Home » Archive by category පුවත් පත් ප්‍රකාශන

සත්ව ඝාතනය දානයක් නොවේ | Divaina | 2021-07-29 | හෑගොඩ විපස්සි හිමි

“මුස්ලිම් ජනතාව විසින් හජ් උත්සව සමයේ දානමය කටයුත්තක් වශයෙන් සිදුකරනු ලබන සතුන් ඝාතනය සඳහා මෙවර කිසිදු මුස්ලිම් දේවස්ථාන පරිශ්‍රයක ඉඩ ලබා නොදීමට මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ වකුප් සභාව තීරණය කොට තිබේ” යනුවෙන් පසුගිය සතියේ මාධ්‍යයන්හි ප්‍රචාරය විය. මෙසේ “සතුන් ඝාතනය නොකිරීමට ගත් තීරණය පිළිබඳ මුස්ලිම්...
Continue reading

බුදු හාමුදුරුවෝ කංසා ගැන තුන් පිටකයේවත් කියා නෑ

බෙංගමුවේ නාලක හාමුදුරුවෝ ජනවාරි 31 දා ‘‘සති අග අරුණ’’ට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් වදාළේ බුදු හාමුදුරුවෝ කංසා ඖෂධයක් හැටියට අනුමත කළ බවය. උන්වහන්සේගේ එම ප්‍රකාශය පිළිබඳ අප වෙත කරුණු පැහැදිලි කිරීමක් එවා ඇති රත්මලාන ධර්ම පර්‌යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්ස හාමුදුරුවෝ කංසා සම්බන්ධ කිසිදු වචනයක් තුන් පිටකයේ නැති බව අවධාරණය...
Continue reading

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ‘ට්විටර්’  පණිවිඩයක් සම්බන්ධයෙන්  ‘යූ ටියුබ්’ නාලිකාවකට ප්‍රකාශයක් කරමිනි. තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික...
Continue reading

විභාග පාස් කරන්න ගණ දෙවියන්ට පූජා තියනවට වැඩිය හොඳයි ප්‍රතිඵල දෙන පරිගණකයට පූජාවක් තියන එක. – ශාස්ත්‍රපති පණ්ඩිත හෑගොඩ විපස්සි හිමි

පාපී ග්‍රහයෙක් ලෙස හඳුන්වන සෙනසුරු ග්‍රහයා අවුරුදු 29කට පස්සේ මකර රාශියට ගියා. ඒ ජනවාරි 24 වැනිදා මෙම ග්‍රහ මාරුව ලග්න කිහිපයකටම අපල ගෙනෙන බවයි කියන්නේ. ඒ වගේම මේ ග්‍රහ මාරුව නිසා ජල ගැලීම්, දේශපාලන කැලඹිලි වැනි ස්වභාවයක් ඇතිවෙන්නත් ඉඩ තිබෙනවාලු. මේ තත්ත්වයන් සමනය කරගන්න නම් බෞද්ධයෝ හැටියට කළ...
Continue reading

බෞද්ධයාගේ ශ්‍රද්ධාව නාගයාට යොමු කෙරුණා – ශාස්ත්‍රපති පණ්ඩිත පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි

නිමල් අබේසිංහ 1956 ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසින් ඝෘජු දේශපාලනයට කැඳවාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව අනතුරුව ප්‍රාදේශීය දේශපාලනයේ සිට පාර්ලිමේන්තුව දක්වා දිගු ගමනක යෙදුණි. එය ජනාධිපතිවරණයට තරග කිරීම දක්වාම ආවේය. එම පසුබිමෙහි සිටිමින් භික්ෂුව කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවිය යුතුවා සේම ඝෘජු දේශපාලනයෙන් විතැන් විය යුතුද යන ප්‍රශ්නය...
Continue reading

සංවිධානාත්මක කල්ලි රටට සරණාගතයන් එවනවා

සංවිධානාත්මක කල්ලි අපේ රටට සරණාගතයන් ලෙස පිරිස් යොමු කරමින් නොදුරු අනාගතයේ රටේ අතිශය බිහිසුණු තත්ත්වයක් නිර්මාණය කරන වාතාවරණක් ඇති කිරීමට කටයුතු කරමින් සිටින බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිති. එම නිවේදනය මෙසේය. අපේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ විශාල...
Continue reading

බුදුන් උපන්නේ ලංකාවේ බව කීම මිත්‍යාවකි

මෙම ආරම්භය අනුව මෙම පුද්ගලයා පවසන්නට උත්සහ ගෙන අැත්තේ, බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදුවුයේ ශ්‍රි ලංකාවේ බවය​. එහි සඳහන් කර අැති ආකාරයට සිදුහත් කුමරා උත්පත්තිය ලැබු ලුම්බිණිය පිහිටා ඇත්තේ, තෙල්දෙණියේ කුන්ඩසාලේය​.  
Continue reading

සංහිඳියාව ඇති වීමට නම් බෞද්ධ ආර්ථික දර්ශනයක් අවශ්‍යයි

රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි පාලකයාගේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ බෞද්ධ දර්ශනයේ සඳහන් කරුණු ගැන ලෝක අවධානයට ලක් වී ඇති මේ මොහොතේ රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි අවධාරණය කරන්නේ, පාලකයාගේ චින්තනය පුළුල් නොවන්නේ නම් රටක ආර්ථික සංවර්ධනය ඇති කළ නොහැකි බවයි. රටේ සම්පත් නිසි ලෙස පරිහරණය නොකරන්නේ...
Continue reading

මාදුළුවාවේ සෝභිත හිමිගේ අපවත්වීම

-වැරදි වහගන්න අවිචාරවත් හැසිරීමක් -ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි තමන්ගේ වැරදි වසා ගැනීමට සමහර භික්ෂුන් මළ කඳන් උඩින් නැගී සිටීමට උත්සහ කරන්නේ යැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම ඝාතනයක් යැයි කියමින් නැති ප්‍රශ්න මතුකර සමාජ අනුකම්පාව දිනාගැනීමට ඇතැමුන් දරන උත්සහය...
Continue reading

