන ප‍්‍රකාශයට පත් කරමින් දිගින් දිගට ම බුදු දහමටත් බෞද්ධ ඉතිහාසයටත් අපහාස කරනවා. ඒවා විකෘති කරනවා. මෙන්න මේ කරුණ සඳහා අප අධිකරණයේ පිහිට පැතුවා. මේ කියන ජයරත්න පතිරආරච්චි කලින් මට මරණ තර්ජන කළා. ඒ මරණ තර්ජනය එල්ලාවල මේධානන්ද හිමි, මහාචාර්ය හගුරන්කෙත ධීරානන්ද හිමි, හෑගොඩ විපස්සී හිමි යන ස්වාමීන් වහන්සේලාටත් කර තිබුණා. මට මරණ තර්ජනය කිරීමට හේතු වුනේ මෙයා ලියන ලිපිවලට විරුද්ධව අපි පුවත්පත්වලට ලිපි සපයා තිබුන නිසයි. තව ද මූලික වශයෙන් මම ඒ ඒ ආයතන ද දැනුවත් කළා. මේ දේවල් කරන්න එපා හානියක් වන්නේ කියලා. උදාහරණයක් වශයෙන් මෙයා කියනවා ලංකාවට බුද්ධාගම ගෙනාවේ පුණ්ණ හාමුදුරුවෝ කියලා. මේ අය ඉදිරිපත් කරන මූලාශ‍්‍රය තමයි බාලාවතාර පොතේ වගන්තියක්. බාලාවතාර ටීකාව හික්කඩුව නායක හාමුදුරුවෝ ලියන්නේ 1820 ගණන්වල. අනිත් එක ඒ වාක්‍ය කණ්ඩ කියෙව්වහම එහි සම්බන්ධතාවය තේරෙනව, එතන මෙහෙම කතාවක් නෙවෙයි තියෙන්නේ කියලා. පාලි රීතිය ක‍්‍රියාපදය මුලට යෙදෙනවා. අගට යෙදෙනවා, මැදට යෙදෙනවා කියන එක පෙන්වන්න ගත්ත උදාහරණයක් මේක. ඒක අරගෙන තමයි මෙයා මේ උදාහරණයක් දෙන්නේ. බොහෝ අය මෙයා කියන දේ පිළිගත්තා. එහෙම පිළිගත්තේ එයා කියන දේ ඇත්ත ද නැත්ත ද කියලා හෙව්වේ නැති නිසා. මං මේ පිළිබඳ හෙළි කළා.

තව ද බුදුහාමුදුරුවෝ ලංකාවට නැවෙන් වැඩියා කියලා බුදුසරණ පත්තරේ මැද පිටුවේ පළවුනා. ඒකට මම උත්තර දුන්නා මේක වැරැුදියි කියලා. මේ පත්තරවලින් නිර්මාණය කරපු ශාස්ත‍්‍රීය ලිපි ලියන පුද්ගලයෝ අපට මරණ තර්ජනය කරනවා ශාස්ත‍්‍රීය වශයෙන් යමක් පෙන්වා දුන්නම. මොකක් ද මේ තත්ත්වය?

මරණ තර්ජනයෙන් පසු ඔබවහන්සේ ගත් පියවර කුමක් ද?

මං ගිහින් පැමිණිල්ලක් කලා. මේ ප‍්‍රශ්නය පොලිසියත් සමග සමථ මණ්ඩලයටත් ගියා. එහෙත් කිව්වා උසාවි දාන්න කියලා. මං ඊට පස්සේ පොලීසියට කිව්වා උසාවි දාන්න එපා කියලා. මං කිව්වා මරණ තර්ජනය ගැන වගකීම පුද්ගලිකව භාර ගන්නම්. එම පැමිණිල්ල අස්කරලා දාන්න. මේ පුද්ගලයාට හිරිහැර කරන්න මට වුවමනා නෑ. මට ඕන මේ පුද්ගලයා හරහා වෙන හානිය අවම කිරීමයි කියලා.

කොහොම කොහොම හරි මං මේ පුද්ගලයා වැලැක්කුවා. නැවත වතාවක් මෙයා තර්ජනය කලා මට. මම ක‍්‍රියාමර්ගයක් ගත්තා. මෙයා ගෙනිච්චා පොලීසියට. ගෙන්නපුවාම කිව්වා ඔයාට අපි කලින් අවස්ථා දෙකක දී කිව්වා. ඒ ගැන ඔයාට දැනුම් දුන්නා. ඇප මත නිදහස් කළා. ඊට පස්සේ වෛද්‍ය පරීක්‍ෂණයට යොමු කළා. අධිකරණය හරහා මානසික වෛද්‍ය වාර්තාවක් ලබා ගත්තා. අංගොඩ රෝහලට යොමු කළා. ඒ මානසික වෛද්‍ය වාර්තාවේ තිබුණේ මේ පුද්ගලයාට පිස්සු කියලා. තවදුරටත් ඔහු ප‍්‍රතිකාර හා වෛද්‍ය පරීක්‍ෂණ සඳහා අංගොඩ රෝහලේ නේවාසික ගත කරලා තියෙනවා. දැන් ඇප පිට නිදහස් කරා. මෙවැනි තවත් ප‍්‍රශ්න තියෙනවා.

