Home » 2010 » June

දරුවෝ මිනිසුන්ගේ උතුම් සම්පතයි

පින්වතුනි, දවසක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි දෙවියෙක් මෙහෙම අහනවා. බුදුහාමුදුරුවනේ මිනිසුන්ට තියෙන උතුම් වස්තුව කුමක් ද? උතුම් යාහළුවා කවුද? පණ ඇති සත්තු පොළොව ඇසුරු කොට ජීවත් වෙනවා. ඒ සතුන්ගේ පිිහිටට තියෙන්නේ මොනවා ද? එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. පුත්තා වත්‍ථු මනුස්සානං භරියාය පරමා සඛා වුට්ඨිං භූතූපජීවන්ති යෙ පාණා...
Continue reading

දියුණුවට මග

මිහිපිට වෙසෙන සත්වයා අතරෙන් මිනිසාට සමාන කළ හැකි අන් සත්ත්වයෙක් නොමැත. ඒ අන් කිසිවක් නිසා නොව ඉතා උසස් තත්ත්වයකට දියුණු කළ හැකි මනසක් ඔහු සතුව ඇති නිසා ය. බලන්න. ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නේත්, රහත් බවට පත් වන්නේත් මනුෂ්‍යයෙක්ම ය. උසස් ගණයේ විද්‍යාඥයෙකු, වෛද්‍යවරයෙකු, ගුරුවරයෙකු, මාධ්‍යවේදියෙකු, ශ්‍රේෂ්ඨ පුරවැසියෙකු වන්නේත්...
Continue reading

දානය

බෞද්ධ වචන මාලාවේ දානය යන වචනයට සුවිශේෂි ස්ථානයක් හිමි වේ. සන්තානගත කෙලෙස්, පහකොට නිර්වාණ සුවය සාක්‍ෂාත් කිරීමේ විමුක්ති මාර්ගයේ මූලික පියවර වන්නේ දානයයි. සමාජගත දියුණුවේ පදනමක් වශයෙන් ද දාන සංකල්පය ක‍්‍රියාත්මක කළ යුතු ආකාරය විවිධ සූත‍්‍ර දේශනාවල සඳහන් වේ. ඒ අනුව පුද්ගලයාගේ සිට පාලකයා දක්වාත් පාලකයාගේ සිට පුද්ගලයා...
Continue reading

යහපත් යුග දිවිය

පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරිදි මිනිසුන්ට ඇති උතුම් සම්පතක් ගැණ ඊයේ ඔබට පැහැදිලි කළා. අද කියන්නට බලාපොරොත්තු වන්නේ එහි සඳහන් දෙවැනි කොටස යි. එම ගාථාවේ දී බුදුරජාණන් වහන්සේ වදාළේ ‘‘භරියාය පරමා සඛා’’ යනුවෙනි. පරම කියන්නේ උතුම් කියන අදහසයි. භරියාය කියන්නේ බිරිඳයි. ඒ නිසා සැමියාට උතුම් යහළුවා බිරිඳයි....
Continue reading

අලසකම සොඳුරු දිවිය අඳුරු කරයි

පින්වතුනී, ධාර්මිකව කටයුතුවල යෙදෙමින් උත්සාහයෙන් ජීවත් වීමට අවශ්‍ය ධර්ම උපදේශ කොච්චර නම් බුදුහාමුදුරුවො දේශනා කොට තිබෙනවාද? ඇත්ත වශයෙන්ම උත්සාහය ඔබ අප කාටත් ‘‘සම්පතක්’’. ඒ පිළිබඳව විවිධ කරුණු බුදු දහමේ තියෙනවා. අලස නොවී යහපත් උපායන් හොයමින් උත්සාහයේ නියැලීම දියුණුවේ රහසක්. දියුණු වෙන කවරෙකුට හෝ ඒ සඳහා තියෙන ප‍්‍රධාන ම...
Continue reading

සිත නිවැරදිව පිහිටුවා ගනිමු

පින්වතුනී, කැඩපතකින් නැතහොත් මුහුණ බලන කණ්නාඩියකින් කරන්නේ අපේ දෙනෙතට නොපෙනෙන තැන් බල බලා සිරුර හැඩ වැඩ කිරීමයි. අම්බලට්ඨික රාහුලෝවාද සූත‍්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පුංචි රාහුල හාමුදුරුවන්ට දේශනා කළේ තමන් කරන ක‍්‍රියා බලා කයින් වචනයෙන් සිතින් කළයුතු දෑ කළ යුතුයි යන්නයි. යම් කි‍්‍රයාවක් කරන විට එය තමන්ට දුක පිණිස,...
Continue reading

සත්පුරුෂයින් හඳුනා ගැනීම දුෂ්කරය

පින්වතුනී, ලෝකයේ වෙසෙන සතා සිව්පාවා දුටු පමණින් හඳුනා ගන්න පුළුවන්. දැන් බලන්න සිංහයා, කොටියා, ගිරවා, නයා කපුටා ආදී ඒ ඒ සතුන්ට ආවේණික ලක්‍ෂණවලින් ම පුංචි ළමයෙකුට උනත් හඳුනා ගන්න පුළුවන් ද? බැහැ නේද? ඒ ඇයි? බුදුරජාණන් වහන්සේ වදාළේ, න වණ්ණ රූපෙන නරෝ සුජානෝ න විස්සසේ ඉත්තර දස්සනේන සුසඤ්ඤතානං...
Continue reading

ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන්

පින්වතුනී, ආශ‍්‍රය කළ යුතු නොකළ යුතු මිතුරන් හඳුනා ගැනීමට අවශ්‍ය කරන වර්ගීකරණයක් දීඝ නිකායේ සිඟාලෝවාද සූත‍්‍රයේ තිබෙනවා. මෙම සූත‍්‍රය ගිහි විනය ඇතුළත් දේශනාවකි. ඒ නිසා සාර්ථක ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය කරන කෙනෙකුට මේ සූත‍්‍රය කියවා අවබෝධ කර ගැනීම ඉතා වැදගත්. මේ දේශනාවට අනුව මිතුරු වෙසින් පෙනී සිටින අමිත‍්‍රයෝ...
Continue reading

යහපත් හදවතක් ඇත්තා යහළුවාය

පින්වතුනී, යහළුවෙක් නැති කෙනෙක් ලෝකයේ නැහැ. සෑම කෙනෙකුට ම යහළුවෙක් හෝ සිටිනවා. ඇත්ත වශයෙන් ම මෙය මානව සංහතියට පමණක් උරුම වන දෙයක් ද නොවෙයි. කොහොම වුණත් ආශ‍්‍රය කරණ සෑම දෙනා ම සැබෑ යහළුවන් දැයි අපි දන්නේ නැහැ. එය එහෙම වුණත් අපේ මව්භාෂාවේ දී තියෙන ව්‍යවහාරකරන ‘‘යහළු’’ යන පදය...
Continue reading