රාවණා කතාව සිංහල බෞද්ධ ඉතිහාසය විකෘති කිරීමට ගෙතූ ප්‍රබන්ධයක්

රාවණා ගැන සොයන පාර්ලිමේන්තු යෝජනාවට හෑගොඩ විපස්සි හිමිගේ විරෝධය මාතර දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණවිසින් රාවණා රජුගේ ඉතිහාසය ගවේෂණය කිරීමට විද්වත් කමිටුවක් පත්කිරීම සඳහා පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සිය විරෝධතාව ප්‍රකාශ කළහ. රාවණා කතාව මිථ්‍යාවක් බව පෙන්වා...
Continue reading

අලුත් ආණ්ඩුවට පැවරෙන වගකීම

ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රට රාජ්‍යවල නූතන පරිපාලනය සඳහා සම්මත කරගෙන ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයයි. ‍පොදු මහජනතාවගේ අදහස් පරිදි, කැමැත්ත පරිදි වසර පහකට (05) හෝ ඊට ආසන්න කාලසීමාවක් තුළ තම මාතෘ භූමියෙහි පරිපාලන කටයුතු කවුරුන් විසින් කෙසේ කළ යුතුද යන්න, තම තමන්ගේ පැන්සල් ඉරෙන් ලකුණු කරන කතිරයෙන් තෝරා ගැනීම දැන් පවතින චාරිත්‍රයයි....
Continue reading

නාවල ධර්මදේශනා අංක 17 නිකුත් වේ

“නාවල ධර්ම දේශනා 17” කලාපය දැන් නිකුත්වී ඇත. නාවල විමල විහාරාධිපති ව වැඩ විසූ වැරැල්ලානේ ශ්‍රී විමලතිස්ස නාහිමියන් විසින් ආරම්භ කළ මේ උතුම් පින්කම අඛණ්ඩව පවත්වාගෙන යයි. නාවල විමල විහාරය මඟින් සංවිධානය කළ ධර්ම දේශනා එම ග්‍රන්ථයට ඇතුළත්ව ඇත. බැරගම විමලධම්ම හිමියන් මෙම ග්‍රන්ථය සංස්කරණය කොට ඇත. මෙය...
Continue reading

දේශපාලනඥයන්ගේ කටට තිරිංග දමන පනතක් ඕනෑ

මහජන ඡන්දයෙන් තේරී පත්වන මහජන නියෝජිතයින් සඳහා අදාළ වන පරිදි වගකීමෙන් කතා කිරීමේ හා ක්‍රියාකිරීමේ පනතක් සම්මත කර ගැනීම සම්බන්ධයෙන් රටේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නීතීඥයින්ගේ අවධානය යොමු කළ යුතුව ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ සඳහන් කරති. ජනතාව අතර ප්‍රශ්න ඇති විය හැකි ආකාරයේ බරපතළ ප්‍රකාශ වගකීමකින් තොරව...
Continue reading

විනයෙන් ගොඩනගන භික්ෂු පෞරුෂය සහජීවනය යනු බෞද්ධ අනන්‍යතාව මකා දැමීම නොවේ

හිමියනි “විනය” යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? යම් සංස්ථාවක චිරාත් කාලීන පැවැත්ම සඳහා පනවා ගන්නා ලද නීතිරීති පද්ධතීන් “විනය” ලෙස හැඳින්විය හැකියි. විනය කියන දේ වෙනස් වෙනවා. එය ධර්මයට එකඟද කියා බැලිය යුතුයි. විනය වෙනස් කර ගැනීමේදී අපිට න්‍යායක් තිබෙනවා. භික්ෂු විනය සහ ගිහි විනය කියා දෙකක් තිබෙනවා. භික්ෂූන්...
Continue reading

සම්මත ජාතික සංකේත වෙනස් කිරීම සුදුසු නැහැ

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම සුදුසු නැතැයි සඳහන් කරමින්  රත්මලාන  ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ  හෑගොඩ විපස්සි හිමියෝ  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ (24)  ලිපියක් යොමුකර ඇත. උන්වහන්සේගේ අත්සනින් යුතුව යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන්වේ. ජාතික ගීය දෙමළ භාෂාවෙන්ද  ගායනා කිරීමට රාජ්‍ය අනුමැතිය  දීමට ජනාධිපතිතුමා එකඟතාව පළ...
Continue reading

බුදු දහමේ ජාතිවාදයක් නැහැ

මෑත වකවානුව තුළ ‘ජාතිවාදය’ යන මාතෘකාව නිතර නිතර කතා කෙරෙනවා. මීට නිසි අර්ථකථනයක් අදහසක් නොමැතිකම නිසා ජනතාව මේ සම්බන්ධයෙන් මංමුලා වූ ස්වභාවයක් දක්නට ලැබෙනවා. ඒ නිසාම අපේ හාමුදුරුවනේ ‘ජාතිවාදය’ යන්නට කෙටි අර්ථකථනයක් සපයමින්ම අද දහම් සංවාදයට ප්‍රවේශයක් ලබමු. හොඳයි ඉතාම කාලීන මාතෘකාවක්. විශේෂයෙන්ම මෑත වකවානුව තුළම ඔබ කිවූ...
Continue reading

සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්

සීවලී පිරිත – ජලනන්දන පිරිත බුදුන්ගේ දේශනා යැයි පැවසීම බොරුවක්බුදු දහම යනු බුද්ධියෙන් අවබෝධ කරගත යුතු ධර්මයකි. එසේම එය අවබෝධ කර ගත යුත්තේ අප කැමති අයුරින් නොවේ, සූත්‍ර ධර්ම කියවා බෞද්ධ විඥානයෙන්ම එය අවබෝධ කර ගත යුතුවේ.  බුදුරජාණන් වහන්සේ දේශනා කළ අන්දමට මෙය නැණවතුන්ට දෙසූ දහමක් මිස අඥානයන්ට...
Continue reading