ලිබර්ටි ප්ලාසා එකේ තියෙනවා ධම්ම ධාතුව කියලා එක්තරා කණ්ඩායමක් සද්ධර්ම පුණ්ඩරීක සූත‍්‍රය මේකෙ රඟපානවා. එක්තරා තරුණ භික්‍ෂුන් වහන්සේ කෙනෙක් මේක බලන්න ගියා. එතැන දි කියලා තියෙනවා ඔහොම යන්න බෑ සිවුරු ගලවලා කෝට් එකක් ඇදලා යන්න කියලා. මේක නිර්මාණය කරන්නේ සද්ධාර්ම පුණ්ඩරීක සූත‍්‍රය පදනම් කරගෙන. ඒත් කරන්නේ ධර්ම විරෝධී වැඩ.

කේ. ජයතිලක කියන්නේ ලංකාවේ ඉන්න ප‍්‍රබුද්ධ විද්වතෙක්. එතුමා කියනවා නිර්වාණය කියන එක බුදු හාමුදුරුවෝ පහළ වෙන්නත් කලින් තිබුණා. මේක පුවත්පත් සාකච්ඡුාවකට කියලා තිබුණේ. මං එතුමන් එක්ක කතා කළා මේ ගැන. එයා කියනවා. නිර්වාණය මුලින් ම තිබුණේ කියා. මං කිව්වා නිර්වාණය කියන වචනය පැරණි නම් පැරණි ම කෘතිය මොකක් ද කියලා. දිගින් දිගට ම ප‍්‍රශ්න කරගෙන යන කොට කිව්වා විශ්ව කෝෂයේ තිබුණ කියලා. මේක කලින් කියලා තිබුණේ තමන් ම සොයා ගත්තු දෙයක් විදිහට. මං කිව්වා මහත්තයෝ මතක තියා ගන්න නිර්වාණය කියන පැරණිතම වචනය අපට හමුවන්නේ භගවත් ගීතාව කියන පොතේ. ගීතාව ලියවෙන්නේ බුදු දහමෙන් පස්සේ. නිබ්බාන තමයි පැරණිම වචනය. ඒක බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා.

කොහොම වුවත් දැන් අප රටේ බුදුදහම සම්බන්ධව වන විනාශය පිළිබඳ ශාසනාරක්‍ෂක මණ්ඩල හරහා භික්‍ෂූන් වහන්සේලා දැනුවත් කිරීමේ වැඩ සටහන් කරන්න අපේක්‍ෂා කරනවා. පුළුල් සංවාදයක් ඇති කරන විට ථෙරීය සම්ප‍්‍රදාය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලැබෙනවා.

ත‍්‍රිපිටකයේ සූත‍්‍ර කියවන කොට තේරෙනවා අද කියවෙන ධර්මය, ලියන ලිපි, ලේඛන අතර මහා පරස්පරයක් තියෙනවා කියලා.

ඔබ වහන්සේ ගන්න ක‍්‍රියාමාර්ගය විශේෂයෙන් ම සහයෝගය දැක්විය යුත්තේ කවු ද?

තුන් නිකායෙම මහා නායක හාමුදුරුවරු උන්වහන්සේලාගේ නිල මට්ටමෙන් මේකට සහයෝගය දෙන්න ඕන. අනිත් පැත්තෙන් බෞද්ධ සම්මේලනය.

අධිකරණ සංඝනායක ස්වාමීන් වහන්සේට මේ කාරණයේ දී මැදිහත් වෙන්න බැරි ද?

ඇත්තටම එය ශාසනික සම්ප‍්‍රදායේ එන නිළයක් මිසක් ඒ තුළ නීතිමය බලයක් නෑ. මෙරට තිබෙන ශාසනාරක්‍ෂක බලමණ්ඩල හරහා විශාල වැඩ කොටසක් කරනවා. උන්වහන්සේලාගේ එම වැඩ කොටස නැත්නම් මේ තියන ටිකවත් නෑ

නායක හාමුදුරුවරු ඇරෙන්න වෙන මොනව ද ආයතන තියෙන්නේ මේ වගේ ගැටළු පිළිබඳ ක‍්‍රියාත්මක වෙන?

