Home » පුවත් පත් ප්‍රකාශන » හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

හිටපු අමාත්‍ය මංගල සමරවීරට සංඝ ආඥාවක් පැනවිය යුතු බව රත්මලාන ධර්ම පර්යේශනාලයාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.

උන්වහන්සේ මේ බව පවසා ඇත්තේ මංගල සමරවීර විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ‘ට්විටර්’  පණිවිඩයක් සම්බන්ධයෙන්  ‘යූ ටියුබ්’ නාලිකාවකට ප්‍රකාශයක් කරමිනි.

තලේබාන්වල ළමා මනාලියන් වගේම ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම ද ඉතා සහාසික ලෙස එම දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව මංගල සමරවීර එම ‘ට්විටර්’ පණිවිඩයේ සටහන් කර තිබිණ.

ඔහු එබව සඳහන් කර ඇත්තේ, කුඩා ගැහැණු දරුවකු පැවිදි කිරිමට අදාලව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින සංවේදී ජයාරූප කිහිපයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. ඊට ප්‍රතිචාර දක්වමින් මංගල සිය ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන් කර ඇත.

”කුඩා ගැහැණු හා පිරිමි දරුවන් භික්ෂු භික්ෂුණියන් ලෙස පැවිදි කිරීම කොටින්ගේ ළමා සොල්දාදුවන් හා තලේබාන් ළමා මනාලියන් තරමට කම්පනයට පත් කරන්නක්. මෙය ඉතා සහාසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්.”