භික්ෂුවක් විදියට පෙනී සිටිමින් ශාසනික සම්ප්‍රදාය විනාශ කරනවා

හාමුදුරුවනේ ඇත්ත වශයෙන්ම භික්ෂුවකට උපන් දිනය සැමරීම කැපයිද? භික්ෂුන් වහන්සේ නමකට පටහැනි දෙයක් තමයි උපන් දින සමරන එක. නමුත් භික්ෂුවක් තමන්ගෙ උපන් දිනේට පින්කමක් කළාට කමක් නෑ. ඒත් අද ඇතැම් භික්ෂුන් උපන් දින සමරන්නෙ බුදුන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුව නෙවෙයි. සමාජයීය ධර්මය අනුව. සමාජයේ උපන් දින සමරන...
Continue reading

බෞද්ධයාට ජාතියක්‌ නැත

සිංහලකම රැකුණට බෞද්ධකම රැකෙන්නේ නැහැ. බෞද්ධකම රැකුණොත් පමණයි සිංහලකම රැකෙන්නේ. ඒ කියන්නේසිංහලකම රැකෙන්නේ බෞද්ධකම මතයි. බෞද්ධයාට ජාතියක්‌ නැහැ යෑයි හෑගොඩ විපස්‌සී හිමියෝ පැවසූහ. විපස්‌සී හිමියෝ එසේ පැවසුවේ බුද්ධ ශාසන රාජ්‍ය පරිපලන හා පළාත් පාලන ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිති සංගම් ශාලාවේ...
Continue reading

දහම බබළන්නේ විවෘත වූ තරමටයි

අප තථාගත සම්බුදු රජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි යහපත් ජීවිතයක් සඳහා පැහැදිලිව දක්වනවා. පුද්ගලයින්, පවුල, සමාජය යහපත් පැවතුම් පෙන්වා දෙනවා. දෙවියන් වන්නේද, ආධ්‍යාත්මික පුද්ගලයන් වන්නේද, සුර අසුර වන්නේද මිනිසුන්ය. බුදුදහම පිළිපැදිය යුතු ධර්මයකි. ඇදහිලිවලට යොමුවී සිටින්නේද බෞද්ධයන්, ජනතා විශ්වාසය දිනා ගනිමින් සමාජගත වී ඇති ඇදහිලි ක්‍රම හා බුදුදහම සම්බන්ධයෙන්...
Continue reading

චිත්‍රපට රඟනවා වගේ සැබෑ ජීවිතයේ වැඩ කරන්න බෑ – හෑගොඩ විපස්සි හිමියෝ කියති

නව රජයේ දේශපාලනඥයන් හා සිවිල් පුද්ගලයන් කිසිදු විචාරයකින් තොරව යම් යම් ස්ථාන වැටලීම්  කර මාධ්‍යයට රඟ දැක්වීම් කිරීමෙන් ජනතාව ඉතා ඉක්මනින් රජය කෙරෙහි කලකිරීමට ඉඩ ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ  විපස්සි හිමියෝ පවසති. සාමාන්‍ය ස්ථාන පමණක් නොව බෞද්ධ විහාරස්ථාන පවා වැටලීම දැන් ඇතැමුන්ගේ විලාසිතාව වී ඇතැයිද උන්වහන්සේ...
Continue reading

කිරි වෙහෙරෙන් කිරි වැගිරීමත් ශ්‍රීපාදයෙන් රැස් විහිදීමත් පිළිබඳ කතා ඇත්තද?

අපේ රටේ ආගමික සිද්ධස්ථාන කිහිපයක් ආශ්‍රිතව සිදුවූ ආශ්චර්යමත්, අද්භූත සිද්ධීන් පිළිබඳව මෑතකදී වාර්තා විය. ශ්‍රී පාද කන්දේ මහගිරිදඹය සහ අහස් ගව්ව අතර රැස් වළල්ලක් විහිදීම ඉන් එකකි. අරණායක පරපිටිය ප්‍රදේශයේ පදිංචි රංජිත් එදිරිසිංහ නම් මහතකු ඔහුගේ පවු‍ලේ අයත් කැටුව අප්‍රේල් 03 දා ශ්‍රී පාදය වැඳ පුදාගෙන පසුදින පාන්දර...
Continue reading

අද තිබෙන්නේ තනිකරම ආගමික මංකොල්ලයක්

රටට, ජාතියට මෙන්ම සම්බුද්ධ ශාසනයට එල්ල වන විවිධ අභියෝග බලපෑම්  පිළිබඳව කොතෙකුත් අද කතා කරනවා.  විවිධ සංවිධාන පුද්ගලයන් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව විවිධ ක්‍රියාමාර්ග ගන්න බවත් පෙනෙන්නට තිබෙනවා. ජාතික, සමාජයීය , ශාසනික ගැටලු පිළිබඳ  නිරන්තර අවධානයෙන් සහ අවබෝධයෙන් කටයුතු කරන  ඔබවහන්සේ සමාජයේ වත්මන් ගමන් මග ගැන දරන අදහස කෙබඳුද...
Continue reading

සනත්ගෙ නළු මහණකම ගැන

මෙරට ප්‍රවීණ චිත්‍රපට නළුවකු වූ සනත් ගුණතිලක හඟුරන්කෙත විමලරතන නමින් බුද්ධ ශාසනයේ පැවිදි වූ බව ඉකුත් සතියේ මාධ්‍ය වාර්තා කළේය.  බෙන්තර හපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පසුගිය 22 දින පෙ.ව. 7.22ට යෙදුණු සුබ හෝරාවේ මේ පැවිදි පින්කම සිදුකර තිබිණි. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගි්‍ර ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා...
Continue reading

පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න පිළිබඳව විග්‍රහයක්

ගිහි සහ පැවිදි සමාජයන් ගත් කල්හි පැවිදි සමාජයට හිමිවන්නේ සුවිශේෂී වූ ස්ථානයක්. එම පැවිදි සමාජය නැතහොත් ප්‍රවෘජ්‍යා භූමියට පත්වීම යන්න විග්‍රහ කළහොත් හාමුදුරුවනේ, පළමුවෙන්ම කිව යුතුයි මෙම පැවිදි වීම යන්න සීමාවක් කියන්න බැරි දෙයක්. පස්කම් විඳින සමාජයේ පස්කම්වලින් අයින්වෙලා ජීවත්වන එක අමාරු දෙයක්. ගිහියෙක් තමයි පැවිද්දෙක් බවට පත්වෙන්නේ....
Continue reading

සිංහලයා අඩපණ කිරීම

ජාතිවාදය තහනම් කිරිමට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකාව සිංහල ජාතිය අඩපන කිරීමේ කුමන්ත්‍රණයේම කොටසක් යැයි රත්මලාන ධර්මපර්යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පැවසූහ. එසේම ජාතිවාදය හා ආගම්වාදය සනාථ කරන නිර්ණායකයන් වහාම හෙළි කරන ලෙස වාසුදේව ඇමතිවරයාට අභියෝග කරන්නේ යැයිද විපස්සි හිමියෝ ලක්බිමට පැවසූහ. සිංහල බෞද්ධ හඩක් නැගෙන...
Continue reading

එදා මකුලාරාමය අද මක්කම

අපේ බුදුරජාණන් වහන්සේ තමන්ගේ ගුරුවරයා ලෙස සැලකුවේ ධර්මයයි. මෙයින් පෙන්නුම් කරන්නේ අපට ඉහළින් යුක්තිය, ධර්මය, නීතිය තබා ගත යුතු බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පෙරවදනේ සඳහන් කරන්නෙත් ධර්මිෂ්ට සමාජයක් බිහිකිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අරමුණ හා වගකීම බවයි. ඇත්ත වශයෙන්ම ජාතික ගීය වෙනස් කිරීමට යෝජනා ගෙන ඒමෙන් පැහැදිලි වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොසලකා...
Continue reading

ආමිස දානය

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ,හෑගොඩ විපස්සී හිමි සමස්තයක් වශයෙන් බලන කල්හි යම්කිසි පුද්ගලයෙකු විසින් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුව හෝ තමාට දායාද වශයෙන් ලැබුණු වස්තුව හෝ ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මුල් ක්‍ෂය කිරීම පිණිස පූජා කිරීම, පරිත්‍යාග කිරීම, ප්‍රදානය කිරීම ආමිෂ දානයයි. ධාර්මික ශ්‍රමදායකත්වය ද මේ ගණයටම අයත්...
Continue reading

සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් ඉදිවන ධර්ම පර්යේෂණාලයේ වැඩ නිම කිරීමට දායක වෙමු

අඩසිය වසකට පෙර රාජකීය පණ්‌ඩිත ථෙරවාද දර්ශන විශාරද භාරතීශ්වරාචාර්ය කොළඹ විෙද්‍යාද්‍ය පිරිවෙණේ උප ප්‍රධානාචාර්ය බස්‌නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක හෑගොඩ ශ්‍රී ඛේමානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ විසින් නිර්මාණය කරන ලද රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලය ථෙරවාද බුදු දහම ව්‍යාප්ත කිරීමෙහිලා සුවිශේෂ දායකත්වයක්‌ සපයන පුණ්‍ය භූමියකි. ථෙරවාද න්‍යාය නමැති ග්‍රන්ථ එහි අග්‍ර...
Continue reading

මූලික අයිතිවාසිකම් හමුවේ ශාසනික සම්ප්‍රදාය බිඳ වැටේද ?

පරමාදර්ශී සමාජයේ කේන්ද්‍රීය රීතිය වන්නේ සංවරයයි. එහිලා භික්ෂූන්ට බුදුරජාණන් වහන්සේ පිරිපුන් සිල් ඇතිව, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් යුතුව වාසය කරන ලෙසත්, ආචාර ගෝචර සම්පන්න වන ලෙසත් සුළු වරදෙහි පවා බිය දක්නා සුළුව ශික්ෂා පදයන්හි හික්මෙන ලෙසත් වදාළහ. බුදුහු මුල් විසි අවුරුද්දක පමණ කාලය තුල භික්ෂු ජීවිතය හැඩ ගැසුනේ ඕවාද හෙවත්...
Continue reading

බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩියේ නැවෙන් ද?

කෙසේ වූවත් මේ අපූරු ගවේෂකයා Inscriptions of Ceylon ග්‍රන්ථයේ 270 දරන ‘බරත ශගරකිතහ ලෙණේ’ යන්න උදුරා දක්වමින් මඩුකශලිය පුගියන නම් නැව් සමාගමට අයත් නැවකින් සංඝරක්‍ඛිත තෙරුන් ලංකාවට පැමිණ සරඹු හිමියන් සමඟ ගල්ලෙනක වැඩ සිටි බව මේ ශිලා ලේඛනයේ සඳහන් වේ යැයි ප්‍රකාශ කොට ඇත. මේ සෙල්ලිපියේ එවැනි අදහසක්...
Continue reading

ආනිසංස බලවත් වු කඨින පිංකම

මේ චීවර මාසයයි ශාසන ඉතිහාසයට අනුව අප මේ ගත කරමින් සිටින්නේ වැදගත් කාල පරිච්ඡේදයක්‌. භික්‍ෂුන් වහන්සේ වස්‌ වැසීම, වස්‌ පවාරණය කිරීම යන උතුම් පිංකම් කෙරෙනුයේ මෙම කාලයේයි. ඉදිරි පුර පසළොස්‌වක පොහොයෙන් වස්‌වැසීම නිමාවට පත්වෙනු ඇත. බෞද්ධ ජනතාව සිත සුවපත් වන මෙම කාලය චීවර මාසය නැතහොත් කඨින මාසය ලෙස...
Continue reading

2012 ලෝක විනාශය සත්‍යයක්‌ද? මායාවක්‌ද?