ලංකාව තුළ ගොඩක් ආයතන තියෙනවා බුදු දහම රැුක ගැනීම සම්බන්ධව ක‍්‍රියාත්මක වන. නමුත් මේ ආයතන බුදු දහම විකෘති කිරීම ගැන විධිමත් අවබෝදයකින් ක‍්‍රියාත්මක වෙන්නේ නෑ.

මේ පිළිබඳ දැනුවත් කරන්න නම් කාගේ සහයෝගයක් ද අවශ්‍ය?

විශේෂයෙන් ම මාධ්‍යයේ සහයෝගය අත්‍යවශ්‍ය යි. විද්‍යුත් මාධ්‍ය තුළින් තමයි හොඳ දේවල් සහ නරක දේවල් දෙකම පෙන්වන්නේ. මාධ්‍යවලින් අපට ප‍්‍රමාණවත් තරම් සහයෝගයක් ලැබෙන්නේ නෑ. විශේෂයෙන් ම විද්‍යුත් මාධ්‍යයන්වලින් මේ පොතපතවල තියෙන වැරදි මාධ්‍යවලින් පෙන්නුවොත් ලෝකය අවදි වෙන්නේ නැද්ද? මේවා පෙන්වන්න ඕන.

ඔබ වහන්සේට ඔය නඩුවට මාධ්‍යවල සහයෝගය කෝච්චර දුරට ලැබුණ ද?

ලක්බිම, දිනමිණ, දිවයින පත්තරවලින් පුංචි වාර්ථා කිහිපයක් පළ කළා. එපමණයි ලැබුණ සහයෝගය.

පත්තරවල දැම්මට පස්සේ මොනවගේ ප‍්‍රතිචාරද තියෙන්නේ?

ඊට පස්සේ බොහෝ අය මට කතා කළා. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, ගණකාධිකාරීවරුන්, නීතිඥයන් ආදීන්, මේක නම් මහා විනාශයක් ඔබ වහන්සේ මේකට පෙනී සිටින එකත් ලොකු දෙයක් කියලා තමයි කියන්නේ.දැන් මේ උවදුර දකිනවා හැමෝම. ඉතින් ඒ පොඩි දැනුවත් වීමකින්. මේක පුළුල් කළොත් කොහොම ද?

ඔබ වහන්සේට ආධාර එහෙම අවශ්‍යයි කියලා ඉල්ලීමක් කරන්න තියෙනවා ද?

මට වියදම් තියෙනවා. ඒ වගේම මට යම් යම් දේවල් ලැබෙනවා. මට පුළුවන් තරමින් මං කරගෙන යනවා. මීට වඩා වියදම් ඉදිරියේ දී අවශ්‍ය වුණොත් මං ඒ වෙලාවට අවශ්‍ය උදව් උපකාර ඉල්ලා සිටිනවා. විවිධ ජාත්‍යන්තර මෙන් ම දේශීය සංවිධාන මට උදව් උපකාර කරනවා.

දේශපාලනමය වශයෙන් ලැබෙන සහයෝගය මොනවගේ ද?

දේශපාලනමය වශයෙන් මට තවමත් කාගෙවත් සහයෝගයක් ලැබුණේ නෑ. මේකට කවුරු වුනත් අපි බලන්නේ බෞද්ධ පදනම. මෙතන අපට ඉස්මතු වෙන්න අවශ්‍යතාවක් නෑ. ගැටළුවක් තියෙනවා. ගැටළුව නිරාකරණය කර ගැනීමයි අපට අවශ්‍ය. මේ විශාල විනාශය නවත්වා ගන්නයි අවශ්‍ය. ඕනෑම කෙනෙකුට සහයෝය දෙන්න පුළුවන්. මිනිසුන් අතරනේ මේ වැරදි මත පැතිරෙන්නේ.

අද බොහෝ භික්‍ෂූන් වහන්සේලා දිහා බලපුවාම පේන්නේ මොකක් ද? උන්හන්සේලා ලෝකයේ තියෙන හැම විද්‍යාවක් ම දන්නවා, ආගම් ගැන දන්නවා. නවකතා, දේශපාලනය දන්නවා. නමුත් භික්‍ෂූන් වහන්සේලා නොදන්න එකම දේ තමයි බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය.

(රත්මලාන ධර්ම පර්යේෂණාලයේ පූජ්‍ය හෑගොඩ විපස්සී හිමියන් සමග කළ සාකච්ඡුාවක් ඇසුරිනි)