රත්මලාන ධර්ම පර්යේෂණාලයේ හෑගොඩ විපස්‌සී හිමි මේ වකවානුවේ ඇතැම් ලෝක ප්‍රජාවගේ නොසන්සුන්තාවට හේතු වූ මාතෘකාවක්‌ වශයෙන් ප්‍රචලිතව ඇත්තේ 2012 වර්ෂයේ ලෝක විනාශය සිදුවන බවයි. ඇතිවීම පැවැතීම-නැතිවීම ලෝක ධර්මතාව නිසා බුදුදහම පිළිබඳ අවබෝධයක්‌ ඇති කෙනෙකුට මේ කරුණ කෙරෙහි උපේක්‍ෂා සහගත විය හැකියි. කෙසේ වුවත් තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ දේශනා...
Continue reading

කිරි ගවයින්ට පමණක්‌ නොව සැම දෙනට සැමවිටම දිය හැකි අභය දානය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ විශේෂ අවස්‌ථාවන් ලෙස දාන සංකල්පය හඳුන්වා දිය හැකි. දාන සංකල්පය විවිධාකාරයෙන් වර්ධනය වූ ස්‌වභාවයක්‌ දැකිය හැකියි. දානය යනුවෙන් අදහස්‌ කරනුයේ දීමයි. ආමිස දානය, අභය දානය, ධර්ම දානය යනාදී වශයෙන් දානයේ විවිධ අවස්‌ථාවන් දැකිය හැකියි. මෙම දානමය අවස්‌ථා අතරින් අද අපේ අවධානයට යොමු වන්නේ...
Continue reading

බුදුන් දවසේ සිටි කල්ලි අදත් සිටිනවා ද?

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 21 අප පසුගිය ලිපියකින් කල්ලිය කියන්නේ කුමක්‌ද? කල්ලිවාදය කියන්නේ කුමක්‌ද කියා පැහැදිලි කිරීමක්‌ කරනු ලැබුවා. බුදුරජාණන් වහන්සේගේ කාලයේදීත් මෙවැනි කල්ලි සිටියා. ඒ පිළිබඳව ත්‍රිපිටකයේ මෙන්ම අටුවාවේත් සඳහන් වෙනවා. අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වනුයේ බුදුන් දවසේ සිට මෙම කල්ලි ස්‌වභාවය සහ අදටත්...
Continue reading

ධර්මය නිවැරදිව දකින්න කළ පව් සමා කළ නොහැක

අශෝක ශිලා ලේඛනවල සඳහන් වෙනව “සමචලියං” කියලා. අංගුත්තර නිකායේ හා අනෙක්‌ සූත්‍රවල සමවර්යාව හා ධර්මචර්යාව පිළිබඳව සඳහන් වෙනවා. මෙම වචන පිළිබඳව ගැඹුරු පර්යේෂණයන් සිදුවෙලා නැහැ. සමචර්යාව කියන්නේ සමාජයේ යහපැවැත්මට යම්කිසි හානිකර දෙයක්‌ සිදුවේ නම් එය මර්දනය කිරීමයි. ඒවගේම සමාජයේ යහපැවැත්මට සුදුසු දෙයක්‌ සිදුවේ. නම් එය වර්ධනය කිරීමත් අවශ්‍යයි....
Continue reading

මිනිස්‌ සිත අවුල්කරන කල්ලිවාදය

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 20 සෝවාන් මාර්ගයට පිවිසීමේදී පෘථග්ජනයා යනු කවරෙක්‌ද? ඔහුගේ ස්‌වභාවය කෙබඳුද? පෘථග්ජන ස්‌වභාවය නැතිකරගෙන සෝවාන් මාර්ගයට පිවිසින්නේ කෙසේද? ඒ වගේම පෘථග්ජන ස්‌වභාවයෙන් මිදුණු විට ඒ උතුමන්ගේ හැසිරීම කෙබඳුද යනාදිය මැනවින් අවබෝධ කරගත යුතුයි. නමුත් අද අප සාකච්ඡාවට බඳුන් කරනුයේ බුද්ධ දේශනාවට අනුව, අට්‌ඨ කතාවලට...
Continue reading

බොරුවෙන් අනුන් මුලාකර අකුසල් රැස්‌කර ගන්න එපා!

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18 බෝධිසත්වයන් වහන්සේ පාරමී ධර්ම පුරන ආත්මභාවවල කිසිම අවස්‌ථාවක බොරුවක්‌ කියා නැති බව අප පසුගිය සතියේ සඳහන් කළා. ඒ සඳහා හොඳම නිදසුන ජාතක පාලියෙහි සඳහන් හාරිත ජාතකය බවත් අප එහිදී සඳහන් කළා. අද ධර්ම සාකච්ඡාවෙන් ඒ පිළිබඳව තවදුරටත් විමසා බලමු. බුදුරජාණන් වහන්සේ මේ...
Continue reading

විපතේ උල්පත බොරුවයි

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 18 අරියකන්ත සීලය හෙවත් පඤ්ච සීලයේ සිව්වැනි ශික්‍ෂාපදය “මුසාවාදා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි”. මේ සිල්පදය පිළිබඳ ත්‍රිපිටකයේ බොහෝ සූත්‍රවල සඳහන් වෙනවා. ඇත්ත වශයෙන් ම මේ සියලු දේ පිළිබඳව අවධානයෙන් මේ ගැන අප සාකච්ඡා කරන්නේ. ඔය සංයුක්‌ත නිකායේ නිදාන වර්ගයේ පඤ්චභයවේර සූත්‍රයේ මෙහෙම සඳහන් වෙනවා....
Continue reading

දහම නොදැන අටුවාචාරීන් වහන්සේලාට ගරහන්නෝ සාහසිකයෝය

බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. අභිධර්මය ඇතුළු විවිධ සූත්‍ර ඇතුළත් මෙහි තුන්පිටකය සමඟ නිතැතින්ම කියෑවෙන ග්‍රන්ථාවලියක්‌ තියෙනවා. එය අප හඳුන්වන්නේ අටුවාව ලෙසයි මෙය පාලි භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අට්‌ඨ කතා ලෙසයි. පාලි භාෂාවෙන් අට්‌ඨ කතා යන්න “අටුවා” ලෙස ව්‍යවහාරයට පැමිණ තිබෙනවා. බුද්ධ දේශනාව ආශ්‍රයෙන්ම අටුවාව...
Continue reading

ව්‍යාකරණය ආකෘතියක් පමණයි

දේශයක ප්‍රගමනය සඳහා ඒ දේශයේ ජනතාවට අනන්‍ය වූ චින්තන ධාරාවක් තිබිය යුතුය. ශ්‍රී ලාංකේය ජනවිඥානයට කා වැදී තිබෙන බෞද්ධ දර්ශනය පදනම් කරගත් චින්තනය මේ රටේ සමස්ත චින්තනය බව විචාරක මතයකි. රත්මලාන ආදර්ශ නගරයේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පාණදුර විජය සෞගත විද්‍යාලය පිරිවෙනේ ආචාර්ය හෑගොඩ විපස්සි හිමියන් මේ සංලාපයෙන් අවධාරණය...
Continue reading

මාර්ග ඵල ලැබීමට හේතුවන නොසැලෙන ශ්‍රද්ධාව

සෝවාන් වීම පිළිබඳ ධර්මානුකූල විවරණය 12 ශ්‍රද්ධාව පිළිබඳ සංක්‍ෂිප්ත විවරණයක්‌ අප පසුගිය කලාපයෙන් සිදු කරනු ලැබුවා. ඒ සඳහා පදනම් වූයේ ථෙරවාදී න්‍යායයි. අද අප තවදුරටත් ශ්‍රද්ධාව පිළිබඳ සරල පැහැදිලි කිරීමක්‌ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන්නේ එහි ඇති වැදගත්කම නිසාමයි. ශ්‍රද්ධාව යනු කොහේ හෝ තියෙන දෙයක්‌ද? නැතිනම් එය අප ළඟ...
Continue reading

බුදු දහම සුරකින තුන් පිටකය

      මෙයින් වසර 2635 කට පෙර සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ දඹදිව ලුම්බිණි සල් උයනේදී උප්පත්තිය ලැබූහ. එසේ උප්පත්තිය ලැබූ බෝසතාණෝ කුමාර අවධිය ගතකර අවුරුදු 29 යේදී අභිනිෂ්ක්‍රමණය කළහ. එසේ අභිනිෂ්ක්‍රමණය කළ බෝසතාණෝ අවුරුදු හයක්‌ තිස්‌සේ ආලාරකාලාම වැනි තවුසන් ළඟට ගොස්‌ බුද්ධත්වය ලබා ගැනීමට උත්සාහ කළා. නමුත් සාර්ථක...
Continue reading

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද?

පිළිවෙතින් පෙළගැසෙන 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය අර්ථවත් කරගන්නේ කෙසේද? මේ දවස්‌වල ශ්‍රී ලංකාවේ තේමා පාඨය වී තිබෙන්නේ 2600 සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළගැසෙමු යන්නයි. නැතහොත් “යුඤ්ජථ බුද්ධශාසනේ” යන තේමා පාඨයයි. එහි තේරුම “ශාසනයේ යෙදෙන්න” යන්නයි. මෙහිදී සමහරුන්ට ප්‍රශ්නයක්‌ වී තිබෙනවා සම්බුද්ධත්ව ජයන්තිය යනු කුමක්‌ද කියා. බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ...
Continue reading

සුබ මොහොත පිළිබද බුද්ධ දේශනාව

ජ්‍යෙතීර්වේදයට අනුව සුබ මොහොත ගැන නැතහොත් සුබ මුහුර්තය ගැන කතා කරනු දැකිය හැකියි. ඒ අනුව දරුවන්ට අකුරු කියවීමේදී, විවාහයේදී, ගෙට ගෙවැදීමේදී ආදී වශයෙන් ජනතාව සුබ මොහොතට අනුව ක්‍රියා කරනු දැකිය හැකියි. ඒ වගේම එදිනෙදා ජීවිතයේදී මිනිස්‌සු එකිනෙකාට තම සුහදත්වය පළකිරීමේදී ද මේ සුබ මොහොතට අනුව යම් යම් ප්‍රාර්ථනා...
Continue reading

ද්වේෂය ඊර්ෂ්‍යාව මසුරුකම සහ මානය ලෙසින් ඉස්‌මතුවන කෙලෙස්

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 09    මෙම ලිපියේ පළමු කොටස ගිය සතියේ පළවිය ද්වේෂය රෞද්‍ර ස්‌වභාවය ගන්නා ද්වේෂය, භය ස්‌වභාවය ගන්නා ද්වේෂය, ප්‍රතිකූල (පිළිකුල්) ස්‌වභාවය ගන්නා ද්වේෂය, ශෝක ස්‌වභාවය ගන්නා ද්වේෂය යි. ද්වේෂය සතර ආකාර වේ. එය ද අනේක වේශයෙන් පහළව සත්ත්වයන් රවටන්නේය.   ක්‌ෂාන්ති වේශයෙන් චඤaචක ද්වේෂය...
Continue reading

සෝවාන් මගට පිවිසීම හෙවත් සක්‌කාය දිට්‌ඨිය අවබෝධ කර ගැනීම

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 04. බුදුරජාණන් වහන්සේ රජගහනුවර කලන්දක නිවාස නම් වූ වේළුවනාරාමයේ වැඩවසන සේක. ඒ සමයේ විසාක නම් වූ උපාසක මහත්මයෙක්‌ ධම්මදින්නා රහත් මෙහෙණින් වහන්සේ කරා පැමිණියේය. එම අවස්‌ථාවේදී විසාක උපාසක මහතා ධම්මදින්නා මෙහෙණින් වහන්සේගෙන් බුදුරජාණන්වහන්සේ කුමන දහමක්‌ “සක්‌කාය” යෑයි වදාරණ ලද්දේ දැයි ප්‍රශ්න කළේය. එවිට...
Continue reading

වඩා ප්‍රබල විශ්ව ශක්‌තියද?මානව ශක්‌තියද?

විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බවටත්, විවිධ හාස්‌කම් දක්‌වන බවටත් පවසමින් විවිධ අවස්‌ථාවලදී අප සමාජයේ ඉස්‌මතු වන පුද්ගලයෝ වෙති. සමහර පැවිදි ස්‌වාමීන් වහන්සේද විශ්ව ශක්‌තියෙන් රෝග සුවකරන බව පවසමින් විවිධ ක්‍රියාකාරකම් වල යෙදුණු අවස්‌ථා පසුගිය කාලයේදී දැකගත හැකිවිය. එනිසා විශ්ව ශක්‌තිය යනු කුමක්‌ද? එය සත්‍යයක්‌ද ? නැතිනම් එය මායාවක්‌ද?...
Continue reading

සොඳුරු කැදැල්ලේ සතුට රජ කරවමු

අද වන විට විවාහ සංස්‌ථාව විවිධ හැලහැප්පීම්වලට ලක්‌වෙමින් තිබේ. සතුටින් ගත කළ යුතු විවාහ ජීවිතය සමහරු ගත කරන්නේ අසතුටිනි. කලකිරීමෙනි. මෙම තත්ත්වයෙන් මිදී සාර්ථක ජීවිතයකට මග පාදා ගන්නේ කෙසේද? ඒ සඳහා බුදු දහමින් ලැබිය හැකි ආදර්ශය කෙබඳුද? අද ධර්ම සංවාදයට බඳුන් කෙරෙනුයේ මෙම කාරණයයි. සමාජයේ කුඩාම ඒකක ලෙස...
Continue reading

ජීවිතය ලස්‌සන කරන සමබර පවුල් ජීවිතය

විවාහය යනු ජීවිතයේ ප්‍රබලම සන්ධිස්‌ථානයකි. සැමියාත් බිරිඳත් සමබර ජීවිතයකට හුරු වීමෙන් විවාහය හරහා ගොඩනැඟෙන පවුල් සංස්‌ථාව සාර්ථක කර ගැනීමට පුළුවන. එලෙස ගොඩනැඟෙන පවුල් සංස්‌ථා හරහා සුත මුදිත සමාජයක්‌ ගොඩනැඟෙනු ඇත. පවුල් ජීවිතයක්‌ සාර්ථක වීමට නම් හැමවිටම සැමියාගේ සිතුවිලිත් බිරිඳගේ සිතුවිලිත් අතර සමබරතාවක්‌ තිබිය යුතුයි. වර්තමානයේ ගත් විට සමහර...
Continue reading

සුරාවට ලොල්වී ජීවිතය අපායක්‌ කරගන්න එපා

සුරා සොඬෙකු වීම, ස්‌ත්‍රී සොඬෙකු වීම මෙන්ම සූදු කෙළිය යනාදිය මිනිසාගේ පිරිහීමට හේතු වන බව බුදුරජාණන්වහන්සේ පෙන්වා දුන්හ. මේ අතුරින් අද අප ධර්ම සංවාදයට බඳුන් කරනුයේ සුරා සොඬෙකු වීම නිසා පෞද්ගලිකවත් සමාජයටත් සිදුවන හානිය පිළිබඳව විමසා බැලීමටයි. සැප සම්පතට කවුරුත්a ආශා කරති. සැප ගිලිහුණු තැන මිනිසාට උරුම වනුයේ...
Continue reading

කාම ගින්නේ නොදැවී යෞවනයේ ශ්‍රේෂ්ඨත්වයට ගරු කරන්න

බුදුදහමේදී යෞවනත්වයට හිමිවනුයේ උසස්‌ ස්‌ථානයකි. “යෞවන” යන්න සංස්‌කෘතික භාෂාවේ වචනයකි. එය සිංහල භාෂාවේදී හඳුන්වනුයේ “යෞවනත්වය” ලෙසිනි. තරුණ කාලය පාලියෙන් හඳුන්වනුයේ “යොබ්බන” ලෙසයි. යොබ්බන මද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා. එය විග්‍රහ කෙරෙනුයේ “යොබ්බනස්‌සභාවො” ලෙසයි. එහි තේරුම තරුණ බවයි. නැතහොත් තරුණකමයි. කෙසේ හෝ වේවා මනුස්‌ස ජීවිතයේ උසස්‌ තත්ත්වයක්‌...
Continue reading

මග ගැඹුරු… සෝවාන් මග

සෝවාන්වීම පිළිබඳ ධර්මානුකූල විවරණය – 03 වර්තාමනයේ බෞද්ධයන් නානාප්‍රකාර පූජා විදිවලට ඇබ්බැහිවී සිටිනවා. ඇබ්බැහිවීම යන්න විවිධාකාරයෙන් අර්ථ දැක්‌විය හැකියි. මෙහිදී අදහස්‌ කරන්නේ ඇබ්බැහිවීම නරක පුරුද්දක්‌ ලෙසයි. විවිධ බෝසත් පූජා මහා මායා පූජා, දුව දුව කරණ පහන් පූජා, නව අරහාදි පූජා, බුදුගුණ පූජා, චෛත්‍ය පූජා, බෝධි පූජා ආදී විවිධ...
Continue reading

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ

ථෙරවාද සම්ප‍්‍රදාය අනතුරේ ථෙරවාද සම්ප‍්‍රදාය බිඳ වැටීම ගැන කථා කරන භික්‍ෂූන් වහන්සේලා අතර ඔබ වහන්සේ ප‍්‍රමුඛස්ථානයක සිටිනවා. මේ තත්ත්වය ඔබ වහන්සේ දකින්නේ කොහොම ද? අප මෙහි දී ථෙරවාද සම්ප‍්‍රදාය යනුවෙන් අදහස් කරන්නේ ත‍්‍රිපිටක ධර්මයත් අටුවා, ටීකා, සහ තදනුගත ග‍්‍රන්‍ථයන් ය. ඇත්ත වශයෙන් ම මේ පිළිබඳ ඉතා පුළුල් ලෙස...
Continue reading

භික්ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක්ෂණය අකැපයි

බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ විනය ප්‍රඥාප්තියට අනුව සලකා බලා භික‍ෂුන් වහන්සේලාට සංගීත අධ්‍යක‍ෂණය අකැපැයි 2009 අගෝස්තු 23 ඉරිදා ලක්බිම සමඟ පැවැති සාකච්ඡාවක දී අප විසින් ප්‍රකාශිතයි. එකී ධර්ම විනයානුකූල විවරණය සමාජ දෘෂ්ටිය අනුව දෝෂ දර්ශනයට ලක් කරමින් ““භික‍ෂූන් වහන්සේට සංගීතය පමණක් අකැප ඇයි?““ සිරස්තලය යටතේ 2009 සැප්තැම්බර් 04...
Continue reading

බෞද්ධ කොඩියේ ඉතිහාසය

රාජ්‍ය වර්ෂ 1885 අප්‍රේල් මස 28 දින ලක් ඉතිහාසයේ ඓතිහාසික දිනයක් බවට පත් වීමට එක් හේතුවක් වූයේ, ලෝක බෞද්ධ ඉතිහාසයේ ප්‍රථම වතාවට ෂඩ් වර්ණයෙන් යුත් බෞද්ධ කොඩියක් එසවීම නිසා ය. අධිරාජ්‍යවාදීන්ගේ නානාවිධ තාඩනපීඩනයන්ට සම්බුද්ධ ශාසනයත්, බෞද්ධ සංස්කෘතියත්, බෞද්ධ චින්තනයත්, සමස්ත රටත් අනුවේදනීයත්වයට පත් වූ බව අමුතුවෙන් පැහැදිලි කළ...
Continue reading

භික්ෂු බලය ස්වාධීන විය යුතුය

පූජ්‍ය හෑගොඩ විපස්සී ස්වාමීන් වහන්සේ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය ඒල්ලාවල මේධානන්ද හිමියන් සම්බන්ධයෙන් පසුගිය දින කීපය පුරා සමාජය තුළ විශාල කතාබහක් ඇති වී තිබුණි. එය දේශපාලනමය කතාබහක් වූවත් ඒ හේතුවෙන් මෙරට බෞද්ධ සමාජය මෙන්ම සංඝ සංවිධානයද මහත් කැළඹීමකට ලක් විය. ඊට හේතුව වන්නේ මෙම සිදුවීමට සම්බන්ධ...
Continue reading

දරුවෝ මිනිසුන්ගේ උතුම් සම්පතයි

පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවියෙක් මෙහෙම අහනවා. බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තියෙන උතුම් වස්තුව කුමක් ද? උතුම් යාහළුවා කවුද? පණ ඇති සත්තු පොළොව ඇසුරු කොට ජීවත් වෙනවා. ඒ සතුන්ගේ පිිහිටට තියෙන්නේ මොනවා ද? එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. පුත්තා වත්‍ථු මනුස්සානං භරියාය පරමා සඛා වුට්ඨිං භූතූපජීවන්ති යෙ පාණා...
Continue reading

ආගම මුසු නව දේශපාලන ක්‍රමයක්

අප ගියවර ලිපියෙන් සාකච්ඡා කලේ දේශපාලනයට ධර්මය එක් කර ගනිමින් නව දේශපාලන ක්‍රමයක් නිර්මාණය කර ගැනීම පිළිබදවය. ඒ පිළිබද පාඨක ඔබෙන් ලද ප්‍රතිචාර ඉමහත්ය. මෙවර සාකච්ඡාවට පාදක වන්නේද එම තේමාවයි. එඩ්මන්ඩ් රණසිංහ – එංගලන්තයේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වන විලියම් පිට් කියල තියෙනවා නීතිය අවසන් වන තැන අඥාදායකත්වය අවසන්...
Continue reading

මාර්ගඵල සහතික පිරිනැමීම අද විලාසිතාවක් වෙලා

රත්මලානේ ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්‍ෂ – හෑගොඩ විපස්සි හිමිනිර්මල බුදුදහම පන්දහසක් කල් ආරක්ෂාවන්නේ ලංකාදීපයේ බවට කියමනක් තිබේ. එහෙත් බුදුන් වහන්සේ දේශනා කළේ බෞද්ධ ප්‍රතිපත්ති පූර්ණ පිරිස් සිටිනතාක් බුදුසසුන ආරක්ෂා වන බවයි. ඈත අතීතයේ සිට පැමිණෙන අන්තවාදීන්ගේ විරෝධතා බුදුදහමට එරෙහිව වර්තමානයේ දී තව තවත් නව ආරවලින් එළි බසිමින් තිබෙනව. බෞද්ධ...
Continue reading

භික්ෂූත්වයට නොහොබිනා සමාජ ක්‍රියාකාරකම්

සූදොසූදු වතින් සැරසූනූ දහස් සංඛ්‍යාත උපාසක උපාසිකාවෝ එදා මෙන් අද පූණ්‍ය භූමිවල පමණක් නොව නගර මධ්‍යයේ සූවිසල් මැඳුරුවල ගාලු මූවදොරපිටියේ (ගෝල්පේස්) සත්තු වත්තේ (සූ) රොද බැඳ සිල් රකිති. දන් වළඳිති. හිරු නැගෙන සීත යාමේ හිරු බසින සැඳැ සමයේ හන්දියක් හන්දියක් පාසා, නගරයක් නගරයක් පාසා පිරිත් දෙසූම් විසූරුවා හරති....
Continue reading